Wednesday, August 19, 2015

පොලිස් කූඩුවේ දමලා ඉන්නකොට හරක් හොරු අරන් ගිහිල්ලා.

පොලිසියට දැන්නුවද පියවරක් ගෙන නැ.

නිකරුනේ අත් අඩංගුවට ගෙන, හිර කර තබා ගෙන සිටියා. එ් කාලේ හරක් දෙන්නෙක්ව සොරකම් කරලා.

ක`ඵතර, දයාපාල 55 හැවිරිදි කිරි ගොවියෙකි. පසුගිය 06 වෙනිදා, රාත‍්‍රියේ නිවසට පැමිණි ක`ඵතර දකුණ පොලිසියේ නිලධාරීන්, තමන්ව අත්අඩංගුවට ගන්නා ලද බවත්, එම කාලය තුල, තමන්ගේ හරකුන් දෙන්නෙකු ලොරියක දමාගෙන පටවාගෙන ගොස් ඇති බවත්, අසල්වැසියන් සිද්ධිය පොලිසියට දැන්නුවද පියවරක් ගෙන නැති බවත්, මෙයින් තමාට රුපියල් ලක්ෂ එකහමාරක පාඩුවක් සිදුවූ බවත් කියා සිටී.

පසුදින, තමා කූඩුවේ සිටියදී, ක`ඵතර මුස්ලිම් ජාතික වෙළෙන්දෙක් සමග කුඹුරට ගොස් එහි සිටි තමාට අයත් මී ගවයන් දෙන්නෙකු පොලිසියට ගෙන ආ බවත්, පසුව, තමන්ව හා මුස්ලිම් ජාතික වෙළෙන්දාව ක`ඵතර අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ බවත් ප‍්‍රකාශ කරයි.

ක`ඵතර දකුණ පොලිසිය මෙම නීති විරෝධී ක‍්‍රියාවන් සිදු කරන්නේ අල්ලස් ලබා ගැනීමේ අරමුණින් විය යුතු බවද ඔහු කියා සිටී.

බොරු නඩු දැමීමෙන් පසුව, නොකල වරදවල් පිළිගන්නා ලෙසට බල කලද, තමා එයට එකඟ නොවීම නිසා, පොලිසියට ගෙන එන ලද මී හරක් දෙන්නාව තමාට ආපසු බාර දුන්න බවද කියා සිටී.

බොරු නඩු දමා, අසරණ මිනිසුන්ට වධ දෙන පොලිසිය, නීතියට යටත් යටත් කළ යුතු බව ඔහු අවධාරණය කරයි.

No comments:

Post a Comment