Friday, January 7, 2011
මිරිහාන පොලිසිය පුද්ගලයින් පැහැරගෙන ගොස් වධහිංසා පමණූවයි
දින හතක් පුරා මිරිහාන පොලිසියේ රඳවා තබාගෙන වධහිංසාවට පාත‍්‍ර කරන ලද දෙදරු පියෙක් - එහි ප‍්‍රථීඵලයෙන් ශාරීරික හා මානසික ආබාධීත තත්වයට පත්ව තිබේ’
පාදුක්ක ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වූ මොහුව - පැහැරගෙන යන ලද්දේ මිරිහාන පොලිසියට අයත් නිළධාරීන් අට දෙනෙකු විසින්ය.
එම ප‍්‍රදේශයේ අජිත් නමින් හදුන්වන විශ‍්‍රාමික හමුදා නිලධාරියකුද හවුල් කරගෙන මෙම පැහැර ගැනීම සිදුකර ඇත.
පැහැර ගැනීමෙන් පසුව - සොහොන් පිටට්නියකට ගෙන ගොස් දෙඅත් බැඳ වධහිංසා පමුණුවා” පසුව මිරිහාන පොලිසියට ගෙන ගොස් වධහිංසා පමුණුවා ඇත.
මිරිහාන පොලසිය විසින් වධකාගාරයක් පවත්වාගෙන යන බවද එම දෙදරු පියා හෙළිකර ඇත.
පොලිසියට අල්ලා ගන්න බැරිව සිටින සොරකම්වලට වරද පිළිගන්නා ලෙසට බලකරමින් වධහිංසා පමුණුවනු ලැබූ බවද ඔහු කියා සිටී’.
අධිකරණ නියෝග පවා උල්ලංඝණය කරමින් ක‍්‍රියා කරන මිරිහාන පොලිසිය විසින් වධහිංසාවට පත්කරන ලද මෙම පුද්ගලයාගේ වමි අත මේ වන විට අප‍්‍රාණිකව ඇත’ ඔහු දැඩි මානසික පීඩාවකින් පෙළෙමින් සිටී’.
පහරදීම් නිසා ශරීරය පුරා තැලූම් තුවාල තිබෙන බවට අධිකරණ වෛද්‍යවරයා වාර්තා කර ඇත.
Subscribe to:
Post Comments (Atom)
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...
-
වරාය අධිකරියේ සභාපති ඇතුලු අධ්යථක්ෂ මණ්ලයට එරෙහිව ආරක්ෂක සැරයන්වරු 5කු ඉදිරිපත් කරන ලැබු මුලික අයිතිවාසිකම් පෙත්සම පිළිගත් ශ්රෙිෂ්ඨාධිකරණ...
No comments:
Post a Comment