Thursday, November 28, 2019

සජිත් නම් වූ ”ට්‍රෝජන්” අශ්වයා.



 ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල විශ්ලේෂණයන් සෑම පැත්තකින්ම අසන්නට ලැබෙමින් පවතී.දෙමළ බස කථා කරන, ජනයාගේ ඡන්දය නැතිව, සිංහල නායකයෙකුට රටේ බලයට පත්වීමට නොහැකි බව සහ ආණ්ඩුවක් සෑදිම කළ නොහැකි බව යන දේශපාලනයේ මුල් බැස තිබූ තර්කය, මතය බරපතල ලෙස අභියෝගයට ලක්වූයේ මෙම මැතිවරණයේදීය. 

එල්.ටී.ටී.ඊ. සංවිධානය නියෝජනය කරන දේශපාලන හා සිවිල් සංවිධාන හා මුස්ලිම් ව්‍යාප්තාවාදය හා වහාබ්වාදය නියෝජනය කරන දේශපාලන හා සිවිල් සංවිධාන (Umbrella Organizations)  තම උපරිම ශක්තිය, බලය, යොදා වුවද, එමගින් තම අරමුණ ඉටු කරගන්නට නොහැකි විය.

එම පසුබිම යටතේ, තම නියම ස්වරූපය එනම් ජාතිවාදය හා ආගම් වාදය, සාමකාමී මැතිවරණයකින් පරාජයට පත්වීම, විග‍්‍රහ කිරීමට ඉදිරිපත්ව ඇත්තේ ‘‘දෙමළ කථා කරන’’ අති බහුතරය, කොළඹ උපන් සිංහල බෞද්ධ සජිත් පේ‍්‍රමදාසට  ඡන්දය දුන් බවත් ඒ මගින් තමන් ‘‘ජාතිවාදි හෝ ආගම් වාදි’’ නොව බව හුවා දැක්විමට පටන්ගෙන ඇත.

මෙම ප‍්‍රකාශය මොවුන් කරන්නේ, පරාජයාට පිළිතුරක් සොයන ඇටුවම් බැහැපු ‘‘නව ලිබරල්වාදීන්’’ හා ජාතන්තරය ලෙසට හඳුන්වන බටහිර රාජ්‍යයන්ට හා ඔවුන්ගේ විවිධ ස්වරූප නියෝජිතයන්ට තුරුම්පුවක්ලෙසට යොදා ගැනිමටය.

සජිත්ඇත්ත වශයෙන් එල්.ටී.ටී.ඊ. යේ දේශපාලනයේ හා එම සිවිල් සංවිධාන වල හා මුස්ලිම් ව්‍යාප්තවාදයේ දේශපාලනයේ හා එම සංවිධාන වල නිල ‘‘නියෝජිතයා’’ විය.

ඇත්ත වශයෙන් සජිත් මොවුන්ගේ ‘‘ට්‍රෝජන්’’ අශ්වයා විය.

සිංහල ජාතිය පරාජය කිරීමට, යූ.එන්.පි. යට ඡන්දය දෙනු යන සටන් පාඨය දෙමළ බස කථා කරන ජනයා අතර, ජනගත කළේ 2015 ජනාධිපතිවරණයේ දි සිරිසේන - රනිල් යුගලයේ ජයග‍්‍රහණය සමගය.

එය පාර්ලිමේන්තුවේ දිත් ඉන් පිටතදීත් පැහැදිළි ව ප‍්‍රකාශ කර සිටියේ  ඕනැම පසුබිමක් තුළ රනිල් ආරක්ෂා කිරීමත් සිරිසේනට පහර දීමත් කොන්දේසි විරහිතව පෙනී සිටීමින්ය.

මහා බැංකු මංකොල්ලයේදීත්, රනිල්ව අගමැති කමින් ඉවත් කිරීමේදීත්, සහරාන් ප‍්‍රහාරයේදීත් ඒ බව ඔප්පු කළේ එළිපිටම පැමිණිමෙන්ය.

No comments:

Post a Comment