Sunday, November 11, 2018

කව්ද හොරා ...........! හරක් හොරා ............!!



පානදුර බෞද්ධ පුනර්ජීවන නගරයේ හරක් හොරකම් වලට පොලීසිය ද හවුල් බවට චෝදනා කරන මල්ලිකාන්ති මහත්මිය, මේ වන විට පැමිණිලිකරුවන් විත්තිකරුවන් කරන තැනට පත්ව ඇති බවද කියා සිටී.

නොනවතින හරක් සොරකම් මේ වන විට, ප‍්‍රදේශයේ කිරි ගොවීන් දැඩි අසරණ භාවයට පත් කර තිබෙන බවද ඇය වැඩිදුරටත් කියා සිටී.

තම හරක් පැටවුන් දෙදෙනෙකු සොරකම් කිරීම් අදාලව තොරතුරු හා සාක්ෂි ලබා දීමට, පානදුර දකුණ පොලීසියට ගිය විට, විඳීමට සිදුවූ අඩම්තේට්ටම් පිළිබඳව ‘‘ හරක් හොරුන් රැුක ගන්න ක‍්‍රියා කරන පානදුර දකුණ පොලිසියේ මූ.පො.පරීක්ෂක හා අපරාධ අංශයේ ස්ථානාධිපති ට එරෙහිව නීතිමයපියවර ගන්නා ලෙසට කරණු ලබන ඉල්ලීමයි.’’ යන හිසින් යුතුව,
 ඇය විසින් පොලිස්පතිට හා  ජාතික පොලිස් කොමිෂන් සභාවට,කර තිබෙන පැමිණිල්ලෙන් සියලූම තොරතුරු අනාවරණය වේ.

’‘ 2018.10.22 දින, මා සතු හරක් පැටවුන් දෙදෙනෙකු නැති වුනා. එමනිසා මට වූ පාඩුව මසකට රුපියල් තිස්දාහක් පමණ වේ. 

මෙම හරක් නැතිවීම පිළිබඳව මා පැමිණිලි කිරීමට පානදුර දකුණ පොලිසියට පැමිණීයා. එවිට වේලාව පෙ:ව:10.30 පමණ වේ.

අපරාධ අංශයේ ස්ථානාධිපති - උ.පො.ප.රෝහණ ප‍්‍රකාශ කලා, සාක්ෂි නැති නිසා පැමිණිලි දැමීමට අවශ්‍ය නැහැ, සාක්ෂි තිබුනොත් එන්න කිව්වා. 

2018.10.30 දින, මට මාගේ හරක් පැටවුන් දෙන්නා ත‍්‍රී රෝද රථයක දාගෙයන යනවා දුටු ගල්තුඬේ පදිංචිකරුවකු වන කරුණේ මාමා නැමැත්තා හමුවුනා.

එ් අවස්ථවේදීම, මා, ඔහුවද කැටුව පානදුර දකුණ පොලිසියට පැමිණියා. එ් අවස්ථාවේ අපරාධ අංශයේ සිටි සැරයන් මැණිකේ මට කිව්වා, අපරාධ අංශයේ ස්ථානාධිපති - උ.පො.ප.රෝහණ අද නැති නිසා, හෙට, එනම් 2018.11.01 දින පැමිණෙන ලෙසට දැනුම් දුන්නා.

එ් අනුව මා, 2018.11.01 දින, කරුණෙ මාමා ද කැටුව උදේ 9.30 ට පමණ, පානදුර දකුණ පොලිසියේ අපරාධ අංශයට පැමිණියා. 

එ් අවස්ථාවේ මාගේ හරක් පැටවුන් සොරකමට සැකකරන පුද්ගලයන් ,දෙමාපියන්, තවත් පැමිණිලිකරුවකු සමග පැමිණ සිටියා.

