Tuesday, December 16, 2014

හංසයාට කැන්වසින් කළොත් මරණවා, බෝම්බ ගහනවා

.

පානදුර මඩකුඹුර හංදියේ බත් කඩය පවත්වා ගෙන යන අකිල පෙරේරා නැමැති අය ජනාධිපති මහින්ද රාජපක්ෂට ඡුන්දය නොදී, හංසයාට කැන්වසින් කළොත් මරණ බවට, බෝම්බ ගසන බවට කරනු ලබන තර්ජණ සම්බන්ධයෙන් දීප්ති වික‍්‍රමසිංහ, අවු: 59 හැවරිදි, විශ‍්‍රාමික වතු අධිකාරීවරයා, පොලිස්පතිවරයා වෙත ලිඛිතව පැමිණිලි කර තිබේ,
මෙම තර්ජණය කිරීම පිළිඳව ඔහු පානදුර දකුණ පොලිසියට කරනු ලැබ තිබේ. පැමිණිලි අංකය: 2014.12.16 - 360/205/ක්‍ෂඊ 3ග
ඉහත නම් සඳහන් පුද්ගලයාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටින ඔහු,
මෙම තර්ජණය කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරිමක් බවද ප‍්‍රකාශ කරයි.




මකරන්ද කාව්‍ය විමංසා සහෘද සම්භාෂණය




ජයසිරි අලවත්තයන් විසින් රචිත මකරන්ද කාව්‍ය විමංසා කෘතිය පිළිබදව, කොළම 07, ජාතික පුස්තකාල හා ප්‍රෙල්ඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැති - සහෘද සම්භාෂණය ප්‍රවීන හා තරැණ කලා කරුවන්ගේ එකතුවකින් පැවැත්විණ.

කවිය, ලිවීම, කියවීම, විදීම හා විචාරය මැයෙන් මාධ්‍යෙව්දී කිවියර තිස්ස නිහාල් වික්‍රමසිංහ - ප්‍රධාන දේශනය පැවැත්වවීය.

මකරන්ද 2012 කාව්‍ය සංග්‍රහයේ පළවූ කවි - අලලා මෙම විචාර සිදුකර තිබින.

ජයසිරි අලවත්තයන්ගේ මකරන්ද කාව්‍ය විමංසාවට පූර්ව කථනය කරන, මංජුල වෙඩිවර්ධන - ප්‍රංශයේ සිට උපුටා දක්වන කවියේ ප්‍රස්තුතය අරභයා අලවත්ත කියන පාඨය මෙහි ලා සදහන් කරමි.


ආගම බෞද්ධ වුවද, භාවිතය බෞද්ධ නොවන සමාජයක සිය මව සහ පියාගේ රෝගී භාවය හේතු කොට ගෙන කාලයක් පුරා තමන් වෙත ආදරය කළ තරුණිය තමා හැරයාම පිළිබද ශෝකාකලාපයක් මෙම නිර්මාණයට හේතු වී ඇත.

අගුරුවාතොට පොලිස් ලොක්කාගේ පාහර වැඩක්




ජනාධිපති රජපක්ෂගේ බලයෙන් උන්මාද වී ඇති, බොහෝ පොලිස් ලොක්කන්, එක එකාගෙන් අල්ලස් ගෙන, අසරණයින් පෙළන හැටි තවත් උදාහරණයක් මේ.

43 හැවිරිදි, දෙදරු මවක් වන නිලන්ති සම්පත් - පදිංචි වාද්දුවේ. ඇගේ සැමියා බැංකු සේවකයෙක්. දරුවන් තවම ඉගෙන ගන්නවා.

ඇය වකුගඩු, හෘදය, දියවැඩියා රෝගයෙන් පෙලෙන්නියක්. තම වාරුවෙන් නැගී ඇවිදින්නට නොහැක.

පසුගිය නොවැම්බර් 21 රාත්‍රී 9.00 ට පමණ සිය සැමියා නැති අතර, ගෙට කඩා වැදී, ටී 56 අමෝරා ගත් පොලිස්කාරයින්ද සමග, අගුරුවාතොට පොලිසියේ ස්ථානාධිපති, ඔහුද සමග පොලිස් රථයෙන්ම පැමිණි උපුල් ඉන්ද්‍රවංශ රුද්‍රිගෝ නැමැත්තා පෙන්වා - මොහුගේ ගෙදරට ගොස් පහර දුන්නේ කවුද යයි ගෝරනාඩු කර, ගේ සෝදිසි කර යන්නට යන්නේ, පසුදින 16 හැවිරිදි දරුවා හා සැමියා සමග උදේ 9.00 ට පොලිසියේ පෙනී සිටින ලෙසට නියම කරමින්ය.

