Saturday, June 23, 2018

ඌරගස්මංහන්දිය පොලිස් ඝාතකයා බේරන්න සාක්ෂිකරුවන් දඩයම් කරයි.



බූරු පිටියේ සල්ලි මංකොල්ලා කෑමට ගිය පොලිස් කාරයින් විසින් තබන ලද වෙඩි පහරින්, මිය ගිය 55 හැවිරිදි, සිව් දරු පියාගේ මරණ පරීක්ෂණය තවමත් නිමවී නොමැත.

2018 මැයි 18 වන දින මෙම පොලිස් ඝාතනය වසන් කිරීමට සාක්ෂිකරුවන් අත්අඩංගුවට ගෙන රාජකාරියට බාධා කළා යන චෝදනාව නගමින් රිමාන්ඞ් කිරීමට ඌරගස්මංහන්දිය පොලීසිය කි‍්‍රියා කරයි. 

2018.05.31 දින පොලීසියට ගිය රංජිත් මහතාව, අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කිරීමේ නාටකය ඔහු මානව හිමිකම් කොමිෂන් සභාවට හා පොලිස්පතිට කරන ලද පැමිණිල්ලේ ස`දහන් කරුනු වලින් පැහැදිලි වේ. එහි මෙසේ ස`දහන් වේ.  

’‘ රංජිත් අවු: 42 යි, විවාහක, දරුවන් 03 යි, රැුකියාව: සු`ඵ ව්‍යාපාරික කටයුතු, 
2018.06.22 වන දින දීය.

මා වයස අවුරුදු 14 දී, පංචායුධයක් සොරකම් කළා යන බොරු චෝදනා නගා පරිවාස ගත කොට දැඩි මානසික හා ශාරීරික පීඩාවට පත්කරන ලදි.

මව, දැඩි දරිද්‍රතාවයෙන් පෙලූන මා ඇතු`ඵ අප පවුලේ හත් දෙනා ඇති දැඩි කළේ කිරි කපා හම්බ කළ මුදලිනි. පියා නාමික විය. ඔහු කළේ අපවත් මවත් පීඩාවට පත් කිරීමය.

පොලීසිය බොරු නඩු දමා මාගේ අධ්‍යාපනය නැතිකර දැමීය. මා දියුණු වීමට ගත සෑම උත්සාහයකදීම පොලීසිය, දිගින් දිගටම මා පීඩාවට පත් කළේය.

මා මේ වන විට බන්ධනාගාරයේ වසර 06 කට වැඩි කාලයක් ගත කර තිබේ.

මේ අතරතුර 2018 මැයි 13 වන දින අසල්වැසියෙකුගේ නිවසක රාත‍්‍රී බණ ගෙදරක දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමක් පිළිබඳ ආරංචි වී එහි ගියෙමි. එවිට වේලාව රාත‍්‍රී 11.00 ට පමණ ඇත. 

මා යන විට මිය ගිය අයගේ දේහය බිම දිගා කර තිබූ අතර ජීප් රථ, හත අටකින් පමණ පොලීසියෙන් විශාල පිරිසක් ඇවිත් හිටියා. රැුස්වූ පිරිස පොලීසියට බණිමින් විරෝධය පළ කරමින් සිටියා. අංක තහඩු නැති පොලිස් යතුරුපැදිවල, අංක තහඩු, පිරිසක් හොයාගෙන ඇවිත් එතැනට දැම්මා. යතුරුපැදිවල ෂීට් යට තිබූ නිල ඇඳුම් අරගෙන එතනට පැමිණ සිටි වාර්තාකරුවන්ට ප‍්‍රදර්ශනය කළා.

එ් අවස්ථාවේ වෙඩි තැබූ පොලිස් නිලධාරියාව සැඟවීමට පැමිණි සිටි උසස් පොලිස් නිලධාරීන් සූදානම් වන බව පැහැදිළිව පෙනෙන්නට තිබුණා. 

එතැන සිටි ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ හිටියේ හොඳටම බීලා. වෙරිමතේ සිටි ඔහුට පිරිස විරෝධය දැක්වූවා. එ් අතර වැඩ බලන මහේස්ත‍්‍රාත්වරයා වශයෙන් එතැනට නීතිඥ රුවන්පුර පැමිණියා. 

එවිට බීගෙන වෙරි මතින් හිටිය ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ, වෙඩි තියනවා දැක්ක අයට ඉදිරියට පැමිණ සාක්ෂි දෙන්න යැයි, කියා සිටියා. කිසිවෙක් ඉදිරිපත් වුණේ නෑ. නමුත් එහි සිටි අය අසන්න පටන් ගත්තා, සාක්ෂි දෙන්න පු`ඵවන් ආරක්ෂාව දෙනවාද කියා. 

එවිට, ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ එහෙම පොලීසිය කාටවත් ආරක්ෂාව දීලා තියෙනවාද යයි අසන්නට පටන් ගත්තා. දෙපාර්ශවය අතර වචන හුවමාරු වුණා. 

