Tuesday, January 7, 2014

Former India judge quits rights commission



AK Ganguly resigns from West Bengal Human Rights Commission after mounting pressure over sexual misconduct allegations.

A former supreme court judge in India has submitted his resignation from the West Bengal Human Rights Commission after his reputation was blighted by allegations of sexual misconduct, local media has reported.
His resignation on Monday evening comes as India's Apex Court dismissed a petition that sought the quashing of the report in which a three-member panel of Supreme Court judges indicted the former justice, AK Ganguly, for unwelcome behaviour towards a female law intern.
The intern, law graduate Stella James, accused Ganguly of making sexual advances towards her while they were working in a hotel room in New Delhi on December 24, 2012.
The matter was brought to public attention when James wrote a blog about the incident in November 2013.
“For my supposed diligence, I was rewarded with sexual assault (not physically injurious, but nevertheless violating) from a man old enough to be my grandfather”, she wrote
Following this, the matter went public with the Indian Express, a leading newspaper, publishing the intern’s deposition made before the court on the matter.
The three-member panel appointed by the Supreme Court accepted as prima facie James’s oral and written statement that Ganguly has committed an “act of unwelcome behaviour”.
The committee, however, said that no legal action would be initiated against Ganguly as he had already retired from his services as a judge.
'Crusading lordship'
After his retirement Ganguly had taken up the post of chairman of the West Bengal Human Rights Commission.
As news of the allegations mounted, so did pressure on him to leave the position, with West Bengal chief minister Mamata Banerjee calling for Ganguly’s removal and women's rights groups protesting against him.
Ganguly resigned just before India’s apex court initiated the process of his removal.
The former judge denied the allegations and said that “powerful interests” were against him due to some of the controversial judgements he delivered during his tenure.
As Justice Ganguly he was named as one of the “crusading lordships” by India Today magazine.
The person who had submitted the petition to have the damning report thrown out, M Padma Narayan Singh, said the politicians were cashing in on a rumour against Ganguly.
"These are political pressures. The politicians are trying to cash on a rumour. This is a criminal law. They are taking a criminal law which was not in effect on that day when the incident is being quoted. How can you change the whole criminal system and the criminal law?" said Singh.

However, Ganguly distanced himself from the petition and said he had no idea it had been filed.

Monday, January 6, 2014

Cutting the nose, lips and ears’: Brutality against Afghan women at record level.


Violent crimes against women in Afghanistan reached an unprecedented level of brutality in 2013, an Afghan human rights watchdog has announced as the US-led coalition prepares to withdraw.
Chair of the Afghanistan Independent Human Rights Commission (AIHRC), Sima Samar, told Reuters that the pace and the hideousness of attacks on women intensified in 2013 with a 25 per cent surge in cases from March through September.
"The brutality of the cases is really bad. Cutting the nose, lips and ears. Committing public rape," Samar said. "Mass rape... It's against dignity, against humanity."
The spokeswoman noted that as the withdrawal deadline draws near for international troops, women in tribal areas are less protected, leaving them vulnerable to violent assaults.
"The presence of the international community and provincial reconstruction teams in most of the provinces was giving people confidence," Samar said. "There were people there trying to protect women. And that is not there anymore, unfortunately."
She also noted that poor economic conditions and the lack of security are also contributing factor to the rise of incidents.
Other human rights workers are blaming the attacks and even killing of women on the absence of law in a country based on patriarchal tribal societies.
"Killing women in Afghanistan is an easy thing. There's no punishment," Suraya Pakzad, who runs women's shelters in several provinces, told Reuters.
Citing the cases of public stoning, Pakzad said, that the future looks bleak for women’s rights in the country.
"Laws are improved, but implementation of those laws is in the hands of warlords... I think we are going backwards."
In November, Human Rights Watch (HRW) urged the Afghans to reject a proposal by the Justice Ministry that is assisting in drafting a new penal code that includes restoring stoning as punishment for adultery.
“It is absolutely shocking that 12 years after the fall of the Taliban government, the Karzai administration might bring back stoning as a punishment,” said Brad Adams, Asia director at Human Rights Watch.
“President Karzai needs to demonstrate at least a basic commitment to human rights and reject this proposal out of hand,”Adams added.

The draft legislature is seeking to introduce stoning for sexual intercourse outside a legal marriage, and stipulates that both man and woman shall be sentenced to “[s]toning to death if the adulterer or adulteress is married.”
It also states the “implementation of stoning shall take place in public in a predetermined location.” If the “adulterer or adulteress is unmarried,” the sentence shall be “whipping 100 lashes.”  Photo / Noorullah Shirzada Death through stoning was used during the Taliban government, in power from the mid-1990s to 2001. After the US lead invasion and the establishment of a new government, Afghanistan signed on to international human rights conventions pledging to protect rights, especially for women.
International law says that death by stoning violates the International Covenant on Civil and Political Rights, which Afghanistan has ratified.
In its 2013 report on Afghanistan, HRW blames the government for a “failure to respond effectively to violence against women” which “undermines the already-perilous state of women’s rights.”
Furthermore, HRW argues that the rhetoric stemming from the leadership in the country further ignites violence against women.
“President Hamid Karzai’s endorsement in March of a statement by a national religious council calling women ‘secondary,’ prohibiting violence against women only for ‘un-Islamic’ reasons, and calling for segregating women and girls in education, employment, and in public, raises questions about the government’s commitment to protecting women. The minister of justice’s description of battered women shelters as sites of ‘immorality and prostitution’ deepens that skepticism,” the report stressed.
In October, UN Women’s right chief said that that “women's rights continue to be violated, female officials are being targeted and killed, and legal protection is under threat.”
“It is imperative that women's rights and empowerment are prioritized in the coming period of transition,” Phumzile Mlambo-Ngcuka, Executive Director of the United Nations Entity for Gender Equality and Empowerment of Women, told DW.

Most foreign forces are due to leave Afghanistan by the end of the year and it is unclear whether any will remain beyond 2014 as the Karzai government is still reluctant to sign a bilateral security agreement with the United States and has made demands that Washington calls “unrealistic”.

Sunday, January 5, 2014

1983 වර්ෂයේ වැලිකඩ බන්ධනාගාරයේ සිටි දෙමළ ජාතීකයින් සියයක් දවස් දෙකක් තුළ දී මරා දැමීම. අද වනතුරු වගකිව යුත්තන්ට විරුද්ධව ගත්තු ක්‍රියා මාර්ගයක් නොමැත. ඒක මාගේ බන්ධනාගාර ජීවිතය තුල දැකපු ඉතාම නිහීන, රටේ ඉතිහාසය වෙනස් කිරීමට හේතු වූ සිද්ධියක්.