ඒ අනුව ඔවුන් තිදෙනා පොලිසියට යනවා. ස්ථානාධිපති ඔවුන් අත්අඩංගුවට ගෙන, පුතාව හා පියාව කූඩුවට දමා, ඇයව කූඩුව අසල වාඩිකර, ප්‍රකාශ සටහන් කර, හොරණ මහේස්ත්‍රාත්වරයා ඉදිරියට පමුනුවනු ලබනවා.

ඔවුන්ට දමා ඇති චෝදනාව, රැපියල් ලක්ෂ පහක් සොරකම් කිරීම, ජංගම දුරකථනයක් සොරකම් කිරීම යන චෝදනා නගා තිබූ බව ඔවුන් පසුව දැනගන්නවා.

නීතිඥවරයෙකුව මැදිහත්කර, ඔවුන් ඇප මත නිදහස් වෙනවා. මේ ආකාරයට විවිධ පුද්ගලයින්ගේ අවශ්‍යතාවයට අත්අඩංගුවට ගෙන පීඩිවට පත් කිරීම, මගින් ජනයාව පීඩාවට පත් කිරීම රාජපක්ෂ ආණඩුවේ පිළිවෙතයි.




පානදුර රාජපක්ෂ රැලිය සෝදා යයි. කථා නොකරම ආපයින්ම පිටවෙයි. පිංතූර පහත දැක්වේ.



කෝටියකට වැඩි මුදලක් වැයකර, පොලිසිය, හමුදාව, රාජ්‍ය සේවකයින් යොදවා සංවිධානය කළ, ලංගම බස් සියයකට ආසන්න ගණනකින් මිනිසුන්ව අද්දා, සමෘද්ධි ලාභීන් ඇතුලු රාජ්‍ය සේවකයින් බිය ගන්වා ගෙන්වා, ඊයේ (15) පානදුර ක්‍රීඩා පිටියේ පවත්වනු ලැබූ - පර්සි මහේන්ද්‍ර නොහොත් මහින්ද රජපක්ෂ ගේ ජනාධිපති විජයග්‍රාහී ප්‍රචාරක රැළිය - පර්සි මහේන්ද්‍ර, ක්‍රිඩා පිටියට සේන්දුවෙනවාත් සමගම කඩා වැටුණ, හෙණ පිපිරුණ මහා වැස්ස නිසා, කතා නොකරම පිටව ගියේ නොතෙමිය.

නමුත්, රැළියට ගෙන්වා ගත් බොහෝ දෙනා පිටව ගියේ, වැස්සේ තෙමි තෙමීය. බස් සෙවීමට, කිලෝ මීටරයක් පමණ දුර ඇවිදින, මිනිසුන් ගැහැණුන් දකින්නට හැකිවිය.

මැතිවරණ නීති උල්ලංඝණය කරමින්, පවත්වන ලද මේ රැළියට ආරක්ෂාව පොලිස් බල ඇණි හා හමුදාවද, සිවිල් ඇදුමින් සිටි පොලිස් හමුදා නිලධාරීන්ගේ ගණන මෙතෙකැයි කිව නොහැක.

පිටිය අවට, රජයේ වාහන විශාල ගණනක් නවතා තිබෙනු දකින්නට ලැබීය. හැම අස්සක් මුල්ලකම පොලිසිය සිටිනු දැකීමෙන් රාජපක්ෂ භීෂණයේ තරම වටහා ගන්නට හැකි විය.


සියල්ල පිංතූර පැහැදිලි කරයි. 







Monday, December 15, 2014

නහයෙන් ලේ දාන්න පහරදීලා, ශිෂ්‍ය වාර්තා පොත් සොරකම් කරලා. රාජපක්ෂ දරුවන්ට සලකල හැටි රෙද්ද පල්ලෙන් බේරෙයි.

අබ්දුල්ලා සිසුවාගේ මව හා පියා
කෑගල්ල අධ්‍යාපන කලාපයට අයත්, වරකාපොළ තංගල්ල මුස්ලිම් මහා විද්‍යාලයේ 11 හැවිරිදි අහමඩ් අබ්දුල්ලා, ශිෂ්‍යාට මෙසේ පහරදී ඇත්තේ, එම විදුහලේ නසූර්දීන් නැමැති ගුරුවරයාය.

වරකාපොල පොලිසිය මෙම බරපතල අපරාධය මහේස්ත්‍රාත්රයාට වාර්තා කර නොමැත. එමෙන්ම, සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ හා අදාලව කිසිදු විනය පරීක්ෂණයක්වත් පවත්වා නොමැත.

මෙම සිද්ධියෙන් පසුව මෙම ශිෂ්‍යා ගේ ඉගෙනුමට බධා පමුණුවන අතර, ශිෂ්‍ය වාර්තා පොත, විදුහල්පතිවරයාගේ අනුදැනුමෙන් සොරකම් කර තිබේ.