එ් අතර මා ඉදිරිපත්ව, මට බොරු නඩු දැමීමේ සිද්ධිය ගැන කියා සිටියා. එය පොලිස් ¥ෂණ කි‍්‍රියාවක් හෙළි කිරීමක්.

එසේ සිටින අතර, 2018.05.31 උදේ මා, ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයට ගියා. එ් මාගේ වාහන බලපත‍්‍රය ලබාගන්න. එ් අවස්ථාවේ මාව අත්අඩංගුවට ගෙන කූඩුවට දැම්මා. හේතුවක් ඇහුවාට කිව්වේ නෑ.

එදින හවස ස්ථානාධිපති සුජිත් ප‍්‍රියන්ත, මාව ඇල්පිටිය පොලීසියට ගෙන ගියා. ඇල්පිටිය පොලීසියේදී, බණ ගෙදර දී, පොලීසියට ගහපු එකට කියා මාව කූඩුවට දැම්මා. 

පසුදින, 2018.06.01 දින උදේ 10.00 ට විතර, ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ පොලීසියට ආවා. 

ඔහු එතනදී, මට  ඕන කරන ගවරා කියන එකා කූඩුවේ ඉන්නවා, ඌත් එක්ක ගණුදෙනුවක් තියෙනවා, මට බේරගන්න ගෙනත් දෙන්න යැයි කිව්වා.

මා කූඩුවෙන් එලියට අරන් ස්ථානාධිපතිගේ කාමරයට ගෙන ගියා. ස්ථානාධිපතිගේ පුටුවේ ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ වාඩිවෙලා හිටියා. ඔහු එතැන සිට නිලධාරියෙකුට කිව්වා මගේ ආයුධය ගේන්න කියා. ඔහු පිස්තෝලයක් ගෙනත් දුන්නා.

එය අතට ගෙන, උඹ මැරෙන්න බයද, උඹ චණ්ඩියෙක් ද කියා අසමින් නැගිට මා ළඟට ඇවිත් නලලට පිස්තෝලය තියා ආයෙත් මැරෙන්න බයද කියා අසා, පිස්තෝලයෙන් මගේ කම්මුල දෙපැත්තට ගැහැව්වා.

ඉන්පසු මූව අරන් පලයන් කිව්වා. එදින හවස ඌරගස්මංහන්දිය පොලීසියෙන් ඇවිත් මාව රෙද්දකින් වසාගෙන ඇල්පිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගොස් රිමාන්ඞ් බාරයට පත් කළා. නඩු අංකය : 5787 වේ.

2018.06.06 වන දින, මාව පෙරෙට්ටුවකට ඉදිරිපත් කළා. මාව හොඳට හඳුනන අය. ඔවුන් මාව හඳුනා ගත්තා. 

එදින ශරීර ඇප මත මුදාහැරියා. මීළඟ නඩු දිනය 2018.09.12 වේ.

මට නගා තිබූ චෝදනාව රාජකාරියට බාධා කිරීම.

මේ ආකාරයට මට විරුද්ධව බොරු චෝදනා නගා නඩු පවරා මා දැඩි පීඩාවට පත්කර ඇත.

මා ඉල්ලා සිටින්නේ, 

නිදහස අහිමි කර, ශාරීරික, මානසික වධහිංසාවට පත් කිරීම, ව්‍යාජ නඩු පවරා මූලික අයිතීන් උල්ලංඝණය කිරීම පිළිබඳව,

(1* ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ,

(2* ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති සුජිත් ප‍්‍රියන්ත ඇතු`ඵ අදාල නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය. 

මෙයට,  රංජිත් 

පොලිසියට මරන්න අවසර දීලාලූ බූරුවා පොලේ සල්ලි මංකොල්ලය වැරදුන විට ඌරගහ පොලිසිය ගත් මිනිස් බිල්ල

http://peoplesforumsl.blogspot.com/2018/06/blog-post_10.html




Monday, June 18, 2018

සිගරට් පෙව්වාට වන්දි ඉල්ලා පැවරූ නඩුව පරක්කු කලාට රුපියල් ලක්ෂ 4 ක වන්දියක් ක්‍ඔක්‍ එකට ගෙවන්න වෙයි.



ගැටවර වියේ සිට සිගරට් බීපු පොළොන්නරුවේ කේ.එස්.පෙරේරා මහතා, පසු කාලයේදී සිගරට් බීමට ඇබ්බැහි විය. 1996 සැප්තැම්බර් මස සුව කළ නොහැකි පිළිකා රෝගයෙන් ඔහු පෙළෙන බව සොයා ගැණින.

කේ.එස්.පෙරේරා මහතා, තමාව සිගරට් පොවා රෝගියකු කිරීමේ වරදට, දුම්කොළ සමාගමෙන් වන්දි ඉල්ලා - කොළඹ දිසා අධිකරණයේ ‘‘වන්දි’’නඩුවක් ගොනු කරනු ලැබීය.

නඩුව අතරවාරයේදී, 2001 අපේ‍්‍රල් මස ඔහු මිය යන ලදි. එවිට ඔහුගේ වයස අවුරුදු 60 ක් විය.

