Monday, April 4, 2016

ගෙදර හිටිය මිනිහාව ඇදගෙන ගොස් ගංජා නඩු දැම්මාට, IP ට ලක්ෂ 2ක්!.ජොබ් එක බේරා ගන්න, බොරු නඩුව දැම්ම SI ට දහ දාහ ක්!!, රජයට විසි දාහක්!!! ගෙවන්න වෙයි.

පොලිසිය කිසිදු හේතුවක් නැතිව පුද්ගලයින් අත්අඩංගුවට ගෙන, පසුව එම අත්අඩංගුවට ගැනීම සාධාරණය කිරිමට, තහනම් ද්‍රව්‍ය හෝ සමාන නීති විරෝධී ද්‍රව්‍ය දමන බව විනිසුරුවරු මතක තබාගත යුතු කරුණක්.
මෙම ප‍්‍රකාශය කරන්නේ, 2012 මැයි 25 වන දින, හෝමාගම පොලිසියේ එවක සිටි පොලිස් නිලධාරින් අට ෙදෙනකුට ඒෙරහිව, පන්නිපිටියේ පදිංචිකරුවකු වූ ජස්ටින් රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවක තීන්දුව ප‍්‍රකාශයට පත්කරමින්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ආබෲ මහතාය.

ජස්ටින් රාජපක්ෂ මහතා, හෝමාගම පොලිසියේ එවක සේවය කල පොලිස් පරීක්ෂක ප‍්‍රසන්න රත්නායක ඇතුලූ දසදෙනෙකු වගඋත්තරකරුවන් කරමින්, තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන ලද බවට චෝදනා කරමින් පවරන ලද මෙම නඩුවේදී, පළමු වගඋත්තරකරු පොලිස් පරීක්ෂක ප‍්‍රසන්න රණතුංග පුද්ගලිකව, රුපියල් ලක්ෂ දෙකක්ද, එම  හයවන වගඋත්තරකරු වූ උප පොලිස් පරීක්ෂක එ්.එල්.එම්.අමීන් - පුද්ගලිකව, රුපියල් දසදහසක්ද, රජය රුපියල් විසි දහසක්ද, වන්දි වශයෙන් ජස්ටින් රාජපක්ෂ මහතාට ගෙවන්නට නියම කරනු ලැබීය.
මේ අනුව - ජස්ටින් මහතාට පිරිනැමූ මු`ඵ වන්දිය රුපියල් දෙලක්ෂ තිස්දහසකි.

2012 මැයි 25, හෝමාගම පොලිසියේ වැඩකළ පො.ප.ප‍්‍රසන්න රත්නායක ජස්ටින් රාජපක්ෂ මයාගේ නිවසට ගොස් ඔහුට පහරදී, ඇදගෙන ඇවිත්, ජීප් රථයට දමාගෙන, මත්තේගොඩ විද්‍යාදීප මහා විද්‍යාලයට ගෙනගොස්, එහිදී මහා හඬින් කසිප්පු කාරයෙක් ජීප් එකේ ඉන්නවා යයි කෑගසා, කියා එදින එම විද්‍යාලයේ පැවති ඩෙංගු මර්ධන රැස්වීම ඇමතීමට එක්ව, ඩෙංගු මර්ධනය ගැන දේශණයක් පවත්වා තිබේ.
ජස්ටින් රාජපක්ෂ ගේ දරුවන්ද එම පාසැලේ ඉගෙනුම ලබන බව දැන මෙම නීච ක‍්‍රියාව පො.ප. ප‍්‍රසන්න රත්නායක සිදුකර තිබේ.

රැස්වීමෙන් පසුව හෝමාගම පොලිසියට ගෙන ගොස්, දින දෙකකට පසුව, 2012.05.27 ගංජා ලඟ තබාගත් බවට චෝදන නගා - බොරු නඩුවක් පවරනු ලැබීය.

එම නඩුවේදී, බොරු නඩුව පැවරූ උප පොලිස් පරීක්ෂක එ්.එල්.එම්.අසීම්, සාක්ෂි දෙමින් කියා සිටියේ, පො.ප.ප‍්‍රසන්න රත්නායක රැකියාවෙන් නෙරපන බව තමාට තර්ජණය කල නිසා, පො.ප.ප‍්‍රසන්න රත්නායක ලබාදුන්න ගංජා පැකට් සමග ජස්ටින් රාජපක්ෂව උසාවියට ඉදිරිපත් කරන ලද බවයි. 

මෙම සාක්ෂිය සමග, හෝමාගම මහේස්ත‍්‍රාත්වරයා - ජස්ටින් රාජපක්ෂ මයාව නඩුවෙන් නිදහස් කරනු ලැබීය.

මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව, ශ‍්‍රී ලංකා පොලිසියේ අමනකම්, නීති විරෝධී ක‍්‍රියා හෙළි කරන්නක්.
මේ නඩු තීන්දුව ජාතික පොලිස් කොමිෂමේ, මානව හිමිකම් කොමිෂමේ පමණක් නොව, අධිකරණ සේවා කොමිෂමේද අවධානයට ලක්විය යුත්තකි.
මන්ද බොරු නඩු දැමීම, ශ‍්‍රී ලංකා පොලිසියේ හේතු පාඨය වී තිබීම නිසාය.
බොරු නඩු දැමීම වහාම වැලැක්වීමට පියවර ගත යුතුයි. එය ආණ්ඩුවේ වගකීමකි.
සංක‍්‍රාන්තික යුක්තියපිළිබඳ කතා කරන ,අවධානය යොමුව තිබෙන සියල්ලගේ අවධානය යොමුවිය යුතු කරුණකි.

පොලිස් නීති විරෝධී ක‍්‍රියාවන්ට, රු: 1,50,000/= ක වන්දිය ගෙවන්න රජයට සිදුවෙයි.

කටුගස්තොට පොලිසියේ හය දෙනෙකු පුද්ගලයෙකුගේ මූලික අයිතීන් උල්ලංගණය කලාට, වන්දි වශයෙන් එම පුද්ගලයාට රුපියල් ලක්ෂ එකහාමාරක් ගෙවන්න රජයට නියම කරන ලදි.
පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කළේ, 2007 වසරේ කටුගස්තොට විජොට්මන් මහතාව අත්අඩංගුවට ගෙන, රඳවාගෙන වධදීම සම්බන්ධයෙන් ඔහු විසින් පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින්ය.
විජොට්මන්න මහතා 2007.02.04 වන දින, කටුගස්තොට නගරයේදී බස් රථයකට ගොඩ වූ විට පාපුවරුවේ ඉඩ හරස් කරමින් සිටි පුද්ගලයෙකුට ඉඩදෙන්න යයි කිව්විට - එම පුද්ගලයා මොහුට පයින් ගසා තිබේ. එ් අවස්ථාවේ වචන හුවමාරුවක් සිදුව තිබේ.
පසුදින උදේ - කටුගස්තොට පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන, වධදී, සුපුරුදු පරිදි ගංජා සමග නුවර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේදීත්, පොලිසිය බොරු නඩු දැමීම ගැන, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම හා වධදීම් ගැන අවධානය කැඳවන අතර අත් අඩංගුවට ගන්නා පුද්ගලයින් මහේස්ත‍්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරිමේ දි, පොලිසියේ ක‍්‍රියා කලාපය ගැන - විනිසුරුවරු විනිසුරු මනසකින් යුතුව කරුණු සලකා බැලිය යුතු බව අවධාරණය කර තිබේ.
එවක කටුගස්තොට පොලිසියේ සේවය කල, පොලිස් පරීක්ෂක සමරකෝන්, උප පොලිස් පරීක්ෂක බණ්ඩාර, පොලිස් සැරයන් දිසානායක, පො.කො. 47093,  29277 හා පො.සැ.ජයවර්ධන වගඋත්තරකරුවන් ලෙසට මෙම නඩුවේ නම් කර තිබිණ.
විජොට්මන්න මයා වෙනුවෙන් නීතිඥ ජේ.සී.වැලිඅමුණ මයා පනී සිටි අතර, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු - චන්ද්‍ර එ්කනායක, ජනාධිපති නීතිඥ විනිසුරු වනසුන්දර, ජනාධිපති නීතිඥ විනිසුරු ජයවර්ධන යන ත‍්‍රී පුද්ගල විනිසුරු මණ්ඩලය හමුවේ විභාග විය. මෙම නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත්කළේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චන්ද්‍ර එ්කනායක මහතාය.
සටහන

මෙම තීන්දුව පොලිස් කොමිෂම හා සංක‍්‍රාන්තික යුක්තිය පිලිබඳව කතා කරන විද්වතුන්ගේ අවධානයට යොමුවිය යුතුයි.

Friday, April 1, 2016

ඇඳුම් ගලවලා, - රතු ලූණු ගෙඩියක් දීලා ”කුරුල්ලා” ගේ අතුල්ලපන් ------- පර දෙමල්ලූ....2

