Friday, July 18, 2014

පොලීසියට ගැති කම් කරන මා.හි.කො මාතර සම්බන්ධිකරන නිලධාරින් ගැන විශ්වාසයක් නෑ.

 




කරන්දෙනිය පොලිසියේදි දැඩි වධහිංසාවට ලක්වු චන්දිල පද්මකුමාර තමා මානව හිම්කම් කොමිසමේ මුලස්ථානයට කරන ලද පැමිණිල්ල, එම කාර්යාලයෙන්ම විමර්ශණය කළ යුතු බවට අවධාරණයෙන් කියා සිටි.

මේ සම්බන්ධයෙන් ඔහු මානව හිමිකම් කොමිසමේ සභාපති වරයා අමතා තිබියදිත් නැවත වරක්  විමර්ශන කටයුතු සඳහා 2014. 07. 17 වන දින මාතර සම්බන්ධිකරණ කාර්යාලයට පැමිණෙන ලෙසට ඔහු ට දන්වා,  නොපැමිණියහොත් - උනන්දුවක් නොදැක්වීම යටතේ ගොනුවේ කටයුතු අවසන් කරන බව දන්වා ඇත.

මෙම ලිපියට, ප‍්‍රාදේශය සම්බන්ධිකරණ නිලධාරී ඞී.එම්.ආර්. දිසානායක ට ලිපියක් යවන චන්දිල පද්මකුමාර, තමාට අමානුෂික ලෙස පහරදබොරු නඩු පැවරම අදාලව යුක්තිය ඉටු කර ගැනීම  අපේක්ෂාව බවත් ඒ සඳහා සිය පැමිණිල්ල - ශ‍්‍රී ලංක මානව හිමිකම් කොමිෂන් සභාවේ ප‍්‍රධාන කාර්යාලයෙන් ම පරක්ෂණ කටයුතු සිදු විය යුතු බවත් තචරයේ කියා සිටි.

මාතර සම්බන්ධි කාර්යාලයේ දි තමාව අපහසුතාවයට පත්කරමින් පොලීසියට පක්ෂපාතිව ක්‍රියා කිරිම අදාලව ඔහු  2014. 07. 02 දාතමින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත පෙරේරා මයා - අමතන ලදි ලිපියේ පිටපතක් - මාතර ප‍්‍රාදේශය සම්බන්ධිකරණ නිලධාරී ඞී.එම්.ආර්. දිසානායක වෙත යවා තිබේ.



දෙවියන්ට බැරි දේ කරවා ගන්නේ පොලීසිය ලවා



වරදක් කළොත් හත් වතාවක් සමාව දිය යුතු බව ට වන දේවියන්ගේ නියමයට පිටු පාමින් එක් වතාවක් වත් සමාව දීමට මේතෝදිස්ත සභාවේ ඉදිබැද්ද පල්ලියේ ගබඩාකරුවන් විරුද්ධ බව පවසන පල්ලියේ රැකවල්කරු ලූක් මහතා දෙවියන් වහන්සේගේ කැමැත්තට පිටු පාමින් තමාව පන්නා දැමිමට පොලීසිය පාවිච් කිරමට උත්සහයක් ඇති බව පොලිස්පතිට ලිඛිත පැමිණිල්ලක් මගින් කියා සිටී.

නීති විරෝධී ක‍්‍රියාවන්ට පොලිසිය යෙදවීම වලක්වන ලෙසට හා තමන්ට ආරක්ෂාව සලසන ලෙසට එම පැමිණිල්ලෙන් ඉල්ලා සිටි.

හතලිස් පස් හැවරිදි මෙතෝදිස්ත කිතු බැතිමතෙකු වන ලූක් හෙන්රි විවාහක දෙදරු පියෙකි.  ඔහු සිය පැමිණිල්ලේ මෙසේ සහන් කරයි.

2014. 07. 13 වන දින රාත‍්‍රී 7. 30 ට පමණ මා නිවසේ නිදාගෙන සිටියදී මොරටුමුල්ල පොලිසියේ නිලධාරීන් හතරදෙනෙකු පැමිණ මා අත්අඩංගුවට ගත්තා.

