Friday, January 17, 2020

අත්අඩංගුවට ගැනීමේදී සුපරික්ෂාකාරීව හා දැඩිව නීතියට අනුකූලව ක්රිායා කරන්න. - January 14, 2020



anuary 14, 2020
අත්අඩංගුවට ගැනීම දඬුවමෙන් කොටසක් නොවන අතර, අත්අඩංගුවට පත්වීම පුද්ගල කීර්ති නාමයට හා සමාජ තත්ත්වයට දැඩි බලපෑමක් එල්ල කරන හෙයින් ඒ සම්බන්ධව කටයුතු කිරීමේදී ඉතා සුපරික්ෂාකාරීව හා දැඩිව නීතියට අනුකූලව ක්‍රියාකරන ලෙසට පොලිස්පතිවරයා දැනුවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙත උපදෙස් ලබා දී ඇත.
කිසියම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම සිදුවිය යුත්තේ අදාළ වගකීම ඉටු කරන නිලධාරීන්ගේ වෘත්තීය තීන්දුව මත බවත්, එම රාජකාරිය ස්වාධීනව හා කිසිදු බිය ගැන්වීමකින් හෝ අනුග්‍රහයකින් තොරව සිදු වන බවට සහතික කරගන්නා ලෙසටත් ජනාධිපතිතුමා විසින් දැනුම් දී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැනි මහජන නියෝජිතයන් සහ වෛද්‍යවරු වැනි වෘත්තිකයන් සම්බන්ධයෙන් ඉහතකී රාජකාරිය ඉටුකිරීමේදී පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට පත්වන පුද්ගලයාට නිසි‍‍‍ ගෞරවය ලබාදියයුතුය.
එමෙන්ම මෙම උපදෙස් සියලු ශ්‍රීලාංකීය පුරවැසියන් සම්බන්ධයෙන් කිසිදු වෙනසකින් තොරවඅදාළ වන බවත්, කිසිදු තත්ත්වයක්‍  යටතේ හෝ බාහිර අරමුණු වෙනුවෙන් ක්‍රියාවට නැංවීම නොකළ යුතුබවත්, කිසිදු අනවශ්‍ය බලපෑමකට යටත් නොවන ලෙසටත් දැනුම් දී ඇත.
දූර දර්ශීව නිසි ලෙස රාජකාරී ඉටුකරන ලෙසට හා අවශ්‍ය අවස්ථාවන් හි දී නීතිපති උපදෙස් පරිදි ක්‍රියා කරන ලෙසටද ජනාධිපති ලේකම්තුමා විසින් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දී ඇත.



No comments:

Post a Comment