නීතිය,පොලීසිය, උසාවිය හා යුක්තිය පැහැදිලිවම තේමාව කරගත්, 2013.12.29 දින ජනසංසදයේ පැවති කථිකාවට එක්වෙමින් ඉහත අදහස් පළ කළේ බන්ධනාගාර ජේලර්වරයෙකුව සිට පසුව ජේ ්‍යෂ්ඨ ප්‍රජා විශෝධන නිලධාරී වශයෙන් රජයේ සේවයෙන් විශ්‍රාම ගත් පී.වී.එස්. සේනාරත්න මහතාය. ඒ මහතා තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියා,   
1983 දී, වැලිකඩ බන්ධනාගාරයේ රවා සිටියා, දෙමළ රැවියන්, එල්.ටී.ටී.ඊ. අය නොවෙයි මම හිතන්නේ ටෙලෝ සාමාජිකයින්.
1983 ජූලි කලබල වලින් දවස් 2 කට පස්සේ කුට්ටුමනී ඇතුලු  පනස් දෙනෙකු වැලිකඩ බන්ධනාගාරය තුල මැරුවා. පළමු වෙනි දවසෙන් නැවතුනේ නෑ. දෙවන දවසෙත් ඒ ආකාරයෙන්ම පනස් දෙනෙකු මැරුවා.
ප්‍රභාකරන් බිහිවෙන්න කලින් ටෙලෝ සංවිධානයේ නායකයාව සිටියේ කුට්ටුමනී. කුට්ටුමනී කියන පුද්ගලයා ප්‍රභාකරන් වගේ මෘග පුද්ගලයෙක් නෙවෙයි. ඉගෙන ගත්තු ඉංජිනේරුවරයෙක්. ඔහු බන්ධනාගාර ගත වෙලා හිටියේ සොරකම් සම්බන්ධයෙන්.
ඒ වන විට මැගසින් බන්ධනාගාරයේද දෙමළ රැවියන් රවලා හිටියා. මැගසින් බන්ධනාගාරයේ අධිකාරීවරයා ඔවුන් එක්කෙනෙක් වත් මරන්න නොදී හොින් ආරක්ෂා කළා. වැලිකඩ බන්ධනාගාරයේ ඒ සිද්ධිය, ඊට පස්සෙ ජන අරගලයට විශාල වශයෙන් බලපෑවා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිම පරීක්ෂණයක් පැවැත්වූයේ නැහැ. අදාල වැරදිකරුවන්ට කිසිම දඩුවමක් දුන්නේ නැහැ. ඒක ‘ෂේප් කරලා යැව්වා. ඒක බන්ධනාගාරය තුළ සිදු වුනු කැරැල්ලක් කියලා ඒක සම්පූර්ණයෙන් මගහැරලා දැම්මා.
එය සංවිධානාත්මක අපරාධයක්. ඒ මගේ විශ්වාසය. පසුකාලීනව අප රටේ බලපාපු යුද්ධය සම්බන්ධයෙන් ඉතාමත් තදින්ම බලපෑවා. රජයක් වුනාම බන්ධනාගාර ගත කරන සියලුම රැවියන් ආරක්ෂා කිරීමට බැී සිටිනවා. නමුත් අද වෙනකොට සමාජයට සේවයක් කරන්න යයි කියාලා පිහිටුවලා තියන පොලීසිය, බන්ධනාගාරය, හමුදාව වැනි ආයතන තුලින් හා ඒ ආයතන නිසාම අපරාධ සිදුවන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා.
අපි ඒ පිළිබව දැනුවත් වෙලා විමසීමක් නොකර සිටියොත් වෙන්නේ ඒ ආයතන වලින් තවදුරටත් අපරාධ සිද්ධ වීමයි. ඒ නිසා අපි දැනුවත් වෙලා ඔවුන් කරන වැරදි වලට, අපගේ විරෝධතාවය පල නොකළ හොත්, තවදුරටත් මේ ආකාරයට මෙවැනි සිදුවීම් අනිවාර්යයෙන්ම සිදුවෙන්න පුළුවන්.
අපි ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුවේ වැඩ කරන කොට, කොළඹ අංක 02 උසාවියේ අත්දැකීම් ප්‍රකාශ කරන්න කැමතියි.
ප්‍රජා විශෝධනයට ඉදිරිපත් කරන වැරදිකරුවන් කිසිම දඩයක් ගෙවන්න බැරි සමාජයේ ඉතාමත්ම කොන්වෙච්ච පුද්ගලයන් තමයි මේකට ඉදිරිපත් වෙන්නේ.
ඔවුන්ගේ නඩුවල වාර්ථා ගන්න මොෂන් එකක් දැම්මොත් හොයා ගන්න බෑ කියලා අපි අපහසුතාවයට පත් කරනවා. මොකද මේ නඩු හොයන්න එයට සම්බන්ධ ආරච්චිලා කිසිම උත්සාහයක් ගන්නේ නෑ.
නීතිඥ මහත්වරු ඉදිරිපත්කරන අනෙකුත් නඩු වලට එවෙලේම හොයලා දෙනවා. මොකද ඔවුන් මාසයකට ගානක් මේ පුද්ගලයින්ට ගෙවනවා.

අපි ඉදිරිපත් කරන නඩු වලට කිසිම ගෙවීමක් කරන්නෙ නැති හින්දා අපි දැඩි අපහසුතාවයට පත් වුනා. පසුව අපි මහේස්ත්‍රාත් තුමාට කියලා අපිම රෙකෝඩ් රූම් එකට ගිහිල්ලා නඩුව හොයලා උසාවියට ඉදිරිපත් කරන එක තමයි කළේ.

අපි මේ ප්‍රකාශනයේ තියෙන කරුණු කතා කරන්න ඕන. එවිට අපේ දරුවන් ඉගෙන ගනීවී පොලීසිය එක්ක, උසාවිය එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා.


