Tuesday, November 7, 2017

බණ කියවමින්, භාවනා කරමින්, සිංහල බෞද්ධයින්ට දස වධ දෙයි.



ජනාධිපති සිරිසේන, අගමැති රනිල් මානව හිමිකම් රකින බවට ජාත්‍යන්තරයට පච කෙලී.
පොලිස්පතියා, බණ කියවමින්, භාවනා කරවමින් මිනිසුන්ට දස වධ දෙයි.

පුෂ්ප කුමාර දකුණේ, සිංහල බෞද්ධයෙකි. දරු තිදෙනෙකුගේ පියෙකි. පසුගිය 27 දින පොලූ වලින්, පහර දී අත්අඩංගුවට ගෙන, මීටියාගොඩ පොලිසියට ගෙනගොස්, 29 දින දක්වා රඳවාගෙන වධ දී, වැඩ බලන මහේස්ත‍්‍රාත්වරිය හමුවට පත්කර, රිමාන්ඞ් භාරයට පත්කර ඇත්තේ හෙරොයින් ග‍්‍රෑම් 1 1/2 ලඟ තබාගත් බවට ව්‍යාජ චෝදනා නගාය.

23 හැවිරිදි ඔහුගේ බිරිඳ වන ඉමේෂා, ප‍්‍රකාශ කරන පරිදි, තම සැමියාව අත්අඩංගුවට ගත්තේ පැමිණිලි කිහිපයකට හා වරෙන්තුවකට බව පවසමිනි. 

ඔහුගේ නීතිඥවරයාට පොලිසිය පවසා ඇත්තේ, එම කරුණමය. 

ඔහුට පහර දී ඇති අන්දම හා ඔහුව බැරැක්කයේ ඇඳකට තබා මාංචු දමා තිබූ අයුරු නීතිඥවරයාද දැක තිබේ.

29 ඉරිදා, වැඩ බලන මහේස්ත‍්‍රාත්වරිය වෙත ඉදිරිපත් කර ඇත්තේ, අධිකරණ වෛද්‍ය සහතික නැතිවය. 

නීතිඥවරයා පහරදීම ගැන පවසා ඔහුට තිබූ තුවාලද, වැ.බ.මහේස්ත‍්‍රාත්වරියට පෙන්වා ඇත.

එහෙත් ඇය පුෂ්ප කුමාරව අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමට නියෝග නොකර, රෝහල්ගත කරන ලෙසට  බන්ධනාගාරයට නියම කර තිබේ.

සතියක් ඉකුත් වී ඇතත්, පුෂ්ප කුමාරව රෝහල්ගත කිරීමට හෝ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු හමුවට පත් කිරීම හෝ බන්ධනාගාරය පියවර ගෙන නොතිබිණ.

මේ සියලූ කරුණු වලින් පෙනී යන්නේ, පොලිසිය අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට වධ දීම, බොරු නඩු දැමීම නවත්වා නැති බවයි. 

මෙය අප‍්‍රකාශිත ...ප‍්‍රතිපත්තිය නොවේනම්, විශේෂයෙන් පොලිසිය බාර අමති රනිල් හා ඇමති සාගල රත්නායක මේ තත්වය මැඩ පැවැත්වීමට පියවර නොගැනීම ගැන වගකිව යුතුය. 

පොලිස්දුෂණ, අක‍්‍රමිකතා හා අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි වලට නිසි පියවර ගැනීමට පත්කර ඇති ජාතික පොලිස් කොමිසම සුදු අලියෙකි.

පුෂ්ප කුමාරගේ බිරිඳ ඉමේෂා, බලධාරීන්ට කර තිබෙන පැමිණිල්ලේ මෙසේ සටහන් වේ.


පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන, වධ දී, බොරු නඩු දැමීම.

 ඉමේෂා මධුෂානි, අවු: 23යි, ජා.හැ.අ.947363921ඩ, විවාහක, දරුවන් 03යි, 
 මීටියාගොඩ.

2017.11.06 දිනදීය.

පැටි අරඹගේ අනුර පුෂ්ප කුමාර, අවු: 26යි, රැුකියාව: කුරුඳු තැලීම - මාගේ සැමියා වේ.

2017.10.27 වන දින, සවස 5.30 පමණ, මීටියාගොඩ, නමාමියාව ශාන්ත මහතාගේ නිවසේදී, මීටියාගොඩ පොලිසියේ තුන්දෙනෙක් විසින් පහර දී අත්අඩංගුවට ගෙන ඇත.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ අංශයේ ජනක, රංජි හා නිලන්ත යන නිලධාරීන්ය. ඔහුට පහර දී ඇත්තේ පොලූවලින් ය. බාගෙට මරලා තමයි ගෙනියන්නේ කියමින් පහර දී ඇත.