බලන් හිටිය අය ඇහුව්වා දැවිල්ල ද කියලා.
ඊට පස්සේ අත් දෙකට මාංචු දාලා, බිම වාඩි කරවලා පපුවට, බෙල්ල පාත් කරලා පිටට ගැහුව්වා. අත කැඩෙන්න කැරකුවා. පයින් ගැහුව්වා මේසේ යටට විසිවෙන්න. පොල්ලකින් ඇස්වටයට ගැහැව්වා. මෙහෙම කළේ කූඩුවෙන් එළියට අරන් කාමරයකට ගෙනගිහිල්ලා.
මෙසේ ප‍්‍රකාශ කරන්නේ 2016.03.19 දින අත් අඩංගුවට ගෙන වධ හිංසාවට පත් වු 16 හැවරිදි දරුවාය. පොලීසියේ ඉල්ලීම මත අධිකරණයෙන් පරිවාස බාරයට පත් කලායින් පසුව, 2016.03.29 ඇප මත මුදාහැරීමෙන් පසුව මෙම දරුවා ගොත ගහන්නට පටන් ගැනීම හා වරින් වර සෙම සමග ලේ යෑම හා දැඩි වේදනාවෙන් පෙළෙන නිසා නැවත රෝහල් ගත කිරීමට දෙමාපියන්ට සිදුවිය.
පරිවාස භාරයේ සිටින අවස්ථාවේ දෙවරක් අමාරුවී රෝහල් ගතකර ප‍්‍රථිකාර ලබාදෙන ලදි.
පොලිසිය පැමිණ බලපෑම් කරන බව දෙමාපියන් පවසයි.

තොපි පර දෙමල්ලූ, එනවා මෙතන පුතාව සුද්ද කරන්න ......යන හිසින් මීට පෙර පළවූ පුවතේ පසුබිම විස්තර වේ.

තොපි පර දෙමල්ලූ, එනවා මෙතන පුතාව සුද්ද කරන්න! අම්මාට.......පිය, තොප හු..... ඕන තැනකට පලයල්ලා!!

පොලිසිස්  නිලධාරීන් මෙසේ කුණුහරප කියමින් නින්දා අපහසයට පත්කර පළවා දමා ඇත්තේ අත්අඩංගුවට ගෙන සිටි අවු: 16 හැවරිදි පාසල් සිසුවකු වු තම පුතාව බැලීමට මව, තෙබුවන පොලිස් ස්ථානයට ගිය අවස්ථා වේදීය.

මව ජයචිත‍්‍රා මහත්මිය, මානව හිමිකම් කොමිෂන් සභාවට, ජාතික පොලිස් කොමිෂන් සභාවට, ජාතික ළමා ආරක්ෂක අධිකාරියට සහ පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට, කර තිබෙන ලිඛිත පැමිණිල්ලේ් මෙසේ සඳහන් වේ. 

සෙනසුරාදා(19දා) උදේ 8.00 ට තෙබුවන පොලිසියට එන්න කිව්වා. ඒහි දි 16 හැවරිදි පුතාව අත්අඩංගුවට ගෙන කූඩුවට දැම්මා. ඒ අවස්ථාවේ, මටත් සැමියාටත් තොපි පර දෙමල්ලූ, එනවා මෙතන පුතාව සුද්ද කරන්න, කියමින් අම්මාට.......පිය, තොප හු.....   ඕන තැනකට පලයල්ලා කියමින් බැණ තර්ජණය කරමින් නින්දා කලා. 
අපි ඉන්දීය සම්භවයක් ඇති දෙමළ. 

සැමියාත් මාත් රෑ වෙනකං පොලිසියේ ඉස්සරහට වෙලා හිටියා. රෑ ගෙදර යන්නේ නැතිව, කිට්ටුව තියෙන පල්ලියට ගොස් නැවතුනා. 
පසුදින උදේ (20 ඉරිදා) 8.00 ට නැවත තෙබුවන පොලිසියට ගියා. 

අපි පොලිසියට ගියාට පස්සේ, පුතාව කාමරයක ඉඳලා ගෙනවිත් කූඩුවට දැම්මා. පුතා ආවේ නොන්ඩි ගසමින්. පුතා කිව්වා හොඳටම ගැහුව්වා කියලා.

මගේ මල්ලී සිද්ධිය අරාංචි වෙලා පොලිසියට ආවා. ඔහු තෙබුවන පොලිසියේ ස්ථානාධිපති හමුවුනා. ස්ථානාධිපති ඔහුට කියා තිබුනා,පාරවල් දෙක තුනක් ගහලා තියෙනවා, අද උසාවි දානවා කියා. 

සවස 2.00ට පමණ පුතාව උසාවි ගෙන ගියා. මමත් සැමියාත්, මල්ලිලා සමග උසාවියට ගියා. එහිදී අපි නීතිඥ මහත්මියට මුදලින් රු: 5000/= ක් දීලා ඉදිරිපත් කළා. ඇයට උපදෙස් දුන්නා පුතාට තෙබුවන පොලිසියෙන් පහරදීලා තියෙන බව කියන්න කියා. නමුත් ඇය උසාවියේදී වචනයක්වත් කතා කලේ නැහැ.

පුතාව රිමාන්ඞ් බාරයට පත් කලා. බන්ධනාගාර නිලධාරීන් පුතාව රැුගෙන ගියා.

