Saturday, June 23, 2012

නඩුවෙන් නිදොස් කොට නිදහස් .... එහෙත්!


Nandani Kumari

නඩුවෙන් නිදොස් කොට නිදහස් .... එහෙත්!

වෙනත් පුද්ගලයින්ගේ අවශ්‍යතාවයට, අසරණයින් අත්අඩංගුවට ගෙන, බොරු චෝදනා නගා, වධහිංසා, කෲර අමානුෂික අවමන් සහගත සැලකිලි හා දඬුවම් වලට පාත‍්‍ර කරවීම -  ශ‍්‍රී ලංකා පොලිසියට ආවේනිකවූද, නිදන්ගතවූද ක‍්‍රමවේදයක්. එ් පොලිසියේ පැවැත්ම සඳහා ආණ්ඩුවේ, ඉහළයින්ගේ අවශ්‍යතාවය සඳහා.
මාතලේ - නන්දනී කුමාරිව, රත්තොට පොලිසිය අත්අඩංගුවට ගන්නේ 2008 ජූනි 26 වෙනිදා.
එ් බන්ධනාගාර නිලධාරියෙකු වූ මාතලේ බන්ධනාගාර සිරමැදිරියේ ස්ථානාධීපති එම්.එච්.එ්කනායක ගේ අවශ්‍යතාවයට ගොතන ලද ”චෝදනාවකට” අනුව.
අත්අඩංගුවට ගන්නා ඇයට, රත්තොට පොලිසිය සලකන්නේ - තිරිසන් ආකාරයට. මේ පොලිසියේ ”පොලිස් කාන්තාවෝ ” කියාද පිරිසක් ඇත.
පසුදින අධිකරණයට ඉදිරිපත් කරන ඇයව රක්ෂිත බන්ධනාගාර ගත කරනවා. ඇයව ගෙනියන්නේ මහනුවර බන්ධනාගාරයේ කාන්තා අංශයට.
එහෙත් ඇයට පහර දෙන්නේ බන්ධනාගාරයේ ගැහැණු නියාමකයින්. එම පහර දීමෙන් ඇය බරපතල ලෙස රොගාතුරු වෙනවා.
ඇයව 2008.06.30 දින අධිකරණයට ඉදිරිපත් කල විට ඇප ලබා දුන්නා. නමුත් නීතිඥවරිය ඇයට බන්ධනාගාරයේදී පහරදුන් බව ප‍්‍රකාශ කරන්න කිව්වත් එසේ කළේ නැහැ. (නීතිඥවරියගේ නම දර්ශනී ගුණසේකර*
අධිකරණයෙන් පිටවූ ඇය, මාතලේ මහා රෝහලට ඇතුලත් වුනා. ප‍්‍රතිකාර ගැනීම සඳහා.
ඇයට විරුද්ධව නගා තිබූ චෝදනාව නම්, පද්මා කුමාරි නැමැත්තියකට පිහියකින් කපා තුවාල සිදුකිරීම, බැණ තර්ජණය කිරීම හා සාපරාධී බියගැන්වීමයි.
2008.10.17 වන දින නඩුවාරයේදී, ඇය විවෘත අධිකරණයේදී, තමාට සිදුවූ සියලූ දේ ප‍්‍රකාශ කර සිටිනවා.
බන්ධනාගාරයේ පහරදීම පිළිබඳව, පරීක්ෂණය පවත්වන්නට බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග නිකුත් කරයි.
එ් අනුව - බන්ධනාගාර නියාමකවරියන් සිව් දෙනෙකුට එරෙහිව මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පැවරීමටද පියවර ගනී.
එම නඩුව - මේ දක්වාම බහා තබා ඇත්තේ නීතිපති උපදෙස් තවමත් ලැබී නැති හෙයින්ය.
මේ අතර, නන්දනී කුමාරිට එරෙහිව පිහියකින් කෙටීම හා සාපරාධී බියවැද්දවීම යන චෝදනා සම්බන්ධයෙන් නඩුව - මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරනයේදී විභාගයට ගන්නවා.
එම නඩුවේ තීන්දුව - 2012.06.08 දින, එනම් වසර 4කට පසුව ප‍්‍රකාශයට පත් කෙරින. එ් අනුව සියලූ චෝදනා වලින් නන්දනී කුමාරිව නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
ඇය 2008 දීම, රත්තොට පොලිසියට හා බන්ධනාගාරයට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක්ද පවරන අතර, එයද තවම ඉවර නෑ.