බිරිඳ, ලලිතා පද්මිණී මහත්මිය, තම සැමියා වෙනුවෙන් නඩුවට ඉදිරිපත් වීමට අවසර ඉල්ලා සිටියේය. එයට අධිකරණයෙන් ඉඩක් නොලැබිණ.

ඇය එම පසුබිම යටතේ, 2003 අපේ‍්‍රල් මස, තම සැමියාව පිළිකා රෝගයට ගොදුරු කර මරණය ළගා කරවීම නිසා, තමාට වූ හානියට වන්දි ඉල්ලා නඩුවක්, කොළඹ දිසා අධිකරණයේ ගොනු කරනු ලැබීය.

එම නඩුව, විභාගයට නියම කිරීමට එරෙහි, දුම්කොළ සමාගම (ක්‍ඔක්‍*  - අභියාචනාධිකරණය ඉදිරියට ගොස්, එකී නඩුව ඉවතලන ලෙසට ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම අභියාචනාධිකරණය ප‍්‍රතික්ෂේප කරන ලදි. එයින් නොනැයතුනු දුම්කොළ සමාගම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස්, දිසා අධිකරණයේ හා අභියාචනාධිකරණයේ තීන්දු අභියෝගයට ලක්කරන ලදි.

2008 වසරේදී, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පවරන ලද අභියාචනය අදාල තීන්දුව 2018 ජූනි 14 වන දින ප‍්‍රකාශයට පත් කරන ලදි.

ලංකා දුම්කොළ සමාගම (ක්‍ඔක්‍* විසින් ඉදිරිපත් කරන ලද අභියාචනය ප‍්‍රතික්ෂේප කල ශ්‍රේෂ්ඨාධිකරණය, ඉන් නොනැවතී, දුම්කොළ සමාගම, වසර 12 ක් පුරා, නඩු ප‍්‍රමාද කිරීම මගින් ලලිතා පද්මිණී මහත්මියව අසීරු තත්වයට පත් කර ඇති බවට තීරණය කර තිබේ. මෙය වෙනත් අයෙකුට වූවානම්, නඩු කීමෙන් ඉවත් වීමට පවා ඉඩ තිබුණ බවද වැඩි දුරටත් සඳහන් කරයි.

මෙසේ, වසර 12 පුරා, නඩුව ප‍්‍රමාද කිරීමේ, එසේ නැතිනම් ඇදගෙන යැමෙන්, කළ වරදට ලලිතා පද්මිණී මියට රුපියල් ලක්ෂ 4ක වන්දියක් ගෙවීමට දුම්කොළ සමාගමට නියම කරන ලදි.

දුම්කොළ සමාගම මෙම මුදල මසක් තුල ගෙවිය යුතු බවද, නියම කර තිබේ.

නඩු ප‍්‍රමාද කිරිම්, මෙම නඩුවට පමණක් සීමාවූවක් නොවේ. දුම්කොළ සමාගම මෙන්ම, එ් හා මුදල් බලය, ඉහළ නීතිඥයින් ගේ බලය, අයුතු සම්බන්ධතා ආදී කරුණු මූලික කරගෙන, නඩු සැලසුම් සහගතව කල් දැමීම සිදුවේ.

එවන් අවස්ථාවලදීද, මේ ආකාරයට අධිකරණ ක‍්‍රියා කිරීම - නඩු ප‍්‍රමාදය අවම කරනු ඇත.

වර්තමානයේ යුක්තිය පසඳලීමේ ක‍්‍රියා මාර්ගය තුල පවතින්නා වූ පීඩාවන් කථිකාවකට ගැනීමට මෙම නඩු තීන්දුව ඉවහල් වනු ඇත.

Sunday, June 17, 2018

ඝාතකයෝ තව බිල්ලක් ගන්න සැරසේ. පුතාගේ ජීවිතය රැක දෙන්න! රැඳවියෙකුගේ මවක් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්ගෙන් ඉල්ලයි!!.


දැනට සිර දඬුවම් විඳින තම පුතාගේ ජීවිතයට එල්ල වි තිබෙන තර්ජන අදාල සියලූ තොරතුරු හෙළි කරන්න අවස්ථාවක් සලසා දෙන්න යැයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්ගෙන් ඉල්ලා තිබේ.

2012 වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් විසි හත්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය අදාලව දැනට පැවැත්වෙන පරීක්ෂණ හා නඩු විභාගයට අදාල වැදගත් සාක්ෂි වසන් කිරීමේ අරමුණ ඇතිව මෙම ඝාතන උත්සහය පවතී.

මෙම සිද්ධිය වූ දිනයේ, බන්ධනාගාරයේ සම්පූර්ණ වගකීම දැරූ ප‍්‍රධාන ජේලර්වරයා සම්ප‍්‍රදාය කඩ කරමින් සිරකරු ඝාතන සිද්ධියේ සත්‍ය හෙළි කිරීමට ඉදිරිපත් විය.

