Sunday, January 19, 2020

ජනාධිපති නියෝග වැලිපැන්න පොලීසියට බලපාන්නේ නෑද්ද? එසේ නැතිනම් ගනන්ගනේ නැද්ද?



 සියලුම අත්අඩංගුවට ගැනීම් නීතියට අනුකූලව සිදු විය යුතු බවට ජනාධිපති ගෝඨාභය විසින් වැඩබලන පොලිස්පතිවරයාට ලබාදුන් නියෝගය, ඔහු මේවන විටවත් සියළුම පොලිස් ස්ථානවලට ලබාදී තිබේද? යන්න සැකසහිතය. ජනාධිපතිවරයා මොන නියෝග දුන්නා අපි වැඩ කරන්නේ අපිට පුරුදු විදියට අපිට ඕන විදිහට යන පොලිස් ප්‍රතිපත්තිය වෙනස් වී නැති බවට කදිම උදාහරණයකි මෙය.

31 හැවිරිදි සංජීව දෙදරු පියෙකි.  ඔවුහු "ඩිමෝ බට්ටා" වෑන් රථයක් උපයෝගි කරගෙන වැලිපැන්න ප්‍රදේශයේ මාළු වෙලදාම් කරයි. 17 වැනිදා වැලිපැන්න පොලීසිය ඔහුව අත්අඩංගුවට ගන්නේ සම්පූර්ණයෙන්ම නීතියට පටහැනිවය.  ඉන්පසු පොලිස් ස්ථානයට ගෙනයන ඔහුව සම්පූර්ණයෙන්ම නීතියට පටහැනිව එම පොලිස් ස්ථානයේ ඉහළ මාලයේ පවතින බැරැක්කය වෙත ගෙනගොස් බිම වාඩි කරවා අත් පිටුපසට කොට මාංචු දමන්නේ එහි තිබූ ඇඳට තබා ය. පයින් ගසමින් කුණුහරප කියමින් ඔහුට බැණ වදිමින් පැය පහකට ආසන්න කාලයක් රඳවාගෙන සිට, ඔහුගේ ඥාතින්ගේ බලපෑම හමුවේ එයින් මුදවා කූඩුවට දමා බොරු නඩු දෙකක් ගොනුකර අධිකරණය පාවිච්චකර රිමාන්ඩ් භාරයට පත් කරවීමට ගත් උත්සාහය වළක්වා ගැනීමට හැකි වී තිබේ. මෙම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් සංජීව මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට හා නීතිපතිට කරන ලද පැමිණිල්ල පහත දක්වමු.  මෙම පැමිණිල්ල පිළිබඳව ජනාධිපති ලේකම්වරයාගේ අවදානය යොමු විය යුතුය.  මන්ද ජනාධිපති උපදෙස් අනුව  වැඩබලන පොලිස්පතිවරයාට නීතියානුකූලව අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝග කළේ ඔහු වීම නිසාය.  නියෝග නිකුත් කරා පමණක් නොව නියෝග ක්‍රියාත්මක වෙනවාද යන්න බලා නිසි පියවර ගැනීම ජනාධිපති ලේකම්වරයාගේ වගකීම්කි.  නැතිනම් පෙර දවස් වල මෙන් "නියෝග" පුවත්පත් නිවේදන වලට පමණක් සීමා වනු ඇත.  රැවටෙන්නේ ජනතාව නොව නියෝග නිකුත්කර ඔබ සැම ය. 

ලි.ප.තැ

සභාපති
මානව හිමිකම් කොමිසම් සභාව
14. ආර් ඒ ඩි ද මැල් මාවත
කොළඹ 04.

පොලිස්පති
පොලිස් මුලස්ථානය
කොළඹ

නීතිපති
නීතිපති දෙපාර්තුමේනතුව
උපරිමාධිකරන සංකිර්ණය
කොළඹ


නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන රවා තබාගෙන
 වධ දි බොරුනඩු දැමිම.

සංජීව,  අවුරුදු 31යි.
ජාතික හැඳුනුම්පත් අංකය --------
විවාහක දරුවන් 02යි. රැකියාව රියදුරු හා කුඩා ව්‍යාපාරික
ලිපිනය:- -----, වැලිපැන්න
දුරකථන අංකය:-  076 -----