2008.10.17 වන දින නඩුවාරයේදී, ඇය විවෘත අධිකරණයේදී කල ප‍්‍රකාශය
ගලපිට හේනේ ගෙදර නන්දනී කුමාරි
ගරු ස්වාමීනී මා මේ සිද්ධිය කලේ නැහැ. පොලිසියෙන් මාව රැුගෙන ගියා. 28 වෙනිදා 06 වෙනි මාසේ අරන් ආවා. උදේ පාන්දර මම අරන් ආවේ. මට ගොඩක් ගැහුවා. උදේ පාන්දර මාස් ශුද්ධිය ඇතිවුනා. මේ සිද්ධිය සම්බන්ධයෙන් මාව පොලිසියට අරන් ආවා.
පොලිසිය මට පහුවදා වෙනකම් එන්න දුන්නේ නැහැ. මම මේ පත්මා කුමාරිට ගැහුවා කියලා බලෙන්ම මාගෙන් කටඋත්තරයක් ගත්තා. එ රාලහාමිලාට යන්න වෙලා යනවා කියලා මට අත්සන් කරන්න කිව්වා. කියවලා බලන්න මම ඉල්ලූවා. ඊට පස්සේ මම එ්කට අත්සන් කලා. නැවත මම පාරට ගෙනල්ලා කැඩිච්චි බංකුවක් දාලා තිබුනා. එහි වාඩිවෙන්න කිව්වා.
ගරු ස්වාමීනී මම වාඩි වුනා. ආරක්ෂක මාතාවක් ගෙනත් තිබුනා. මට මෙන්සස් හැදුනා පාන්දර මම කෙනෙකුට කථා කරලා මට බඬේ කැක්කුම කියලා කිව්වා. දෙතුන් සැරයක් ඉල්ලූවා පැනඩොල් දෙකක් මට දුන්නේ නැහැ. මාව උසාවි දානවා කිව්වා. ඇයි කියලා මම ඇහුවා. ඊට පස්සේ කිව්වා ඇප දෙන්නේ නැහැ. උසාවියෙන් ඇප අරන් දෙනවා කිව්වා පත්මා කුමාරි කියන අයගේ ගැන සාමදාන කරන්න බැහැ එයාට ගොඩාක් අමාරුයි. කිව්වා. පොලිසියෙන් කෝල් එකක් ආවා. ලොකු මහත්තයා කෝල් කරනවා ඇහුනා. උසාවි ගෙනාපු රාලහාමි මහත්තයා එලියට එන්න කිව්වා. උසාවි දවසක් නොවේ සෙනසුරාදා දිනයක් කතාකරලා දෙන්නද කියලා ඇහුවා නීතිඥ මහතෙක්. ඊට පස්සේ මම හා කිව්වා. මාගේ පෝන් එකේ රු: 20/= ක් තියෙන්නේ. රු: 100/=     රී ලෝඞ් එකක් දාලා දෙන්න කිව්වා. මහත්තයා එ් වෙලාවේ ඇවිත් සිටියා ලෙඩා ගාව සිට. අපි ජීප් එකට නැග්ගා පිරිමි කෙනෙක් ආවා. ආරක්ෂක මාතාව සිටියා. පොලිසියේ රාලහාමි සිටියා. තෙල් ගහන්න සල්ලි නැහැ තෙල් ගහන්න සල්ලි දෙන්න කිව්වා. ඊට පස්සේ මහත්තයා දෙන්න ලැහැස්ති වුනා රු: 500/=ක් මම කිව්වා දෙන්න එපා කියලා. එ් ගමන තව ටිකක් දුර ඇවිත් තෙල් නැහ කිව්වා. අපිට ලොකු මහත්තයා තෙල් ගහන්න සල්ලි දුන්නේ නැහැ කිව්වා. තෙල් ගහන්න නැත්නම් කියලා වාහනය නතර කලා. සල්ලි දුන්නේ නැති නිසා වාහනය අරන් යන්න කියලා ඩයිවර් මහතාට කිව්වා. උසාවියට ආවාම මාගේ ඇඳුම් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තිබුනා. ආරක්ෂක මාතාව කිව්වා සෝද ගන්න යමු කියලා. එයා කිව්වා මේ පැත්ත ගැන දන්නේ නැහැ කියලා. එයාගෙන් හැට්ට කටු දෙකක් ඉල්ලගෙන එ්වා වැහෙන්න ගහ ගත්තා සායේ. පස්සේ එ් රාලහාමි මහත්තයා කිව්වා ලෝය එනවා අලවතු ගොඩින් සල්ලි තියෙනවද කියලා ඇහුවා. අපි කිව්වා සල්ලි තියෙන්නේ රු: 500/= ක් කියලා එ් ගමන කිව්වා. රුපියල් පන්සීය මොනවා කරන්න කියලා සාජන් මහතා ඇහුවා. මගේ කරේ තිබුන රන් මාලය ගලවලා දුන්නා. පස්සේ මහත්තයා ලග තැනක තියන්න කියලා සාජන් මහතා කිව්වා නීතිඥ නෝනා ලඟ එනවා කියලා. ඊට පස්සේ රු. දෙදහාක් මාලයට අරන් තිබුනා. මහත්තයා. නීතිඥ නෝනා එන්න පොඞ්ඩකට කලින් මහත්තයා ආවා. එ් එක්කම නීතිඥ නෝනාත් ආවා. ඊට පස්සේ රාලහාමි මහත්තයා කිව්වා අර සද වාගේ බැබලි බැලි ඉන්න නෝනා තව ඉන්නවද නඩුකථා කරලා දෙන්න කියලා එයා අල්ලලා දෙන්නම් කිව්වා. ඊට පස්සේ ගරු ස්වාමීනී රාලහාමි මහතා එ් නීතිඥ නෝනා ඇවිල්ලා කථා කරලා මොන මොනවදෝ අහලා එන්න කිව්වා කතාකරන්න. පස්සේ මාගේ මහත්තයා සහ මා නෝනාට කථා කලා ඊට පසු එ් නෝනාට කෙටියෙන් විස්තර කියන්න මට තව එකක් කථා කරන්න තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ මා කිව්වා මෙහෙම දෙයක් මා කරේ නැහැ. පොලිසියෙන් ගෙනල්ලා මාව හිරකරලා කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා මුදල් කීයක් තියෙනවාද කියලා ඇහුවා. පොලිසියටත් එක්ක ගෙවන්න රුපියල් හාරදහසක් ගෙවන්න කිව්වා. මහත්තයා කිව්වා එ් ගමන දැනට තියෙන්නේ රුපියල් දෙදහස් පන්සියක් පමනයි. ඊට පස්සේ එ් නෝනා කිව්වා දෙදහස් පන්සිය මොනවා කරන්නද දැන් පොලිසියටත් දෙන්න තියෙනවා. කවුරු හරි කෙනෙක් ලඟ ඉන්නවානම් අත මාරුවක් අරගෙන ඉතුරු ටික දැන් දෙන්න පුලූවන්ද කියලා ඇහුවා මහත්තයා කිව්වා මම විතරයි ඉන්නේ කවුරුත් නැහැ කිව්වා. ඊලඟ නඩු වාරයේදී ඉතිරි එක්දහස් පන්සිය ගෙවන්න කියලා දෙදහස් පන්සිය අර ගත්තා. ඊට පස්සේ අපි එලියට ආවා. එක් මොහොතක් වුනා පස්සේ එහා පැත්ත කාමරයට මහේස්ත‍්‍රාත් තුමා ආවා. මම පෝලිමේ දෙවනියට සිටියේ. වෙන පොලිසියේ ආපු රාලහාමි කෙනෙක් ඇහුවා. ඇයි මෙයා ගෙනල්ලා ඉන්නේ කියලා. ඊට පස්සේ එ් රාලහාමි මහත්තයා කිව්වා එ් අපේ මාතලේ බන්ධනාගාර  ඕ.අයි.සී මහතාගේ නෝනාගේ අත දෙකට යන්න කොටලා මෙයා කියලා ගරු ස්වාමීනී එතනදී මම හරියට බය වුනා. මා නොකරපු දෙයක් නිසා මා භය වුනා. පස්සේ මාව ඇතුලට අරන් ගියා. මහේස්ත‍්‍රාත් තුමා , මාගේ සම්පූර්ණ නම ඇහුවා. වයස කියන්න කිව්ව, ඊට පස්සේ මම එ්වා කිව්වා. මෙයා මහා රෝහලේ ඉන්න කෙනෙක් මෙයා එහෙම දෙයක් කරලා නැහැ කියලා කිව්වා. පස්සේ පොලිසියේ රාළහාමි මහත්තයා කිව්වා ලෙඩාට ගොඩාක් අමාරුයි රජවීදිය බන්ධනාගාර ගත කරනවා කිව්වා. මාව අරන් ගියා මාතලේ බන්ධනාගාරයට එහෙට ගියාම රාලහාමි මහමත්තයා බන්ධනාගාරයේ ඉන්න මහත්තයා අතට අත ගහ ගත්තා. ඔන්න මචන් අපේ වැඬේ හරි කිව්වා. පස්සේ  ඕ.අයි.සී මහත්තයා ඇහුවා ලෝය කවුද කියලා. අරයාම තමයි කිව්වා. අපට සලකයි නේද කියලා ඇහුවා. හරි හරි කිව්වා. එ් ගමන මට එහි නතර කරලා එ් මහත්වරු ආවා. මම කූඩුවට දැම්මා. ඊට පස්සේ සවස පහ මාරට විතර වාගේ බන්ධනාගාරයට කථා කලා බස් එකක් එවන්න කියලා රජ වීදියට. ඊට පස්සේ  ඕ.අයි.