Thursday, March 29, 2018

උත්සන්න වන පොලිස් ත‍්‍රස්ත ක‍්‍රියාවන් ට, යහපාලනයේ පොලිසිය බාර යු ඇන් පිය වගකිව යුතුයි. පොලිස් කොමිසම නිදි වැදි ඇත.


කුඩු සුදා කිව්ව වාඩිය චින්තකගේ කියලා. ඒ හින්දා  යන්. උඹව ගේන් කිවිවේ OIC. 

රට පුරා උත්සන්න වන පොලිස් ත‍්‍රස්ත ක‍්‍රියාවන් ට, යහපාලනයේ පොලිසිය බාර රනිල් ප‍්‍රමුඛ යු ඇන් පිය වගකිව යුතුයි. පොලිස් කොමිසම නිදි වැදි ඇත. 

රනිල් පාලනයට සුදු හුණු ගාන එන් ජි ඔ් පිරිස පොලිස් ත‍්‍රස්ත ක‍්‍රියාවන් වසන් කිරිමට සංවිධාන වි සිටි. 

මේ පරිසරය තුල දිනෙන් දින පොලිස් අපරාධ වර්ධනය වේ.

මේ උදාහරණයකි. 

 චින්තක - අවු: 28 යි, විවාහක, කුලි වැඩ/රියදුරු. 

පොලිස්පතිට කියන්න වැඩ සඑහන යටතේ මොහු විද්යුත් තැපැල මගින් පොලිස්පති අමතන ලද පැමිණිල්ලෙ ්මෙසේ ස`දහන් වේ.

2018.03.29 වන දින දීය.

නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන වධ දි බොරු නඩු දැමීමට එරෙහිව  පැමිණිලි කිරිම නිසා පළිගැනීමට නැවත නැවත අත්අඩංුවට ගෙන    බොරු නඩු දැමීමට ගන්නා උත්සාහය වළක්වන ලෙසට කරණු ලබන ඉල්ලීම.

2018 මාර්තු 28 වන දින රාත‍්‍රී 12.00 ට පමණ, අගලවත්ත පොලීසියේ තිදෙනෙක් මා සිටි, මාගේ බිරිඳගේ නිවසට පැමිණියා. 

ඔවුන් මට කියා සිටියා, ”කුඩු සුද්දාවයි, සමන්තවයි අපි අල්ලා ගත්තා. කුඩු සුද්දා වඩි වගයක් පෙන්නුවා, එ්වා චින්තකගේ කියා කිව්වා” කියා. මට පොලිසියට යන්න එන්න යයි කිව්වා

මම ප‍්‍රතික්ෂේප කළා. පැය භාගයක් විතර මට තර්ජනය කරමින් මාව පොලීසියට ගෙනියන්න හැදුවා. ගෙදර හිටිය අයද, මාව ගෙන යනවාට විරුද්ධ වුණා. අවසානයේ මාගේ බිරිඳගේ මවට කිව්වා, අද (29)උදේ 9.00 ට මාව පොලීසියට අරන් එන්න කියා.

මීට පෙර, 2018.03.05 දින මාව අත්අඩංගුවට අරගෙන වධහිංසා පමුණුවා බොරු නඩු දමන ලදි.  මා හා මාගේ ආච්චී වන සෝමවතී මිය, එ් පිළිබඳව පැමිණිලි කර තිබේ.

එම පැමිණිලි කිරීම්වලට පලි ගැනීම සඳහා, නැවත මා අත්අඩංගුවට ගෙන බොරු නඩු දැමීමට දරන උත්සාහය වළක්වන ලෙසට ඉල්ලා සිටිමි.

මා කියන මේම කරුණ මේ සමග එවා තිබෙන රේකෙිඩින් එකෙන් ඔප්පු වෙනවා.  සාක්ෂි දරනු ඇත. සවන් දෙන්න. 

මීට පෙරද, මේ ආකාරයට තර්ජනය කර, මා අත්අඩංගුවට ගැනීමට උත්සාහ දරා ඇත.

මාගේ ආරක්ෂාව සලසන ලෙසට ඉල්ලමි.

මෙයට,
චින්තක    


Wednesday, March 28, 2018

උ.පො. සිරිවර්ධන ව දක්කන්නා පිටුපස ඉන්නේ ජජෙක් ද?



තම දියණිය මිතුරෙකු මගින් උකස් කරපු මාලයක් බේරාගන්න, පියෙක්,  පොලීසිය යොදවාගෙන සිදුකරන නීති විරෝධී මහජන මුදල් විනාශ කරන පුවතකි මේ.

සිල්වා මහතා ව්‍යාපාරිකයෙකි. ඔහු නිවසට පළමුව කඩා වදින්නේ පියාය. ඔහු තමාගේ අනන්‍යතාවය හෙළි නොකළ නිසා ඔහුව ‘නානා’ ලෙසට හැඳින්වීමට සිදුව තිබේ. 

ඔහු, ‘නානා’, සිල්වා මහතා ට කියා සිටින්නේ තම දියණිය ගෙන් ලබාගත් රන් මාලය සිල්වා මහතාගේ පුතා උකස් කර ඇති බවයි. ඔහු සිල්වා මහතාට තර්ජනය කරමින් ඉල්ලා සිටින්නේ තමන්ට ලොකු ලොක්කන් ගේ අනුහස් තිබෙන නිසා එ් නිසා පුතා මගින් උකස් කරපු රන් මාලය බේරා දෙන ලෙසටයි. 

පුතා තිදරු පියෙක්. ඔහු ඉන්නේ වෙනම. එ් නිසා ඔහුකරන කියන දේවල්වලට තමන්ට වගකීමක් නැති බව, සිල්වා මහතා ‘නානා’ ට පැහැදිළි කරන්නට උත්සාහ ගෙන ඇත. නමුත් පලක් නොවු බව සිල්වා මහතා කියා සි

ඉන්පසු සිද්ධියට මැදිහත් වන්නේ කොහුවල පොලීසියේ අපරාධ අංශයේ උ.පො. සිරිවර්ධනය.

උ.පො. සිරිවර්ධන, සිල්වා මයාට දුරකතනයෙන් කථා කර පුතා ඉන්නේ කොහේද කියා විමසනවා. සිල්වා මයාගේ පිළිතුර අනපේක්ෂිත එකක් වූ නිසා, උ.පො. සිරිවර්ධන, ‘නානා’ හා තවත් මංචු කුට්ටමක් එල්ලාගෙන සිටි අයෙක් සමග නිවසට පැමිණෙයි.

ඔහුගේ  නීති විරෝධී ප‍්‍රශ්නවලට,  සිල්වා මයාගේ අනපේක්ෂිත ප‍්‍රතිචාරය නිසාදෝ උ.පො. සිරිවර්ධන පිටව යන්නේ තර්ජනය කරමින්ය. වීඩියෝව සාක්ෂි දරයි.


උ.පො. සිරිවර්ධන, කොහුවල පොලීසියට එන ලෙසට ලියා දෙන ලද ‘තුණ්ඩුව’, ඔහුම සිල්වා මහතා අතින් උදුරා ගනී. නමුත් එහි ඡයාරූප ගන්න සිල්වා මයා අමතක නොකරයි. එය මෙහි දැක්වේ.

කෙසේ වෙතත් සිල්වා මහතා කොහුවල පොලීසියට යයි. එහිදී තමා ප‍්‍රකාශ දෙන්නේ තමාට විරුද්ධව ඇති පැමිණිල්ල කුමක්ද යැයි දැණුම් දුන්නොත් පමණක් බව හා තම නිවසට පැමිණි, උ.පො. සිරිවර්ධන ගේ ක‍්‍රියා කලාපය ලියන්නේ නම් පමණක් යයි අවධාරණය කරයි.

එම කොන්දේසි සපුරාලමින් සිල්වා මහතා ප‍්‍රකාශය දෙයි. සිල්වා මයාගේ ප‍්‍රකාශය ගන්න මූලික වූ පැමිණිල්ලේ අංකය හා කාරණය කොල කෑල්ලක ලියා දෙයි. එය ද මෙහි දැක්වේ.

උ.පො. සිරිවර්ධන ගේ ක‍්‍රියාව, නීති විරෝධී බව පෙන්වා දුන්් සමහර පොලිස් නිලධාරීන්, හ මගින්  සිල්වා මහතාගේ මානව හිමිකම් ඔහු උල්ලංඝණය කර ඇති බව ද ප‍්‍රකාශ කර තිබේ.

තවද 2017 දෙසැම්බර් වල, විවිධ පැමිණිලි අංශයට විශ්වාසය කඩ කිරීමක් ලෙසට කර තිබෙන පැමිණිල්ල, උ.පො. සිරිවර්ධන ‘කරට’  ගෙන සිටින්නේ ‘නානා’ ගේ පගාවට ද නැතිනම් ජජෙක්ගේ  ඕනෑකමට ද යන්න අනාවරණය වී නැත.

සිල්වා මහතා විසින් මානව හිමිකම් කොමිෂමට හා පොලිස්පතිට කරන ලද ලිඛිත පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.

‘‘ වෙනත් අයගේ අවශ්‍යතාවයට නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, ව්‍යාජ චෝදනා නගා රිමාන්ඞ් කරවීමට ගන්නා උත්සාහය වලක්වාලන ලෙසට කරනු ලබන ඉල්ලීමයි.

2018.03.26 දිනදීය.

2018.03.24 වන දින, මා ගමනක් යමින් සිටින විට, දහවල් 11.45 ට පමණ, මාගේ දුරකථනයට ඇමතුමක් ලැබුනා.

එයට කතා කළේ, කොහුවල පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප. සිරිවර්ධන යන අයයි.

ඔහු මට කියා සිටියා, මගේ පුතා, ......., එයාගේ යාලූ ගෑණු ළයෙකුගේ මාලයක් අරන් උකස් තියලා ආපසු දීලා නෑ කියා. එ් ගැන හොයන්න ආවේ, පුතා කෝ කියා ඇහුව්වා. මම ඔහුට කිව්වා, පුතා ........... ඉන්න තැන දන්නේ නැහැ කියා.

2018.03.25 දින, උදේ 10.30 ට පමණ, අපගේ නිවසට උ.පො.ප. සිරිවර්ධන සමග තවත් සිවිල් පිට පුද්ගලයෙකු පැමිණියා. ඔහුගේ ඉනේ මාංචු කුට්ටමක් එල්ලාගෙන හිටියා. ඔවුන් සමග තවත් පුද්ගලයෙකු පැමිණ සිටියා. ........ 

මේ ........ පුද්ගලයා, මීට මසකට පමණ පෙර අප නිවසට පැමිණ, ආරවුලක් ඇති කරන්න උත්සාහ ගත්තා. නමුත් අප එය ගණන් ගත්තේ නැහැ. ඔහුව දුටුවොත් අදුරන්න පුලූවන්.

මෙම පුද්ගලයා, මට තර්ජණය කරන්නට පටන් ගත්තා, මා ඔහුට නිවසින් පිටවන්න කිව්වා. උ.පො.ප.සිරිවර්ධන ඔහුට නිවසින් යන ලෙස නියම කලා.

ඉන් අනතුරුව උ.පො.ප.සිරිවර්ධන, මගෙන් යළිත් ඇසුවා, ........ පුතා ඉන්නේ කොහේද කියා. මා දන්නේ නැති බව ප‍්‍රකාශ කලා. 

ඔහු මට තර්ජණය කරන්නට පටන් ගත්තා, ඔහු මට කියා සිටියා, පුතාව අහුවුනොත් , ඇප දෙන්න ඉඩ දෙන්නේ නෑ, ඇප නොදී තියා ගන්න විදිහ මම දන්නවා, එ්ක තියෙන්නේ මගේ අතේ කියා ප‍්‍රකාශ කලා. ඔහු මට නියම කලා, දැන්ම පොලිසියට එන්න කියා. මා එය ප‍්‍රතික්ෂේප කලා. මම ඔහුට කිව්වා හෙට උදේ එන්නම් කියා. මා ඉල්ලා සිටියා ලිඛිතව එ් බව දෙන්න කියා. ඔහු උරන වී, පොඩි කොළකෑල්ලක් ගෙන, ඔහුගේ නම, දිනය, 2018.03.25 හා පොලිසිය කොහුවල කියා ලියා දුන්නා. පසුව එය උදුරා ගත්තා. මා එහි ඡුායාරූපය ලබා ගත්තා. ඉන්පසු ඔවුන් යන්න ගියා. 

මා පොරොන්දු වූ පරිදි, අද දින, 2018.03.26 උදේ 10.45 ට පමණ, කොහුවල පොලිසියට ගියා. 