 2020 ජනවාරි 19 දිනදීය

 2020 ජනවාරි 17 වන දින උදේ 7 ට පමණ මා මාගේ ඩිමෝ බට්ටා වාහනය  අතරමග කැඩීම නිසා අලුත්වැඩියා කර ගැනීමට අලුත්ගම, මතුගම පාරේ, ගබඩා හංදියේ, ගරාජයට ගෙන ගොස් නවත්වාගෙන හිටියා. එවිට වැලිපැන්න පොලිසියේ ජීප් රථයෙන් තුන් දෙනෙක් ආවා. රියැදුරු වශයෙන් හිටියේ පොලිස් පරීක්ෂක විතාන. ඔහු මට කතා කර කිව්වා ඕ.අයි.සී ට කතා කරන්න ඕනෑ කියා- කියනවා කියා. මාව අත්අඩංගුවට ගෙන වැලිපැන්න පොලිසියට ගෙන ගියා. ඔහු මාව ජීප් රථයට නංවනවා සමග මගේ ජංගම දුරකථනය උදුරාගත්තා. උඹ බලන්න කාටවත් දෙන්නේ නෑ යයි කියා තර්ජනය කලා. වැලිපැන්න පොලිසයට ගෙනගිය පසුව, එහි උඩ තට්ටුවට ගෙන ගියා. එහි තිබූ යකඩ ඇ‍‍ඳ අසල මාව බිම වාඩිකර අත් පිටුපස කර ඇඳට තබා මාංචු දැම්මා. ටික වේලාවකින් සිවිල් පිට පැමිණි ස්ථානාධිපති ගමගේ මගෙන් ඇහුවා උඹේ සුදු පාට තොප්පිය කො කියා. මම දාන්නේ කලුපාට තොපියක් බව කිව්වා. එවිට ඔහු මගේ පසුම්බිය ඇද අරගෙන එහි තිබූ රුපියල් 14,000.00 ගැන ප්‍රශ්න කළා. මම ඔහුට කිව්වා මා දැන් කරන්නේ මාලු බිස්නස් එක. මේ මාළු ගන්න තියෙන සල්ලි කියලා. ඒ සමගම වගේ තවත් නිලධාරීන් දෙදෙනෙක් එතැනට ආවා. ඒ දෙදෙනා  මගෙන් මට කරන්නෙ මොකද යන්නේ එන්නේ කොහෙද වශයෙන් ප්‍රශ්න ඇහුවා. ඊට පසු මල්වතුකන්ද පැත්තට ගියාද කියා ඇහුවා. මම කිව්වා අවුරුදු ගණනාවකින් ඒ පැත්තට ගිහිල්ල නෑ කියලා. දවල් 12ට විතර කළු උස නිලධාරියෙක් සිවිල් පිට මා අසලට පැමිණ කුණුහරප කියමින් බැණ වැදී මට පයින් පහරක් දී රෑට අඹරනවා කියා තර්ජනය කළා. ඔහු මට දැක්කොත් හඳුනාගන්න පුළුවන්. දවල් දෙකට පමණ මාව මාංචු ගලවා පහල තට්ටුවේ ස්ථානාධිපති ළඟට ගෙන ගියා. ඔහුගේ නම ගමගේ. ඔහු එවිට සිටියේ නිල ඇඳුමෙන්. එතන මගේ අක්කලා වන උපේක්ෂා, ප්‍රියන්ති, තේජා හා අම්මා කමලාවතී හිටියා. අක්කලා ස්ථානාධිපතිගේ මාව අත්අඩංගුවට ගත් බවට ලදු පතක් දෙන්නැයි කියා ඉල්ලුවා. දුන්නේ නෑ. ඔවුන් කියා සිටියා ආපසු උඩු මහලට ගෙනියන්න එපා කියා. උඩුමහලට ගෙනියන්නේ ගහන්න බවටද ඔවුන් කියා සිටියා. ස්ථානාධිපති කිව්වා ගහන්න තියන්නේ නෑ කියා. මම කිව්වා මට උඩදි ගැහුව කියා. එවිට ඔහු කිව්වා ඒ ගැන මම බලාගන්නම් කියා. ඉන්පසු මාව කූඩුවට දැම්මා. සවස පහට පමණ දමිත් නැමැති නිලධාරියා පැමිණියා. දැක්කොත් අඳුරන්න පුළුවන්. ඔහු මගෙන් ඇහුවා මල්වතු කන්ද ගෙයක් කඩලා තියෙනවා, උඹ නොවුනත් උඹ තමයි ඒකට දාන්නෙ කියලා. රාත්‍රි 7.00 ට පමණ දමිත් නිලධාරියා තවත් නිලධාරී තුන්දෙනෙක් එක්ක මට මාංචු දමලා ඉත්තෑපාන රජයේ රෝහලට ගෙන ගියා. ගෙනියන අතර දමිත් නිලධාරියා කිව්වා උඹ අඩුගානේ දවස් 8 කට වත් රිමාණ්ඩ් කරවනා කියා. රෝහලේදී මාව පරීක්ෂා කර වාර්තාවක් ලබා දුන්නා. පසුදා උදේ - 2020 ජනවාරි 18 කූඩුවෙන් අරන් මගින් ප්‍රකාශයක් ගත්තා. ඇඟිලි සලකුණු ගත්තා. මට කියවන්න දුන්නේ නෑ තේරුම්කර දුන්නෙත් නෑ. නැවත කූඩුවට දැම්මා දවල් 2.30 ට පමණ මාව මතුගම උසාවි ට ගෙන ගියා. උසාවියට යන අතර උසාවියට ඉදිරිපත් කරන සාජන් වරයා කිව්වා උඹට නඩු දෙකක් දාලා තියෙනවා, මීගම කඩයක් කඩලා රුපියල් 10,000.00ක් සොරකම් කරා කියලා හා මල්වතුකන්දේ ගෙයක් කඩා බඩු සොරකම් කළා කියලා. ඔහු කිව්වා කරන්න දෙයක් නෑ උඹ අහිංසක බව මම දන්නවා, ගිහිල්ලා අරුන්ට විරුද්ධව පොල් ගහපං කියලා. උසාවියේදී මට ශරීර ඇප දෙකක් මත මුදාහැරියා. හැම මාසෙකම අවසාන සෙනසුරාදා මතුගම පොලිසියේ අත්සන් කරන ලෙසටත් නියම කළා. ඊළඟ නඩු දිනය 2020 ජනවාරි 28. මීට පෙරද වැලිපැන්න පොලිසිය මට විරුද්ධව සොරකම් සම්බන්ධයෙන් බොරු නඩුවක් දැම්මා. ඒ නඩුව මට දැම්මේ සොරකම් කරපු පුද්ගලයා පොලිසියේ නිලධාරියෙක්ගේ ඥාතියෙක් හින්දා. ඒ නඩුවෙන් නිදොස් කොට නිදහස් කරා. ඒ ගැන මම පැමිණිල්ලක් පොලිස්පතිට දැම්මා. ඒකට පිළිතුරු වශයෙන් මතුගම සහකාර පොලිස් අධිකාරිවරයා මට දැනුම්දුන්නා පොලිසිය කිසිම අගතියක් මට සිදු කර නැති බව. මේ ආකාරයට කිසිදු සොරකමක් නොකරන ලද මට විරුද්ධව බොරු පැමිණිලි දමා පීඩාවට පත් කරන්න පොලිසිය කටයුතු කරන්නේ ඇත්ත අපරාධකාරයා ව බේරන්න බව මා අවධාරණය ප්‍රකාශ කර සිටිනවා. පොලිසිය ජනාධිපති වරයා විසින් කර තිබෙන නියෝග පවා ඉෂ්ඨ කරන්නේ නෑ. අත්අඩංගුවට ගත්තහම දිය යුතු ලදු පත වත් මට වැලිපැන්න පොලිසිය ස්ථානාධිපතිවරයා ඉල්ලා සිටිය ද නිකුත් කළේ නෑ. ඉල්ලා සිටින්නේ උසාවියේ නඩුවක් තියෙනවා කියා මේ පිළිබඳ පරීක්ෂණ නොකර නොසිට නීති විරෝධී ක්‍රියා කර, මාගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණට කළ පොලිස් නිලධාරීන් ආරක්ෂා කරන්නේ නැතුව යුක්තිය ඉටු කරන ලෙසය.