මා කාරණය ඇසුවාම කියා සිටියා මා දේවස්ථානයේ පූජකට බැන්නා කියා පැමිණිල්ලකට බව.

මාව මොරටුමුල්ල පොලිසියට ගෙන ගොස් එහි කූඩුවට දැම්මා.

රාත‍්‍රී 8. 00 ට පමණ දේවස්ථානය බාර පූජක අර්ල් පෙරේරා දේවගැතිවරයා හා දේවස්ථානයේ ගබඩාකාරු ඉසුරු යන අය පොලිසියට පැමිණියා. ඔවුන් දෙන්නා රිසව් එකේ සිටි පොලිස් නිලධාරී සමග කතා කරමින් සිට යන්න ගියා.

පසුදින එනම් 2014. 07. 14 දින මු`ඵ දවසේම මාව කූඩුවේ තියාගෙන හිටියා. එදින රාත‍්‍රියේ මාව කූඩුවේ තියාගෙන හිටියා.

පසුදින 2014. 07. 15 උදේ 8. 00ට විතර පොලිසියේ හිටිය සිවිල් ඇඳුමින් සිටි සැරයන්වරයෙක් මාව  කූඩුවෙන් එළීයට අරගෙන මට කියා මිදුල අස්කෙරෙව්වා. අතුගෑවේවා. මල්පෝච්චි එක තැනට ගෙනිහින් තිබ්බ ගත්තා.

මා එසේ වැඩ කරමින් සිටින විට, මගේ බිරිඳ හා ලොකු පුතා මාව බැලීමට පොලිසියට ආවා. ඉන් පසු දහවල් 11ට පමණ, මට කියා, පෝරමයකට අත්සන් ගෙන යන්න කිව්වා.

මා පසුව දැනගත්තා දේවස්ථානයේ ගබඩාකරුවන් වන ඉසිරු බාබු, ලක්රාජ්, හේමාල් යන අය 119 හදිසි ඇමතුම් අංකයට ව්‍යාජ තොරතුරු සපයා එනම් මා දේවස්ථානය භාර පූජකට බණිනවා කියා, මාව පොලිස් අත්අඩංගුවට පත් කරන ලද බව.

මෙම නීති විරෝධී ක‍්‍රියාව ඉහත නම් ස`දහන් ගබඩාකරුවන් විසින් සිදු කරන ලද්දේ මාව දේවස්ථානයේ රැකවල් ධූරයෙන් ඉවත් කර, මා පදිංචි රැකවල් නිවසින් පන්නා දැමීමට දරන උත්සාහයේ පියවරක් ලෙසටය.

මා උපන්නේ මෙතෝදිස්ත දෙමාපියන්ටය. මා කුඩාකල නේවාසිකව හිටියේ, කුමාර කාර්මික ළමා නිවාසයේය. එය මොතෝදිස්ත සභාවෙන් පාලනය වන නිවසකි.

2014 පෙබරවාරි 15 වන දින, මාහට - මොරටුව, ඉඳිබැද්ද, රැුකවල් තනතුරට පත්කර, එහි නිල නිවස පදිංචියට ලබාදෙන ලදි.

එදින සිට රැුකවල්කරු වශයෙන් මා, දේවස්ථානයේ ආරක්ෂාව සැපයීමද, දේවස්ථානයේ හා දේවස්ථාන භූමිය සුද්ධ පවිත‍්‍ර කිරීමද මාහට නියම විය. දේවස්ථානයේ යතුරුද මා බාරයේ තිබිණ.

සතියේ සෑම සඳුදාවක්ම මාගේ නිවාඩු දිනය විය. 2014 ජූනි 23 දින සඳුදා රාත‍්‍රී 8.30 ට පමණ මා බිරිඳට කිව්වා තුන්මාසයක් ඇතුලත පත්වීම් ලිපිය දෙන බව කිව්වත් මාස පහක් ගිහිල්ලත් දෙන්නේ නෑ කියා.