සී මහතා තවත් නම්බර් එකක් කථා කරලා, එ් කරලා මම පස්සේ කතා කරලා කිය න්නම් කිව්වා. ඊට පස්සේ ගරු ස්වාමීනී මම බිම නිදාගෙන සිටියේ. තවත් මහත්තයෙක් ඇහුවා ඇයි ඔයා බිම ඉන්නේ පැදුරක් නැද්ද කියලා ඇහුවා මම නැහැ කිව්වා. කවුද ඇවිත් ඉන්නේ කියලා ඇහුවා. මම ඔව් කිව්වා. කවුරු එක්කද රන්ඩු වුනේ කියලා ඇහුවා. මම නැහැ කිව්වා. ඇයි ඇඳුම් ඔච්චර විනාශ වෙලා කියලා ඇහුවා. පස්සේ මම කිව්වා මට සනීප නැහැ කියලා. නියාමක මහත්තයා එ්ව අහලා ගියා. ඊට පසු තව කෙනෙක් ආවා. ඇවිත් මට කතා කලා. පස්සේ මම අනේ මිස් කරුණා කරලා මට පෑඞ් එකක් ගෙනත් දෙන්න කියලා ඉල්ලා සිටියා. ඊට පස්සේ එ් මිස් කිව්වා  ඕ.අයි.සී මහතා ගියාට පස්සේ මම ඔයාට ගෙනත් දෙන්නම් කියලා. ටික වෙලාවකට පස්සේ මට පෑඞ් එක ගෙනත් දුන්නා. පහ මාරට විතර ඇති. බස් එකක් ආවා. එලියට අරගෙන තව පිරිමි අය. ගොඩක් සිටියා. එ් අයත් නුවර රජවීදියට අරනෙ ගියා. රජ වීදියේදී මාලිගාව ලග. නතර කරලා යන් කියලා මගෙන් අතින් අල්ලා ගත්තා. මම එතනදී දලදා වහන්සේට වැද්ලා සිද්ධිය කරුනා කරලා දෙන්න කියලා කිව්වා. ඇතුලට එක්කරන් ගියා රජ වීදියේ. එතන සිටිය මහත්තුරු මගේ නම ගම ලියා ගත්තා. ඊට පස්සේ අර මිස් ලා ඉන්න කාමර වලට එක්කරන් ගියා. එතනදී මා එක්කරන් ගිය මිස් කිව්වා, මේ මාතලේ බන්ධනාගාරයේ  ඕ.අයි.සී. ගේ එකක් කියලා මාව බාර දුන්නා. ඊට පස්සේ රජවීදියේ මිස්ලා තුන් දෙනෙක් සිටියා. එ් මිස්ලා කිව්වා, හරි හරි අපට ආරංචි වුනා 2.30 ට විතර කොක්ල් එකක් දුන්නා. මෙයා එනවා කියලා, අර මිස් ආවා. පස්සේ මගෙන් ඇහුවා, ඔයා බැදලද ඉන්නේ කියලා මම ඔව් කිව්වා. දරුවන් කී දෙනෙක් ඉන්නවද කියලා ඇහුවා. තුන් දෙනෙක් ඉන්නවා කිව්වා, රක්ෂාවක් කරනවද කියලා ඇහුවා. නැහැ කතිව්වා. මහත්තයා රක්ෂාවක් කරනවාද කියලා ඇහුවා. ගරු ස්වාමීනී එ් අය කිව්වා අපි නම් ගහන්නේ නැහැ හෙට ඉන්න අය ගහයි කියලා කිව්වා. මට කෑම දුන්නා. එතන බාත් රූම් එකට එක්කරන් ගියා මාව එ් අයට කිව්වා කියපු කෙනා මේ. ගහන්න එපා කිව්වා මට. පහුවදා උදේ නමයට විතර එහි සංගීත සංදර්ශ නයක් තිබුනා. හිරගත වෙලා ඉන්න අය එ් ශාලාවට අරන් ගියා. උදේ ආපු අය ඉන්න කිව්වා. මමයි දෙතුන් දෙනෙකුයි නතර වුනා. එක මිස් කෙනෙක් ඇවිල්ලා මට කිව්වා, ඔයා හෙට උසාවි දානවා නාමු කියලා. පස්සේ මම මාගේ ඇද සිටි ඇදුම් සෝදලා දැම්මා. මාව එතනින් එක්කරන් ගියා. මාගෙන් ඇහුවා මාතලෙන්ද ආවේ කියලා ඇහුවා. ආපු කාරනය ඇයි කියලා කිව්වා. මම කිව්වා රන්ඩුවක් වෙලා කියලා කාට විරුද්ධවද කියා ඇහුවා. ගාඞ් අය්යා කෙනෙක්ගේ කියකලා කිව්වා. ගාඞ් අය්යා කිව්වම මට ගහන්න කපටන් ගත්තා. ඔතන ඉන්න අය ඇතුලට එවන්න ක්වා. පඩි දෙකක් බහින්න තියෙනවා මට ගහන්න එපා කිව්වා. මාව තල්ලූ කලා මාව වැටුනා. වැටුනම මට ගැහුවා. ඔලූව උසෘසලාක මාව නැගිට්ටුවා මාව, මාගේ ඔලූව බිත්තියේ හප්පලා මාගේ කන් වලට ගැහුවා. මට කලන්තය වගේ හැදුනා.  ඕ.අයි.සී මහත්තයා කිව්වා මාව බාගයට මරලා එවන්න කියලා. කිව්වා කියලාක මාව එව්වා. මාගේ මුත‍්‍රා පිහලා යන් කියලා රෙදි කෑල්ලක්දුන්නා. එ් රෙදි කෑල්ල අරන් ගිහින් ඩසෘපින් එකට දාන්න කිව්වා.පස්සේ මම ආවා. මට වමනය යනවා නැවත මාව එක්කරන් ගියා පස්සේමාව ඩොක්ට ලගට අරන් ගියා. එතන තවත් මිසෘ කෙනෙක් සිටියා. එයා මගෙන් ඇහුවා නම ඩොක්ට මගෙන් අතින් අල්ලලා අඩන්නේ ඇයි කියලා ඇහුවා. කලූපාට කෑල්ලක් පෙන්වා එ්ක කිව්වොත් ගහනවා කිව්වා. මම කිව්වේ නැහැ. අමාරු නම් කියන්න කිව්වා. බන්ධනාගාර නෝනා මොකද වුනේ කියලා ඇහුවා. මට වමනය යනවා කිව්වා. කාලද ඉන්නේ කිව්වා. නැහැ කිව්වා මොනවා හරි කාලා බෙහෙත් බොන්න කිව්වා මගෙන් අතේ කැලල් තියෙනවද කියලා අහලා ලියා ගත්තා. පහුවදා උදේ මාව එලියට ගත්තා. උසාවි ගේන්න කියලා. එතනදී මට කිව්වා ගහපුබවක් කියන්න එපා කියලා. පස්සේ මාව බන්ධනාගාරයෙන් ගෙනාවා. මාතලේට. මාතලේදී ඇහුවා හොදයිද. කියලා මහත්තයා මට කථා කරන්න ආවා. මට කෑම එකක් ගෙනත් තිබුනා. ඔයාට ගහලා නේද කියලා ඇහුවා. මම ඔලූවෙන් ඔව් කිව්වා බන්ධනාගාර  ඕ.අයි.සී මහතා ඇවිත් කිව්වා නඩු කාර තුමා එක්ක කථා කරන්න බැහැ. ලෝය එක්ක කථා කරන්න එපා ගෙදර අයත් එකක් කථා කරන්න එපා තමන්ට අද ඇප ලැබෙයිද දන්නේ නැහැ. තමා නිසා එ්ව වුනා කිව්වා. මා හොදටම බය වුනා. අය්යට කථා කරලා කිව්වා අය්යා අද සමාදාන වෙමුද කියලා කිව්වා. උසාවියේදී මට ඇප ලැබුනා. ඇප ලැබුනට පසු මා ගිහින් නැවතබන්ධනාගාරයට මගේ බඩු අරන් ආවා. මා රෝහල නතර කරන්න කිව්වා. මාතලේ පොලිසියේ පැමිණිලි කරලා රෝහලේ නතර වුනා. එ් කාරනා සේරම මා ඩොක්ටට කිව්වා. මාව 9 යේ වාට්ටුවේ නතර කලා. මට කථා කරන්න බැහැ. ඔලූව කැක්කුම , කන් රිදෙනවා.
ප‍්‍රකාශය සාක්ෂිකාරියට කියවා දී අත්සන් කරයි.
අ.කලේ/සාක්ෂිකාරිය.....................
මෙම විත්තිකාරිය අධිකරණයේ ප‍්‍රකාශ කරන්නට යෙදුන ඉහත කරුනු අධිකරණයේ අවධානයට ට ලක් කර මෙම විත්තිකාරිය රෙජිස්ට‍්‍රාර් මහතා බාරයේ උසාවි කාන්තා පොලිස් නිලධාරි බාරයේ මාතලේ රෝහලේ අධි. වෛද්‍ය නිලධාරී වෙත යොමුකර වාර්තාවක් කැදවීමට නියම කරමි. ඊට අමතරව මෙම විත්තිකාරියගේ සම්පූර්ණ ප‍්‍රකාශයක් මාතලේ පො.අධිකාරී කාර්යාලයේදී වාර්තා ගත කල යුතු බවත් මේ සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වන ලෙසට මාතලේ ජ්‍යෙ.පො.අධි.නියම කරමි. මේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරය සහ බන්.දෙපාර්තමේන්තුවේ සිදුවූයේ යයි කියනු ලබන අක‍්‍රමිකතා අසධාරණය සම්බන්ධව සත්‍ය අසථ්‍ය තාවය ගැන වහාම පරීක්ෂණයක් පවත්වා මීලග දින එකී වාර්තාව සමග බන්.අධිකාරී මෙම අධිකරණයේ පෙනී සිටිය යුතු බවට නියම කරමි.
අත්.කලේ/මහේස්ත‍්‍රාත් මාතලේ.
2008.10.17

