Wednesday, December 9, 2015

NHDA සිසුන්ට පහරදීම-මා.හි.කො. නිර්දේශ නොපමාව ක‍්‍රියාත්මක කරණු.


පසුගිය ඔක්තෝබර් 29 දින, උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලා සිසුන්ට පොලීසිය එල්ල කළ මෘග ප‍්‍රහාරය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කර තිබෙන නිර්දේශ ඉටු කිරීමට රජය නොපමාව පියවර ගත යුතුව තිබේ.
මෙම ශිෂ්‍ය ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කළ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, එ් පිළිබඳව වාර්තාවක් මගින් ඉදිරිපත් කර තිබෙන නිර්දේශය ප‍්‍රමාද නොකොට ඉටු කිරීමට, පොලිස්පතිවරයා ද, නීතිය හා සාමය පිළබඳ අමාත්‍යවරයා හා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ද, නීතිපතිවවරයා ද, උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය ද වහාම පියවර ගත යුතුයි.

එ් පිළිබඳව සෘජුව ජනාධිපති හා අගමැති මැදිහත් විය යුතුව තිබෙන බව ද පෙන්වා දෙමු.

මානව හිමිකම් ෙකාමිසෙම් නිගමන හා නිර්ේදශයන් මෙසේය :-

8.1   මූලික අයිතිවාසිකම් කඩවීම:

සමස්ථ සිදුවීම තුළ ශිෂ්‍යයන් සතු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති 11, 12(1) හි සඳහන් මූලික අයිතිවාසිකම් වගඋත්තරකාර පොලිස් පාර්ශවය විසින් උල්ලංඝණය කර ඇති බව කොමිෂන් සභාව තීරණය කරන අතර පහර දීමට ලක් වී තුවාල ලබා ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එම පාර්ශවය විසින් වන්දි ලබාදිය යුතු බවට නිර්දේශ කරණු ලැබේ.

මෙහිදී පහර දීම නිසා රෝහල්ගතව සිටි ශසිනි සංදීපනී කුමාරසිංහ ශිෂ්‍යාවට රු. 25,000/- ක වන්දි මුදලක් ලබා දීමටත් පහරදීමට ලක්වී තුවාල ලැබ රෝහල්ගතව ප‍්‍රතිකාර ගන්නා ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් 08 දෙනා වන, 1. නුවන් ප‍්‍රදීප් කුමාර. 2. අයේෂ් රත්නසූරිය. 3. සුපුන් ඉෂාන්. 4. ෆාතිමා හනීනා හුසේන්.
5. සඳුනි චන්ද්‍රසිරි. 6. බුද්ධි උක්වත්ත. 7. නිලූකා නයනා. 8. ජීවා රූපසිංහ යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට රු. 15,000/- ක් බැගින් වන්දි ගෙවීමට නිර්දේශ කෙරේ.

8.2    මෙවැනි සිදුවීම් වැළැක්වීම ස`දහා ඉදිරි පියවර :

         සමස්ථයක් ලෙස ගත් කළ මෙම සිද්ධියෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට ගම්‍ය
         වන්නේ වගඋත්තරකාර පොලිස් පාර්ශවයේ ක‍්‍රියාකාරකම් හි වෘත්තීය මට්ටමේ
        (Professionalism)   විශාල ඌණතා ඇති බවයි. මෙහිදී මානව හිමිකම් කොමිෂන් සභාව
         නිර්දේශ කරන්නේ පහත දක්වා ඇති ආකාරයෙන් කටයුතු කරන ලෙසයි.

8.2.1  මහජන එක්රැුස්වීම් පාලනය කිරීම සඳහා පොලිස් රෙගුලාසි සකස් කිරීම.

කැරලි මර්ධනය සඳහා ලෝගයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් භාවිතා කරන කරන ක‍්‍රමවේදයන් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව පොලිස් කොමිෂන් සභාවේ සහය ද ඇතිව මානව හිමිකම් සුරක්ෂිත වන ආකාරයටත් වර්තමානයට ගැලපෙන ආකාරයේ කැරලි මර්ධන හා නීති විරෝධී මහජන එක්රැුස්වීම් පාලනය කිරීමට සුදුසු ක‍්‍රමවේදයක් 2016.03.01 දින වන විට සකස් කර එහි කෙටුම්පතක් මානව හිමිකම් කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීම.

එම ක‍්‍රමවේදය ප‍්‍රායෝගිකව භාවිතා කිරීම පිණිිස විශේෂ පුහුණුවීම්  (Special Training) ලබා දීම සහ එ් පිළිබඳ පුහුණුවීම් අත්පොතක් සකස් කිරීම  :(Training Manual) හා  පිළිබඳ වාර්තාවක් 2016.03.01 දින වන විට මානව හිමිකම් කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට.

මෙවැනි රැුස්වීම් විසුරුවා හැරීම හා මෙවැනි සිදුවීම්වලදී නිලධාරීන් යෙදවීමේදී කාන්තා නිලධාරීන් කණ්ඩායමක් රාජකාරි සඳහා යෙදවීමට අදාළ ක‍්‍රියාමාර්ග ගෙන ක‍්‍රියාත්මක වීම පිළිබඳව අදාල ලේඛණ සමග ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දැණුවත් කළ යුතුය.

