Wednesday, January 29, 2020

මන්ද මානසික දැරියක පැහැරගෙන ගොස් දූෂණය කරලා,



මෙම අපරාධයට දැනට අවුරුද්දකුත් මාසයකි.

අම්බලන්තොට රෝහලට ගොස් බෙහෙත් අරගෙන නිවෙස බලා එමින් සිටි මෙම දැරියව, රවටා මිද්දෙනිය ප‍්‍රදේශයේ ලැගුම්හලකට ගොස් දූෂණය කර ඇත.

දුෂණය කළ පුද්ගලයා අම්බලන්තොට පොලීසියේ ස්ථානාධිපති හා කිට්ටු සම්බන්ධයක් තිබෙන ප‍්‍රකට වැලි ජාවාරම්කරුවන්ගේ ටිපර් රියදුරක් බවට ප්‍රකාශ වේ. විවාහකයෙකි. මෙම පැහැර ගැනීමට හවුල් කරගෙන ඇත්තේ අම්බලන්තොට පොලීසිය අසල පදිංචි කුඩු කාරයෙක් බවට තොරතුරු වාර්තිවේ.

මෙම අපරාධය පිළිබඳව පැමිණිල්ල බාර ගැනීම පවා ප‍්‍රතික්ෂේප කර ඇති අම්බලන්තොට පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය, පසුව පේ‍්‍රම සම්බන්ධයක් වශයෙන් පැමිණිල්ල සටහන් කර ගැනීමට තරම්, නීච වී ඇත. අපරාධකරුගේ ග‍්‍රහණය යටතේ පොලීසිය පවතින බවට තවත් නිදසුනකි, දින හතරක් යන තෙක් දැරියව වෛද්‍ය පරීක්ෂණයට භාජනය නොකිරීම.

ඇය දූෂණය කර ඇති බවට වෛද්‍ය පරීක්ෂණය මගින් නිගමනය කර තිබියදීත්, අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර නොගත් පොලිස් ස්ථානාධිපති දිගින් දිගටම උත්සාහ ගෙන ඇත්දැතේ දැරියට යම් මුදලක් අරන්දී සමථ කරවීමටය.

වසරකුත් මාසයක් ගතව ඇතත් මෙම අපරාධය ගරු අධිකරණයට වාර්තා කර නැත.

2020 ජනවාරි 23 දාතමින් පොලිස්පති හා මානව හිමිකම් කොමිෂමට මව කරන ලද ලිඛිත පැමිණිල්ලේ මෙසේ ස`දහන්ව තිබේ.

යුක්තිය පසිඳලීමේ සමාජ යාන්ත‍්‍රනය කඩා වැටී ඇති රටක, ස්වාධීන කොමිෂන් ගැන ඔලූවෙන් හිටගෙන කථා කරන බුද්ධිමතුන්, වෘත්තිකයන්, නම්බුකාරයන්, අණ පනත් ගැන සම්මන්ත‍්‍රන පවත්වන සිවිල් සමාජකාරයන් ඉන්නා රටක, මන්ද බුද්ධික දැරියක් පැහරගෙන ගොස් දූෂණය කිරීමේ පැමිණිල්ල පේ‍්‍රම සම්බන්ධයක් බවට හැරවීමට පොලීසිය ක‍්‍රියා කිරීම ගැන පුදුම විය යුතු නැත.

 01. සභාපතිනිය
    මානව හිමිකම් කොමිෂන් සභාව
    14, ආර්.එ්.ද. මැල් මාවත
    කොළඹ 04

02. පොලිස්පති
     පෙලිස් මූලස්ථානය
     කොළඹ 01

2020.01.22

මන්ද මානසික දැරියක් දූෂණය කළ ස්ත‍්‍රී දූෂකයාට හා ආධාරකරුවන් ට
නිදැල්ලේ සිටීමට ඉඩ හැරීම.

සැමියා ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ ලාන්ස් කෝප‍්‍රල්වරයෙකි.

(අ)වාසනා මාගේ දියණිය වේ. සාමාන්‍ය වයස: අවු: 19 යි. උපන්දිනය: 2000.09.09 මානසික වයස: අවුරුදු 6 කි. වෛද්‍ය නිගමනය වේ.