මාධ්‍ය‍ වේදී ජයසිරි අලවත්ත ඉහත ප්‍රකාශය කළේ  2013.12.29 පැවති නීතිය, උසාවිය පොලීසිය හා යුක්තිය පසිලීම ප්‍රකාශනය මූලික කරගෙන පැවති කතිකාවේදීය.
ඒ මහතා. තවදුරටත් අදහස් පල කරමින් ...........
අපි දැන‍් දන්නවා නහය මට්ටමින් ඉහළට වතුර ගිහිල්ලා , මේ ජල මට්ටම ගෙල මට්ටමටවත් පහත දා ගන්න මේ එළඹෙන මැතිවරණයේ දී මේ දූෂිතයින් එළවන්න ඕන. අඩු ගානේ ජල මට්ටම ගෙල දක්වා වත් පහළ දාගන්නට එලෙව්වා යයි කියවෙපු  ඒ ගොල්ලො ඇවිල්ලා කරන්නෙත් ඒ දේමයි. මේ වන තෙක් වුනේ ඒකයි. අපි වරින් වර ඒ දේ කළා.
ඒ තුළ සිද්ධ වුනේ ජනතාව අවබෝධය ලබා ගන්න එක ක්‍රම ක්‍රමයෙන් පහුවෙන එක. ඒ නිසා අපි කරන්න ඕනි - මේ ජනසංසදය කරලා තියන පොත, ඔබ කියවලා පසෙක තබන එක නෙවෙයි. එහෙම වුනොත් අප බලාපොරොත්තු වන දේ ක්‍රියාත්මක වෙන්නේ නෑ. මෙහි කරුණු සමාජය අතරට ගෙනියන්න ඕන. කොහොමද ගෙනියන්නේ -  ප්‍රශ්නයක් තියෙනවා. එතනදී අපි කරන්න ඕනි හැම වෙලාවෙම, අපි කතා කරන ‍කොට කියන්න ඕනි, පොලීසියට ගිහිල්ලා ඔය දේ ඔහොම කරන්න එපා. මේ විදියට තමයි පොලීසිය එක්ක කටයුතු කරන්න ඕන කියලා. ඒ වාගේම නීතිඥයෝ එක්ක, උසාවිය එක්ක කටයුතු කරන්න ඕන මෙහෙමයි කියලා. කියන්න ඕන.

එය නිතරම කියන්න ඕන. මෙහිදී, දුප්පත්, පොහොසත්, උගත් නූගත්, බුද්ධිමත් බේදයකින් තොරව මේ දැනුම ලබාදෙන්න ඕන. බුද්ධිමත් අය වුනත් පොලීසිය එක්ක, උසාවිය එක්ක වැඩ කරන හැටි දන්නෙ නෑ. මේ පොත හා මීට පෙර පල කළ පොතද ධාරණය කරගෙන, ඒ දැනුවත්වීම් කරන්න. එහෙම කළොත් අපේ දරුවන් ඉගෙන ගනීවි කොහොමද පොලීසිය එක්ක, උසාවිය එක්ක වැඩ කරන්නේ කියලා.  

Friday, January 3, 2014

බිලා, ලයිසන් නැතිව දෙන්නෙක්ව පිටි පස්සේ තියන් ඇවිත් වෙට්ටු දාලා හප්පපු එකා ගෙදර. පදවපු එකා සාක්ෂිකරු. පිටිපස්සේ ආපු එකාට නඩු.


පසුගිය වසරේ ඔක්තෝබර් මස පස්වෙනිදා යටවත්ත පොලිස් වසමට අයත් මාතලාපිටියට ආසන්නව යතුරු පැදි දෙකක් හැප්පි අනතුරට පත්විය. අසල්වැසියන් වහාම තුවාල කරුවන්නව යටවත්ත රජයේ රෝහලට පිටත් කර හරිනු ලැබීය. එකම පාර්ශවයකටවත් පොලීසියට යෑමට අවශ්‍යතාවයක් නොවීය. එ් නිසා අසල්වැසියන් යතුරු පැදි දෙක පාරෙන් ඉවත් කර, අසල කඩයක මිදුලකට දමන ලදි.

අනතුර ගැන දැන ගත් යටවත්ත පොලීසිය රාත‍්‍රියේ පැමිණ යතුරු පැදි දෙක පොලීසියට ගෙන ගියේය. පසුදින තමන් ගත් යතුරු පැදිය පොලීසියට ගෙන ගොස් ඇති බව දැන ගැනීමෙන් පසුව යතුරු පැදි අයිතිකරු සමග යටවත්ත පොලීසියට ගිය අජිත් ගුණරත්නට පොලීසිය කියා සිටියේ තමනට් නඩු ඔනෑ බවත් එ් නිසා නඩු දාන බවත්ය.
පොලීසිය අනතුර ගැන මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබීය. එ් පොලීසියට ගොස් යුක්තිය කථා කළ අජිත්ව චුදිතයා කරමින්ය.

යටවත්ත පොලීසියේ මේ නිහීන ක‍්‍රියාව ගැන 18 හැවරිදි, මහවෙල, පදිංචි අජිත් ගුණරත්න මානව හිමිකම් කොමිෂන් සභාව, නීතිපති හා පොලිස්පති වෙත කරන ලද ලිඛිත පැමිණිල්ල පහත පළකරමු. අවධානය යොමු කරන්න. මෙය ඔබටද විය හැකිය.
‘‘2013.10.05 වන දින, මා සහ අසංක නුවන් තිලකරත්න, ප.ව. 2.30 ට පමණ, ෙදාඹවෙල සිට මාතලාපිටිය දක්වා ගමන් ආරම්භ කළා.
අප ගමන් ගත්තේ, නන්දික ඇල්ලේපොලට අයත්, හොන්ඩා සුපර් කැබ් (මේට්*- 50 සී.සී. අංක: 109 - 3726 දරන යතුරුපැදියෙන්.
මා පසුපස ගමන් ගත් අතර, යතුරුපැදිය පැදවූයේ අසංක නුවන් තිලකරත්නය. මාතලාපිටිය, ගලහේන හංදිය අසලදී, දකුණු පසින්, අප ඉදිරියට ගමන් ගත් යතුරුපැදිය, අප යතුරු පැදිය ආසන්නයටම පැමිණ, අපව හරස් කරන ලදි.

අපට යතුරුපැදිය නවත්වාගත නොහැකිවිය. අප යතුරුපැදිය ඔවුන් පැමිණි යතුරුපැදියේ ගැටින. බජාජ් ඩිස්කවරි 135 සී.සිී. වර්ගයට අයත් ක්‍ඡු උී 9042 දරන නවීන යතුරුපැදියේ තිදෙනෙක් ගමන් කරමින් සිටියා.මේ තිදෙනාටම හෙල්මට් තිබුණේ නෑ. යතුරුපැදි ගැටීම නිසා, අප ගමන් ගත් යතුරුපැදිය පැදවූ අසංක නුවන් තිලකරත්නට තුවාල වුනා. බජාජ් ඩිස්කවරි 135 සී.සී. යතුරුපැදිය පැදවූ වඩුගෙදර ජගත් පුෂ්පකුමාරටද තුවාල වුනා. මගේ වම් කකුලේ දණහිසට පහළින් සීරීමක් වුනා.