විදුහල්පති රිල්වාන් මෙම අපරාධය කළ නසූර්දීන් ගුරුවරයාව බේරාගැනීමට කටයුතු කරන්නේ, එම ප්‍රදේශයේ රාජපක්ෂ පාක්ෂිකයෙකු වන බදුර්දීන් නැමැත්තා හා එක්වය. ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශකර ඇත්තේ, පොලිසිය නසූර්දීන් ගුරුවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන බවයි.

ඒ අතර, මෙම ප්‍රදේශයේ මුස්ලිම් ජුම්මා පල්ලියේ සිකුරාදා දේශනයේදී, බේරුවල නලීම් මුස්ලිම් ආගමික ඇකඩමියේ ඉගෙනගත් පුද්ගලයකු විසින්, සිද්ධිය අදාලව විකෘති කරන ලද ප්‍රකාශ කර, මෙම ශිෂ්‍යාව අවමානයට පාත්‍ර කර තිබේ.

ඕනෑම අපරාධයක් කලත් දඩුවම් කල නොහැකි බව, අධිකරණයක් ඉදිරියට ගෙන්විය නොහැකි බව වන ව්‍යාවස්ථාවේ වගන්තිය උඩ, රාජපක්ෂ ජනාධිපතිට පැවරී ඇති බලය, ඔහු විසින් ඔහුට පක්ෂපාතී ඔහුගේ අනුගාමිකයින්ටත් මුදාහැර තිබීම මත, මෙම ශිෂ්‍යාට කල අපරාධයට වගකිවයුත්තන්ට නිදැල්ලේ සිටීමට අවස්ථාව හිමිව තිබේ.

මෙම සිද්ධිය වගකිවයුත්තන්ට ශිෂ්‍යාගේ පියා නවාස් සියලු බලධාරින්ට ලිඛිතව පැමිණිලි කර තිබේ.



වැරදිකාරයා කියා පිළිගනින් - නැතිනම් හයිකෝට් නඩුවක් දානවා.


නඩුවේදී වරදකාරයා කියා පිළිගනින්, ඊට පස්සේ කුඩු විකුණපන්, මාසෙට නඩුවක් දෙකක් දීපන්. මෙසේ ප්‍රකාශ කර ඇත්තේ, පසුගියදා අත්අඩංගුවට ගන්නා ලද24 හැවිරිදි සංඛ නැමැති තරුණයාටය.
මෙම ප්‍රකාශය කර ඇත්තේ, ඔහු පවසන අන්දමට පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ පවත්වාගෙන යන යුනිට් එක නමින් හදුන්වන ඒකකයේ අංක 77780 දරන සම්පත් නැමැති නිලධාරියාය.
සංඛ, පොලිස්පති හා මානව මහිමිකම් කොමිෂම වෙත කර තිබෙන ලිඛිත පැමිණිල්ලෙන් කියා සිටින්නේ, 2012 වසරේදී ද පානදුර දකුණ පොලිසියේ බොක්සර් ජයසිංහ හා හෙට්ටිආරච්චි යන නිලධාරීන් තමාව අත්අඩංගුවට ගෙන බොරු නඩුවක් දැමූ බවයි.
ඒ හෙරොයින් මිළි ග්‍රෑම් 40ක් ලග තබාගැනීම හා මිළිග්‍රෑම් 20 විකිණීම යන චෝදනා යටතේය.
මෙම චෝදනා ඔහු, අධිකරණයේදී ප්‍රතික්ෂේප කලා. ඒ පිළිබදව මානව හිමිකම් කොමිෂමටද පැමිණිලි කළේය.
නඩුව, පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ තවමත් පවතී.
මානව හිමිකම් කොමිෂම, ඔහුට සමථ වන ලෙසට බලපෑම් කර, ඉදිරියට හිරිහැර නොකරන බවට පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි හා මනම්පේරි යන නිලධාරීන්ගේ අත්සන්ද ගත්තේය. ඒ 2013 වසරේදීය.
නමුත් බොක්සර් ජයසිංහව මානව හිමිකම් කොමිෂමට කැදවූයේ නැත.
නැවත සංඛව,මේ ආකාරයට පීඩාවට පත්කරන්නේ පළිගැනීමටය. දැනට පවතින නඩුවට හා අලුතෙන් දමන ලද නඩුවට වරදකරු කරවා ගැනීමටය.

මෙයද රාජපක්ෂ පාලනයේ සුවිශේෂී මෙහෙවරකි.

රැස්වීමට ආවේ නැත්නම් සමෘද්ධිය කපනවා පොලිසියට යතුරු පැදි මහජන මුදලින්


15(අද), පානදුර ක්‍රීඩා පිටියේ පැවැත්වෙන පර්සි මහේන්ද්‍ර නොහොත් මහින්ද රජපක්ෂගේ - ජනාධිපති මැතිවරණ ප්‍රචාරක රැලිය - රජයේ වියදමින් සංවිධානය කරන අයුරු පහත ජායාරූප වලින් දැකිය හැකිය.

