Wednesday, November 23, 2011

“ජෙට්ලයිනර් ” නරඹන්නට ගිය රාජපක්ෂ රාලහාමිටත් පොලිස් ප්‍රහාරයක්.


ජෙට්ලයිනර් නරඹන්නට ගිය රාජපක්ෂ රාලහාමිටත් පොලිස් ප්‍රහාරයක්.


පොලිස් නිලධාරීන්, පොලිස් නිලධාරීන්ට පහරදීම් වාර්තාවන්නේ අඩුවෙන්. ඒ තම තමන්ගේ එවුන් අතර හබ - මානව හිමිකම් වලින් විසදාගන්නට තරම් ධෛර්යයක් නැති නිසා වන්නට පුලුවන.

ඒ නිසාම මෙම සිදුවීම වැදගත් තැනක් ගන්නවාය. පොලිස් කොස්තාපල් විජේසිංහ රාජපක්ෂ - ජනාධිපති ආරක්ෂකයෙකි. කොල්ලුපිටිය පොලිසියට අනුයුක්තය.
2011. 11. 05 දින බිරිද හා බිරිදගේ ඥාතීන් සමග කොළඹ වරායට ගියේ ජෙට්ලයිනර් නැව නරඹන්නටය.

එහෙත් වුනේ - පිටකොටුව පොලිසියේ මහත්වරුන්ගෙන් ගුටි කන්නටය.
රජපක්ෂ රාලහාමි, පිටකොටුව පොලිසියේ ස්ථානාධිපතිට තමා ජනාධිපති ආරක්ෂක අංශයේ යයි පැවසූවිට - මමත් රජපක්ෂගේ මිනිහෙක් අඩෝ, මට උඹ කවුරුවුනත් කමක් නැහැ යයි පවසා ඇත.

පොලිස්කාරයින්ගේ ක්‍රියාවන් විවේචනය කිරීම - පොලිස් දෙපාර්තමේන්තුවට කරන විවේචන ලෙසට,- කරට ගන්නට සූදානම් පොලිසියේ ඉහළ නිලධාරීන්ට කිවයුත්තක් ඇත.
මේ සිද්ධියෙන් පොලිසිය සමානාත්මතාවය රකින බව නම් පෙනෙන්නට තිබෙන බවය.
කියවන්න - රාජපක්ෂ රාලහාමිගේ දිව්රැම් ප්‍රකාශය.


ලිපිය මත ක්ලික් කර විශාල කර බලන්න





1 comment:

  1. පොලෝසියෙන් පොලෝසියටත් මෙහෙමනං අපිට මොන කථාද...

    ReplyDelete