සිද්ධියට හවුල් වූ හා ඇසින් දුටුවන් සමහරක් තවමත් සිරගෙදර සිටී. එමෙන්ම සිද්ධිය අදාල  තොරතුරු හෙළිකරාවිය යන සැකය මත සමහර  සිරකරුවන්ට තර්ජන එල්ලවීම ආරම්භව ඇත.

එසේ තර්ජන එල්ල වී ඇති එක් සිරකරුවෙක් තම පුතා බව ප‍්‍රකාශ කරන මව ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

ඇය මේ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාගෙන් හා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනියගේ අවධානය යොමු කර සිටී. ඇය ඔවුන් වෙත ඉදිරිපත් කර තිබෙන ලිඛිත ඉල්ලිමේ මෙසේ සඳහන්වේ. 

ඇය ප‍්‍රකාශ කරන්නේ වසර 10 ක සිර දඬුවම් විඳින තම පුතා අදාල සියලූ තොරතුරු පුද්ගලිකව සැල කිරීමට පුතා සූදානම්ව සිටීන නමුත් හමුවීමට අවස්ථාව ලැබී නොමැති බවද, ඝාතන සිද්ධියට අදාලව තොරතුරු හෙළිකරන නිලධාරියා යටතේ තම පුතා වැඩ කරඇති නිසා, පුතාද තොරතුරු හෙළි කරනු ඇතැයි යන සැකය ඝාතණයට හවුල්වු අය මෙන්ම අවි ගබඩාව කඩා ආයුධ ගත්ත තවමත් දඬුවම් විඳින සිරිකරුවන් ගේද තර්ජන වලට පුතා මැදිව සිටින බව මව කියා සිටි.  ඇය ඉල්ලා සිටින්නේ තම පුතාව වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීම වළක්වාලන ලෙසට ය.  

Saturday, June 16, 2018

අපරාධ වලට ආදේශකයින් ඉදිරිපත් කර අපරාධකරුවන් රකින යහපාලන පොලිසිය.


ලොකු හෝ කුඩා, බොහෝ  සංවිධානාත්මක අපරාධ වලට පොලිසියේ කවුරුන් හෝ හවුල්ය. කිරිඇල්ල ප‍්‍රදේශයේ, කඩ කැඞීම සිදුවන්නේ සීරියල් ක‍්‍රමයටය. සොරුන් අහුවන්නේ ද නැත. අල්ලන්නේද නැත. 

කිරිඇල්ල නගරයේ ජෆුවර් ෆාමසි වාර ගණනාවකදි කඩා, භාණ්ඩ සොරකම් කරබ්. නමුත් අසුවුනු සොරෙක් නැත. 

මැයි 31 දින, සුපුරුදු පරිදි ජෆුවර් ෆාමසිය කඩන ලදි. මෙහි විශේෂය නම්, මෙම ෆාමසිය තිබෙන්නේ පොලිස් මුරපොලට අතේ දුරින් වීමය. ෆාමසි හිමියා සොරු අල්ලන ලෙසට ඉහළයින්ට බලපෑම් කරන ලදි. 

කිරිඇල්ල පොලිසිය, ෆාමසියේ, නුද්රින් පිහිටි වයින් ස්ටෝර්ස් එකේ ක්‍ක්‍ඔඪ කැමරා නිරීක්ෂණය කළේය.   වයින් ස්ටෝර්ස් එකට රාත‍්‍රියේ වන පුද්ගලයකු සටහන් වී තිබින. එ් අසල වත්තක පදිංචි, එම වත්තේම වැඩ කරන අරක්කු භාගයක් ගෙනයන්නයට ආ කම්කරුවෙකු වන රංගනය. රංගන විවාහක එක් දරු පියෙකි.

පසුගිය 11 වෙනිදා වත්තට ගොස් රංගනව අත්අඩංගුවට ගෙන, ෆාමසිය කැඩූ බවට පිළි ගන්නා ලෙසට, තර්ජණය කරන්නට පටන් ගන්නා ලදි. වධ දෙන්නට සැලසුම් කළේය. පොලිසිය අරක්කු ගන්න වයින් ස්ටොස් එකකට ගිය රංගන එ් ගමන් වයින් ස්ටෝරස් එකද කඩා බඩු සොරකම් කර තිබෙන බවට නිර්මාණය කර සොරකමට ආදේශ කිරිමට තිරණය කර තිබුනේය.

වහාම ක‍්‍රියාත්මක වූ ඔහුගේ බිරිඳ, නිසි උපදෙස් ලබාගෙන, මානව හිමිකම් කොමිෂමේ හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලදි. එ් අනුව ක‍්‍රියාත්මක වූ කොමිෂම, අත්අඩංගුවට ගැනීම ගැන කිරිඇල්ල පොලිසියෙන් විමසා සිටින ලදි. 

එදින රාත‍්‍රියේ, මොහුට වධ දීමට, පොලිසියේ සූදානම ව්‍යාර්ථ විය. පසුදින, 12 වනදා, මොහුව උසාවියට ඉදිරිපත් කිරීමට පොලිසියට සිදුවිය.