මෙයට,

------------ සංජීව



Friday, January 17, 2020

අත්අඩංගුවට ගැනීමේදී සුපරික්ෂාකාරීව හා දැඩිව නීතියට අනුකූලව ක්රිායා කරන්න. - January 14, 2020



anuary 14, 2020
අත්අඩංගුවට ගැනීම දඬුවමෙන් කොටසක් නොවන අතර, අත්අඩංගුවට පත්වීම පුද්ගල කීර්ති නාමයට හා සමාජ තත්ත්වයට දැඩි බලපෑමක් එල්ල කරන හෙයින් ඒ සම්බන්ධව කටයුතු කිරීමේදී ඉතා සුපරික්ෂාකාරීව හා දැඩිව නීතියට අනුකූලව ක්‍රියාකරන ලෙසට පොලිස්පතිවරයා දැනුවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙත උපදෙස් ලබා දී ඇත.
කිසියම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම සිදුවිය යුත්තේ අදාළ වගකීම ඉටු කරන නිලධාරීන්ගේ වෘත්තීය තීන්දුව මත බවත්, එම රාජකාරිය ස්වාධීනව හා කිසිදු බිය ගැන්වීමකින් හෝ අනුග්‍රහයකින් තොරව සිදු වන බවට සහතික කරගන්නා ලෙසටත් ජනාධිපතිතුමා විසින් දැනුම් දී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැනි මහජන නියෝජිතයන් සහ වෛද්‍යවරු වැනි වෘත්තිකයන් සම්බන්ධයෙන් ඉහතකී රාජකාරිය ඉටුකිරීමේදී පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට පත්වන පුද්ගලයාට නිසි‍‍‍ ගෞරවය ලබාදියයුතුය.
එමෙන්ම මෙම උපදෙස් සියලු ශ්‍රීලාංකීය පුරවැසියන් සම්බන්ධයෙන් කිසිදු වෙනසකින් තොරවඅදාළ වන බවත්, කිසිදු තත්ත්වයක්‍  යටතේ හෝ බාහිර අරමුණු වෙනුවෙන් ක්‍රියාවට නැංවීම නොකළ යුතුබවත්, කිසිදු අනවශ්‍ය බලපෑමකට යටත් නොවන ලෙසටත් දැනුම් දී ඇත.
දූර දර්ශීව නිසි ලෙස රාජකාරී ඉටුකරන ලෙසට හා අවශ්‍ය අවස්ථාවන් හි දී නීතිපති උපදෙස් පරිදි ක්‍රියා කරන ලෙසටද ජනාධිපති ලේකම්තුමා විසින් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දී ඇත.



Tuesday, January 14, 2020

හඬ පට වලින් ගැලවෙන්නේ කාගේ සඵ පටද? රංජන් ගොඩ - සරත් විජේසූරියත් ගොඩ !! දුමින්ද? ගොඩ යා යුතුයි ........ !!!



රංජන් රාමානායක ගේ හඬ පට, පොලීසියට යන්නට පෙර, විවිධ පාර්ශවයන් වෙත ගොස් තිබින. එම හඬ පටවලින් කියවෙන දේ ගැන විවිධ දේ ප‍්‍රකාශ කරති.

