Thursday, November 28, 2019

සජිත් නම් වූ ”ට්‍රෝජන්” අශ්වයා.



 ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල විශ්ලේෂණයන් සෑම පැත්තකින්ම අසන්නට ලැබෙමින් පවතී.දෙමළ බස කථා කරන, ජනයාගේ ඡන්දය නැතිව, සිංහල නායකයෙකුට රටේ බලයට පත්වීමට නොහැකි බව සහ ආණ්ඩුවක් සෑදිම කළ නොහැකි බව යන දේශපාලනයේ මුල් බැස තිබූ තර්කය, මතය බරපතල ලෙස අභියෝගයට ලක්වූයේ මෙම මැතිවරණයේදීය. 

එල්.ටී.ටී.ඊ. සංවිධානය නියෝජනය කරන දේශපාලන හා සිවිල් සංවිධාන හා මුස්ලිම් ව්‍යාප්තාවාදය හා වහාබ්වාදය නියෝජනය කරන දේශපාලන හා සිවිල් සංවිධාන (Umbrella Organizations)  තම උපරිම ශක්තිය, බලය, යොදා වුවද, එමගින් තම අරමුණ ඉටු කරගන්නට නොහැකි විය.

එම පසුබිම යටතේ, තම නියම ස්වරූපය එනම් ජාතිවාදය හා ආගම් වාදය, සාමකාමී මැතිවරණයකින් පරාජයට පත්වීම, විග‍්‍රහ කිරීමට ඉදිරිපත්ව ඇත්තේ ‘‘දෙමළ කථා කරන’’ අති බහුතරය, කොළඹ උපන් සිංහල බෞද්ධ සජිත් පේ‍්‍රමදාසට  ඡන්දය දුන් බවත් ඒ මගින් තමන් ‘‘ජාතිවාදි හෝ ආගම් වාදි’’ නොව බව හුවා දැක්විමට පටන්ගෙන ඇත.

මෙම ප‍්‍රකාශය මොවුන් කරන්නේ, පරාජයාට පිළිතුරක් සොයන ඇටුවම් බැහැපු ‘‘නව ලිබරල්වාදීන්’’ හා ජාතන්තරය ලෙසට හඳුන්වන බටහිර රාජ්‍යයන්ට හා ඔවුන්ගේ විවිධ ස්වරූප නියෝජිතයන්ට තුරුම්පුවක්ලෙසට යොදා ගැනිමටය.

සජිත්ඇත්ත වශයෙන් එල්.ටී.ටී.ඊ. යේ දේශපාලනයේ හා එම සිවිල් සංවිධාන වල හා මුස්ලිම් ව්‍යාප්තවාදයේ දේශපාලනයේ හා එම සංවිධාන වල නිල ‘‘නියෝජිතයා’’ විය.

ඇත්ත වශයෙන් සජිත් මොවුන්ගේ ‘‘ට්‍රෝජන්’’ අශ්වයා විය.

සිංහල ජාතිය පරාජය කිරීමට, යූ.එන්.පි. යට ඡන්දය දෙනු යන සටන් පාඨය දෙමළ බස කථා කරන ජනයා අතර, ජනගත කළේ 2015 ජනාධිපතිවරණයේ දි සිරිසේන - රනිල් යුගලයේ ජයග‍්‍රහණය සමගය.

එය පාර්ලිමේන්තුවේ දිත් ඉන් පිටතදීත් පැහැදිළි ව ප‍්‍රකාශ කර සිටියේ  ඕනැම පසුබිමක් තුළ රනිල් ආරක්ෂා කිරීමත් සිරිසේනට පහර දීමත් කොන්දේසි විරහිතව පෙනී සිටීමින්ය.

මහා බැංකු මංකොල්ලයේදීත්, රනිල්ව අගමැති කමින් ඉවත් කිරීමේදීත්, සහරාන් ප‍්‍රහාරයේදීත් ඒ බව ඔප්පු කළේ එළිපිටම පැමිණිමෙන්ය.

Tuesday, November 26, 2019

කල් ඉකුත් වී ඇත............



මෙම මස 21 වන දින කොමිෂම ඉදිරියේ පෙනීසිටින ලෙසට සිරිල් ජයරත්න මහතාට ලියාපදිංචි තැපෑලෙන් එවන ලද ලිපිය ඔහු අතට පත්වන්නේ 23 වන දිනය.

2019 නොවැම්බර් 11 දාතම යොදා අත්සන් කර තිබෙන එම කැඳවීම් ලිපිය, මානව හිමිකම් කොමිෂම, හැව්ලොක් ටවුම තැපැල් කාර්යාලයට බාර දී ඇත්තේ 2019 නොවැම්බර් 21 යි.

තැපැල් දෙපාර්තමේන්තුව එම ලිපිය, සිරිල් ජයරත්න මහතාට 23 වන දින බාරදී තිබින.

ජාත්‍යන්තරයට ආවාඞීමට අතිදක්ෂ සභාපතිනිය ඇතු`ඵ කොමසාරිස්වරු, රටවැසියන් ට සලකන හැටි පෙන්නුම්කරන ඉතා හොඳ නිදසුනකි.

2013 වසරේදී සිරිල් ජයරත්න මහතා කරන ලද පැමිණිල්ලට මෙම කැඳවීම සිදුකර තිබින.


Monday, November 25, 2019

පොලිස් බිරිඳක්ව කූඩුවට දමන්න හදයි, වැසිකිලි වලක අර්බුදයකට.


පනස් තුන් හැවිරිදි ඇය පොලිස් නිලධාරියෙකුගේ බිරිඳක්. එපමණක් නොවේ ඇගේ පුතා විශේෂ කාර්ය බලකායේ.

ඇය සිය පවුල සමග පදිංචිව සිටින්නේ, පොලිස් නිල නිවසා වල.

යාබද නිවසේ සිටින පොලිස් සැරයන් රියදුරු, තමන්ව සහ පවුලේ උදවිය නිරන්තරයෙන් පීඩාවට පත්කරන බව ඇය චෝදනා කරයි. 

මැතිවරණ දිනයට පෙරදා, මෙම පො.සැ.රියදුරු, සිය නිවසට අයත් වැසිකිලි වලේ එකතු වූ සියල්ල, තම නිවසේ ජනේලය අසල වලක් කපා දැමීමට වූ සූදානමට එරෙහිව ඇය, පොලීසියට ගියේ එමගින් හෝ සාධාරණයක් ඉටු කර ගැනීමටය.

නමුත් ඇයට සිදුවූයේ ස්ථානාධිපති වරයාගෙන් බැනුම් අහන්නටය. නින්දා අපහසයන් වල  ගොදුරක් බවට පත්විමටය. එපමණක් නොවේ ඇය සිර කූඩුවට දමන බවටද තර්ජනය කරනු ලැබීය.

ඇය ප‍්‍රදේශයේ ඉහළ පොලිස් නිලධාරීන්ට පැමිණිලි කළද වැඩක් නොවීය. 

ඇය සිය දුක්ගැනවිල්ල මානව හිමිකම් කොමිෂමට පැමිණිල්ලක් වශයෙන් ඉදිරිපත් කර ඇත. සිද්ධිය වාර්තා වන්නේ ක`ඵතර උතුරෙනි.

පොලිස් රියදුරන්ට තියෙන බලය, මේ පොලිස් බිරිඳට වැටහුනේ එම අවස්ථාවේදීය.

අපිට මෙහෙම නම්, පොලීසියට එන සාමාණය්‍ය ගෑණුන්ට වෙන්නේ මොකද? ඇය ප‍්‍රශ්න කරයි. 

  

Thursday, November 14, 2019

ජ.නි සාලිය පිරිස් පොලිස් වධකයින් බේරන්න ගත්ත උත්සහය වරදි





නාගොල්ලාගම, කාංචන හේමන්ත මහතාගේ මූලික අයිතිවාසිකම්, මහව පොලීසිය උල්ලංඝණය කර ඇති බවට, තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් දෙලක්ෂ පනස්දාහක වන්දියක් පොලිස්කාරයින්ට හා රජය ඔහුට ගෙවිය යුතු බවට නියම කරනු ලැබීය.

මෙම මස 13 වන දින ලබා දෙන ලද මෙම නඩු තීන්දුව යළිත් වරක් තහවුරු කරනු ලබන්නේ, පොලිස් වධ හිංසාව මූලික කරගත් නීති විරෝධී ක‍්‍රියාවන් ආයතනගතව තිබීමත්, එය වැළැක්වමට කිසිම ආණ්ඩුවකට අවශ්‍ය නැති බවත්ය.

