Tuesday, March 17, 2015

දිල්ලි මහා ඇමතිට AC එපාලූ.


අගමැති මොදිගේ භාරතීය ජනතා පක්ෂය සොදාපලූවට ලක්කරමින් දිල්ලියේ බලය ලබාගත් දුෂණ විරෝධි AAP  පක්ෂයේ මහා ඇමති අරවින්ද කෙර්ජිවාල් තම කාර්යාලයට හෝ නිල නිවසට වායු සමිකරණ අනවශ්‍ය බව ප‍්‍රකාශ කර තිබේ. 
තම නිල කාමරයේ වායු සමිකරණ භාවිතා නොකරන ඔහු, තමාට හිමි වු දිල්ලියේ නිල නිවසින් වයු සමිකරණ ඉවත් කරන ලෙසට, ඉන්දීය ප‍්‍රසිද්ධ වැඩ දෙපාර්තුමේනුතුවට දැනුම් දි තිබේ. කාමර 4කින් සමන්විත නිල නිවස මේවන විට පිළිසකර ඇති අතර, සවිකර ඇති වායු සමිකරණ ඉවත් කිරිමට යන වැය ගැන සලකා, එම තීරණය යලි සලකා බලන ලෙසට, ඉන්දීය ප‍්‍රසිද්ධ වැඩ දෙපාර්තුමේනුතුව මහා ඇමති ගෙන් ඉල්ලීමක් කර තිබේ.
මහා ඇමති අරවින්ද කෙර්ජිවාල් සිය දෙමාපියන්, දරුවන් දෙන්නා හා බිරිඳ සමග දැනට පදිංචිව සිටින්නේ, අගනුවරින් බැහර, ඉන්දීය ආදායම් නිලධාරිනියක් වු බිරිඳට රජයෙන් ලබා දි තිබෙන තට්ටු නිවසායකය. 

No comments:

Post a Comment