Sunday, October 8, 2017

ජීවිත ප‍්‍රාණ ඇපයට තබාගෙන ඉදිකරන ගොඩනැගිලිවලට බුදු සරණයි.


බෞද්ධ පුනර්ජීවන නගරය ලෙසට නම් කරගෙන තිබෙන පානදුරයේ ඉදිකර තිබෙන හා ඉදිකරගෙන යමින් තිබෙන නිති වාරෝධි මහල් ගොඩනැගිලි අතර එකක තොරතුරු හෙළිකරන්නේ දහම් පාසල් ගුරුතුමියක් වන වසන්තා මහත්මියයි.

පානදුර ආතර් වී දයෙස් මාවතේ (කෙළින් වීදිය/පරණ ගාලූ පාර ලෙසට ද හඳුන්වන) අංක 73 දරන ස්ථානයේ මෙම ගොඩනැගිල්ල ඉදිකරගෙන යනු ලබයි.

පානදුර නගර සභාව දැණුම් දී ඇති පරිදි මෙය දෙමහල් (G+1) ගොඩනැගිල්ලක් ලෙසට ඉදිකරගෙන යෑමට, නලින් සෙනෙවිරත්න, මංජුල සෙනෙවිරත්න හා විමලාවතී බෝපිටිය යන අයට අවසර දී තිබේ. 

වසන්තා මහත්මිය ප‍්‍රකාශ කරන පරිදි දැනට මහල් පහක් ඉදිකර ඇත. එහි වැඩ නතර කරන ලෙසට නගර සභාව මොවුන්ට දැණුම් දී තිබේ. එහෙත් ඉදිකිරිම් නවතා නැත. අනුමැතිය දී නැති මෙම ගොඩනැගිල්ලට තෙකලා විදුලිය හා ජල සැපයුම ලබාදී ඇති අතර සේවක සේවිකාවන් තිස් දෙනෙකු පමණ යොදවා කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යනු ලැබේ. එහි සිදුකරන්නේ කුමක්ද යන්න අපැහැදිළිය.  

මේ දක්වාම මෙම ොඩනැගිල්ල ඉදි කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය තහනම් කර නැත. නීතිමය පියවර ද ගෙන නැත. මෙයින් පැහැදිළි වන්නේ, මෙම නීති විරෝධී ක‍්‍රියාවට පානදුර නගර සභාවේ, නාගරික සංවර්ධන අධිකාරියේ පමණක් නොව පරිසර අධිකාරියේ, කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අනුග‍්‍රහය, සහයෝගය ලැබෙන බවයි.

මෙම නීති විරෝධීව ඉදිකරන ගොඩනැගිල්ල පිළිබඳව වසන්තා මහත්මිය 2017.10.02 වන දින ඇමති මහිින්ද සමරසිංහ, එහි සභාපති නන්දන ගුණතිලක මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලද පානදුර සංවර්ධන කමිටු රැුස්වීමේදී කරුණු දක්වා ඇත. 

පානදුර ප‍්‍රාදේශිය ලේකම් කර්යාලයේ පැවැති මෙම රැුස්වීමට, සියලූම රාජ්‍ය නිලධාරීන් සහභාගී වි තබේ. රැස්වීමේදී මෙම ප‍්‍රශ්නය ඉදිරිපත් කළ විට, පානදුර මූලික රෝහලේ පරිපාලන නිලධාරී වරයා කියා සිටියේ, රෝහලට යාබදව ඉදිකෙරන මෙම නිති විරෝධි මහල් ගොඩනැගිල්ල රෝහල ට බලවත් තර්ජනයක් බවයි.

වාර්තා වන පරිදි මේ හා අදාල මුලිකව වගිකිම දරන නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරිනිය ඔලූව වනනවා හැර වචනයක් වත් කියා නැත.

නිලධාරීන් ගේ දුෂණ වංචා, අක‍්‍රමිකතා කථා නොකර, යහපාලනයට හෙණ ඉල්ලීම ඵල රහිත බව ට උදාහරණයකි මෙය.

සටහන: 
පැවති වස් පිංකම් වලදී, මෙම නීති විරෝධී ඉදිකිරීම් කරන පුද්ගලයන්ට සෙත් පැතීමට තරම්, දුෂිත තත්ත්වයට චීවරධාරීන් පත්ව ඇත.

වසන්තා මහත්මිය, ක`ඵතර දිස්ත‍්‍රික් නාගරික සංවර්ධන අධිකාරියට ලියන ලද ලිපිය පහත දක්වමු.

