Saturday, May 19, 2018
පොන්නයෙක් නොවන චීවරධාරයෙක් සිල් නොගන්නේ කොණ කපපු එවුන්ලූ !
ක/වල්ගම ශ‍්‍රී සද්ධාතිස්ස මහා විද්‍යාලයේ විදුහල්පතියා, චීවරධාරීන් දෙදෙනෙක් හා ගුරුවරු පිරිසක් වෙසක් පෝය වෙනුවෙන් සිල් නොගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් වධයට ලක්කොට එක් සිසුවෙකුට රෝහල්ගත වන්නටම පහර දී තිබේ.
වෙසක් පෝයට පෙර දින, පවත්වන ලද ”හාෆ් ඬේ” (දින 1/2 ) සිල් ගැන්වීමට එක් නොවූ, සියයකට වැඩි සිසුන් පිරිසකට දඬුවමක් වශයෙන් ”සක්මන් භාවනාව කරමින්” විදුහලේ පිට්ටනිය වටා, වට සියයක්, ඇවිද්දවා තිබේ.
මෙම මෘග ක‍්‍රියාව සිදුකර ඇත්තේ, 2018.05.17 දිනය.
සක්මන් භාවනාවේ යෙදෙන විට, අත් දෙක එකතැන හෙලවෙන්නේ නැතිව, තියාගන්න ඕන හින්දා එක් සිසුවෙක් අත් දෙක සාක්කු දෙකට දමාගෙන තිබේ.
එ් දුටු චින්තක නැමති හීරලූ විදුහල්පතියා මේ සිසුවාව වේදිකාවට කැඳවා අතින් පයින් පහර දී තිබේ. මේ මෘග පහරදීමට ප‍්‍රියන්ත, චින්තක, කැටපොල හාමුරුවෝ, සුගතානන්ද හාමුදුරුවෝ, තුෂර, සුමිත් යන ගුරුවරුන් එක්ව තිබේ.
දින 1/2 යේ, ”හාෆ් ඬේ” සිල් නොගත්තේ ඇයිද යන ප‍්‍රශ්නයට සිසුවා පිළිතුරු දී ඇත්තේ තමාට පියා සිල් නොගන්නා ලෙසට දුන්න උපදෙස් අනුව බවයි.
සිසුවාගේ පියා හොඳ බෞද්ධයෙකි. එ් නිසාම පන්සිල් පද පහවත් පිළි නොපදින එවුන්ගෙන්, අට සිල් ගන්න යැවීම බුදු දහමට කරන නිගාවක් බව ඔහුගේ හෘදය සාක්ෂියට අනුව ප‍්‍රශ්න කරන්නට විය.
එමෙන්ම අටසිල් සමාදන් වී, 24 පැයක් භාවනාවේ යෙදිය යුතුයි. පෝලිම් ගස්සවා තක්කඩි ¥ෂිත චීවරධාරියෙකු ඉදිරිපිට ගාථා කිහිපයක් උච්ඡුාරණය කර, වලපල් ෙදාඩවමින්, කා බී සවස 2.00 ට ගෙදර එ්මෙන් සිදුකර ගන්නේ පවකි. ආත්ම වංචාවකි.
එ් නිසා ”බයිෆෝස්” සිල් ගැන්වීමට එක්වී සහතික ගන්නවාට වඩා නිකන් සිටීම වැදගත්ය.
සිසුවාට පහර දෙන විට කැටපොල නැමති චීවරධාරියා තමා පොන්නයෙක් නොවන බවත්, සිල් නොගන්නේ කොණ කපපු එවුන් බවත් කියා ඇත.
විදුහල්පති චමින්ද, සිසුවාට කියා ඇත්තේ ඔහුගේ පියාට ඇවිත් විදුහල්පතිකම බාරගන්නා ලෙසටය.
මේ සිද්ධිය හුදකලා එකක් නොවේ.
අධිකරණය ඇතුලූ, රාජ්‍ය පාලකයින් හා ආණ්ඩුව මෙම ¥ෂණය, වධ දීම පවත්වාගෙන යයි.
නීති ඇත. එ්වා විකුණාගෙන කති. සමහර සිවිල් සංවිධාන යැයි කියා ගන්නා සංවිධාන, චීවරධාරීන් ද, පූජකයන්, පොලිස් කාරයින්, දේශපාලකයන් ද එක්ව පහන් දල්වා වධහිංසාවට, ¥ෂණයට එරෙහිව කථා කරති.
Saturday, May 5, 2018
කරවල විකුණන ගෑණියෙක්ගෙන් පානදුර ප‍්‍රාදේශීය ලේකම්ට ප‍්‍රශ්ණ පත‍්‍රයක්..
පානදුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මැදිහත්ව පිහිටුවන ලද, කාන්තා සමිතියක උප සභාපතිනිය ව අස්කරලා ඇත්තේ, හොරට කැඳවපු, විශේෂ රැුස්වීමක දී ලූ.
ඇය, ගෙයින් ගෙට ගොස් කරවල විකුණා, සැමියා ඇතුලූ දරු පවුල රකින්නියකි.
ගමේ පොදු වැඩවලට උර දෙන්නේ, එ් කරදර දුක් කම්කටො`ඵ මැදය.
පානදුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාන්තා සංවර්ධන නිලධාරිණිය ගේ මූලිකත්වයෙන් පිහිටුවන ලද කාන්තා සමිතියක පළමු රැුස්වීමේදීම , රු: 200/= බැගින් එකතු කරන ලද බවත්, එයින් රු: 30/=ක් වෙන්කර ඇත්තේ, හිටපු කාන්තා සංවර්ධන නිලධාරිනියට පිදේණියක් පිරිනමන්නටය.
නීතිය මත පාලනය – වල පල්ලට ගිය රටක, මෙවන් දුෂිත ක‍්‍රීයාවන් ප‍්‍රහ්න කිරීම, අපරාධයක් හැටියට ෂලකති.
මුනිවත රකින බහුතරය අතර අතලෝසස්ක් ප‍්‍රශ්ණදු කරන්නන් සිටිති. ඇයද එක් අයෙකි. එ් නිසාම, ඇයට කාන්තා සමිතිවල සාමාජිකත්වය දැරීම නුසුදුසුය.
ඇයව හොර රහසේම අස්කර දමන් ලද්දේ එ් නිසාය.
ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය – ඇයව නිහඬ කරවූ බවට සතුටු වන්නට ද ඇත.
එහෙත් ඇය, අයුක්තිය ඉදිරියේ නිහඬ වන්නට සූදානම් නැති බව – ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරීට යවන ලද, තොරතුරු ඉල්ලීමේ ඉල්ලූම් පනතෙන් පැහැදිළිය.
එ් ඉල්ලූම් පත‍්‍රය පහත දන්වන්නේ අන් අයටද කළ හැකි දේ බොහෝ බව පෙන්වා දීමටය.
මේ ඉල්ලූම් පත‍්‍රයට දින 14ක් තුල - ප‍්‍රාදේශීය ලේකම් ගේ තොරතුරු නිලධාරී පිළිතුරු දිය යුතුය.
තොරතුරු ලබා දෙන ලෙසට කරනු ලබන ඉල්ලීමයි.
1. අයදුම්කරුගේ නම - ........විජේසේකර
2. ලිපිනය - ............................. කෙසෙල්වත්ත.
3. දුරකථන අංකය - -----------------
4. ඉල්ලා සිටින තොරතුරු පිළිබඳ විස්තර
1. අදාළ ආයතනය -
2018.03.22 දින, හොරේතුඩුව, මඩකිස්ස පාර පිහිටි, ”සේවා පියස” ස්ථානයේදී, පානදුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, වනිතා සංවර්ධනනිලධාරිණියගේ මූලිකත්වයෙන් පිහිටුවන ලද කාන්තා සමිතිය. මෙම රැුස්වීමට ප‍්‍රදේශ නිලධාරීවරයාද සහභාගී විය.
11. ඉල්ලා සිටින තොරතුරු - 1. එම කාන්තා සමිතියේ ව්‍යවස්ථාව (සහතික කරන ලද) 2. 2018.04.05 දින හා 2018.04.23 රැුස්වූ සමිතිරැස්වීමේ වාර්තා.111. තොරතුරුවලට අදාළ කාල පරිච්ෙඡ්දය - 2018.03.20, 2018.04.05, 2018.04.23 දිනවලපැවති රැස්වීම හා බැඳේ. සැ: යු:
මෙම තොරතුරු මා ඉල්ලා සිටින්නේ, ඉහත සඳහන් සමිතියේ සාමාජිකාවක් වශයෙනි. 2018.03.22 දින පැවැති ප‍්‍රථම රැුස්වීමේදී උප සභාපතිනිය ලෙස තේරී පත්වූ, සාමාජිකාවක් වශයෙනි.
2018.03.22 දින මා ඇතුලූව, රැස්වූ 25 දෙනාගෙන් රු: 200/= බැගින්, භාන්ඩාගාරික ලෙස පත්වූ සාමාජිකාව විසින් ලබා එකතු කරගන්නා ලදි.
එකතු කර ගන්නා ලද රු: 200/= න්, රු: 170/=ක් සමිති සාමාජික ගාස්තු වශයෙන් බවද, ඉතිරි රු: 30/= පානදුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට මාරු වී යන ලද බව කියන ලද, හිටපු කාන්තා සංවර්ධන නිලධාරිණිය වන සමන්ති මහත්මියට තෑගි දීම ට බව ප‍්‍රකාශ විය.
එකතු කරන ලද සාමාජික මුදල වන රු: 170/= හා සමන්ති මහත්මියට ආධාර වශයෙන් එකතු කල රු: 30/= සඳහා ලදුපතක් නොලැබු ද, මේ තොරතුරු වලින්, මා සාමාජිකාවක් බව ඔප්පු වනවා ඇත.
මම ශ‍්‍රී ලාංකික පුරවැසියෙක් වෙමි.
මෙම ඉල්ලීම කරනුයේ තොරතුරු දැනගැනීමේ පණතේ 5 වන වගන්තියේ විධවිධාන වලට යටත්ව බව ප‍්‍රකාශ කරමි.
මෙයට,
විජේසේකර.
Friday, May 4, 2018
නඩත්තු අරන් දෙන්න සියල්ල කළ හැකි දෙවියන්ටත් කොරන්න බෑලූ!!
ඇය ශ‍්‍රී ලාංකිකයෙකි. එහෙත් මුස්ලිම් ආගමට අයත් බැවින්, ඇය යටත් වන්නේ, මුස්ලිම් නීතියටය. ඒ නිසාම ඇයට විවාහ වන්නට සිදුවුනේ බිරියන් තිදෙනෙක් සිටි පුරුෂයකු සමගය.
ඇයගේ විවාහ ගිවිස ගැනීමේදි, ඇය වෙනුවෙන් කැමැත් දි අත්සන් කලේ, ඇගේ මල්ලී ය. එ් ඇයගේ විවාහය සිද්ධ කළ පල්ලියට - ඇයට ඇතුලූවීමට නොහැකි වූ නිසා. චාරිත්ත‍්‍රය.
විවාහයෙන් පසුව, සැමියා ඇගේ නිවසට පදිංචියට පැමිණියේය. පළමු දිනයේ සිටම ඔහුගේ ඉල්ලීම වූයේ තම පවුලට අයත් එකම නිවස ඔහුගේ නමට ලියා දෙන ලෙසටය.
එයට ඇගේ මව අකමැති විය. ගැබට මාස තුනක් සම්පූර්ණ වන විට, ඇයව අතහැර යෑමට සැමියා පියවර ගති. ඇය - මුස්ලිම් ජාතිකයන්ගේ ‘‘විවාහ’’ නඩු අසන ක්වාසි උසාවියට ගොස් නඩු දැම්මේය.
ඇයට දික්කසාදය ලැබිණ. නමුත් දරුවාට උසාවිය ගෙවන්න නියම කල නඩත්තුව ගෙවන්න දරුවාගේ පියා (සැමියා* නම් සුදානම් වුයේ නැත. ඇය එ් ගැන නැවත ක්වාසි උසාවියේ නඩුකාරයාට කිව්වේය. ගෙවන්නේ නැතිනම් ක්වාසිට කොරන්න දෙයක් නැතිලූ.
එ්ක දෙවියන්ගේ වැඩක් නිසා වෙන්න ඇත.
ඇය මේ ගැන අධිකරණ අමාත්‍යංශ ලේකම්ට ලියන ලද ලිපිය පහත දක්වමු.
නඩු අංක : උඵරැු1660 හා ක්‍ඵරැු1893
ඉහත නඩු දෙකට අදාල පැමිණිලිකරු මම වෙමි.
02. 2014 මැයි 18 වන දින මා, මුස්ලිම් විවාහ නීතිය යටතේ මුහම්මුදු මිහිලාර් මුහම්මදු හිල්මි සමග විවාහ ගිවිස ගත්තෙමි.
මාගේ විවාහයට මා වෙනුවෙන් මාගේ මල්ලී වන මුහම්මදු රිස්වාන් අත්සන් කරන ලදි.
03. විවාහ වූ දිනයේ රාත‍්‍රියේ, මාගේ මවගේ නිවසේ මංගල උත්සවය ගත්තා.
04. එදින සිට දවස් තුනක් මා සමග ගත කළා. ඉන්පසු ඔහු පිටව ගියා. ඉන්පසු ඔහු වරින් වර ආවා ගියා.
05. මේ අතර මා ගැබ් ගත්තා. එ් අතර මා දැනගත්තා ඔහුට භාර්යාවන් හතර දෙනෙක් සිටින බව.
06. ඔහු නිතරම මාගේ මවට අයත් අප පදිංචි නිවස ලියා දෙන්න යැයි බල කරමින් මට පහර දෙන්න පටන් ගත්තා.
07. බැරිම තැන, ක්වාසි උසාවියට පැමිණිල්ලක් කර, ඔහුගෙන් දික්කසාද වුණා. පැමිණිලි කළ දිනය, 2014.11.30, නඩු වාර තුනකින් පසුව 2015.02.14 දින දික්කසාද වුණා.
08. 2015.02.14 දින, 2014.11.30 දින සිට රුපියල් 7000/- බැගිින් නඩත්තු මුදලක් මසකට ගෙවන ලෙසට නියම කළා.