අසල සිටි අය එක්ව, මාවත්, අසංක නුවන් තිලකරත්නව හා ජගත් පුෂ්ප කුමාරව, ත‍්‍රීරෝද රථයකට නංවා යටවත්ත රජයේ රෝහලට පිටත් කළා.
යටවත්ත රජයේ රෝහලේදී අසංක නුවන් තිලකරත්නව හා ජගත් පුෂ්ප කුමාරව වාට්ටුවට ඇතුළත් කළා. මට තුවාලය පිරිසිදුකොට බෙහෙත් වර්ගයක් ගැල්වූවා. මගේ කකුල සීරිලා විතරයි තිබුනේ. අසංක නුවන් තිලකරත්නට හා ජගත් පුෂ්ප කුමාරට ප‍්‍රතිකාර කළා.මා රෝහලේම රැුඳී සිටියා. නිවෙස්වල අය පැමිණෙන තෙක්. එ් අතර බජාජ් ඩිස්කවරි 135 සී.සී. යතුරුපැදියේ ගමන් ගත් අනෙක් දෙන්නාද වෙනත් ත‍්‍රී රෝද රථයකින් රෝහලට පැමිණියා. නමුත් ඔවුන්ට තුවාල සිදු වී තිබුනේ නෑ.

එයින් පසුව, ජගත් පුෂ්ප කුමාරගේ පපුව රිදෙනවා කියා, බලයෙන් ටිකට් කපාගෙන, මාතලේ දිසා රෝහලට යන බව පවසා, රෝහලෙන් පිටවුනා.මා පසුව දැන ගත්තා, යතුරුපැදි දෙකම, අසල්වැසියන් පාරෙන් ඉවත් කර, අසල කඩයක මිදුලේ තබන ලද බව.ජගත් පුෂ්ප කුමාර, ටිකට් කපාගෙන ගිය පසු, අසංක නුවන් තිලකරත්නද, රෝහලේ ඉන්න බෑ කියා, කැමැත්තෙන් ටිකට් කපාගෙන ගෙදර ගියා.ජගත් පුෂ්ප කුමාර මත්පැන් බීලා සිටින බව අපට රෝහලේ හෙදියන් ප‍්‍රකාශ කළා.
පසු දින, 2013.10.06 වන දින උදේ 8.00 ට පමණ, මා නන්දික ඇල්ලේපොල සමග අනතුර සිදු වූ ස්ථානයට ගියා. එහිදී, අසල්වැසියන් අපට ප‍්‍රකාශ කළා රාත‍්‍රී 11.00 ට විතර, යටවත්ත පොලීසියෙන් පැමිණ, යතුරුපැදි දෙක ගෙන ගිය බව.

එ් අනුව නන්දික ඇල්ලේපොලත් මමත් යටවත්ත පොලීසියට ගියා.
අප යන විට යතුරුපැදි දෙක පොලීසියේ තිබුණා. මේ පිළිබඳව අප විමසා සිටි විට, පො.කො.28135 දිසානායක, ප‍්‍රකාශ කළා, අපිට කෝල් එකක් ඇවිල්ලා තමයි ගියේ, අපි යතුරුපැදි දෙක ජීප් එකේ දාගෙන ආවා. තමුසෙලාට විරුද්ධව නඩු දානවා යැයි කිව්වා.
ඔහු විස්තර අසා, අපට කිව්වා යතුරුපැදිය පදවාගෙන ගිය, තුවාල ලැබූ අසංක නුවන් සමග මට පොලීසියට පැමිණෙන ලෙසට.දින දෙකකට පමණ පසුව මා අසංක නුවන් තිලකරත්න සමග පොලීසියට ගියා.
එදින මාගෙන් හා අසංක නුවන් තිලකරත්නගෙන්, ප‍්‍රකාශ ගත්තා.
එ් අතර අප දෙන්නාගෙන් රියදුරු බලපත‍්‍ර තියෙන්නේ කාටදැයි විමසූවා. අසංක නුවන් තිලකරත්නට රියදුරු බලපත‍්‍රයක් තිබුණේ නැහැ.
මට පුහුණුවීම් කාලයට නිකුත් කරන තාවකාලික බලපත‍්‍රය තියෙන බව ප‍්‍රකාශ කලා.

එය පොලීසියට බාරගෙන තාවකාලික බලපත‍්‍රයක් දුන්නා.
එයින් පසුව නුඹලාට නඩු දානවා, දැන්නුවාම උසාවියට වරෙන් කිව්වා. 2013.10.29 වන දින මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයට පැමිණෙන ලෙසට මට දුරකථනයෙන් දැනුම් දුන්නා.එ් අනුව මම හා අසංක නුවන් මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ගියා.එ් අවස්ථාවේ මා දැන ගත්තා, අනතුරට පත් යතුරුපැදිය, පැදවූවේ මා බව සඳහන් කරමින් මට විරුද්ධව බොරු චෝදනා නගා නඩුවක් පවරා ඇති බව.

මම එ් චෝදනා වලට නිවැරදි කරු බව ප‍්‍රකාශ කළා.
නඩු වාර්තාව අනුව මට විරුද්ධව චෝදනා 04 ක් නගා තිබෙනවා.
මේ අතර මා දැනගත්තා, වැරදි පැත්තෙන් හෙල්මට් නොමැතිව, බීමත්ව, තිදෙනෙකු සමග පැමිණි ජගත් පුෂ්ප කුමාරට විරුද්ධව කිසිදු නඩුවක් පවරා නොමැති බව.එමෙන්ම ජගත් පුෂ්ප කුමාර පැදවූ ඩිස්කවරි 135 සී.පී. වර්ගයට අයත් ක්‍ඡු උී. 9342 දරන නවීන යතුරුපැදිය පොලීසියෙන් මුදාහැර ඇති බව.

එහෙත්, අසංක නුවන් තිලකරත්න පැදවූ නන්දික ඇල්ලේපොලට අයත් පැරණි හොන්ඩා සුපර් කැබ් - 50 සී.සී. අංක: 109 - 3726 දරන යතුරුපැදිය මුදාහරින්නේ නැතිව පොලීසියේ තබාගෙන සිටින බව.
මේ ආකාරයට, යටවත්ත පොලීසිය වරදකරුවන් නිර්දෝෂී පුද්ගලයින් කර, අසරණයින්ට වරදට ගොදුරු වූවන්ට ව්‍යාජ චෝදනා නගා අධිකරණය හමුවට පමුණුවා වධහිංසාවට පත්කරන බව ප‍්‍රකාශ කරමි.
ජගත් පුෂ්ප කුමාර නැමති අය හා ඔහුගේ පවුලේ උදවිය, පොලීසිය සමග අයථා ගණුදෙනුවක් ඇති බව ප‍්‍රකාශ වේ. සත්‍ය නොදනිමි.’’