එච්.ඩබ්. වසන්තා
අංක 75
”සජානි”
ආතර් වී දියෙස් මාවත
පානදුර
2017.10.03

නියෝජ්‍ය අධ්‍යක්ෂිකා
නාගරික සංවර්ධන අධිකාරියේ උප කාර්යාලය
ගාලූ පාර
ක`ඵතර දකුණ

මහත්මියණි

මහල් දෙකක් සඳහා (ඨ + 1* අවසර ගෙන මහල් හයක ( ඨ + 5* වානිජ කටයුතු සඳහා ඉදිකරගෙන යන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් වහාම නතර කර 
නීතිමය පියවර ගන්නා ලෙසට කරන ඉල්ලීම.

2017.10.02 පානදුර සංවර්ධන සභා රැුස්වීමේදී ඉදිරිපත් වූ කරුණු හා බැඳේ.

2017 ඔක්තෝබර් 02 වන දින, පානදුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති, පානදුර සංවර්ධන සභා රැුස්වීමේදී, පානදුර ආතර් වී දියෙස් මාවතේ, අංක 73 දරන ස්ථානයේ, නලින් ඈපා සෙනෙවිරත්න, මංජුල ඈපා සෙනෙවිරත්න, විමලාවතී බෝපිටිය යන අය විසින්, 2016.05.26 දින පානදුර නගර සභාවෙන් මහල් දෙකක් (ඨ + 1* සඳහා වන අවසරය මත ඉදිකරන ගොඩනැගිල්ල මේ වන විට මහල් හයක් දක්වා ම, ඉදිකරගෙන යනු ලබයි.

මෙම නීති විරෝධී ඉදිකිරීම පිළිබඳව මා විසින්, ඔබ ඇතුලූ සියලූ අදාල ආයතනවලට දැණුම් දී ඇත.

නමුත් පානදුර නගර සභාව, එය ඔබ අධිකාරියේ වගකීමක් බව මට, ලිඛිතව දැණුම් දී ඇත. තවද එහි ඉදිකිරීම් නතර කරන ලෙසට ද උපදෙස් දී ඇත.

නමුත් ඉදිකිරීම් නවත්වා නැත. අදටත් ඉදිකිරීම් කරගෙන යයි.

මෙම තත්ත්වය, 2017.10.02 දින පානදුර සංවර්ධන සභා රැුස්වීමේදී, සංවර්ධන කමිටු සභාපති නන්දන ගුණතිලක මහතා හා ගරු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද සමරසිංහ මහතා ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති රැුස්වීමේදී සාකච්ඡුාවට භාජනය වූ බව ඔබ දන්නවා ඇත.

රැුස්වීමේදී මෙම නීති විරෝධී ඉදිකිරීම පිළිබඳව සවිස්තරාත්මක කරුණු දැක්වීමක් පානදුර මූලික රෝහලේ පරිපාලන නිලධාරී විසින් ද, කමිටුවට ඉදිරිපත් කරන ලද බව සිහිපත් කරමු.

මෙම අනවසර නීති විරෝධීව ඉදිකරගෙන යන ගොඩනැගිල්ලට තෙකලා විදුලිය හා ජලය ලබාගෙන ඇත. මේ වන විටද 30 ක් පමණ කාන්තාවන් වැඩෙහි යොදවා තිබේ.

මනුෂ්‍ය ජීවිතවලට බරපතල තර්ජනයක් ඇති කර තිබෙන මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් වහාම නතර කිරීමට නියෝග කරන මෙන් ගරු වරාය හා නාවික කටයුතු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද සමරසිංහ මහතා, ඔබට හා නාගරික සංවර්ධන අධිකාරියේ, පානදුර කොට්ඨාශය බාර නිලධාරිණියට උපදෙස් දුන් බවද සිහිපත් කරමි.

මා ඉල්ලා සිටින්නේ, එම නියෝගය නොපමාව නිකුත් කර එ් බව මට දැණුම් දෙන මෙන්ය.

ස්තූතියි,
මෙයට,

එච්.ඩබ්. වසන්තා

පිටපත් : 
01. වරාය හා නාවික කටයුතු අමාත්‍ය ගරු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද සමරසිංහ
    මහතා, වරාය හා නාවික අමාත්‍යාංශය, අංක 19, චෛත්‍ය පාර, කොළඹ 01
02. පානදුර සංවර්ධන කමිටුවේ සභාපති නන්දන ගුණතිලක මහතා,
03. ප‍්‍රාදේශිය ලේකම්, ප‍්‍රාදේශීය මහා ලේකම් කාර්යාලය, පානදුර
04. අධ්‍යක්ෂ ජනරාල්, නාගරික සංවර්ධන අධිකාරිය, සෙත්සිරිපාය, බත්තරමුල්ල
05. වෛද්‍ය අධිකාරී, මූලික රෝහල, පානදුර
06. ලේකම්, නගර සභාව, පානදුර






No comments:

Post a Comment