පසුදින, 21 සඳුදා, කලුතර බන්ධනාගාරයට ගියා. බන්ධනාගාරයෙන් දැනුම් දුන්නා පුතාව පරිවාසයට බාරදීලා තියෙන්නේ කියා. ළමා නිවාසයට බාර දුන්නා කියලාත් කිව්වා. 

අපි පුතාව බලන්න ළමා නිවාසයට ගියා. ළමා නිවාසයෙන් කිව්වා, රෑ පුතාට හුඟක් අමාරු වුණා. නාගොඩ රෝහලට ගෙන ගියා කියලා. එහි සිටිය මහත්මයෙක් අපිව නාගොඩ මහා රෝහලට රැගෙන ආවා. පුතා 3 වාට්ටුවේ 7 ඇඳේ හිටියා. පුතා සමග කතා කලා. තෙබුවන පොලිසියේ කාන්තා අංශයේ නිලධාරිනී පුතාගේ කම්මුලට ගසා තර්ජනය කර, එහි සිටි පොලිස් නිලධාරියෙකුට ගහපන් ගහපන් කියා කියමින් තමාට ගැස්සවු බව කිව්ව බව කියා සිටියා. 

21 දින (සඳුදා) පුතාව බලන්න රෝහලට ගියා. පුතා කිව්වා උදේ තමාට ගහපු පොලිස් නිලධාරිනිය හා නිලධාරියෙක් පැමිණ තමාට තර්ජනය කර ගිය බව.

22 දින (පෝය), දහවල් මමත්, සැමියාත් රෝහලේ පුතා ළඟ ඉන්නකොට, තෙබුවන පොලිසියේ කාන්තා අංශයේ නිලධාරණිය හා තවත් පොලිස් නිලධාරියෙක් පුතාව බලන්න ආවා. පිරිමි නිලධාරියා උපපොලිස් පරීක්ෂක වරයෙක්. අපි දරුවා ලඟින් ඉවත් වුනා.

ඔවුන් ගිය පසුව, පුතා කිව්වා කාන්තා නිලධාරිණිය ගහපු බව කියන්න එපා, උදව් කරන්නම් යයි කියපු බව. උප පොලිස් පරීක්ෂකවරයා කණ මිරිකා ගහපු බව එහෙම කියන්න එපා යයි තර්ජණය කල බව. 

දවස් දෙකකට පස්සේ, 22 දින සවස 4.30 ට පමණ පුතාගේ ටිකට් කැපුවා. නැවත පුතාව, ළමා නිවසට ගෙන ගියා. තවමත් පුතා ඉන්නේ  ළමා නිවාසයේ.’ 
ඇය සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිටින්නේ
තම  පුතාට පහරදී වධ දුන්න තෙබුවන පොලිසියේ ස්ථානාධිපති, කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරීනියට, පහරදුන් කොස්තාපල්වරයාට, රෝහලට පැමිණ තර්ජණය කල උප පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව - නීතිමය පියවර ගන්නා ලෙසට,
ළමා නිවාසයේ, රඳවා තිබෙන මගේ දරුවාට ආරක්ෂාව සලසන ලෙසට, පොලිසියෙන් හෝ වෙනත් බලපෑම් කිරීම්වලට භාජනය වීම වලක්වන ලෙසට,
ළමා නිවාසයේ රඳවා සිටින මාගේ පුතාව, ප‍්‍රමාද නොකොට හමුවී, සියලූම තොරතුරු ලබා ගන්නා ලෙසට,
එමෙන්ම, මටත් සැමියාටත් කුණුහරපා කිමයින් බැණ තර්ජය කරමින්ද, පරදෙමල්ලූ කියා හඳුන්වමින්ද අපට නින්දා කල, පහර දුන්න නිලධාරීවරයාට එරෙහිවද - නීතිමය පියවර ගන්නා ලෙසට ය.
පැමිණිල්ලේ පිටපත පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට ද යවා තිබේ. 

Thursday, March 31, 2016

බාල වයස්කාර දරුවන් දෙදෙනෙකුට වධ දුන්න පොලිස්කාරයාට එරෙහිව දොලොස් වසරකට පසුව නඩු.

නීතිපති උපදෙස් මත, පොලිස් විශේෂ විමර්ශණ එ්කකය විසින්, පොලිස් සැරයන් 1999 දඹගල්ලේ සිරිකුමාර ට එරෙහිව - බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ 2016.03.29 වන දින, අංක 89002 යටතේ නඩු පවරනු ලැබීය.

මෙම නඩුව පවරන ලද්දේ 2004 වසරේදී අම්බලන්ගොඩ ආඳාෙදාල පදිංචි පහලොස් හැවිරිදි ලක්මාල් හා දහතුන් හැවිරිදි ප‍්‍රදීප් යන ළමුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන වධ දී, ඔවුන්ගේ දෙමාපියන් ගෙන් රු: 3000/= ක කප්පම් මුදලක් ලබා ගැනීම යන චෝදනා මූලික කරගෙනය.