එ් සෑම ප‍්‍රකාශයකින්ම ප‍්‍රකාශ කරන්නේ තම තමන්ගේ ස්වරූපය හෙළි කර ගැනීමය.

රංජන් රාමානායකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ, අධිකරණයට අපහාස කිරීමේ නඩුව ඇසෙමින් පවතී. මහාචාර්ය සරත් විජේසූරිය ට එරෙහිවද අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් පවතී.

මෙ වන විට මහාධිකරණයේ විනිසුරුවරියක් හා මහේස්ත‍්‍රාත්වරුන් දෙදෙනෙක් රංජන් සමග පවත්වන සංවාද ජනතාවට අසන්නට සලස්වා ඇත. එ් සංවාද කිසිවක්, විනිසුරුවරිය විසින් හෝ විනිසුරුවරයා විසින් මේ දක්වාම ප‍්‍රතික්ෂේප කර නැත.

ඉදිරියේදී කුමක් වේදැයි නිශ්චිත නැත. එහෙත් දැනට එම ”සංවාද” පිළිගැනීමට ලක්ව හමාරය.

රංජන් රාමානායක හා සරත් විජේසූරියට නගා ඇති චෝදනා ”අධිකරණයට අපහාස කිරීම” දැන් එ් අනුව යුකති සහගත වී හමාරය.

ඔවුන් ජනතා අධිකරණයන් නිෙදාස් කොට නිදහස් ව ඇත? එ් නඩු දැන් අසා පලක් නැත. නඩු දාපු අයම අධිකරණය ඉදිරියට ගොස් එ්වා ඉල්ලා අස්කර ගත යුතුය.

එපමණක්ද නොවේ දුමින්ද සිල්වාව ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෙදාස් කොට නිදහස් කළ යුතුව ඇත. දුමින්ද සිල්වා කවරෙකු වුවත්, විනුසරුවරියගේ ප‍්‍රකාශයට අනුව ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වි ඇති බව පැහැදිළිය.

ශ්‍රේෂ්ඨාධිකරණය මේ විනිසුරුවරියගේ ප‍්‍රකාශයද, නඩුවේ තීන්දුව අදාළ විනිසුරුවරුන් ගේ ප‍්‍රකාශයන්ද, සාක්ෂිද යළි විමර්ශනය කළ යුතුව තිබේ. පවතින්නාවූ වාතාවරණය යටතේ රංජන් රාමානායක ගංගොඩවිල අධිකරණය ඉදිරිපිටදී කියා සිටියේ දුරකථන සංවාද පටිගත කර තබා ගැනීම. ඉහළයන්ගේ ”සදාචාරයට” පටහැනි බවයි.

නමුත් තමන් එ් සියල්ලම කළේ තමන්ගේ ආරක්ෂාවට බවද ඔහු කියා සිටින ලදි.

රංජන් - රනිල් වික‍්‍රමසිංහ ගේ යථා ස්වරූපයද, හෙළි කළේ සජිත් ගේ තත්ත්වයද හෙළි කරමින්ය. රනිල්ව මිනීමරුවෙකු ද කරමින්ය. එ් හිරුනිකා ලවාය.

රංජන් රාමානායක ගේ හඬපට ඇතුළත් ”හාඞ් ඩිස්ක්” එක ත‍්‍රීරෝද රථ රියදුරෙකුට හමුවූ බවට වන ප‍්‍රකාශයද ප‍්‍රබන්ධයකි. ”ඞීල්” එකේ කොටසකි.

සරත් එන් සිල්වා අධිකරණයේ ‘‘ඊනියා ස්වාධිනත්වය’’ ප‍්‍රසිද්ධියට පත් කළා. දැන් වෙන්නේ ඉතිරිය. 
ගැලවි ගැලවි යන්නේ යුක්තියේ දෙවඟන ගේ ස`ථපට.  

Sunday, January 12, 2020

රු: 730,000/- කට කෙළපු වාහන සේල් කාරයාගෙන් ASP 50,000/- ක වට්ටමක්.



වීඩියෝව නැරඹීමට - https://www.youtube.com/watch?v=6rycj9rVYbE

පානදුරේ පවත්වාගෙන ගිය, අයිඩියල් මෝටර්ස් සමාගමේ හවුල්කාර සමාගමක් ලෙසට පෙනීසිටි සන්රේ ලකා ටේ‍්‍රඩරස් නමින් පවත්වාගෙන ගිය වාහන සේල එකේ හිමිකරුවන් වාහන ලබාදෙන බවට පොරොන්දුවි රුපියල් ලක්ෂ ගණන් ලබාගෙන පැන ගොස් ඇත.
ප‍්‍රශ්නය මේ මහා පරිමාණ මුදල් වංචාව පිළිබඳව පැමිණිලි කරන්ට ගිය, පුද්ගලයන්ව, පොලීසිය දැඩි පීඩාවට පත් කිරීමය. අසරණ කිරිමය.
හැත්තෑ දෙහැවිරිදි ලලිත් කලමුල්ල තම අවසාන කාලය ගත කරන්නට හැටන් නැෂනල් බැංකුවේ තැම්පත් කර තිබූ මුදල් යොදා කුඩා බස් රථයක් ම්ලයට ගෙන, කුලී පදනම යටතේ සමාගමකට දීමට කර තිබූ සැලසුම මෙම වංචාකාරයින් නිසා බොඳව ගොස් රෝගියකු බවට පත් කර තිබේ.
තමා මුහුණ දුන්න කටුක අත්දැකීම පිළිබඳව පානදුර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීට ලියන ලිපිය පහත දක්වමු.
ඔහුගේ ඉල්ලීම ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