09. නමුත් එ් මුදල ඔහු ගෙව්වේ නැහැ.
10. නඩත්තු නොගෙවන නිසා, 2017.01.20 දින, ක්‍ඵරැු1893 යටතේ යළිත් නඩු දැම්මා.
එම නඩුවේ තීන්දුව 2017.02.25 ලබාදුන්නා.
එ් තීන්දුවට අනුව, දියිණිය ෆාතිමා රීමාට, 2017.01.24 දින සිට, මාසිකව රුපියල් 6000/- ක් ගෙවීමට නියම කරණු ලැබුවා.
11. මේ අනුව, මට රුපියල් 7000/- ක් හා දරුවාට මසකට රුපියල් 6000/- ක් ගෙවිය යුතුව තිබෙනවා.
12. මේ සම්බන්ධයෙන් මා හතර පාරක් ඔහු හමුවුණා. ඔබගේ පිළිතුර වූයේ කරන්න දෙයක් නැති බවයි.’’
මා ඉල්ලා සිටින්නේ, ඉස්ලාම් භක්තිකයෙකු වශයෙන්, මාගේ දියිණියට අධිකරණය නියම කළ නඩත්තු මුදල, හිඟ මුදලද, සහිතව මට ගෙවීමට නියම කරන ලෙසටයි.
එ් පිළිබඳව ඔබට ගතහැකි නීතිමය පියවරක් නොමැති නම්, එසේ පියවර ගත නොහැකි බව මට ලිඛිතව දැණුම් දෙන ලෙසට ද ඉල්ලමි.
මෙයට,
---------------------
Friday, April 27, 2018
වන්දිය රු: 175,000/- අවුරුදු 40 ක් පුරා පොලීසියට එරෙහිව දුන්න තීන්දු වතුරේ!! සුප‍්‍රිම් උසාවිය කියයි!!!
මහජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝණය කිරීම් පිළිබඳ හතලිස් වසරක් පුරා ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද තීන්දුවලින් වැඩක් වෙලා නෑ.
වේල්ලවීදිය පොලීසියේ පොලිස් පරීක්ෂක වරයෙකු වූ ප‍්‍රසන්න රත්නායක නැමැත්තාට එරෙහිව පවරන ලද, මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත්කරමින්, ඉහත ප‍්‍රකාශය කර ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණ ප‍්‍රියන්ත ජයවර්ධන හා කේ.ටි. චිත‍්‍රසිරි යන විනිසුරුවරුන්ගේ එකඟතාවය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසරු බුවනෙක අලූවිහාරේ ය.
ජා ඇල, ජානක සම්පත් වටවලගේ යන අය විසින් මෙම මූලික අයිතිවාසිකම් නඩුව පවරන ලද්දේ, 2008 වසරේදී ය. පිටකොටුවේදී පහර දී, අත් අඩංගුවට ගෙන, රඳවා තබාගෙන, ගංජා කූරු පහක් ළඟ තබාගත් බවට බොරු නඩු දැමීම මගින්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට ප‍්‍රකාශ කරන ලෙසට ඉල්ලමින්ය.
නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් සිදුකරන හා වධ දෙන සෑම අවස්ථාවකදීම පොලීසිය සිදුකරන්නේ ගංජා, කුඩු,බොම්බ හෝ කසිප්පු මුල් කරගෙන බොරු නඩු දැමීමය. මේ බොරු නඩු දැමීම ගැන කිසිදු දේශපාලන පක්ෂයක්, ඊනියා මානව හිමිකම් කාරයින් ඇතුලූ සිවිල් සමාජය හෝ කථා කරන්නේ නැත. එමෙන්ම ව්‍යාජ චෝදනාවලට සු`ඵ ජාතිකයෙකු ලක් කළ විට, එය සු`ඵ ජාතීන්ට එරෙහිව කරන ලද්දක් බව දැක්වීමට නම්, මෙම සංවිධාන පසුබට වන්නේ නැත.
ජානක සම්පත් බටවලගේ, තමාට විරුද්ධව නගන ලද ගංජා චෝදනාව ප‍්‍රතික්ෂේප කරමින් නඩු කීය. මාළිගාකන්ද මහේස්ත‍්‍රාත් උසාවියේ පැවරූ ගංජා නඩුවෙන් ඔහු නිෙදාස් කොට නිදහස් කරන ලදි.
මූලික අයිතිවාසිකම් නඩුවේදී ප‍්‍ර‍්‍රකාශ වු කරුණු අනුව, රාත‍්‍රී 9.00 න් පසුව, පොලිස් අත්අඩංගුවේ සිටින අයව බලන්න බැරි බවට වන කුපාඩි නීතියක්ද ඔහුගේ බිරිඳට දමා තිබීම හා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ඉදිරිපත් කරන අවස්ථාවේ පොලීසියෙන් ගහපු බව කිව්වොත් බෝම්ම දමන බවට තර්ජනය කිරීම, යන කරුණු හෙළිදරව් විය.
මෙවැනි පහත් නීච පොලිස් ක‍්‍රියා ඉතා සුලභය. භාවනා කරන, බණ පිරිත් කියන පොලිස්පතියාගේ සිට පහළම පොලිස් කාරයා දක්වාවු සියල්ලටම මෙම නීච ක‍්‍රියා ආවේනිකය.එසේ නොකරන අය බොහෝය. ඔවුන් නිහඬය. මේ නිහඬතාවය සිදුකරන්නේ එම කි‍්‍රයා අනුමත කිරීමය.
මෙම නඩුවේදී පොලීසිය,ලබා දුන දිව්රුම් ප‍්‍රකාශ මගින් ඉදිරපත් කළ කරුනු බොරු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ පිළිගැනීම විය. පොලිසිය උසාවියට බොරු කීම සුලබ සුපුරුදු දෙයකි. උසාවියට බොරු කීම වරදකි. අපහාස කිරීමකි. එතෙහත් එම නීතිය පොලීසියට වලංගු නැත.
දීර්ඝ කරුණු දැක්වීමකින් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය නඩුවේ, පෙත්සම්කරු වූ ජානක සම්පත් බටවලගේ ට , පළමු වගඋත්තරකරුවු වේල්ලවීදිය පොලීසියේ පොලිස් පරීක්ෂකවරයෙකු වූ, ප‍්‍රසන්න රත්නායකට, රු: 175,000/- ක වන්දියක්, ගෙවන ලෙසට නියම කරන ලදි. එයට අමතරව පොලිස්පතිට ගෙවන්නට නියම කරන ලද වන්දිය රු: 25,000/- කි. එය ගෙවන්නේ බදු මුදලින්ය.
ජානක සම්පත් බටවලගේට හිමි මු`ඵ වන්දිය රුපියල් ලක්ෂ දෙකකි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ වරදකරු වුවද, මෙම පොලිස් කාරයාට, එනම් පො.ප. ප‍්‍රසන්න රත්නායක ට එරෙහිව පොලිස්පති, ගන්නා පියවර මගින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලට හා රටේ උත්තරීතර නීතියට පොලීසිය සලකන අයුරු පිළිිබඳව තීරණයකට එළඹිමට ජනතාවට හැකිවනු ඇත.
සංහිඳියාව ඇති කළ හැක්කේ නීතිය කි‍්‍රයාත්මක කිරීමෙන් පමණි.
මෙම මූලික අයිතිවාසිකම් නඩුවේ පෙත්සම්කරු ජානක සම්පත් බටවලගේ වෙනුවෙන්, සුභාෂිණී සමරආරච්චි මහත්මිය හා සරිටා ද ෆොන්සේකා මහත්මියන් ගේ උපදෙස් මත ජේ්‍යෂ්ඨ නීතිඥ විරාන් කොරයා මහතා පෙනී සිටින ලදි.
මෙම නඩු තීන්දුව අනුව, පොලිස් පරීක්ෂක ප‍්‍රසන්න රත්නායකට එරෙහිව විනය පියවර ගන්නා ලෙසටත්, වධහිංසා පනත යටතේ නඩු පැවරීමට පියවර ගන්නා ලෙසත් පොලිස්පතිගෙන් හා පොලිස් කොමිෂමෙන් ජනසංසදය ඉල්ලා තිබේ.
Judgement>
http://www.janasansadaya.org/page.php?id=638&lang=en
Thursday, April 19, 2018
කූජිත ගේ භාවනාවෙන් පසුව ළමයි හම්බුවෙන හැටි පෙන්වන්න WPC. ට සිදුවෙයි.
අසාධාරණ ලෙස දමන ලද ඩියුටියක් වෙනස් කරවා ගන්න ගිය කාන්තා පොලිස් නිලධාරිණියකට මූලස්ථාන පොලිස් පරික්ෂකගේ ඇණුම් බැනුම් තර්ජන වලට මුහණ දිමට සිදුවීම සම්බන්ධයෙන්, ඇය 2018.04.17 දින මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.
ර්‍ණ අවු: 34 යි, විවාහක, දරුවන් 02 යි, පානදුර දකුණ පොලිස් ස්ථානය.
සේවා කාලය අවු: 15 යි. 2010 සිට පානදුර දකුණ පොලිස් ස්ථානයේ රාජකාරි කරමි. මා අධිකරණ (සාමාන්‍ය* රාජකාරියේ නිරතව සිටිමි.
අද දින, (2018.04.17 දින*, දහවල් 11.00 ට පමණ, පාලන අංශ ස්ථානාධිපති පො.ප. කස්තුරිආරච්චි මයා, මාව මූලස්ථාන පොලිස් පරීක්ෂක, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා මයා ළඟට කැඳවාගෙන යන ලදි.
එ් අවස්ථාවේදී, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා, ”තමුසෙට මම දාන නියෝග ක‍්‍රියාත්මක කරන්න ඕනි”, වශයෙන් තර්ජනාත්මකව ප‍්‍රකාශ කර සිටින ලදි.
එ් අවස්ථාවේදීම, පාලන අංශ ස්ථානාධීපති පො.ප.කස්තුරිආරච්චි මයා, මූලස්ථාන පොලිස් පරීක්ෂක ගේ ප‍්‍රකාශය අනුමත කරමින්, ”මිස් අපි දෙන නියෝග ක‍්‍රියාත්මක කරන්න ඕනි, නැත්නම් යන්න” යයි කියමින් මා දැඩි අපහසුතාවයට පත් කරණු ලැබීය.
මේ අවස්ථාවේ, මා, මූලස්ථාන පොලිස් පරීක්ෂක තුමාට ප‍්‍රකාශ කර සිටියා, මට පිළිගත් ක‍්‍රමවේදයට යොදන ලද රාජකාරිය, වෙනත් නිලධාරිණියකගේ අවශ්‍යතාවයට වෙනස් කිරීම මගින්, මට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව. එ් අවස්ථාවේ පාලන අංශයේ ස්ථානාධීපතිට කියන්න යයි කිව්ව බවත් මා සිහිපත් කර සිටියා.
නමුත්, එ් සියලූ කරුණූ නිශ්ප‍්‍රභා කරමින්, මහා හඬින් කෑගසමින්, මා දැඩි අපහසුතාවයට පත් කරන ලදි.
මෙයට හේතු වූයේ, 2018.04.17 දින, උදේ 6.00 සිට සවස පැය 18 දක්වා, පැය 12 ක් මා දුරකථන සේවයේ යෙදවීම මගින් මට සිදුකර ඇති, අසාධාරණය පිළිබඳව මා කරුණු දක්වා සිටීමය.
මෙය මට අයත් නොමැති රාජකාරියකි. මෙම රාජකාරියට නියමිත වෙනත් කාන්තා පොලිස් නිලධාරිනියකි. මැයට නියමිත රාජකාරිය, වෙනස් කර, මාගෙන් පළිගැනීම සඳහා යොදනු ලැබූවකි.
මා එසේ ප‍්‍රකාශ කරන්නේ, මීට පෙරද, මේ ආකාරයටම, මූලස්ථාන පොලිස් පරීක්ෂක හා පාලන අංශයේ ස්ථානාධීපති ක‍්‍රියාකර ඇති නිසාය.
2017.04.21 වන දින, උදේ 7.00 ට පැවැති උපදෙස් පංතියේදී, සිදුවූ අතපසුවීමක් සම්බන්ධව මාව නැගීසිටුවා, ”තමුසෙට ළමයි හම්බවුනෙත් මෙහෙමද” කියා අසමින් බැණ වදින ලදි. ඔහු එම අවස්ථාවේත් මා ආමන්ත‍්‍රණය කළේ ”මේ ගෑනි” ”මේ ගෑනි” කියමින්ය.
මා බැඳලා ද, ළමයි කීයක් ඉන්නවාද, ළමයි හම්බවුනේ කොහොමද, අසමින්, විවිධ අංග චලන පෙන්වමින් මා, ලිංගිකව අපයෝජනය කරන ලදි.
මේ සිද්ධිය අදාළව මා අදාල සියලූම අංශ වලට පැමිණිලි කර ඇති අතර, එ් හා අදාළ පරීක්ෂණ ද පැවැත්වේ. නමුත් වසරක් ගතව ඇතත් කිසිම සාධාරණයක් සිදුව නැත.
එ් පසුබිම තුල, මූලස්ථාන පොලිස් පරීක්ෂක, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා, මාගෙන් පළි ගැනීමට, පිළිගත් පටිපාටියෙන් බැහැරව, අනවශ්‍ය ”රාජකාරි වල” මා යොදවමින්, මා පීඩාවට පත් කරයි.
මේ ක‍්‍රියා පිළිවෙත නිසා, මා පමණක් නොව, මාගේ පාසල් යන දරුවන් දෙදෙනා ද, පොලිස් නිලධාරියෙකු වූ මාගේ සැමියා ද, දැඩි පීඩාවන්ට පත්ව තිබේ.
මා ඉල්ලා සිටින්නේ, කාන්තා පොලිස් නිලධාරිණියක් වූ මා, ලිංගිකව අපයෝජනයට පත් කරන ලද මෙම සිදුවීම හා මා සඳහන් කළ 2017.04.01 සිදුවීම මගින් මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන ලද, පානදුර දකුණ පොලිස් ස්ථානයේ,
1. මූලස්ථාන පොලිස් පරීක්ෂක ප‍්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා ට හා,
2. පාලන අංශයේ ස්ථානාධිපති පො.ප. කස්තුරිආරච්චි ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටත්, මාගේ ආරක්ෂාව සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසටත්ය.’’