පොලිසිය අධිකරණයට කියා සිටියේ ක්‍ක්‍ඔඪ කැමරාවල සටහන් අනුව, මොහු ෆාමසිය කැඩූ බව ඔප්පු වන බවයි.

එම තර්කය ප‍්‍රතික්ෂේප කල අධිකරණය කැමරා දර්ශණ සංයුක්ත තැටි වලට ඇතුලත් කර, අධිකරණයට හා චූදිතට පිටපත් ලබාදෙන ලෙසටද, එම දර්ශණ රස පරීක්ෂකට යොමු කර වාර්තා ලබා ගන්නා ලෙසටද, නියම කළේය. 

එමෙන්ම, මොහුව ඇප මත මුදාහැරීම පියවර ගනු ලැබීය.

පොලිසිය අපරාධ වසන් කිරීමට, අපරාධකරුවන් ආරක්ෂා කිරීමට කරන්නේ, අසරණයින් වූ නොවිසිඳුනු අපරාධ වලට ආදේශ කිරීමය. 

මෙවන් පුද්ගලයින්ට, ගෝඨාබයා වැනි මහා පරිමාන දුෂකයින්ට මෙන්, ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් අත්අඩංගුවට ගැනීම වලක්වා ලීමේ නියෝග ගැනීමට, මුදල් හෝ බලය හෝ සම්බන්ධකම් නැත. 

එමෙන්ම, ‘යහපාලන’ නාමයෙන්, පොලිසිය බාර ඇමතියන් කළේ, වධහිංසාව, බොරු නඩු දැමීම් වලට පූර්ණ ආශිර්වාදය ලබා දීමය. එයට ඇමතියන් පසුපස යන සිවිල් සමාජ ‘ආරක්ෂකයින්ද’  රටවැසියන් පාවාදීම අද සිදුකරන්නේ ද ‘යහපාලනය’ නාමයෙනි. 



Sunday, June 10, 2018

ව්‍යාපාරිකයාට මරු කැ`දවූ රියේ අනියම් හිමිකරු ප‍්‍රකට ජාවාරම් කරුවෙක්



රථ වාහන අනතුරු වළක්වන්න, දෙවි පිහිට පතමින්, මාධ්‍ය සංදර්ශණ පවත්වන්නවුන්ගේ වෑයම, තම බඩගෝස්තරය රක්ෂා කර ගැනීමය. එයට හොඳම නිදසුනකි, මැයි 30 වන දින, රාත‍්‍රී 7.30 ට පමණ, 51 ක් හැවිරිදි තම ශ‍්‍රමයෙන් ජිවිතය ගැට ගසා ගන්නා ව්‍යාපාරිකයෙකුට මරු කැඳවූ රිය අණතුර.

මෙය ”රිය අණතුරක් ලෙසට ලඝු කිරීම ද වැරදිය. මන්ද, රථවාහන උපයෝගී කරගෙන සිදු කරන මනුෂ්‍ය ඝාතන, තුවාල සිදු කරමින් ”අණතුරු ගණයට” වර්ග කිරීම මගින් සිදු කරන්නේ, අපරාධකරුවන්ට දඬුවම් නොලබාම ගැලවී යෑමට ඉඩ සලසා දෙන නිසාය.

පයාගල, මුංහේන ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වූ 51ක් හැවිරිදි, පද්මසිරි මහතාව යටකර, පලා යෑමට උත්සාහගත් වාහනයේ, අනියම් හිමිකරු එම ප‍්‍රදේශයේම, විවිධ ජාවාරම් වල නියැලෙන්නෙකි. මොහු සතු වාහන හා දේපල වල අයිතිය ඇත්තේ මොහු නමට නොවන බව ප‍්‍රකාශ කරන, මරණයට පත් තැනැත්තාගේ ඥතීන්, පයාගල පොලිස් නිලධාරීන් ඔහු හා පවත්වන්නේ ඉතා කිට්ටු සම්බන්ධයක් බව අවධාරණය කරයි.

ජීවිතයක් අහිමි කල මෙම ඊනියා වාහන අනතුරු සම්බන්ධයෙන් පොලිස්පති අමතන, මියගිය අයගේ පුතා මෙසේ ප‍්‍රකාශ කර සිටී.

මෙම රිය අනතුර සිදුකල අවස්ථාවේ රියදුරු - රිමාන්ඞ් බාරයට පත්කර ඇත.
වාහනයේ අනියම් හිමිකරු, ප‍්‍රදේශයේ දක්ෂතම නීතිඥ කණ්ඩායම, ඔහු වෙනුවෙන් ඉදිරිපත් කර තිබේ.

රියදුරුට විරුද්ධව ඉදිරිපත් කර තිබෙන, ”රථවාහන වැරදි” වලට ඔහු, සිය නීතිඥවරුන් මගින්, වරදකරු බව පිළිගැනීමට කටයුතු කිරීමට උත්සාහ ගනු ඇත.