මාගේ දියණිය, 2018.12.11 දින, අම්බලන්තොට රෝහලට ගොස්, නිවස බලා එමින් සිටියදී, උදේ 9.30 ට පමණ,

(1) ඒ.කේ. සුභාෂ් අනුරුද්ධ
(2) මධුෂාන් හෙවත් සුද්දා
(3) රියදුරු හඳුනාගෙන නැත
යන තිදෙනා, කලූපාට මෝටර් රථයකින් පැමිණ, නිවස ළඟින් බස්සන්නම් යයි කියා, නංවාගෙන ඇත.

ඉන්පසු ඇයව, මිද්දෙනිය -නෙත්ප‍්‍රියා- යන, ගෙස්ට්හවුස් එකට රැගෙන ගොස් තිබේ. එහිදී ඒ.කේ. සුභාෂ් අනුරුද්ධ නැමැත්තා විසින් ඇයව දෙවරක් දූෂණය කරනු ලැබීය.

ඉන්පසු ඇයව රැඑගෙන විත් ඇඹිලිපිටිය බස් නැවතුම්පලට ගෙනවිත් බස්සවා ගොස් තිබේ. එහිදී මෙම ඒ.කේ. සුභාෂ් අනුරුද්ධ, දියණියව හම්බන්තොට බස් රථයකට නංවා මාමඩල හංදියේ සිට සිය නිවස බලා ඒමට ය.

ඉන්පසු ත‍්‍රී රෝද ගාස්තුව සමග රු: 280/- ක් ඇයගේ බෑගයට දමා තිබින.

දියණිය, දවල් 2.35 ට පමණ අඬාගෙන ගෙදර ආවා.

ඇය ගෙදර එන විට, කොණ්ඩය අවුල්වී තිබින. කම්මුල් රතු වී තිබූ අතර, යටි තොල්වල දත් පාරවල් තිබුනා. දියණියව පරීක්ෂා කළ විට ඇයව බලහත්කාරයෙන් දූෂණය කර ඇති බව මා දැනගත්තා.

එදින, මට අම්බලන්තොට පොලීසියට යෑමට හැකියාවක් තිබුනේ නෑ. පසුදින 2018.12.12 උදේ 8.30 ට මා මාගේ නැගණිය සමග දියණියව පොලීසියට ගෙන ගියා. මා සිද්ධිය ප‍්‍රකාශ කළද, පැමිණිල්ල බාර ගත්තේ නෑ. ස්ථානාධිපති නෑ යයි කියමින් ප.ව. 2.30 දක්වාම පොලීසියේ තබා ගත්තා.

මේ ආකාරයට පැමිණිල්ල බාර නොගත්තේ කාන්තා හා ළමා කාර්යාංශයේ දීපිකා යන කාන්තා පොලිස් නිලධාරිණිය සහ ජොතිමුනී යන පොලිස් සාජන්වරයාය.

පසුදින එනම් 2018.12.13 වන දින උදේ යළිත් අප පොලීසියට ගියා.  එදිනද මා විසින් පැමිණිලි කරන විට දීපිකා යන නිලධාරිණිය රිසව් එකට ගොස් සී.ආර්. පොතක් ගෙන මා කියන දේ ලියා ගන්නා ලදි.

කියවා තේරුම් කර නොදී අත්සන් ගත්තා. ඉන්පසු මාව ඉවත් කර, දියණියව තනියෙන් තියාගෙන ඇගෙන් ප‍්‍රකාශ ගත්තා. දියණිය එම ප‍්‍රකාශයට අත්සන් කළ බව මට කිව්වා.

නැවත අපිට පසුදින, 2019.12.14 වන දින එන ලෙසට දැනුම් දුන්නා. ඒ අනුව එදින උදේ පොලීසියට ගියා. එදින නැවත වරක් දියණිය ව තනියෙන් තියාගෙන ප‍්‍රකාශයක් ගත්තා. ඉන්පසු මාව හා දියණියව එකට තබාගෙන දියණියට කරදර කළ ආකාරය විස්තර කරන්න කිව්වා. දීපිකා හා නිලන්ති යන නිලධාරිණියන් දෙන්නා සී.ආර්. පොතක් අරගෙන එහි සිටහන් කළා.

ඉන්පසු අපව ස්ථානාධිපති වෙත යොමු කළා. ඔහුගෙන් මම ඇහුවා දියණියව රෝහල්ගත කරන්න  ඕන නේද කියා. එවිට ඔහු ප‍්‍රකාශ කළා දැන්ම වැඩක් නෑ, සැකකරුව ගෙනන්ලා තමයි තීරණය කරන්නේ කියා.