එම කථා බහ යන අතර එදින දේවස්ථාන කාර්යාලයේ පංති මූලික රැස්වීමට සහභාගී වෙමින් ලක්රාජ් හා ඉසුරු යන ගබඩා භාරකරුව යන දෙන්නා පැමිණියා.

මා ඔවුන් දෙන්නාගෙන් ඇසුවා මට පත්වීම් ලිපිය දීම ප‍්‍රමාද කරන්නේ ඇයි කියා. එයට කෝපවී ඔවුන් දෙන්නා මා බීමත්ව  සිටින බවට චෝදනාකර යන්න ගියා.

එයින් පසු මා නිදා ගත්තා. මා නිදා සිටි අතරතුර රාත‍්‍රී 9.30 ට පමණ නිවසට පැමිණි ලක්රාජ් හා ඉසුරු යන දෙදෙනා මා බාරයේ තිබූ දේවස්ථනයේ යතුරු රැගෙන ගොස් තිබුනා.

පසුව මා දැනගත්තා එම දෙන්නා දේවස්ථානයේ යතුරු දේවස්ථානය බාර අර්ල් පෙරේරා දේවගැතිවරයාට බාරදී ඇති බව.

ඊට පසුව ගබඩාකාරයින් වන සුරංග හා බාසු හා ඉසුරු -මට චෝදනා කරන්න පටන් ගත්තා 2014. 06. 23`දුදා රාත‍්‍රියේ මා බීමත්ව ලක්රාජ්ට හා ඉසුරුට බැණ තර්ජණය කල බව.

මම සිදුවූදේ දේවස්ථාන බාර අර්ල් පෙරේරා දේවගැතිවරයාට ප‍්‍රකාශ කලා. දේවස්ථානයට පැමිණි බැතිමතුන්ට කිව්වා. සිය`ඵ දෙනා මාගෙන් ඉල්ලා සිටියා වරදක් කරලා නැතිවුනත් දේවස්ථානය නිසා සමාව ඉල්ලා ලිපියක් ඉදිරිපත් කරලා දිගටම වැඩ කරගෙන යන්න කියා.

ඒ අනුව මාඑ 2014. 06. 29 දින හා 2014. 07. 05 දින සමාව අයැදීමේ ලිපිය ගබඩාකරුවන්ට දේවගැතිවරයාට ඉදිරිපත් කලා.

මෙම වාතාවරණය තුල විටින් විට මා හමුවට පැමිණෙන ගබඩා භාරකරුවන් මාහට රැකවල් ධූරයෙන් ඉවත්ව මාහට ලබාදී තිබෙන නිල නිවසින් ඉවත්ව යන ලෙසට තර්ජණය කරනු ලබනවා.

ඔවුන්- මා නොගියොත් පොලිසිය මගින් නිවසින් එළියට ඇද දමන බවටද තර්ජණය කරනු ලබනවා.

එහි මුල් පියවර වශයෙන් ව්‍යාජ තොරතුරු සපයා 2014.07.13 අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලැබූ බව අවධාරණය කරමි.

මාස පහක කාලය තුල, මාහට දීමට පොරොන්දුව වූ රු: 12, 000/ ක් මාසික වැටුපෙන් මා ගෙන ඇත්තේ මාස දෙකක පමණ වැටුපකි.

මාගේ බාල පුතා ලූම්බිණි මහා විදුහලේ අ.පො.ස.උසස් පෙළ කරනු ලබනවා.

මා කිසිදු පදනමකින් තොරව රැකියාවෙන් ඉවත් කිරීම නීතියට මෙන්ම දෙවියන්වහන්සේගේ දේශණ හා ඉගැන්වීම්වලටද පටහැනි බව ප‍්‍රකාශ කරමි.

එමෙන්ම මෙම රැකියා හා අදාලව ප‍්‍රශ්ණයකට මාව පොලිසිය යොදවා නිවසින් දෙට්ට දැමීමට දරන උත්සාහයද නීති විරෝධී බව අවධාරණයෙන් ප‍්‍රකාශ කර සිටිමි.

මා රැකියාවෙන් හා මාහට ලබාදී තිබෙන නිල නිවසින් මා ඉවත් කළ හැක්කේ, පිළිගත් නීති රීති වලටය.

මොරටුව දිබ්බැද්ද මොතෝදිස්ත දේවස්ථානයේ භාරකරුවන් මූලිකව නීති විරෝධීව මෙන්ම දේවියන් වහන්සේගේ ඉගැන්වීම්වලට පටහැනිව කරන ක‍්‍රියාවන්ගෙන් මා ආරක්ෂා කරන ලෙසට ඉල්ලා සිටිමි. මෙම නීති විරෝධී ක‍්‍රියාවන්ට පොලිසිය යෙදවීම වලක්වන ලෙසටද ඉල්ලා සිටිමි.

මෙම පැමිණිල්ලේ පිටපත ඔහු මෙතෝදිස්ත සභාවේ මහානායක තුමා වන ජෙබනේෂන් දේවගැති
වරයාට ද යවා තිබේ.

අප රටේ සෑම ආගමික ආයතනයක් ම තමන් ගේ දුෂිත වැඩ වලට යොදවා ගන්නේ පොලීසි යයි. සර්ව බලධාරි දෙවියන්ට කළ නොහැකි බොහේ දේ පොලිසිය ලවා කරවා ගත හැකි බව මෙම ආගමිකයින් දන්නේ නැති වුනාට පුජකයෝ ඒ බව දනිති දෙවියන් ගේ නාමයෙන්.










Monday, July 14, 2014

ක`ඵතර බන්ධණාගාර රැුඳෙවියෙකුගේ ජීවිතය අනතුරේ.

ෙදාන් කමල් නම් වු තම සැමියා ට ක`ඵතර බන්ධනාගාරයේදී රැුඳවියන් හා නියාමකවරු දරුණු ලෙස පහරදී ඇති බව ප‍්‍රකාශ කරන දෙරු මවක් වන තරංගි ජීවන්ති, ඔහුට නියාමකවරු පහරදී ඇත්තේ කාර්යාලය තුලදී බවද කියා සිටී.

එම පහරදිමෙන් සිදුව ඇති තුවාල ට ප‍්‍රතිකාර ලබාදි නොමැති බවද, 2014.07.09 වන දින සිදුවු මෙම පහරදි මෙන් පසුව මානසික රෝගීන් සමග ඔහුව තබා තිබෙන බව ද ඈ කියා සිටි.

හෙරොයින් සම්බන්ධ චෝදනා මත, 2010 සිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටීන තම සැමියාට, ක`ඵතර බන්ධණාගාරයේ සිටින ගල්කිස්ස හා දෙහිවල ප‍්‍රදේශයේ රැුඳෙවියන්ගෙන්  තර්ජණ තිබෙන බවද එ් සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට කරුණු දැක්වූවද ඵලක් නොවූ බව ඇය වැඩි දුරටත් ප‍්‍රකාශ කරයි.

මානව හිමිකම් කොමිෂන් සභාවට ලිඛිතව ඉල්ලීමක් කරන, තරංගි ජීවන්ති, දැනට ක`ඵතර බන්ධනාගාරයේ සිටින තමා සැමියාව, කොමිෂම මගින් පරීක්ෂාවට ලක්කර, ඔහුගෙන් තොරතුරු ලබාගන්නා ලෙසට ද, කිසිඳු ආරක්ෂාවක් නොමැති ක`ඵතර බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරයකට සැමියාව නොපමවා මාරු කිරීමට පියවර ගන්නා ලෙසට ද ඉල්ලා සිටී.
.

Sunday, July 13, 2014

පොලිස් පොල්ලේ බලෙන් සාවාසයට ගෑණීව ගත්තා. ගෙයත් ගන්න හැදුවා.