එය සාර්ථක වුවහොත්, වැරදි වලට දඬුවම් නියම කර, නඩුව අවසන් කරනු ඇත. එසේ නොමැතිව, වැරදි පිළි නොගෙන, නිවැරදිකරු බව ප‍්‍රකාශ කළහොත්, නඩුව විභාගයට තබනු ඇත.

නඩුව ඉවර වන්නේ කවදාද, එයද දෙවියන්ට කැමැත්ත අනුව සිදුවනු ඇත.

මියගිය අයගේ, බිරිඳ විසින් ගත යුතු ඊළඟ පියවර වන්නේ, දෙවසරක් තුල වන්දියක් ඉල්ලා දිස්ත‍්‍රික් උසාවියේ නඩුවක් පැවරීමය.

එයද උරචක‍්‍රමාලාවක් බවට පත් නොවුනහොත් ඇගේ වාසනාවකි. දෙවියන් ඇය දෙස බලා ඇතැයි නිගමනය කර සැනසෙන්නට පුලූවන.

දෙවියන් මේ දක්වාම බලා ඇත්තේ ඉන්ෂුවරන්ස් සමාගම් දෙසය, නීතිූවරුන් දෙසය, වාහන අයිතිකරුවා දෙසය. පොලිස් කාරයින් දෙසය.

මන්ද, වාහනය ගත් දිනයේම එය දෙවියන්ට ඔප්පු කර ඇති නිසාය.

”නීතියේ” එනම් පොතේ වගන්තිවල කුමක් සඳහන් වුවත්, භාවිතයේ පවතින්නාවූ ¥ෂණය, අභිබවා ක‍්‍රියා කිරීමට තරම් නිපුනත්වයක් මියගිය අයගේ බිරිඳට නොමැතිවුවහොත්, ඇයට සැමියා නැතිවීම අභිබවා ගිය, ඛේදවාචයකට මුහුණ දෙන්නට සිදුවනු ඇත.

රථවාහන අනතුරු වැළැක්වීමට ,
1. පවතින්නාවූ රථවාහන නීති,
2. පොලිස් පරීක්ෂණ
3. නඩු පැවරීම, නඩු ප‍්‍රමාදය, නීතිබති, අධිකරණ පද්ධතියේ දුෂණ
4. නීතිඥවරුන්ගේ ¥ෂණ අක‍්‍රමිකතා
5. රක්ෂණ සමාගම්වල ¥ෂණ

එක් එක් සිදධි ඇසුරින් ගෙන, කතාබහක් ඇති කල යුතුයි.

සිටින්න දවසක කොළඹ රථවාහන උසාවියක් ඉදිරිපිට, දක්නට ලැබෙනු ඇත. දෙවියන් ඉන්නේ කොහේද කියා.





පොලිසියට මරන්න අවසර දීලාලූ බූරුවා පොලේ සල්ලි මංකොල්ලය වැරදුන විට ඌරගහ පොලිසිය ගත් මිනිස් බිල්ල



ඌරගහ පොලිසිය, අමු අමුවේ වෙඩි තබා සිදුකල ඝාතනය වසන් කිරීමට සාක්ෂිකරුවන් භිය වද්දා ඇති බව, වෙඩි පහරින් එතැනම මිය ගිය 55 හැවිරිදි ජවර්ධන මහතාගේ බිරිඳ - ලලිතාංගනී මහත්මිය ප‍්‍රකාශ කර සිටි. 

මෙම මිනිස් ඝාතනය සිදුකල උප පොලිස් පරීක්ෂක ක‍්‍රිෂාන්ත තවමත් නිදැල්ලේ සිටින බව ප‍්‍රකාශ කරන ඇය, මේ වන විට, ඇසි දුටු සාක්ෂිකරුවන් සැඟවි ඇතැයිද කියා සිටී.

මෙම මිනිස් ඝාතනය පිළිබඳ පරීක්ෂණ සිදුකරන්නේ, අල්ලපු පොලිසිය වන, ඇල්පිටිය පොලිසියයි.

2018.05.18 වන දින, කරන්දෙණිය ප‍්‍රදේශයේ නිවසක හත් දවසේ ධර්මදේශනාව අවසානයේ, සුපුරුදු ”බූරුවා” ගැහිල්ල පවත්වාගෙන ඇත.

ධර්ම ශ‍්‍රවණයෙන් පසුව, රැස්ව සිටි පිරිස, ”බූර්වා” සෙල්ලම් කරමින් සිටින තැන හෙවත් බූරු පිටියට, සිවිල් ඇඳුමින් පිරිසක් පැන, සෙල්ලම් කරන අයට හා බලා සිටි අයට පහරදී, බූරුපිටියේ මුදල් එකතුකරන්නට පටන් ගෙන තිබේ.

මංකොල්ලකරුවන් යයි සිතූ, බූරුපිටියේ සිටි අය, ඔවුන්ට පහරදී, තම මුදල් බේරා ගැනීමට උත්සාහ ගෙන ඇත. මෙම උත්සාහයේදී, මුදල් මංකොල්ල කෑමට පැමිණි පිරිසක් විසින් තබන ලද වෙඩි පහරින්, අසල සිටි ජයවර්ධන එ් අවස්ථාවේදීම මිය ගොස් ඇත.