------------------------------------------------------

හොරණ හිමිනමකට පොලූවලින් ගහලා



Vijitha Weeresinghe
හොරණ හිමිනමකට පොලූවලින් ගහලා

ශ‍්‍රි ලංකාවේ දුෂිතම ආයතනය වන පොලිසිය හා එක්ව අපේ රටේ පුවත් පත් වාර්තා කරුවන් සිය පාඨකයින්ව මුලා කරන ආකාරය මොනවට පැහැදිලි කරන විජිත කුමාර වීරසිංහ යන්ගේ විවෘත ලිපිය මෙසේ ඔබ අතට පත්කරන්නේ පත්ලරවල පළවන ප‍්‍රවෘති සත්‍ය බවට විශ්වාස කරන බොහෝ පිරිසක් අප අතර සිටිනා බැවිනි. ජනසංසදය 81/2, ආතර් වි දියෙස් මාවත පානදුර 038 22 35191
හොරණ හිමිනමකට පොලූවලින් ගහලා
විජිත කුමාර වීරසිංහයන්ගේ - විවෘත ලිපිය

-------------------------------------------------------------------------------------------------------------------------------------
විජිත කුමාර වීරසිංහ
         අංක 29, වවුළුගල ජනපදය,
 මුණගම,
 හොරණ.
 2012. 06. 02