මෙම පොලිස් නිලධාරියා මාර්තු 8 වන දින 17 හැවරිදි පාසල් සිසුවකුට අමානුෂික ලෙස පහර දෙන ලදි. එම අපරාධය පිලිබඳව මේ දක්වාම කිසිදු නීතිමය පියවරක් ගෙන නැත.
වීඩියෝව පහත දැක්වේ.
තම යටත් සේවකයන්ට බෙල්ලෙන් අල්ලා පහර දීමට තරම් හා භාවනා කරන්නැයි නියෝග කරන නීච තත්ත්වයකට පත්ව සිටින පොලිස්පතියකු හා බෙලහීන පොලිස් කොමිසමක් පත්කරගෙන සිටින රටක මීට වඩා යමක් බලාපොරත්තු විය නොහැක.
නමුත් මෙම තත්ත්වය වෙනස් කළ හැකිය. එ් පහළ පොලිස් නිලධාරීන්ට හා නිලධාරිණිියන්ට ඉහළ නිලධාරින්ගෙන් සිදුවන අතවර, හිංසාවන්ට එරෙහිව නැගි දීමට ධෛර්ය දිමට දිරි ගැන්වීමට බල ගැන්වීමට සිවිල් සමාජයේ දායකත්වය ලබා දිමෙන්ය.
Sunday, April 1, 2018
පොලිසියෙන් කණ පලලා අවුරුදු හයයි. බුදු සරණයි!! දෙවි පිහිටයි!!!
මගේ කට ඉඹලා, මම දැන් පන්සලට යනවා, එනකොට ඔතන ඉන්න එපායි කියා යන්න ගියා. ඔහු යනකොට මම කිව්වා, මම පැමිණිලි කරනවා කියා. එවිට නැවත හැරී ඇවිත් ඉනේ තිබූ රිවෝල්වරය ඇද මාව ත‍්‍රී රෝද රථයට හේත්තු කර රිවෝල්වරය පපුවට තබා පොලීසි ගිහින් තිබුණොත් බල්ලෙක් වගේ මරලා දානවා කිව්වා.
ඉන්පසු බෙල්ලෙන් අල්ලා නවා වැලමිටෙන් තුනටියට ඇන්නා. ඊට පස්සෙ මට කිව්වා ආයෙත් මෙතන ඉන්න එපා, මම එනකොට හිටියොත් කුඩු හරි ආයුධයක් හරි දාල මාස 06 කට අච්චුව දෙනවා කියමින්, පන්සලට ගියා.
මම ත‍්‍රීවීල් එකේ පාපුවරුවේ වාඩි වුණා. නැගිට ගන්න බැරි වුණා. මට නොපෙනී ගියා. තුනටිය රිදෙන්න ගත්තා. වමනේ යන්න පටන් ගත්තා. එය දුටු රවීන්ද්‍ර කියන තී‍්‍ර රෝද රියදුරා මාව, ඌරගස්මංහන්දිය පොලීසියට ගෙන ගියා. එහි සිටි ස්ථානාධිපති මට බැනලා පන්නා ගත්තා.
ඊට පස්සෙ මම ගෙදර ගියා. මට හොඳටම අමාරු වුණා. ගෙදර අය මාව ඇල්පිටිය රෝහලට ගෙන ගියා. රෝහලේ මාව නවත්වා ගත්තා. මගේ පොඩි අයියා ඇල්පිටය පොලීසියට ගොස් පැමිණිල්ලක් දාලා තිබුණා.
පහුවදා, 2012.05.12 දින උදේ 8.30 ට පමණ ඌරගස්මංහන්දිය පොලීසියේ ස්ථානාධිපති ඇතුලූ පොලිස්කාරයෝ පස් දෙනෙක් මාව බලන්න ආවා. ඔවුන් ක‍්‍රීම් ක‍්‍රැකර් ගෑම් 500ක පැකට් එකක් හා ග‍්‍රෑම් 400 නෙස්ටමෝල් පැකට් එකකුයි අරන් ආවා.
ස්ථානාධිපති මට කිව්වා තව ටිකකින් ීඡු කාර්යාලයෙන් එයි කියා. ඔවුන් ආවාම ඔවුන්ට කියන්න කිව්වා, පැමිණිලි දාන්න ආවා, කණේ අමාරුව නිසා පැමිණිල්ල ලියනකම් ඉන්නේ නැතිව රෝහල්ගත වුණා කියලා.
මට ඕන උදව්වක් දෙන්නම් කිව්වා. මට ලයිසන් තිබුණේ නෑ එ් වෙන කොට. මට කිව්වා මාස 06 කට ටෙම්පරියක් දෙන්නම් කියා. මට ඔහු ජංගම දුරකථනයේ නොම්මරය දුන්නා.
දහවල් 11.00 ට පමණ ඇල්පිටිය පොලීසියේ උප පොලිස් පරීක්ෂක වරයෙක් පැමිණ ප‍්‍රකාශක්් ගත්තා. සම්පූර්ණ විස්තරය කිව්වා. මම අත්සන් කළා.
දවල් 1.00 ට පමණ මාව, රෝහලෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර හරිණු ලැබුවා. මම 18 වෙනිදා දක්වා දින 06 ක් කරාපිටිය රෝහලේ සිටියා. මම රෝහලේ ඉන්නකොට වාට්ටුවේ දොස්තර මහත්වරු, හෙදියන් මට කිව්වා, එළියට යන්න එපා, අපිට කෝල් එනවා, ටිකට් කපන්නේ නැතිව තියා ගන්නේ ඇයි කියා අහමින්, මම බොරු කරනවා කියා.
කරාපිටිය රෝහලේ එතකොට සේවය කරමින් හිටියා, ඌරගස්මංහන්දිය රෝහලේ හිටපු දිසා වෛද්‍ය නිලධාරීයා. මාගේ ටකට් කපන්නට වාට්ටුවේ ෙදාස්තරවරුන්ට බලපෑම් කළ බව දැනගන්නට ලැබුණා. එ් අතර දිනයක කරාපිටිය රෝහලේ, රෝහල් පොලීසියෙන් ද ප‍්‍රකාශයක් ලබා ගත්තා. එම නිලධාරීන් ද මට උපදෙස් දුන්නා එළියට යන්න එපා කියා.
මට දැනගන්න ලැබුණා, බලපෑම් කරන්න මූලික වෙලා තිබුණේ මට ගහපු උ.පො.ප. ප‍්‍රසාද් සිරිවර්ධන හා ඌරගස්මංහන්දිය බෝධිමලූව විහාරස්ථානයේ නායක, හිපන්කන්ද සරණංකර කියන චීවරධාරී පුද්ගලයා. ඔහු උ.පො.ප. ප‍්‍රසාද් සිරිවර්ධන හා එකතු වී බොරු දිව්රුම් ප‍්‍රකාශයක් ද මානව හිමිකම් කොමිෂමට දීලා තිබුණා.
උ.පො.ප. ප‍්‍රසාද් සිරිවර්ධන කෑවේ, බීවේ, නැවතිලා හිටියේ බෝධිමලූව පන්සලේ. මෙම පන්සලේ එම දිනවල ප‍්‍රදේශයේ ගෑනු දෙන්නෙක් ගහගත්තා. එ් පිළිබඳ පැමිණිල්ල විභාග කළේ උ.පො.ප. ප‍්‍රසාද් සිරිවර්ධන. ඔහු මැදිහත් වෙලා ප‍්‍රශ්නය යට ගැහුවා.
2013 වසරේ, මට මතක හැටියට, මෙම හිපන්කන්ද සරණංකර කියන චීවරධාරී පුද්ගලයාව පාත්තරයක තිබූ බෝම්බයක් සමග අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයේද සිටියා."
මෙම කථාවේ විශේෂත්වයක් නෑ. මන්ද හැමදාම අපේ පොලිසියේ සිදුවන තවත් එක් සිදුවිමක්. විශේෂයක් නැහැ. තමන්ට හෝ තමන්ගේ එකෙකුට හෝ මේ සමාන දෙයක් සිදුවන තෙක් බලාගෙන ඉන්නවා. දේශප‍්‍රිය, එතකොට අවු: 35 ක අවිවාහකයෙක්. ඔහුට ජිවත්වීම හැර වෙනත් දෙයක් ගැන හිතන්න ඉඩක් තිබුන අයෙක් නොවෙයි.
ඔහු තම පවුල ගැන කියන්නේ කුමක්ද?
2012 වසරේ අවු : 35 ක් වූ අවිවාහක මා, ඌරගස්මංහන්දිය පිහිටි, පැරඩයිස් ඇඟ`ඵම් කර්මාන්ත ශාලාවේ මැෂින් ක‍්‍රියාකරුවෙකු වශයෙන් රැුකියාව කළෙමි. එ් වන විට මා, වසර 5 1/2 පළපුරුද්දක් තිබූ, පුහුණු කම්කරුවෙක්.
දිවා වැඩමුරය තිබෙන දවස් වල සවස 5.15 ට වැඩ මුරය නිම වූ පසුව, නිවස බලා විත්, පැය 1/4 ක් පමණ විවේක ගන්නවා. ඉන්පසු මාගේ නංගීගේ නමට තිබෙන පවුලට අයත්, ත‍්‍රී රෝද රථය රැුගෙන ඌරගස්මංහන්දිය හතරමංහන්දිය අසල ත‍්‍රී රෝද රථ ගාලට පැමිණෙනවා.
එතැන් සිට රාත‍්‍රී 11.00 පමණ වන තෙක් හයර් කරනවා. එවැනි දිනක රුපියල් හයසීයක් පමණ උපයනවා. එය ගෙදර වියදමට ලබා දෙනවා.
මා ඉගෙන ගත්තේ පතිරාජ විද්‍යාලය හා යටගල විද්‍යාලයෙනි. 1994 සාමාන්‍ය පෙළ විභාගය ගත්තා. වැඩ දෙකයි සමත් වුණේ. අමතර පන්ති යන්න සල්ලි තිබුනේ නැහැ.
කුඩා කාලයේදී ම පියා බරපතල ලෙස රෝගී වුනා. රජයේ රැකියාව නැති වුණා. දැන් ඉඳහිට කුලී වැඩක් කරනවා. අසූ ගණන්වල කුවෙයිට් රටට අම්මා ගියා. ඇය යුද්දෙට මැදිව ආපසු ආවා. ලැබුණ වන්දියෙන් තමයි ත‍්‍රීරෝද රථය ගත්තේ, නංගිගේ නමට.
අපි හිටියේ කටු මැටි ගෙයක. අම්මා වැඩ කරලා හම්බ කරපු මුදලින් කොටස් වශයෙන් කාමර දෙකක පොඩි ගෙයක් හදා ගත්තා. මේ වන විට මම ඉන්නෙ පියා හා මව සමග.
වැඩිමහල් සහෝදරයා බස් රියදුරෙක්. විවාහ වෙලා. නංගී විවාහ වෙලා. කුලී වැඩ කරන්නේ. එ් අය පවුල එක්ක සම්බන්ධයි. හැකි පමණ උදව් කරනවා. තව සහෝදරයෙක් ඉන්නවා. රහස් පොලිසියේ. බැඳලා ඉන්නේ ගුරුවරියක්. සම්බන්ධයක් නෑ. නිවාඩු නැහැලූ!! පොලිසියට විරුද්ධව ගිහිල්ලා වැඩක් නැතිලූ!!
සිද්ධියෙන් පසුව රැුකියාව නැතිවුනා. මට පහරදී බරපතල තුවාල සිදුකර, මා ආබාධිතයෙකු කළ උ.පො.ප. ප‍්‍රසාද් සිරිවර්ධනට විරුද්ධව කිසිම පියවරක් ගෙන නැහැ.
මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශයක් නිකුත් කරණු ලැබුවා. මට රු.25,000ක් වන්දියක් ගෙවන ලෙසට පොලිස්පතිට නියම කරලා දැන් මාස තුනක් වෙනවා, උත්තරයක් වත් නෑ. ’’
රටේ පිරිහීම කෙතරම්ද, නීතිය කඩා වැටීම කෙතරම් බරපතලද යන්න වටහා ගන්න පොඩි මිනහාට වෙන දේ ගැන කථා කළ යුතුයි. අපරාධයට ගොදුරුවන්නාගේ තරාතිරම අනුව ‘‘යුක්තිය’’ වෙනස් වෙන රටක රැකෙන්නේ කව්රුන්ද?
හිජාබය, සල්වාරිය තහනම - මූලික විරෝධතා අහකට
නාවල, ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිනිය ඇතුලූ අට දනෙකු වගඋත්තරකරුවන් කරමින්, ෆාතිමා හෂීනා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ තම දියණියට මුස්ලිම් බාලිකාවන්ට හිමි අයිතියක් රැක ගැනීමටය.
එනම් පාසල් නිල ඇඳුම වෙනුවට සල්වාරය හා හිජබය පැලඳ පාසල් යෑමට තිබෙන අයිතිය තහවුරු කර ගැනීමටය.
එ් 2014 වසරේදී ය.
2014 දින පවරන ලද මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම්කාර, මව හා දියණිය වෙනුවෙන් ඉදිරිපත් කළේ ජනාධිපති නීතිඥ ෆසිසර් මුස්ථාපා ප‍්‍රමුඛ නීතිඥයින් පිරිසකි.
රාජගිරිය ජනාධිපති බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ප‍්‍රමුඛ වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා ප‍්‍රමුඛ නීතඥවරු මඩුල්ලක් පෙනී සිටින ලදි.
මෙම නඩුව විභාගයට ගැනීමට විරුද්ධව මූලික විරෝධතාවන් දෙකක් වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කරණු ලැබීය.
පළමු විරෝධතාවය වූයේ පේතසම්කරු විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කිරීමය.
දෙවන විරෝධතාවය වූයේ කාලය ඉකුත් වී ඇති බව - කාලාරෝධය - ය.
මෙම මූලික විරෝධතාවයන් පිළිබඳව 2016 නොවැම්බර් මස දෙපාර්ශවයේ නීතිඥවරුන් විසින් අධිකරණයට කරුණු දක්වා සිටින ලදි.