2004 වූ මෙම සිදුවීම අදාලව, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශණයක් කරනු ලදුව, එහි නිර්දේශ 2009 වසරේදී නිකුත් කරනු ලැබීය. එ් දීර්ඝ අරගලයකින් පසුවය. එම නිර්දේශයට අනුව, එවක අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂකට, 
රු: 2500/= ක්ද, අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට හා පො.සැ.1999 ට රු: 5000/= බැගින්ද, වගඋත්තරකරුවන්ට ගෙවන ලෙසට නියම කරනු ලැබීය. නමුත් එම නිර්දේශය මෙම තිදෙනා ක‍්‍රියාත්මක කළේ නැත.

මෙම බාලවයස්කාර දරුවන් දෙදෙනාව, පොලිසිය පහර දීමෙන් අනතුරුව, බලපිටිය මූලික රෝහලට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, දින තුනක් නේවාසිකව ප‍්‍රතිකාර ලබාදෙන ලදි.නමුත්, එම රෝහලේ දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරී - මෙම ළමුන් දෙදෙනාට තුවාල කිසිවක් නොමැති බවට සටහන් කර අධිකරණ වෛද්‍ය පෝරමය නිකුත් කිරීමට පියවර ගන්නා ලදි. 

මෙම කාරණය සැලකිල්ලට ගත් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, මෙම ළමුන් දෙදෙනාව කොළඹ ජාතික රෝහල වෙත යොමු කොට, දෙවන වෛද්‍ය වාර්තා ලබාගැනීමට පියවර ගනු ලැබීය.

ජාතික පොලිස් කොමිෂම හා ළමා ආරක්ෂක අධිකාරිය, මෙම ළමුන් දෙදෙනාව වධහිංසාවට පත් කිරීම හා අදාල පැමිණිල්ල පිළිබඳ විමර්ශනය කරන ලෙසට, ලිඛිතව පොලිසියට දැනුම්දීම් කිරීම් පමණක් සිදුකරනු ලැබීය. එදත් අදත් මෙම ආයතන දෙකේ ක‍්‍රියා පිළිවෙත්හි වෙනසක් නැත.

මේ අතර, පොලිසිය අදාල නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය. නමුත් එම විනය පරික්ෂණවල ප‍්‍රථිඵලය - මෙම වින්දිතයින් දෙදෙනාට මේ දක්වාම දැනුම් දී නොමැත.

මෙම පසුබිම් යටතේ, 2016.03.24 දින, ලක්මාල් ගේ හා ප‍්‍රදීප්ගේ නිවසට පැමිණි පොලිස් විශේෂ විමර්ශණ එ්කකයේ ජයන්ත නැමැති නිලධාරියා හා පො.සැ.1999 සිරිකුමාර, 2016.03.29 වන දින බලපිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණයට පැමිණ පෙනී සිටින ලෙසට වාචිකව දැනුම් දෙන ලදි. 

වාචික උපදෙස් මත අධිකරණයේ පෙනී සිටීමට තමන්ට නොහැකි බව ලක්මාල් හා ප‍්‍රදීප් ඔවුන්ට දැනුම් දෙන ලදි. 

එ් අවස්ථාවේ රු: 5000/= ක් අරගෙන සමාදාන වන ලෙස පො.සැ.1999 සිරිකුමාර ඔවුන් දෙපලට යෝජනා කළේය. තවද, මේ වන විට අපරාධ අංශයේ ස්ථානාධිපති මියගොස් ඇති බවත්, තමන් පහර දුන්නේ අරක්කු බෝතලයට යටවී බවත්, පවසමින්, රු: 5000/= ක් අරගෙන සමාදාන වීමට කැමැත්ත ප‍්‍රකාශ කරන ලෙසට ආයාචනා කර තිබේ. තවද කළ පවට තමන්ට දැනටමත් ප`ඩිසංදි ඇති බවද කියා තිබේ.

එ් අවස්ථාවේ ලක්මාල් තමන්ට හා පහර දුන් ආකාරය සහ එයින් අනතුරුව, ප‍්‍රදේශයේ කසිප්පු ජාවාරම්කරුවකු සමග එක්ව තමන්ට හා පවුල් වලට තර්ජණය කිරීම, පොලිස් ජීප් එකෙන් බලපිටිය උසාවියේ වැඩ කරන කාල්ටන් නැමැති නීතිඥවරයාගේ නිවසට ගෙන ගොස් දිවුරුම් ප‍්‍රකාශ වලට අත්සන් කර ගැනීම් ආදි, පොලිස් බලය උපායා්ගි කරගෙන සිදුකළ නොපමත්කම් සිහිපත් කර තිබේ.

