Monday, April 4, 2016

ගෙදර හිටිය මිනිහාව ඇදගෙන ගොස් ගංජා නඩු දැම්මාට, IP ට ලක්ෂ 2ක්!.ජොබ් එක බේරා ගන්න, බොරු නඩුව දැම්ම SI ට දහ දාහ ක්!!, රජයට විසි දාහක්!!! ගෙවන්න වෙයි.


පොලිසිය කිසිදු හේතුවක් නැතිව පුද්ගලයින් අත්අඩංගුවට ගෙන, පසුව එම අත්අඩංගුවට ගැනීම සාධාරණය කිරිමට, තහනම් ද්‍රව්‍ය හෝ සමාන නීති විරෝධී ද්‍රව්‍ය දමන බව විනිසුරුවරු මතක තබාගත යුතු කරුණක්.
මෙම ප‍්‍රකාශය කරන්නේ, 2012 මැයි 25 වන දින, හෝමාගම පොලිසියේ එවක සිටි පොලිස් නිලධාරින් අට ෙදෙනකුට ඒෙරහිව, පන්නිපිටියේ පදිංචිකරුවකු වූ ජස්ටින් රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවක තීන්දුව ප‍්‍රකාශයට පත්කරමින්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ආබෲ මහතාය.

ජස්ටින් රාජපක්ෂ මහතා, හෝමාගම පොලිසියේ එවක සේවය කල පොලිස් පරීක්ෂක ප‍්‍රසන්න රත්නායක ඇතුලූ දසදෙනෙකු වගඋත්තරකරුවන් කරමින්, තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන ලද බවට චෝදනා කරමින් පවරන ලද මෙම නඩුවේදී, පළමු වගඋත්තරකරු පොලිස් පරීක්ෂක ප‍්‍රසන්න රණතුංග පුද්ගලිකව, රුපියල් ලක්ෂ දෙකක්ද, එම  හයවන වගඋත්තරකරු වූ උප පොලිස් පරීක්ෂක එ්.එල්.එම්.අමීන් - පුද්ගලිකව, රුපියල් දසදහසක්ද, රජය රුපියල් විසි දහසක්ද, වන්දි වශයෙන් ජස්ටින් රාජපක්ෂ මහතාට ගෙවන්නට නියම කරනු ලැබීය.
මේ අනුව - ජස්ටින් මහතාට පිරිනැමූ මු`ඵ වන්දිය රුපියල් දෙලක්ෂ තිස්දහසකි.

2012 මැයි 25, හෝමාගම පොලිසියේ වැඩකළ පො.ප.ප‍්‍රසන්න රත්නායක ජස්ටින් රාජපක්ෂ මයාගේ නිවසට ගොස් ඔහුට පහරදී, ඇදගෙන ඇවිත්, ජීප් රථයට දමාගෙන, මත්තේගොඩ විද්‍යාදීප මහා විද්‍යාලයට ගෙනගොස්, එහිදී මහා හඬින් කසිප්පු කාරයෙක් ජීප් එකේ ඉන්නවා යයි කෑගසා, කියා එදින එම විද්‍යාලයේ පැවති ඩෙංගු මර්ධන රැස්වීම ඇමතීමට එක්ව, ඩෙංගු මර්ධනය ගැන දේශණයක් පවත්වා තිබේ.
ජස්ටින් රාජපක්ෂ ගේ දරුවන්ද එම පාසැලේ ඉගෙනුම ලබන බව දැන මෙම නීච ක‍්‍රියාව පො.ප. ප‍්‍රසන්න රත්නායක සිදුකර තිබේ.

රැස්වීමෙන් පසුව හෝමාගම පොලිසියට ගෙන ගොස්, දින දෙකකට පසුව, 2012.05.27 ගංජා ලඟ තබාගත් බවට චෝදන නගා - බොරු නඩුවක් පවරනු ලැබීය.

එම නඩුවේදී, බොරු නඩුව පැවරූ උප පොලිස් පරීක්ෂක එ්.එල්.එම්.අසීම්, සාක්ෂි දෙමින් කියා සිටියේ, පො.ප.ප‍්‍රසන්න රත්නායක රැකියාවෙන් නෙරපන බව තමාට තර්ජණය කල නිසා, පො.ප.ප‍්‍රසන්න රත්නායක ලබාදුන්න ගංජා පැකට් සමග ජස්ටින් රාජපක්ෂව උසාවියට ඉදිරිපත් කරන ලද බවයි. 

මෙම සාක්ෂිය සමග, හෝමාගම මහේස්ත‍්‍රාත්වරයා - ජස්ටින් රාජපක්ෂ මයාව නඩුවෙන් නිදහස් කරනු ලැබීය.

මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව, ශ‍්‍රී ලංකා පොලිසියේ අමනකම්, නීති විරෝධී ක‍්‍රියා හෙළි කරන්නක්.
මේ නඩු තීන්දුව ජාතික පොලිස් කොමිෂමේ, මානව හිමිකම් කොමිෂමේ පමණක් නොව, අධිකරණ සේවා කොමිෂමේද අවධානයට ලක්විය යුත්තකි.
මන්ද බොරු නඩු දැමීම, ශ‍්‍රී ලංකා පොලිසියේ හේතු පාඨය වී තිබීම නිසාය.
බොරු නඩු දැමීම වහාම වැලැක්වීමට පියවර ගත යුතුයි. එය ආණ්ඩුවේ වගකීමකි.
සංක‍්‍රාන්තික යුක්තියපිළිබඳ කතා කරන ,අවධානය යොමුව තිබෙන සියල්ලගේ අවධානය යොමුවිය යුතු කරුණකි.



No comments:

Post a Comment