තෙබුවන පොලිසියේ වධහිංසාවට පාත‍්‍ර වූ 16 හැවිරිදි දරුවා පිළිබඳව විමර්ශණයක් ආරම්භ කර තිබෙන, මානව හිමිකම් කොමිෂම් සභාව, එම දරුවා පිළිබඳ සොයා බැලීමට විමර්ශණ නිලධාරීන් කණ්ඩායමක් එම ළමයාගේ නිවසට පිටත් කර යවා තිබේ.
නාගොඩ මහා රෝහලේ හා පානදුර මූලික රෝහලේ නේවාසිකව ප‍්‍රථිකාර ලැබූ මෙම දරුවා, වධහිංසාවට භාජනය වීමේ ප‍්‍රථිඵලයෙන් PTSD නමින් හඳුන්වන මානසික රෝග ලක්ෂණ වලින් පෙලෙන බවද - වෛද්‍ය වාර්තාවල සඳහන් වේ.
මෙම පාසලේ සිසුවාට වධ දුන්න තෙබුවන පොලිසිය නිලධාරීන්ට එරෙහිව මේ දක්වා, නීතිමය පියවර ගැනීමට පොලිසිය හෝ ළමා ආරක්ෂක අධිකාරිය හෝ අසමත්ව තිබේ.
වධහිංසා පැමිණවීම, කිසිදු ආකාරයකට කේවල් කල නොහැකි අපරාධයකි.
දණ්ඩ නීති සංග‍්‍රහය යටතේද, 1994 අංක 24 දරන පනත යටතේ පොලිස් වධ හිංසා පැමිණවීම අපරාධයකි.
මේ වන විට පොලිස් වධහිංසාව අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ගණනාවක් ලබාදී තිබේ. නීතිපති වරයාගේ නියෝගයෙන් පොලිස් විශේෂ විමර්ශන එ්කකය, පොලිස් නිලධාරීන් සියයකට අධික පිරිසකට විරුද්ධව නඩු පවරා තිබේ.
නමුත් පොලිසියට, පොලිස් අපරාධ නවත්වන්න බැරිව තිබේ. එ් අපරාධ හා ¥ෂණය පොලිසිය උරුම කරගෙන සිටින නිසාය.
Subscribe to:
Post Comments (Atom)
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...
-
වරාය අධිකරියේ සභාපති ඇතුලු අධ්යථක්ෂ මණ්ලයට එරෙහිව ආරක්ෂක සැරයන්වරු 5කු ඉදිරිපත් කරන ලැබු මුලික අයිතිවාසිකම් පෙත්සම පිළිගත් ශ්රෙිෂ්ඨාධිකරණ...
No comments:
Post a Comment