මෙම නඩුවේ ප‍්‍රධාන වගඋත්තරකරුවන් ලෙසට නම් කර තිබූ, පොලිස් කාරයින් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටියේ සිවිල් සමාජ ක‍්‍රියාකාරියෙකු මෙන්ම, මෑතක් වනතුරු මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරයකු ලෙස කටයුතු කළ, දැනට අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ සභාපති ලෙසට කටයුතු කරන ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ය.

පොලිස් වධ හිංසාවට පාත‍්‍ර වූ කාංචන හේමන්ත මහතා වෙනුවෙන් පෙනී සිටින්යේ නීතිඥ සේනක ද සේරම් මහතා.

කාංචන හේමන්ත මයා, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේ, 2012 ජුනි 28 වන දින මහව පොලීසියේ අබේසිංහ හා ධර්මපාල යන නිලධාරීන් ප‍්‍රමුඛ හතර දෙනෙක් තමා අත්අඩංගුවට ගෙන මහව පොලීසියේ පිටුපස කාමරයකට ගෙන ගොස්, අත් පිටුපසට කර බැඳ, එල්ලා පොලූවලින් පහර දුන් බව හා මේ ආකාරයට වධ දී මෙන් පසුව, කාමරයක ඇඳකට තබා මාංචු දමා තිබූ බවත් පසු දින එනම් 2012 ජුනි 29 දින, බලහත්කාරයෙන් ප‍්‍රකාශයකට අත්සන් ගෙන මහව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ බවය.

මහේස්ත‍්‍රාත් අධිකරණය ඔහුව අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කරන ලෙසට නියෝග කර පෙරෙට්ටුවට ඉදිරිපත් කරවීම සඳහා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

එ් අනුව ඔහුව 2012 ජූලි 3 දින, කුරුණෑගල අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර, එහිදී ඔහුට වධ හිංසා පමුණුවා ඇති බවට තහවුරු කර තිබින.

ඔහු 2012 ජූලි 11 ඇප ලබාගැනීමෙන් පසුව, නැවත රෝහල්ගතව ප‍්‍රතිකාර ලබා ගැනීමට ඔහුට සිදුව තිබින.

මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේ මහව පොලීසියෙන් මොහුට වධ දුන්න අබේසිංහ හා ධර්මපාල යන පොලිස් කාරයින් දෙන්නා වෙනුවෙන් පෙනී සිටි, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් උත්සාහ ගත්තේ පොලීසිය චිරාත් කාලයක් තිස්සේ සිදුකරන, එනම් පර්යන්ත රෝහලක සේවය කරන වෛද්‍යවරයෙකුගෙන් ලබා ගන්නා අධිකරණ වෛද්‍ය පෝරමය උපයෝගී කරගෙන වධකයින් බේරා ගැනීමටය.

පොලීසිය ලබාගෙන තිබු මහව දිසා රෝහලේ වෛද්‍යවරයෙකුගෙන් ලබාගත් අධිකරණ වෛද්‍ය පෝරමයට අනුව කිසිදු තුවාලයක් තිබී නැත.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඉදිරිපත් කළ මෙම අධිකරණ වෛද්‍ය පෝරමය ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රතික්ෂේප කළේ එහි ව්‍යාජත්වය පැහැදිළි කරමින්ය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර තිබෙන මූලික අයිතිවාසිකම් හතරක් එනම්,

11 - වධ හිංසාවෙන් නිදහස්වීමේ අයිතිය අහිමි කිරීම.
12(1) - සර්ව සාධාරණත්වයේ අයිතිය අහිමි කිරීම.
13(1) - නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට මිස කිසිම කෙනෙකු සිර භාරයට ගැනීම නොකළ යුතු බව හා හේතුව දැන්විය යුතු බවට වන අයිතිවාසිකම අහිම කිරීම.
13(2) - අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම මගින් නිදහස අහිම කිරීම.

මහව පොලීසියේ අබේසිංහ හා ධර්මපාල උල්ලංඝණය කර ඇති බවය.

එයට අමතරව, මහව පොලීසියේ ස්ථානාධිපති චන්න අබේසිංහ සහ එහි අපරාධ අංශයේ කාර්ය බාර නිලධාරී අයි. රත්නායක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඉහත ස`දහන් 12(1),13(1) හා 13(2) මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවද තීරණය කර තිබේ.

මෙම නඩු තීන්දුවෙන් යළිත් අවධාරණය කරන්නේ, පොලිස් නීති විරෝධී ක‍්‍රියා හා වධ හිංසා නොවෙනස්ව පවතින බවය.

මෙම තීන්දුවෙන් මහව පොලීසියේ, අබේසිංහ හා ධර්මපාල යන දෙදෙනා, රු: 50,000/- බැගින්ද, චන්න අබේරත්න හා අයි. රත්නායක රු: 25,000/- බැගින්ද, රජය (පොලිස්පති) රු: 100,000/- ක් වශයෙන්, රු: 250,000/- ක, වන්දියක් කාංචන හේමන්ත මයා ට ගෙවිය යුතු ය. වන්දි වශයෙන් රජය වෙනුවෙන් පොලිස්පති රු: 100,000/- ගෙවන්නේ, මහජන මුදලින්ය.

එම නිසා, රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන ලද මේ පොලිස්කාරයින් සිව් දෙනාට එරෙහිව වධ හිංසා වැළැක්වීමේ පනත යටතේ නඩු පවරා විනය පියවර ගත යුතුයි.

එය සාර්ථක කර ගැනීම ජනතාවගේ වගකීමය.

සම්පූර්ණ නඩු තීන්දුව කියවන්න. 
Link:- http://www.janasansadaya.org/page.php?id=654&lang=en

2012 වසරේ පවරන ලද මෙම නඩුව, 2019 මැයි 22 වන දින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජ.නි. ප‍්‍රියන්ත ජයවර්ධන, පී. පද්මන් සූරසේන හා ජ.නි. එස්. තුරෙයිරාජා ඉදිරියේ විභාගයට ගන්නා ලදි. පෙර සඟන් කළ පරිදි 2019.11.13 තීන්දුව ප‍්‍රකාශයට පත් කරනු ලැබීය.



Wednesday, November 13, 2019

රජීව් ගාන්ධි ඝාතනයේ වරදකරුවකු වූ පෙරලිවන්ට, මසක නිවාඩුවක් ලබාදීමට තමිල්නාඩු ප‍්‍රාන්ත ආණ්ඩුව පියවර ගෙන ඇත.



රජීව් ගාන්ධි ඝාතනයේ වරදකරුවකු වූ පෙරලිවන්ට, මසක නිවාඩුවක් ලබාදීමට
තමිල්නාඩු ප‍්‍රාන්ත ආණ්ඩුව පියවර ගෙන ඇත.

රජීව් ගාන්ධි ඝාතනයට සිර දඬුවම් විඳින පෙරලිවන්ට මසක නිවාඩුවක් ලබාදීමට තමිල්නාඩු ප‍්‍රාන්ත ආණ්ඩුව තීරණය කර ඇත.

1991 සිට වසර 21 ක් පුරා සිරබත් කන පෙරලිවන්ට, මසක නිවාඩුවක් ලබා දීමට තීරණය කර ඇත්තේ, අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන ඔහුගේ පියා බැලීම සඳහාය.

මේ අතර, රජීව් ගාන්ධි ඝාතනයට සිර දඬුවම් විඳින නලිනි ගේ සැමියා වන මුරුගන්, උපවාසයක් ආරම්භ කර ඇත.

එ් ඔහුව හුදකලාව සිරකර තැබීමට එරෙහිවය.




එල්ලූම් ගසට නියම වූ පන්ජාබ් මහ ඇමති ඝාතකයාට සමාව




එල්ලූම් ගසට නියම වූ පන්ජාබ් මහ ඇමති
ඝාතකයාට සමාව

1995 වසරේදී පන්ජාබ් මහ ඇමති බෙනට් සිං ඇතු`ඵ 16 දෙනෙකුට මරු කැඳවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය සිදු කළ ත‍්‍රස්තවාදියාගේ හවුල්කරු වූ බල්වන්ට් සිං ට, ඉන්දීය අධිකරණය මරණ දණ්ඩනය නියම කළේ 2017 වසරේදීය.