ඔහු සිය පැමි’ල්ල මගින්  ඉල්ලා සිටින්නේ,

1* ව්‍යාජ චෝදනා නගා නඩු පැරීම මගින් මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන ලද,
යටවත්ත පොලිස් ස්ථානාධිපති උ.පො.ප. වික‍්‍රමරත්න, පො.කො. 28135 දිසානායක, පො.කො.36317 සුනිල්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට,

2* මෙම ව්‍යාජ නඩුව ඉවත් කරන ලෙසට හා

3* අප පැදවූ, නීති විරෝධීව පොලීසිය රඳවා තබාගෙන සිටින යතුරුපැදිය නොපමාව මුදා හරින ලෙසටය.

නීතිය, පොලීසිය, උසාවිය හා යුක්තිය පසිඳලීම මෙම ප්‍රකාශනයේ තියෙන සියලුම කරුණු නිවැරදියි. නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ.



2013 දෙසැම්බර් 29 වන දින, ජනසංසදයේදී, නීතිය, පොලීසිය, උසාවිය හා යුක්තිය පසිලීම යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කරන ලද -  ‘ප්‍රකාශනය කේන්ද්‍ර කරගෙන පැවති කථිකාවට එක්වෙමින් ඉහත සහන් ප්‍රකාශය කළේ - ජේ්‍යෂ්ඨ නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ මහතාය.
ප්‍රකාශනයේ සහන් කරුණු මූලික කරගෙන අදහස් දැක්වූ සියලු දෙනා මතු කළ මූලික ප්‍රශ්නයක් විය. එනම් මෙම ප්‍රකාශනය සාමාන්‍ය ජනතාව අතට පත් කරන්නේ කෙසේද යන්නයි.
මෙම මාතෘකා යටතේ බොහෝ ප්‍රකාශන ලියවී තිබේ. ඒ නීති රීති සම්බන්ධවයි. භාවිතය හා භාවිතා කරන්නේ කෙසේද සහ මෙම ආයතන විශේෂයෙන්, පොලීසිය හා උසාවිය අභියෝගයට ලක්කරන්නේ කෙසේද යන්න පැහැදිලි කරමින් සාමාන්‍ය ජනතාවට ලියන ලද එකම ප්‍රකාශනය මෙය බව සැමගේ පිළිගැනීම විය.
වධහිංසාවට පාත්‍ර වූ වින්දිතයින්, ප්‍රජා මූලික සංවිධාන, රාජ්‍ය දෙපාර්තමේන්තු, නීතිඥවරු,ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින්, මාධ්‍ය, ක්‍රියාකාරීන් හා සිවිල් සමාජ නියෝජනය කරමින් හතලිස් නව දෙනෙකු මෙම කථිකාවට එක්විය.
 වාමාංශික ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයෙකු වූද මානව හිකම් කේෂත්‍රෙය් ඉදිරියෙන් සිටින ජේ්‍යෂ්ඨ නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ, මාධ්‍යෙව්දී ජයසිරි අලවත්ත, ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යාපාරයේ හා නිදහස් හා සාධාරණ මැතිවරණ ව්‍යාපාරයේ විමල් ප්‍රනාන්දු, 71 කැරැල්ලේ ක්‍රියාකාරිකයෙක්‍ වූ හා වෘතීය සමිති ක්‍රියාකාරිකයෙක්‍ වූ සෝමපාල ගරුසිංහ,  වෘතීය සමිති ක්‍රියාකාරිකයෙක්‍ හා අධ්‍යාපන නිලධාරියෙකුව සිටි පී.ලියනගේ, විශ්‍රාමික බන්ධනාගාර කොමසාරිස්(විශ්‍රාමික) ඩබ්.ඒ.එල්. වීරසිංහ, මහියංගන රජමහා විහාරයේ ප්‍රෙව්ණිදාස ක්‍රමයට එරෙහිව මූලිකත්වය ගෙන ක්‍රියාකරන බන්දුල ගුණතිලක, කාන්තා ක්‍රියාකාරිණියක් වූ ශ්‍රීමා බෝපිටිය,නිදහස් හා සාධාරණ මැතතිවරණ ව්‍යාපාරයේ විමල් ප්‍රනාන්දු, නිදහස් වෙළ කලාපයේ වෘතීය සමිති ක්‍රියාකාරී වී.එස්. වීරක්කොඩි හා ජේ්‍යෂ්ඨ ප්‍රජා විශෝධන නිලධාරී (විශ්‍රාමික) පී.වී.එස්. සේනාරත්න, අදහස් දක්වමින් හා යෝජනා ඉදිරිපත් කරමින් දායක විය.

ආසියානු මානව හිමිකම් කොමිෂමේ අධ්‍යක්ෂ, බැසිල් ප්‍රනාන්දු මහතා පොලිස් ප්‍රතිසංස්කරණ මැයෙන් ඉදිරිපත් කළ කරුණු දැක්වීම (වීඩියෝව) ප්‍රදර්ශනය කරනු ලැබීන.
ජනසංසදය පිළිබ කෙටි හැින්වීමක් නීතිඥ හර්ෂි සී. පෙරේරා කළ අතර වැඩ සටහන මෙහෙය වීම ලේකම් චිත්‍රාල් පෙරේරා සිදු කළේය.
සියලු දෙනා දැක්වූ දායකත්වය ඉදිරියෙය්දී ඉදිරිපත් කරන්නෙමු.

මා.හි.කො. ලොක්කෝ අද ජනාධිපති රාජපක්ෂ හමුවන්නේ තම තමන්ගේ බොක්ක බේරා ගනීමටයි.