ක්‍රීඩා පිටිය වටා දින 3ක් පාරේ ගස්වල අධිබලැති ෆ්ලෑෂ් ලයිට් සවිකර, පිවිසීම් මාර්ග කාපට් කර, ක්‍රීඩා පිටියේ මඩ බැකෝ වලින් ඉවත් කර වැලි අතුරා, විශේෂ දුරකථන රැහැන් ඇද තිබේ. කටු කම්බි ගසා තිබේ.

පොලිසිය හා හමුදා වාහන යොදා ගනිමින්, දහසකට ආසන්න පොලිස් බල ඇණිය 14දා සිට යොදා තිබෙනු දකින්නට ලැබුණි.

මැතිවරණ නීතිය යටතේ, පෝස්ටර් කටවුට් ගැසිය හැක්කේ, ප්‍රචාරක භූමිය තුල වුවද, මේකා තම රැස්වීම මුලු පානදුර නගරය පුරා පැවැත්වෙන ආකාරයට, කටවුට් ගසා, පාර දිගේ විදුලි කණුවල ස්පීකර් ගැටගසා තිබේ.

මේ ආකාරයට රජයේ මුදල්, රජයේ හා සංස්ථා සේවකයින් යොදා ගනිමින්, රැස්වීමට සහභාගී වන ලෙසට සමෘද්ධි ලාභීන්ට, රාජ්‍ය සේවකයින්ට, අනිවාර්යය කරමින්, ලංගම බස්වලින් සෙනග අද්දවමින් - රැස්වීම පවත්වා, මේකා වේදිකාවට නැග මම දිනලා ඉවරයි, කියන්න සූදානම් වන හැටි - දැකබලා ගන්නට අපට හැකිවිය.

ක්‍රීඩා පිටිය වටා ආරක්ෂක වැටවල් බැද, ඇතුල් වන අය පරික්ෂා කිරීමට පෝලිම් සාදා ඇති අයුරුද දකින්නට තිබේ.


මේ අතර පොලිසියට බෙදාදීම සදහා සිය ගණනක් යතුරු පැදි ස්කූටර පානදුර පොලිසිය ඉදිරිපිට ගොඩ ගසා තිබෙන අයුරුද දකින්නට තිබේ.









Saturday, December 13, 2014

සියලූ බල්ලන් ස්වර්ගස්ත වනු ඇත. පාප්වහන්සේ කියති.


වතිකානුවේ බදාදා දේවමෙහෙය පවත්වමින් ‘‘බල්ලන’’් ඇතුල් දෙවියන්වහන්සේ නිර්මාණය කළ සියලූ සතුන් මරණින් පසු ස්වර්ගයට යන බව ප‍්‍රකාශ කලේ තම සුරතල් බල්ලා මියගිය සොවින් දුක් වන ළමයෙකු සනස සනසමින්ය.
වත්මන් ප‍්‍රැන්සිස් පාප්වහන්සේ ගේ මේ ප‍්‍රකාශය සතුන්ට ආත්මයක් නැති බව පවසන ගතානු ගතික කතෝලික වරුන්ගේ විරෝධයට හා අසතුටට හේතුවුවත්, සත්ව හිංසවට හා සත්වයින්ට ආදරය කරන්නන් ගේ සතුටට හා ප‍්‍රසාදයට හේතුවි තිබේ.