එ් අවස්ථාවේ, උ.පො.ප.සිරිවර්ධන සිටියේ නැහැ. වෙනත් නිලධාරියෙකුට කාරණය කිව්වාම මාගේ ප‍්‍රකාශය ලියා ගත්තා. එහි මා, 2018.03.24 දින සිදුවීම ඇතුලත් කලා. 

මාගේ ඉල්ලීම මත, මාගේ ප‍්‍රකාශය ලබා ගැනීමට අදල, පැමිණිල්ලේ විස්තර දුන්නා. එය ලබා ගත්තේ ඉතා අසීරුවෙන්.

එහි සඳහන් වන්නේ ”විශ්වාසය කඩ කිරීම” ක්‍ෂඊ 340රැු177 හා 2017.12.16 යනුවෙනි.

මා ලබාදුන් ප‍්‍රකාශය අදාල තොරතුරු පොතේ ගොනුව ක්‍ෂඊ 320රැු251 හා 2018.03.26 . ලියන ලද්දේ පො.කො.79033 සමන්. 

මේ ආකාරයට, මා නිවසට පැමිණ, කිසිදු නීත්‍යානුකූල බවකින් තොරව, පොලිස් බලතල අයුතු ලෙසට යොදාගෙන, මා දැඩි පීඩාවට පත් කිරීම හා මාගේ පුතාට, ”අමූලික බොරු” චෝදනා නගා, උසාවිය පාවිච්චි කර, ”දඬුවම්” කිරීම වශයෙන් රිමාන්ඞ් කරවා පලිගන්න කරන ලද්දකි. 

කොහුවල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ, දෙසැම්බර් මස කරන ලද පැමිණිල්ලට, කොහුවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති, උ.පො.ප.සිරිවර්ධන, බලය අයුතු ලෙස පාවිච්චි කරන ලද්දේ, ‘‘..... ඩුකාරවරයෙකුගේ,’’ අවශ්‍යතාවයට බව මට දැනගන්නට ලැබිණ.

මා ප‍්‍රකාශ කරන්නේ, කිසිදු අපරාධ ගණයකට අයත් නොවන පැමිණිල්ලක් අපරාධයක් ලෙස හුවා දක්වා, බොරු චෝදනා දමා, රිමාන්ඞ් කරවා, බලහත්කාරයෙන්, ”බලය” ඇති අයගේ උවමනා ඉටු කිරීමට කොහුවල පොලිසියේ - අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක සිරිවර්ධන ගත් උත්සාහය මගින් මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවයි.”

කොහුවල පොලිසියේ උ.පො.ප. සිරිවර්ධන ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමි.

එමෙන්ම, ‘‘ .....ඩුකාරයෙකුගේ අවශ්‍යතාවයකට ”බොරු චෝදනා නගා” උසාවිය උපයෝගී කරගෙන, රිමාන්ඞ් කිරවා පීඩාවට පත් කිරීම වලක්වාලන ලෙසද ඉල්ලමි.

මෙයට,

.........   සිල්වා.

















Monday, March 26, 2018

සංහඳියාවට හෙණයක්වු පොලිස් අපරාධකරුවන් හා එකගෙයි කන ජාතික පොලිස් කොමිෂම.



ප‍්‍රථම පොලිස් කොමිෂන් සභාවෙන් පසුව පත්වූ, සියලූම පොලිස් කොමිසම් සභා සාමාජිකයන්, ලේකම්වරු, පොලීස් රූකඩ විය. ස්වාධීන ලේබලය යටතේ ද සිදුකළේ පොලිස් දුෂිතයන් අපරාධකරුවන් රැකීමය. 

මහජන පැමිණිලි විමර්ශන මුවාවෙන් දිස්ත‍්‍රික් මට්ටමින් නිලධාරීන් පත්කර මහජන මුදල් ගසා කෑමය. එම නිවට නියාලූ රූකඩ පිරිසක් මගින් පීඩාවට පත්වන පුද්ගලයන් තව තවත් පීඩාවට පත් කිරීමය.

මෙම මහජන පීඩාවන් ගැන නොදන්නා  ඊනියා මහා සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් ”මහජන මතය” ලෙසට, තම පුද්ගල මතයන් මාධ්‍ය උපයෝගී කරගෙන ප‍්‍රකාශයට පත්කරයි.  පොලිස් කොමිෂමේ ලේකම් ආරියදාස කුරේව, ඉවත් කිරීම ප‍්‍රයෝජනයට ගෙන පොලිස් කොමිෂම සමග කිසිදු ගණුදෙනුවක් නොකරන එ් ගැන අත්දැකීම් නැති ජනයා මුලාකරමින් දේශපාලන උවමනාවන් ඉටු කරගැනීමේ පහත් ක‍්‍රියාවලියක නිරතව සිටී.

මේ වන විට පොලිස් කොමිෂම මහජන පැමිණිලි කාබාසිනායා කරන විගඩමක් බවට සනාථ කරන 
උදාහරණ පහත දක්වමු.

01. සිංහල මුස්ලිම් ගැටුම.

අම්පාර - දිගන සිද්ධීන් දෙක ගැන, පොලිස්පති පු(කූ)ජිතගෙන්, පොලිස් කොමිෂම වාර්තා ඉල්ලා තිබෙන බව වාර්තා විය. එසේ ඉල්ලීමම  හොරාගෙ අම්මාගෙන් - වාහේගෙන් පේන ඇසීමකි.

2014 ජුනි 15 වන දින රාත‍්‍රියේ, දර්ගා නගරයේ සිංහල මුස්ලිම් ගැටුම් ඇති විය. එම ගැටුම ිසා යන්න එන්න බැරිව  නුවන් හා පවුලේ උදවිය මහ මග හිරි විය. එ් ඔවුන් බේරුවල පොසොන් තොරණ බලන්න යන අතරතුරය. එම ස්ථානයේ අලූත්ගම පොලීසියේ ධම්මික නැමති අයද සිවිල් පිට සිට ඇත.

දෙපිරිස අතර ගැටුම උත්සන්නව ගේ ෙදාර කඩ සාප්පු ගිනි තබා කොල්ල කෑම් වලින් පසුව  පොලීසිය කඳු`ඵ ගෑස් ගසා  පිරිස් විසුරුවා ආරක්ෂාව තර කරන ලදි.

දින 4 කට පසුව අලූත්ගම පොලීසිය පොසොන් තොරණ බලන්න යෑමට පවුලේ උදවිය සමග ගොස් අතරමංවූ,  සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැති මොහුව අත්අඩංගුවට ගෙන, ක`ඵතර පොලිස් අධිකාරී කාර්යාලයේ යුනිට් එකට බාරදෙන ලදි. එහි වධකාගාරයේ දින 03 ක් තබාගෙන වධ දී, උසාවිය උපයෝගී කරගෙන බොරු නඩු 11 ක් දමා රක්ෂිත බන්ධනාගාර ගත කරණු ලැබීය. 

එම නඩුවලින් 09 ක්ම පොලීසිය විසින් ඉල්ලා අස්කර ගන්නා ලදි. නඩු 02 ක් විභාගයට ගැනිණ. එම නඩු දෙකෙන් ඔහු නිෙදාස් කොට නිදහස් විය. මොහු මේම පොලිස් අපරාධය පිළිබඳව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළෙය. විමර්ශණයෙන් පසුව, වධ දීම, බොරු නඩු දැමීම, උසාවිය දඩමීමා කරගෙන නිදහස අහිමි කිරීම පිළිබඳ මානව හිමිකම් කොමිෂන් සභාව සිය නිර්දේශය 2018 මාර්තු 18 නිකුත් කරණු ලැබිය. 
එම නිර්දේශයෙන් අලූත්ගම පොලීසියේ ස්ථානාධිපතිටි රු: 50,000/- ක වන්දියක් ගෙවන ලෙසට නියම කර, වධහිංසා පනත යටතේ අදාල පොලිස් කාරයින්ට එරෙහිව නඩු පවරන ලෙසට පොලිස්පතිට නිර්දේශ කරණු ලැබීය. මේ දක්වාම පොලිස්පතියා කිසිදු පියවරක් ගෙන නැත. පොලිස් කොමිෂම සිද්ධිය අමතක වන්නට හැර, නිදි වැද තිබේ.

02. ශ්‍රේෂ්ඨාධිකරණ හා මහාධිකරණ තීන්දු

පීඩාවට පත්වන්නා කුරුණෑගල සිංහල බෞද්ධ අපනයන ව්‍යාපාරයේ නිරත වන්නෙකි. ප‍්‍රදේශයේ සිදුවු මිනීමැරුමකට මොහුව අත්අඩංගුවට ගන්නේ ගොකරැුල්ල පොලීසියෙනි. එ් 2005 වසරේදීය. අමානුෂික වධදීමෙන් අනතුරුව මොහුව මුදාහරින්නේ නඩු නැතිවය.

තමාට වධ දීම ගැන මොහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් වධකයන්ට විරුද්ධව නඩු පවරයි. එ් අතර කරන ලද බලපෑම් හමුවේ පොලිස් විශේෂ විමර්ශන එ්කකය ද පරීක්ෂන පවක්වා වධකයින්ට එරෙහිව 1994 අංක 22 දරන පනත යටතේ මහාධිකරණයේ නඩු පවරණු ලබයි. 

මේ නඩු දෙකෙන්ම පොලිස් වධකයින් වරදකරුවන් බවට පත්වෙයි. එහෙත් පොලිස්පතියා හෝ පොලිස් කොමිෂම හෝ මෙම වධකයින්ට එරෙහිව විනය පියවර ගන්නේ නැත. දඬුවම් වෙනුවට උසස්වීම් දෙයි. 

මෙය ඛේදවාචකයන ගැන මානව හිමිකම් කොමිසමේ අවධනයට යොමු කිරිමේන් පසුව, මානව හිමිකම් කොමිසම් සභාව 2018 පෙබරවාරි මස 06 දාතමින් ශ්‍්‍රෂ්ඨාධිකරණ තීන්දුවෙන් හා මහාධිකරණ තීන්දුවෙන් වරදකරුවන් වූ ගොකරැුල්ල පොලිසියේ පොලිස්කාරයින්ට එරෙහිව ගන්නා ලද විනය පියවර පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසට පොලිස් කොමිෂමෙන් ඉල්ලා සිටින ලදි. අදවන තෙක් පිළිතුරක් ලබාදී නැත.  

”ස්වාධීන” ජාතික පොලිස් කොමිෂන් සභාව අධිකරණය තීන්දු කරන ලද පොලිස් අපරාධකරුවන් සම්බන්ධයෙන් පියවර නොගන්නේ, පොලිස් අපරාධකරුවන් හා මේ පොලිස් කොමිෂමේ ලේකම්, සභාපති, ඇතුලූ කොමසාරිස්වරු එක ගෙයි කන නිසා යැයි කිවහොත් වැරදිද? එය මහා සිවිල් සමාජයට ප‍්‍රශ්නයක් නොවන්නේ, එම ප‍්‍රශ්න මීටර් නොවන නිසාද? නැතිනම් ඔවුන් ගැන කථා කළාට මඩිය තර වන්නේ නැති නිසාද?




හරක් හොරකමකට ගුටිකන්න වුනු පුංචිහේවාට, මානව හිමිකම් කොමිෂම රු: 10,000/= ක වන්දියක් පිරිනමයි. Video attached




පුංචිහේවාගේ සුජිත් පෙරේරා, වෘත්තියෙන් මී ගවයින් බලා කියා ගන්නෙකි. 
2014 දී රත‍්‍රියේදී මොහුගේ නිවසට පැමිණෙන එවකට මිරිහාන පොලිසියේ රාජකාරි කල මුබාරක් නැමැති නිලධාරියා ප‍්‍රමු කණ්ඩායම මොහුව අත්අඩංගුවට ගෙන බොරු කියා මිරිහාන පොලීසිය ට ගෙන යන ලබයි. එහිදී මොහුට දස වධ දෙනු ලබයි. 

මොහුට වධ දෙන්නේ, හරක් හොරකම් කල අය කව් ද කියා හෙළි කරන ලෙසට ඉල්ලමින්ය. 

එ් අතර, හරක් නැතිවූ බවට පැමිණිලිකර තිබෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ දෙකක් දෙන ලෙසටද පුංචිහේවාට කියයි. 

මෙම සිද්ධිය එම කාලවකවානුවේ සිරස ප‍්‍රවෘත්ති ඔස්සේ කිහිප වරක්ම, හෙළිකරන ලදි. මානව හිමිකම් කොමිෂමට පුංචිහේවා ඇතුලූ පිරිස යන අවස්ථාවන්ද පෙන්වා සිටින ලදි.