2012 දී ඔහුව එල්ලා මැරීමට නියමිත වුවද, ඉන්දීය මධ්‍යම රජය එය අත්හිටවන ලදි.

ෂික් ආගත් නිර්මාතෘ ගුරු නාහක දේව්ගේ 550 වන උපන්දින සමරුව වෙනුවෙන් මොහුට පනවන ලද මරණ දඬුවම ජීවිතාන්ත සිර දඬුවමක් බවට පත් කරන ලදි.

මෙම තීරණය ඉන්දීය කොන්ග‍්‍රස් පක්ෂය දැඩි ලෙස විරුද්ධ වුවත් අකාලිඩාල් පක්ෂයේ පැසසුමට හේතු වී ඇත.

 

Monday, November 11, 2019

වහාම දරුවාව අදාළ ශ්‍රේණියට ඇතුල් කරනු. ධර්මාශොක්යේ විදුහල්පතිට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි.


වහාම දරුවාව අදාළ ශ්‍රේණියට ඇතුල් කරනු. ධර්මාශොක්යේ 
විදුහල්පතිට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි. 
”විදුහල්පතියා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළේ අධ්‍යාපන ඇමතියාගේ ආශිර්වාදයෙන්”

අම්බලන්ගොඩ, සබීතා ද සිල්වා ග‍්‍රාම නිලධාරිනියක්. ඇයව, අහුංගල්ල ග‍්‍රාම නිලධාරී වසමේ සිට කන්දෙගොඩ ග‍්‍රාම නිලධාරී වසමට සේවා අවශ්‍යතාවය මත මාරු කරනු ලැබීය. එ් අනුව ඇය, තම පදිංචියද මාරු කරනු ලැබීය. 

නව සේවස්ථානය හා පදිංචිය මුල් කරගෙන, ඇය තම දරුවාව අම්බල්නගොඩ ධර්මාශෝක විද්‍යාලයට ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පතක් ඉදිරිපත් කළේය.

එ1918 වසර සඳහාය. ඇය සිය අයදුම්පත ඉදිරිපත් කළේ පළමු වසර සඳහා වන ස්ථාන මාරු ලැබූ, රාජ්‍ය සේවකයන්ට හිමි 4% තේමාව යටතේය.

එම ඉල්ලූම්පත, ධර්මශෝක විදුහල්පති කේසර වෙත්තමුනි විසින් ප‍්‍රතික්ෂේප කළේ චක‍්‍රලේඛයට පටහැනි බවට ප‍්‍රකාශ කරමින්ය. 

ඇය එම තීරණය ප‍්‍රතික්ෂේප කර, පළමු වසරට ළමුන් ඇතුළත් කර ගැනීම සඳහා පිහිටුවා තිබූ අභියාචන මණ්ඩලය ඉදරියට ගියේය. නමුත් විදුහල්පති නියමටයට පිටින් යන්නට ඔවුන්ට ද නොහැකි විය. 

ඉන්පසු ඇය සුපුරුදු පරිදි, ධර්මාශෝක විද්‍යාලය ජාතික පාසලක් නිසා, ජාතික පාසල් අධ්‍යක්ෂකටද ඉන් අනතුරුව අධ්‍යාපන ඇමති, අකිල විරාජ් ළඟට ද ගොස්, තම අවනඩුව කියා සිටියේය. එ් සියල්ල හොරාගේ අම්මා ළඟට හා වාහේ ළඟට යෑම හා සමාන විය.

මානව හිමිකම් කොමිෂමට වැදගත් වන්නේ ජිනීවා යන ප‍්‍රශ්න නිසාත්, එ්වාට මුක්කු ගැහීම තුළ පමණක් අනාගතයේ ජාත්‍යන්තරයේ පිහිට ලැබෙන ප‍්‍රශ්න නිසා බව, අවබෝධයක් තිබූ නිසා මානව හිමිකම් කොමිෂම ගැන සඳහනක් වන්නේ නැත.

ධර්මාශෝක විදුහල්පති අධ්‍යාපන ඇමති ප‍්‍රමුඛ අධ්‍යාපන නිලධාරීන් එකතුව, තම දරුවාව පළමු ශ්‍රේණියට සුදුසුකම් තිබියදීත්, ඇතුළත් නොකිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් කරුණු දක්වා සිටියේය. එ් මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින්ය.

2018 දී ගොනුකළ සබීතා ද සිල්වා ග‍්‍රාම නිලධාරිණියගේ මූලික අයිතිවාසිකම් පෙත්සම 2019.07.25 දින විභාගයට ගන්නා ලදි.

විනිසුරු ජනාධිපති නීතිඥ එස්. තුරෙයිරාජා හා විනිසුරු ඊ.එ්.පී.ආර්.අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ඉදිරියේදී විභාග වූ මෙම නඩුවේ තීන්දුව 2019.11.07 වන දින ප‍්‍රකාශයට පත් කරන ලදි.

තීන්දුව ප‍්‍රකාශයට පත් කරන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත කේ. මලල්ගොඩ විනිසුරු විසින්ය.
මෙම තීන්දුවෙන් නොපමාව සබීතා ද සිල්වා ග‍්‍රාම නිලධාරිණියගේ පුතනුවන් අදාළ වසරට වහාම ඇතුළත් කරගන්නා ලෙසට විදුහල්පතිවරයාට නියෝග කළේය.

මේ දෙමස තුළදී, පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම අදාළව දෙන ලද දෙවන තීන්දුවයි.

විශේෂයෙන් ජාතික පාසල් පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේදී සිදුකරන දුෂණ අනන්තය, අප‍්‍රමාණය.

එ සියලූ දුෂණයන්ට අධ්‍යාපන ඇමතියා ප‍්‍රමුඛ අධ්‍යාපන අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන් සෘජුව හා වක‍්‍රව සම්බන්ධය.

ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට හැක්කේ මුදල් තිබෙන එවුන්ට පමණි. මූලික අයිතිවාසිකම් නඩු කීමට ලක්ෂ ගණන් මුදල් වැය කළ යුතුය.

එ් සා මුදලක් වැය කරන්නට බැරි දෙමාපියන් සිදුකරන්නේ, මිනිසුන් රැුවටීම සඳහා පිහිටුවා ඇති දුෂිත ක‍්‍රමයේ, අභියාචන මණ්ඩල, ඇමති හා ජනාධිපතිට පොන්නයින්, තැරැුව්කාරයන් සමග හෙම්බත්වනකන් පස්සෙන් යෑමය.

මූලික අයිතීන් ආරක්ෂා කිරීම සඳහා පිහිටුවා ඇති මානව හිමිකම් කොමිෂම ස්වාධීන බවට පොතේ ලියා ඇත. පත්වූ කොමසාරිස්වරුන් වැඩ කරන්නේ මේ රටේ තැලෙන පෑගෙන ජනයාට නොව උන්ගේ අනාගත සෞභාග්‍ය සඳහාය. උන්ගේ හිමිකම් රැුකී ඇත.

නීතියට අනුව දරුවන් ඇතුළත් කර නොගෙන, මූලික අයිතීන් උල්ලංඝණය කරන ලද බවට රටේ උත්තරීතර අධිකරණය දී තීන්දු කර තිබෙන විදුහල්පතියන්ට එරෙහිව, අධ්‍යාපන ඇමතියා ගත් පියවර කුමක්ද?

ජනාධිපති කාර්යාලය පැය 24 න් අරින බව කියන එවුන්ට මානව හිමිකම් කොමිෂමේ හදිසි ඇමතුම් අංකයෙන් හරියටම ජනතාවට සේවයක් වන පරිදි ක‍්‍රියාත්මක කරවන බවට කියන්නවත් බැරි ඇයි?