දැන ගන්නට ලැබී තිබෙන කරුණු අනුව මෙම අරමුණේ ප්‍රධාන හා එකම අරමුණ දැනට සිටින සභාපතිගේ, කොමසාරිස් වරැන්ගේ ධුර කාලය තවත් අවුරුද්දකට දීර්ඝ කර ගැනීම සහ අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව, වැටුප් හා දිමනා ලබමින් ධුරයේ රැඳි සිටින අතිරේක ලේකම් වරයාගේ සේවය නිත්‍යානුකුල කරවා ගැනීමයි.
ජනාධිපති රාජපක්ෂ වත්මන් කොමසාරිස් වරු පත්කළේ මානව හිමිකම් කොමිසන් සභා පනතේ නිර්නායකයන් බාල්දු කරමින්ය. දුෂිත ඉතිහාසයකට උරුම කියන මෙම ඊනියා මහත්වරු යටතේ මා.හි.කොමිසම, මානව හිමිකම් නොව දුෂණය ආරක්ෂාකරන හා වැඩි දියුණු කරන ‘‘කොමිසමක්” බවට පත්ව තිබේ.
පහළම සේවකයාගේ සිට සභාපති දක්වා මහජන මුදල්, එක්සත් ජාතීන්ගේ අරමුදල් හා ආධාර ලබාදෙන ආයතන වල ආධාර අයථා ආකාරයට පරිහරණය කරමින්, වංචා කරමින් සිටින ආකාරය හෙළි දරව් කිරිමට පියවර ගන්නා බව අවධාරණය කරමින්, රට ගොස් තිබෙන අත පැහැදිලි කරන තබත් එක් නිදසුනක් පමණක් බව සටහන් කරමින් නවතිමු.

රථ වාහන නීති උල්ලංඝණයකට අත්අඩංගුවට ගෙන අධිකරණයට මොවුන් දෙන්නාව ඉදිරිපත් කරන්නේ ‘‘ගංජා’’ ලඟ තබා ගැනීමේ චොදනාව යටතේ.



උඹලාට අපි ක්‍ත්‍ඛ බල්බ් ව්‍යාපාරය කරගෙන යන්න ඉඩ තියන්නේ නෑ. යටවත්ත පොලීසිය මෙසේ කියන්නේ නීතියානුකුලව දහඩිය මහන්සියෙන් තමන්ද තම පවුල්ද පොෂණය කිරිමට මාතලේ දිස්ත‍්‍රික්කයේ දුෂ්කර ගම්මානවලට ගොස් ක්‍ත්‍ඛ බල්බ් හඳුන්වා දෙමින් ජිවත්වන්නට උත්සහා ගන්නා තරුණයින් පිරිසකටය.

විසි හය හැවරිදි නන්දික ඇල්ලෙපොල, තමන් හා තම සගයින් විසින් වාරික ක‍්‍රමයට අලෙවි කරන ලද බල්බ් වල මුදල් එකතු කර තම සහයක අසංක තිලකරත්න සමග නිවෙස බලා යතුරු පැදියෙන් එන අතර මග තරමක් පාලූ තැනක නැවැත්වුයේ සහයකයාගේ ස්වාභාවික අවශ්‍යතාවයකටය.

එසේ නවත් වගෙන සිටින විට එතැනට යතුරු පැදියෙන් පැමිණි යටවත්ත පොලීසියේ උ.පො.ප. වික‍්‍රමරත්න හා එම පොලීසියේ  සැරයන් 2885 වසන්ත කුණුහරප කියමින් ඔවුන් ගමන් ගත් යතුරු පැදියේ බලපත‍්‍ර පරික්ෂාකරන ලදි.යතුරු පැදිය පැදවු නන්දික ඇල්ලෙපොල ට තිබුනේ ‘‘ ලනර්ස් පර්මට්’’ එකකි. එම වැරැුද්දට ඔවුන් දෙන්නාව අත් අඩංගුවට ගෙන, දුරකථන පණිවුඩයක් දී ජිප්රථය ගෙන්වා ගෙන නන්දික ඇල්ලෙපොලව සහ අසංක තිලකරත්නව යටවත්ත පොලීසියට ගෙන යන ලදි.

රථ වාහන නීති උල්ලංඝණයකට අත්අඩංගුවට ගෙන පොලීසියට ගෙන ගොස් මු`ථ රැුයම පොලීසියේ රඳවා තබාගෙන සිට පසු දින මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයට මොවුන් දෙන්නාව ඉදිරිපත් කරන්නේ ‘‘ගංජා’’ ලඟ තබා ගැනීමේ චොදනාව යටතේය.
දෙදෙනාට එකම අවස්ථාවේ, එනම් එකම තැන, එකට සිටියදී අත්අඩංගුවට ගෙන නන්දිකට, නඩු අංක 17422 යටතේ ගංජා මි. ග‍්‍රෑම් 790 වක් සහ අසංක තිලකරත්නට, 17423 අංකය යටතේ ගංජා මි. ග‍්‍රෑම් 693 වක් ලඟ තබා ගැනිම යන චොදනාව යටතේ නඩු පවරා තිබේ.  

මොවන් දෙන්නාම අධිකරණයේදි චොදනා ප‍්‍රතික්ෂේප කර තිබේ. මෙවන් චොදනාවලට වරදකරු බව පිළිගෙන දඩය ගේවා නිදහස් වීමේ පවතින පිළිගත් සම්ප‍්‍රදාය මෙම තරුණයින් දෙන්නා බිඳ හෙලා තිබේ. ඔවුන්, මානව හිමිකම් කොමිෂන් සභාවෙන්, නීති පතිගෙන් සහ පෙලිස්පති ගෙන් ලිඛිතව ඉල්ලා සිටින්නේ, 2013.10.04 වන දින රථවාහන නීති උල්ලංඝණය කිරිමේ වැරැුද්දකට අත්අඩංගුවට ගෙන, යටවත්ත පොලිස් ස්ථානයට ගෙනවිත්, නීති විරෝධීව රඳවා තබාගෙන ගංජා තබා ගත් බවට ව්‍යාජ චෝදනාවක් මත නඩු පවරා ඔවුන්ගේ මුලික අයිතීන් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් යටවත්ත පොලිස්ථානයේ, රථවාහන අංශයේ උ.පො.ප. (වැඩ බලන* වික‍්‍රමරත්න හා එම අංශයේ සැරයන් 2885 වසන්ත නැමති නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසට හා මෙම ව්‍යාජ චෝදනා නැගීම පිළිබ`දව පොලිස් මූලස්ථානය මගින් පරීක්ෂණයක් පවත්වන ලෙසටය. තවද මෙම බොරු නඩුව ඉවත් කරන ලෙසට නීතිපති ගෙන් ඉල්ලා සිටි.

Wednesday, January 1, 2014

මම හිරේ යන්න කැමති නෑ. මුං එකෙක් දෙන්නෙක් කපලා මරන්නේ නැත්තේ ඒ නිසයි. ඇයි අපි වාගේ අයට මේ තරම් වධ දෙන්නේ.


මෙසේ ප්‍රශ්න කරන්නේ දික්වැල්ලේ, විසි දෙහැවිරිදි මාධව රංගික තරුණයා. ඔහුගේ පියා මිය ගියේ ‘නිව්මෝනියාවහැදිලා. එතකොට, රංගිකගේ වයස අවුරුදු එක හමාරයි.