වෙඩි තැබීමෙන් පසුව, එම පිරිස පලාගොස් ඇත්තේ, ඔවුන් පැමිණි යතුරු පැදි එම ස්ථානයේම තිබියදීය. එක් යතුරු පැදියක, තිබූ පොලිස් නිල ඇඳුම් පිරිසට හමුවී ඇත.

පසුව පොලිස් නිලධාරීන් විශාල පිරිසක් පැමිණ ඇත. එ් අවස්ථාවේ ඉදිරිපත් වූ කිහිප දෙනෙක් සිද්ධිය පොලිස් නිලධාරීන්ට පවසා ඇත. එ් හා අදාල වීඩියෝ පටයද ජයවර්ධන පවුල අතට පත්ව තිබේ.

මේ වන විට, ඇල්පිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ මරණ පරීක්ෂන නඩු විභාගය ආරම්භ කර ඇත. පසුගිය නඩු වාරයේදී, විභාගය පවත්වා ඇත්තේ, මහේස්ත‍්‍රාත්වරයාගේ නිල කාමරයේ බවත්, එතැනට ජයවර්ධනගේ බිරිඳට පවා යෑමට පොලිසිය ඉඩ නොදුන් බවත් ප‍්‍රකාශ වේ.

ජයවර්ධන මහතා බිරිඳ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ, ඌරගහ පොලිසිය සිදුකල මිනීමැරුම පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන ලෙසය.

මේ වනවිට, පොලිස් අපරාධ සීග‍්‍රයෙන් වැඩ වන අතර, එ් සඳහා ආණ්ඩුවේ වගකිවයුතු පාර්ශවය, විශේෂයෙන් නීතිය හා සාමය බාර ඇමති ඇතුලූ පිරිස, තමන්ට මිනීමරන්න ඉඩ ලබා දී ඇති බව පොලිසිය ප‍්‍රකාශ කරයි.  

ඌරගහ පොලිසිය සිදුකළ මනුෂ්‍ය ඝාතනය පිළිබඳව විධිමත් පික්ෂණයක් ආරම්භ කරන ලෙසට මිය ගිය ජයවර්ධන මහතාගේ බිරිඳ ලලිතාංගනී මහත්මිය මානව හිමිකම් කොමිෂන් සභාවව් වෙත කර තිබෙන පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ. 

‘‘එච්. එච්. ජයවර්ධන, අවු: 55 යි (1963.03.10), කම්කරු - මාගේ ස්වාමි පුරුෂයා වේ. 2018.05.13 දින, කරන්දෙණිය කලූවලගොඬේ ප‍්‍රදේශයේ බණ ගෙදරකට යන බව කියා රාත‍්‍රී 9.10 පමණ මාගේ සැමියා නිවසින් පිටව ගියා. 

රාත‍්‍රී 11.30 පමණ, කවුදෝ දුරකථනයෙන් කතා කර ජේ.ආර්. කෝ කියා ඇසුවා. ජේ.ආර්. යනුවෙන් මාගේ සැමියාව අමතනු ලබනවා. ජේ.ආර් අයියාට කරදරයක්, පොලිසියෙන් වෙඩි තියලා, මැරිලාද දන්නේ නැහැ කියා පැවසුවා. 

එ් අවස්තාවේ මාගේ ලොකු පුතා වන ධනුෂ්ක දීප්තිමාල් ජයවර්ධන එම බණ ගෙදරට යැව්වා. මගේ පුතා මට දුරකථනයෙන් දැනුම් දුන්නා මාගේ සැමියාට ඌරගහ පොලිසියේ වෙඩි තැබීමෙන් මියගොස් ඇති බව. 

එ් අවස්ථාවේ මාද එම ස්ථානයට ගියා. මා දැනගත් ආකාරයට වෙඩි තැබීම සිදුව ඇත්තේ රාත‍්‍රී 10.30 ට පමණය. 2018.05.14 දින අ`ඵයම 5.00 ට පමණ, මහේස්ත‍්‍රාත්වරයා පැමිණ පරීක්ෂා කලා. 

පසුව බලපිටිය රෝහලට මෘත ශරීරය රැුගෙන ගියා. බලපිටියෙන් බාරගන්න බැහැ කිවූ නිසා කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන ගියා.

මා දැනගත් ආකාරයට එදින, බණ ගෙදර සිටි පිරිස, බූරු ගසන බවට චෝදනා කරමින්, ඌරගහ පොලිසියේ උ.පො.ප.ක‍්‍රිෂාන්ත නැමැති නිලධාරියා ඇතු`ඵ නිලධාරීන් හය දෙනෙකු සිවිල් ඇඳුමින් එම ස්ථානයට පැමිණ ඇති අතර, එහිදී පොලිස් නිලධාරීන් ඇතු`ඵ එහි සිටි පිරිස අතර ආරවුලක් ඇති වී තිබෙනවා. එ් අතරදී, විදුලිය විසන්ධි වී තිබේ. පොලිසිය ක`ඵවරේම වෙඩි තබා තිබෙනවා. එහි සිටි පිරිස දුව ඇතිමුත්, මාගේ සැමියාට වෙඩි වැදී තිබේ.