නඩු තීන්දුව

IN THE SUPREME COURT OF THE
DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA
In the matter of an application in terms of Article 126 read with Article 17 of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka.
S C (F R) Application No. 140/ 2019
1. Khalique Jauffer,
2. Mohamed Shaheem Khalique Jauffer,
(Minor)
Both of 562/16 (also referred to as 562/16 B),
Lower Bagatalle Road,
Colombo 03.
PETITIONERS
-Vs-
1. B A Abeyrathna,
Principal,
Royal College,
Colombo 07.
2. Thushantha Amaratunga,
3. Uditha Malalasekara,
4. D K Wickramasinghe,
5. Lalith Ganewatte,
1st to 5th Respondents are all members of the Interview Board (on admission of children to Grade 1 - year 2019),
C/O Royal College,
Colombo 07.
6. Sanjeewa Tharanga Leelarathne,
7. D S P Kalubowila,
8. L M D Dharmasena,
9. Y I Liyanage,
10. Dilani Suriyarachchi
6th to 10th Respondents are all members of the Appeal and Objection Investigation Board (on admission of children to Grade 1 - year 2019),
C/O Royal College,
Colombo 07.
11. Jayantha Wickremanayake
Director, National Schools,
Ministry of Education,
Isurupaya,
Battaramulla.
12. Padmasiri Jayamanne
Secretary to the Ministry of Education,
Ministry of Education,
Isurupaya,
Battaramulla.
13. Akila Viraj Kariyawasam,
Minister of Education,
Ministry of Education,
Isurupaya,
Battaramulla.
14. Hon. Attorney General,
Attorney General’s Department,
Hulftsdorp,
Colombo 12.
RESPONDENTS
Before: Buwaneka Aluwihare PC J
P. Padman Surasena J
E. A. G. R. Amarasekara J
Counsel: Viran Corea with Sarita de Fonseka and Thilini Widanagamage for the Petitioners.
Rajiv Goonetillake SSC for the Attorney General.
Argued on : 23 - 10 - 2019
Decided on: 01 - 11 - 2019

P Padman Surasena J
The 1st Petitioner is the father of the 2nd Petitioner who is a minor and whose admission to Grade 1 of Royal College Colombo, was sought by an application1 made by the 1st Petitioner to the said school. Upon the 2nd Petitioner becoming unsuccessful in securing the admission to the said school, the 1st Petitioner has appealed to the Appeals Panel appointed by the School authorities. The Petitioners have not been successful at the said appeal too.
At the outset, this Court needs to bear in mind that the process of selection of children to Public schools is conducted in accordance with the provisions of the circular dated 31st May 2018 produced marked P 2 by the Petitioners. The 1st Respondent also has produced the said circular marked R 1. The said process envisaged by the said circular is a competitive process. According to clause 6.0 of this circular, a specified percentage of children are admitted to Grade 1 in public schools in each year, from each of the six categories set out below.
I. 50% of children of residents in close proximity to the school,
II. 25% of children of parents who are Past Pupils of the school,
III. 15% of children who are brothers/sisters of students already studying in the school,
IV. 05% of children of parents who are employed in an institution engaged in work directly related to public school education under the Ministry of Education,
V. 04% of children of parents of Government institutions/corporations/Statutory Boards/State Banks, who are
1 The application submitted by the 1st Petitioner has been produced by the 1st Respondent annexed to his affidavit marked R 2.
transferred on the exigencies of Government service or on annual transfer schemes,
VI. 01% of children of parents returning to the country after been abroad for some time.
As the process of admission of children to Grade 1 in public schools is a competitive one, the circular has devised a marking system2 relating to each of the above categories. The school authorities, after evaluation according to the marking scheme, prepares a list placing all the applicants according to the marks they have scored. It is thereafter that the school authorities decide on a cut-off mark and admit only the children who are placed above the said cut-off mark.
In the instant case, the 1st Petitioner (father) had sought admission of his son (the 2nd Petitioner) under the category of applicants who reside in close proximity to the school. It would be convenient as requested by the learned counsel for the Petitioners, to turn at this stage to some of the averments in the affidavit dated 20th September 2019, filed by the 1st Respondent who is the Principal of the school relevant to this application. Paragraph 11 and 12 are reproduced below for convenience.
Paragraph 11
“In terms of proximity, marks were deducted for two schools more proximate to the Petitioner than Royal College; (i) Mahanama College and (ii) Thurstan College Colombo. Thus the Petitioner was awarded 32 marks for proximity.”
Paragraph 12
2 Clauses 6.1 to 6.6 of P 2 (also marked R 1 by the 1st Respondent).
“In total, the Petitioners’ school admission application was awarded 55.2 marks. The cut off mark was 57.15 marks and hence the 2nd Petitioner was not selected for admission to Grade 1, Royal College.”
This Court can observe that the marking scheme embodied in this circular is designed to pave the way for the parents to admit their children to the Public school closest to their residence more conveniently than to the others. However, if a parent wishes to admit the child to a school of his or her choice which is not the public school closest to his residence, then he will lose four marks each in respect of each of the other public school situated closer to the residence of such parent than the school of his or her choice. 3
According to paragraph 11 of the affidavit filed by the 1st Respondent the Petitioners’ marks have been deducted in respect of two schools namely;
(i) Mahanama College and
(ii) Thurstan College Colombo.
This was on the basis that the said two schools are situated closer to the Petitioners’ residence than Royal College. It is in this manner that the school authorities have calculated and awarded 32 marks to the Petitioners for the close proximity of their residence to Royal College.
However, as has been pointed out by the learned counsel for the Petitioners, clause 7.2.4 of the circular marked P 2,4 has specified the criteria to be adopted when making a decision to deduct marks for the presence of other public schools situated closer to the residence of the applicant than the school of such applicant’s choice. (i.e. the school, such applicant has applied for). It is important to note that the said clause 7.2.4 does not authorize
3 Clause 7.2.4 of P 2 (R 1)
4 (Also marked R 2 by the 1st Respondent).
deduction of marks for the mere presence of other Public schools closer to the residence of the applicant than the school of such applicant’s choice.
Accordingly, marks must be deducted only in respect of any public school to which the child of such applicant could be admitted as per the criteria set out in the said clause. In the instant case, marks can be deducted only in respect of any public school to which the 2nd Petitioner could be admitted as per the criteria set out in the said clause (clause7.2.4).
This Court bearing in mind, the provisions in clause7.2.4 must now consider whether the deduction of four marks when evaluating the Petitioners’ application by the school authorities for the presence of Mahanama College in closer proximity to the Petitioners’ residence than Royal College.
As has been pointed out by the learned counsel for the Petitioners, letter dated 02nd August 2018 produced by the Petitioner marked P 27 (a) has confirmed that Mahanama College admits only the Buddhist children. According to the said letter, that is the reason given by Mahanama College for the rejection of the Petitioners’ application for that school. Thus, it is clear that Mahanama College would not have admitted the 2nd Petitioner to Grade 1 of that school under any circumstance due to the sole reason that the Petitioners are not Buddhists. Therefore, it is clear that the deduction of four marks from the marks of the Petitioners for the presence of Mahanama College in closer proximity to the Petitioners’ residence than Royal College is unlawful. This is because Mahanama College cannot be considered in terms of clause 7.2.4 of the circular, as a school falling under the category of schools specified in that clause for the purpose of deducting such marks.
It was the position of the learned counsel for the Petitioners that he is able to advance several arguments to show that there are several instances where School authorities have unlawfully deprived the Petitioners marks which should have been otherwise lawfully awarded to them. However, in view of the fact that it is less than two more marks which the Petitioners need, to secure the admission of the 2nd Petitioner to Royal College, the learned counsel for the Petitioners informed Court at the very commencement of the argument, that he would be content if the Court upholds his argument that the school authorities should not have deducted four marks in respect of Mahanama College on the basis that Mahanama College is situated in closer proximity to the residence of the Petitioners than Royal College and held that Mahanama College is a school falling under the category of schools specified in clause 7.2.4 of the circular for the purpose of the application of the Petitioners.
As the deduction of four marks from the marks of the Petitioners for the presence of Mahanama College in closer proximity to the Petitioners’ residence than Royal College is unlawful, the total of the marks scored by the Petitioners in respect of their application should have been 59.2 marks. This is well above the cut-off mark of 57.15 marks. This means that the school authorities are obliged to admit the 2nd Petitioner to Royal College Colombo 07.
Although the Petitioners have advanced strong arguments to establish that they are in fact residing in the address No. 562/16 and that the premises bearing No. 562/16 and the premises referred to as 562/16 B are one and the same and that the Petitioners have used both numbers inter-changeably, it would be unnecessary for this Court to make any pronouncement in that regard as this Court is able to grant the relief prayed for by the Petitioners in the instant application only upon the above conclusion.
This Court on 30-05-2019 having heard the submissions of the learned counsel for the Petitioners and the submissions of the learned Senior State Counsel who appeared for the Respondents, had decided to grant leave to proceed in respect of the alleged violations of Article 12(1) of the Constitution.
Article 12(1) of the Constitution reads as follows;
“All persons are equal before the law and are entitled to the equal protection of the law”.
The above facts demonstrate that the school authorities have failed to apply the law in its correct perspective in respect of the application of the 1st Petitioner seeking to admit his son (the 2nd Petitioner) to Royal College Colombo 07. The respondent school authorities are obliged to adopt the same method, the same marking system and the same yardsticks set out in the circular marked P 2, to evaluate the application of the Petitioners also when they select students to the classes of that school in Grade 1.
In these circumstances and for the foregoing reasons, this Court holds that the Petitioners’ fundamental rights guaranteed under Article 12(1) of the Constitution have been infringed. Therefore, the Petitioners are entitled to the declaration they have prayed from this Court.
Hence, this Court decides to;
I. declare that the failure of the 1st to 10th Respondents to admit the 2nd Petitioner to Grade 1 of Royal College Colombo 07 has infringed the fundamental rights of the Petitioners guaranteed under Article 12(1) of the Constitution;
II. direct the 1st to 10th Respondents to admit the 2nd Petitioner to Grade 1 of Royal College Colombo 07 on the basis that they have scored more marks than the cut-off mark as pointed out above.
In all the circumstances of this case, this Court decides to award neither compensation no costs.

JUDGE OF THE SUPREME COURT
Buwaneka Aluwihare PC J
I agree,
JUDGE OF THE SUPREME COURT
E. A. G. R. Amarasekara J
I agree,

JUDGE OF THE SUPREME COURT
    

Sunday, November 10, 2019

වෙඩි තැබීමකට යැයි කියා අල්ලාගෙන කුඩු දමා DO ගහලා වධ දෙනවා.




වෙඩි තැබීමකට යැයි කියා අල්ලාගෙන කුඩු දමා DO ගහලා වධ දෙනවා.

මෙම ප‍්‍රකාශය කරන්නේ, පොහොද්දරමුල්ලේ 86 හැවිරිදි බේඩින් සිල්වා, තම 18 හැවිරිදි මුණුබුරා පිළිබඳව කරන ලද පැමිණිල්ලක් මගින්ය.

දින කිහිපයකට පෙර ප‍්‍රදේශයේ වෙඩි තැබිමක් සිදුව ඇත. එම වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලීසිය කිහිප වතාවක්, බේඩින් සිල්වාගේ නිවසට පැමිණ මුණුබුරා ගැන විපරම් කර ගොස් තිබේ. 

මෙම පසුබිම යටතේ මුණුබුරාව පොලීසියට බාර දීමට කි‍්‍රියා කළේය.

ඒ නීතිඥවරයකු මගින්ය. නමුත් හැමවිටම පොලීසිය කියා සිටියේ මුණුබුරාව පොලීසියට අවශ්‍ය නැති බවයි.

කරුණු එසේ තිබියදී, පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ පවත්වාගෙන යන යුනිට් එක, මුණුපුරාව අත්අඩංගුවට ගෙන වධ දීමට පටන්ගෙන තිබේ.

බේඩින් සිල්වා තම මුණුබුරාට, වධ දීම නවත්වන ලෙසට හා වධ දීමෙන් දැඩි ලෙස තුවාල වී තිබෙන ඔහුට ප‍්‍රතිකාර ලබාදෙන ලෙසට වගකිව යුත්තන් වන මානව හිමිකම් කොමිෂන් සභාවෙන් හා  පොලිස්පති ගෙන් ලිඛිත පැමිණිල්ලක් මලින් ඉල්ලා සිටි  සිටී.

එම පැමිණිල්ලේ මේ ගැන සඳහන් වේ.

වධ දීම නවත්වන ලෙසට හා මුණුබුරාව වහාම, අධිකරණ වෛද්‍යවරයා ට ඉදිරිපත් කරන ලෙසට කරනු ලබන ඉල්ලීම.

 බේඩින් සිල්වා, අවු: 86 යි, විවාහක, දරුවන් 06 යි, විශ‍්‍රාමික රජයේ සේවක, ලිපිනය:  පොහොද්රමුල්ල, වාද්වදු.

2019.11.08 වන දින දීය.

චමෝද් මනෝහාර, අවු: 18යි, අවිවාහක, පාසල හැර ගොස් ඇත. මාගේ මුණුබුරා වේ. 

2019.11.04 හා 05 වෙනි දිනයන්හිදි පොලීසියෙන් පැමිණ මුණුබුුරාව සොයා ගියා. ඒ හැම අවස්ථාවකම මුණුබුරා ගෙදර හිටියේ නැහැ. 

මේ නිසා මා, නීතිඥ සරත් කරවිට මහතා මගින් මුණුබුරාව වාද්දුව පොලීසියට ඉදිරිපත් කළා. වාද්දුව පොලීසිය මුණුබුරාව අවශ්‍ය නැති බව, සරත් කරවිට නීතිඥ මහතාට පවසා, පුතාව පානදුර දකුණ පොලීසියේ දිසා අපරාධ ඒකයට ගෙන යන ලෙසට කිව්වා.

ඒ අනුව නීතීඥ සරත් කරවිට මයා, මුණුබුරාව පානදුර දකුණ පොලීසියට බාර දුන්නා. එවිට සවස 3.30ට පමණ ඇති.

විනාඩි 10 කින් පමණ, මුණුපුරාව නිදහස් කළා.

ඔහු ගෙදර ඇවිත්, පාරට යනවා කියා ගියා. ඒ අතර අපට ආරංචි වුණා පොලීසියෙන් අත්අඩංගුවට ගත් බව.

වාද්දුව පොලීසියට ගොස් විමසූ විට, මුණුපුරාව පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ යුනිට් එකෙන් ගත්ත බවත් හවසට වාද්දුව පොලීසියට ගේන බවත් පැවසුවා.

වාද්දුව පොලීසියට රාත‍්‍රී 10.00 ට පමණ ගෙනත්, ප්‍රකාශ ගෙන ටික වේලාවක්  තියාගෙන ඉඳලා නැවත ගෙන ගියා.

පසුදින උදේ (7 වන ඉරිදා) 10.00 ට පමණ, පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ යුනිට් එකට ගෙන ගියා. එහිදී මුණුපුරාව, ඔහුගේ මවට හා සොහොයුරියට බලන්න ඉඩ දීලා තිබුණා. නමුත් කථා කරන්න ඉඩ දී තිබුනේ නෑ. මාංචු දාලා ගෙනත් පෙන්වා තිබුණා.

නීතිඥ සරත් කරවිට මහතාට දැනුම් දුන්නා. ඔහු සවස 4.00 පමණ, මුණුබුරාව බලා තිබුණා. නීතිඥ මහතා කිව්වා පුතාට වධ දී ඇති බව. ඔහුගේ පුරුෂ ලිංගයට හානි කර ඇති බව. ගුද මාර්ගයට යම් යම් දේවල් ඇතුල් කර ඇති බව. 

මම උදේ 7.00 ට පමණ, මුණුබුරාව බලන්න වාද්දුව පොලීසියට ගියා. මට බලන්න ඉඩ දුන්නා. මට කථා කරන්න ඉඩ දුන්නා.

මුණුබුරා කිව්වා, මට නැගිටින්න බෑ කියලා. මට දොස්තර කෙනෙකුට පෙන්නන්න කිව්වා. කථා කරන්න බැරිව හිටියා. ඇවිද ගන්න බැරිව හිටියා.

මම දවල් බලන්න වාද්දෙුව පොලීසියට ගිය විට කිව්වා, මුණුපුරාව ආපහු පානදුර පොලිස් අධිකාරී කාර්යාලයට ගෙන ගිය බව කිව්වා..

වාද්දුව පොලීසියෙන් ප‍්‍රකාශ කළා, මුණුබුරාට, කුඩු ග‍්‍රෑම් 2 කට වැඩි ප‍්‍රමාණයක් දාලා රැඳවුම් නියෝග අරගෙන තියෙන බව.

එම නියෝගය අරගෙන තියෙන්නේ, පානදුර මහේස්ත‍්‍රාත් උසාවියෙන්. 2019.11 06 හා 07 දිනයන්හි මානව හිමිකම් කොමිෂමේ හදිස්සි ඇමතුම් අංකය වන 1996 ට කථා කර කිව්වා.