හික්කඩුව පොලිසියේ හිටපු පොලිස් පරීක්ෂක සංජීව සෙනෙවිරත්න මගේ සහකාරියව සාවාසයට ගත්තා. ඊට පස්සේ ඇය හා එක්ව මගේ නිවස උදුරා ගැනීමට තැත් කලා. වධ දී මටත් මගේ පියාටත් බොරු නඩු දැම්මා.
බොරු නඩු දෙකෙන් මමත් මගේ පියාත් පසුගියදා නිදහස් වුනා. ඒ සදහා වසර පහක් උසාවි ගියා.
මේ 2008 වසරේ වූ සිදුවීමක්.
එවකට රොෂාන්ගේ වයස අවුරුදු 35යි. ඔහු ධීවර කාර්මිකයෙක්.
2002 සිට ඔහු සුසානි අංජලා සමග එකට ජීවත්වුණා. 2004 සුනාමියටද ඔවුන් එකට මුහුණ දුන්නා.
ඔවුන්ගේ නිවස තියනේනේ හික්කඩුව පොලිසිය පෙණෙන මානයේ. තම සහකාරිය සුසානි අංජලා එවකට හික්කඩුව පොලිසියේ සේවය කරපු උප පොලිස් පරීක්ෂක සංජීව සෙනෙවිරත්න සමග සහවාසයට ආරගෙන   බව ඔහු දැනගත්තා.
ඔහු එකගෙයි කෑමට එකගවුනේ නැහැ. පැමිණිලි දාන්න පොලිසියට ගියාම, උප පොලිස් පරීක්ෂක සංජීව සෙනෙවිරත්න ඔහුට කිව්වේ ගෑණිව එපා නම්, ගේ ගෑණිට දීලා උඹ පලයන් මහගෙදර කියා.
ගේ තමාගේ  බව පැවසූ විට, මේක පොලිසියේ අණ බව කියමින්, රොෂන්ට තම නිවසට යෑම තහනම් කලා.
මේ අතර, සුසානි අංජලා නිවස අතහැර ගියා. රොෂාන් නිවස බාර ගත්තා. 2008.04.02 දින ඔහුට දැනගන්නට ලැබුනා සුසානි අංජලා පොලිසිය සමග ඇවිත් ගේ දොර කඩා, බඩු මුට්ටු ගෙනියන්න සූදානම් වන බව.
ඔහු වහාම නිවසට ගියා. තමා එන බව දුටු පොලිස් පරීක්ෂක සංජීව සෙනෙවිරත්න, එතැන හිටිය පො.කො.සුරංගට කිව්වා, රොෂාන්ව අල්ලා දෙකක් අණින්න කියා. පො.කො.සුරංග, රොෂාන්ව අල්ලා පහර දුන්නා. ඔහුගේ කෑගැසීමට අසල නිවසේ සිටි පියා - හැරිසන් එතැනට දුව ආවා.
උප පොලිස් පරීක්ෂක සංජීව සෙනෙවිරත්න දුව ඇවිත් රොෂාන්ටත්, පියා හැරිසන්ටත් පහර දුන්නා.
රොෂාන්වයි, හැරිසන්වයි කමිස කොළරවලින් අල්ලා පාර දිගේම පොලිසියට ඇදගෙන ගියා.
දෙන්නාව පොලිස් කූඩුවට දැම්මා. ටික වේලාවකින් රොෂාන්ව කූඩුවෙන් එළියට අරන්, හැරිසන් (පියා) ඉදිරිපිටදීම බිම පෙරලා ඇග උඩ නැග පහර දුන්නා. පහර දුන්නේ කොස්තාපල් සුරංග.