ලිඛිත දැනුම් දිමක් නැතිව 2016.03.29 දින අධීකරණයේ පෙනී සිටීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා, 2016.03.27 දින, පොලිස් විශේෂ විමර්ශණ එ්කකයෙන් නිකුත් කළ පොලිස් පණිවුඩයක් මගින්, මොවුන්ට 2016.03.29 බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දීමක් කරනු ලැබීය.

පොලිස් විශේෂ විමර්ශණ එ්කකයෙන් නිකුත් කළ පොලිස් පණිවුඩය අයුතු බලපෑම් කිරිමට යොදා ගත් එකක් බව පැහැදිලි වු වද, එම දැනුම් දීමට අනුව, 2016.03.29 දින බලපිටිය මහේසත‍්‍රාත් අධිකරණයටලක්මා,ප‍්‍රදීප් හා මව්වරුන් ගොස් ඉදිරිපත් වුයේ, තම ස්ථාවරය අධිකරණය ඉදිරියේ ප‍්‍රකාශ කිරිමටය.

අධිකරණ කටයුතු ආරම්භවීමට පෙර පොලිස් විශේෂ විමර්ශණ එ්කකයෙන් පැමිණි ජයන්ත නැමැති නිලධාරියා හා නීතිඥවරුන් කිහිප දෙනෙකු, මුදල් අරගෙන සමාදාන වීමට කැමැත්ත පල කරන ලෙසට , ලක්මාල් හා ප‍්‍රදීප්ගෙන් ඉල්ලා සිටියේය.

නඩුව කතාකල අවස්ථාවේ, පො.සැ.1999 සිරිකුමාර වෙනුවෙන්, නීතිඥවරු 10කු පමණ නැගිට ඉදිරිපත් වන ලදි. එම නිතිඥයින් , සමාදාන වීමේ යෝජනාව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

එ් පිලිබඳව අධිකරණය ලක්මාල් හා ප‍්‍රදීප්ගෙන් විමසූ අවස්ථාවේ සමාදාන වීමකට තමන් එකඟ නැති බව, නිතිඥ සහයකින් තොරව, තනිව ම ඉදිරිපත්ව අධිකරණයට කියා සිටින ලදි.

පො.සැ.1999 සිරිකුමාරට ඇප නියම කල අධිකරණය, නඩුව සැප්තැම්බර් 28 දිනට කල් තබනු ලැබීය. පො.සැ.1999 සිරිකුමාර අධිකරණ කටයුතු වල නිරතවන බව ට වාර්තාවේ. 

2004 සිට 2016 දක්වා යුක්තිය උදෙසා බලාපොරොත්තු තබාගෙන සිටි, ලක්මාල් හා ප‍්‍රදීප්  දෛනිකව මුහුදු යන ධීවරයින්ය. මේ වන විට ලක්මාල් එක්දරු පියෙකි. ප‍්‍රදීප් දෙදරු පියෙකි. 

මේ නඩුව මොන අන්දමට නිමවේද යන්න පිළිබඳ අනාවැකි කියන්නට බැරිය. නමුත් අවම වශයෙන් තවත් වසර 12 ක් වත් මෙහි නිමාව දකින්නට ලක්මාල් හා ප‍්‍රදීප් සූදානම් විය යුතුය.

කුමන තත්වයක් යටතේ වුවද, කුමන තරාතිරමේ නීච නිවට ‘‘උගත්’ වෘත්තිකයින් සිටියද, එ් සියල්ල පරාජයට පත් කිරීමට, ආත්ම ගරුත්වය තිබෙන නිර්ධනයින්ට අවකාශයක්  තිබෙන බවට ඔප්පු වු තවත් අවස්ථාවකි මෙය. 

එමෙන්ම, නීතිය කඩා වැටුනු රටක, ‘‘අයිතිවාසිකම්’’ බඩගෝස්තරය කරගත් උගතුන්, වෘතිකයින් පිලිබඳව හෙළිකරන තවත් එක් උදාහරණයක් පමණි මේ.

බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ ආරම්භවු මෙම නඩුවේ අගතියට පත්වු පාර්ශවය, එනම් ලක්මාල් හා ප‍්‍රදිප්ට ආරක්ෂා සැලසීම බලධරයින් ගේ වගකීම වේ. මේ සම්බන්ධයෙන් ඔවුන් මානව හමිකම් කොමිසම ට ලිඛිත ඉල්ලීමක් කර තිබේ. 

Monday, March 28, 2016

කලුතර යුනිට් එකේදි පුතාට වධ දුන්නා.මානව හිමිකම් කොමිෂමට දැනුම් දුන්නාම උසාවියට ඉදිරිපත් කලා

.
Sryani mother of Ramesh

 " මංකොල්ලයකට සැකපිට වැලිපැන්න පොලිසියට බාරදුන්න තම පුතා රමේෂ් ව, කලුඵතර පොලිස් අධීකාරී කාර්යාලයේ තියෙන යුනිට්” එකට බාරදී, ඔහුට අමානුෂික ලෙසට පහර දෙන්නට වුනා. බෝම්බ දමා උසාවි දාන බවට තර්ජණය කරන්නට වුනා. ඒ 25 දා.

