නන්දනී කුමාරි, මවක්, ගෘහනියක්. ඇයව අත්අඩංගුවට ගෙන වධ හිංසාවට පත් කරන්නේ, ර ,පොම්ප හොරකමකට,කසිප්පු,කුඩ,හෝ හමුදාවෙන් පැනලා
ආපු,යන සුපුරුදු පොලීසිය මවන චෝදනාවකට නොවේ.
බන්ධනාගාර නියාමක වරයෙකුගේ අවශ්‍යතාවයකට, පවුල් ආරවුලක් මුල කරගෙන.
චෝදනාව අල්ලපු ගෙදර ගැහැනියගේ අත පිහියකින් කැපූ බව.
පෙර සැලසුම් කරන ලද පරිදි, පොලීසිය අධකරණය පාවිච්චි කරල, ඇයව රිමාන්ඞ්
භාරයට පත් කිරිමට පියර ගනු ලබනවා.
මැයව අධිකරණයට ඉදිරිපත් කළ විට, කිසිදු ආකාරයක නීතිමය දැනුමක්. ”මානව හිමිකම්”
කියන වචනයවත් අසා
නැතිවුවද, තමාට පොලීසිය කළ කිදේ, බන්ධනාගාරයෙදි වධ දීපු කථාව කූඩුවේ සිට කියන්නට ඉදිරිපත් වුනේ උසාවිය
අරක්ගෙන සිටින සියලූ දෙවි දේවතාවරු පුදුම කරවමින්.
ගැහැණියක් වශයෙන් ඇයගේ දිරිය දුටුවන්, ජනසංසදයට ඇයව යොමු කරන්නේ,
එ්වන විටත් මානව
හිමිකම් ක්ෂේත‍්‍රයේ දිනා සිටි සන්නාමය ගැන දන්නා පිරිසක් විසින් ය.
ඈ සතුව තිබූ විභවය, නිසි ලෙසට පෙළ ගැස්වීමට ජනසංසදය සහය විය.
ඇයට විරුද්ධව පොලීසිය පවරා තිබූ ”පිහියෙන් කැපූ” චෝදනාවෙන්
නිෙදාස් කොට නිදහස් කෙරිණ. ඇය පැවරූ මූලික අයිතිවාසිකම් නඩුවෙන් ඇයට වන්දි හිමි
විය.
නියම කළ වන්දිය ලබා ගැනීමට ඇය කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට‍්‍රාර්ට
ලිවීමය. බලධරයන්ව ප‍්‍රශ්න කිරීමය. තව නඩු දාන එක නොවේ. එය ජේ්‍යෂ්ඨ යයි කියා
ගන්නා නීතිඥයන්ටද, ඊනියා මානව හමිකම් ආරක්ෂඛයින්ට පාඩමක් විය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශන එ්කකයේ විමර්ශන වලට අනුව
නීතිපති වධ හිංසාවට එරෙහි සම්මුති පනත යටතේ, බෝගම්බර බන්ධනාගාරයේදී
ඇයට, වධ හිංසා පැමිණ වූ නියාමකවරියන්ට එරෙහිව, මහනුවර මහාධිකරණයේ අධි
චෝදනා නැගීය.
එම නඩුව විභාගයේදී, දින කිහිපයක්ම, විත්තියේ නීතිඥ ප‍්‍රශ්න කළේය. ඇයගේ පිළිතුරු දුන්නේ ඊනියා සම්ප‍්‍රදායන් බිඳ හෙලමින්ය.
2021 අපේ‍්‍රල් 23 දින, නඩු වාරයේදී, ගරු අධිකරණය, වන්දියක් ගෙන නඩුව අවසන් කිරීමට කැමති දැයි ඇයගෙන් විමසා සිටින ලදි. ඇය වන්දි අවශ්‍ය නැති බව, කියා සිටියේ, නඩු අවසන් කිරීමට කැමැත්ත
දෙමින්ය.
ඇය එදා පටන් මානව හිමිකම් ආරක්ෂිකාවක් වශයෙන් ක‍්‍රියා කළාය. ඇය පක්ෂ
දේශපාලනය ප‍්‍රතික්ෂේප කළාය. සමූපකාර ඡුන්දය වත් ඉල්ලීම ඇගේ සිහිනය නොවීය. ඇය
නීතිය ගැන කථා කලද ‘‘නිතිඥවරියක්, ලෙසට ර`ග පෑවේ නැත.
ඇය සැම විටම කියා සිටියේ, මට වූ දේ, තවත් කෙනෙකුට නොවිය යුතු
බවයි.
(ඇයගේ කථාව ඉදිරියේදී)
No comments:
Post a Comment