ලි.ප.තැ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී
පොලිස් අධිකාරී කාර්යාලය
පානදුර

රුපියල් හත්ලක්ෂ තිස්දාහක මුදල් වංචාව
නඩු වාර්තාව ලබාගැනීම ස`දහා තොරතුරු ලබාදෙන ලෙසට කරනු ලබන ඉල්ලීම.

ලලිත් කලමුල්ල, අවු: 72 යි. ජා.හැ.අ.------ , විවාහක, දරුවන් 02 යි, ලිපිනය: නො: ---/4්ල  වෑකඩ, පානදුර. දු.අ. ----------

2020.01.06 වන දින දීය.

01. 2019 අගෝස්තු 30 වන දින මා, බස් රථයක් මිළයට ගැනීම ස`දහා පානදුර, වෑකඩ, හොරණ පාර, අංක 179 දරන ස්ථානයේ සන්රේ ලංකා ටේ‍්‍රඩර්ස් නම් ආයතනය/සමාගම විසින් පවත්වාගෙන යන ලද සේල් එකට ගියෙමි.

02. සන්රේ ලංකා ටේ‍්‍රඩර්ස් හි ප‍්‍රධාන ආයතනය, කොළඹ 02, අංක 299 හි පිහිටි අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම හවුල්කාර සමාගමක් වේ.

03. 2019 අගෝස්තු 30 දින, එම ස්ථානයේ තිබූ, ලියාපදිංචි නොකළ ආසන 30, මහේන්ද්‍ර වර්ගයේ බස් රථය මිළයට ගැනීමට මා තීරණය කළෙමි.

04. එම සේල් එකේ සිටි, ජාතික ජාතික හැඳුනුම්පත් අංක: 892972822V හිමි එම්. සංජීව නැමැත්තා එම බස් රථය, මා හට පැවරීම සඳහා අත්තිකාරම් වශයෙන් (රු:100,000/-) ලබාගන්නා ලදි.

05. එකී මුදල ලබාගත් බවට ඔහුගේ අත් අකුරින් ලියන ලද කුවිතාන්සියක් මට නිකුත් කරනු ලැබීය. එම කුවිතාන්සියේ මුල් පිටපත්, 2019.10.07 දින පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ දී, පො.සැ. ඞී.පී. පුංචිහේවා (58802) විසින් මාගෙන් ලබාගන්නා ලදි.

06. ඉන්පසු 2019.09.10 දින රුපියල් පන්ලක්ෂ පනස් දාහක් ලබාගෙන, ලදුපතක් ලබාදෙන ලදි. එම ලදුපත ද පොලිස් අධිකාරී කාර්යාලයේ දී, පො.සැ. ඞී.පී. පුංචිහේවා (58802) විසින් මාගෙන් ලබාගන්නා ලදි.

07. ඉන්පසු 2019.09.16 වන දින රුපියල් අසූ දාහක් මාගෙන් ලබාගන්නා ලදි.

එ් සඳහා වෙනම ලදුපත්ක නොදුන් අතර, 2019.09.10 දින ලදුපතක් දිනය යොදා එම මුදල සටහන් කරන ලදි.

08. සන්රේ ලංකා හෝල්ඩින්ස් නමින් අංක 0409 හා 2019.09.10 දාතමින් යුතු ලදුපත (රුපියල් පන්ලක්ෂ අසූදාහක් වටිනා - රු: 580,000/-0 5 ෙඡ්දයේ සඳහන් කළ පරිදි 2019.10.07 පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ පො.සැ. 58802, සී.පී. පුංචිහේවා විසින් බාරගන්නා ලදි.

09. එදින, එනම් 2019.10.07 දින, මා පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ පැමිණිලි කරන අවස්ථාවේ, සන්රේ ලංකා හෝල්ඩින්ස් හි අයිතිකරු ජයන්ත නැමැත්තා පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ නීතිඥ විජේපාල නැමැත්තා ද සිටියා.

10. මා, පෙර සඳහන් කළ, මට සිදුකළ රුපියල් හත්ලක්ෂ තිස්දාහක මුදල් වංචාව පිළිබඳව 2019.10.07 පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ පැමිණිල්ල සිදුකරන විට, සහකාර පොලිස් අධිකාරී වීරක්කොඩි ඉදරිපිට මට තර්ජනය කරන ලදි.

11. එපමණක් නොව, මා එ් අවස්ථාවේ සහකාර පොලිස් අධිකාරීගෙන් ඔහුගේ නම ඇසූ විට, මගේ නම මොකටද අහන්නේ යැයි තර්ජනාත්මකව අසා සිටින ලදි.