මානව හිමිකම් කොමිෂමේ විමරශණ නිලධාරී, මුල් අවස්ථාවේ උත්සාහ ගත්තේ, පුංචිහේවා අධෛර්යට පත් කර, වධකයා බේරා ගැනීමටය. නමුත් එය ව්‍යාර්ථ විය.

වර්ථමාන කොමිෂන් සභාව 2014 දී වූ මේ සිද්ධිය පිළිබඳව අධ්‍යයනය කර, නිකුත් කර තිබෙන නිර්දේශයන්, පොලිස් වධහිංසා පැමිණවීම ආයතනික වූවක් බව තහවුරු කරයි. පොලිස්පති වගකිව යුතු බව කියයි. 

මෙම තරුණයා සමාජයේ කොන්වූ ජන කොටසට අයත් වූවෙකි. කිසි දිනෙක පාසල් ගොස් නැත. හරක් බලා ගැනීම හා අසල්වැසියන්ට බැලමෙහෙවරකම් කර දිවි ගැටගහ ගනී. දැනට 26 වැනි වියේ පසුවෙති. තවමත් අවිවාහකය. විටින් විට පොලිසිය මොහුට අඩත්තෙට්ටම් කරයි. 

ඔහු ලබා තිබෙන පන්නරය නිසා, එ් සෑම අවස්ථාවකම පොලීසිය අභියෝග කිරීමට පසුබට නොවෙති.

මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශයට අනුව, පොලිස්පතිට ගෙවන්න නියම කර තිබෙන රු: 10,000/= වන්දිය,  ඔහු විඳි වධෙවිදනාවලට කිසිසේත්ම සාපේක්ෂ නැත. එහෙත්, එම මුදලට 
සාපේක්ෂ වටිනා කමක් ඇත. 

එම මුදල කල්නොයවා රටවැසියන්ගේ බදු මුදලින්, ගෙවීමට තරම් පොලිස්පති ශීලාචාර වනු ඇතැයිද යන්න බලා සිටිමු.

"ධම්මෝ රක්ඛති ධර්මචාරී" - හොඳ පැටිකිරියක් ඇති පොලිස්  සුනඛයින්ට සීමා නොවනු ඇතැයි සිතමු.    



Sunday, March 25, 2018

”” Porsche"" ට අත්‍යාවශ්‍ය පෙට්‍්‍රල් ගහන්න බරිවුන DIG. නැට්ට විකාගෙන. අපරාධය වලක්කපු ”ලාංකිකයාට” නඩු!! විඩියෝ බලන්න



පසුගිය නොවැම්බරයේ පෙට්්රල් හිඟය පැවැති වේලාවේ කලූතර දකුණ පොලිසිය කොස්සන් සමග ඇවිත් අති ''ෆොෂ්” වර්ගයේ සුඛොපභෝගි වාහනයකට  ”අත්‍යාවශ්‍යය” සේවාවන්ට වෙන් කළ පෙට්‍්‍රල් ගස්සවා ගන්නට ගත් උත්සහයක් ව්‍යාර්ථ කළ ”ලාංකික පුරවැසියෙකු” ව, හපා කන්නට පටන් ගෙන ඇත. රටේ නීතිය මහා පරිමාණ ජාවාරම් කරුවන්ට බලනොපාන බව වංචනික පොලිස් ලොක්කන්  දෙනෝ දහසක් මැද ඔප්පු කරන්නට ගත් උත්සහය මේ ”ලාංකිකයා” විසින් වලක්වන ලදි. මොහුගේ ක‍්‍රියාව අගය කළ යුතුය. නීතිය අවභිවිතා කරන්නට උත්සහා ගත් කොස්සන්ට විරුද්ධව විනය පියවර ගත යුතුය. නමුත් බොහෝ”සිංහලයින්”ගේ ජන්ම ගතිය වු ටික කලකින් ප‍්‍රශ්ණය, සිද්ධිය අමතක කර, මුහුණදුන් එකාව තනිකර දැමිම, හොඳින් තේරුම් ගත් නි.පො.ප.මාස හතරකට පසුව ”ලාංකිකයාව” අත්අඩංගුවට ගෙන උසාවිය දඩමිමා කරගෙන වධ දෙන්නට පියවර ගෙන ඇත. 
”ලාංකිකයා” විසින් සිද්ධිය අදාලව මානව හමිකම් කොමිසමට හා පොලිස්පතිට කර අති පැමිණිල්ල හා සිද්ධිය අදාලව මොහුගේ හඬපටය, සිද්ධිය අදාල විඩියෝ පට, පහත දක්වන්නේ බුද්ධ පිළිම අටවාගෙන භාවනා කරමින් නටන නාඩගම, කරන හොරකම්, වංචා නතර කරන්නට ඔබටද යමක් කළ හැකි නේද යන පැනය මතු කරමින්ය. 

යහපාලනය යනු විගඩමක් නොවේ. පුරවැසියන්ට අවශ්‍යය පාලන ක‍්‍රමයකි.

සභාපතිනිය, ශ්රි ලංකා මානව හිමිකම් කොමිසම් සභාව/ පොලිස්පති. 

නීති විරෝධිව අත් අඩංගුවට ගෙන, රඳවා තබාගෙන, මානසික වධහිංසාවට හා අවමන් සහගත සැලකිලි වලට පාත්ර කර, අධිකරණයට ව්යාජ තොරතුරු වාර්තා කර මා පිඩාවට ලක්කිරිම මගින් මාගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරිම

තුෂාර, අවු:- 45යි, විවාහක, දරුවන් 02යි, ගෘහ නිර්මාණ ශිල්පි,  ක`ථතර.
2018. 03. 23 දින දීය
2018.03.20වන දින සවස 6.00ට පමණ, 0718591691 දරණ දුරකථනයෙන් මට කලූතර දකුණ පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂක ඉලංගකෝන් දුරකථනයෙන් කථා කොට දැනුම් දුන්නා පසු දින (2018.03.21), උදේ 9.30න් පසුව, ප්රකාශයක් ගැනීම සඳහා කලූතර දකුණ පොලිසියට පැමිණෙන ලෙසට. ඒ අනුව මා නිතිඥ සම්පත් මහතා සමග පොලිසියට ගියා. මුලස්ථාන පොලිස් පරික්ෂක මට ප‍්‍රකාශ කලා සිරසෙන් විඩියෝපටි ගෙන්වා ගත්තා, පොලිසියට තර්ජනය කළා කියා උසාවි දානවා කිව්වා. අත්අඩංගුවට ගත් මාගෙන් ප්රකාශයක් ගත්තා. දහවල් 1.30ට පමණ මාව ක`ථතර මහේස්ත්රාත් අධිකරනයට ගෙන ගියා. උසාවියට ගෙන ගිය වහාම, උප පොලිස් පරික්ෂකවරයෙක් දුවගෙන ඇවිත්, මාව ගෙන ආපු පොලිස් සැරයන්ට කිව්වා ආපසු මාව පොලිසියට ගෙන යන්න කියා. මාව නැවත පොලිසියට ගෙන ආවා. ගෙන ආ විගස මාව කුඩුවට දැම්මා. ඒ අවස්ථාවේ මා දුටුවා DIG රන්මල් කොඩිතුවක්කු මුලස්ථාන පොලිස් පරික්ෂක කාර්යාලයේ,  මුලස්ථාන පොලිස් පරික්ෂකගේ පුටුවේ වඩිවෙලා ඉන්නවා. විනාඩි 45ක් පමණ කුඩුවේ ඉන්න කොට, රන්මල් කොඩිතුවක්ක නැගිට කුඩුව ලඟට පැමිණියා. ඔහු අසල සිටි පොලිස් නිලධාරින් ගෙන් මා පෙන්වා මෙයා මොකද? කියා ඇසුවා. ඔවුන් පෙට්ටේ‍්‍රල් ෂෙඕ එකේ සිද්ධිය යයි කිව්වා. ”පොලිසියට පාට් දාලා මෙතනට එන්න වෙයි කියලා හිතුවේ නැ නේද?” කියා මගෙන් අසා, ”හිටහන් මම බලා ගන්නම්” යයි තර්ජනාත්මක ව කියා යන්න ගියා. ඔහු ගොස් ටික වේලාවකට පසුව යලිත් මාව උසාවියට ගෙන ගියා. එහි දි මාව උසාවිය තුල පිහිටි කූඩුවට දැම්මා. නඩුව කථා කලවිට මා වෙනුවෙන් ඉදිරිපත්වු නිතිඥයින්, දහවල් උසාවියට ගෙන ආ පසුව නැවත පොලිසියට ගෙන ගොස් රඳවා ගෙන සිටි බව හා මිට මාස 4ට පෙර සිදුවීමකට මෙම නඩුව පවරා ඇති බව ප‍්‍රකාශ කලා. මාව ශරිර ඇප මත මුදා හරිනු ලැබුවා. නඩුව 2018.08.31ට කල් දමනු ලැබුවා. නඩු අංකය ----- වේ. 
මෙසේ 2018.03.21දින මා අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිට, නඩු පැවරරීමට පෙර, 2018.03.18 දින සිට මට නිර්ණාමික සැක සහිත දුරකථන පණිවුඩ ලැබුණා. එම දුරකථන පණිවුඩ ලැබුනේ 078 788378 හා 071 8247609 යන අංක දෙකෙනි. 
මේ ආකාරයට මා අත්අඩංගුවට ගෙන බොරු නඩු දමා පිඩාවට පත්කරන්නේ නියොජ්යය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගේ අවශ්‍යතාවයට බව පැහැදිලිය. මෙයට හේතු වුයේ 2017 නොවැම්බර් මස ඇතිවු පෙට්‍්‍රල් හිඟයි. 2017.11.06 දින උදේ 8.30ට පමණ ක`ථතර නගරයේ ‘‘අයි  ඕසි’’ සමුපාකාර ඉන්ධන පිරවුම් හලේ පෙට්‍්‍රල් ලබා ගැනිමේ පොලිමට මා එක්විය. එසේ පොලිමේ සිටින විට දවල් 11ට පමණ, එම ස්ථානයට පැමිණි ක`ථතර දකූණ පොලිස් ස්ථානයට සම්බන්ධ පොලිස් නිලධාරින් තිදෙනෙක් ”පෝලිමට” පිටින් පැමිණ සිටි අංක ඩබ්.පි. 2127 දරන ”ෆොෂ්” වර්ගයේ පුද්ගලික අති සුඛෝපභොගි වාහානයකට ”අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා” වෙන් කරන ලද පෙට්‍්‍රල් ලාබා දීමට උත්සහා ගන්නා ලදි. මා ඒ අවස්ථාවේ ශ‍්‍රි ලාංකික පුරවැසියෙක් වශයෙන් මෙම අසාධාරණයට විරුද්ධවිය. නීතියට ඉහළින් කිසිවකු නැති බව පෙන්වා දෙන ලදි.
මාගේ ඉදිරිපත් වීම නිසා පොලිසිය යොදවාගෙන අල්ලසට දුෂණයට යටවි ”අත්‍යාවශ්‍යය සේවාවන් සඳහා” වෙන් කරන ලද පෙට්‍්‍රල්, නියෝජ්ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගේ  ඕනැකමට ව්‍යාපාරිකයින්ට නිකුත් කිරිම වැළකින.
මාස හතරක් ගිය පසු, සිද්ධිය පිළිබඳව ”සිර” පළකල පුවත හා අදාල විඩියෝව යොදාගෙන, මා නීති විරෝධිව අත් අඩංගුවට ගෙන, රඳවා තබාගෙන, මානසික වධහිංසාවට හා අවමන් සහගත සැලකිලි වලට භාජනය කර, අධිකරණයට ව්‍යාජ තොරතුරු වාර්තා කර මා පිඩාවට ලක්කිරිම මගින් මාගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කළ, 
01. නියොජ්යය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට හා 02. ක`ථතර දකුණ පොලිසියේ මු.පො.ප. ඉලංගකෝන්ට 
එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට හා මාහට   ආරක්ෂාව සලසන ලෙසට ඉල්ලා සිටිමි. 
මෙයට, තුෂාර
පිටපත:-  ජාතික පොලිස් කොමිසම:-
           නීති විරෝධි ක‍්‍රියාකළ පොලිස් නිලධාරින්ට 
           එරෙහිව යමක් කළ හැකිද යයි සලකා බැලිමට 









Thursday, March 22, 2018

ගෑනිව කපපු මිනිහව බේරන්න පොහොට්ටුවෙක් පනී.