ඔහුට වෙඩි වැදී තිබුනේ උදරයට වේ. වෙඩි හතරක් තබා ඇති අතර, එක් වෙඩිල්ලක් මාගේ සැමියාට වැදී තිබෙනවා. 

අවසන් කටයුතු 2018.05.17 දින සිදු කෙරුනා. 

මාගේ සැමියාට වෙඩි තබා ඇත්තේ, උ.පො.ප.ක‍්‍රිෂාන්ත විසිණි. වෙඩි තැබීමෙන් පසුව, කෝපයට පත්වූ එහි සිටි පිරිස විසින්, පොලිස් නිලධාරීන් පැමිණ තිබූ යතුරු පැදි තුනක් පොඩිකර දමා ඇති අතර, ඉන් එක් යතුරු පැදියක් මත තිබූ පො.ප. ක‍්‍රිෂාන්තගේ නිල ඇඳුම හමුවී තිබුනා. 

එයින් පෙනී යන්නේ, මෙම නිලධාරීන් හිතාමතාම තම නිළ ඇඳුම් ඉවත් කර, සිවිල් ඇඳුමින් එම ස්ථානයට පැමිණ ඇති බවයි.  

2018.05.14 දින, පෙරවරු 11.00 පමණ, මා හා මාගේ ලේලිය මේ පිලිබඳව පැමිණිලි කිරීමට ඇල්පිටිය පොලිසියට ගිය අතර, මාගේ පැමිණිල්ල බාර ගැනීම ප‍්‍රතික්ෂේප කරමින්, එක් නිලධාරියෙක් විසින් මාහට බැණ වදිමින්, තමුසේ මෙහෙ ආවේ මොකටද, ඌරගහ පොලිසියේ ලොකු මහත්තයාව ගිහින් හම්බවෙනවා කියා පවසා සිටියා.

මේ පිළිබඳව ඇල්පිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ මරණ පරික්ෂණ නඩුව පවතින අතර, එය 2018.05.23 දින ද පැවතිණ. මෙම මස, ජුනි 20ට කල් තබන ලදි. නඩු අංකය 5707 වේ. 

මෙදින උ.පො.ප.ක‍්‍රිෂාන්ත සාක්ෂි දෙමින් ඔහු ළඟ හා තවත් නිලධාරියකු ළඟ පිස්තෝල තිබූ බවත්, බූරු ගසන ශබ්දය ඇසීම නිසා එම ස්ථානයට ගිය බවත්, එවිට එහි සිටි පිරිස, තමා ඇතු`ඵ නිලධාරීන්ට ගල් වලින් පහර දුන් නිසා, ඔහු කුරුන්දට දිවූ බවත්, එවිට වෙඩි ශබ්දය ඇසුනු බවත්, අනතුරුව එදින රාත‍්‍රියේම ඔහු තම පිස්තෝලය සහ පතොරම් ඌරගහ පොලිසියේ ලොකු මහතා වෙත බාරදුන් බවත්ඔහු ප‍්‍රකාශ කර සිටියා.  

නැවතත් 2018.06.06 දින නඩුව ප.ව. 1.00 න් පසුව මහෙස්ත‍්‍රාත් තුමාගේ කාමරයේ පැවති අතර, එයට මට හෝ පවුලේ අයට සහභාගි වන්න හෝ දැක බලා ගන්න ඉඩ දුන්නේ නෑ. නඩුව  2018.06.20 දිනට කල්ගියා කිව්වේ ඇල්පිටිය පොලිස්යට සම්බන්ධ නිලධාරියෙක්.

මා ප‍්‍රකාශ කර සිටින්නේ, පොලිසායේ බලපෑමෙන් ඇසින් දුටුවන් කිසිවෙක් සාක්ෂි දීමට ඉදිරිපත් නොවන බවයි. සිද්ධිය අදාල විඩියෝ දර්ශණ තිබෙන වා.

මාගේ සැමියාගේ මරණයට වගකිවයුතු, ඌරගහ පොලිසියේ උ.පො.ප.ක‍්‍රිෂාන්ත ට එරෙහිව නීතිමය ක‍්‍රියාත්මක කර නොමැති බවත්, ඔහු තවමත් එම පොලිසියේම සේවය කරමින් නිදැල්ලේ පසුවන බවත්ය. 

මා ඉල්ලා සිටින්නේ, කඩිනමින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා, මාගේ සැමියාගේ මරණය සිදුකල, ඌරගහ පොලිසියේ උ.පො.ප.ක‍්‍රිෂාන්ත ඇතු`ඵ වගකිවයුතු පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටයි.’’



Saturday, June 9, 2018

හයිකෝට් නඩුවක් දාලා තියