Wednesday, June 16, 2021

දවස් 06 ක් තිස්සේ පොලීසියේ තියාගෙන ඉන්නවා - වධ දීලා 93 හැවිරිදි ආච්චි කියයි.

 


93 හැවිරිදි බියටි‍්‍රස් දරුවන් 06 ක් හදලා, දැන් මුණුබුරන්ව නඩත්තු කරනවා.

 දක්ෂ කාර්මිකයෙකු වූ නන්දික අවිවාහකයෙක්. අවු: 20 ක ඉඳලාම කුඩු බොනවා.

 පසුගිය 10 වෙනිදා පොලීසිය අත්අඩංගුවට ගත්තේ සොරකමකට. මේ දක්වාම උසාවියට ඉදිරිපත් කරලා නෑ.

 ඇය මානව හිමිකම් කොමිෂමට, පොලිස්පතිට, මහජන ආරක්ෂක අමාත්‍යාංශයට කරන ලද පැමිණිල්ලෙන් සියල්ල හෙළි කරයි.

 " දින 06 ක් පුරා නීති විරෝධී ලෙෂ රඳවාගෙන වධ හිංසා පැමිණ වීම.

තෙබුවන ආරච්චිගේ බියටි‍්‍රස්, අවු: 93 යි, (විශ‍්‍රාම වැටුප් අංකය: 1002/21/75262)-වැන්දඹු, දරුවන් : 06 යි. ලිපිනය: 05, වීරමන් පාර, පානදුර. දු.අ. 077 2931545

 2021.06.16 වන දින දීය.

හපු ආචාරිගේ නන්දික ප‍්‍රියදර්ශන, අවු: 45 යි, අවිවාහක, කම්කරු, මාගේ මුණුබුරා වේ.

2021.06.10 දින, මුණුබුරාව, අත්අඩංගුවට ගෙන, සවස 6.30 ට පමණ, ගෙදරට ගෙන ආවා.

එසේ ගෙන ආවේ, පානදුර දකුණ පොලීසියේ පාදුක් හා අමිල යන නිලධාරීන්ය.

ඔවුන් නිවස පරීක්ෂා කළා. නිවසේ කුස්සියේ තිබූ පිහි දෙකක්, රේඩියෝවක්, පැරණි කාසි තිබූ පොතක් අත්අඩංගුවට ගත්තා. එවා සොරකම් කරපු එවා බව පොලීසිය කිව්වා.

ඉන්පසු ඔහුව, රැගෙන ගියා.

එදින, එනම් 2021.06.10 වන දින, රාත‍්‍රී 10.00 ට පමණ, මාගේ මුණුබුරෙක් ඔහුව බලන්න ගියා. ඔහුට පහරදී තිබුණ බවත්, තුවාල පෙනෙන්නට තිබූ බවත් ප‍්‍රකාශ කළා.

මොහු මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වූ අයෙක්.

අද දිනට, දින 06 කි. මේ ආකාරයට දින 06 ක් පුරා, රඳවාගෙන වධ දීම පිළිබඳව වහාම නීතිමය පියවර ගන්නා ලෙසටද,

ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද, නොපමාව රෝහල්ගත කරන ලෙසට ද ඉල්ලා සිටිමි.

මෙයට,

තෙබුවන ආරච්චිගේ බියටි‍්‍රස්

 

No comments:

Post a Comment