රාජකාරි කරන ගමන් බීමත්ව පැමිණ, පිහියෙන් ඇන බිරිඳව මරා දමන්නට තැත් කළ සැමියාව, වාද්දුව පොලීසිය අත්අඩංගුවට ගත්තේ පොලිස්පතිට හා මානව හිමිකම් කොමිසමට දැනුම් දිමෙන් පසුවය. පෙලාලීසිය නීතිය ක‍්‍රියාත්මක නොකළේ එයට පොහොට්ටුවේ අවසරය නොලැබුන  නිසාය.

මේ බව අනාවරණය වන්නේ, 45 හැවිරිදි තිදරු මවක් විසින් පොලිස්පතිට හා මානව හිමිකම් කොමිෂන් සභාවට කර තිබෙන පැමිණිල්ලෙනි. 

එම පැමිණිල්ලට අනුව අපරාධ සැකකරු වාද්දුව ප‍්‍රදදේශයේ රජයේ පාසලක මුරකරුය. මොහු  රාජකාරියට වාර්ගා කර, බිමතින් නිවසට පැමිණ මෙම අපරාධය සිදුකර තිබේ.

වාද්දුව පොලීසිය නිසි පරිදි පැමණිල්ල පවා ලියා නොගත් බවත් පොහොට්ටුවෙන් ප‍්‍රාදේශීය සභාවට තේරී පත්ව සිටින ඉලංගගේ නැමති ප‍්‍රාදේශීය සභා නියෝජිතයාගේ බලපෑම්වලට යටව, වාද්දුව පොලීසිය අපරාධකරුවන්ව ආරක්ෂා කරන බවද, ඇය සිය පැමිණිල්ලෙන් වැඩි දරටත් කියා තිබේ.

ජනාධිපති මලයාව අත්අඩංගුවට ගන්න ජනාධිපති වරම ගන්න  ඕනැය. ඇමති ඥති පුතා අත්අඩංගුවට ගන්න ඇමති අවසරය ගන්න  ඕනෑය. දැන් පෝස්ටර් ගහන එකෙක් අල්ලන්න  ඕ.අයි.සී. ට ප‍්‍රාදේශීය සභානියෝජිතවරයාගේ අවසරය ගන්න  ඕනෑය. මේ උදාහරණයකි.

පොලිස්පතිවරයා කුජීතව ඇති, නීතිය හා සාමය බාර ඇමතිවරු විගඩම් බවට පත්ව තිබෙන රටක, යුක්තිය ඉටු කරගන්න සටන් වදින මිනිසුන්ට, අත්වැලක් වෙන්න. එම තත්ත්වයට ඔබ පත්වන්නට පෙර.


Friday, March 16, 2018

පූජිතටත් බය නැති ‘‘ OIC’’ මාවතගේ, තුවායක් ඇඳගෙන ‘‘හච්චින්’’ ඇට දෙක මිරිකලා, කුරුල්ලට කොච්චි දම්මවයි.


අගලවත්ත පොලීසියේ ස්ථානාධිපති තමා අම්බලන්ගොඩ ”මාවතගේ” බවට හඳුන්වා දෙමින්, පොලිස්පතිට, පොලිස් අධිකාරීට, මානව හිමිකම් කොමිෂමට බය නැකි බව ප‍්‍රකාශ කර ඇත්තේ අත්අඩංගුවේ සිටින තම මුණුබුරා වන චින්තකට  බෙහෙත් අරන් දෙන්න ඉඩ දෙන්න යැයි කරන ලද ඉල්ලීමකට පිළිතුරු වශයෙනි.

තමා එම පුද්ගලයාට ගැහැව්ව බවත්, මරා දමන බවටත් බොරු නඩු දමන බවටත් පම්පෝරි ගසමින්ය. 

අගලවත්ත, මහගම පදිංචි, 74 හැවිරිදි සෝමවතී මහත්මිය, මානව හිමිකම් කොමිෂමට කර තිබෙන පැමිණිල්ලේ සඳහන් වන ආකාරයට, තම මුණුබුරා නිදාගෙන සිටියදී, 2018 මාර්තු 05 අලූයම ගෙට ඇතු`ඵව අගලවත්ත පොලීසියේ පොලිස්කාරයින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉන්පසු අත් කකුල් හා කට බැඳ, පාලූ ගෙදරකට රැුගෙන ගොස් පහර දී ඇත. එසේ පහර දී ඇත්තේ වෘෂණ කෝෂ ඇද, පුරුෂ ලිඟුවට හා ඇස්වලට කොච්චි මිරිස් කොටා දමමිනි.

පසුදින, ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පොලිස් කූඩුවේ සිටම, තමාට පහරදුන් ආකාරය ප‍්‍රකාශ කර තිබේ. මැය, ස්ථානාධිපති ළඟට ගොස් මුණුබුරාට අසාධ්‍ය බවත් බෙහෙත් අරන් දීමට ඉඩ ලබාදෙන ලෙසත් ඉල්ලා ඇත.

එ් අවස්ථාවේ ස්ථානාධිපතිවරයා ඇයට ප‍්‍රකාශ කර ඇත්තේ තමා, අම්බලන්ගොඩ මාවතගේ බවත්, තමා පොලිස්පතිවරයා ඇතුලූ කිසිවෙකුටත් බිය නැති බවත්ය.

පොලිස් කූඩුවේ සිටින මුණුපුරා මරා දමන බවත්, බොරු නඩු දාන බවත් ප‍්‍රකාශ කර ඇත.

මෙසේ වධහිංසාවට පත්ව රක්ෂිත බන්ධනාගාර ව සිටි චින්තක 11. 03. 2018 දාතමින් මානව හිමිකම් කොමිසමට හා පොලිස්පතිට කර තිබෙන පැමිණිල්ලේ උධෘතයන් පහත් දක්වන්නේ බුද්ධ පිළිමයට මුවාවි සිල් අරගන්න භාවනා කරන පොලිසිය හා බන්ධනාගාර පවතින තත්නය පිළිබඳ නිගමනයන්ට එ්ම සඳහාය.

අවු:- 28යි, විවාහක, කුලි වැඩ හා රියදුරෙක් වශයෙන් දිවි ගෙවන  චින්තක, ‘‘නිති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන වධ දි බොරු නඩු දැමිම’’ යන හිසින් යුතුව මෙම පැමිණිල්ල කර තිබේ.

‘‘ 2018.03.05 දින අලූයම 3.45ට මා නිවසේ සිටියදි පොලිසියෙන් කියාකථා කළා. මා ෙදාර ඇරියා. අගලවත්ත පොලිසියේ ස්ථානාධිපති මාවතගේ, උ.පො.ප. මධුරංග, නන්දන, රත්නායක යන නිලධාරින් ඇතුලූ හත් දෙනෙක් හිටියා. සියුලූ දෙනා හිටියේ සිවිල් ඇඳුමින්. පැමිණියේ යතුරු පැදි හතරකින්. ස්ථානාධිපති මාවතගේ, ජානක යන අයගේ ගෙදර පෙන්වන්න යයි කියා මට පවසා, එක පාරටම උ.පො.ප මධුරංග මා අඳිමින් සිටි කමිසය ඇද බෙල්ලේ ඔතා අත් පිටුපස කර මාංචු දැම්මා. ඉන්පසු නිවස අසල හතර මං හන්දිය දක්වා ඇදගෙන ආවා. එහි යතුරු පැදි නවතා තිබුනා. උ.පො.ප මධුරංග මා ඔවුහු පැමිණි යතුරු පැදිය අසලදි බෙල්ලෙන් අල්ලා නවා වැලමිටෙන් මාගේ පිටට ඇන්නා. ඉන්පසු ඔහු පැමැණි යතුරු පැදියේ මැද තබා ගත්තා....... මාගේ ඔලූව අල්ලා ඉස්සර යතුර පැදිය පැදවු අයගේ හෙල්මට් එකේ මාගේ නලල හැප්පුවා.......බොගහවත්ත කියන තැනට ගෙන ආවා. එතැනදි ........ නන්දන කියන නිලධාරියා කොච්චි තඩාගෙන අවා. මාව හා කුමාරව බදුරලිය අගලවත්ත පාරේ පොලිසිය පාවිච්චි කරන නිවසකට ගෙන ගියා. මාව එහිදි නිරුවත් කළා. මාගේ බෙල්ලේ ඔතා තිබු ෂර්ට් එක ගලවා එකෙන් කට බැන්දා. ස්ථානාධිපති මාවතගේ කිව්වා මුගේ කොච්චි ගාන්න කියා. නන්දන අතේ ෂොපින් බෑග් එකක් දාගෙන කොටපු කොච්චි අරන් මාගේ පුරුෂ ලි`ගුව් ගෑවා. ඊට පස්සේ ඇස් වල ගාමින් ඇෙඟ් හැම කැනම ගෑවා. ස්ථානාධිපති කුමාරට කිව්වා බලා ගන්න කියා. එසේ ඇඟ පුරාම කොච්චි ගාලා වතුර විසිරි තිබු අසල කුඩා කාමරයකට ගෙන ගිහිල්ලා බිම පෙරළා හත් දෙනාම වටකරගෙන අතින් පයින් පහර දුන්නා. පැය දෙකට ආසන්න ප‍්‍රමාණයක් එසේ වධදිටමෙන් පසුව එළියේ ටැප් එක ලඟට ගෙන හින් එක් අතක මාංච ගලවා නාගන්න යයි කිව්වා. ඉන්පසු එ් කාමරයේ මට බිම මාංචු පිටින් නිරුවතින්ම නිදාගෙන ඉන්න සැලැස්සුවා.
උදේ 7ට විතර ඇඳ ගන්න දි අගලවත්ත පොලිසියට ගෙන ගොස් කූඩුවට දැම්මා. උදේ 11ට පමණ අම්මා හා මල්ලි මාව බලන්න ආවා. ඔවුන්ට මට ගහපු බව කිව්වා. එදා දවසේම පොලිසියේ තියා ගත්තා.
පසුදින -2018.03.06 - දවල් මාව පිඹුර රජයේ රොහලට ගෙන ගියා. රොහලේදි මාව වෛද්‍ය වරයෙක් ලඟට ගෙන ගියා. මාව ගෙන ගිය පොලිස් සැරයන් කවිරත්න හා රොහල් පොලිසියේ නිලධාරියා වෛද්‍යවරයා වෙත ගොස් මොනවාද කථාකර පැමිණ, මාව ඔහු වෙත ගෙන ගියා. මට පොලිසිය ගැහැව්ව බව කිව්වා, ගහපු තැන් පෙන්නුවා, කොච්චි මිරිස් දාපු බව කිව්වා, නමුත් ගණන් ගත්තේ නැ. පොලිසිය දිපු කොළය පුරුවා මාව ගෙන යන්න පොලිසියට දුන්නා.
නැවත මාව අගලවත්ත පොලිසියට ගෙනවිත් එතැනින් මතුගම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා. මාව මහේසත‍්‍රාත් නිල කාමරයට ගෙන ගියා. මා වෙනු වෙන් ඉදිරිපත්වු නිතිඥ මහත්මිය මට පහර දි ඇති බව ප‍්‍රකාශ කළා. මාව අධිකරණ වෛද්‍ය වරයාට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාරයට නියම කළා. බන්ධනාගාරයේදි මට ප‍්‍රතිකාර ලබා දුනානේ නෑ. අධිකරණ වෛද්‍ය වරයාට ඉදිරි පත්කළෙත් නෑ. 
2018.03.08 දින නැවත මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ විට මා වෙනුවෙන් පෙනිසිටි නිතිඥ මහතා මට පහරදිම ගැන විස්තර අධිකරණයට කියා සිටියා. මාව රු.10,000/- ක මුදල් ඇපයක් හා රු. 1000,000/- ශරිරි ඇප මත මුදා හැරියා.......’’ 
ඔහු ඉල්ලා සිටින්නේ, නිති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන වධ දි බොරු නඩු දැමු අගලවත් පොලසියේ 1. ස්ථානාධිපති මාවතගේ 2. උ.පො.ප මධුරංග 3. නන්දන 4. රත්නායක ඇතුලූ හත්දෙනාට එරෙහිව නිතිමය පියවර ගන්නා ලෙසටය.

Friday, March 9, 2018

ගහන්න පු`ථවන්ලූ! ඔනි එකෙකුට!! මෘෘග කියමනක්!!!