මා ඉල්ලා සිටින්නේ, දින 07 ක රැඳවුම් නියෝගයක් මත, වාද්දු පොලීසියට බාර දී ඇති මුණුබුරාව ප‍්‍රශ්න කරන්නේ, පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ යුනිට් එකෙන් බවත්, එහිදී වධ දීම සිදුකරන හෙයින් නොපමාව, මැදිහත්ව, වධ දීම නවත්වන ලෙසටද, 

මුණුබුරාව වහාම, අධිකරණ වෛද්‍යවරයා ට ඉදිරිපත් කරන ලෙසට හා විමර්ශන නිලධාරියකු ඔහුගෙන් ප‍්‍රකාශ ලබාගැනීමට පියවර ගන්නා ලෙසටය.

මෙයට,

 බේඩින් සිල්වා
  

Saturday, November 9, 2019

අයෝධ්‍යාව හින්දුන්ට හිමි වෙයි.



1992 දෙසැම්බර් 06 වන දින අයෝධ්‍යාවේ, බබ්රි මුස්ලිම් දේවස්ථානය හින්න්දු විසින් බිමට සමතලා කර දමන ලදි.

16 වන සියවසේදී ඉදිකරන ලද මෙම මුස්ලිම් දේවස්ථානය ඉදිකර ඇත්තේ රාමා දෙවියන් උපත ලද ස්ථානයේ බව හින්න්ගේදු විශ්වාසය විය. ආක‍්‍රමණිකයන් විසින් රාමා උපන් මෙම ස්ථානයේ නටඹුන් මත ඔවුන් මෙම මුස්ලිම් දේවස්ථානය ඉදකර ඇති බව හින්න්ගේදු මතය වී තිබිණ.

මෙම ස්ථානයේ අයිතිය පිළිබදව හින්දු හා මුස්ලිම්වරුන් අතර අරගලය උච්ඡස්ථානයට පත්වූයේ 1992 දෙසැම්බර් 06 වන දින මෙම මුස්ලිම් දේවස්ථානය බිමට සමතලා කර දැමීමත් සමගය. භූමියේ අයිතිය පිළිබඳව ඊළඟට ආරම්භ වූ නීතිමය අරගලය 2019.11.09 (අද) දින නිමාවට පත්විය.

ඒ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකණයේ අගවිනිසුරු ප‍්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් 05 දෙනෙකු විසින් දෙන ලද ඒකමතික තීරණයෙන්ය.

16 වන සියවසේ ඉදිකරන ලද මෙම මුස්ලිම් දේවස්ථාන භූමිය තමන්ට අයිති බවට ඔප්පු කිරීමට මුස්ලිම් පාර්ශවයන් අසමත්ව ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය විය.

එම තීන්දුවට අනුව හින්න්ටදු අයිති බවට හා ඉදිරියේදී මෙම භූම්ය රජය යටතට පත්කර එය සංවර්ධනය කිරීමට මණ්ඩලයකට පැවරෙනු ඇත.

මුස්ලිම්වරුන්ට දේවස්ථානයක් ඉදි කිරීමට රජය අක්කර 5 ක භූමි භාගයක් ලබාදිය යුතු බවට ද එම තීන්දුවෙන්ම රජයට නියම කර ඇත.

මෙම තීන්දුව සමග රාම උපන් තැන බවට විශ්වාස කරන අයෝධ්‍යාව හින්දුන්ට හිමිවිය.

මේ වන විට, මෙම තීන්දුව මුස්ලිම් නීතිඥ කණ්ඩායම්වල අප‍්‍රසාදයට ලක්ව ඇති බවත්, ඔවුන් මෙම තීන්දුව නැවත සලකා බැලීම සඳහා කටයුතු කිරීමට සූදානම් වන බවත් වාර්තා වේ.

Thursday, November 7, 2019

මුස්ලිම් දරුවා ව පළමු වසරට ඇතුලත් කරනු,ශ්‍රේෂ්ඨාධිකරණය, රාජකීය විදුහල් පතිට නියෝග කරයි


තම දරුවාව පළමු වසරට, ඇතුළත් කර ගන්නා ලෙසට අයදුම්පතක් කොළඹ 03, බගතලේ පාරේ, කාලික් ජවුෆර්, කොළඹ රාජකීයට ඉදිරිපත් කළේය.

එය රාජකීය විදුහල්පති ප‍්‍රමුඛ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ප‍්‍රතික්ෂේප කළේ ළකුණු 0.95 ක් අඩුය යන පදනම යටතේය. 

ළකුණු දීම වැරදි බව ප‍්‍රකාශ කරමින්, කාලික් ජවුෆර් හා ඔහුගේ පුත් මොහොමඞ් ෂාහිම් කාලික් ජවුෆර්, ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ රාජකීය විදුහල්පති, තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි චෝදනා කරමින්ය.

වාර්තාගත කාලයක් එනම් වසරකටත් අඩු කාලයක් තුළ මෙම මූලික අයිතිවාසිකම් නඩුව විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, රාජකීය විදුහලේ විදුහල්පතිවරයා, ඞී.ඒ. අබේරත්න වරදක් කර ඇති බවට තීරණය කර, වහාම, මොහොමඞ් ෂාහිම් කාලික් ජවුෆර්ව විදුහලේ පළමු වසරට ඇතුළත් කරන ලෙසට නියෝග කළේය.

මෙම නඩු තීන්දුවේ සඳහන් කරුණු සමාජ කථිකාවට වැදගත්වන බව අපගේ නිගමනයයි. 

තීන්දු ප‍්‍රකාශනයේ සඳහන් පරිදි,  

2019 වසරට පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම සඳහා වූ 2018 මැයි 31 දාතමින් යුතු අධ්‍යාපන අමාත්‍යාංශයේ චක‍්‍රලේඛනය ප‍්‍රකාරව,

1. ආසන්නතම පදිංචිකරුවන්ට වෙන්වූ කොටාව 50%
2. ආදි සිසුන්ගේ දරුවන්වෙන්වූ කොටාව  25% 
3. දනටමත් පාසලේ ඉගෙන ගන්නා සිසුන්ගේ සහෝදරයන් වෙන්වූ කොටාව 15%

4. අධ්‍යාපන අමාත්‍යාංශයේ, රජයේ පාසල්වල ඉගැන්වීම් කටයුතු වල දෙමාපියන්ගේ දරුවන්වෙන්වූ කොටාව 05%
5. ස්ථාන මාරු ලැබූ රාජ්‍ය සේවයේ දරුවන් වෙන්වූ කොටාව 04%
6. විදේශ රටවලින් පැමිණි දෙමාපියන්ගේ දරුවන්වෙන්වූ කොටාව 01%

මොහොමඞ් ෂාහිම් කාලික් ජවුෆර්, වැටුනේ පළමු ගණයටය. අසන්නයේ පදිංචිකරුවන්ගේ ගණයටය. ඉල්ලුම් කරන ලද පාසලට වඩා පදිංචියට ආසන්නතම වෙනත් පාසල් තිබේ නම් එක් පාසලකට  හිමි ළකුණු ප‍්‍රමාණයෙන්, ළකුණු 2 බැගින් අඩු කිරීම කළ යුතුය.

ඒ අනුව මොහොමඞ් ෂාහිම් කාලික් ජවුෆර්ට ළකුණු 4 ක් අඩු විය. ඒ නිසාම ඔහුට හිමිවුනේ ළකුණු 55.2 කි. කඩඉම් ළකුණ  57.15 ක් විය.

මොහොමඞ් ෂාහිම් කාලික් ජවුෆර්ට ළකුණු 04 ක් අඩුවූ යේ ඔහු පදිංචි ස්ථානයට ආසන්නව තර්ස්ටන් විද්‍යාලය හා මහානාම විද්‍යාලය පිහිටීමය. නමුත් මහානාම විද්‍යාලයට ඇතුළත් කර ගන්නේ බෞද්ධ සිසුන් පමණක් බව මෙහිදී හෙළිවිය.

ඒ නිසා ඉස්ලාම් භක්තිකයෙකු වූ මොහොමඞ් ෂාහිම් කාලික් ජවුෆර්ට මහානාමයට ඇතුළත් විය නොහැක.

එම නිසා, එම පාසල ඔහුට ආසන්නතම පාසල විය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. එය චක‍්‍රලේඛයෙන් ද පැහැදිළිය.