එම මූලික විරෝධතාවයන් දෙක පළිිබඳව ”තීන්දුව” 2018 මාර්තු මස ප‍්‍රකාශයට පත්කරන ලදි.
එම තීන්දුවට අනුව, පෙත්සම්කාරිය, ව්‍යාජ කරුණු ඉදිරිපත් කර නොමැති බව තීන්දු කර නැත.
මුස්ලිම් බාලිකාවන්ට පාසල් නිල ඇඳුම වෙනුවට ඔවුන්ට ආවේනික සල්වාරය, හිජාබය පැලඳිය හැකි බවට අධ්‍යාපන අමාත්‍යාංශ චක‍්‍රලේඛ තහවුරු කර තිබෙන බව, ශ්‍රේෂ්ඨාධිකරණයේ පිළිගැනීම විය.
ඉදිරිපත් කරන ලද කරුණුවල වැදගත් භාවය මත කාලය ඉකුත් වුවද, නඩුව ඉවත නොදැමිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙන ලදි.
එ් අනුව, 2014 දී, මුස්ලිම් බාලිකාවන්ට ඉගෙන ගැනිම සඳහා පාසැලට යෑමට ‘‘පාසල් නිල ඇඳුමු’’ ඇඳිය යුතුමද? යන්න පිලිබඳ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරියේදී තීරණය කරණු ඇත.
සටහන:-
‘‘නිදහස් අධ්‍යාපනය’’ යන යෙදුම සටන් පාඨ කරගෙන සිටින විවිධ කල්ලි කණ්ඩායම් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ‘‘ප‍්‍රාණ ඇපයට’’ අරගෙන සිදුකරන සුරා කෑම්, අපයෝජනය කිරිම්, ගැන අනුගමනය කරන නිහඬ පිළිවෙත ලැජ්ජා සහගතය.
Saturday, March 31, 2018
යථාරූප වැඩසටහන කොඩිවිනයක් වූයේ කාටද?
රාජ්‍ය විද්්‍යුත් මාධ්‍ය දෙක හරවත් ප‍්‍රගතිශීලි වැඩසටහන් ඉදිරිපත් කරමින් හඳුන්වාදෙමින් ආ ගමන ආපසු හැරවීමකි යථාරූප වඩසටහන නැවැත්වීම.
කූඹියෝ හා සහෝදරයා ටෙලි නාට්‍ය දෙක තැබූ ඉදිරි පිම්ම, කූඹියෝ ලැබූ ජන ප‍්‍රසාදය නිසාම මොට කිරීමට, වාරණය කිරීමට, ජාවාරම්කාර, තුට්ටු දෙකේ මාධ්‍ය බැලයන්ට මෙන්ම ආණ්ඩුවේ වන්දනා නඩයට නොහැකි විය.
සාස්තර කියන්නෝ, පේන කාරයෝ, හදි හූනියම් කාරයෝ පසුගිය වකවානුවේ ආරම්භ කර අදටත් පවත්වාගෙන යන ඊනියා ජාතික යැයි හංවඩු ගසා ගන්නා විද්්‍යුත් මාධ්‍ය හා පුවත්පත් උපයෝගී කරගෙන ගෙන යන ප‍්‍රචාරය අභියෝග කිරීමක් වූ මෙම වැඩසටහන නිසා, එම මාධ්‍යවලට ආර්ථික වශයෙන් කෙසේ වෙතත්, සාමාජීය වශයෙන් පහරක් විය.
අප රටේ මුල් බැසගත් සියලූම ආගම්වල විශ්වාසයන්ට, ඇදහිලිවලට, එරෙහිව යථාර්තය පිළිබඳව කථා කරන්න සූදානම් විද්‍යාඥයන්, ආචාර්ය මහාචාර්යවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, විවිධ ක්ෂේත‍්‍රවල විද්‍යාඥයන්, නිර්මාණකරුවන්, ජනමාධ්‍යවේදීන් සිටින බව හඳුන්වාදුන් මෙම වැඩසටහන මොට කිරීමට, විවිධාකාරවූ පීඩනයන්ට හසුව, පීඩා විඳින්නන් විකුණාගෙන කන එවුන්ට මෙන් අන්ධ භක්තිකයන්ටද වු ඕනෑකම තහවුරු වීමකි මෙම වැඩසටහන අත්හිටු වීම.
රටේ නීතිය මත පාලනය පවත්වාගෙන යෑමට ප‍්‍රධාන බධාවකි මිත්‍යාව. මිත්‍යාව පදනම් කරගෙන සියලූ දේ විසඳීමට අර අ`දින බහුතරය ඇත්ත නැත්ත කුමක්ද යන්න තමන් විසින්ම විග‍්‍රහ කරගන්නට ඇති හැකියාව තමන් විසින් නැති කරගෙන ඇත. එම නොහැකියාව මත, ඇත්ත කුමක්ද යන්න තීරණය කරන්නේ තමන් හරි යයි විශ්වාස කරන්නාගේ ප‍්‍රකාශය අනුවය.
අපේ රටේ අතලොස්සක් හැරෙන්නට අන් සියලූ දෙනා තිස්තුන් කෝටියකුත් පහක් දෙවිවරු ගැන විශ්වාසය තබා තිබේ. එ් එ් ලබ්ධිකයන් මේ තිස්තුන් කෝටියකුත් පහක් දෙවිවරු අතර තමන් විශ්වාස කරන අය විවිධ නම් වලින් හඳුන්වති.
විවිධ උපමා, සර්ව නාම, ඔවුන්ට එකතු කර ඇත. විවිධ රූප ඔවුන්ට ආදේශ කර ඇත. චිත‍්‍ර ශිල්පීන්, මූර්ති ශිල්පීන්, එ් රූප මවා වන්දනා කරන්නට, කරගසාගෙන යන්නට සලසා ඇත. ගලෙන්, ලීයෙන්, මැට්ටෙන්, ප්ලාස්ටික් හා ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් මේ පිළිම නිර්මාණය කර ඇත. කැඩුණු පසු එ්වා තැන්පත් කරනවා යැයි කියමින් පන්සල්, පල්ලි, කෝවිල්, දේවාලවලට හෝ එ්වා අසලට විසි කරති.
එමෙන්ම නොයෙකුත් මාදිලියේ කථාන්දර ගොතා ප‍්‍රසිද්ධ කර තිබේ. එ් කතාන්දර වල කියැවෙන සමහරුන් දෙවිවරුය, සමහරුන් යකුන්ය, සමහරුන් අවතාරය. එ් එ් විශ්වාසයට අනුව පල්ලි, කෝවිල්, දේවාල ඉදිකර ඇත. පන්සල්වලට ආදේශ කරගෙන ඇත.
යථාරූප මේ ගැන කියන විට රිදුනේ, මේ මිත්‍යාවන් ඇත්ත කරමින් බඩ ගෝස්තරය රැක ගන්නා පිරිසටය. එ්වා විශ්වාස කරන අයටය. එ්වා මත තම දේශපාලනය කරන අයටය. පාරම්පරිකව, උපන්දා සිටි වැළඳ ගත් විශ්වාසයන් අත හැරිමට බිය අයටය.
යථාරූප වැඩසටහන නැවැත්වූවාට, ‘යථාරූපය’ කුමක්ද යැයි සෙවීමට බහුතරය නොව සු`ඵතරය ගන්නා උත්සාහය නතර වන්නේ නැත.
ගැලීලියෝ, බෲනෝ, දිවි දුන්නේ යස ඉසුරු සඳහා නොවේ. මිත්‍යාවට එරෙහිව යථාර්තය ඉදිරිපත් කරන්නට ගත් උත්සාහයට ය.
ඔවුන් මෙන්ම, නම නොකියවුණු බොහෝ දෙනා මිත්‍යාවට එරෙහිව යථාර්තය ඉදිරිපත් කරන්නට ගත් උත්සාහයයේදි සිය දිවිය කැප කර ඇත.
එ් අය කිසි සේත් තම වධයට පාත‍්‍ර වූනේ, අන් අය වෙනුවෙන් කියා, තමාවත් අන් අයවත් රවටා ගත්තේ නැත. දිවි දුන්න අය පිළිබඳව, ජිවත්වන අප, ඔවුන් දිවි දුන්නේ අප වෙනුවෙන් කියා සිත හදා ගන්නෙමු. සමරන්නෙමු. පින් දෙන්නෙමු!!!
රාජ්‍ය විද්්‍යුත් මාධ්‍ය දෙක හරවත් ප‍්‍රගතිශීලි වැඩසටහන් ඉදිරිපත් කරමින් හඳුන්වාදෙමින් ආ ගමන ආපසු හැරවීමකි යථාරූප වඩසටහන නැවැත්වීම.
කූඹියෝ හා සහෝදරයා ටෙලි නාට්‍ය දෙක තැබූ ඉදිරි පිම්ම, කූඹියෝ ලැබූ ජන ප‍්‍රසාදය නිසාම මොට කිරීමට, වාරණය කිරීමට, ජාවාරම්කාර, තුට්ටු දෙකේ මාධ්‍ය බැලයන්ට මෙන්ම ආණ්ඩුවේ වන්දනා නඩයට නොහැකි විය.
සාස්තර කියන්නෝ, පේන කාරයෝ, හදි හූනියම් කාරයෝ පසුගිය වකවානුවේ ආරම්භ කර අදටත් පවත්වාගෙන යන ඊනියා ජාතික යැයි හංවඩු ගසා ගන්නා විද්්‍යුත් මාධ්‍ය හා පුවත්පත් උපයෝගී කරගෙන ගෙන යන ප‍්‍රචාරය අභියෝග කිරීමක් වූ මෙම වැඩසටහන නිසා, එම මාධ්‍යවලට ආර්ථික වශයෙන් කෙසේ වෙතත්, සාමාජීය වශයෙන් පහරක් විය.
අප රටේ මුල් බැසගත් සියලූම ආගම්වල විශ්වාසයන්ට, ඇදහිලිවලට, එරෙහිව යථාර්තය පිළිබඳව කථා කරන්න සූදානම් විද්‍යාඥයන්, ආචාර්ය මහාචාර්යවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, විවිධ ක්ෂේත‍්‍රවල විද්‍යාඥයන්, නිර්මාණකරුවන්, ජනමාධ්‍යවේදීන් සිටින බව හඳුන්වාදුන් මෙම වැඩසටහන මොට කිරීමට, විවිධාකාරවූ පීඩනයන්ට හසුව, පීඩා විඳින්නන් විකුණාගෙන කන එවුන්ට මෙන් අන්ධ භක්තිකයන්ටද වු ඕනෑකම තහවුරු වීමකි මෙම වැඩසටහන අත්හිටු වීම.
රටේ නීතිය මත පාලනය පවත්වාගෙන යෑමට ප‍්‍රධාන බධාවකි මිත්‍යාව. මිත්‍යාව පදනම් කරගෙන සියලූ දේ විසඳීමට අර අ`දින බහුතරය ඇත්ත නැත්ත කුමක්ද යන්න තමන් විසින්ම විග‍්‍රහ කරගන්නට ඇති හැකියාව තමන් විසින් නැති කරගෙන ඇත. එම නොහැකියාව මත, ඇත්ත කුමක්ද යන්න තීරණය කරන්නේ තමන් හරි යයි විශ්වාස කරන්නාගේ ප‍්‍රකාශය අනුවය.
අපේ රටේ අතලොස්සක් හැරෙන්නට අන් සියලූ දෙනා තිස්තුන් කෝටියකුත් පහක් දෙවිවරු ගැන විශ්වාසය තබා තිබේ. එ් එ් ලබ්ධිකයන් මේ තිස්තුන් කෝටියකුත් පහක් දෙවිවරු අතර තමන් විශ්වාස කරන අය විවිධ නම් වලින් හඳුන්වති.
විවිධ උපමා, සර්ව නාම, ඔවුන්ට එකතු කර ඇත. විවිධ රූප ඔවුන්ට ආදේශ කර ඇත. චිත‍්‍ර ශිල්පීන්, මූර්ති ශිල්පීන්, එ් රූප මවා වන්දනා කරන්නට, කරගසාගෙන යන්නට සලසා ඇත. ගලෙන්, ලීයෙන්, මැට්ටෙන්, ප්ලාස්ටික් හා ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් මේ පිළිම නිර්මාණය කර ඇත. කැඩුණු පසු එ්වා තැන්පත් කරනවා යැයි කියමින් පන්සල්, පල්ලි, කෝවිල්, දේවාලවලට හෝ එ්වා අසලට විසි කරති.
එමෙන්ම නොයෙකුත් මාදිලියේ කථාන්දර ගොතා ප‍්‍රසිද්ධ කර තිබේ. එ් කතාන්දර වල කියැවෙන සමහරුන් දෙවිවරුය, සමහරුන් යකුන්ය, සමහරුන් අවතාරය. එ් එ් විශ්වාසයට අනුව පල්ලි, කෝවිල්, දේවාල ඉදිකර ඇත. පන්සල්වලට ආදේශ කරගෙන ඇත.
යථාරූප මේ ගැන කියන විට රිදුනේ, මේ මිත්‍යාවන් ඇත්ත කරමින් බඩ ගෝස්තරය රැක ගන්නා පිරිසටය. එ්වා විශ්වාස කරන අයටය. එ්වා මත තම දේශපාලනය කරන අයටය. පාරම්පරිකව, උපන්දා සිටි වැළඳ ගත් විශ්වාසයන් අත හැරිමට බිය අයටය.
යථාරූප වැඩසටහන නැවැත්වූවාට, ‘යථාරූපය’ කුමක්ද යැයි සෙවීමට බහුතරය නොව සු`ඵතරය ගන්නා උත්සාහය නතර වන්නේ නැත.
ගැලීලියෝ, බෲනෝ, දිවි දුන්නේ යස ඉසුරු සඳහා නොවේ. මිත්‍යාවට එරෙහිව යථාර්තය ඉදිරිපත් කරන්නට ගත් උත්සාහයට ය.
ඔවුන් මෙන්ම, නම නොකියවුණු බොහෝ දෙනා මිත්‍යාවට එරෙහිව යථාර්තය ඉදිරිපත් කරන්නට ගත් උත්සාහයයේදි සිය දිවිය කැප කර ඇත.