Wednesday, December 10, 2014

තුරුදහන් කිරිම්, මරා දැමින්, වධදීම්, ස්ත‍්‍රීන්ට එරෙහි ලිංගික හිංසනය පිටු දැකිය හැක්කේ පොලීසිය, නීතිපති, අධිකරණ යන ආයතන වල ප‍්‍රතිසංසිකරණ මගින් පමණි.- බැසිල් ප‍්‍රනාන්දු ජගත් මානව හිමිකම් දින සමරු වැඩසටහන ජායාරුප හා වීඩියෝ බලන්න. ජගත් මානව හිමිකම් සමරු වැඩසටහන සංවිධාන ගණනාවක දායකත්වය ඇතිව කොළඹ 07. ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ ප‍්‍රධාන ශ‍්‍රවනාගාරයෙදි පවත්වනු ලැබින. ප‍්‍රාදේශීය වශයෙන් ගත්කල මෙම වැඩසටහනට ගාල්ල, ක`ඵතර, කොළඹ, ගම්පහ, කුරුණෑගල, මඩකලපුව, මාතලේ, මහනුවර, රත්නපුර, නුවරඑළිය, පුත්තලම, හලාවත, බදුල්ල දිස්ත‍්‍රික්ක - නියෝජනය කරමින් වින්දිතයින්, මාධ්‍යවේදීන්. සිවිල් සමාජ ක‍්‍රියාකාරින් සහ ජනසංසදයේ ක‍්‍රියාකාරීන් රැුසක ගේ සහභාගිත්වයෙන් පැවැත්වනු මෙම වැඩසටහනේ තේමාව ‘‘වධහිංසාව හා යුක්තිය’’ විය. අධිකරණයේ පිඩාවට පත්වීම් හා අක‍්‍රමිකතා හා දුෂණ පිළිබඳ සිද්ධි ඇසුර කරගෙන ජනතාව බල ගැන්වීමේ අවශ්‍යතාවය පැහැදිලි කෙරින. මහනුවර පුරවැසි හවුල් නියෝජනය කරමින්, අධ්‍යාපන පර්යේෂකයකු හා කාර්මික විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකු වන ඩබ්. එම්.වීරසේකර මයා ‘‘ අවධි ස්කන්ධය’’ සංකල්පය පිළිබඳ ඉදිරිපත් කිරිමක් කරනු ලැබීය. ආසියානු මානව හිමිකම් කොමිෂමේ, අධ්‍යක්ෂ බැසිල් ප‍්‍රනාන්දු මහතා, 2014.12.03 වන දින, ස්වීඞීන පාර්ලිමේන්තුව, විකල්ප නොබෙල් ත්‍යාගය ලෙසට පිළිගන්වනු ලබන ”ද රයිට් ටු ලයිව් හුඞ්” සම්මානය පිරිනැමිම අගයමින් කරුණ දැක්විමක් හා අදාල විඩියෝය ප‍්‍රදර්ශණය කරනු ලැබීය. සම්මානය පිළි ගනිමින් අතුරුදහන් කිරිම්, මරා දැමින්, වධදීම්, ස්ත‍්‍රීන්ට එරෙහි ලිංගික හිංසනය පිටු දැකිය හැක්කේ පොලීසිය, නීතිපති, අධිකරණ යන ආයතන වල ප‍්‍රතිසංසිකරණ මගින් පමණක් බව බැසිල් ප‍්‍රනාන්දු මයා ප‍්‍රකාශ කළේය. ‘‘පොලීසියේ දුෂණයට හා අක‍්‍රමිකතාවන්ට එරෙහි නොනිමි ගමක්’’ ප‍්‍රකාෂණය හැරිසන් හා ශාන්ත දෙපලට පිරිනැමිම සිදුකරනු ලැබීය. යූ.එල්.එ්.ජෝෂප් - ගම්පහ මානව හිමිකම් පුරවැසි කමිටුව, ඞී.එම්.එ්. දිසානායක - ගැබිණි මව්වරුන්ගේ සංවිධානය, මනොහරන් -ජාතික සාම මණ්ඩලය, බන්දුල ගුණතිලක - ජනතා අයිතීන් සුරැුකීමේ සංවිධානය - මහියංගනය, ගාමිණි - පුරවැසි හවුල - මහනුවර, ශ‍්‍රීමා බෝපිටිය - සාරතී කාන්තා සංවිධානය - බලංගොඩ, එස්.ලියනගේ- ජාතික උරුමය යන සංවිධාන නියෝජතයින් කරුණු දැක්වීම් සිදුකරනු ලැබීය.


අතුරුදහන් කිරිම්, මරා දැමින්, වධදීම්, ස්ත‍්‍රීන්ට එරෙහි ලිංගික හිංසනය පිටු දැකිය හැක්කේ පොලීසිය, නීතිපති, අධිකරණ යන ආයතන වල ප‍්‍රතිසංසිකරණ මගින් පමණි.- බැසිල් ප‍්‍රනාන්දු

ජගත් මානව හිමිකම් දින සමරු වැඩසටහන ජායාරුප හා වීඩියෝ බලන්න.

ජගත් මානව හිමිකම් සමරු වැඩසටහන සංවිධාන ගණනාවක දායකත්වය ඇතිව කොළඹ 07. ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ ප‍්‍රධාන ශ‍්‍රවනාගාරයෙදි පවත්වනු ලැබින. ප‍්‍රාදේශීය වශයෙන් ගත්කල මෙම වැඩසටහනට ගාල්ල, ක`ඵතර, කොළඹ, ගම්පහ, කුරුණෑගල, මඩකලපුව, මාතලේ, මහනුවර, රත්නපුර, නුවරඑළිය, පුත්තලම, හලාවත, බදුල්ල දිස්ත‍්‍රික්ක - නියෝජනය කරමින් වින්දිතයින්, මාධ්‍යවේදීන්. සිවිල් සමාජ ක‍්‍රියාකාරින් සහ ජනසංසදයේ ක‍්‍රියාකාරීන් රැුසක ගේ සහභාගිත්වයෙන් පැවැත්වනු මෙම වැඩසටහනේ තේමාව ‘‘වධහිංසාව හා යුක්තිය’’ විය.