සියලූම දෙනාගේ අවධානය සඳහා

මාධ්‍යවේදීන්, පුවත්පත් වාර්තාකරුවන්, මාධ්‍ය ආයතන ලොක්කන්, ආණ්ඩුව හා ”බණ” කියන ඇත්තන්, නිතර දෙවේලේ මුමුණන වදනකි, ”මාධ්‍ය සදාචාරය”. එ් හා සමානව මාධ්‍ය නිදහස ගැන ද දෙසති.
මා මෙම කාරණය ඉදිරිපත් කරන්නේ මේ දෙගොල්ලන්ටමය.
සිද්ධිය
2012. 01. 05 වන දින මා, මාගේ පුතා වන රොෂාන් ප‍්‍රදීප් වීරසිංහව හොරණ පොලීසියට ඉදිරිපත් කළෙමි. වෙනත් ආකාරයට කියනවා නම්, බාර කළෙමි. එ් ඔහුට විරුද්ධව තිබූ පැමිණිල්ලක් සම්බන්ධයෙනි.
ඔහුට විරුද්ධව, වජිරබුද්ධි නම් වූ හිමිනමකට පහරදීම යන චෝදනාවට නඩුවක් පවරනු ලැබීය. එහි අංකය 72598 වේ.
ඔහුට තවත් නඩුවක් ඉදිරිපත් කළේය. එ් ගංජා මිලි ග‍්‍රෑම් 1800 ක් මුදලට විකිණීම හා ගංජා මිලි ග‍්‍රෑම් 7200 ක් ළඟ තබා ගැනීම යන චෝදනා යටතේය. එම නඩුවේ අංකය 73068 වේ.
මා ඔබ සැමට ඉදිරිපත් කරන්නේ පොලීසියට බාර දුන්න මගේ පුතාව දින තුනක් නීති විරෝධීව රඳවා තබාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම හෝ බොරු චෝදනා යටතේ නඩු පැවරීම ගැන නම් නොවේ.
ජාතික පුවත්පතක් බව කියන, ආණ්ඩුවේ අයිතිය තිබෙන ලේක්හවුස් ආයතනය පල කරන ”දිනමිණ” පත‍්‍රයේ එකී සිද්ධිය අදාළව 2012. 01. 01 දින හෝ ආසන්න දිනයක හොරණ, මුණගම, වවුළුගල වත්තේ පන්සලක් හදාගෙන සිටින වජිරබුද්ධි නම් වූ හිමිනමකට පහරදීමට මාගේ පුතාව සැක කර ඇති බව පලකර තිබිණ.
මාගේ පුතාව සොයාගෙන කිහිප වතාවක් හොරණ පොලීසිය පැමිණීම නිසා, නීතිඥ තුෂාර ගුණරත්න මයාගේ උපදෙස් මත, 2012. 01. 05 වන දින හොරණ පොලීසියේ සැරයන්වරයෙකු වූ සතරසිංහට බාර කළෙමි.
2012. 01. 05 වන දින හොරණ පොලීසියට බාරදුන් මාගේ පුතාව, දින තුනක් නීති විරෝධී ලෙසට පොලීසියේ රඳවා තබාගෙන සිට, 2012. 01. 08 වන දින හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
සිද්ධිය අදාළව පළවූ පුවත දිනමිණ පුවත්පතට, හොරණ මධ්‍යම විශේෂ - චන්ද්‍රා ශ‍්‍රී පෙරේරා විසින් සපයා, 2012. 01. 07 වන දින පල කළ පුවත
”හොරණ හිමිනමකට පොලූවලින් ගහලා”
හොරණ මධ්‍යම විශේෂ - චන්ද්‍රා ශ‍්‍රී පෙරේරා
හොරණ වවුළුගල ජනපදයේ බෝධිරාජාරාමයේ වැඩවෙසෙන දිග්වැල්ලේ වජිරබුද්ධි හිමියන්ට විහාරස්ථානයේදී පසුගිය 01 වනදා ජනපදයේම පදිංචිකරුවෙකු විසින් අමානුෂික ලෙස පොලූවලින් කකුල්වලට, මුහුණට හා පිටට පහර දී බරපතළ ලෙස තුවාල සිදුකොට ඇත.
කටේ දත් හතරක් ගැලවී ඇති අතර කකුල්වලට ගසන ලද පොලූ පහරවල්වලින් කකුලේ අස්ථි කැඞී ඇත. පිටපිට සිදුකර ඇති පහරවල් සංඛ්‍යාව ගණනය කළ නොහැකි තත්ත්වයේ පවතින අතර හිමිනම හොරණ මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටී.
සැකකරු සැඟවී සිටියදී දින පහකට පසු ගම්වාසීන්ගේ ද සහාය ඇතිව (5 දා*  ඕවිටිගල කැලෑවක සිට හොරණ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටී.
සැකකරු ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ යෙදෙන්නෙකු බව පවසයි.
පානදුර පොලිස් අධිකාරී එච්. එම්. ධර්මසේන සහ හොරණ සහකාර පොලිස් අධිකාරී සමන් රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් පිට හොරණ මූලස්ථාන පොලිස් පරික්ෂක ධම්මික නවරත්න මහතා වැඩිදුරටත් පොලිස් පරික්ෂණ මෙහෙයවයි.”
මෙම වාර්තාවේ කොතනකවත් මාගේ පුතාගේ නම සඳහන් නැත. එහෙත් මෙහි සඳහන් කරන්නේ මගේ පුතා ගැනය.
හොරණ, මුණගම, වවුළුගල වත්තේ පන්සලක් සාදාගෙන, එහි සිටි වජිරබුද්ධි නමැති චීවරධාරියාට යමෙකු පහරදීම නිසා ඔහු හොරණ රෝහලේ - රෝහල්ගතව සිටි බව ද නිවැරදිය.
මුලින් සඳහන් කළ පරිදි, එම සිද්ධියට සැකකර තිබුණේ මගේ පුතාවය. සිද්ධියට අදාළව හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ ,ඊ, වාර්තාවේ මාගේ පුතාගේ නම සඳහන් වේ. එ් අනුව පෙර කී පරිදි මා මාගේ පුතාව හොරණ පොලීසියට 2012. 01. 05 වන දින බාරදෙන ලදි.
බාරදීම පිළිබඳව කිසිවක් සඳහන් නොකරන වාර්තාකාරයා, ගම්මු හා පොලීසිය එක්ව
”සැකකරුවෙකු” අල්ලා ගත් බව සඳහන් කර, නම නැතත් සිද්ධිය හා දිනය අනුව, එ් සඳහන් කරන්නේ මගේ පුතා ගැනය.
”පහරදීමකින් තුවාල ලැබ රෝහල්ගතව සිටි චීවරධාරියෙකු” ගැන සඳහන් කර, එය පසුබිම් කරගෙන පොලීසිය හා එක්ව ගොතන ලද අමූලික බොරුවක්, ”දිනමිණ” පත‍්‍රය පල කළේ, දිනමිණ මෙන්ම අනෙකුත් පත්තර මේ ආකාරයෙන් පල කරන පුවත් පිළිබඳව කිසිවෙකු විසින් ප‍්‍රශ්න නොකරතියි යන, ”සාම්ප‍්‍රදායානුකූලව පිළිගත්” මතයේ සිටය.
 ඕනෑම බොරුවක් ලියා පල කොට, මුදලක් ලබාගෙන, පොලීසිය තෘප්තිමත් කිරීම මේ ඊනියා මාධ්‍යකාරයින්ගේ ”ජීවත්වීම” වී ඇත.
2012. 01. 05 වන දින මා පුතාව පොලීසියට බාරදීම විකෘති කර, පල කරන ලද තත්වය මත ද එකී දිනමිණ වාර්තාව, අධිකරණය ඉදිරියේදී ප‍්‍රශ්න විය. එ් 2012. 01. 05 දින පොලීසියට බාරදුන් පුතාව 2012. 01. 07 වන දින අධිකරණයට ඉදිරිපත් කිරීම හා ඔහුට නගා තිබූ ගංජා විකිණීම හා ළඟ තබා ගැනීම යන බොරු චෝදනා සම්බන්ධයෙනි.
මේ කාරණය පිළිබඳව, අධිකරණයේ නියෝග පරිදි, හොරණ සහකාර පොලිස් අධිකාරීවරයා විසින් පරික්ෂණයක් ආරම්භ කළේය.
එ් පරික්ෂණයේදී පුවත, දිනමිණට යොමු කළ හොරණ මධ්‍යම විශේෂ  - චන්ද්‍රා ශ‍්‍රී පෙරේරා එකී පරික්ෂණයේදී, හොරණ සහකාර පොලිස් අධිකාරීවරයා කෙරෙහි අවධානය යොමු කර සිටිමි. හොඳින් කියවන්න.
හොරණ මධ්‍යම විශේෂ - චන්ද්‍රා ශ‍්‍රී පෙරේරා ගේ සහකාර පොලිස් අධිකාරීවරයා වෙත 2012. 02. 17 වන දින කරන ලද ප‍්‍රකාශය
”සම්පූර්ණ නම :- ආමලාගේ ෙදාන් චන්ද්‍රා ශ‍්‍රී පෙරේරා. වයස අවු: 60 යි. සිංහල/බුද්ධාගම. විවාහකයි. රැුකියාව: මාධ්‍යවේදී ජා.හැ.අංකය : 513072465 ඪ. පදිංචිය : තලාව, හල්තොට. දුරකථන අංකය : 0729223505 මෙසේ කියා සිටියි.
මගේ ප‍්‍රකාශයක් ගැනීමට හේතුව 2012. 01. 07 වන දින දිනමිණ පුවත්පතෙහි මා විසින් පල කරන ලද ”හිමිනමකට පොලූවලින් ගහලා” යනුවෙන් සඳහන් ප‍්‍රවෘත්තිය බව පහදා දුන්නා. මා සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගමේ හොරණ මධ්‍යම විශේෂ තනතුර යටතේ දැනට වසර 15 කට අධික කාලයක සිට ප‍්‍රාදේශීය මාධ්‍යවේදියෙක් වශයෙන් කටයුතු කරනවා. මගේ රැුකියාවේ ස්වභාවය හොරණ මැතිවරණ කොට්ඨාශය තුළ විවිධ ප‍්‍රදේශ වලින් සිදුවන සිදුවීම් වාර්තා කිරීමයි. එවැනි අවස්ථාවක් හැටියට මෙම ප‍්‍රවෘත්තිය පල කිරීම මම පිළිගන්නවා. හොරණ ප‍්‍රදේශයේ මම නිතර ගැවසෙන අතර, පසුගිය දිනක මට දැනගන්න ලැබුණා හොරණ වවුළුගල ජනපදයේ ස්වාමීන්වහන්සේ නමකට පහරදී හොරණ රෝහලේ ප‍්‍රතිකාර ලබන බව. එ් අනුව මම හොරණ රෝහලට ගොස් සොයා බැලූවා. හොරණ රෝහලේ භික්ෂූ වාට්ටුවේ වජිරබුද්ධි හිමියන්, පුද්ගලයෙකු විසින් පහරදීම නිසා බරපතල ලෙස තුවාල ලබා ප‍්‍රතිකාර ලබමින් සිටියා. උන්වහන්සේට විශාල ලෙස පහරදීම සිදු කිරීමෙන් ඇවිදීමටවත් නොහැකිව සිටි අතර, කකුල් වල ඇට බිඳී ඇතත් තුවාල නිසා ප්ලාස්ටර් කිරීමට නොහැකි තත්වයෙන් සිටින බව කිව්වා. එම අවස්ථාවේ මට ඉතා සංවේගයක් ඇතිවුණා. උන්වහන්සේ අසල ස්වාමීන් වහන්සේලා කිහිප නමක් ද, ඥතීන් හා ගම්වැසියන් යැයි හැඟුණු 20 ක් පමණ පිරිසක් ද අසල සිටියා. මෙම හිමිනමට වවුළුගල ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයෙකු විසින් මෙම පහරදීම සිදුකළ බවත්, ඔහුව අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටින බවත් එතන සිටි අයගෙන් ප‍්‍රකාශ වුණා. තුවාල ලබා මෙම හිමි නම සිටි ආකාරය දුටු මා බෞද්ධාගම්කාරයෙක් වශයෙන් ඇතිවූ සිත් වේදනාවෙන් හා සිටි මානසිකත්වයෙන් මෙම ප‍්‍රවෘත්තිය සකස් කර පුවත්පත් ආයතනය වෙත ෆැක්ස් මගින් යැව්වා. නමුත් මෙම පුවත්පතෙහි සැකකරු හොරණ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටියි යනුවෙන් සඳහන් කළත් එම සැකකරු පොලීසියෙන් අත්අඩංගුවට ගෙන සිටිනවා මා දුටුවේ නැහැ. මම එම ප‍්‍රවෘත්තිය ඉදිරිපත් කළේ හාමුදුරුවෝ අවට රැුස්ව සිටි පුද්ගලයින්ගේ කතාබහේදී ඔවුන්ගෙන් කියවුණු කරුණු මතයි. මෙම ස්වාමීන් වහන්සේට 2012. 01. 01 වන දින මෙම පහරදීම සිදුකර ඇති බවත්, අපරාධකරුව පොලීසියෙන් අත්අඩංගුවට නොගැනීම නිසා ස්වාමීන් වහන්සේලා හා ප‍්‍රදේශවාසීන් විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වීමට ද අදහසින් සිටින බවට මාහට තොරතුරු ලැබුණු නිසා අපරාධය සිදුවූ දින සිට මේ සම්බන්ධයෙන් මා ද අවධානයෙන් සිටිය නමුත්, සැකකරුව පොලීසියෙන් අත්අඩංගුවට ගත් දිනයක් මම හරියටම දන්නේ නැහැ. මෙවැනි ප‍්‍රවෘත්තියක් ඉදිරිපත් කිරීමේදී අවසන් ෙඡ්දයට පොලිස්ථානයට අදාළ කොට්ඨාශය හා දිස්ත‍්‍රික්ක බාර නිලධාරීන්ගේ හා ස්ථානාධිපතිගේ නම් යොදා යෙදීම සම්ප‍්‍රදායක් නිසා මෙහිද එය සඳහන් කළා. ඉහත චන්ද්‍රා ශ‍්‍රී පෙරේරා මහතාගේ ප‍්‍රකාශය සපොඅ. සමන් රත්නායක වන මම නැවත කියවා තේරුම්කර දුන්නා. කියවා බලා නිවැරදි බවට පිළිගෙන අත්සන් කළා. ඉහත චන්ද්‍රා ශ‍්‍රී පෙරේරා මහතාගේ ප‍්‍රකාශය සපො.අ. සමන් රත්නායක වන මම අවංකවත් නිවැරදිවත් කාපොසැ. 6104 අනෝජා ලබා යතුරුලියනය කරවා ලබාගත් බව මම මෙයින් සහතික කරමි.”
මීළඟට කියවන්න,
දිනමිණ පුවත්පතේ ප‍්‍රවෘත්ති කතෘවරයාවූ, නලින් දිල්රුක්ෂ නමැති අය විසින් ස. පො. අධිකාරී වෙත 2012. 02. 17 වන දින කරන ලද ප‍්‍රකාශය.
සම්පූර්ණ නම :- විතානපතිරන්නැහැලාගේ නලින් දිල්රුක්ෂ. වයස අවු: 44 යි. සිංහල/බුද්ධාගම. විවාහකයි. රැුකියාව: ප‍්‍රධාන ප‍්‍රවෘත්ති කර්තෘ, දිනමිණ පුවත්පත. ජා.හැ.අංකය : 683060631 ඪ. පදිංචිය : නො.56, ”දිල්රුක්” පල්මඩ, මීරිගම. පදිංචි පොලිස් වසම : මීරිගම. දුරකථන අංකය : 0777270034. මෙසේ කියා සිටියි.

