Tuesday, January 28, 2020

රත්නපුර පොලීසිය, තරුණයෙකු පැහරගෙන ගොස් දස වධ දෙයි.


දැව ජාවාරම්කරුවෙකුගේ නිවස බිඳ, CCTV කැමරා පද්දතියේ දෘඩ තැටිය සමග රුපියල් දාහත් ලක්ෂයකට වැඩි මුදලක් හා රන් භාණ්ඩ සොරකම් කළ බවට සැකපිට, තරුණයකු පැහැරගත් රත්නපුර පොලීසිය ඔහුට දස වධ දෙනු ලැබීය.

2019.12.27දින සිදුවූ මෙම පැහැර ගැනීම හා දස වධ දීම ගැන පොලිස්පතිට හා මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කළද, මේ දක්වා කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැත.

විසි තුන් හැවිරිදි මෙම තරුණයා, උසස්පෙළ සමත්ව, ආරක්ෂක නියාමකයෙකු වශයෙන් රැුකියාව කරනු ලබන්නෙකි. තම පවුලේ එකම ජීවනෝපාය මාර්ගය වන පොල් රොටී, ලූණු මිරිස් අලෙවි කරන කඩයේද පවුලේ සාමාජිකයන් සමග එක්ව වැඩ කරයි.

දරිද්‍රතාවයෙන් පෙළෙන මේ පවුලේ වැඩිමලා වන මෙම තරුණයාව පැහැරගෙන ගොස් වධ දුන්න පොලිස්කාරයින් පවුලේ සැම ඉදිරිපිට දීම, අතට අතදී, අසල සුපිරි හෝටලයකට රැගෙන ගොස් සාදය් පැවැත්වීමට තරම් දැව ජාවාරම්කරු සමත්ව ඇත.

විලි ලැජ්ජා නැති  දූෂිත පොලිස්කාරයෝද සතුටින් එයට එක්විය.

මෙම තරුණයා මානව හිමිකම් ආරක්ෂා කිරීමට පත්ව තිබෙන ස්වාධින මානව හිමිකම් කොමිෂමට හා පොලිස්පතිට ලිඛිතව පැමිණිලි කර තිබෙන පැමිණිල්ලේ සියලූ විස්තර අන්තරගතය.

එම පැමිණිල්ල පහත දැක්වේ.
01. සභාපතිනිය
    මානව හිමිකම් කොමිෂන් සභාව
    14 ආර්. ඒ. ද මැල් මාවත
    කොළඹ 4

02. පොලිස්පති
     පොලිස් මූලස්ථානය
     කොළඹ

03. ආරක්ෂක ලේකම්
     අරක්ෂක අමාත්‍යාංයශය
     කොළඹ

රත්නපුර පොලිසිය, පැහැරගෙන ගොස් වධහිංසා පමුණුවා රඳවා තබාගෙන සිට, ව්‍යාජ නඩු පවරන බවට තර්ජනය කර  මුදා හැරීම.