අධිකරණයේ පිඩාවට පත්වීම් හා අක‍්‍රමිකතා හා දුෂණ පිළිබඳ සිද්ධි ඇසුර කරගෙන ජනතාව බල ගැන්වීමේ අවශ්‍යතාවය පැහැදිලි කෙරින.
මහනුවර පුරවැසි හවුල් නියෝජනය කරමින්, අධ්‍යාපන පර්යේෂකයකු හා කාර්මික විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකු වන ඩබ්. එම්.වීරසේකර මයා ‘‘ අවධි ස්කන්ධය’’ සංකල්පය පිළිබඳ ඉදිරිපත් කිරිමක් කරනු ලැබීය.

ආසියානු මානව හිමිකම් කොමිෂමේ, අධ්‍යක්ෂ බැසිල් ප‍්‍රනාන්දු මහතා, 2014.12.03 වන දින, ස්වීඞීන පාර්ලිමේන්තුව, විකල්ප නොබෙල් ත්‍යාගය ලෙසට පිළිගන්වනු ලබන ”ද රයිට් ටු ලයිව් හුඞ්” සම්මානය පිරිනැමිම අගයමින් කරුණ දැක්විමක් හා අදාල විඩියෝය ප‍්‍රදර්ශණය කරනු ලැබීය. සම්මානය පිළි ගනිමින්  අතුරුදහන් කිරිම්, මරා දැමින්, වධදීම්, ස්ත‍්‍රීන්ට එරෙහි ලිංගික හිංසනය පිටු දැකිය හැක්කේ පොලීසිය, නීතිපති, අධිකරණ යන ආයතන වල ප‍්‍රතිසංසිකරණ මගින් පමණක් බව බැසිල් ප‍්‍රනාන්දු මයා ප‍්‍රකාශ කළේය.

‘‘පොලීසියේ දුෂණයට හා අක‍්‍රමිකතාවන්ට එරෙහි නොනිමි ගමක්’’ ප‍්‍රකාෂණය හැරිසන් හා ශාන්ත දෙපලට  පිරිනැමිම සිදුකරනු ලැබීය.

යූ.එල්.එ්.ජෝෂප් - ගම්පහ මානව හිමිකම් පුරවැසි කමිටුව, ඞී.එම්.එ්. දිසානායක - ගැබිණි මව්වරුන්ගේ සංවිධානය, මනොහරන් -ජාතික සාම මණ්ඩලය, බන්දුල ගුණතිලක - ජනතා අයිතීන් සුරැුකීමේ සංවිධානය - මහියංගනය, ගාමිණි - පුරවැසි හවුල - මහනුවර, ශ‍්‍රීමා බෝපිටිය - සාරතී කාන්තා සංවිධානය - බලංගොඩ, එස්.ලියනගේ- ජාතික උරුමය යන සංවිධාන නියෝජතයින් කරුණු දැක්වීම් සිදුකරනු ලැබීය.












Monday, December 8, 2014

ලක්ෂ මාල 2 ක මාල මුදු උසාවි ‍සේප්පු‍‍වෙන් ‍ සොරාගත් නිලධාරියාට රාජපක්ෂ පිහිටයි.

මතුගම ම‍හේස්ත්‍රාත් අධිකරණ‍යේ නඩු භාණ්ඩ වශ‍යෙන් තැම්පත් කර තිබූ රුපියල් ලක්ෂ 2 කට වැඩි වටිනාකමින් ලක්ෂ ‍දෙකකට වැඩි විටිනාකමින් යුත් රන් භාණ්ඩ ‍සොරා‍ගෙන ඇත.
එම රන් භාණ්ඩ බාර උසාවි නිලධාරියා සුමන‍සේකර නැමැත්‍තෙකි. සහය නිලධාරිණිය සමාලි නැමැත්තියයි.
බුලත්සිංහල ‍පොලීසිය විසින් ‍සොයාගත් ‍මෙම රන් භාණ්ඩ උසාවිය බාරයට ගෙන ඇත්‍තේ සමාලි නැමැත්තියයි.
2012 වස‍රේදී ‍පොලීසිය සැකකරුවන් හා රන් භාණ්ඩ ‍සොයා ගැනී‍මෙන් අනතුරුව, සැකරුවන් හා ‍සොරකම් කරන ලද රන් භාණ්ඩ උසාවියට ඉදිරිපත් කර ති‍බේ. ඒ බවට ලිඛිත සාක්ෂි ඇත.
නමුත්, ‍මේ වන විට එම භාණ්ඩ උසාවි සේප්පු‍වෙන් ‍සොරාගෙන ඇත. උසාවි ‍සේප්පුව තුළ වූ ‍මේ භාණ්ඩ ‍සොරාගෙන ඇත්තේ ‍වෙන කව්රුත් ‍නොව, උසාවි‍යේම අය විය යුතුයි.
එයට සුමන‍සේකර හා සමාලි වගකිව යුතුයි. නමුත් ‍මේ දක්වාම, එම ‍සොරකම පිළිබ පරීක්ෂණයක් පවා නැත. එයට ‍හේතුව  බුලත්සිංහල පොලිස් වස‍මේ පදිංචි ධර්මදාස නැමැත්‍තෙකු ට අයත් ‍මෙම රන් භාණ්ඩ මංකොල්ල කා ඇත්‍තේ රාජපක්ෂ‍ගේ දූෂිත පාලනයයි.  සමාලි ළමාලි පත්වීම් ලබාගත් අ‍යෙකි. සුමන‍සේකර පැරැන්නෙකි.
නීතිය ය‍ට‍තේ ‍මේ ‍දෙ‍දෙනාට නිදැල්‍ලේ සිටිය නොහැක. නමුත් රාජපක්ෂ‍ගේ පිහි‍ටෙන්, බ‍ලෙන්, ‍මේ ‍දෙන්නා තවමත් නිදැල්‍ලේය.
අඩුම වශ‍යෙන් ධර්මදාස අධිකරණ සේවා ‍කොමිෂමට කරන ලද පැමිණිල්ලටවත් පිළිතුරක්වත් ‍දෙන්‍නේ නැත. ඒ තරමටම ‍හොරුන් රැකීමට රාජපක්ෂ පාලනය පියවර ‍ගෙන ති‍බෙන බව කිව යුතුය.