එසේ පහර දීමෙන් පසුව, රොෂාන්ට ගංජා නඩුවකුත්, හැරිසන්ට බීමත්ව සිටි බවට නඩුවකුත් ලියන්න කියා, දෙන්නාව හික්කඩුව ආරච්චිකන්ද රජයේ රෝහලට ගෙනයනු ලැබුවා.
රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී - වෛද්‍ය කොඩිතුවක්කු ඉදිරිපිටට ගෙනගොස්, පොලිසිය සිය අවශ්‍යතාවය ඔහුට පවසා සිටියා.
හැරිසන් - තමන්ට හා පුතුට පහර දුන් බව පවසා, පරීක්ෂා කර ප්‍රථිකාර ලබාදෙන ලෙසට ඉල්ලුවා. පොලිසිය කිව්වා හැරිසන් බීලා කියා ලියලා දෙන්න කියා.
පොලිසියේ උපදෙස් මත දොස්තර කොඩිතුවක්කු වැඩ කලා.
රොෂාන්ව ගංජා ලග තබා ගැනීම යන චෝදනාව යටතේ පසුදින අධිකරනයට ඉදිරිපත් කරනු ලැබුවා.
ඔහු නිවැරදිකරු කියා - ඇප මත නිදහස්ව, එදිනම කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුලත්ව - ප්‍රතිකාර ලබා ගත්තා.
හැරිසන්ට විරුද්ධව බීමත්ව මහ පාරේ  අශෝභන විදිහට හැසිරුනා කියා නඩුවක් පැවරුවා.
දෙන්නාම චෝදනා ප්‍රතික්ෂේප කර වසර 5ක් පුරා නඩු කිව්වා.
හැරිසන්ව, 2014.04.28 වන දින නිදොස් කොට නිදහස් කරන ලද අතර, රොෂාන්ව 2014.06.09 වන දින නිදොස් කොට නිදහස් කරනු ලබනවා.
සම්ප්‍රදායෙන් බැහැරව - පිය පුතු දෙන්නා, පොලිසියේ නීති විරෝධී ක්‍රියාවන් අභියෝග කරනවා. ඒ සදහා වසර 5ක් පුරා ධනය හා කාලය වැය කරනවා.
2008 දීම, පිය පුතු දෙන්නා තමන්ට පහර දුන්න, බොරු නඩු දාපු හික්කඩුව පොලිසියේ උප පොලිස් පරීක්ෂක සංජීව සෙනෙවිරත්න, පො.කො.සුරංග 64244 හා ස්ථානාධිපතිට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරනු ලබනවා. එම නඩුව තවම ඉවර නැහැ.
මේ පොලිස් කාරයින් ගැන පොලිස්පතිට පැමිණිලි කරනවා. නමුත් මේ දක්වාම පොලිස්පතිවරයාට පුලුවන්වෙලා නැහැ - මේ පොලිස්කාරයින්ට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක කරන්න.
පොලිස්කාරයින්ට අපරාධ කර දඩුවම් නොලබා සිටින්නට ඉඩ ලබාදී තිබෙන රටක් ශ්‍රී ලංකාව.