ඔහුව යතුරු පැදියක මැද තියාගෙන ගෙනියනවා මා දුටුවා. ඔහුගේ බෙල්ල කඩා වැටී තිබුනා. මා මීටියාගොඩ පොලිසියට ගොස් සැමියාව බලන විට, කූඩුවේ බිමට වැටී සිටියා. මුහුණෙන් ලේ ගලමින් තිබුනා. කූඩුවේ ෙදාරට තබා එක් කකුලකට මාංචු දමා තිබුනා. සැමියා කතා කළේ නෑ. ඔහුගේ සාක්කුවේ තිබුන සල්ලි ගෑණිට දීපන් කියා, සිවිල් පිට හිටිය නිලධාරියෙක් කිව්වා. නමුත් සැමියාට අත උස්සන්න බැරිවුනා. එවිට එක් නිලධාරියෙක්, සිවිල් පිට හිටිය, කූඩුව අස්සෙන් අත දමා, සාක්කුවේ තිබූ සල්ලි මට අරන් දුන්නා. රුපියල් එක්දහස් එකසියයක් තිබුනා. 

පසුදින උදේ 8.00 ට විතර (2017.10.28* මා සැමියා බලන්න යනකොට, කූඩුවේ නැගිටගන්න බැරිව සිටියා. ? මට හොඳටම ගැහැව්වා කියා කිව්වා. 

නැවත දහවල් 10.30 පමණ, මා නීතිඥ මහේන්ද්‍ර ජිනත්ප‍්‍රිය සමග පොලිසියට ගියා. එ් අවස්ථාවේ සැමියා කූඩුවේ සිටියේ නැහැ. 

නීතිඥ මහේන්ද්‍ර ජිනත්ප‍්‍රිය මයා, සැමියා කොහේද කියා විමසුවාම, එහි සිටි නිලධාරී 6805 විසින් ප‍්‍රකාශ කලා, ප‍්‍රශ්ණ කරන්න පිටුපස්සට ගෙනහිල්ලා කියා. 

නීතිඥ මහේන්ද්‍ර ජිනත්ප‍්‍රිය මයා, අත්අඩංගුවට ගැනීමට කාරණය ඇහුව්වාම, පැමිණිලි කිහිපයක් හා වරෙන්තුවක් තියෙන බව කිව්වා. එවිට නීතිඥ මහතා ඇහුව්වා, සැමියා ළ`ග හෙරොයින් තිබිලා අහුවුනා ද කියා. එවිට, එම නිලධාරියා නැහැ යයි කියා පැවසුවා. 

සැමියාව, පිටුපසට ගෙන ගිය බව ප‍්‍රකාශ කල නිසා, මමත් නීතිඥ මහතාත් පොලිසිය පිටුපසට ගියා. 

අපරාධ අංශයට අල්ලපු කාමරයේ, සැමියාව ඇඳකට දමා මාංචු දමා තිබුනා. එක් අතක් හා එක් කකුලක් මාංචු දමා තිබුනා මා දුටුවා.

නීතිඥ මහතා, එහි සිවිල් පිට සිටි නිලධාරීන් ගෙන් සැමියා ගෙනා කාරණය ඇහුව්වා. එවිට එහි සිටි නිලධාරියෙක් බය වෙන්න එපා, මෙයා චූන් එකේ ඉන්නවා, පේන්නේ නැද්ද, ෆෑන් එකත් දාලා තියෙන්නේ කියා පැවසුවා. එම කාමරයේ තිබුනේ එක ඇඳයි. තව පුටු තිබුනා.

මා සවස, 3.00 පමණ සැමියා බලන්න ආවා. එවිට සැමියා කූඩුවේ සිටියා. ඔහුගේ එක් කකුලක් ෙදාරට තබා මාංචු දමා තිබුනා. බිම නිදාගෙන හිටියේ.

රාත‍්‍රී 8.00 පමණ, බලන්න ගියා. එවිටද, කූඩුවේ සිටියා. ඔහුට නැගිට ගන්න බැරිව හිටියේ. ඔහු කන්න බෑ කිව්වා. බීම එකක් ඉල්ලූවා. බීම බෝතලයක් ගිහින් දුන්නා. එහි මූඩිය අරින්නවත් ඔහුට බැරිවුනා. එ් තරමටම ගහලා තිබුනා.