  2019 12 27 වන දින මා තුඹගොඩ සාංඝික පන්සලේ පැවති, මගේ බාල මල්ලිට වෙස් තැබීමේ මංගල්‍යයට සහභාගි වෙමින් සිටියා. දවල් 1.40 පමණ මගේ ලොකු මල්ලි මට කිව්වා යාළුවෙක් කතා කරලා ඔහුගේ 07734***** දුරකථන අංකයට කතා කරන්න කිව්වා කියලා. ඒ මම එම අංකයට කතා කළා එවිට නමක් කියා තමා  ගලගම බව කිව්වා.  හම්බ වෙන්න  ඕන කිව්ව කාරණය දන්වන්න පන්සලේ ගේට්ටුව ඉස්සරහ ඉන්නේ පොඞ්ඩකට එන්න කිව්වා. මම ගියාම ගේට්ටුව අසල රැුවුල වවා ගත් අයෙක් හිටියා. ඔහු මට කතා කර යාළුවා උඩ ඉන්නවා කියා, මාව රාස්ගල පාරේ එක්න ගෙන ගියා. එහි පොලිස් ජිප් රථය නවතා තිබුණා. මට එම පුද්ගලයා නැගහංයයි  කිව්වා මම එයට නැග්ගා. මාව රැුගෙන ගිය අය ඇතුළු තුන්දෙනෙක් ජීප් රථයට නැග්ගා. ඉස්සරහ රියදුරු සමග තවත් අයෙක් හිටියා. වාහනේ ඇතුලෙදි මගේ ළඟ තිබූ දුරකථන හතරම ඔවුන් අරගත්තා. ජීප් රථය රස්සගල පාරේ, වේවැල්වත්ත පැත්තට ගියා. ඒ අතරතුර උඹව ගත්තේ මොකක්ද කියලා දන්නවාද කියා මගෙන් ඇහුවා. මම දන්නේ නෑ කිව්වා. උඹ දන්නව නේද උඹලාගෙ ගෙදර ඉස්සරහා ගේ හොරු කඩලා තියෙන බව හා බල්ලා උඹලෑ ගෙදර ගිහිල්ලා තියෙනවානේද  උඹ දන්නේ නැද්ද කියලා ඇහුවා. උඹ තමයි කරලා තියෙන්නේ ඒකට තමයි උඹව ගත්තේ කියලා කිව්වා. ඒ සමඟම මගේ ඔවුන් ගත්තු දුරකථන වලට කෝල් එන්න පටන් ගත්තා. මම කිව්වා අම්මල තමයි කෝල් ගන්නෙ ඒ නිසා කතා කරලා කියන්න අත්අඩංගුවට අරගෙන තියෙන බව, ඔවුන් බය වෙයි කියලා කිව්වා. එවිට ඔවුන් කිව්වා ගෙවල් වලට කියන්න  ඕනි නම් මෙහෙම ගන්නෙ නෑ - උඹ මරලා දානවා- කවුරුත් දන්නෙ නෑ කියා.  කිව්වාම උඹ එන්නේ දේශපාලනය මාර්ගයෙන්, ගමේ පොලිසිය මාර්ගයෙන් යයි කිව්වා. ජීප් රථයේ ඉන් අනතුරුව විවිධ දේ කියමින් අසමින් අත් ඉස්සරහට තබා දමා තිබුණු මාංචු ගලවා අත්දෙක පිටුපසට කර දැම්මා. ඉන්පසු මාව ජීප්එකේ බිම දණගස්සවා, ඔලූව පයින් පාගලා බිමට තද කරලා, අත් දෙක උඩට ඇද ගෙන තියාගෙන හපමින් මට අතින් පයින් පහර දුන්නා. පැය දෙකක් පමණ ගියාට ඉන්පසු ජීප් රථය නවත්වා මගේ ඇස් බැඳ තිබූ රෙදි කෑල්ල ගැලෙව්වා. මාංචු ගැලෙව්වා. එවිට හිටියේ ඇල්ලේපොල හෝටලයක් ළඟ. මාවද ජිප් රථයෙන් බස්සවා බත් කන්න අරගෙන ගියා. මම කිව්වා මට කන්න බෑ කියා. මම හිටියේ දැඩි වේදනාවෙන්. මට එවිට රෝල්ස් එකක් අරන් දුන්නා. ඒකත්  කන්න බැරි වුණා. අත් දෙක වෙවුලන්න පටන් ගත්තා. බත් කා ඉවරවෙලා උඹව තියන්නේ නෑ. කොළඹ අරගෙන යනවා කිව්වා. මේ අතර ඉස්සරහ හිටිය නිලධාරියාට කෝල් එකක් ආවා. ඒ කොල් එකට උත්තර දුන්නා. කිව්ව අයියා අපි ළඟ ඉන්නවා නදිර මල්ලිට හා තාත්තාට රත්නපුර පොලිසියට ළගට ඇවිත් කෝල් කරන්න යයි කිව්වා. පොලිසියට ගෙන ගොස් නීතිය බලගැන්වීමේ බෝඞ් එක ගහලා තිබූ කාමරේටම ගෙන ගියා. එහිදී මට දැඩිව තර්ජනය කළා. රාත‍්‍රී 8.00ට පමණ තාත්තා අම්මා හා මම බ`දින්න ඉන්න ගෑණු ළමයා පොලිසියට ආවා තාත්තට අම්මට හා හා බඳින්න යන ළමයට මාව බලන්න ඉඩ දුන්නා. කෑමත් ගෙනත් දුන්නා. රාත්රිටයේ මාව කූඩුවට දැම්මා. පසුදා උදේ එළියට