ඒ අනුව මොහොමඞ් ෂාහිම් කාලික් ජවුෆර් ට හිමිවිය යුතු ළකුණු ප‍්‍රමාණය 57.2 ක් විය යුතු ව තිබින. ඔහුට, කඩඉම් ළකුණට වඩා 0.95 ක වැඩි ළකුණු ප‍්‍රමාණයක් තිබිය යුතු බව නිගමනය විය.

ඒ අනුව මොහොමඞ් ෂාහිම් කාලික් ජවුෆර්ව, පළමු වසරට, ඇතුළත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය රාජකීය විදුහල්පතිට නියෝග කළේය. 

මෙම මූලික අයිතිවාසිකම් නඩුව, 2019 වසරදී පවරන ලද්දක්. 2019.10.23 විභාගයට ගෙන 2019.11.01 තීන්දුව ප‍්‍රකාශයට පත්කරනු ලැබිය.

නඩුව විභාග කළේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු බුවනෙක අලූවිහාරේ, පී.පද්මන් සූරසේන හා ඊ.ඒ.පී.ආර්. අමරසේකර යන විනිසුරු මඩුල්ල ඉදිරියේදීය

පී.පද්මන් සූරසේන ශ්‍රේෂ්ඨාධාකරණ  විනිසුරු ලබාදුන්න තීන්දුවට සෙසු විනිසුරුවන්ගේ අනුමැතිය හිමිවිය.

කාලික් ජවුෆර් හා මොහොමඞ් ෂාහිම් කාලික් ජවුෆර් වෙනුවෙන් සරිටා ද ෆොන්සේකා හා තිලිනි විදානගමගේ යන නීතිඥවරියන්ගේ උපදෙස් මත නීතිඥ විරාන් කොරයා පෙනී සිටින ලදි.

රාජකීය විදුහල්පති බී.ආර්. අබේරත්න ඇතුලූ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියේ, ජේ්‍යෂ්ඨ රජයේ නීතිඥ රජීව ගුණතිලකය. තීන්දුව පහත දැක්වේ.

IN THE SUPREME COURT OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA
In the matter of an application in terms of Article 126 read with Article 17 of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka.
S C (F R) Application No. 140/ 2019
1. Khalique Jauffer,
2. Mohamed Shaheem Khalique Jauffer,
(Minor)
Both of 562/16 (also referred to as 562/16 B),
Lower Bagatalle Road,
Colombo 03.
PETITIONERS
-Vs-
1. B A Abeyrathna,
Principal,
Royal College,
Colombo 07.

2. Thushantha Amaratunga,
3. Uditha Malalasekara,
4. D K Wickramasinghe,
5. Lalith Ganewatte,
1st to 5th Respondents are all members of the Interview Board (on admission of children to Grade 1 - year 2019),
C/O Royal College,
Colombo 07.

6. Sanjeewa Tharanga Leelarathne,
7. D S P Kalubowila,
8. L M D Dharmasena,
9. Y I Liyanage,
10. Dilani Suriyarachchi
6th to 10th Respondents are all members of the Appeal and Objection Investigation Board (on admission of children to Grade 1 - year 2019),
C/O Royal College,
Colombo 07.

11. Jayantha Wickremanayake
Director, National Schools,
Ministry of Education,
Isurupaya,
Battaramulla.

12. Padmasiri Jayamanne
Secretary to the Ministry of Education,
Ministry of Education,
Isurupaya,
Battaramulla.

13. Akila Viraj Kariyawasam,
Minister of Education,
Ministry of Education,
Isurupaya,
Battaramulla.

14. Hon. Attorney General,
Attorney General’s Department,
Hulftsdorp,
Colombo 12.
RESPONDENTS

Before: Buwaneka Aluwihare PC J
P. Padman Surasena J
E. A. G. R. Amarasekara J

Counsel: Viran Corea with Sarita de Fonseka and Thilini Widanagamage for the Petitioners.
Rajiv Goonetillake SSC for the Attorney General.

Argued on : 23 - 10 - 2019
Decided on: 01 - 11 - 2019

P Padman Surasena J
The 1st Petitioner is the father of the 2nd Petitioner who is a minor and whose admission to Grade 1 of Royal College Colombo, was sought by an application1 made by the 1st Petitioner to the said school. Upon the 2nd Petitioner becoming unsuccessful in securing the admission to the said school, the 1st Petitioner has appealed to the Appeals Panel appointed by the School authorities. The Petitioners have not been successful at the said appeal too.
At the outset, this Court needs to bear in mind that the process of selection of children to Public schools is conducted in accordance with the provisions of the circular dated 31st May 2018 produced marked P 2 by the Petitioners. The 1st Respondent also has produced the said circular marked R 1. The said process envisaged by the said circular is a competitive process. According to clause 6.0 of this circular, a specified percentage of children are admitted to Grade 1 in public schools in each year, from each of the six categories set out below.
I. 50% of children of residents in close proximity to the school,
II. 25% of children of parents who are Past Pupils of the school,
III. 15% of children who are brothers/sisters of students already studying in the school,
IV. 05% of children of parents who are employed in an institution engaged in work directly related to public school education under the Ministry of Education,
V. 04% of children of parents of Government institutions/corporations/Statutory Boards/State Banks, who are
1 The application submitted by the 1st Petitioner has been produced by the 1st Respondent annexed to his affidavit marked R 2.
transferred on the exigencies of Government service or on annual transfer schemes,
VI. 01% of children of parents returning to the country after been abroad for some time.
As the process of admission of children to Grade 1 in public schools is a competitive one, the circular has devised a marking system2 relating to each of the above categories. The school authorities, after evaluation according to the marking scheme, prepares a list placing all the applicants according to the marks they have scored. It is thereafter that the school authorities decide on a cut-off mark and admit only the children who are placed above the said cut-off mark.
In the instant case, the 1st Petitioner (father) had sought admission of his son (the 2nd Petitioner) under the category of applicants who reside in close proximity to the school. It would be convenient as requested by the learned counsel for the Petitioners, to turn at this stage to some of the averments in the affidavit dated 20th September 2019, filed by the 1st Respondent who is the Principal of the school relevant to this application. Paragraph 11 and 12 are reproduced below for convenience.
Paragraph 11
“In terms of proximity, marks were deducted for two schools more proximate to the Petitioner than Royal College; (i) Mahanama College and (ii) Thurstan College Colombo. Thus the Petitioner was awarded 32 marks for proximity.”
Paragraph 12
2 Clauses 6.1 to 6.6 of P 2 (also marked R 1 by the 1st Respondent).

“In total, the Petitioners’ school admission application was awarded 55.2 marks. The cut off mark was 57.15 marks and hence the 2nd Petitioner was not selected for admission to Grade 1, Royal College.”
This Court can observe that the marking scheme embodied in this circular is designed to pave the way for the parents to admit their children to the Public school closest to their residence more conveniently than to the others. However, if a parent wishes to admit the child to a school of his or her choice which is not the public school closest to his residence, then he will lose four marks each in respect of each of the other public school situated closer to the residence of such parent than the school of his or her choice. 3
According to paragraph 11 of the affidavit filed by the 1st Respondent the Petitioners’ marks have been deducted in respect of two schools namely;
(i) Mahanama College and
(ii) Thurstan College Colombo.
This was on the basis that the said two schools are situated closer to the Petitioners’ residence than Royal College. It is in this manner that the school authorities have calculated and awarded 32 marks to the Petitioners for the close proximity of their residence to Royal College.
However, as has been pointed out by the learned counsel for the Petitioners, clause 7.2.4 of the circular marked P 2,4 has specified the criteria to be adopted when making a decision to deduct marks for the presence of other public schools situated closer to the residence of the applicant than the school of such applicant’s choice. (i.e. the school, such applicant has applied for). It is important to note that the said clause 7.2.4 does not authorize
3 Clause 7.2.4 of P 2 (R 1)
4 (Also marked R 2 by the 1st Respondent).

deduction of marks for the mere presence of other Public schools closer to the residence of the applicant than the school of such applicant’s choice.

Accordingly, marks must be deducted only in respect of any public school to which the child of such applicant could be admitted as per the criteria set out in the said clause. In the instant case, marks can be deducted only in respect of any public school to which the 2nd Petitioner could be admitted as per the criteria set out in the said clause (clause7.2.4).