12. මා එ් අවස්ථාවේ මුදල් වංචාකරුවාගේ ඉදිරිපිටදී, සහකාර පොලිස් අධිකාරී වීරක්කොඩි හා වංචාකරුගේ නීතිඥ විජේපාල ඉදිරිපිට අසරණ විය.

13. මාගේ පැමිණිල්ල ලියා ගැනීමෙන් අනතුරුව නඩුදාන බව කියා සිටින ලදි.

14. ඊට පසුව කිහිප දිනක්ම, පානදුර පොලිස් අධිකාරී කාර්යාලයට ගොස්, අදාළ නිලධාරීන්ගෙන් වමසා සිටියද, නඩුව අදාළ තොරතුරු ලබාදෙන ලදි.

15. මේ අතර, මෙම සේල් එක වසා දමන ලදි. එහි සිටි හංසක නැමැත්තා මාගේ දුරකතනයට කථා කර මුං, මට සල්ලි දුන්නේ නෑ, ඔයාගේ වැඬේ වර්චස්, ඔයාගේ සල්ලි වලින්ම රු: 50,000/- ක් එ්.එස්.පී. ට දීලා යයි කියන ලදි.

16. මෙම හංසක නැමැත්තා, 2019.10.07 වන දින, සන්රේ ලංකා හෝල්ඩින්ස් හි අයිතිකරු ජයන්ත, නීතිඥ විජේපාල යන අය සමග, පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණ සිටි බවද ප‍්‍රකාශ කරමි.

මා ඉල්ලා සිටින්නේ,

(1) මාගේ රුපියල් හත් ලක්ෂ තිස්දාහක මුදල වංචා කළ, සන්රේ ලංකා හෝල්ඩින්ස් හි ජයන්ත හා සංජීව යන අයට විරුද්ධව නඩු පවරා ඇති නම්, නඩු අංකය හා නඩු පැවරූ දිනය හා ඉදරි දිනය දැනුම් දෙන ලෙසටය.

මෙයට,

අ.ක/ලලිත් කලමුල්ල,

පිටපත්:
පොලිස්පති
පොලිස් මූලස්ථානය
කොළඹ 01

සැ.යු. 72 හැවිරිදි මා, ජීවත්වීමේ මගක් හැටියට, ලීසිං ක‍්‍රමයට වාහනයක් ගැනීමේ අපේක්ෂාවෙන් රු: 730,000/- මුදල ගෙවන ලද්දේ, හැටන් නැෂනල් බැංකුවේ ස්ථාවර තැම්පතු මුදල ය.
දැනට මා ජීවත් වන්නේ අන් අයගේ ආධා රඋපකාර වලින්ය.




Monday, January 6, 2020

ගැබිණි මවකට කුණුහරප කියමින් පොලිසිය යකානැටූ වාලු!



ජනවාරි පළවෙනිදා මොරගහහේන පොලිසියේ තිදෙනෙක් සිවිල් පිට බැට් එකක් හා පොලු රැගෙන නිවසකට කඩා වැදීමට උත්සාහ ගෙන ඇත. පසුව එම අවස්ථාවට ස්ථානාධිපතිවරයා නිල ඇඳුමක් ඇඳගෙන පැමිණ තිබේ. ප්‍රදේශය අනවසර කුඹුරු ඉඩම් ගොඩ කිරීමේ නිරත ප්‍රාදේශීය දේශපාලනඥයෙකුගේ හා ව්‍යාපාරිකයකුගේ අවශ්‍යතාවයට මෙම නීති විරෝධී ක්‍රියාව සිදුකර ඇත්තේ මොරගහහේන පොලිසිය ද සහය කරගෙනය.
අතවරයට පත් දෙදරු මව ගැබිනියකි. ඈ ඒ අවස්ථාවේ මානව හිමිකම් කොමිසමට කතා කර ඇත. නමුත් පොලීසිය එම ක්‍රියාව නතර කිරීම හෝ සවන් දීමක් හෝ සිදුකර නැත. තම සැමියාට කසිප්පු ජවාරම අදාල චෝදනා තිබී ඇත. එම ක්‍රියාවෙන් ඈත් වූ පසුවද පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන ව්‍යාජ චොදනා නගා නඩු පවරා තිබේ. ඒ සම්බන්ධයෙන් ඔහු මානව හිමිකම් කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලකින් අනතුරුව පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පති දැනුම්දී වන්දියක් ගෙවන ලෙසටද නියම කර ඇත. නමුත් වන්දි ගෙවීම හෝ එම නිලධාරීන්ට එරෙහිව පොලිස්පතිවරයා විනය ක්‍රියා ගැනීම හෝ මේ දක්වා සිදුකර නැත. 
මොහු ප්‍රදේශයේ කුඹුරු ඉඩම් අනවසරයෙන් ගොඩකරන දෙශපාලකයාට හා ව්‍යාපාරිකයාට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙසට අදාළ බලධාරීන්ට බල කිරීම් සිදු කරනු ලබයි. එම නීති විරෝධී කුඹුරු ඉඩම් ගොඩ කරවන දේශපාලනඥයා හා ව්‍යාපාරිකයා පොලිසිය සමග එක්ව මොහුව අධිකරණය පාවිච්චිකර වධ දීමට පටන්ගෙන තිබේ.  ව්‍යාජ චෝදනා නගා පවරන නඩු සියල්තුලටම නිවැරදිකරු බව ප්‍රකාශකර  පොලිසියට එරෙහිව නඩු මගට බැස තිබේ. 
ජනවාරි පළවෙනිදා සිද්ධිය සම්බන්ධයෙන් මොහුගේ බිරිඳ මනව හිමිකම් කොමිසමට, පොලිස්පතිට හා  පොලිස් කොමිසමට කර ඇති ලිඛිත පැමිණිල්ලෙන් සියලු කරුණු පැහැදිලි වේ. 
එම පැමිණිල්ල පහත දැක්වේ. නිතිය මත පාලනය බිඳවැටී තිබෙන රටක ඒ ස්ථාපිත කිරීම සඳහා යුක්තිය පසලිම සඳහා තිබෙන සියලූ ආයතන වල දූෂණ අක්‍රමිකතා නැති කළ යුතුව තිබේ.