දකුණේ සංවර්ධනයට ලේ දහඩිය වැගිරූ රංගිකගේ පියා, ඉදි වෙන මහා මාර්ග වල කුලියට වැඩ කොට ගෙදර ආපු ගමන් නානවා. නිව්මෝනියාව හැදුනේ හවසට නාපු හින්දා කියලා තමයි -   දොස්තරලා කියලා.

මේ ආශ්චර්ය රටේ තවමත් මිනිසුන් නිව්මෝනියාවෙන් මිය ඇදෙන්නේ ඔවුන්ගේ කර්මයට ඉඩ දෙන්න කියා තමයි රංගික තවමත් හිතන්නේ.

පියා යන මිය යන විට, රංගිකගේ නංගිට මාස නවයයි. වයස අවුරුදු 17 දී, විවාහ දිවියට පිවිසි, මව රේණුකා ධීවර පවුලකට අයත්. ජිවත්වන්නට හා ජිවත් කරවන්නට දරුවන් දෙන්නාව ඇගේ මව ළ තියා රේණුකා කොළඹ ආවා. ඇයට රැකියාව ලැබුනා බ්‍රැන්ඩෙස්ක් ආයතනයේ.

රංගිකට නිදහස් අධ්‍යාපනයේ ඵල නෙලා ගන්නට නොහැකි වුනේ, අම්මාට ආච්චිට ඔහුව පාසල් යවන්න වත්කමක් නොතිබූ නිසා. ලියන්න කියන්න හැකියාව නැති රංගික, ගමේ අයට, පොලීසියට දර දිය ඇද්දා. පොලීසියේ හුණු ගාන්න පවා එක්කගෙන ගියේ රංගිකව. දික්වැල්ලේ ජයනන්ද කඩේ හොරු කඩන්නේ ඒ අතර. ඒ වන විට රංගිකට අවු: 17 ලැබුවා විතරයි.

එදා ජයනන්ද කඩේ අයිතිකාරයා සමග එක්වූ  දික්වැල්ල පොලීසිය රංගිකව අල්ලාගෙන දස වධ දෙනවා. ඔහුව උසාවියට දානවා. නිවැරදි බව කියනවා. තවම නඩුව මාතර මහෙස්ත්‍රාත් උසාවියේ පවතිනවා.

එදා පටන්, දික්වැල්ලේ වන සියලුම සොරකම් වලට අල්ලගෙන වධ දී උසාවියට දාන්නේ රංගිකව. ඒ අතර ගංජා නඩුත් දානවා. පුතා සොරෙකු නොවන බව, ගංජා කාරයෙකු නොවන බව දන්නා අම්මා හා ආච්චි පොලීසිය කියන පරිදි වරද පිළිගන්න සූදානම් වෙන්නේ නෑ. මව හරි හම්බ කරන හැම සතයක්ම පුතා වෙනුවෙන්, නීතිඥවරුන්ට ගෙවනවා. යුක්තිය ඉටුවේ යයි කියන බලාපොරොත්තුවෙන්.

මේ වන විට, නඩු 11 ක් රංගිකට විරුද්ධව දික්වැල්ලේ පොලීසිය දාලා.

පසුගිය දා ජනසංසදයට පැමිණි රංගික හා ඇගේ මව, ශ්‍රී ලංකා පොලීසියේ පාහර ක්‍රියාවන් ගැන විස්තර කරනවා. මේ රංගික, පොලිස්පතිට හා මානව හිමිකම් කොමිෂමට කරන පැමිණිල්ල කියවන්න.


ශ්‍රී ලංකාවේ ආශ්චර්ය.