This Court bearing in mind, the provisions in clause7.2.4 must now consider whether the deduction of four marks when evaluating the Petitioners’ application by the school authorities for the presence of Mahanama College in closer proximity to the Petitioners’ residence than Royal College.

As has been pointed out by the learned counsel for the Petitioners, letter dated 02nd August 2018 produced by the Petitioner marked P 27 (a) has confirmed that Mahanama College admits only the Buddhist children. According to the said letter, that is the reason given by Mahanama College for the rejection of the Petitioners’ application for that school. Thus, it is clear that Mahanama College would not have admitted the 2nd Petitioner to Grade 1 of that school under any circumstance due to the sole reason that the Petitioners are not Buddhists. Therefore, it is clear that the deduction of four marks from the marks of the Petitioners for the presence of Mahanama College in closer proximity to the Petitioners’ residence than Royal College is unlawful. This is because Mahanama College cannot be considered in terms of clause 7.2.4 of the circular, as a school falling under the category of schools specified in that clause for the purpose of deducting such marks.

It was the position of the learned counsel for the Petitioners that he is able to advance several arguments to show that there are several instances where School authorities have unlawfully deprived the Petitioners marks which should have been otherwise lawfully awarded to them. However, in view of the fact that it is less than two more marks which the Petitioners need, to secure the admission of the 2nd Petitioner to Royal College, the learned counsel for the Petitioners informed Court at the very commencement of the argument, that he would be content if the Court upholds his argument that the school authorities should not have deducted four marks in respect of Mahanama College on the basis that Mahanama College is situated in closer proximity to the residence of the Petitioners than Royal College and held that Mahanama College is a school falling under the category of schools specified in clause 7.2.4 of the circular for the purpose of the application of the Petitioners.

As the deduction of four marks from the marks of the Petitioners for the presence of Mahanama College in closer proximity to the Petitioners’ residence than Royal College is unlawful, the total of the marks scored by the Petitioners in respect of their application should have been 59.2 marks. This is well above the cut-off mark of 57.15 marks. This means that the school authorities are obliged to admit the 2nd Petitioner to Royal College Colombo 07.

Although the Petitioners have advanced strong arguments to establish that they are in fact residing in the address No. 562/16 and that the premises bearing No. 562/16 and the premises referred to as 562/16 B are one and the same and that the Petitioners have used both numbers inter-changeably, it would be unnecessary for this Court to make any pronouncement in that regard as this Court is able to grant the relief prayed for by the Petitioners in the instant application only upon the above conclusion.

This Court on 30-05-2019 having heard the submissions of the learned counsel for the Petitioners and the submissions of the learned Senior State Counsel who appeared for the Respondents, had decided to grant leave to proceed in respect of the alleged violations of Article 12(1) of the Constitution. Article 12(1) of the Constitution reads as follows;
“All persons are equal before the law and are entitled to the equal protection of the law”.
The above facts demonstrate that the school authorities have failed to apply the law in its correct perspective in respect of the application of the 1st Petitioner seeking to admit his son (the 2nd Petitioner) to Royal College Colombo 07. The respondent school authorities are obliged to adopt the same method, the same marking system and the same yardsticks set out in the circular marked P 2, to evaluate the application of the Petitioners also when they select students to the classes of that school in Grade 1.

In these circumstances and for the foregoing reasons, this Court holds that the Petitioners’ fundamental rights guaranteed under Article 12(1) of the Constitution have been infringed. Therefore, the Petitioners are entitled to the declaration they have prayed from this Court.
Hence, this Court decides to;
I. declare that the failure of the 1st to 10th Respondents to admit the 2nd Petitioner to Grade 1 of Royal College Colombo 07 has infringed the fundamental rights of the Petitioners guaranteed under Article 12(1) of the Constitution;

II. direct the 1st to 10th Respondents to admit the 2nd Petitioner to Grade 1 of Royal College Colombo 07 on the basis that they have scored more marks than the cut-off mark as pointed out above.
In all the circumstances of this case, this Court decides to award neither compensation no costs.

JUDGE OF THE SUPREME COURT
Buwaneka Aluwihare PC J
I agree,
JUDGE OF THE SUPREME COURT
E. A. G. R. Amarasekara J
I agree,

JUDGE OF THE SUPREME COURT

නීතිය ගැන කතා කරන්න ගිය තරුණයාට මීගහවත්ත පොලිසියෙන් නීතිය කියාදුන් හැටි ...

Sunday, November 3, 2019

පානදුර දකූණ පොලීසියේ පොලිස් කාරයෙක්, දිසා අපරධ අංශයේ තිබූ කුඩු තොගයෙන් ග‍්‍රෑම් 250 ක් හොරකම් කරලා. .

නිශාන්ත සිල්වා, අවු: 45 යි, ප්‍රකාශ කරන පරිදි පසුගියදා පානදුර දකූණ පොලීසියේ  පිහිටුවා ඇති දිසා අපරධ අංශය විසින්  සොයා ගන්නා ලද කුඩු කිලොවකින් ග්‍රැම් 250 ක්  පොලිස් කාරයෙක් විසින් සොරාගෙන ඇත. එම පොලිස්කාරයා ව මේ දක්වා අත්අඩංගු ගෙන නැත. එම සිද්ධියට තම පුතාව අත් අඩංගුවට ගෙන වධ දෙන බව කියා සිටි. 

තමා ගංජා විකුණා ඇති නමුත් තම පුතා කිසිදු නීති විරෝධි ක්‍රියාවකට සම්බන්ධ නැති බවද ඔහු වැඩි දුරටත් කියා සිටි. 

ඔහු මෙම නීති විරෝධි ක්‍රියාව ගැන ,  මානව හිමිකම් කොමිෂන් සභාවට හා  පොලිස්පති ට කරන ලද  පැමිණිල්ල මෙසේය.
        
පානදුර දකූණ පොලීසියේ පොලිස් කාරයෙක්, දිසා අපරධ අංශයේ තිබූ කුඩු තොගයෙන් ග‍්‍රෑම් 250 ක් හොරකම් කරලා. එයට මාගේ පුතාව බිල්ලට ගන්නට යයි.

පරණහේවාගේ නිශාන්ත සිල්වා, අවු: 45 යි, විවාහක, දරුවන් 03 යි,  අලූබෝමුල්ල, පිංවල, පානදුර.

2019.11.02 වන දින දීය.

 සම්පත් සිල්වා, අවු: 30 යි, විවාහක, දරුවන් 01 යි, රැුකියාව: කාර්මික/ වායු සමීකරන

2019.11.02 වන දින, ප.ව. 1.00 ට පමණ, පුතා නිවස අසල ඥතිවරයකු ගේ නිවසට යන අතර පානදුර, නියෝජ්‍ය පොලිස්පතිගේ දිසා අපරාධ එ්කකයේ නිලධාරීන් 4 කු මෝටර් රථයකින් පැමිණ අත්අඩංගුවට ගන්නා ලදි.

දැනට ඔහුව පානදුර දකුණ පොලීසියේ උඩ තට්ටුවේ දිසා අපරාධ එ්කකයේ මාංචු දමා තබාගෙන, වධ හිංසා පමුණුවයි.

මා බලන්න ගිය අවස්ථාවේදී, මට පහරදී බැන වැදී එලවා ගන්නා ලදි.

පුතාට වධ දෙන්නේ, ඔහුට කුඩු ග‍්‍රෑම් 250 ක් ලබා දුන්න පොලිස් නිලධාරියා කව්දැයි අසමින්.

ඔවුන් කියන්නේ මෑතකදී පානදුර වෙරළදී අත්අඩංගුවට ගන්නා ලද කුඩු තොගයෙන් ග‍්‍රෑම් 250 ක් සොරාගෙන ඇති බවත්, එය පොලිස් නිලධාරියෙකු විසින් කර ඇති බවත්ය.

මගේ පුතාට වධ දෙන්නේ කුඩු සොරකම් කළ පොලිස් නිලධාරියා කව්දුැයි අසමින්.

මේ ආකාරයට පොලීසියේදී නැතිවූ කුඩු ඉල්ලමින් මාගේ පුතාට වධ දීම වහාම නතර කරන ලෙසට ඉල්ලමි.

මෙම නීති විරෝධී ක‍්‍රියාවට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට ද ඉල්ලමි.

මෙයට,

 නිශාන්ත සිල්වා