පානදුර දකුණ පොලිසියේ ‘ ඕඅයිසි’ 17 හැවරිදි සිසුවකුට බේස් බොල් පිත්තකින් පහර දෙයි. තුවාල ලැබු එම සිසුවා රොහල් ගතවිමෙන් පසුව,  එම සිසුවා ගේ දෙමාපියන්ව පොලිසියට ගෙන්වා, ගැහැව්වේ තමා බවත් ඔනෑම තැනකට යනන් යයි ද තමා බය නැතැයිද පවසා තිබේ. ඉන්පසු නිවසට පොලිසිකාරයෙකු යවා නඩු දානවාද කියා අසා, පොලිසියට ඔනි දෙයක් කරන්න පු`ථවන් යයි පවසා ගොස් තිබේ.
පසුගිය 08 වෙනි දා පානදුර රාජකීය විද්‍යාලයේ පවැති වාර්ෂික පාගමට එක්වීමට විකට ඇඳුමින් සැරසි තම මිතුරන් සමග ‘පාගමට’ එක්වීමට සැරසෙද්දි මෙම මෘෘග ප‍්‍රහාරයට සිසුවා ගොදුරුව ඇත. 


                        පහර කෑමට ලක්වු සිසුවා මිතුරන් සමග



Friday, March 2, 2018

පොලිස් හොරු හා එක්වූ මව්බිම සොරුන්




2013 අපේ‍්‍රල් මස සිදුවීමකි. සම්පත් 31 හැවිරිදි තරුණයෙකි. පැවිදි බවින් මිදී ස්වයං රැුකියාවක් කරමින් මව්බිමට සේවයක් කිරීමේ අදිටනින් ජීවිතය ආරම්භ කළා පමණි.

මීගලෑව පොලීසිය පේන තෙක් මානයේ පිහිටි රට බීම හලක්, ප‍්‍රකට වෙළඳසැලක සිදු වූ සොරකමකට මොහුව අත්අඩංගුවට ගන්නා ලදි. පොලීසියේ ලොකු කුඩා එවුන්ගේ අනුග‍්‍රහයෙන් සිදුවන සියලූ අපරාධවලට ආදේශකයන් ඉදිරිපත් කරන්නේ මාධ්‍යය අනුග‍්‍රහය ද ඇතිවය. මේ සිදුවීම් දෙකෙදි පොලීසිය එ් ආකාරයටම ක‍්‍රියා කළේය.

මෙම සොරකම් දෙකට සම්පත්ව ආදේශ කිරීමට ඉතා හොඳ හේතුවක් තිබිණ. එ්  2011 දී සංගීත සන්දර්ශනයකදී සිවිල් පිට සිටි පොලිස්කාරයන් තරුණයෙකුට පහරදෙන විට එය වැළැක්වීමට ඉදිරිපත් වීමේ වරදය. එ් අවස්ථාවේ පොලිස්කාරයෝ සම්පත්ට අමානුෂික ලෙස පහර දෙන ලදි. ඔහු එ් පිළිබඳව මානව හිමිකම් කොමිෂම ඉදිරියට ගියේය. කොමිෂමේ විමර්ශන නිලධාරියා රුපියල් හතලිස් දාහක වන්දියක් නිලනොවන ආකාරයට පොලිස්කාරයින්ගෙන අරගෙන දී, පැමිණිල්ල සමථ කළේය. 

එ් වාඩුව පිරිමැසීමට පොලීසියට මෙම සොරකම් හොඳ අවස්ථාවක් විය. සම්පත් අත්අඩංගුවට ගත් පොලීසිය එම සොරකම් දෙකම ඔහුට ආදේශ කළේය. සම්පත් රිමින්ඞ් බාරයට පත්විය. වසර හතරක් නඩු කීවේය. 

උසාවිය ඉදිරියේදී රට බීම හලේ සොරකමට අදාලව නඩු භාණ්ඩ වශයෙන් උසාවියට ඉදිරිපත් කළ අරක්කු බෝතල් පිලිබඳව සාක්ෂි දීමට අරක්කු නිෂ්පාදන සමාගමේ අදාල නිලධාරියා ඉදිරිපත් විය. 

ඔහු කියා සිටියේ එම අරක්කු බෝතල් සොරකම සිදුවු දිනයට පසුව නිෂ්පාදනය කරන ලද එවා බවය. තවද ඔහු තහවුරු කළේ අරක්කු බොතල් වල කල් ඉකුත්වන දිනයක් සඳහන් නොවන බවයි. 

උසාවිය මෙම නඩු දෙකෙන් සම්පත් නිෙදාස් කොට නිදහස් කරනු ලබිය.  එ් සඳහා නිතිඥ ගාස්තු වශයේන් පමණක් වියදම් කරන්නට වු මුදල රුපියල් ලක්ෂයකට වඩා වැඩිය. දින 14 ක් බන්ධනාගාරයේ ලඟින්නට සිදුවිය. 

මේ සිද්ධිය ඉරිදා මව්බිම පලවු පුවත කොරේ අවධානය යොමු කළ යුතු බව සමපත් කියා සිටින්නේ, පොලිස් ¥ෂණ වංචාවලට අනෙකුත් සියුලම පාර්ශවයන් මෙන්ම ඊනියා ”නිදහස් මාධ්‍යයද” සම්බන්ධ බවයි.

ඔහු මේ පුවත පිළිබඳ අවම වශයෙන් නිවැරදි කිරීමක් කරගන්නට හා ලියපු ඊනියා වර්ථා කාරයා කව්ද යන්න දැනගන්න කොළඹ රොස්මිඞ් පෙදෙසේ මව්බිම කාර්යාලයට ගිය විට එහි සිටි නිලධාරියෙක් යයි කියා ගන්නා එකෙක් සම්පත්ට කියා ඇත්තේ ”මව්බිම” ඇමතියෙකු කිව්වත් පල කළ පුවත වෙනස් නොකරන බව හා ලියපු එකාව හෙළි නොකරන බවයි. මව්බිමද සොරුන්ට අයත් එකක් බව ඔහුට දැනගන්නට ලැබිණි.

සම්පත් දුප්පතෙකි. කරගෙන ගිය රැුකියාව අහිමි විය. දිගින් දිගටම පොලීසියේ පීඩාවන්ට ලක්විය. ඔහු එ් ගැන මානව හිමිකම් කොමිෂමට හා ඵලක් නොවන බව දැන දැනත් නිහඬව නොසිටිය යුතු බවට නිගමනය කර මව්බිම කතෘට ලිපියක් ලිපියක් යැවීමට පියවර ගත්තේය. අප ඉදිරියේදී එම ලිපිය පල කිරීමට පියවර ගන්නෙමු.

Tuesday, February 13, 2018

වෛද්‍ය සභාවට විවෘත අභියෝගයක්


නවදල පදිංචි රම්‍යලතා මහත්මියගේ ඇසට දැමිමට වැරදි බෙහෙතක් දුන්න ෆාමසි කාරයෙක් බේරා ගැනීමට ක‍්‍රියාකළ රජයේ වෛද්‍ය නිලධාරි වරයෙකුට විරුද්ධව ශ‍්‍රි ලංකා වෛද්‍ය සභාව ආර්ම්භ කළ ප‍්‍රාථමික පරික්ෂණයේදි ඇයව දැඩි අපහසුවකට පත්කිරිම සම්බන්ධයෙන් නිහ`ඩව නොසිට, සිදුවිම විස්තර කරමින් වෛද්‍ය සභාවේ සභාපති හා ලේඛකාධිකාරි අමතන ලද ලිපිය පහ දක්වමු. 
මෙය ආදර්ශයට ගන්න.

රම්‍යලතා
නවදගල

2018. 02. 

01. මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා
    සභාපති
    ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව
    අංක 31
    නොරිස් කැනල් පාර
    කොළඹ 07

02. ලේඛකාධිකාරි
     ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව
     අංක 31
     නොරිස් කැනල් පාර
     කොළඹ 07

මහත්මයාණනි

2018.01.11 දින පැවැත්වූ, ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ 
ප‍්‍රාථමික ක‍්‍රියාමාර්ග කමිටුව සම්බන්ධයෙනි.

(1) ප‍්‍රථමයෙන් මාගේ පැමිණිල්ල හා අදාලව විමර්ශන කමිටුව ඉදිරියට කැඳවීම ගැන බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. 

(2) නමුත් එදින, එනම්, 2018.01.11 දින ඔබ සැම විසින් මාව කොපමණ අසරණ කරන්න හැදුවාද යන්න සිතන විට මට හැෙඟන්නේ එම විමර්ශන කමිටුවේ වෛද්‍යවරුන් සියලූ දෙනා, වගඋත්තරකරු වෛද්‍ය සිරිසේනගෙන් පගාවක් අරගෙන ඇති බවයි.

(3) එසේ සිතන්නට පෙළඹුවේ, අද රටේ මුදලේ බලය ගැන මා හට කමිටු සාමාජික වෛද්‍යවරු විසින් පසක් කර දුන් නිසාවෙන් හා ඇත්ත ඇති සැටියෙන් පිළිනොගෙන එම අවස්ථාවේ ඔබලා ද රාජකාරි කළා යැයි මා හට හැඟුන බැවිනි.

(4) කමිටු සාමාජික වෛද්‍යවරු ‘‘සල්ලිවලට අද හැමදේම යටත් බවත්,  ඕනෑම දෙයක් කළ හැකි බවත්’ අවධාරණය කිරිම ගැන මා පුදුම නොවෙමි. 

(5) අපරාධකරුවන්ව ආරක්ෂා කිරීම ඔබ කමිටුව විසින්ද සිදු කරන බවක් මට හැඟුනි. නමුත් සියලූ දේ මුදලට කළ නොහැකි බවත්, යුක්තිය, සාධාරණය ඉටු විය යුතු බවත් මම විශ්වාස කරමි.

(6) ඔබ සියලූ දෙනා තරම් මා අධ්‍යාපනය ලබා නොතිබුණද, යුක්තිය, සාධාරණය පිළිබඳ හැඟීමක්, දැනීමක් මටද තිබෙන බව කිව යුතුමය.

(7) දැනටමත් වෛද්‍ය වෘත්තියේ යෙදෙමින්, රෝගීන් සුවපත් කරමින්, තවත් රෝගී අයෙක් දෙස බැලූ ආකාරය ඉතාමත් අයුක්ති සහගත බව පවසමි.

(8) වෛද්‍ය සිරිසේනගේ පඩියෙන් යැපෙන දරු පවුල පමණක් නොව, මාගෙන් යැපෙන දරු පවුලක් සිටින බවද පැවසිය යුතුයි.

(9) මාගේ රෝගී තත්ත්වය මත, අප පවුලද ඉතාමත් ආර්ථික මෙන්ම මානසික පීඩාවවන්ට මුහුණ දුන් බවද අවධාරණය කරමි.

(10) මහජන මුදලින්, එනම් නිදහස් අධ්‍යාපනයෙන් ප‍්‍රයෝජන ලැබූ ඔබ කමිටු සාමාජික  වෛද්‍යවරුන්ගෙන්  ‘‘නූගත් යැයි’’ ඔබ මණ්ඩලය සලකන සමාජයට සිදුවන මෙහෙවර කුමක්ද?ු

(11) වෛද්‍ය නොසැකිල්ල මත මරණයට පත්වූ පුද්ගලයෙකු මුලිකව ක`ඵතර දිසා අධිකරණයේ පවතින නඩුවක සාක්ෂි දීම ඔබ මණ්ඩලයේ කාර්යාල කාර්ය සහයෙකු යැවීමට තරම් පහත් මානසික තත්ත්වයට ඔබ මණ්ඩලය පත්ව තිබෙන බව මා දන්නා කරුණකි. 

මෙම ලිපිය, 2018.01.11 දින ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප‍්‍රාථමික ක‍්‍රියාමාර්ග කමිටුව නියෝජනය කළ සියලූම වෛද්‍යවරුන්ගේ අවධානයට යොමු කරන ලෙස ඉල්ලමි.

කෙසේ වෙතත් මා ඉල්ලා සිටින්නේ, මාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කඩිනමින් සිදුකර, යුක්තිය ඉටු කර දෙන ලෙසටය.

මෙයට, 

 රම්‍යලතා

  

ගබ්සා නීතිය සංශෝධනය ආගමික බලපෑම් වලට යටත් නොවිය යුතුයි.



මහජන සෞඛ්‍ය ප‍්‍රශ්ණයක් මෙන්ම ස්ත‍්‍රීන් ගේ ප‍්‍රජනන අයිතිය පිළිබඳ කරුණක් වන ගබ්සාව, ආගමික මත, විශ්වාස වලින් බැහැර විය යුතුයි.

දණ්ඩ නීති සංග‍්‍රහයේ ගබ්සාව අදාලව පවතින නීති ලිහිල් කිරීමට ගන්නා සෑම උත්සාහයක්ම, ආගමික ආයතන වල විරෝධය මත අතහැර තිබේ. 