මගෙන් ප‍්‍රකාශයක් ලබාගැනීමට හේතුව සපො.අ. තුමා විසින් මට පහදා දුන්නා. මම රැුකියාව වශයෙන් ලේක්හවුස් ආයතනයේ දිනමිණ පුවත්පතෙහි ප‍්‍රධාන ප‍්‍රවෘත්ති කර්තෘ වශයෙන් සේවය කරනවා. අප පුවත්පතෙහි හොරණ මධ්‍යම විශේෂ වාර්තාකරු ලෙස සේවය කරන චන්ද්‍රා ශ‍්‍රී පෙරේරා මහතා අප ආයතනයේ අවුරුදු 16 ක් පමණ පළපුරුදු වාර්තාකරුවෙකි. මෙම මහතා විසින් මා වෙත යොමු කරන ලද ඉහත ප‍්‍රවෘත්තිය 2012. 01. 07 වන දින පුවත් පතට පල කිරීමට කටයුතු කළා. එම ප‍්‍රවෘත්තිය ඔහු සපයාගෙන ඇත්තේ ඔහුට ලද ආරංචි මාර්ග ඇසුරිණි. එම ප‍්‍රවෘත්තියේ කිසිදු තැනක සැකකරුවකුගේ අනන්‍යතාවය පිළිබඳ කිසිම සඳහනක් සිදුකොට නැත. සිද්ධිය පමණක් ප‍්‍රවෘත්තියට අදාළවී ඇත. මෙම ප‍්‍රවෘත්තිය මා අතට පත්වූ දිනය පිළිබඳ නිශ්චිත මතකයක් නැහැ. දිනකට වාර්තා කිරීමට ලැබෙන ප‍්‍රවෘත්ති 500 කට ආසන්න ප‍්‍රමාණයක් මා විසින් කියවනු ලබනවා. මට කීමට ඇත්තේ මෙපමණයි.  ඉහත නම සඳහන් ඩබ්ලිව්. පී. නලින් දිල්රුක්ෂ මහතාගේ ප‍්‍රකාශය සපො.අ. සමන් රත්නායක වන මම නැවත කියවා තේරුම්කර දුන්නා. කියවා බලා නිවැරදි බවට පිළිගෙන අත්සන් කළා. ඉහත ඩබ්ලිව්. පී. නලින් දිල්රුක්ෂ මහතාගේ ප‍්‍රකාශය සපො.අ. සමන් රත්නායක වන මම අවංකවත් නිවැරදිවත් කාපොසැ. 6104 අනෝජා ලවා යතුරුලියනය කරවා ලබාගත් බව මෙයින් සහතික කරමි.
මෙම ප‍්‍රකාශ දෙක පිළිබඳව ඔබ, මාධ්‍යයට සම්බන්ධ අය නිසා ” ඕවා ඔහොම තමයි” කියා නිහඬ වන බව මම දනිමි.
නමුත් මට, මගේ පවුලට, මගේ ඥතීන්ට, හිතවතුන්ට හා මෙවන් කෲරකම් වලට පාත‍්‍ර වන, සිංහල බෞද්ධයින්ට ” ඕවා ඔහොම තමයි” කියා කරබාගෙන සිටිය නොහැක.
මා මෙය ඔබට ලියන්නේ, කිසි දිනෙක ඔබගෙත් ඔබ පුවත්පත්වල මාධ්‍යකාරයින්ගේත් වාර්තාකාරයින්ගේත් සාධාරණය, යුක්තිය ලබාගෙන නම් නොවේ.
ඔබ දෙසන ”සදාචාරය”, ”මාධ්‍ය නිදහස” ගැන, ඔබේත් ආණ්ඩුවේත් වෙනසක් නැති බව එක් අයෙකු හෝ මෙය කියවා තේරුම් ගනීවිය යන විශ්වාසයෙනි.
දිනමිණ පුවත්පතේ මෙතෙක් පල කර ඇති ප‍්‍රවෘත්ති, අතේ රෝල් කරපුවා. අනුකම්පාවෙන් ලියපු පල් බොරු.
උඩ එකාගේ ඉඳලා පහළ එකා දක්වා පොලිස්කාරයින්ගේ නම් දාලා තියෙන්නේ බොරුවට, පක්කලිකමට.
මෙයට,
බොරු චෝදනා නගා පැවරූ නඩුවකට, මේ වන විට දවස් 143 ක් රිමාන්ඞ් භාරයේ සිටින පුතෙකු වෙනුවෙන්, පියා.
අත්සන් කළේ/ විජිත කුමාර වීරසිංහ
පියා
පිටපත් :
             බන්ධුල පද්මකුමාර මයා - සභාපති (ලේක්හවුස්)
             ප‍්‍රධාන කර්තෘ - දිනමිණ
             සිරි ගුණසිංහ මයා - ප‍්‍රධාන කර්තෘ, ලංකාදීප
             ප‍්‍රධාන කර්තෘ - දිවයින
             ප‍්‍රධාන කර්තෘ - අද
             ප‍්‍රධාන කර්තෘ - මව්බිම
             ප‍්‍රධාන කර්තෘ - රාවය
             ප‍්‍රධාන කර්තෘ - රිවිර
             ප‍්‍රධාන කර්තෘ - ලක්බිම
             සභාපති/ලේකම් - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
             සභාපති/ලේකම් - වෘත්තීය පත‍්‍ර කලාවේදීන්ගේ සංගමය
             සභාපති/ලේකම් - ජාතික පුවත්පත් මණ්ඩලය
             ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය
             ශ‍්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිෂම
             කර්තෘ සංසදය
             ජනමාධ්‍ය අංශය - කොළඹ විශ්ව විද්‍යාලය
             ජනමාධ්‍ය අංශය - ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
             ජනමාධ්‍ය අංශය - කැලණිය විශ්ව විද්‍යාලය
             ඩබ්. බී. ගනේගල මයා - ලේකම්, ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය
             පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක
             පොලිස්පති