Sunday, December 7, 2014

පොලීසියට ඩිස්කවරි යතුරුපැදි රාජපක්ෂ - ගානේලු රාජපක්ෂ දීපු පිස්තෝලය ඉනේ ගහගෙන ඩිස්කවරියේ එනකොට ‘තෙල්’ ගහන්න ලැස්තිවෙලා ඉන්න.



  
පානදුර දකුණ පොලීසියට ලැබුන ඩිස්කවරි වර්ගයේ යතුරුපැදි 40 ක්, 2014.12.05 සිකුරාදා සවස ඩේවිඩ් පීර්ස් සමාගමේ යතුරුපැදි ප්‍රවාහනය කරන ලොරි දෙකකින්, ගෙනවිත් බෑවේය.

රුපියල් 2ලක්ෂ 11දහසක් ලෙසට මිළ ගණන් නියම කර තිබෙන මෙම යතුරුපැදි, රුපියල් 50,000/- කට පොලිස් කොස්තාපල් ඇතුලු නිලධාරීන් අතර බෙදා දීමට නියමිතය.

මේ වන විට, ශ්‍රි ලංකා පොලීසියට පමණක් මේ ආකාරයට බෙදාදීමට යතුරුපැදි දහස් ගණනක් ගෙන්වා තිබේ.


දූෂිත පාලනයක් පවත්වන්නට, දූෂිත අපරාධකරුවන්ට නිදහසේ ඉන්නට ඉඩ දීමට,  පොලිස් නිලධාරීන්ව ද තෘප්තිමත් කළ යුතු බව රාජපක්ෂ අන් කවරෙකුටත් වඩා හොින් දනී.

Saturday, December 6, 2014

මහින්ද රාජපක්ෂ අපේ වැසිකිලි පෙළට උඩින් ! අදාල ඡායාරූප පහත දැක්වේ




ානදුර නගර මධයයේ පිහිටි ප්‍රධාන ලංගම බස් නැවතුම්පලේ ප්‍රසිද්ධ වැසිකිලි පෙල අවට පරිසරය දූෂණය කරන අතර, රාජපක්ෂ ගැත්තන් ගේ ගුබ්බෑයමක් බව අසල්වැසියන් ප්‍රකාශ කර සිටී.

මෙම වැසිකිලියේ, අසූචි මිශ්‍ර ජලය පිටාර ගලා යමින් යාබද නිවෙස් වල වැසියන්ට ජීවත් වීම පවා අහිතකර වී තිබේ.

ලංගම බලධාරීන්ට, සෙඛ්‍ය බලධාරීන්ට, සෙඛ්‍ය බලධාරීන්ට, නගර සභාවට හා පොලීසියට ඒ පිළිබ පැමිණිලි කළද වැඩක් වී නොමැත.

මෙම බස් නැවතුම යාබද ගොඩනැගිල්ල ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ කාර්යාලය ලෙස හුන්වාගෙන තිබේ. එහි වහලයේ සිට පොළොව දක්වා ගසා තිබෙන, මහින්ද රාජපක්ෂගේ, බැසිල් රාජපක්ෂගේ හා රෙජිනොල්ඩ් කුරේ ගේ කටවුට් වලට ඒ ග දැනෙන්නේ නැත.