අරන් මගෙන් ප්රිකාශයක් අරගෙන ඇගිලි සලකුණු ගත්තා. තාත්තා ගෙන් හා මල්ලි ගෙන් ප්රාකාශ ගත්තා. ඉන්පසු පොලිස් ඇප මත මුදා හැරියා. මම පවුලේ අය සමඟ කඬේට එන විට විට රත්නපුර පොලිසියේ මාව අත්අඩංගුවට ගත් අය ඇතුළු නිලධාරි පිරිසක් කඬේ වටකරගෙන සෝදිසි කරමින් හිටියා. එම පොලිස් පිරිස හිටියේ සුදු පාට වෑන් එකකින්. ඒ අසල ගේ සොරු කැඩුවයි කියන ගෙදර හිමිකරු වන වසන්ත රංජිත් නැමැති ව්යාේපාරිකයා සිය ප්රාරඩෝ රථයෙන් එතැනට පැමිණ හිටියා. ඔහු  එහි සිටි සිවිල් නිලධාරියකු සමඟ කතාබහ කරමින් අතට අත දෙමින් සාමිච්චි යෙදි ඉන්නවා මා දුටුවා. උඹලා ගංජා විකුණනවා හෙට අනිද්දා ඔප්පු කරලා පෙන්නන්නම් කිව්වා. පොලිස් නිලධාරීන් වසන්ත රංජිත් නමැති ව්යාාපාරිකයා සමග අසල පිහිටි කේබැබ් නැමති සංචාරක  හෝටලයට ගොස් දහවල් ආහාරය ගෙන තිබුනා. එහි සිටි එක නිලධාරියෙක් මගේ අම්මට කතා කරලා කිව්වා උඹලට නිකන් ඉන්න දෙන්න නෑ ගංජා දමා හරි ඇතුලට දානව කියලා. මාව අත් අඩංගුවෙන් මා නිදහස්ව පැමිණීමෙන් පසුව සවස 5.30 ට පමණ මට කලන්තය හැදුනා.  එවිට 1996 ට කතා කර මාව බළන්ගොඩ මූලික රෝහලට ගෙන ගියා. දින හතරක් නේවාසික ව ප්රනතිකාර ලබා දුන්නා. රෝහල් පොලිසියෙන් පැමිණ මගින් ප්ර කාශයක් ගත්තා. 2020 ජනවාරි 02 බලංගොඩ සහ සහකාර පොලිස් අධිකාරී වෙත ගොස් පැමිණිලි කළා. රත්නපුර පොලිසියේ නිලධාරින් පැහැරගෙන ගොස් පැය දෙකකට වැඩි කාලයක් අමානුෂික ලෙස වධ හිංසා පමුණුවා ඉන්පසු රත්නපුර පොලිසියට නීති විරෝධීව රඳවා තබාගෙන මුදාහැරියේ මහා පරිමාණ ව්‍යාපාරිකයෙකුගේ අවශ්‍යතාව සංසිඳවීම සඳහා බව ප‍්‍රකාශ කරමින්. මා පසුව දැන ගත්තා මා පන්සලේදී අතුරුදහන්වීම් ගැන තාත්තා බලංගොඩ පොලිසියට ගොස් පැමිණිල්ලක් දාන්න උත්සාහ ගත්තු  බවත්, නමුත් එම පැමිණිල්ල භාර ගෙන තිබුණේ නැති බවත්. ඒ අතර මගේ පුංචි අම්මා කෙනෙක් 119 ට කතා කරලා පැමිණිල්ලක් කරලා. තිබුණා. ඉහත දැක්වූ ව්‍යාපාරිකයාගේ නිවෙස ඉදිරිපිට කටු මැටි ගැසු ගෙයක අපි පදිංචි වෙලා ඉන්නේ. මෙම ව්‍යාපාරිකයාගේ නිවස හොරුන් විසින් බිඳ එම නිවසේ තිබූ ලක්ෂ 7කට වැඩි මුදල් ලක්ෂ දහයකට ආසන්න රන් භාණ්ඩ පමණක් නොව සී.සී.ටී.වී. කැමරාවල පද්ධතිය ද රැුගෙන ගොස් ඇති බව පොලිසිය අප සමග කියා සිටියා. මාව පොලිසිය පැහැරගෙන ගොස් මෙම මේ ආකාරයට සොරකමට ආදේශ කරන්න ඔවුන්ට තිබු අවශ්‍යතාවය මා නොදනිමි. මට සිදුකළ අපරාධය පිළිිබ`ද මෙසේ පැමිණිලි කිරිම නිසා මා අත්අඩංගුවට ගෙන පළිගැනිමට ඉඩ නොතබන ලෙසට, මගේ මතු ආරක්ෂාව සලසන ලෙසට සහ රත්නපුර පොලිසියේ අදාල නිලධාරීන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා සිටිමි.
මෙයට,
------------ලීලාරත්න,

රට තුළ නීතිය මත පාලනයක් (නීතියේ ආධිපත්‍ය) ඇති කිරීමට නම් පොලීසිය නීතියට යටත් කළ යුතුය. 
පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම නීතියට විය යුතු බවට වන ජනාධිපති ගෝඨාභය ගේ නියෝග අද දින දක්වාම පොලීසිය ක‍්‍රියාවට නංවන්නේ නැත.

No comments:

Post a Comment