නීතිය මත පාලනය, බහුතරය කියන පරිදි නීතියේ ආධිපත්‍ය - බිදවැටුනු රටක් ශ්‍රී ලංකාව. ආඩම්බරයි නේද ?

Saturday, July 12, 2014

කුණුහරප - ශ්‍රී ලංකා පොලිසියේ ජාතික භාෂාවයි.

තිත්ත කුණූහරපයෙන් පැමිණිලිකරුට බැණ වැද - පැමිණිල්ල විභාග නොකර, පන්නා දැම්මේ, ජංගම දුරකථ වංචාකරුගෙන් පොලිසිය කන - බොන නිසා.
විසි එක් හැවිරිදි වඩු කාර්මිකයෙකු වූ ප‍්‍රියන්ත, තමාගේ ජංගම දුරකථනය ප‍්‍රදේශයේ උකස් බඩු ගන්නෙකු වූ රසික සම්පත් නැමැත්තාට උකස් තබන ලදි.
ලබාගත් මුදල හා පොලිසිය ලබාදී, ජංගම දුරකථනය ඉල්ලා සිට විට, ඔහුට ලැබුනේ ක‍්‍රියා විරහිත දුරකථනයකි.
නමුත් රසික සම්පත් තමා උකස් තැබූ ජංගම දුරකථනය ලබා නොදි වංචා කිරීම පිළිබඳව ෙදාඩංගොඩ පොලිසියේ පැමිණිලි කළේය.
මෙම පැමිණිල්ල පළමුවෙන් විභාග කළේ පොලිසියේ රෝද පුටුවෙන් යන කුමාර නැමැති නිලධාරියාය.
පැමිණිලි විභාගයට රසික සම්පත් පැමිණ සිටියේ නැත. මෙම නිලධාරියා ප‍්‍රියන්තට සවසට එන ලෙස දැනුම් දෙන ලදි.
සවස ගිය විට රෝද පුටුවෙන් යන එන නිලධාරියා හෝ රසික සම්පත් හෝ පොලිසියේ සිටියේ නැත.
ඔහු තමා ආ කාරණය පොලිසියේ සිටි පො.කො.53463 නිලධාරියාට කි විට ඔහු ප‍්‍රියන්තට තිත්ත කුණුහරපයෙන් බැණ වැදි පන්නා ගන්නා ලදි.
මෙය ප‍්‍රියන්තට අදහා ගැනීමට බැරි අත්දැකිමක් විය.
ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරින් පොලිසියට පැමිණෙන අසරණයින්ට කතා කරන්නේ කුණුහරපයෙනි.
ඒ බෞද්ධ පොලිස්කාරයින්ගේ සදාචාරයයි. හැදියාවයි. ආගමට මුවා වි තමාව නඩත්තු කරන රටවැසියන්ටවත් ශිෂ්ඨ විදිහට කතා කිරිමට පුහුණුවක් දී නැති පොලිසිය - මේ වන විට අමු අමුවේ මිණි මරති.


            

රාමදාන් උපවාසය - දෙවියන්ටත් වැරදුන තැන්.



ලොව පුරා සිටි මුස්ලිම්වරු රාමදාන් උපවාසය තීරණය කරන්නේ චන්ද්‍රයා ගේ ගමන (පෘතුවිය වටා) පාදක කරගෙනය.

එයට අමතරව ඉරු නගිද්දී උපවාසය ආරම්භ කරන මොවුන් ඉරු බැසීමත් සමග මොවුන් උපවාසය අත්හරිති.

සියල්ල දත් බවට හා සියල්ලටම වඩා ප්‍රබල බවට විශ්වාස කරන දෙවියන්, ලෝක ස්වභාවය තේරුම් ගැනීමට තරම් බුද්ධියක් තිබුණා බවක් නම් පෙනෙන්නට නැත.

සමහර රටවල ට, සමහර කාලවලට පැය 24 ඉර පායන බව. සමහර කාලවලට ඉරපායන්නේ නැති බව.  එක් එක් කාල වකවානුවල ඒ ඒ රටවල පිහිටීම අනුව ඉර නැගීම හා බැසීමේ වෙලාවන් වෙනස් වනබව මේ දෙවියන්ට වැටහී නැත.

එසේ නැති නම් මේ දෙවියන්, සිය මැවීමේදී  එක එක විදියට නොව එකාකාරව ලොවේ හැම රටකටම එකම විදියට ඉර බසින හා නගින බව දෙවියන් විශ්වාස කළ නිසා විය හැකිය.

මෙම රාමදාන් උපවාස කාලයේ බරපතලම අර්බුදයකට මුහුණ පෑවේ විවිධ රටවලින් සරණාගතයින් ලෙසට ස්වීඩනයට පැමිණ සිටින මුස්ලිම් ආගමිකයින්ට.
 
උතුරු   ස්වීඩනයට මේ දිනවල පැය 24 පුරාම ඉරු එළිය ලැබෙයි. ඉර පායන්නනේ ද බසින්නේ ද නැත.

ඒ නිසා  උපවාස කාලය පිළිබව අර්බුදයක් හටගෙන ඇත. ඉර නැගීම හා බැසීම මත තීරණය කරන රාමදාන් උපවාසය, එක් එක් රටවල පැය ගණනින් ගත් කළ ද වෙනස් වේ. සමහර රටවල පැය 15 කි. සමහර රටවල පැය 09 කි.