මල්කාන්ති
ගෝනපල හංදිය
දු.අ.

01. සභාපතිනිය,                                                                   
     මානව හිමිකම් කොමිෂන් සභාව    
     අංක 14                                          
     ආර්.ඒ. ද මැල් මාවත
     කොළඹ 04
           
02. පොලිස්පති                 
     පොලිස් මූලස්ථානය        
     කොළඹ 01

03. ලේකම්                                                                             
    ජාතික පොලිස් කොමිෂන් සභාව                          
    අංක 09 ගොඩනැගිල්ල
      BMICH පරිශ‍්‍රය
    බෞද්ධාලෝක මාවත
    කොළඹ 07

04. ගොවිජන සංවර්ධන නිලධාරී
     ගොවිජන සේවා මධ්‍යස්ථානය
     කනන්විල

අනවසර කුඹුරු ගොඩ කරන්නෙකුගේ මෙහෙයවීමෙන්
මොරගහහේන පොලීසිය සිදුකරන නීති විරෝධී ක‍්‍රියාවන්.

2020.01.02 වන දින, සවස 5.30 ට පමණ, මා සහ අවු: 2 ක් වයසැති පුතා පමණක් නිවසේ සිටින විටදී, බැට් එකක් හා පොලූ දෙකක් රැුගෙන තිදෙනෙක් නිවසට පැමිණ, පද්මසිරි (සැමියා* කොහේද යයි විසමා සිටියා.
 ඔහු ගොවිතැන් වැඩට ගොස් ඇති බව ප‍්‍රකාශ කළා.
එවිට මට බැන තර්ජනය කරමින් නිවස සෝදිසි කිරීමට අවශ්‍ය බව කියමින් ගෙට ඇතු`ඵවීමට සූදානම් වුනා.
මා හා කුඩා දරුවා පමණක් නිවසේ සිටින අවස්ථාවේ සිවිල් පිට, පොලීසියේ යයි කියූ පමණින් ගේ සෝදිසි කිරීමට ඉඩදිය නොහැකි බව කියා සිටියා.
එවිට, හු ..... ගේ බැල්ලී ලෙසට ආමන්ත‍්‍රනය කරමින් උඹ බඩින් නොවේ නම් කරන දේ දනී යයි කියමින් සැමියාව සැමියාට කරන දේ දන්නා බවට කියමින් කෑගසන විට මා ගෙට ඇතු`ඵ වී දොර වසා ගත්තා.
එවිට ඔවුන් දොරට හා ජනෙල් වලට ගසමින් දොර අරින ලෙසට ඉල්ලා සිටියා.
මා දොර ඇරියේ නෑ.සවස 6.30 ට පමණ, ඔවුන් කිව්වා දැන්  ඕ.අයි.සී. යුනිෆෝම් පිට ඇවිල්ලා ඉන්නවා කියා. මා ජනේලය ඇර දෙර අරින්න බැරි බවත්, හෙට උදේට පොලසියට එන්න සූදානම් බවත් කියා සිටියා.
 ඕ.අයි.සී. එවිට මට අසභ්‍ය වචන කියමින් බැන වැදුනා. එසේ පැය 1/2 පමණ සිට යන්න ගියා. 1996 ට මා ඒ අවස්ථාවේ කතා කර විස්තර කියා සිටියා. 119 ට කථා කරන්න කිව්වා.නමුත් 119 දුරකථනය ඉස්සුවේ නෑ.
මොරගහහේන පොලීසිය අපට හිරිහැර කරන්නේ 2013 සිටය.
(1) එසේ හිරිහැර කරන්නේ මාගේ සැමියා අඳේට වැඩ කරන කුඹුර පිරවීමට, හිටපු හොරණ ප‍්‍රාදේශීය සභාවේ නියෝජිත රෝහණ පීරිස්, නැමැත්තා ගන්නා ලද උත්සාහය වැළැක්වූ නිසාය.

(2) ඔහු සිය දේශපාලන හා මුදල් බලය උපයෝගී කරගෙන බණ්ඩාරගම හා මොරගහහේන පොලීසිය එකතු කරගෙන සැමයාට විරුද්ධව ව්‍යාජ නඩු දැමීමට පටන් ගන්නා ලදි.