විශේෂයෙන් මෙම කරුනේදී පෙරමුණ ගන්නේ කතෝලික සභාවයි.

ස්ත‍්‍රී අයිතිවාසිකම් සම්බන්ධයෙන්, සම්මුතිවලට එකඟව, කාන්තාවගේ අයිතීන් පිළිබඳ, තීරණ ගැනීමේදී, ආගමික විශ්වාසයන්ට, ආගමික සංස්ථාවල බලපෑම් වලට යට නොවිය යුතු බව - ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමේ අදහසයි.

Monday, February 12, 2018

රිමාන්ඩ් කරවන්නේ ප‍්‍රතිකාර ගන්න ඉඩනොදි අපරාධය වසන් කරන්න




නීති විරා්ධිව අත්අඩංගුවට ගෙන දවස් 3ක් වධදෙමින් සිට මානව හිමිකම් කොමිසම ප‍්‍රශ්ණ කළාම උසාවි දමා රිමාන්ඩ් කරවිම ගැන බිරි`ද මානව හිමිකම් කොමිසම අමතන ලද ලිපියෙන් පොලීසිය හා උසාවිය අසරණයින් සම්බන්ධව යුක්තිය ඉටු කරන අන්දම පැහැදිලි වනු ඇත

සභාපතිනිය,
මානව හිමිකම් කොමිෂන් සභාව,
14, ආර්.එ්.ද මැල් මාවත, කොළඹ 04.

නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන, වධ දී, බොරු නඩු දැමීම.

කාන්ති අවු: 31යි, විවාහක, දරුවන් 03 යි, ගෘහණිය. වස්කඩුව.

2018.02.12 දිනදීය.

 සුගත්සිරි  අවු: 35 යි,රැකියාව: පොල් කැඞීම -  මාගේ සැමියා වේ.

01. 2018.01.30 වන දින, රාත‍්‍රියේ, වාද්දුවේ දී අත්අඩංගුවට ගන්නා ලදි.

02. 2018.02.03 වන දින, සෙනසුරාදා, පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

03.--- නඩු අංක යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

04. වැඩ බලන ලද විනිසුරුවයාට, සැමියා වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ කමලා ජයසිංහ -සැමියාට පහරදුන් බව හා 2018.01.30 වන දින අත්අඩංගුවට ගත් බව ප‍්‍රකාශ කර සිටියා.

05. නමුත්, වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදිය යුතු බවට හෝ අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කරන ලෙසට හෝ නියෝග නොකර, 2018.02.05 දින දක්වා, රිමාන්ඞ් භාරයට පත් කලා.

06. 2018.02.05 වන දින, අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ, නීතිඥ කමලා ජයසිංහ -අධිකරණයට ප‍්‍රකාශ කලා - 2018.01.30 වන දින අත්අඩංගුවට ගන්නා ලද බව හා පහර දී ඇති බව.

එ් අවස්ථාවේ, සැමියාට විරුද්ධව තවත් නඩුවක් ඇති බව ප‍්‍රකාශ කල පොලිසිය, එය ඉදිරිපත් කිරීමට කල් ඉල්ලා සිටියා. 

07. එදින, දෙවන වර නඩුව කතා කළ අවස්ථාවේ, සැමියාට එරෙහිව 51663 දරන නඩුව ඉදිරිපත් කලා. එ් සොරකමක් පිළිබඳව.

08. එ් අවස්ථාවේ, පොලිසියේ ඉල්ලීම පරිදි, සැමියාව, 2018.02.12 දින දක්වා රිමාන්ඞ් භාරයට පත්කලා.

09. 2018.02.12 වන දින, අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ --රන නඩුවට ඇප ලබා දුන්නා.

-- නඩුව, පොලිසියේ ඉල්ලීම පරිදි, 2018.02.19 දින දක්වා රිමාන්ඞ් භාරයට පත් කරන ලදි. 

2018.01.30 වන දින, අත්අඩංගුවට ගෙන, 2018.02.03 දින දක්වා, වාද්දුව පොලිසියේ රඳවා තබාගෙන, වධහිංසා පමුණූවමින්, මානව හිමිකම් කොමිෂම් සභාවට හා පොලිස්පතිට 2018.02.02 වන දින, පැමිණිලි කිරීමෙන් අනතුරුව, වැඩ බලන මහේස්ත‍්‍රාත්වරයෙකුට ඉදිරිපත් කර, වෛද්‍ය ප‍්‍රථීකාර සඳහා හෝ අධිකරණ වෛද්‍යවරයාට යොමු නොකර, ව්‍යාජ නඩු දමා, රිමාන්ඩ භාරයේ තබා ගෙන සිටින්නේ, වධහිංසා පැමිණවීමේදී ඇතිවූ බාහිර තුවාල මැකීයන තෙක් බව ප‍්‍රකාශ කරමි.

මා ඉල්ලා සිටින්නේ, නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, දින 03ක් වාද්දුව පොලිසියේ නීති විරෝධීව රඳවා තබාගෙන සිටිමින් වධහිංසා පමුණුවා, බොරු චෝදනා මත නඩු පැවරීමට එරෙහිව - නීතිමය පියවර ගන්නා ලෙසටය.

එමෙන්ම තවදුරටත් ප‍්‍රමාද නොකර, මාගේ සැමියාව, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු වෙත ඉදිරිපත් කරන ලෙසට, ක`ඵතර බන්ධනාගාර අධිකාරීවරයා ට නියෝග කරන ලෙසටය.

මෙයට,

 කාන්ති 
(බිරිඳ)

සටහන
මෙම පැමිණිල්ලට අදාලව, 2018.02.02 වන දින, සැමියා ගේ පියා වන  අපෝන්සු මයා, ලිඛිතව (ෆැක්ස් හා ලි.ප.තැ. මගින්)ද, 1996 ට වාචිකව ද, දැනුම් දුන් බව කාරුණිකව සලකන්න.
























Sunday, February 11, 2018

ගැණිට දරුවාට ගහණ,පොලිසියේ හුණු ගාපු එකා උසාවියෙත් හුණු ගාන වාලූ!

නීතිය නවන් පු`ථන් මහා එවන්ට පමණක් නොවෙන බව සනාථ කරන මේ කථාව ආරම්භ වන්නේ 2013දි. වයස 20 සම්පුර්ණ වුන ගමන් ඇයව දීග දිලා දෙමාපියන් නිදහස් වෙනවා. දීග ගිහිල්ලා සති දෙකකින් දියණිය ගෙදර එන්නේ දැවැද්ද ඉල්ලා මිනිහා ගහන බව කියාගෙන. මිනිහා ඇවිල්ලා ඇයව නැවත එක්කරගෙන යනවා අයෙත් ගහන්නේ නැ කියලා. මෙම ක‍්‍රියාව චක‍්‍රයක් වගේ. ඉස්පිරිතාලේ නවතින්න වෙන තරමටම ගැහැව්වාම පොලිසිය මැදිහත් වෙලා ඇයව නැවත ගෙදර යවනවා. පොලිසිය ඇයට කියනනේ්් මිනිහානේ ගහන්නේ-නැතිව වෙන අය ගහන්නේ නැ නේ එ් නිසා ගෙදර යන්න කියාලා. එක දවසක් ඇයට හොඳටම ගහලා කිරි සප්පයා සමග මහ පාරේ දාලා යනවා. අවට මිනිස්සු ඇයව රොහල් ගත කර දෙමාපියන්ට දැනුම් දෙනවා. එවර ද ඇයට පොලිසිය කියන්නේ මිනිහා එක්ක ගෙදර යන්න කියලා. ඇ ප‍්‍රතික්ෂේප කරනවා පොලිසියේ යොජනාව. පොලිසියේ යොජනාවට පිටුපාපු කරුමයට ඇයට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. පොලිසිය ‘‘ස්ති‍්‍ර’’ අයිතින් රකින්න සම්මත කරලා තියෙන ‘‘ගෘහස්ථ ප‍්‍රචණ්ඩයට එරෙහි නීතිය’’ නවලා ඇය මිනිහාට අඩන්තේට්ම් කරන බවට චොදනා කරලා නඩුදානවා. ඇය දැන් විත්තිකාරිය. ඇය නිතිඥ සහය පතනවා. නිතිඥයා කියනවා දැන් අපි මිනිහට විරුද්ධ නඩුවක් දාමු කියලා. කිසිත් වටහා ගත නොහැකි ඇය නිතිඥයා ගේ උපදෙස් අනුව මිනිහට විරුද්ධව ‘‘ගෘහස්ථ ප‍්‍රචණ්ඩයට එරෙහි නීතිය’’යටතේ නඩු දානවා. දැන් නඩු දෙකයි. ඇය එකක විතිතිකරු. අනෙකේ පැමිණිලිකරු. නඩුදෙකම එකම දවසේ ගන්නවා. එකට නෙවෙයි දෙපාරකට. හැම වාරයේදිම නිතිඥයෝ ඇයව නිනිදා අපහසයට ලක්කරුනු ලබනවා. මේ අතර ඇය පොලිසියට විරුද්ධව මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිල් කරනවා. 

එම පැමිණිල්ල විමර්ශණය කිරිමේන් අනතුරුව නිකුත් කරන ලද නිර්දේශය සම්බන්දයෙන් ඇය මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ඇමතු ලිපිය පහත දක්වමු. එය හා මෙම සිද්ධිය කථිකාවකට ලක්විය යුතුයි. කාන්තා අයිතිය ගැන කථාකරන අය සමග නොව ගමේ ගොඬේ ගැණු සමග. 

එමෙන්ම මෙම සිදිධය අදාලව 2013 දි අප පළකරන ලද විඩියෝව තව දුරටත් කරුණු පැහැදිලි කරනු ඇත.


කුමාරි 
2018.02.05

ආචාර්ය දීපිකා උඩගම මිය
සභාපතිනිය                
මානව හිමිකම් කොමිෂන් සභාව        
අංක 14, ආර්.එ්. ද මැල් මාවත
කොළඹ 04

පැමිණිලි අංක : HRC----රැ13

උක්ත පැමිණිල්ල අදාල ඔබගේ 2018.01.12 ලිපිය හා නිර්දේශය ලැබිණ.

01. ඔබ නිර්දේශයේ පරිවර්තනයක් මා වෙත ලබාදෙන ලෙසට ප‍්‍රථමයෙන් ඉල්ලා සිටිමි.

02. වසර පහකට පසුව ඔබගේ නිර්දේශය මා අතට පත්වන විට, සිද්ධිය අදාලව වර්ථමාන තත්ත්වය
    සැකෙවින් සඳහන් කිරීමට කැමැත්තෙමි.

1. පැමිණිල්ලේ සඳහන් කරන ලද පරිදි පොලීසියෙන්, ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්ව පනත උපයෝගී කරගෙන මට හා මාගේ සු`ඵ පියාට විරුද්ධව, -----යටතේ ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් උසාවියේ පවරණු ලැබීය.

2. එම නඩුවට පෙනී සිටීම සඳහා මා විසින් ඉදිරිපත් කළ නීතිඥ ලක්ෂ්මන් මයා, මාගේ සැමියාට විරුද්ධව ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්ව පනත යටතේ ප‍්‍රති නඩුවක් පවරන ලෙසට  උපදෙස් දී, එ් අනුව, ------- නඩුව පවරණු ලැබීය.

3. මෙම නඩු දෙක එකම දිනයේ කැඳවනු ලැබු අතර, සෑම දිනයකදීම අපව පොලීසිය හා එක්ව අපහාසයට හා උපහාසයට ලක්කරණු ලැබීය.

4. පොලීසිය විසින් මා හා මාගේ සු`ඵ පියා වගඋත්තරකරු කරමින් පවරන ලද --- දරන නඩුව මට මාස දෙකක් වයසේදී, මා හා මාගේ මව සමග ඉතා යහපත් විවාහ දිවියක් ගතකරන මාගේ සු`ඵ පියාව, ”මවගේ අනියම් සැමියා ලෙසට” නම් කිරීමට තරම් පොලීසිය පහත් තත්ත්වයට පත්ව අප මානසික වධහිංසාවට පත් කරණු ලැබීය.

5. අප වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරන ලද නීතිඥවරුන් වන නීතිඥ ලක්ෂ්මන් මයා මාගේ සැමියා වෙනුවෙන් ඉදිරිපත් වූ පොලීසිය හා නීතිඥ පේ‍්‍රමසිරි අබේසූරිය මයා, මා හා මාගේ සු`ඵ පියාව අපහාසයට ලක්කිරීමට ඉඩ දී නිසොල්මන්ව සිටින ලදි.