පසුදා (29 දා)   උදේ 8.00 ට විතර, මා සැමියා බලන්න පොලිසියට ගියා. ඔහු කූඩුවේ හිටියේ නෑ. මාගේ හැදුනුම්පත ඉල්ලාගෙන ටිකක් වාඩි වෙලා ඉන්න කිව්වා. ප‍්‍රකාශයක් අරගන්නවා කිව්වා. 
මම වාඩිවෙලා ඉන්න කොට, අපරාධ අංශයේ ජනක නිලධාරියා ඇවිත් සැමියාගේ හැදුනුම්පත ඉල්ලූවා. මම කිව්වා මීට අවුරුද්දකුත් මාස තුනකට පෙර, පොලිසියෙන් සැමියා ගේ හැඳුනුම්පත අරගෙන දුන්නේ නෑ කියා. එවිට අංකය ඇහුව්වා. මම දන්නේ නැති බව ප‍්‍රකාශ කලා. ගෙදර ගිහිල්ලා හොයාගෙන එන්න කිව්වා. මම කිව්වා ගෙදරත් නැහැ කියා. 

සවස 2.30 පමණ, නැවත පොලිසියට ගියා. එවිට 6805 දරන නිලධාරියා මට සවස 3.00 ට නඩුකාර බංගලාවට ගෙනියනවා කිව්වා. මම නීතිඥ ආර්.පී.ලංකාදේව මහතාට කතාකර එ් බව කියා සිටියා.

නීතිඥ ආර්.පී.ලංකාදේව මහතා, මට කිව්වා, නීතිඥ ලක්ෂ්මි හේමන්තා මහත්මියගේ නිවසට එන්න කියා. 

මම නීතිඥ මහතාට කතාකරනවා ඇසී, 6805 නිලධාරියා මට අපරාදේ ලෝයර්ලා අල්ලලා සල්ලි නාස්ති කරන්න එපා, අපි දැන් මෙයාට එළියට යන්න බැරි වෙන්නම අඹරලා තියෙන්නේ යයි කිව්වා. 

සවස 3.30 පමණ, සැමියාව, නීතිඥ ලක්ෂ්මි හේමන්තා මියගේ නිවසට ගෙන ගියා. මමත් එහි ගියා. නීතිඥ ආර්.පී.ලංකාදේව මහතා ද පැමිණියා. 

නීතිඥ ආර්.පී.ලංකාදේව මහතා, සැමියාව රැුගෙන ඇවිත් සිටිය 6805 නිලධාරියාගෙන් ඇහුව්වා, චෝදනා මොනවාද කියා.

එවිට 6805 නිලධාරියා කිව්වා. පැමිණිලි පහක් තියෙනවා, වරෙන්තුවක් හා කුඩු නඩුවක් තියෙනවා කිව්වා. 

එවිට  නීතිඥ මහතා කිව්වා, මෙයාගේ අතේ (සැමියාගේ අතේ)කුඩු තිබුනේ නෑ නේද කියා. ඔහු 6805 නිලධාරියා, නිශ්ශබ්දව සිටියා. 

එවිට මා අල්පෙනෙත්තක්වත් අහුවෙලා නෙවෙයි නේද ගෙනාවේ කියා, 6805 නිලධාරියාට කිව්වා. ඔහු කියා සිටියා මිනිහාට කලදේම තමයි කරන්නේ කියා මට තර්ජනය කලා.

නීතිඥ ආර්.පී.ලංකාදේව මහතා, වැඩ බලන මහේස්ත‍්‍රාත් තුමියට නීතිඥ ලක්ෂ්මි හේමන්තා මියට, ප‍්‍රකාශ කලා සැමියාට පොලිසියෙන් ගහපු බව. සැමියාව වැඩ බලන මහේස්ත‍්‍රාත් තුමිය පරීක්ෂා කලා. බන්ධණාගාරයට නියම කලා රෝහල් ගත කරන්න කියා. 

ගාල්ල බන්ධනාගාරයට සැමියාව ගෙන ගියා. බන්ධණාගාර රෝහලට සැමියාව ඇතුලත් කලා. 

නමුත් කරාපිටිය මහා රෝහලට ගෙන ගියේ නැහැ.

අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ඉදරිපත් කළේ ද නැත.

තවමත් ඔහු වේදනාවෙන් පෙළෙනවා. 

මා ඉල්ලා සිටින්නේ,

1. නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, නීති විරෝධීව රඳවා තබාගෙන, කෲර වධහිංසා, අවමන් සහගත සැලකිලි හා දඬුවම් වලට භාජනය කිරීම,

2. බොරු චෝදනා නැගීම පිළිබඳව, මීටියාගෙඩ පොලිසියේ අපරාධ අංශයේ ජනක, රංජි, නිලන්ත යන නිලධාරීන්ට හා අංක 6805 දරන නිලධාරියාට එරෙහිව, නීතිමය පියවර ගන්නා ලෙසටයි.

ඉහත සියලූම කරුණු සත්‍ය හා නිවැරදි බව ප‍්‍රකාශ කරමි.

මෙයට,

අ.ක/
කොනකලගල තුන්දෝකාර ඉමේෂා මධුෂානි.







No comments:

Post a Comment