Friday, June 22, 2012

විසි හත් හැවරිදි තරුණයෙකුට පානදුර දකුණ පොලිසියේ සැරයන් “swimming” පෙරේරා පහරදෙයි.


විසි හත් හැවරිදි තරුණයෙකුට පානදුර දකුණ පොලිසියේ සැරයන්   “swimming”   පෙරේරා පහරදෙයි. 
ගල්ලලගම ආරච්චිගේ තිලංක නිරෝෂන් ගමආරච්චි මහතා ( අවු: 27, අවිවාහක, අළෙවි නිළධාරී. 8/2, කොතලාවල පාර, කොළමැදිරිය, බණ්ඩාරගම, පදිංචි,*  2012.06.21 දාතමින් සභාපති- මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස්පති, පානදුර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී වෙත ලිඛිතව පැමි’ල්ලක් කරමින්, 2012 ජුනි 16 සෙනසුරාදා, රාත‍්‍රී 8.45 ට පමණ තමාට බණ්ඩාරගම පොලිසියේ නිලධාරින් දෙදෙනෙකු ඉදිරිපාටදි පහර දුන් බවත් එයින් අනතුරුව අවමන් සහගත සැලකිලිවලට භාජනය කර ව්‍යාජ චෝදනාවක් මත නඩු පැවරු බවත් කියා සිටි.
ඔහු ගේ ප‍්‍රකාශය:-
2012 ජුනි 16 සෙනසුරාදා, රාත‍්‍රී 8.45 ට පමණ, මට දුරකථන පණිවුඩයක් ලැබුනා, මගේ මල්ලී වන මහේෂ්ව, පොලිසියෙන් අල්ලන් ඉන්නවා ඇවිත් බලන්න කියා. එම පණිවුඩය දුන්නේ දමිත් දුෂ්මන්ත යන අය.
මම එ් වේලාවේම, මගේ මව හා ඥති සොහොයුරියක් සමග කොළමැදිරිය, පන්සල ලඟට ආවා.
අපි එන විට, පොලිස් නිලධාරීන් දෙන්නෙක් මහේෂ්ව අල්ලාගෙන යනවා මා දුටුවා. මා එම පොලිස් නිලධාරීන් දෙන්නාගෙන් ඇහුව්වා ”රාළහාමි ඇයි මල්ලීව අල්ලාගෙන ඉන්නේ ” කියා. එවිටම, එ් අසල සිටි සරත් පෙරේරා නැමැති පානදුර දකුණ පොලිසියේ සේවය කරන සැරයන්වරයා, මට අතින් කණට මුහුණට හා ඔලූවට පහර දුන්නා. එ් අසල සිටි මුදිත නැමැති අයද මගේ කණට වැරෙන් පහර දුන්නා.
ඉන්පසු, පානදුර දකුණ පොලිසියේ සැරයන් සරත් පෙරේරා මට ජීප් රථයට නැගපන් කියා කිව්වා. මාව ජීප් රථයට ඔහු තල්ලූ කළා.
මාවත්, මහේෂ්වත් බණ්ඩාරගම පොලිසියට ගෙන ගියා. පොලිසියෙන් මහේෂ්ව කූඩුවට දැම්මා. ටික වේලාවකට පසුව සැරයන් සරත් පෙරේරා යතුරු පැදියකින් බණ්ඩාරගම පොලිසියට ආවා.ඔහු එහි සිටි පොලිස් නිලධාරීවරයෙකුට කිව්වා මාවත් කූඩුවට දාන්න කියා. එවිට මාවද කූඩුවට දැම්මා. එවිට රාත‍්‍රී 9.30 පමණ ඇති.
පසුදින (17 දින) උදේ 6.00 ට පමණ, කූඩුවෙන් එළියට අරගෙන මගෙන් ප‍්‍රකාශයක් ගත්තා. එයින් පසු නැවත කූඩුවට දැම්මා. සවස 2.00 පමණ, මාවත්, මහේෂ්වත් හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා.
පොලිසියෙන් මාව අරගෙන තියෙන්නේ සැකපිට බව ප‍්‍රකාශ කලා. එ් අනුව මාව ඇප මත නිදහස් කොට, 2012.06.19 වන දින අධිකරණයට ඉදිරිපත් වන ලෙසට නියම කලා.
එයින් පසුව මා නිවසට පැමිණ, පහරදීමෙන් ඇතිවූ වේදනාව නිසා බණ්ඩාරගම රජයේ රෝහලට ඇතුලත් වුනා. රෝහලේදී මා, මට පානදුර දකුණ පොලිසියේ සරත් පෙරේරා හා මුදිත යන අය පහරදුන් බව ප‍්‍රකාශ කලා. 2012 ජුනි 19 වන දින උදේ මගේ ටිකට් කැපුවා. රෝහලෙන් කිව්වා, බණ්ඩාරගම පොලිසියට ගොස් අධිකරණ වෛද්‍ය පෝරමය අරගෙන එන්න කියා.
මා ටිකට් කැපූ ගමන්ම, බණ්ඩාරගම මහේස්ත‍්‍රාත් උසාවියට පැමිණ ඉදිරිපත් වුනා. එහිදී නැවත මට
රු: 2500/= ක මුදල් ඇප හා ශරීර ඇප දෙකක් මත මුදා හැරියා. මීලඟ නඩු දිනය අගෝස්තු 28 වේ.
ඉන් පසු මා බණ්ඩාරගම පොලිසියට ගොස් අධිකරණ වෛද්‍ය පෝරමය ලබාගෙන, එය රෝහලට බාර දුන්නා.
2012.06.19 දින මා මේ සම්බන්ධයෙන් හොරණ සහකාර පොලිස් අධිකාරී වෙත පැමිණිල්ලක් කරනු ලැබුවා.
2012.06.20 වන දින, මට පොලිසියට එන ලෙසට දැනුම් දුන්නා. එ් අනුව අද දින (21)උදේ 9.00 ට පොලිසියට ගියා. එහිදී සමථයකට පත්කරන්නට කියා, පැමණල්ල සමථ මණ්ඩලයට යොමු කරන බව කිව්වා. 2012.06.23 වන දින සමථ මණ්ඩලය පැවැත්වෙන බව ප‍්‍රකාශ කලා.
අද දින බණ්ඩාරගම පොලිසියේ පැවති විභාගයට පානදුර පොලිසියේ සැරයන් සරත් පෙරේරා යන අය පැමිණ සිටියා.
මා ඉල්ලා සිටින්නේ,
1. මට පහරදී, තුවාල සිදු කිරීම,
2. නීති විරෝධීව අත්අඩංගුට ගැනීම,
3. ව්‍යාජ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කිරීම
සම්බන්ධයෙන්, පානදුර දකුණ පොලිසියේ සේවය කරන සැරයන් සරත් පෙරේරා ට එරෙහිව නීතිමය හා විනායුනකූල පියවර ගන්නා ලෙසටය.
ඉහත කරුණු සත්‍ය බව ප‍්‍රකාශ කරමි. අ.ක. / තිලංක නිරෝෂන් ගමආරච්චි”