එ් අය කිසි සේත් තම වධයට පාත‍්‍ර වූනේ, අන් අය වෙනුවෙන් කියා, තමාවත් අන් අයවත් රවටා ගත්තේ නැත. දිවි දුන්න අය පිළිබඳව, ජිවත්වන අප, ඔවුන් දිවි දුන්නේ අප වෙනුවෙන් කියා සිත හදා ගන්නෙමු. සමරන්නෙමු. පින් දෙන්නෙමු!!!
Thursday, March 29, 2018
උත්සන්න වන පොලිස් ත‍්‍රස්ත ක‍්‍රියාවන් ට, යහපාලනයේ පොලිසිය බාර යු ඇන් පිය වගකිව යුතුයි. පොලිස් කොමිසම නිදි වැදි ඇත.
කුඩු සුදා කිව්ව වාඩිය චින්තකගේ කියලා. ඒ හින්දා යන්. උඹව ගේන් කිවිවේ OIC.
රට පුරා උත්සන්න වන පොලිස් ත‍්‍රස්ත ක‍්‍රියාවන් ට, යහපාලනයේ පොලිසිය බාර රනිල් ප‍්‍රමුඛ යු ඇන් පිය වගකිව යුතුයි. පොලිස් කොමිසම නිදි වැදි ඇත.
රනිල් පාලනයට සුදු හුණු ගාන එන් ජි ඔ් පිරිස පොලිස් ත‍්‍රස්ත ක‍්‍රියාවන් වසන් කිරිමට සංවිධාන වි සිටි.
මේ පරිසරය තුල දිනෙන් දින පොලිස් අපරාධ වර්ධනය වේ.
මේ උදාහරණයකි.
චින්තක - අවු: 28 යි, විවාහක, කුලි වැඩ/රියදුරු.
පොලිස්පතිට කියන්න වැඩ සඑහන යටතේ මොහු විද්යුත් තැපැල මගින් පොලිස්පති අමතන ලද පැමිණිල්ලෙ ්මෙසේ ස`දහන් වේ.
2018.03.29 වන දින දීය.
නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන වධ දි බොරු නඩු දැමීමට එරෙහිව පැමිණිලි කිරිම නිසා පළිගැනීමට නැවත නැවත අත්අඩංුවට ගෙන බොරු නඩු දැමීමට ගන්නා උත්සාහය වළක්වන ලෙසට කරණු ලබන ඉල්ලීම.
2018 මාර්තු 28 වන දින රාත‍්‍රී 12.00 ට පමණ, අගලවත්ත පොලීසියේ තිදෙනෙක් මා සිටි, මාගේ බිරිඳගේ නිවසට පැමිණියා.
ඔවුන් මට කියා සිටියා, ”කුඩු සුද්දාවයි, සමන්තවයි අපි අල්ලා ගත්තා. කුඩු සුද්දා වඩි වගයක් පෙන්නුවා, එ්වා චින්තකගේ කියා කිව්වා” කියා. මට පොලිසියට යන්න එන්න යයි කිව්වා
මම ප‍්‍රතික්ෂේප කළා. පැය භාගයක් විතර මට තර්ජනය කරමින් මාව පොලීසියට ගෙනියන්න හැදුවා. ගෙදර හිටිය අයද, මාව ගෙන යනවාට විරුද්ධ වුණා. අවසානයේ මාගේ බිරිඳගේ මවට කිව්වා, අද (29)උදේ 9.00 ට මාව පොලීසියට අරන් එන්න කියා.
මීට පෙර, 2018.03.05 දින මාව අත්අඩංගුවට අරගෙන වධහිංසා පමුණුවා බොරු නඩු දමන ලදි. මා හා මාගේ ආච්චී වන සෝමවතී මිය, එ් පිළිබඳව පැමිණිලි කර තිබේ.
එම පැමිණිලි කිරීම්වලට පලි ගැනීම සඳහා, නැවත මා අත්අඩංගුවට ගෙන බොරු නඩු දැමීමට දරන උත්සාහය වළක්වන ලෙසට ඉල්ලා සිටිමි.
මා කියන මේම කරුණ මේ සමග එවා තිබෙන රේකෙිඩින් එකෙන් ඔප්පු වෙනවා. සාක්ෂි දරනු ඇත. සවන් දෙන්න.
මීට පෙරද, මේ ආකාරයට තර්ජනය කර, මා අත්අඩංගුවට ගැනීමට උත්සාහ දරා ඇත.
මාගේ ආරක්ෂාව සලසන ලෙසට ඉල්ලමි.
මෙයට,
චින්තක
Wednesday, March 28, 2018
උ.පො. සිරිවර්ධන ව දක්කන්නා පිටුපස ඉන්නේ ජජෙක් ද?
තම දියණිය මිතුරෙකු මගින් උකස් කරපු මාලයක් බේරාගන්න, පියෙක්, පොලීසිය යොදවාගෙන සිදුකරන නීති විරෝධී මහජන මුදල් විනාශ කරන පුවතකි මේ.
සිල්වා මහතා ව්‍යාපාරිකයෙකි. ඔහු නිවසට පළමුව කඩා වදින්නේ පියාය. ඔහු තමාගේ අනන්‍යතාවය හෙළි නොකළ නිසා ඔහුව ‘නානා’ ලෙසට හැඳින්වීමට සිදුව තිබේ.
ඔහු, ‘නානා’, සිල්වා මහතා ට කියා සිටින්නේ තම දියණිය ගෙන් ලබාගත් රන් මාලය සිල්වා මහතාගේ පුතා උකස් කර ඇති බවයි. ඔහු සිල්වා මහතාට තර්ජනය කරමින් ඉල්ලා සිටින්නේ තමන්ට ලොකු ලොක්කන් ගේ අනුහස් තිබෙන නිසා එ් නිසා පුතා මගින් උකස් කරපු රන් මාලය බේරා දෙන ලෙසටයි.
පුතා තිදරු පියෙක්. ඔහු ඉන්නේ වෙනම. එ් නිසා ඔහුකරන කියන දේවල්වලට තමන්ට වගකීමක් නැති බව, සිල්වා මහතා ‘නානා’ ට පැහැදිළි කරන්නට උත්සාහ ගෙන ඇත. නමුත් පලක් නොවු බව සිල්වා මහතා කියා සි
ඉන්පසු සිද්ධියට මැදිහත් වන්නේ කොහුවල පොලීසියේ අපරාධ අංශයේ උ.පො. සිරිවර්ධනය.
උ.පො. සිරිවර්ධන, සිල්වා මයාට දුරකතනයෙන් කථා කර පුතා ඉන්නේ කොහේද කියා විමසනවා. සිල්වා මයාගේ පිළිතුර අනපේක්ෂිත එකක් වූ නිසා, උ.පො. සිරිවර්ධන, ‘නානා’ හා තවත් මංචු කුට්ටමක් එල්ලාගෙන සිටි අයෙක් සමග නිවසට පැමිණෙයි.
ඔහුගේ නීති විරෝධී ප‍්‍රශ්නවලට, සිල්වා මයාගේ අනපේක්ෂිත ප‍්‍රතිචාරය නිසාදෝ උ.පො. සිරිවර්ධන පිටව යන්නේ තර්ජනය කරමින්ය. වීඩියෝව සාක්ෂි දරයි.
උ.පො. සිරිවර්ධන, කොහුවල පොලීසියට එන ලෙසට ලියා දෙන ලද ‘තුණ්ඩුව’, ඔහුම සිල්වා මහතා අතින් උදුරා ගනී. නමුත් එහි ඡයාරූප ගන්න සිල්වා මයා අමතක නොකරයි. එය මෙහි දැක්වේ.
කෙසේ වෙතත් සිල්වා මහතා කොහුවල පොලීසියට යයි. එහිදී තමා ප‍්‍රකාශ දෙන්නේ තමාට විරුද්ධව ඇති පැමිණිල්ල කුමක්ද යැයි දැණුම් දුන්නොත් පමණක් බව හා තම නිවසට පැමිණි, උ.පො. සිරිවර්ධන ගේ ක‍්‍රියා කලාපය ලියන්නේ නම් පමණක් යයි අවධාරණය කරයි.
එම කොන්දේසි සපුරාලමින් සිල්වා මහතා ප‍්‍රකාශය දෙයි. සිල්වා මයාගේ ප‍්‍රකාශය ගන්න මූලික වූ පැමිණිල්ලේ අංකය හා කාරණය කොල කෑල්ලක ලියා දෙයි. එය ද මෙහි දැක්වේ.
උ.පො. සිරිවර්ධන ගේ ක‍්‍රියාව, නීති විරෝධී බව පෙන්වා දුන්් සමහර පොලිස් නිලධාරීන්, හ මගින් සිල්වා මහතාගේ මානව හිමිකම් ඔහු උල්ලංඝණය කර ඇති බව ද ප‍්‍රකාශ කර තිබේ.
තවද 2017 දෙසැම්බර් වල, විවිධ පැමිණිලි අංශයට විශ්වාසය කඩ කිරීමක් ලෙසට කර තිබෙන පැමිණිල්ල, උ.පො. සිරිවර්ධන ‘කරට’ ගෙන සිටින්නේ ‘නානා’ ගේ පගාවට ද නැතිනම් ජජෙක්ගේ ඕනෑකමට ද යන්න අනාවරණය වී නැත.
සිල්වා මහතා විසින් මානව හිමිකම් කොමිෂමට හා පොලිස්පතිට කරන ලද ලිඛිත පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.
‘‘ වෙනත් අයගේ අවශ්‍යතාවයට නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, ව්‍යාජ චෝදනා නගා රිමාන්ඞ් කරවීමට ගන්නා උත්සාහය වලක්වාලන ලෙසට කරනු ලබන ඉල්ලීමයි.
2018.03.26 දිනදීය.
2018.03.24 වන දින, මා ගමනක් යමින් සිටින විට, දහවල් 11.45 ට පමණ, මාගේ දුරකථනයට ඇමතුමක් ලැබුනා.
එයට කතා කළේ, කොහුවල පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප. සිරිවර්ධන යන අයයි.
ඔහු මට කියා සිටියා, මගේ පුතා, ......., එයාගේ යාලූ ගෑණු ළයෙකුගේ මාලයක් අරන් උකස් තියලා ආපසු දීලා නෑ කියා. එ් ගැන හොයන්න ආවේ, පුතා කෝ කියා ඇහුව්වා. මම ඔහුට කිව්වා, පුතා ........... ඉන්න තැන දන්නේ නැහැ කියා.
2018.03.25 දින, උදේ 10.30 ට පමණ, අපගේ නිවසට උ.පො.ප. සිරිවර්ධන සමග තවත් සිවිල් පිට පුද්ගලයෙකු පැමිණියා. ඔහුගේ ඉනේ මාංචු කුට්ටමක් එල්ලාගෙන හිටියා. ඔවුන් සමග තවත් පුද්ගලයෙකු පැමිණ සිටියා. ........
මේ ........ පුද්ගලයා, මීට මසකට පමණ පෙර අප නිවසට පැමිණ, ආරවුලක් ඇති කරන්න උත්සාහ ගත්තා. නමුත් අප එය ගණන් ගත්තේ නැහැ. ඔහුව දුටුවොත් අදුරන්න පුලූවන්.
මෙම පුද්ගලයා, මට තර්ජණය කරන්නට පටන් ගත්තා, මා ඔහුට නිවසින් පිටවන්න කිව්වා. උ.පො.ප.සිරිවර්ධන ඔහුට නිවසින් යන ලෙස නියම කලා.
ඉන් අනතුරුව උ.පො.ප.සිරිවර්ධන, මගෙන් යළිත් ඇසුවා, ........ පුතා ඉන්නේ කොහේද කියා. මා දන්නේ නැති බව ප‍්‍රකාශ කලා.
ඔහු මට තර්ජණය කරන්නට පටන් ගත්තා, ඔහු මට කියා සිටියා, පුතාව අහුවුනොත් , ඇප දෙන්න ඉඩ දෙන්නේ නෑ, ඇප නොදී තියා ගන්න විදිහ මම දන්නවා, එ්ක තියෙන්නේ මගේ අතේ කියා ප‍්‍රකාශ කලා. ඔහු මට නියම කලා, දැන්ම පොලිසියට එන්න කියා. මා එය ප‍්‍රතික්ෂේප කලා. මම ඔහුට කිව්වා හෙට උදේ එන්නම් කියා. මා ඉල්ලා සිටියා ලිඛිතව එ් බව දෙන්න කියා. ඔහු උරන වී, පොඩි කොළකෑල්ලක් ගෙන, ඔහුගේ නම, දිනය, 2018.03.25 හා පොලිසිය කොහුවල කියා ලියා දුන්නා. පසුව එය උදුරා ගත්තා. මා එහි ඡුායාරූපය ලබා ගත්තා. ඉන්පසු ඔවුන් යන්න ගියා.
මා පොරොන්දු වූ පරිදි, අද දින, 2018.03.26 උදේ 10.45 ට පමණ, කොහුවල පොලිසියට ගියා.
එ් අවස්ථාවේ, උ.පො.ප.සිරිවර්ධන සිටියේ නැහැ. වෙනත් නිලධාරියෙකුට කාරණය කිව්වාම මාගේ ප‍්‍රකාශය ලියා ගත්තා. එහි මා, 2018.03.24 දින සිදුවීම ඇතුලත් කලා.
මාගේ ඉල්ලීම මත, මාගේ ප‍්‍රකාශය ලබා ගැනීමට අදල, පැමිණිල්ලේ විස්තර දුන්නා. එය ලබා ගත්තේ ඉතා අසීරුවෙන්.
එහි සඳහන් වන්නේ ”විශ්වාසය කඩ කිරීම” ක්‍ෂඊ 340රැු177 හා 2017.12.16 යනුවෙනි.
මා ලබාදුන් ප‍්‍රකාශය අදාල තොරතුරු පොතේ ගොනුව ක්‍ෂඊ 320රැු251 හා 2018.03.26 . ලියන ලද්දේ පො.කො.79033 සමන්.
මේ ආකාරයට, මා නිවසට පැමිණ, කිසිදු නීත්‍යානුකූල බවකින් තොරව, පොලිස් බලතල අයුතු ලෙසට යොදාගෙන, මා දැඩි පීඩාවට පත් කිරීම හා මාගේ පුතාට, ”අමූලික බොරු” චෝදනා නගා, උසාවිය පාවිච්චි කර, ”දඬුවම්” කිරීම වශයෙන් රිමාන්ඞ් කරවා පලිගන්න කරන ලද්දකි.