(3) 2013 සිද්ධිය අදාළව සැමියා හා මාගේ පියා විසින් මානව හිමිකම් කොමිෂමෙ පවරන ලද පැමිණිල්ලට අදාළව 2017.06.28 දාතමින් හා HRC2511/13 හා HRC 2518/13 ලබාදෙන ලද නිර්දේශය අද දින දක්වාම බණ්ඩාරගම පොලීසිය කි‍්‍රියාත්මක කර නැත.

(4) එයින් අනතුරුව මාගේ සැමියාට ව්‍යාජ පැමිණිලි යටතේ නඩු පහක් දමන ලදි. එම නඩු දෙකකින් සැමියාව නිෙදාස් කොට නිදහස් කරන ලදි.
එක් නඩුවකින් මුදා හරින ලදි. එම නඩුව නැවත පවරා ඇත. නඩු දෙකක් තවම පවතී.

(5) මේ වන විට, රෝහණ පීරිස් නැමැත්තා වෙනත් ව්‍යාපාරියකු මගින් නැව.ත කුඹුර ගොඩ කිරීමට පටන් ගන්නා ලදි. ඒ බව සැමියා අදාළ ආයතනවලට ගොස් පැමිණිලි කරන ලදි.

(6) එම පැමිණිලි කිරීමට ප‍්‍රතිචාර වශයෙන් මොරගහහේන පොලීසිය යොදවා සැමියාව ව්‍යාජ චෝදනා යටතේ රිමාන්ඞ් කිරීමට උත්සාහ ගනී.
නීති විරෝධී ක‍්‍රියාවන්හි නිරත දේශපාලකයින් හා ව්‍යාපාරිකයින් එක්ව සිදුකරන, පරිසර විනාශය එක් පැත්තකින් ආරක්ෂා කරන අතර, අනෙක් අතට පොලීසිය පීඩාවට පත්කරනු ලබයි.

මා ඉල්ලා සිටින්නේ,
1. 2020.01.02 දින මොරගහහේන පොලීසියේ සැරයන් ලාල් කාන්ත, පො.කො. කරුණාරත්ත හා හා ඔවුන් සමග පැමිණි අනෙක් නිලධාරියාට,
2. මොරගහහේන පොලීසියේ ස්ථානාධිපතිට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය.
විශේෂ සටහන: මාගේ සැමියා පද්මසිරි විසින්, 2019.10.14 වන දිනැති පැමිණිල්ලට අදාළව මානව හිමිකම් කොමිෂන් සභාවේ 2019.11.05 වන දින පවත්වන ලද විමර්ශනයට පොලීසිය ඉදිරිපත් නොවූ බවද පෙන්වා දීමට කැමතිය.
මෙයට,
මල්කාන්ති


Wednesday, January 1, 2020

ජපානයේ එල්ලුම් ගස ක්‍රියාත්මකයි. නත්තල් දිනට පසුදින චීන ජාතිකයෙකු එල්ලා මරා දමනු ලැබුවේය.






‍දෙසැම්බර් 26  වෙනිදා ජපානය විසින් මෙසේ එල්ලා මරණයට පත්කළේ 2003 වසරේදී එකම පවුලේ හතර දෙනෙකු මරා දැමීමේ වරදට වරදකරු චීන ජාතික "වේ වේ" නම් වු පුද්ගලයාය. මෙම වසරේ එල්ලා මරා දමන ලද තෙවෙනියා මොහු විය.  2009 වසරෙන් පසුව එල්ලා මරා දැමූ විජාතිකයාද මොහු විය.

පසුගිය වසරේ 15 දෙනෙක් වුව එල්ලා මරා දමා තිබේ. මිනීමැරිමේ වරදට වරදකරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම, ජපානය නතර කරන්නේ නැත. ජාත්‍යන්තරය කුමක් ප්‍රකාශ කළ ද ජන මතයට අනුව ජපානය මරණ දඬුවම ක්‍රියාත්මක ක්‍රියා කරයි.

මේ වනවිට ජපානයේ මරණ දඬුවම නියම වූ එකසිය විසි දෙනකු පමණ සිටින බව වාර්තා වේ. එල්ලා මරා දැමීම ජපානයේ සිදුකරන්නේ රහසිගතවය. මරණ දණ්ඩනයට නියම වූවන් ව ඉතා කෙටි දැනුම් දීමකින් මරණයට පත් කරන ලබයි. ඥාතීන්ට දැනුම් දෙන්නේ එයට පසු දිනය.

2007 වසර දක්වා මරණ දඬුවම පැමිණවීම සිදු කරන ලද්දේ ඉතාමත් රාශි ගතවය. පත් කරන අයගේ නම් ගම් හෙළි කර නොමැත. ජාත්‍යන්තර සංවිධාන මෙම මරණ දඬුවම ගැන කනස්සල්ල පළකර ඇත.  2020 ඔලිම්පික් උළෙලට සත්කාරකත්වය සලසන ජපානය, ජීවත්වීමට ඇති අයිතියට ගරු කළ යුතු බව ඔවුන් කියා සිටී.  ජපාන වැසියන්ට ගැස් ප්‍රහාරයක් එල්ල කර ත්‍රස්තවාදී කල්ලියේ සාමාජිකයන් දහතුන් දෙනකු ජපානය එල්ලා මරා දමනු ලැබිය. එම වසරේ එල්ලා මරා දමන ලද සංඛ්‍යාව 15 කි.