8.3   විනයානුකූලව කටයුතු කිරීම :

       මෙම උද්ඝෝෂණයේදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන ආකාරයෙන්
        කටයුතු කර ඇති නිලධාරීන් කවුරුන්ද යන්න හඳුනාගෙන ඔවුන්ට විරුද්ධව විනයානුකූලව
        කටයුතු කිරීමටත් එ් පිළිබඳව 2016.03.01 දිනට පෙර මානව හිමිකම් කොමිෂන් සභවට
        වාර්තාවක් ඉදිරිපත් කිරීමට නිර්දේශ කරණු ලැබේ.

       මෙහිදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පහර දී තුවාල සිදු කිරිම හා ඔවුන්ගේ අයිතිවාසිකම් කඩ කිරීම
        සම්බන්ධයෙන් සෘජුව අදාල නිලධාරීන් කවුරුන්ද, ඔවුන්ට නියෝග නිකුත් ක නිලධාරීන්
        කවුරුන්ද, සහ මෙම අවස්ථාවේදී මෙම ක‍්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා සිටි
        නිලධාරීන් කවුරුන්ද, යන්න සොයා බලා ඔවුන්ට එරෙහිව සුදුසු විනයානුකූල පියවර
        ගන්නා ලෙසට නියෝග කරමු.

8.4.   මහජන ගැට`ඵ නිරාකරණය කිරීම පිළිබඳව රාජ්‍ය බලධාරීන්ගේ නිසි අවධානය යොමු විය
      යුතු බව:

      මෙම ශිෂ්‍ය ගැට`ඵව දීර්ඝ කායක් තිස්සේ පවතින ගැට`ඵවක් වන අතර 2015.10.29 වන දින
      උද්ඝෝෂණයක් පවත්වන බවට මාධ්‍ය මගින් ප‍්‍රචාරය කිරීමට ද කටයුතු කර ඇති බව
      පැහැදිළි වේ. එම කාරණය අදාල බලධාරීන්ගේ අවධානයට යොමු නොවූ බව පිළිගැනීමට
      හැකියාවක් නොමැත. මෙවැනි අවස්ථාවලදී විරෝධතා ව්‍යාපාර හෝ පා ගමන් වැනි
      සංසිද්ධීන් ආශ‍්‍රිතව පැන නැගෙන කළහකාරී තත්ත්වයන් මැඩ පැවැත්වීම සඳහා අදාල
      බලධාරීන්ට සුවිශේෂ වගකීමක් ඇති බව අවධාරණය කරමු.

      මෙවැනි ගැට`ඵ දීර්ඝ කාලීන් ප‍්‍රශ්න බවට පත් නොවීමට අදාල බලධාරීන් විසින් සාධාරණ
      ක‍්‍රියාමාර්ග ගත යුතු බවත් යම් හෙයකින් එම තත්ත්වයන් විරෝධතාවයන්ට පරිවර්තනය
      වන විට ද එම විරෝධතා ව්‍යාපාර පා ගමන් වැනි සංසිද්ධීන් ආශ‍්‍රයෙන් පැන නගින
      කළහකාරී අවස්ථාවන් ඇති නොවීම සඳහා සුදුසු පියවරයන් කඩිනමින් ගතයුතු බවත්
      අවධාරණය කරමු.

      මානව හිමිකම් සභාව විසින් නිරීක්ෂණය කරණු ලබන්නේ, උසස් ගණකාධිකරණ ඩිප්ලෝමා
      පාඨමාලාවේ ශිෂ්‍යයන් විසින් 2015.11.03 වන දින පැවැත්වූ දෙවන පා ගමන සාමකාමී ලෙස
      පැවැත්වීමට තුඩු දුන් මූලික කරුණ ලෙස පැමිණිලිකාර ශිෂ්‍ය පාර්ශවයත් වගඋත්තරකාර
      පොලිස් පාර්ශවයත් එකහෙළා ප‍්‍රකාශ කර සිටියේ එදින සිසුන් හමුවීමට ඉහළ මට්ටමේ
      උසස් අධ්‍යාපන බලධාරීන් සමග සාකච්ඡුා කිරීමට අවස්ථාවක් ලබාදීමයි.  

      පොලිස් නිලධාරීන් විසින්ම අදාල බලධාරීන් මුණගැසීමට ඉඩප‍්‍රස්ථා ලබා දීමට අවශ්‍ය කටයුතු
      සම්පාදනය කළ බව, ඉදිරිපත් කළ කරුණු අනුව මානව හිමිකම් කොමිෂන් සභාවට
      නිරීක්ෂණය විය.

අ/ක:-

ආචාර්ය දීපිකා උඩගම
සභාපතිනි
ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව



නීතිඥ සාලිය පීරිස් අම්බිකා සත්ගුණනාදන්
කොමසාරිස් කොමසාරිස්
ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව




නීතිඥ හමීඞ් ගසාලි හුසේන් ආචාර්ය යූ. විදානපතිරණ
කොමසාරිස් කොමසාරිස්
ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව








No comments:

Post a Comment