එ් අවස්ථාවේ, මට ද, අනෙක් පැමිණිලිකරුවූ ගල්තුඬේ සමන්ත නැමැත්තා අමතා, අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප.රෝහණ කියා සිටියා, පැමිණිලි බාර නොගෙන සමථ වන ලෙසට බලකලා. මා කරකිය ගන්නට දෙයක් නැතිව ආපසු ගෙදර ආවා.

දින දෙකකට පසුව, 2018.11.02 දින, රාත‍්‍රී 8.00 ට පමණ, පානදුර දකුණ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප.රෝහණ, කොස්තාපල්වරු වන තුෂාර, අනෝරත්න, රණසිංහ යන අය පැමිණියා. 

ඔවුන් මාව කැඳවාගෙන, ගල්තුඬේ පන්සල අසල, හරක් පැටියෙක්ව හොරකම් කල බවට කියන ස්ථානය පරීක්ෂා කලා. 

ඉන්පසු නැවත මාව ගෙදරට ගෙනවිත් බස්සවා, හෙට, 2018.11.04 ඉරිදා, සාක්ෂිකරු වන කරුණේ මාමා සමග පැමිණෙන ලෙසට දැනුම් දුන්නා.

2018.11.04 වන දින අප ගියද, උ.පො.ප.රෝහණ පොලිසියේ හිටියේ නැත. අප ආපසු හැරීගොස්, 2018.11.05 සඳුදා මා උදේ 10 ට නැවත පානදුර දකුණ පොලිසියට පැමිණීයා. එ් පැමිණි අවස්ථාවේ, මට ෙදාස් පැවරූ අපරාධ අංශයේ ස්ථානාධීපති, උ.පො.ප.රෝහණ, මාව හා කරුණේ මාමා  යන අයව අඬගසා, මූ.පො.ප. ඉන්දික තුෂාර වෙත ඉදිරිපත් කලා. 

ඉන්පසු අපරාධ අංශයේ ස්ථානාධිපති - උ.පො.ප.රෝහණ මට එළියට වී ඉන්න කියා, කරුණේ මාමා ව, මූ.පො.ප.ඉන්දික තුෂාර නවත්වා ගත්තා. 

කරුණේ මාමා ව, දහවල් 1.30 දක්වාම, පැය 3ක්, මූ.පො.ප.ඉන්දික තුෂාර ගේ කාමරයේ තියාගෙන ඔහුට තර්ජණය කරමින්, භිය වද්දමින්, මා විසින් කරුණේ මාමාට, හරක් හොරු සම්බන්ධයෙන් උගන්වා, මාගේ කීමට සාක්ෂි දෙන්නට ආ බවට ප‍්‍රකාශයක් ගෙන ඇත.  

මේ වන විට, දඩි මානසික කම්පනයට පත්ව සිටින කරුණේ මාමා, ගෙදර කිසිවකු සමග කතා නොකර, බලාගත් අත බලාගෙන සිටී.

ඔහුගේ දරුවන් මෙම තත්වය ගැන බියට පත්ව, මාහට ෙදාස් පැවරීමට ද ඉදිරිපත්ව සිටී.

පානදුර දකුණ හා උතුර පොලිස් වසම් දෙකේම, සංවිධානාත්මකව හරක් සොරකම් සිදු වේ.

මෙම තත්වය 2016 සිට උදාවිය. මේ වසර තුල හරක් සොරකම් 8ක් පිිළිබඳව පැමිණිලි කර ඇත.

මෙම සොරකම් වලක්වන්න පියවර නොගන්නේ, පොලිසිය සොරුන් හා පවතින සම්බන්ධය නිසා බව ප‍්‍රකාශ කරමි.

මා ඉල්ලා සිටින්නේ, මේ පිළිබඳව පරීක්ෂණ පවත්වා, හරක් හොරුන් ආරක්ෂා කරන, පානදුර දකුණ පොලිසියේ මූ.පො.ප.ඉන්දික තුෂාර හා අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප.රෝහණ ඇතුලූ වගකිවයුතු නිලධාරීන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසටයි.

මෙයට, මල්කාන්ති. ’’


No comments:

Post a Comment