6. එපමණක් නොව මාගේ සැමියා පොලීසිය හා අධිකරණ කාර්ය මණ්ඩලය සමග පවත්වාගෙන යන ලද අයුතු සම්බන්ධය මත සාක්ෂි ඉදිරිපත් කිරීමේදී අපගේ සාක්ෂි විකෘති කර, සටහන් කිරිමට පියවර ගෙන තිබීම.

7. මාගේ සු`ඵ පියා, ---- නඩුවේදී ලබාදෙන සාක්ෂිය විකෘති කර සටහන් කිරීම පිලිබඳව,  අධිකරණයට කරුණු දැක්වූ විට, එම වැරදි සටහන් නිවැරදි කිරීමට දිනයක්  ලබාදෙන ලදි. එම දිනයේදී, අපගෙන් මුදල් ලබා ගත්තද, අප නීතිඥවරුන් වන, නීතිඥ ලක්ෂ්මන් මහතා හා නීතිඥ සුමිත් පතිරණ මහතා අධිකරණයේ පෙනී නොසිට මග හරින ලදි.

8. මෙම පසුබිම යටතේ අපට ලැබුණ උපදෙස් මත සැමියාගෙන් දික්කසාද වීම සඳහා  නඩුවක් පවරන ලදි.

9. එම නඩුවේ තීන්දුව 2015.09.21 දින ප‍්‍රකාශයට පත්විය.

10. එයින් අනතුරුව, ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්ව නඩු දෙක ඉවත් කරණු ලැබීය.

11. එවක මාගේ සැමියා වූ, පුංචිහේවා කුමාර, නිවාස, ගොඩනැගිලි පිංතාරු කිරීම ස`දහා කොන්ත‍්‍රාත් ගන්නා කෙනෙකි.

එම පසුබිම යටතේ ඔහු, පොලිස් නිලධාරීන්ගේ නිවාස පිංතාරු කිරිම් සිදුකරණු ලැබේ. එම සම්බන්ධතාවයන් උඩ අධිකරණයේ නිලධාරීන් සමග සම්බන්ධතා ගොඩනගාගෙන අධිකරණය ද පිංතාරු කිරීමට කොන්ත‍්‍රාත් ලබාගෙන තිබිණ.

මා විසින් දරුවා සඳහා නඩත්තු ඉල්ලා පවරන ලද, --- නඩු වාරයකදී, මා නීතිඥ මහතා මගින් අධිකරණයට මේ බව දැණුම් දෙන ලදි.

12. දියණියව සැමියාට බැලීමට ඉඩ දී තිබුණේ, අධිකරණ පරිශ‍්‍රය තුළදීය. එක් දිනක් සැමියා  ”ගුරුකම් කරන ලද” බව කියන තෙල් වර්ගයක් දරුවාගේ ඇඟ පුරාම ගාන ලදි. මෙය  මා, රෙජිස්ට‍්‍රාර්වරියට පැමිණිලි කළ විට, ඇය ‘‘දුවගේ ඇෙඟ් තෙල් ගාන්න තාත්තට  බැරිද’’     කියා මාගෙන් ප‍්‍රශ්න කිරීම තුළින් සැමියා අධිකරණ නිලධාරීන් සමග පැවැත්වූ  අයුතු සම්බන්ධය පැහැදිළි වේ.

13. මා මේ වනවිට එම පීඩාවන්ගෙන් මිදී ඇත. ඔබ කොමිෂමට පැමිණිලි කරන විට, මාගේ දියණියගේ වයස අවුරුද්දකි. මේ වන විට ඇය පාසල් යයි.

14. ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්ව පනත විකෘති කළ සහ මාහට පහරදි මහමගට ඇද දැමිම සම්බන්ධයෙන් මා කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් නීතිමය පියවර නොගත් ඇඹිලිපිටිය  ලීසියේ සැමියාගේ කු`ඵපග මිතුරියක් වූ කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපති  කාන්තා පොලිස් සැරයන් 3329 සීතා රංජනී දැනට විශ‍්‍රාම ගොස් ඇත.

15. එවක ස්ථානාධිපති හා විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති - උප පොලිස් පරීක්ෂක පීටර්, කුමන පොලිස් ස්ථානයක සේවය කරනවාද කියා දන්නේ නැත.

03. ඔබ විසින් නිර්දේශයක් නිකුත් කිරීම ගැන මා ස්තුතිවන්ත වන අතරම, ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්ව පනත යටතේ නැවත නඩු පැවරිමට හැකියාවක් නොමැති නමුත්, පොලීසිය මෙම පනත උපයෝගී කරගෙන පීඩාවට පත් මා, නැවත නැවත පීඩාවට පත් කිරීමෙන් වැළකී, මෙම සිද්ධිය හා අදාලව  වගකිව යුතු පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙසට පොලීසියට නියෝග කරන  ලෙසට සහා ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය වැළක්වීමේ පනත යටතේ පවරන ලද නඩුව අධිකරණයේදී 
 විභාග වීමේදී මා නැවත නැවත පීඩාවට පත් කිරීම හා නීතිඥවරුන් විසින් සිදුකරන ලද සූරා කෑම, කෙරෙහි අවධානය යොමු කර, අධිකරණ කි‍්‍රියාපටිපාටියේ ¥ෂිත ක‍්‍රියා හා නීතිඥවරුන්ගේ දුෂිත පිළිවෙත් අවම කිරිමට අවශ්‍යය නිර්දේශ රජයට ඉදිරිපත් කරන මෙන් ඉල්ලමි.

මා දැනට, සු`ඵ පරිමාණ ඇඟලූම් කම්හලක සේවය කරමි. දියණියගේ පූර්ණ භාරකාරත්වය ලබාගෙන සිටින බැවින් තවදුරටත් පරීක්ෂණ, විමර්ශන වලට ඉදිරිපත්වීමට හැකියාවක් නැති බව ප‍්‍රකාශ කරමි.

ස්තුතියි, 

මෙයට,
කුමාරි 
  


Saturday, February 10, 2018

ස්ත‍්‍රී දුෂකයෙකුව රැකගැනීමට පොලීසිය ගත් පියවර සාධාරණීය කිරීමට පොලිස් අධිකරිවරයෙක් ගන්න උත්සහය පිළිදබ`ද හෙළි දරව්වක්.


ලලිත් අනුරාධපුරයේ ගොවියෙක්. තම දියණියව පැහර ගෙන ගොස් දුෂණය කළ පොලිසියට ඥති සම්බන්ධකම් දක්වන ලද පුද්ගලයෙකු රැුක ගැනිමට පොලිසිය දරන ලද උත්සහය ගැන කරන ලද පැමිණිල්ලකට පුත්තලම  පොලිස් අධිකරිවරයා විසින් පරික්ෂණයක් කර, එවන ලද ලිපියට නිහඬ නොසිට යවන ලද පිළිතුර පහත දක්වන්නේ මෙරටේ උගත් යයි සම්මත ගණයට වැටෙන පොලිස් අධිකරවරයෙකුට යුක්තිය අහිමි කිරිමට ඉඩ දීමට සුදානම් නැති බොහෝ ‘‘නුගත්’’ යයි සම්මත ගණයට අයත් පුද්ගලයින් සිටින බව ඔපුපු කරමින්ය. 
සිද්ධිය අදලා පුවත සඳහා යොමුව:

ලලිත් ගොවි මහතාගේ පිළිතරු ලිපිය:-
‘‘ ව්‍යාජ නඩුවක් පවරා අසාධාරණයට ලක් ‘කිරීම සම්බන්ධයෙන් සාලියවැව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට විරුද්ධව ඉදිරිපත් කර ඇති පෙත්සම. 

1. 2016.04.23 වන දින, සවස 7.00 ට පමණ, නිවස ඉදිරිපිට කඩයට ගිය මගේ දියණිය ආපසු නොපැමිණීම පිළිබඳව සොයා බැලීමේදී, දියණියව, අසල්වැසි තරුණයෙකු වූ සංඛ යන අය විසින් රැුගෙන ගිය බව දැනගන්නට ලැබී තිබුණා. එම තොරතුරු මත, මාගේ බිරිඳ පොලීසියට පැමිණිල්ලක් කිරීමට ගියද, එය ලියා ගැනීම ප‍්‍රතික්ෂේප කර, ස්ථානාධිපති ඇතුලූ නිලධාරීන් කිහිප දෙනෙක් අප නිවස අසලට පැමිණි බව පිළිගනිමි. එහිදී සංඛ යන අයගේ දුරකථනයට, ස්ථානාධිපති කථා කර, සිද්ධිය ගැන විමසීමේදී දියණිය ඔහු සමග සිටින බව පිළිගත් නමුත්, අප ඉල්ලා සිටියද, ඇයට කථා කිරීමට මධුසංඛ ඉඩ දී නැත. ස්ථානාධිපතිවරයා, ඇයට කථා කිරීමට ඉඩ ලබාදෙන ලෙසට බලපෑමක්, ඉල්ලීමක් ද කළේ නැත. සංඛට පොලීසියට පැමිණීමට දැණුම් දුන් විට, ඔහු, මාගේ දියණිය සමග සිටින්නේ ජාඇල බව පවසා සිටින ලදි. ස්ථානාධිපතිවරයා එය පිළිගන්නා ලදි. රාත‍්‍රී 7.00 ට පමණ දියණිය රැුගෙන අනුරාධපුරයේන් පිට වූ මොහු, රාත‍්‍රී 8.00 වන විට ජාඇලට ගියේ කෙසේද යන්න වත්, ප‍්‍රශ්න කිරීමට තරම් මොළයක් ස්ථානාධිපතිට නොතිබුණා නොවේ. ඔහු කළේ ඔහු සමග අයුතු සම්බන්ධකම් පවත්වන සංඛව බේරා ගෙන  මාගේ දියණියව බිල්ලට ගැනීමට ඉඩ දීමය.

මේ හා අදාල සියලූ විස්තර ඉතා පැහැදිළිව මාගේ පැමිණිල්ලෙන්/පෙත්සමෙන් ඉදිරිපත් කර ඇත. එම නිසා එම කරුණු යළි මෙහි සඳහන් කිරීමට අවශ්‍ය නැත. විමර්ශනය කළ බව කියන පුත්තලම සහකාර පොලිස් අධිකාරීවරයා කර ඇත්තේ විමර්ශනයක් නොව, ස්ථානාධිපතිවරයා විසින් අපරාධකරුවකු ආරක්ෂා කිරීමට ගත් සියලූම උත්සාහයන් වසන් කර දැමීමට හා අපරාධකරුවාට නීතියෙන් ගැලවී සිටීමට ඉඩ ලබාදීමය. පේ‍්‍රම සම්බන්ධයක් තිබූ බව සත්‍යයකි. පේ‍්‍රම සම්බන්ධයක් තිබූ පමණින්, සිහිය නැති කර, කැලයකට ගෙන ගොස් දුෂණය කිරීමට තිබෙන අයිතිය කුමක්ද? සහකාර පොලිස් අධිකාරීවරයාගේ ප‍්‍රකාශය මත පිහිටා, එහි කරුණු ගෙනහැර පාමින් වරදකරුවන් අප බව පෙන්වීමට ඔබ ගත් උත්සාහය ලැජ්ජා සහගතය.

මාගේ දියණියව පසුදින ඇයව පැහැරගෙන ගොස් දුෂණය කළ සංඛව හා ඔහුගේ ඥති පරපුර, පොලීසියට ගෙන්වා තබාගෙන, බිය ගන්නවා, බලපෑම් කර, එකඟ කරවාගෙන, ඉන් අනතුරුව අපව පොලීසියට ගෙන්වා, අප ඉදිරියේ කැමැත්තෙන් ගිය බවට ප‍්‍රකාශ කරවා, අපගේ සිත් බිඳවා අප තුළ අප දියණිය කෙරෙහි වෛරයක් ගොඩනැංවීමට තරම් පහත් නීච තත්ත්වයට, පොලීසියේ ස්ථානාධිපති ඇතුලූ නිලධාරීන් ක‍්‍රියා කර ඇති බව වටහා නොගෙන පොලීසියේ දුෂණ අක‍්‍රමිකතා වසන් කර, දුෂිත නිලධාරින් ආරක්ෂා කිරීමට ගත් උත්සාහය හෙළා දැකීම හැර වෙන කිරීමට දෙයක් නැත.

වසර හතරක් පුරා පේ‍්‍රම සම්බන්ධයක් පවත්වා, විවාහ වීමට සිය කැමැත්තෙන් ගෙදරින් පිටව, දින 14 කට වැඩි කාලයක් අඹු සැමියන් වශයෙන් සිට, නිවසට පැමිණි අවස්ථාවේ ”මව”ගේ කීමට ආපසු සැමියා ළඟට යෑම ප‍්‍රතික්ෂේප කර සිටීමට දියණිය තීරණය කරන ලද බවට, ඔබගේ නිගමනය දරුවන් සිටින, විශේෂයෙන් දියණියන් සිටින මවකට පියෙකුට ගත හැකි තීරණයක් නම් නොවන්නේය.