කොහුවල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ, දෙසැම්බර් මස කරන ලද පැමිණිල්ලට, කොහුවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති, උ.පො.ප.සිරිවර්ධන, බලය අයුතු ලෙස පාවිච්චි කරන ලද්දේ, ‘‘..... ඩුකාරවරයෙකුගේ,’’ අවශ්‍යතාවයට බව මට දැනගන්නට ලැබිණ.
මා ප‍්‍රකාශ කරන්නේ, කිසිදු අපරාධ ගණයකට අයත් නොවන පැමිණිල්ලක් අපරාධයක් ලෙස හුවා දක්වා, බොරු චෝදනා දමා, රිමාන්ඞ් කරවා, බලහත්කාරයෙන්, ”බලය” ඇති අයගේ උවමනා ඉටු කිරීමට කොහුවල පොලිසියේ - අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක සිරිවර්ධන ගත් උත්සාහය මගින් මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවයි.”
කොහුවල පොලිසියේ උ.පො.ප. සිරිවර්ධන ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමි.
එමෙන්ම, ‘‘ .....ඩුකාරයෙකුගේ අවශ්‍යතාවයකට ”බොරු චෝදනා නගා” උසාවිය උපයෝගී කරගෙන, රිමාන්ඞ් කිරවා පීඩාවට පත් කිරීම වලක්වාලන ලෙසද ඉල්ලමි.
මෙයට,
......... සිල්වා.
Monday, March 26, 2018
සංහඳියාවට හෙණයක්වු පොලිස් අපරාධකරුවන් හා එකගෙයි කන ජාතික පොලිස් කොමිෂම.
ප‍්‍රථම පොලිස් කොමිෂන් සභාවෙන් පසුව පත්වූ, සියලූම පොලිස් කොමිසම් සභා සාමාජිකයන්, ලේකම්වරු, පොලීස් රූකඩ විය. ස්වාධීන ලේබලය යටතේ ද සිදුකළේ පොලිස් දුෂිතයන් අපරාධකරුවන් රැකීමය.
මහජන පැමිණිලි විමර්ශන මුවාවෙන් දිස්ත‍්‍රික් මට්ටමින් නිලධාරීන් පත්කර මහජන මුදල් ගසා කෑමය. එම නිවට නියාලූ රූකඩ පිරිසක් මගින් පීඩාවට පත්වන පුද්ගලයන් තව තවත් පීඩාවට පත් කිරීමය.
මෙම මහජන පීඩාවන් ගැන නොදන්නා ඊනියා මහා සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් ”මහජන මතය” ලෙසට, තම පුද්ගල මතයන් මාධ්‍ය උපයෝගී කරගෙන ප‍්‍රකාශයට පත්කරයි. පොලිස් කොමිෂමේ ලේකම් ආරියදාස කුරේව, ඉවත් කිරීම ප‍්‍රයෝජනයට ගෙන පොලිස් කොමිෂම සමග කිසිදු ගණුදෙනුවක් නොකරන එ් ගැන අත්දැකීම් නැති ජනයා මුලාකරමින් දේශපාලන උවමනාවන් ඉටු කරගැනීමේ පහත් ක‍්‍රියාවලියක නිරතව සිටී.
මේ වන විට පොලිස් කොමිෂම මහජන පැමිණිලි කාබාසිනායා කරන විගඩමක් බවට සනාථ කරන
උදාහරණ පහත දක්වමු.
01. සිංහල මුස්ලිම් ගැටුම.
අම්පාර - දිගන සිද්ධීන් දෙක ගැන, පොලිස්පති පු(කූ)ජිතගෙන්, පොලිස් කොමිෂම වාර්තා ඉල්ලා තිබෙන බව වාර්තා විය. එසේ ඉල්ලීමම හොරාගෙ අම්මාගෙන් - වාහේගෙන් පේන ඇසීමකි.
2014 ජුනි 15 වන දින රාත‍්‍රියේ, දර්ගා නගරයේ සිංහල මුස්ලිම් ගැටුම් ඇති විය. එම ගැටුම ිසා යන්න එන්න බැරිව නුවන් හා පවුලේ උදවිය මහ මග හිරි විය. එ් ඔවුන් බේරුවල පොසොන් තොරණ බලන්න යන අතරතුරය. එම ස්ථානයේ අලූත්ගම පොලීසියේ ධම්මික නැමති අයද සිවිල් පිට සිට ඇත.
දෙපිරිස අතර ගැටුම උත්සන්නව ගේ ෙදාර කඩ සාප්පු ගිනි තබා කොල්ල කෑම් වලින් පසුව පොලීසිය කඳු`ඵ ගෑස් ගසා පිරිස් විසුරුවා ආරක්ෂාව තර කරන ලදි.
දින 4 කට පසුව අලූත්ගම පොලීසිය පොසොන් තොරණ බලන්න යෑමට පවුලේ උදවිය සමග ගොස් අතරමංවූ, සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැති මොහුව අත්අඩංගුවට ගෙන, ක`ඵතර පොලිස් අධිකාරී කාර්යාලයේ යුනිට් එකට බාරදෙන ලදි. එහි වධකාගාරයේ දින 03 ක් තබාගෙන වධ දී, උසාවිය උපයෝගී කරගෙන බොරු නඩු 11 ක් දමා රක්ෂිත බන්ධනාගාර ගත කරණු ලැබීය.
එම නඩුවලින් 09 ක්ම පොලීසිය විසින් ඉල්ලා අස්කර ගන්නා ලදි. නඩු 02 ක් විභාගයට ගැනිණ. එම නඩු දෙකෙන් ඔහු නිෙදාස් කොට නිදහස් විය. මොහු මේම පොලිස් අපරාධය පිළිබඳව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළෙය. විමර්ශණයෙන් පසුව, වධ දීම, බොරු නඩු දැමීම, උසාවිය දඩමීමා කරගෙන නිදහස අහිමි කිරීම පිළිබඳ මානව හිමිකම් කොමිෂන් සභාව සිය නිර්දේශය 2018 මාර්තු 18 නිකුත් කරණු ලැබිය.
එම නිර්දේශයෙන් අලූත්ගම පොලීසියේ ස්ථානාධිපතිටි රු: 50,000/- ක වන්දියක් ගෙවන ලෙසට නියම කර, වධහිංසා පනත යටතේ අදාල පොලිස් කාරයින්ට එරෙහිව නඩු පවරන ලෙසට පොලිස්පතිට නිර්දේශ කරණු ලැබීය. මේ දක්වාම පොලිස්පතියා කිසිදු පියවරක් ගෙන නැත. පොලිස් කොමිෂම සිද්ධිය අමතක වන්නට හැර, නිදි වැද තිබේ.
02. ශ්‍රේෂ්ඨාධිකරණ හා මහාධිකරණ තීන්දු
පීඩාවට පත්වන්නා කුරුණෑගල සිංහල බෞද්ධ අපනයන ව්‍යාපාරයේ නිරත වන්නෙකි. ප‍්‍රදේශයේ සිදුවු මිනීමැරුමකට මොහුව අත්අඩංගුවට ගන්නේ ගොකරැුල්ල පොලීසියෙනි. එ් 2005 වසරේදීය. අමානුෂික වධදීමෙන් අනතුරුව මොහුව මුදාහරින්නේ නඩු නැතිවය.
තමාට වධ දීම ගැන මොහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් වධකයන්ට විරුද්ධව නඩු පවරයි. එ් අතර කරන ලද බලපෑම් හමුවේ පොලිස් විශේෂ විමර්ශන එ්කකය ද පරීක්ෂන පවක්වා වධකයින්ට එරෙහිව 1994 අංක 22 දරන පනත යටතේ මහාධිකරණයේ නඩු පවරණු ලබයි.
මේ නඩු දෙකෙන්ම පොලිස් වධකයින් වරදකරුවන් බවට පත්වෙයි. එහෙත් පොලිස්පතියා හෝ පොලිස් කොමිෂම හෝ මෙම වධකයින්ට එරෙහිව විනය පියවර ගන්නේ නැත. දඬුවම් වෙනුවට උසස්වීම් දෙයි.
මෙය ඛේදවාචකයන ගැන මානව හිමිකම් කොමිසමේ අවධනයට යොමු කිරිමේන් පසුව, මානව හිමිකම් කොමිසම් සභාව 2018 පෙබරවාරි මස 06 දාතමින් ශ්‍්‍රෂ්ඨාධිකරණ තීන්දුවෙන් හා මහාධිකරණ තීන්දුවෙන් වරදකරුවන් වූ ගොකරැුල්ල පොලිසියේ පොලිස්කාරයින්ට එරෙහිව ගන්නා ලද විනය පියවර පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසට පොලිස් කොමිෂමෙන් ඉල්ලා සිටින ලදි. අදවන තෙක් පිළිතුරක් ලබාදී නැත.
”ස්වාධීන” ජාතික පොලිස් කොමිෂන් සභාව අධිකරණය තීන්දු කරන ලද පොලිස් අපරාධකරුවන් සම්බන්ධයෙන් පියවර නොගන්නේ, පොලිස් අපරාධකරුවන් හා මේ පොලිස් කොමිෂමේ ලේකම්, සභාපති, ඇතුලූ කොමසාරිස්වරු එක ගෙයි කන නිසා යැයි කිවහොත් වැරදිද? එය මහා සිවිල් සමාජයට ප‍්‍රශ්නයක් නොවන්නේ, එම ප‍්‍රශ්න මීටර් නොවන නිසාද? නැතිනම් ඔවුන් ගැන කථා කළාට මඩිය තර වන්නේ නැති නිසාද?
හරක් හොරකමකට ගුටිකන්න වුනු පුංචිහේවාට, මානව හිමිකම් කොමිෂම රු: 10,000/= ක වන්දියක් පිරිනමයි. Video attached
පුංචිහේවාගේ සුජිත් පෙරේරා, වෘත්තියෙන් මී ගවයින් බලා කියා ගන්නෙකි.
2014 දී රත‍්‍රියේදී මොහුගේ නිවසට පැමිණෙන එවකට මිරිහාන පොලිසියේ රාජකාරි කල මුබාරක් නැමැති නිලධාරියා ප‍්‍රමු කණ්ඩායම මොහුව අත්අඩංගුවට ගෙන බොරු කියා මිරිහාන පොලීසිය ට ගෙන යන ලබයි. එහිදී මොහුට දස වධ දෙනු ලබයි.
මොහුට වධ දෙන්නේ, හරක් හොරකම් කල අය කව් ද කියා හෙළි කරන ලෙසට ඉල්ලමින්ය.
එ් අතර, හරක් නැතිවූ බවට පැමිණිලිකර තිබෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ දෙකක් දෙන ලෙසටද පුංචිහේවාට කියයි.
මෙම සිද්ධිය එම කාලවකවානුවේ සිරස ප‍්‍රවෘත්ති ඔස්සේ කිහිප වරක්ම, හෙළිකරන ලදි. මානව හිමිකම් කොමිෂමට පුංචිහේවා ඇතුලූ පිරිස යන අවස්ථාවන්ද පෙන්වා සිටින ලදි.
මානව හිමිකම් කොමිෂමේ විමරශණ නිලධාරී, මුල් අවස්ථාවේ උත්සාහ ගත්තේ, පුංචිහේවා අධෛර්යට පත් කර, වධකයා බේරා ගැනීමටය. නමුත් එය ව්‍යාර්ථ විය.
වර්ථමාන කොමිෂන් සභාව 2014 දී වූ මේ සිද්ධිය පිළිබඳව අධ්‍යයනය කර, නිකුත් කර තිබෙන නිර්දේශයන්, පොලිස් වධහිංසා පැමිණවීම ආයතනික වූවක් බව තහවුරු කරයි. පොලිස්පති වගකිව යුතු බව කියයි.
මෙම තරුණයා සමාජයේ කොන්වූ ජන කොටසට අයත් වූවෙකි. කිසි දිනෙක පාසල් ගොස් නැත. හරක් බලා ගැනීම හා අසල්වැසියන්ට බැලමෙහෙවරකම් කර දිවි ගැටගහ ගනී. දැනට 26 වැනි වියේ පසුවෙති. තවමත් අවිවාහකය. විටින් විට පොලිසිය මොහුට අඩත්තෙට්ටම් කරයි.
ඔහු ලබා තිබෙන පන්නරය නිසා, එ් සෑම අවස්ථාවකම පොලීසිය අභියෝග කිරීමට පසුබට නොවෙති.
මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශයට අනුව, පොලිස්පතිට ගෙවන්න නියම කර තිබෙන රු: 10,000/= වන්දිය, ඔහු විඳි වධෙවිදනාවලට කිසිසේත්ම සාපේක්ෂ නැත. එහෙත්, එම මුදලට
සාපේක්ෂ වටිනා කමක් ඇත.
එම මුදල කල්නොයවා රටවැසියන්ගේ බදු මුදලින්, ගෙවීමට තරම් පොලිස්පති ශීලාචාර වනු ඇතැයිද යන්න බලා සිටිමු.
"ධම්මෝ රක්ඛති ධර්මචාරී" - හොඳ පැටිකිරියක් ඇති පොලිස් සුනඛයින්ට සීමා නොවනු ඇතැයි සිතමු.