මම මානව හිමකම් කොමිෂමේ හදිසි ඇමතුම් අංකය 0112 689064 ට කතා කරලා දැනුම් දුන්නා. එයින් පසුසේ රැම ආයෙත් වැලිපැන්න පොලිසියට බාර දෙන්න "යුනිට්” එක කටයුතු කලා. 

මෙසේ  කියන්නේ පානදුර පිංවත්තේ ශ‍්‍රියානි මහත්මියයි. ඇය තිදරු මවක්.

තම පුතා රමේෂ් ව පසු දින, වැලිපැන්න පොලීසිය 26 රැ 8.00 ට පමණ, මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර, රැුඳවුම් නියෝගයක් ලබාගෙන කලුඵතර දකුණ පොලිසියට බාර දුන්නා. 

අප විසින් පුතා වෙනුවෙන් කතා කරන්න නීතිඥ මහත්මයෙක් ඉදිරිපත් කලා. එ් මහතා පසුව අපට දැනුම් දුන්නා, පුතාට ක`ඵතර විශේෂ යුනිට් එකේදී පහර දුන්න බව ප‍්‍රකාශ කල බවත්, ගරු මහේස්ත‍්‍රාත්තුමිය, පුතාව ප‍්‍රථිකාර සඳහා නාගොඩ මහා රෝහලට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියම කල බවත්.

මේ දක්වාම -28, පුතාව රෝහලට ප‍්‍රථිකාර සදඟා ඉදිරිපත් කර නැත. පුතා ප‍්‍රකාශ කරන්නේ, තවමත් අමාරු බව, තවමත් තුවාල තිබෙන බවයි. පුතා ප‍්‍රකාශ කරනවා, බෝම්බ දාලා නඩුදාන බවට තර්ජණය කරන බව.”

එම පසුබිම තුල ඇය ඉල්ලා සිටින්නේ, කල්ගත වන්නට පෙර, පුතාව රෝහල වෙත ඉදිරිපත් කරන ලෙසට සහ බොරු චෝදනා දමා නඩු පැවරීම් වලක්වාලන ලෙසටය.

කුඩුවලට ඇබ්බැහි වී සිටින පුතාව සුද්ද කරන්න තමා කිසි විටක ඉදිරිපත් නොවන බව අවධාරණයෙන් ප‍්‍රකාශ කරන මව, වධ දීම හා බොරු නඩු දැමීම නොඉවසන බව ප‍්‍රකාශ කරයි.

මේ වන විට පුතා කුඩු වෙනුවට මග්ගොන පිහිටි ෆාමසියකින් ගන්නා පෙති වගයකට පුරුදු වී සිටින බව ඇය වැඩි දුරටත් කියා සිටී.

තම පුතා, සොරකම්, මංකොල්ලකෑම් වලට මේ වන විට පෙළඹී ඇත්තේ මෙම මත්පෙති භාවිතය නිසා බව ඇය කියා සිටී. ඇයට අවශ්‍ය තම පුතා මෙම මත් උවදුරින් බේරා ගැනීමටය.

ඇය සිද්ධිය අදාලව හා වත්මන් තතත්වය මානව හිමිකම් කොමිෂමට, ජාතික පොලිස් කොමිෂමට හා පොලිස්පතිට ලිඛීතව පැමිණිලි කර තිබේ. 

Wednesday, March 23, 2016

තොපි පර දෙමල්ලූ, එනවා මෙතන පුතාව සුද්ද කරන්න! අම්මාට.......පිය, තොප හු..... ඕන තැනකට පලයල්ලා!!

පියා හා මව

පොලිසිස්  නිලධාරීන් මෙසේ කුණුහරප කියමින් නින්දා අපහසයට පත්කර පළවා දමා ඇත්තේ අත්අඩංගුවට ගෙන සිටි අවු: 16 හැවරිදි පාසල් සිසුවකු වු තම පුතාව බැලීමට මව, තෙබුවන පොලිස් ස්ථානයට ගිය අවස්ථා වේදීය.

මව ජයචිත‍්‍රා මහත්මිය, මානව හිමිකම් කොමිෂන් සභාවට, ජාතික පොලිස් කොමිෂන් සභාවට, ජාතික ළමා ආරක්ෂක අධිකාරියට සහ පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට, කර තිබෙන ලිඛිත පැමිණිල්ලේ් මෙසේ සඳහන් වේ. 

‘සෙනසුරාදා(19දා) උදේ 8.00 ට තෙබුවන පොලිසියට එන්න කිව්වා. ඒහි දි 16 හැවරිදි පුතාව අත්අඩංගුවට ගෙන කූඩුවට දැම්මා. ඒ අවස්ථාවේ, මටත් සැමියාටත් තොපි පර දෙමල්ලූ, එනවා මෙතන පුතාව සුද්ද කරන්න, කියමින් අම්මාට.......පිය, තොප හු.....   ඕන තැනකට පලයල්ලා කියමින් බැණ තර්ජණය කරමින් නින්දා කලා. 