උපවාසය අතහැරීමේදීද මෙම අර්බුදයට සෑම වසරකම මුස්ලිම්වරු මුහුණ පායි.  ඒ සමහර දිනවල ස්වභාවික හේතු මත පෘතුවියේ සිටින අයට චන්ද්‍රයා නොපෙනීම නිසාය.

උපන්දා සිට, විවිධ වූ විශ්වාසයන්ට හුරු පුරුදු කරනු ලබයි. ඒම හුරු පුරුදු කිරිම් තුල සිදු කරන්නේ, එම අන්ධ විශ්වාස වලින් මිදී, යථාර්ථය තේරුම් ගැනීමේ ශක්තිය විනාශ කර දැමීමයි.
මෙම මානසික නිවට කම දුෂ්ඨ පාලකයින්ට තම පාලනය ගෙන යෑමට ඉතා හො අවියකි.




ළමා කාමාතුර පූජකයින් වෙනුවෙන් පාප්වහන්සේ සමාව අයදී.




කතෝලික පූජකයින් විසින් ලිංගික අපයෝජනයට ලක් කරන ලද ලක්ෂ ගණනක් ළමුන් වෙනුවෙන් මෙම සමාව ඇයද සිටීම ප්‍රැන්සිස් පාප්වහන්සේ සිදු කරන ලද්දේ ළමා අපයෝජනයට ලක් වූවන් හය දෙනෙකු වෙනුවෙන් පවත්වන ලද දේව මෙහෙයේදී ය.

කතෝලික පූජකයින් විසින් ලිංගික අපයෝජනයට ලක් කළ අයර්ලන්තයේ, බ්‍රිතාන්‍යය හා ජර්ම්න ජාතිකයින් හයදෙනෙකු සමග, වතිකානුවේදී මෙම දේව මෙහෙය පැවැත්වීමෙන පසුව, මේ හය දෙනාගේ ළමාවිය කටුක අත්දැකීම් ගැනද ප්‍රැන්සිස් පාප්වහන්සේ විමසා තිබේ.

මෙම හමුවේදී පාපයේ යෙදුන කතෝලික පූජකවරුන් වෙනුවෙන් සමාව දෙන ලෙසට ඔහු අයැද තිබේ.

නමුත්, දශක ගණනාවක් පුරා, ළමා ලිංගික අපයෝජයේ යෙදුන පූජකයින්ට වාරැදුධව පියවර ගැනීම කතෝලික සභාව ප්‍රතික්ෂේප කළ බව පෙන්වා දෙන, විචාරකයින්, ප්‍රැන්සිස් පාප්වහන්සේගේ සමාව අයැදීම ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශ කරයි.

පාප්වහන්සේ සමග මෙම සාකච්ඡාවට එක්වූ දැනට, 43 වන වියෙහි පසුවන අයර්ලන්ත ජාතික මරියා කේන් තම ළමා වියේදී වසර තුනක් පුරා කාලෝලික පුජකයෙකු තමාව අපයෝජනයට ලක් වූ බව කියා සිටි අතර, අයර්ලන්ත කාදිනල් සීන් බ්‍රැඩ්ව ධූරයෙන් ඉවත් කරන ලෙසට ද  ප්‍රැන්සිස් පාප්වහන්සේ ගෙන් ඉල්ලා ඇත.

සෑම බිෂොප්වරයෙකුම, ළමුන් ගේ ආරක්ෂාව සහා කටයුතු කළ යුතු බවද හේ මෙහිදී ප්‍රකාශ කර ඇත.

ප්‍රැන්සිස් පාප්වහන්සේ  - ස්පාඤ්ඤ භාෂාවෙන්කරන ලද මෙම සාකච්ඡාවට ළමා විය අපයෝජනයට ලක් වූ හය දෙනා සමග සිය ඥාතීන් හා භාෂා පරිවර්ථකයින් ද සහභාගී වී තිබේ.