Sunday, March 25, 2018
”” Porsche"" ට අත්‍යාවශ්‍ය පෙට්‍්‍රල් ගහන්න බරිවුන DIG. නැට්ට විකාගෙන. අපරාධය වලක්කපු ”ලාංකිකයාට” නඩු!! විඩියෝ බලන්න
පසුගිය නොවැම්බරයේ පෙට්්රල් හිඟය පැවැති වේලාවේ කලූතර දකුණ පොලිසිය කොස්සන් සමග ඇවිත් අති ''ෆොෂ්” වර්ගයේ සුඛොපභෝගි වාහනයකට ”අත්‍යාවශ්‍යය” සේවාවන්ට වෙන් කළ පෙට්‍්‍රල් ගස්සවා ගන්නට ගත් උත්සහයක් ව්‍යාර්ථ කළ ”ලාංකික පුරවැසියෙකු” ව, හපා කන්නට පටන් ගෙන ඇත. රටේ නීතිය මහා පරිමාණ ජාවාරම් කරුවන්ට බලනොපාන බව වංචනික පොලිස් ලොක්කන් දෙනෝ දහසක් මැද ඔප්පු කරන්නට ගත් උත්සහය මේ ”ලාංකිකයා” විසින් වලක්වන ලදි. මොහුගේ ක‍්‍රියාව අගය කළ යුතුය. නීතිය අවභිවිතා කරන්නට උත්සහා ගත් කොස්සන්ට විරුද්ධව විනය පියවර ගත යුතුය. නමුත් බොහෝ”සිංහලයින්”ගේ ජන්ම ගතිය වු ටික කලකින් ප‍්‍රශ්ණය, සිද්ධිය අමතක කර, මුහුණදුන් එකාව තනිකර දැමිම, හොඳින් තේරුම් ගත් නි.පො.ප.මාස හතරකට පසුව ”ලාංකිකයාව” අත්අඩංගුවට ගෙන උසාවිය දඩමිමා කරගෙන වධ දෙන්නට පියවර ගෙන ඇත.
”ලාංකිකයා” විසින් සිද්ධිය අදාලව මානව හමිකම් කොමිසමට හා පොලිස්පතිට කර අති පැමිණිල්ල හා සිද්ධිය අදාලව මොහුගේ හඬපටය, සිද්ධිය අදාල විඩියෝ පට, පහත දක්වන්නේ බුද්ධ පිළිම අටවාගෙන භාවනා කරමින් නටන නාඩගම, කරන හොරකම්, වංචා නතර කරන්නට ඔබටද යමක් කළ හැකි නේද යන පැනය මතු කරමින්ය.
යහපාලනය යනු විගඩමක් නොවේ. පුරවැසියන්ට අවශ්‍යය පාලන ක‍්‍රමයකි.
සභාපතිනිය, ශ්රි ලංකා මානව හිමිකම් කොමිසම් සභාව/ පොලිස්පති.
නීති විරෝධිව අත් අඩංගුවට ගෙන, රඳවා තබාගෙන, මානසික වධහිංසාවට හා අවමන් සහගත සැලකිලි වලට පාත්ර කර, අධිකරණයට ව්යාජ තොරතුරු වාර්තා කර මා පිඩාවට ලක්කිරිම මගින් මාගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරිම
තුෂාර, අවු:- 45යි, විවාහක, දරුවන් 02යි, ගෘහ නිර්මාණ ශිල්පි, ක`ථතර.
2018. 03. 23 දින දීය
2018.03.20වන දින සවස 6.00ට පමණ, 0718591691 දරණ දුරකථනයෙන් මට කලූතර දකුණ පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂක ඉලංගකෝන් දුරකථනයෙන් කථා කොට දැනුම් දුන්නා පසු දින (2018.03.21), උදේ 9.30න් පසුව, ප්රකාශයක් ගැනීම සඳහා කලූතර දකුණ පොලිසියට පැමිණෙන ලෙසට. ඒ අනුව මා නිතිඥ සම්පත් මහතා සමග පොලිසියට ගියා. මුලස්ථාන පොලිස් පරික්ෂක මට ප‍්‍රකාශ කලා සිරසෙන් විඩියෝපටි ගෙන්වා ගත්තා, පොලිසියට තර්ජනය කළා කියා උසාවි දානවා කිව්වා. අත්අඩංගුවට ගත් මාගෙන් ප්රකාශයක් ගත්තා. දහවල් 1.30ට පමණ මාව ක`ථතර මහේස්ත්රාත් අධිකරනයට ගෙන ගියා. උසාවියට ගෙන ගිය වහාම, උප පොලිස් පරික්ෂකවරයෙක් දුවගෙන ඇවිත්, මාව ගෙන ආපු පොලිස් සැරයන්ට කිව්වා ආපසු මාව පොලිසියට ගෙන යන්න කියා. මාව නැවත පොලිසියට ගෙන ආවා. ගෙන ආ විගස මාව කුඩුවට දැම්මා. ඒ අවස්ථාවේ මා දුටුවා DIG රන්මල් කොඩිතුවක්කු මුලස්ථාන පොලිස් පරික්ෂක කාර්යාලයේ, මුලස්ථාන පොලිස් පරික්ෂකගේ පුටුවේ වඩිවෙලා ඉන්නවා. විනාඩි 45ක් පමණ කුඩුවේ ඉන්න කොට, රන්මල් කොඩිතුවක්ක නැගිට කුඩුව ලඟට පැමිණියා. ඔහු අසල සිටි පොලිස් නිලධාරින් ගෙන් මා පෙන්වා මෙයා මොකද? කියා ඇසුවා. ඔවුන් පෙට්ටේ‍්‍රල් ෂෙඕ එකේ සිද්ධිය යයි කිව්වා. ”පොලිසියට පාට් දාලා මෙතනට එන්න වෙයි කියලා හිතුවේ නැ නේද?” කියා මගෙන් අසා, ”හිටහන් මම බලා ගන්නම්” යයි තර්ජනාත්මක ව කියා යන්න ගියා. ඔහු ගොස් ටික වේලාවකට පසුව යලිත් මාව උසාවියට ගෙන ගියා. එහි දි මාව උසාවිය තුල පිහිටි කූඩුවට දැම්මා. නඩුව කථා කලවිට මා වෙනුවෙන් ඉදිරිපත්වු නිතිඥයින්, දහවල් උසාවියට ගෙන ආ පසුව නැවත පොලිසියට ගෙන ගොස් රඳවා ගෙන සිටි බව හා මිට මාස 4ට පෙර සිදුවීමකට මෙම නඩුව පවරා ඇති බව ප‍්‍රකාශ කලා. මාව ශරිර ඇප මත මුදා හරිනු ලැබුවා. නඩුව 2018.08.31ට කල් දමනු ලැබුවා. නඩු අංකය ----- වේ.
මෙසේ 2018.03.21දින මා අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිට, නඩු පැවරරීමට පෙර, 2018.03.18 දින සිට මට නිර්ණාමික සැක සහිත දුරකථන පණිවුඩ ලැබුණා. එම දුරකථන පණිවුඩ ලැබුනේ 078 788378 හා 071 8247609 යන අංක දෙකෙනි.
මේ ආකාරයට මා අත්අඩංගුවට ගෙන බොරු නඩු දමා පිඩාවට පත්කරන්නේ නියොජ්යය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගේ අවශ්‍යතාවයට බව පැහැදිලිය. මෙයට හේතු වුයේ 2017 නොවැම්බර් මස ඇතිවු පෙට්‍්‍රල් හිඟයි. 2017.11.06 දින උදේ 8.30ට පමණ ක`ථතර නගරයේ ‘‘අයි ඕසි’’ සමුපාකාර ඉන්ධන පිරවුම් හලේ පෙට්‍්‍රල් ලබා ගැනිමේ පොලිමට මා එක්විය. එසේ පොලිමේ සිටින විට දවල් 11ට පමණ, එම ස්ථානයට පැමිණි ක`ථතර දකූණ පොලිස් ස්ථානයට සම්බන්ධ පොලිස් නිලධාරින් තිදෙනෙක් ”පෝලිමට” පිටින් පැමිණ සිටි අංක ඩබ්.පි. 2127 දරන ”ෆොෂ්” වර්ගයේ පුද්ගලික අති සුඛෝපභොගි වාහානයකට ”අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා” වෙන් කරන ලද පෙට්‍්‍රල් ලාබා දීමට උත්සහා ගන්නා ලදි. මා ඒ අවස්ථාවේ ශ‍්‍රි ලාංකික පුරවැසියෙක් වශයෙන් මෙම අසාධාරණයට විරුද්ධවිය. නීතියට ඉහළින් කිසිවකු නැති බව පෙන්වා දෙන ලදි.
මාගේ ඉදිරිපත් වීම නිසා පොලිසිය යොදවාගෙන අල්ලසට දුෂණයට යටවි ”අත්‍යාවශ්‍යය සේවාවන් සඳහා” වෙන් කරන ලද පෙට්‍්‍රල්, නියෝජ්ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගේ ඕනැකමට ව්‍යාපාරිකයින්ට නිකුත් කිරිම වැළකින.
මාස හතරක් ගිය පසු, සිද්ධිය පිළිබඳව ”සිර” පළකල පුවත හා අදාල විඩියෝව යොදාගෙන, මා නීති විරෝධිව අත් අඩංගුවට ගෙන, රඳවා තබාගෙන, මානසික වධහිංසාවට හා අවමන් සහගත සැලකිලි වලට භාජනය කර, අධිකරණයට ව්යාජ තොරතුරු වාර්තා කර මා පිඩාවට ලක්කිරිම මගින් මාගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කළ,
01. නියොජ්යය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට හා 02. ක`ථතර දකුණ පොලිසියේ මු.පො.ප. ඉලංගකෝන්ට
එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට හා මාහට ආරක්ෂාව සලසන ලෙසට ඉල්ලා සිටිමි.
මෙයට, තුෂාර
පිටපත:- ජාතික පොලිස් කොමිසම:-
නීති විරෝධි ක‍්‍රියාකළ පොලිස් නිලධාරින්ට
එරෙහිව යමක් කළ හැකිද යයි සලකා බැලිමට
Thursday, March 22, 2018
ගෑනිව කපපු මිනිහව බේරන්න පොහොට්ටුවෙක් පනී.
රාජකාරි කරන ගමන් බීමත්ව පැමිණ, පිහියෙන් ඇන බිරිඳව මරා දමන්නට තැත් කළ සැමියාව, වාද්දුව පොලීසිය අත්අඩංගුවට ගත්තේ පොලිස්පතිට හා මානව හිමිකම් කොමිසමට දැනුම් දිමෙන් පසුවය. පෙලාලීසිය නීතිය ක‍්‍රියාත්මක නොකළේ එයට පොහොට්ටුවේ අවසරය නොලැබුන නිසාය.
මේ බව අනාවරණය වන්නේ, 45 හැවිරිදි තිදරු මවක් විසින් පොලිස්පතිට හා මානව හිමිකම් කොමිෂන් සභාවට කර තිබෙන පැමිණිල්ලෙනි.
එම පැමිණිල්ලට අනුව අපරාධ සැකකරු වාද්දුව ප‍්‍රදදේශයේ රජයේ පාසලක මුරකරුය. මොහු රාජකාරියට වාර්ගා කර, බිමතින් නිවසට පැමිණ මෙම අපරාධය සිදුකර තිබේ.
වාද්දුව පොලීසිය නිසි පරිදි පැමණිල්ල පවා ලියා නොගත් බවත් පොහොට්ටුවෙන් ප‍්‍රාදේශීය සභාවට තේරී පත්ව සිටින ඉලංගගේ නැමති ප‍්‍රාදේශීය සභා නියෝජිතයාගේ බලපෑම්වලට යටව, වාද්දුව පොලීසිය අපරාධකරුවන්ව ආරක්ෂා කරන බවද, ඇය සිය පැමිණිල්ලෙන් වැඩි දරටත් කියා තිබේ.
ජනාධිපති මලයාව අත්අඩංගුවට ගන්න ජනාධිපති වරම ගන්න ඕනැය. ඇමති ඥති පුතා අත්අඩංගුවට ගන්න ඇමති අවසරය ගන්න ඕනෑය. දැන් පෝස්ටර් ගහන එකෙක් අල්ලන්න ඕ.අයි.සී. ට ප‍්‍රාදේශීය සභානියෝජිතවරයාගේ අවසරය ගන්න ඕනෑය. මේ උදාහරණයකි.
පොලිස්පතිවරයා කුජීතව ඇති, නීතිය හා සාමය බාර ඇමතිවරු විගඩම් බවට පත්ව තිබෙන රටක, යුක්තිය ඉටු කරගන්න සටන් වදින මිනිසුන්ට, අත්වැලක් වෙන්න. එම තත්ත්වයට ඔබ පත්වන්නට පෙර.
Friday, March 16, 2018
පූජිතටත් බය නැති ‘‘ OIC’’ මාවතගේ, තුවායක් ඇඳගෙන ‘‘හච්චින්’’ ඇට දෙක මිරිකලා, කුරුල්ලට කොච්චි දම්මවයි.
අගලවත්ත පොලීසියේ ස්ථානාධිපති තමා අම්බලන්ගොඩ ”මාවතගේ” බවට හඳුන්වා දෙමින්, පොලිස්පතිට, පොලිස් අධිකාරීට, මානව හිමිකම් කොමිෂමට බය නැකි බව ප‍්‍රකාශ කර ඇත්තේ අත්අඩංගුවේ සිටින තම මුණුබුරා වන චින්තකට බෙහෙත් අරන් දෙන්න ඉඩ දෙන්න යැයි කරන ලද ඉල්ලීමකට පිළිතුරු වශයෙනි.
තමා එම පුද්ගලයාට ගැහැව්ව බවත්, මරා දමන බවටත් බොරු නඩු දමන බවටත් පම්පෝරි ගසමින්ය.
අගලවත්ත, මහගම පදිංචි, 74 හැවිරිදි සෝමවතී මහත්මිය, මානව හිමිකම් කොමිෂමට කර තිබෙන පැමිණිල්ලේ සඳහන් වන ආකාරයට, තම මුණුබුරා නිදාගෙන සිටියදී, 2018 මාර්තු 05 අලූයම ගෙට ඇතු`ඵව අගලවත්ත පොලීසියේ පොලිස්කාරයින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉන්පසු අත් කකුල් හා කට බැඳ, පාලූ ගෙදරකට රැුගෙන ගොස් පහර දී ඇත. එසේ පහර දී ඇත්තේ වෘෂණ කෝෂ ඇද, පුරුෂ ලිඟුවට හා ඇස්වලට කොච්චි මිරිස් කොටා දමමිනි.
පසුදින, ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පොලිස් කූඩුවේ සිටම, තමාට පහරදුන් ආකාරය ප‍්‍රකාශ කර තිබේ. මැය, ස්ථානාධිපති ළඟට ගොස් මුණුබුරාට අසාධ්‍ය බවත් බෙහෙත් අරන් දීමට ඉඩ ලබාදෙන ලෙසත් ඉල්ලා ඇත.