අපි ඉන්දීය සම්භවයක් ඇති දෙමළ. 

සැමියාත් මාත් රෑ වෙනකං පොලිසියේ ඉස්සරහට වෙලා හිටියා. රෑ ගෙදර යන්නේ නැතිව, කිට්ටුව තියෙන පල්ලියට ගොස් නැවතුනා. 

පසුදින උදේ (20 ඉරිදා) 8.00 ට නැවත තෙබුවන පොලිසියට ගියා. 

අපි පොලිසියට ගියාට පස්සේ, පුතාව කාමරයක ඉඳලා ගෙනවිත් කූඩුවට දැම්මා. පුතා ආවේ නොන්ඩි ගසමින්. පුතා කිව්වා හොඳටම ගැහුව්වා කියලා.

මගේ මල්ලී සිද්ධිය අරාංචි වෙලා පොලිසියට ආවා. ඔහු තෙබුවන පොලිසියේ ස්ථානාධිපති හමුවුනා. ස්ථානාධිපති ඔහුට කියා තිබුනා,පාරවල් දෙක තුනක් ගහලා තියෙනවා, අද උසාවි දානවා කියා. 

සවස 2.00ට පමණ පුතාව උසාවි ගෙන ගියා. මමත් සැමියාත්, මල්ලිලා සමග උසාවියට ගියා. එහිදී අපි නීතිඥ මහත්මියට මුදලින් රු: 5000/= ක් දීලා ඉදිරිපත් කළා. ඇයට උපදෙස් දුන්නා පුතාට තෙබුවන පොලිසියෙන් පහරදීලා තියෙන බව කියන්න කියා. නමුත් ඇය උසාවියේදී වචනයක්වත් කතා කලේ නැහැ.

පුතාව රිමාන්ඞ් බාරයට පත් කලා. බන්ධනාගාර නිලධාරීන් පුතාව රැුගෙන ගියා.
පසුදින, 21 සඳුදා, කලුතර බන්ධනාගාරයට ගියා. බන්ධනාගාරයෙන් දැනුම් දුන්නා පුතාව පරිවාසයට බාරදීලා තියෙන්නේ කියා. ළමා නිවාසයට බාර දුන්නා කියලාත් කිව්වා. 

අපි පුතාව බලන්න ළමා නිවාසයට ගියා. ළමා නිවාසයෙන් කිව්වා, රෑ පුතාට හුඟක් අමාරු වුණා. නාගොඩ රෝහලට ගෙන ගියා කියලා. එහි සිටිය මහත්මයෙක් අපිව නාගොඩ මහා රෝහලට රැගෙන ආවා. පුතා 3 වාට්ටුවේ 7 ඇඳේ හිටියා. පුතා සමග කතා කලා. තෙබුවන පොලිසියේ කාන්තා අංශයේ නිලධාරිනී පුතාගේ කම්මුලට ගසා තර්ජනය කර, එහි සිටි පොලිස් නිලධාරියෙකුට ගහපන් ගහපන් කියා කියමින් තමාට ගැස්සවු බව කිව්ව බව කියා සිටියා. 

21 දින (සඳුදා) පුතාව බලන්න රෝහලට ගියා. පුතා කිව්වා උදේ තමාට ගහපු පොලිස් නිලධාරිනිය හා නිලධාරියෙක් පැමිණ තමාට තර්ජනය කර ගිය බව.

22 දින (පෝය), දහවල් මමත්, සැමියාත් රෝහලේ පුතා ළඟ ඉන්නකොට, තෙබුවන පොලිසියේ කාන්තා අංශයේ නිලධාරණිය හා තවත් පොලිස් නිලධාරියෙක් පුතාව බලන්න ආවා. පිරිමි නිලධාරියා උපපොලිස් පරීක්ෂක වරයෙක්. අපි දරුවා ලඟින් ඉවත් වුනා.

ඔවුන් ගිය පසුව, පුතා කිව්වා කාන්තා නිලධාරිණිය ගහපු බව කියන්න එපා, උදව් කරන්නම් යයි කියපු බව. උප පොලිස් පරීක්ෂකවරයා කණ මිරිකා ගහපු බව එහෙම කියන්න එපා යයි තර්ජණය කල බව. 

දවස් දෙකකට පස්සේ, 22 දින සවස 4.30 ට පමණ පුතාගේ ටිකට් කැපුවා. නැවත පුතාව, ළමා නිවසට ගෙන ගියා. තවමත් පුතා ඉන්නේ  ළමා නිවාසයේ.’ 

ඇය සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිටින්නේ –