මෙම බස් නැවතුම්පල, දැනට පුද්ගිලක බස් නැවතුම්පල තිබෙන තැනට ගෙන යැම සහා මිලියන ගණන් වැය කර, ගොඩනැගිලි සාදා තිබුණද, එතැනට ලංගම බස් නැවතුම ගෙනියන්නේ නැත්තේ, ලංගම බස් නැවතුම්පල මගින් අයථා ලෙසට හම්බ කරන පුද්ගලයින් ගේ අවශ්‍යතාවයට බව ප්‍රකාශ වේ.
පානදුර සෙඛයය වෙවද්‍ය නිලධාරී, පානදුර දකුණ පොලීසියට, කර තිබෙන පැමිණිල්ලේ මෙසේ සහන් වේ.
පානදුර ගාලූ පාර, ජනප‍්‍රිය මාවත (ඞී.එස්.සේනානායක මාවත* අතර පිහිටි, ලංකා ගමනා ගමන මණ්ඩලය මගින් පාලනය කරන පානදුර ලංගම/පුද්ගලික බස් නැවතුම්පොල පොදු වැසිකිලි වල උතුරා එහි අපවිත‍්‍ර ජලය ගලා එ්ම නිසා, බරපතල සෞඛ්‍යය තර්ජනයකට, ඉහත ලිපිනයේ පදිංචි අප භාජනය වී තිබේ.

මෙම කාරණය වසර කිහිපයක සිට මා විසින් ලිඛිතව හා වාචිකව පානදුර නගර සභාවේ සභාපතිට හා එහි සෞඛ්‍යය පරීක්ෂක නිලධාරීවරයාට ද, ලංකා ගමනා ගමන මණ්ඩලයේ පානදුර ඩිපෝ අධිකාරී, ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප‍්‍රධාන කාර්යාලයට ද බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියට ද දැනුම් දුන්න ද එයින් කිසිදු ප‍්‍රයෝජනයක් වී නොමැත.



මිනීමරු පොලිස්කාරයා නිදහස් කිරීමට විරුද්ධව ඇමෙරිකානුවෝ වීථි බසිති. (වීඩියෝව නරඹන්න)




නිව්යෝර්ක් නුවර, ගමනාගමනය අඩපණ කරමින් දහස් ගණන් ඇමෙරිකානුවෝ එරික් ගාර්නර් නැමති නිරායුධ කළු ජාතිකයා මරා දැමූ පොලිස් කාරයාව නිදහස් කිරීමට එරට අධිකරණය ගත් තීරණයට එරෙහිවබ වීදි බැස්සේය.

2014 අප්‍රෙල් 17 වන දින, නිව්යෝර්ක් නුවරදී, නිරායුධ එරික් ගාර්නර්ව, ජස්ටික් ඩැමිකෝ නැමති පොලිස් නිලධාරියා විසින්, ගෙල හිරකර මරා දැම්මේය.

මෙම ගෙල හිර කිරීම, අසල පුද්ගලයෙකු විසින් වීඩියෝ ගත කර  ප්‍රසිද්ධ කිරීමත් සමග ඇමරිකාව පුරා පොලීසියට එරෙහිව උද්ඝෝෂණ ආරම්භ විය.

 ජස්ටික් ඩැමිකෝ ට විරුද්ධව, නඩු පැවරීමට එරට අධිකරණය ප්‍රතික්ෂේප කිරීමත් සමග, විශේෂයෙන් කළු ජාතිකයින් වීථි බැස්සේය.





ඉස්ලාම් ආගමික පොලීසිය ජනයා පීඩාවට පත් කරනු ලබන හැටි. (පිංතූර)

හත රූපයෙන් පෙන්නුම් කරන්ටනේ ඉස්ලාමීය අන්තවාදී, ඇුම් නොඇීම නිසා, ආගමික පොලීසියේ පීඩාවට පත්වන මුස්ලිම් පවුලක්.dd caption

ඉන්දුනීසියාවේ ආවේ ප්‍රාන්තයේ ඉස්ලාම් ආගමික පොලීසිය, එරට ඉස්ලාම් අන්තවාදී නියමයන්ට එරෙහි වන පිරිස් වලට, ඉස්ලාමීය නොවන පිරිස් වලට එල්ල කරන පීඩාවන් උග්‍ර වෙමින් පවතී.

ඉස්ලාම් අන්තවාදී නීති, ඉස්ලාම් නොවන ජනයාද, පිළිපැදිය යුතු බවට නියම කර තිබේ. මෙම නීති නිසා වඩාත් පීඩාවට පත්වන්නේ එරට කාන්තාවන්ය.




විවාහ වී නොමැති බවට සැක කරන ලද යුවලක් ප්‍රශ්ණ කිරීමට භාජනය කර ඇති අයුරු.
      


කොට කලිසමක් ඇඳ සිටි නිසා, තරුණයෙකුව ...... ගස්සවා දුවම් කරන හැටි.


 අත්අඩංගුවට ගෙන තිබෙන ඉස්ලාමීය නොවන භාණ්ඩ

 ඉස්ලාමීය ආගමික පොලීසියෙන් සැවී පෙම් කරන යුවලක්.



          මේ යුවතියන්ට කලිසම් ඇීම තහනම් කර ඇත

2004 සුනාමියට පෙර, ආවේ හි සුප්‍රකට මුහුදු වෙරළේ දර්ශයක්.


 සිකුරාදාට පල්ලි යෑම අනිවාර්යයි.