මේ ආකාරයට දීර්ඝව වචන පාවිච්චි කරමින්, ඔබ කරන්නට උත්සාහ ගෙන ඇත්තේ ස්ථානාධිපතිව ආරක්ෂා කිරීමය. ස්ත‍්‍රී දුෂකයෙකුව රැුකගැනීමට පොලීසිය ගත් පියවර සාධාරණීය කිරීමටය. 

දියණිය පැහැරගෙන ගිය සංඛ හා පොලීසිය අතර පවතින සම්බන්ධය වසන් කිරීමටය. එම සම්බන්ධය මාගේ පැමිණිල්ලේ පැහැදිළිව සටහන් කර තිබේ. 

අවසාන වශයෙන් මේ වන විට, අධිකරණය හමුවේ පවතින මෙම නඩුව, නිර්මානය කරන ලද්දක් බවට අවධාරණය කිරීමට තරම් ඔබ පහත් තත්ත්වයට පත්ව ඇත.

මේ මගින් ගම්‍ය වන්නේ නීතිපතිතුමා විසින් මහාධිකරණයට යොමු කර තිබෙන ස්ත‍්‍රී දුෂණ නඩුව බොරු නඩුවක් බවය.

මෙය පොලීසියට කිව හැකිය. මන්ද පොලීසිය විසින් පවරන නඩුවලින් සියයට 90 ක් බොරු නඩු බව පිළිගෙන තිබීමය.

තවද මෙම සිද්ධියට අදාලව කිසිදු පරීක්ෂණයක් පොලීසිය සිදු කළේ නැත. පොලීසිය, පාසල් ශිෂ්‍යාවක් සිහි නැති කර, පැහැරගෙන ගොස් අසල කැලයක තබාගෙන දුෂණය කර, පොලීසිය හා එක්ව දුෂණයට ලක් වූ දැරියව දුෂකයාට විවාහ කර දීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වීමෙන් පසුව කෙසේ හෝ අප පවුලෙන් පළිගැනීම සඳහා, මා විසින් සංඛට පහරදුන් බවට පොලීසිය විසින්ම පොලීසියේ පැමිණිල්ලක් දම්මවා, මා අත්අඩංගුවට ගෙන පීඩාවට පත්කිරීමට ගත් උත්සාහය ඔබ පොලීසියේ ප‍්‍රඥගෝචර ක‍්‍රියාවක් ලෙසට හඳුන්වා දීමට තරම් පහත් තත්ත්වයකට පත්වූයේ කෙසේද යන්න තේරුම් ගැනීමට කිසිදු අපහසුවක් නැත.

මේ නඩුව ඉවර නැත. එ් නිසා එ් ගැන මා කථා කිරීමෙන් වැළකී සිටිමි.

2. ඔබගේ දෙවන ලිපිය මගින්, මා සංඛට පහරදුන් බවට වන බොරු නඩුව අදාලව ඉදිරිපත් කර තිබෙන කරුණුවලින් ඔබගේ පළමු ලිපිය නිශේධනය කර ඇති බව මා පෙන්වා දීමට කැමැත්තෙමි. 
එම ලිපිය අනුව, ඔබ, ස්ථානාධිපතිවරයා වගකීමෙන් මුදාහැර ඇත. මෙයද දුෂිත පියවරකි. 

ස්තුතියි. 
මෙයට,
ලලිත් 

සටහන: 
සාක්ෂි සටහන් කළේ නැත. ස්ථාන පරීක්ෂාවක් කළේ ද නැත. එ් අනුව, මෙම අපරාධකරුවා ද, වසර හත අටකට පසුව අවසන් වන නඩුවෙන් නිදහස් වන බවට පූර්ව නිගමනයට ඔබ පැමිණ සිටීම ගැන මා පුදුමයට පත්වන්නේ නැත.

පිටපත්: 

01. පොලිස්පති                  
     පොලිස් මූලස්ථානය         
     කොළඹ 01

02. ලේකම්
    ජාතික පොලිස් කොමිෂන් සභාව                           
    අංක 09 ගොඩනැගිල්ල, ඊඵෂක්‍්‍ය පරිශ‍්‍රය
    බෞද්ධාලෝක මාවත
    කොළඹ 07

මෙම සිද්ධිය අදාල බ්ලොග් සටහන බලන්න







Tuesday, February 6, 2018

නිදි යහනට වැදී රෙද්ද ඉස්සුවාට බැන වැදීම, රාජකාරියට බාධා කිරීමක්ලූ .......... !


විසි හැවිරිදි එක් දරු මවක් වන, නදීෂි නිදා සිටි කාමරයට ඇතුලූ වූ පොලිස් කාරයෙක් ඇය පොරවාගෙන සිටි රෙද්ද ඉවත් කිරීම රාජකාරිය කරගෙන ඇත. 

නදීෂි, පොලිස්පති, මානව හිමිකම් කොමිෂන් සභාවට හා පොලිස් කොමිෂමට කර තිබෙන ලිඛිත පැමිණිල්ල පහත දක්වන්නේ, ශ‍්‍රී ලංකා පොලීසිය මේ වන විට, පත්ව ඇති තත්ත්වය පැහැදිළිව තේරුම් ගැනීමටය.

‘‘ නිදාසිටින විට රෙදි ඉවත් කර, කුණුහරුපයෙන් බැන වැදී බොරු චෝදනා දැමීම.

නදීෂි........, අවු: 20 යි, විවාහක, දරුවන් 01 යි, පානදුර.  2018.02.06 වන දින දීය. 
2018.02.01 වන දින දහවල් 11.00 ට පමණ මා, කාමරයේ නිදාගෙන සිටියදී, පොරවගෙන සිටි රෙද්ද අයින් කරනවා දැනී ඇහැරුණා. මා දුටුවා මා ඉදිරිපිට පානදුර දකුණ පොලිසියේ යුනිට් එකේ පො.කො. බංඩාර නැමති නිලධාරියා, හිටගෙන ඉන්නවා. මට කේන්ති ගියා. මා ඔහුට තනියම නිදාගෙන ඉන්න ගෑනු කෙනෙකුගේ පොරවන රෙද්ද ඉවත් කිරිම ගැන ෙදාස් කිව්වා.

එවිට ඔහු මට, ”කටවහපන් හුත්ති” කියමින් බැන වදිමින් එළියට ගියා. ඉන්පසුව, ඔහු පැමිණි අන් අය හා එක්ව වත්තෙන් පිට සෝදිසි කර යන්න ගියා. එ් අවස්ථාවේ ගෙදර හිටියේ මාගේ පියා හා දෙවෙනි අක්කා පමණි. ටික වේලාවකින් පානදුරයට ගොස් සිටි අම්මා, අක්කලා දෙන්නා හා මාගේ දරුවා ගෙදර පැමිණියා. ඔවුන් පැමිණ පැය 1/2 කින් විතර, පානදුර දකුණ පොලීසියේ යුනිට් එකේ පො.කො. බංඩාර නැමති නිලධාරියා හා තවත් තුන් දෙනෙක් පැමිණියා. ඔවුන් හිටියේ සිවිල් පිට. පැමිණියේ ත‍්‍රීරෝද රථයකින්.

බංඩාර නැමති නිලධාරියා එ් අවස්ථාවේ අපේ ඇඳුම් ගැන ෙදාස් කියා, අම්මාට කිව්වා ලෑස්ති වෙන්න අරක්කු අහුවුණා කියලා. අම්මා ලෑස්ති වෙලා ත‍්‍රීවිල් එකට නැග්ගා. අම්මාව මැදිකරගෙන දෙන්නෙක් දෙපැත්තෙන් නැග්ගා. අනෙක් අය රියදුරු අසුනේ කෙළවරක වාඩිවෙලා ගියා.  
උදේ අම්මාව බලන්න තාත්තා පොලීසියට ගිය විට, මාව එක්කගෙන එන්න යැයි කියා තිබුණා. 
එ් අනුව, මම රෝහිනී කුමාරි අක්කා සමග පොලීසියට පැමිණියා. පොලීසියට ගිය විට, යුනිට් එකේ ස්ථානාධිපති මාව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගත්තා. යුනිට් එකේ සිවිල් ඇඳුමින් සිටි කාන්තාවක්, මාගෙන් කටඋත්තරයක් ගත්තා. මා විස්තරය කිව්වා. මගෙන් අත්සන් ගත්තා. ඊට පස්සෙ එ් කාන්තාව මාව ත‍්‍රීරෝද රථයකින් උසාවියට ගෙන ආවා. එම ත‍්‍රීරෝද රථයට අම්මාව ද නංවා ගත්තා. මාව අම්මාගේ ඔඩොක්කුවේ තිබ්බා. කාන්තාව ඊළඟට වාඩිවී, අනික් කෙළවරින් සැරයන් හේරත් නැමති නිලධාරියා නැග්ගා. උසාවිය තුළට මාව හා අම්මාව ගෙනිච්චා.

සැරයන් හේරත් නිලධාරියා අම්මාට, කසිප්පු බෝතල් 20 ක් දාලා තිබුණා. බෝතල් ඉදිරිපත් කළේ නෑ. මට විරුද්ධව රාජකාරියට බාධා කිරීම, අඩම්තේට්ටම් කිරීම යන චෝදනා කළා. අප නිවැරදිකරු බව ප‍්‍රකාශ කළා. ඇප මත මුදාහරිණු ලැබුවා.

මා තනිව, කාමරයේ නිදා සිටියදී, ඇඳ ළ`ගට ඇවිත් පෙරවා සිටි රෙද්ද ඉවත් කර, මාව හිංසාවට පත්කිරීම, අසභ්‍ය වචනයෙන් බැන වැදීම, ඉන්පසු බොරු චෝදනා නගා අධිකරණයට ඉදිරිපත් කිරීම පිළිබඳව පානදුර දකුණ පොලීසියේ පො.කො. බංඩාර නිලධාරියාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටිමි. මෙයට, නදීෂි ........’’ 


Sunday, February 4, 2018

තිදරු පියෙක්ව, දින හතරක් පුරා වධ දෙමින් සඟවා තබාගෙන සිට බේගල් ඇද උසාවියට දමයි


තම පුතාව අත්අඩංගුවට ගෙන, දින 04 ක් පුරා වධ දෙමින් හංඟාගෙන හිටිය, වාද්¥ව පොලීසියට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන්න. මෙම ඉල්ලීම කරන්නේ, ක`ඵතර උතුර පදිංචිකරුවෙකු වූ අෆොන්සු මහතාය. වාද්¥ව ප‍්‍රදේයේ ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට, පොල් කඩන්නෙකු වූ තම පුතාව අත්අඩංගුවට ගන්නා ලද්දේ ජනවාරි මස 30 වන දින බවත්, මානව හිමිකම් කොමිෂමට හා පොලිස්පතිට දැණුම් දෙන තෙක් පුතා පෙන්වීම ප‍්‍රතික්ෂේප කරමින් සිටි බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.

වධ දීම්, බොරු නඩු දැමීම් හා මිනී මැරීම් ගැන වාර්තා තබා තිබෙන වාද්¥ව පොලීසිය, අඛණ්ඩව නීති විරෝධී ක‍්‍රියාවන්හි නිරත වන බවට මෙය උදාහරණයකි.

පොලිස් අපරාධ, නීති විරෝධී ක‍්‍රියාවන් පවතිවාගෙන යෑම අගමැති බාරයේ පවතින, ඔහුගේ සමීපතමයෙකු වූ සාගල රත්නායක යටතේ පවතින පොලීසිය සිදුකරන අපරාධ අවම කිරීමේ උත්සාහයක් නැත.

දින 04කට පසුව, මෙම මස 02 දින අත් අඩංගුවට ගත් බවට බොරු බි වාර්තාවක් මගින් උසාවියට ඉදිරිපත් කර රිමාන්ඞ් බාරයට පත් කරවා තිබේ.  

බුදු මැදුරු අටවාගෙන භාවනා කරමින් පන්සිල් පද විගඩමක් කරගෙන සිටින්නේ පොලිසිය පමණක් නොවන බව අපවත්වීම් පිළිබඳ අනු නායකයින්ද ඉදිරිපත් කරන කථා වලින්ද පෙනේ. අලි ඇතුන් මිනිසුන් හැර සියලූ සත්වයින් නිදුක් නිරෝගි වෙත්වා!ෟ!ෟ