අපි 2019.12.15 දින පොලීසියට ගියද, ස්ථානාධිපති හා කාන්තා පොලිස් ඒකය කිසිදු පියවරක් ගත්තේ නෑ.

2018.12.16 වන දින පොලීසියට ගිය විට, සැකකරුව අත්අඩංගුවට ගන්න යන්න කැබ් එක දෙන්න බෑ, කැබ් එක තියෙන්නේ අපරාධකාරයෝ අල්ලන්න යන්න කිව්වා. වීල් එක කැඩිලා කිව්වා. එවිට අපි කුලියට වෑන් එකක් ගෙන ආවා.

පොලිස් නිලධාරීන් 4 කු සමග ගොස් සැකකරුව අරගෙන පොලීසියට ආවා.

2018.12.17 වන දින පොලීසියට ගොස් අප දියණයව රෝහල්ගත කිරීමට රැඑගෙන යෑමට උත්සාහ කළ විට, දියණිය ව පොලීසිය හම්බන්තොට රෝහලට ගෙන ගියා.

එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරී පරීක්ෂා කළා. දියණියව දෙවරක් දූෂණය කර ඇති බව එහිදීද තහවුරු වුනා.

එහෙත් පොලීසිය කිසිදු පියවරක් ග්තතේ නෑ. දින 04 ක් කූඩුවේ තබා ගත්තා. දිගින් දිගටම ස්ථානාධිපති උත්සාහ ගත්තේ මුදල් දී සමථ වූ බවට ප‍්‍රකාශයක් ගන්න.

මෙදින දියණියගෙන් කූඨ ලෙස සමථ වූ බවට ප‍්‍රකාශයකට අත්සන ගැනීමට උත්සාහ ගන්නා ලදි.

මාගේ මන්ද මානසික දියණියව දූෂණය කළ, දූෂකයාව බේරාගන්න අම්බලන්තොට පොලීසියේ ස්ථානාධිපති, කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරිණියන් ඉතා පහත් ආකාරයට ක‍්‍රියා කරන ලදි.

මෙම ස්ත‍්‍රී දූෂකයාව බේරා ගැනීම ගැන මා, ස්වාධීන ජාතික පොලිස් කොමිෂමට පැමිණිලි කළෙමි.

එම කොමිෂම පොලීසියටත් වඩා දූෂිතය. මන්ද ඔවුන් කළේ දූෂිතයා ආරක්ෂා කිරීමය.

මෙම අම්බලන්තොට පොලීසියේ ස්ථානාධිපතිවරයා, පැමිණිල්ලේ උද්ධෘත නීතිපති ට යවා, ඔහු මගින්ද යුක්තිය ඉටු කරවා ගැනීම වළක්වාලන ලදි. ස්ථානාධිපතිවරයා සියලූ ලේඛණ කූඨ ලෙස වෙනස් කළේ මාගේ දියණිය අපරාධකරුවා සමග පේ‍්‍රම සම්බන්ධයක් පවත්වාගෙන ගිය බව හා ඇගේ කැමැත්තෙන් -දූෂණය- කරගත්ත බව හුවා දැක්වීමෙනි.

මාගේ මන්ද මානසික දියණියව දූෂණය කිරීම නිසා, බරපතල ලෙස මානසික රෝගී තත්ත්වයට පත්විය.

එය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හා මානසික වෛද්‍යවරුන් සනාථ කර ඇත.

ඒ සියලූ වාර්තා අම්බලන්තොට උසස් පොලිස් නිලධාරීන්, නීතිපති හා ස්වාධීන ජාතික පොලිස් කොමිෂම එකතුව යට ගසා, අපරාධකරුවාට නිදැල්ලේ සිටීමට ඉඩහරිනු ලැබීය.

මෙය කරන ලද්දේ මෙම ඒ.කේ. සුභාෂ් අනුරුද්ධ යන පුද්ගලයා ප‍්‍රදේශයේ වැලි ජාවාරම්කරුවන් සමග හා වත්මන් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාසගේ සමීපතමයෙකු වීමය.

මේ සියලූ විස්තර මා සතුව තිබේ.

මා ඉල්ලා සිටින්නේ, වෛද්‍ය වාර්තා ගෙන්වා පරීක්ෂා කර,  මෙම අපරාධය ගැන යළිත් පරීක්ෂණ ආරම්භ කරන ලෙසටත්, යුක්තිය ඉටු කරන ලෙසටය.

මෙයට,

මව ------ ලංකා

No comments:

Post a Comment