‘‘සභාපති මානව හිමිකම් කොමිෂන් සභාව සහ පොලිස්පති වෙත. 2013.12.31 දින දීය.
අල්ලස් හා අයුතු ලාභ ප‍්‍රයෝජන අපේක්ෂාවෙන් අත්අඩංගුවට ගෙන බොරු නඩු දැමීමට දරන උත්සාහය.
මාගේ උපන්ගම දික්වැල්ලය. මාකුඩා කල සිට හැදී වැඩුනේ මාගේ මව ගේ මව (ආච්චී) සමගය.
2008 වසරේදීඑවිට මාගේ වයස අවු: 17යි. දිනකදී මා දික්වැල්ල නගරයට යනවිටදික්වැල්ල පොලිසිය අත්අඩංගුවට ගෙනපොලීසියට ගෙන ගියා. මාව අත්අඩංගුවට ගත්තේ සැරයන් සුනන්ද. අත්අඩංගුවට ගත් වේලාවේ සිට පහර දෙමින් පයින්ම පොලීසියට ගෙන ගියා.
පොලීසියේදී මට පහර දෙන්නේ නිරුවත් කරලා. අත් දෙක ගැට ගහලා බාල්කයේ එල්ලලාඋඩ තට්ටුවේ තමයි මට පහර දුන්නේ. බෙල්ට් වලින් පහර දෙනකොට ඇහි බැම මැදින් පැලූනා. පිට පැලූනා.
එසේ පහර දීමෙන් පසුව, ජයනන්ද කඬේ අයිතිකරුගේ වෑන් රථයේ නංවාගෙන ‘කාගිල්ස් පුඞ් සිටි එක ළඟට ගියා. ජයනන්ද කඬේ මුදලාලි පද්මසිරි ‘කාගිල්ස් පුඞ් සිටි එකට ගොස් අරක්කු බෝතල් තුනක් ගෙනාවා. තව බයිට් අරන් ආවා. හුංගමට ගොස් එහි පාලම අසල නවතා අරක්කු කඩාගෙන බිව්වා. මට එතනදී අතින් පයින් පහර දුන්නා. මට බලෙන් බයිට් කැව්වා. මගේ කටට තුවක්කු බටයක් එබුවා. මේ ආකාරයට මට වධ දුන්නේ දිකවැල්ල පොලීසියෙ සැරයන් සුනන්ද හා කොස්තාපල් මුතුමාලය.
ඉන් පසු අම්බලන්තොටට ගියා. එසේ ගියේ රියා අද්මිරාල් අමරවීරගේ වත්තට. ඒ වත්තේ සිටි අයෙක්ව අත්අඩංගුවට ගෙන පහහර දී වෑන් එකට දා ගත්තා. නැවත පොලීසියට ආවා. එවිට පසුදින අ`ඵයම 4.30 ට පමණ ඇති. ගෙන ආ පසු උඩ තට්ටුවේ කාමරයට ගෙන ගොස් නැවත නිරුවත් කොට බිම දමා පයින් පාගා නැවත අත්දෙකෙන් එල්ලා බෙල්ට් එකෙන් පහර දුන්නා. එසේ පහර දුන්නේ සැරයන් සුනන්ද.
 එදින උදේ 10.00 ට පමණ ත‍්‍රී විල් රථයක මාගේ අම්මාවත් නංවාගෙන සැරයන් සුනන්ද දික්වැල්ල නගරයේ වෛද්‍ය ආරියදාස නැමති අයගේ පුද්ගලික ඩිස්පැන්සරියට ගොස් බෙහෙත් අරන් දුන්නා.
නැවත පොලීසියට ගෙනවිත් ජීප් රථයේ අම්මාවද නංවාගෙන මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා. එසේ යන අතර පහර දුන් බව ප‍්‍රකාශ නොකරන ලෙසට බල කලා. මාව ඉදිරිපත් කළේ මහේස්ත‍්‍රාත් තුමාගේ කාමරයට. මා පොලීසිය පහර දුන් බව ප‍්‍රකාශ කළේ නෑ. මා වෙනුවෙන් නීතිඥ දසරාජ් දහනායක පෙනී සිටියා. ඔහුට මගේ මව පොලීසියෙන් මට පහර දී තිබෙන බව ප‍්‍රකාශ කළත් ඔහු එ් පිළිබඳ මහේස්ත‍්‍රාත් තුමාට පැවසූවේ නැහැ. 
එම තත්ත්වය තුල මට ඇප ලබාගැනීමට හැකිවුනා.
එදින පටන්වරින් වර මාව අත්අඩංගුවට ගන්නා දික්වැල්ල පොලිසිය මට වධ දීදින ගණන් රඳවාගෙන සිටසොරකම් නඩුවලට පටලවාබොරු නඩු දැමීම සිදුකරනවා.
මේ වන විටමේ ආකාරට අත්අඩංගුවට ගෙන පවරන ලද නඩු සංඛ්‍යාව 11 කි. එ් අතර දික්වැල්ල පොලීසිය පුවත්පත් වාර්තාකරුවන් අල්ලාගෙන මා ප‍්‍රසිද්ධ සොරෙක් බවට වාර්තා පල කලා.
මාගේ මව මේ සම්බන්ධයෙන් දික්වැල්ල පොලිසියට ගොස් කරුණු විමසූ විට කියන්නේමාව අත්අඩංගුවට ගෙන වෙඩි තබා මරා දමන බවයි.
තවද මට නින්දා අපහාස වලටද මුහුණ දීමට සිදු වුනා.
මා අත්අඩංගුවට ගෙනවධහිංසා පමුණුවා බොරු නඩු දැමීම ගැනදකුණූ පළාත් නියෝජ්‍ය පොලිස්පති වෙත පැමිණිලි කලවිට ඔහු උපදෙස් දී තිබුනාමට ගමෙන් පිටවී යන ලෙසට.
එ් අනුවමා, 2013 ජූනි සිට ජීවත්වන්නේ ....... ලිපිනයේ බව අවධාරණයෙන් ප‍්‍රකාශ කර සිටිනවා.
 මාදැනට පවතින නඩුවලට මාතර උසාවියට යන්නේ මාගේ මව සමග බව ප‍්‍රකාශ කරමි. 2013 ජූනි මස සිට මා දික්වැල්ලට ගොස් නොමැත.
එසේ තිබියදීත්නිරන්තරයෙන් දික්වැල්ල පොලිසිය මා අත්අඩංගුවට ගෙන බොරු නඩු දැමීමට උත්සාහ ගනු ලබනවා.
මෙහිදීදික්වැල්ල පොලිසියේ අපරාධ අංශයේ බටගොඩ නැමැති නිලධාරියා තවත් නිලධාරීන් සමග පැමිණ,රැයක් දවාලක් නැතිව මා අත්අඩංගුවට ගන්නට සූදානම් වනවා.
මෙම වසරේමෙම මාසයේ දෙවෙනි සතියේ දිනකරාත‍්‍රියේ මා සොයා පැමිණි බටගොඩ නිලධාරියාමා නොමැති බව ප‍්‍රකාශ කල විටගෙදර බල්ලා ට වෙඩි තබා මරාමාව මරා දමන්නෙත් මේ ආකාරයට බව පවසා ගොස් තිබේ.
එමෙන්ම, 2013.12.30 වන මධ්‍යම රාත‍්‍රියේ මා සොයාදික්වැල්ල පොලිසියේ බටගොඩ නැමැති නිලධාරියා තවත් නිලධාරීන් සමග මා සොයා ගොස් තිබෙනවා.
2008 වසරේදී මාහට පහරදීම නිසාමා දැන් මානසික රෝගී තත්වයකට පත්ව තිබෙනවා.
මාමසකට වරක්ගාල්ල කරාපිටිය මහා රෝහලට ගොස් එහි - 3 කාමරයේමානසික විශේෂඥ වෛද්‍ය රූමී රූබන් මහතාගෙන් ප‍්‍රතිකාර ගන්නවා.
මේ සම්බන්ධයෙන් මාගේ මව වන ආර්.බී.රේණුකා දකුණු පළාත් බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට කිහිප වතාවකක්ම වාචිකවද මාගේ මාමා වන ආර්.බී. දිලූම් කුමාර විසින් එම නියෝජ්‍ය පොලිස්පති වරයාට වාචිකවද පැමිණිලි කර තිබේ. තවදමාගේ මව පොලිස්පතිවරයාට හා මානව හිමිකම් කොමිෂන් සභාවේ මාතර ශාඛාවටද පැමිණිලි කර තිබේ. නමුත් එ් කිසිදු පැමණිල්ලකට ප‍්‍රතිචාරයක් පවා නොලැබූ බව ප‍්‍රකාශ කරමි.
මා ඉල්ලා සිටින්නේ,
2008 දීමා අත්අඩංගුවට ගෙන මට වධ දීමානසික රෝගියකු බවට පත් කොටඑයින් සෑහීමකට පත් නොවීදිගින් දිගටම දික්වැල්ල නගරයේ හා අවට සොරකම් වලට මා අත්අඩංගුවට ගෙන නැවත නැවත වධ දී බොරු නඩු දැමීම නවත්වා දමන ලෙසටය.
මෙය මට පමණක් නොවමගේ මවටමාගේ ඥතීන්ට මානසික වධයක් වී ඇත.

නඩුවලට මුහුණදීම නිසා මා මහමගට වැටී ඇති බව ප‍්‍රකාශ කරමි.