Monday, February 6, 2012

ඔවදන් එමටය. රිය අනතුරුද එමටය



අපේ මේ ආශ්චර්යමත් රටේ අනෙක් නීති වගේම මාර්ග නීති වලිනුත් ලෝක වාර්තා තියලා තියෙන්නේ - නැති නීතියක් නැත.

ඒත් මාර්ග අනතුරුවල නම් අඩුවක් නැත . ඒ වාගේම අනතුරෙන් අනතුරට ජනාධිපති, පොලිස්පතිට ඔවදන් දෙන්නේය. අලුත් නීති හදන්නේය. නැවත ඔවදන් දෙන්නේය. නීති සංශෝධනය කරන්නේය. නීති වගේම දඩ මුදල වැඩි කරන්නේය

නීති හදන්න හදන්න මාර්ග අනතුරුද වැඩිවන්නේය. මිය යන ගනනද වැඩි වන්නේය.
ආණ්ඩුවේ ආදායම දෙගුණ තෙගුණ වන්නේය. පොලිස් කාරයින් නිල ආදායම මෙන්ම, නිල නොවන ආදායමද නොසිතූ විරූ ලෙසට වර්ධනය වන්නේය.

මාර්ග නීති කඩකරන අය අල්ලන පොලිසිය මග රැක සිටිති. හැංගිලා සිටිති. එහෙම ඉදලත් අල්ලා ගන්නේ පළමු එකා දෙන්නා පමණකි.
  1. රියදුරෝද ලාංකිකයෝය. රථවාහන පොලිස් කාරයෝ නැදෑයෝය. නැති තැන කොච්චියෝය. මූණට සර්ය.

අනතුරු නොවන වෙලාවට, නොවන තැන්වල පාරේ පොලිසිය සිටිති. තැන තැන හැංගිලාද සිටිති. දඩ කොළද කැඩෙති.

මේ නීති ක්‍රියාත්මක වන්නේද එක් කොට්ඨාශයකට පමණි. නීතියට ඉහළින් ඉන්න පිරිසට මේ නීති නැත. හදිසියේ නැවැත්තවුවත්, නැවැත්වුවාට සමාව ගෙන, සැලියුට් එකක්ද ගසා, දෙකට නැවී පිටත් කර යවති.
නවත්වන්නේම නැතුව යන අයද අප්‍රමාණය. හදිසියේ ඒ ගොල්ලන්ව එලවා ගොස්  නැවැත්වුවොත් පොලිස්පති අනින් පොලිස් කාරයාට ගෙදර යන්න සිද්ධ වේවි.

අනතුරු වුනාට රියදුරෝ බිය නැත. ඒ බේරෙන්නට පුලුවන් බව ස්ථීර නිසාය. උසාවි යන්නත්, ඕන වුනොත් හිරේ යන්නත් ආදේශකයෝ ඇතුලත් කරන්නට පොලිසිය නොපසුබට වන නිසාය. 

No comments:

Post a Comment