එ් අවස්ථාවේ ස්ථානාධිපතිවරයා ඇයට ප‍්‍රකාශ කර ඇත්තේ තමා, අම්බලන්ගොඩ මාවතගේ බවත්, තමා පොලිස්පතිවරයා ඇතුලූ කිසිවෙකුටත් බිය නැති බවත්ය.
පොලිස් කූඩුවේ සිටින මුණුපුරා මරා දමන බවත්, බොරු නඩු දාන බවත් ප‍්‍රකාශ කර ඇත.
මෙසේ වධහිංසාවට පත්ව රක්ෂිත බන්ධනාගාර ව සිටි චින්තක 11. 03. 2018 දාතමින් මානව හිමිකම් කොමිසමට හා පොලිස්පතිට කර තිබෙන පැමිණිල්ලේ උධෘතයන් පහත් දක්වන්නේ බුද්ධ පිළිමයට මුවාවි සිල් අරගන්න භාවනා කරන පොලිසිය හා බන්ධනාගාර පවතින තත්නය පිළිබඳ නිගමනයන්ට එ්ම සඳහාය.
අවු:- 28යි, විවාහක, කුලි වැඩ හා රියදුරෙක් වශයෙන් දිවි ගෙවන චින්තක, ‘‘නිති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන වධ දි බොරු නඩු දැමිම’’ යන හිසින් යුතුව මෙම පැමිණිල්ල කර තිබේ.
‘‘ 2018.03.05 දින අලූයම 3.45ට මා නිවසේ සිටියදි පොලිසියෙන් කියාකථා කළා. මා ෙදාර ඇරියා. අගලවත්ත පොලිසියේ ස්ථානාධිපති මාවතගේ, උ.පො.ප. මධුරංග, නන්දන, රත්නායක යන නිලධාරින් ඇතුලූ හත් දෙනෙක් හිටියා. සියුලූ දෙනා හිටියේ සිවිල් ඇඳුමින්. පැමිණියේ යතුරු පැදි හතරකින්. ස්ථානාධිපති මාවතගේ, ජානක යන අයගේ ගෙදර පෙන්වන්න යයි කියා මට පවසා, එක පාරටම උ.පො.ප මධුරංග මා අඳිමින් සිටි කමිසය ඇද බෙල්ලේ ඔතා අත් පිටුපස කර මාංචු දැම්මා. ඉන්පසු නිවස අසල හතර මං හන්දිය දක්වා ඇදගෙන ආවා. එහි යතුරු පැදි නවතා තිබුනා. උ.පො.ප මධුරංග මා ඔවුහු පැමිණි යතුරු පැදිය අසලදි බෙල්ලෙන් අල්ලා නවා වැලමිටෙන් මාගේ පිටට ඇන්නා. ඉන්පසු ඔහු පැමැණි යතුරු පැදියේ මැද තබා ගත්තා....... මාගේ ඔලූව අල්ලා ඉස්සර යතුර පැදිය පැදවු අයගේ හෙල්මට් එකේ මාගේ නලල හැප්පුවා.......බොගහවත්ත කියන තැනට ගෙන ආවා. එතැනදි ........ නන්දන කියන නිලධාරියා කොච්චි තඩාගෙන අවා. මාව හා කුමාරව බදුරලිය අගලවත්ත පාරේ පොලිසිය පාවිච්චි කරන නිවසකට ගෙන ගියා. මාව එහිදි නිරුවත් කළා. මාගේ බෙල්ලේ ඔතා තිබු ෂර්ට් එක ගලවා එකෙන් කට බැන්දා. ස්ථානාධිපති මාවතගේ කිව්වා මුගේ කොච්චි ගාන්න කියා. නන්දන අතේ ෂොපින් බෑග් එකක් දාගෙන කොටපු කොච්චි අරන් මාගේ පුරුෂ ලි`ගුව් ගෑවා. ඊට පස්සේ ඇස් වල ගාමින් ඇෙඟ් හැම කැනම ගෑවා. ස්ථානාධිපති කුමාරට කිව්වා බලා ගන්න කියා. එසේ ඇඟ පුරාම කොච්චි ගාලා වතුර විසිරි තිබු අසල කුඩා කාමරයකට ගෙන ගිහිල්ලා බිම පෙරළා හත් දෙනාම වටකරගෙන අතින් පයින් පහර දුන්නා. පැය දෙකට ආසන්න ප‍්‍රමාණයක් එසේ වධදිටමෙන් පසුව එළියේ ටැප් එක ලඟට ගෙන හින් එක් අතක මාංච ගලවා නාගන්න යයි කිව්වා. ඉන්පසු එ් කාමරයේ මට බිම මාංචු පිටින් නිරුවතින්ම නිදාගෙන ඉන්න සැලැස්සුවා.
උදේ 7ට විතර ඇඳ ගන්න දි අගලවත්ත පොලිසියට ගෙන ගොස් කූඩුවට දැම්මා. උදේ 11ට පමණ අම්මා හා මල්ලි මාව බලන්න ආවා. ඔවුන්ට මට ගහපු බව කිව්වා. එදා දවසේම පොලිසියේ තියා ගත්තා.
පසුදින -2018.03.06 - දවල් මාව පිඹුර රජයේ රොහලට ගෙන ගියා. රොහලේදි මාව වෛද්‍ය වරයෙක් ලඟට ගෙන ගියා. මාව ගෙන ගිය පොලිස් සැරයන් කවිරත්න හා රොහල් පොලිසියේ නිලධාරියා වෛද්‍යවරයා වෙත ගොස් මොනවාද කථාකර පැමිණ, මාව ඔහු වෙත ගෙන ගියා. මට පොලිසිය ගැහැව්ව බව කිව්වා, ගහපු තැන් පෙන්නුවා, කොච්චි මිරිස් දාපු බව කිව්වා, නමුත් ගණන් ගත්තේ නැ. පොලිසිය දිපු කොළය පුරුවා මාව ගෙන යන්න පොලිසියට දුන්නා.
නැවත මාව අගලවත්ත පොලිසියට ගෙනවිත් එතැනින් මතුගම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා. මාව මහේසත‍්‍රාත් නිල කාමරයට ගෙන ගියා. මා වෙනු වෙන් ඉදිරිපත්වු නිතිඥ මහත්මිය මට පහර දි ඇති බව ප‍්‍රකාශ කළා. මාව අධිකරණ වෛද්‍ය වරයාට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාරයට නියම කළා. බන්ධනාගාරයේදි මට ප‍්‍රතිකාර ලබා දුනානේ නෑ. අධිකරණ වෛද්‍ය වරයාට ඉදිරි පත්කළෙත් නෑ.
2018.03.08 දින නැවත මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ විට මා වෙනුවෙන් පෙනිසිටි නිතිඥ මහතා මට පහරදිම ගැන විස්තර අධිකරණයට කියා සිටියා. මාව රු.10,000/- ක මුදල් ඇපයක් හා රු. 1000,000/- ශරිරි ඇප මත මුදා හැරියා.......’’
ඔහු ඉල්ලා සිටින්නේ, නිති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන වධ දි බොරු නඩු දැමු අගලවත් පොලසියේ 1. ස්ථානාධිපති මාවතගේ 2. උ.පො.ප මධුරංග 3. නන්දන 4. රත්නායක ඇතුලූ හත්දෙනාට එරෙහිව නිතිමය පියවර ගන්නා ලෙසටය.
Friday, March 9, 2018
ගහන්න පු`ථවන්ලූ! ඔනි එකෙකුට!! මෘෘග කියමනක්!!!
පානදුර දකුණ පොලිසියේ ‘ ඕඅයිසි’ 17 හැවරිදි සිසුවකුට බේස් බොල් පිත්තකින් පහර දෙයි. තුවාල ලැබු එම සිසුවා රොහල් ගතවිමෙන් පසුව, එම සිසුවා ගේ දෙමාපියන්ව පොලිසියට ගෙන්වා, ගැහැව්වේ තමා බවත් ඔනෑම තැනකට යනන් යයි ද තමා බය නැතැයිද පවසා තිබේ. ඉන්පසු නිවසට පොලිසිකාරයෙකු යවා නඩු දානවාද කියා අසා, පොලිසියට ඔනි දෙයක් කරන්න පු`ථවන් යයි පවසා ගොස් තිබේ.
පසුගිය 08 වෙනි දා පානදුර රාජකීය විද්‍යාලයේ පවැති වාර්ෂික පාගමට එක්වීමට විකට ඇඳුමින් සැරසි තම මිතුරන් සමග ‘පාගමට’ එක්වීමට සැරසෙද්දි මෙම මෘෘග ප‍්‍රහාරයට සිසුවා ගොදුරුව ඇත.
පහර කෑමට ලක්වු සිසුවා මිතුරන් සමග
Friday, March 2, 2018
පොලිස් හොරු හා එක්වූ මව්බිම සොරුන්
2013 අපේ‍්‍රල් මස සිදුවීමකි. සම්පත් 31 හැවිරිදි තරුණයෙකි. පැවිදි බවින් මිදී ස්වයං රැුකියාවක් කරමින් මව්බිමට සේවයක් කිරීමේ අදිටනින් ජීවිතය ආරම්භ කළා පමණි.
මීගලෑව පොලීසිය පේන තෙක් මානයේ පිහිටි රට බීම හලක්, ප‍්‍රකට වෙළඳසැලක සිදු වූ සොරකමකට මොහුව අත්අඩංගුවට ගන්නා ලදි. පොලීසියේ ලොකු කුඩා එවුන්ගේ අනුග‍්‍රහයෙන් සිදුවන සියලූ අපරාධවලට ආදේශකයන් ඉදිරිපත් කරන්නේ මාධ්‍යය අනුග‍්‍රහය ද ඇතිවය. මේ සිදුවීම් දෙකෙදි පොලීසිය එ් ආකාරයටම ක‍්‍රියා කළේය.
මෙම සොරකම් දෙකට සම්පත්ව ආදේශ කිරීමට ඉතා හොඳ හේතුවක් තිබිණ. එ් 2011 දී සංගීත සන්දර්ශනයකදී සිවිල් පිට සිටි පොලිස්කාරයන් තරුණයෙකුට පහරදෙන විට එය වැළැක්වීමට ඉදිරිපත් වීමේ වරදය. එ් අවස්ථාවේ පොලිස්කාරයෝ සම්පත්ට අමානුෂික ලෙස පහර දෙන ලදි. ඔහු එ් පිළිබඳව මානව හිමිකම් කොමිෂම ඉදිරියට ගියේය. කොමිෂමේ විමර්ශන නිලධාරියා රුපියල් හතලිස් දාහක වන්දියක් නිලනොවන ආකාරයට පොලිස්කාරයින්ගෙන අරගෙන දී, පැමිණිල්ල සමථ කළේය.
එ් වාඩුව පිරිමැසීමට පොලීසියට මෙම සොරකම් හොඳ අවස්ථාවක් විය. සම්පත් අත්අඩංගුවට ගත් පොලීසිය එම සොරකම් දෙකම ඔහුට ආදේශ කළේය. සම්පත් රිමින්ඞ් බාරයට පත්විය. වසර හතරක් නඩු කීවේය.
උසාවිය ඉදිරියේදී රට බීම හලේ සොරකමට අදාලව නඩු භාණ්ඩ වශයෙන් උසාවියට ඉදිරිපත් කළ අරක්කු බෝතල් පිලිබඳව සාක්ෂි දීමට අරක්කු නිෂ්පාදන සමාගමේ අදාල නිලධාරියා ඉදිරිපත් විය.
ඔහු කියා සිටියේ එම අරක්කු බෝතල් සොරකම සිදුවු දිනයට පසුව නිෂ්පාදනය කරන ලද එවා බවය. තවද ඔහු තහවුරු කළේ අරක්කු බොතල් වල කල් ඉකුත්වන දිනයක් සඳහන් නොවන බවයි.
උසාවිය මෙම නඩු දෙකෙන් සම්පත් නිෙදාස් කොට නිදහස් කරනු ලබිය. එ් සඳහා නිතිඥ ගාස්තු වශයේන් පමණක් වියදම් කරන්නට වු මුදල රුපියල් ලක්ෂයකට වඩා වැඩිය. දින 14 ක් බන්ධනාගාරයේ ලඟින්නට සිදුවිය.
මේ සිද්ධිය ඉරිදා මව්බිම පලවු පුවත කොරේ අවධානය යොමු කළ යුතු බව සමපත් කියා සිටින්නේ, පොලිස් ¥ෂණ වංචාවලට අනෙකුත් සියුලම පාර්ශවයන් මෙන්ම ඊනියා ”නිදහස් මාධ්‍යයද” සම්බන්ධ බවයි.
ඔහු මේ පුවත පිළිබඳ අවම වශයෙන් නිවැරදි කිරීමක් කරගන්නට හා ලියපු ඊනියා වර්ථා කාරයා කව්ද යන්න දැනගන්න කොළඹ රොස්මිඞ් පෙදෙසේ මව්බිම කාර්යාලයට ගිය විට එහි සිටි නිලධාරියෙක් යයි කියා ගන්නා එකෙක් සම්පත්ට කියා ඇත්තේ ”මව්බිම” ඇමතියෙකු කිව්වත් පල කළ පුවත වෙනස් නොකරන බව හා ලියපු එකාව හෙළි නොකරන බවයි. මව්බිමද සොරුන්ට අයත් එකක් බව ඔහුට දැනගන්නට ලැබිණි.
සම්පත් දුප්පතෙකි. කරගෙන ගිය රැුකියාව අහිමි විය. දිගින් දිගටම පොලීසියේ පීඩාවන්ට ලක්විය. ඔහු එ් ගැන මානව හිමිකම් කොමිෂමට හා ඵලක් නොවන බව දැන දැනත් නිහඬව නොසිටිය යුතු බවට නිගමනය කර මව්බිම කතෘට ලිපියක් ලිපියක් යැවීමට පියවර ගත්තේය. අප ඉදිරියේදී එම ලිපිය පල කිරීමට පියවර ගන්නෙමු.
Subscribe to:
Posts (Atom)
-
ගැහැව්ව බව ෙදාසතරට කිව්වොත් මරණවා!! රෝහලෙදි පිස්තෝලය පෙන්වලා තර්ජනය කළා. 18 හැවරිදි තරුණයෙකු තමාව පාණදුර දකුණ පොලිසියේ දුෂණ මර්ධ අංශය මග...
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...













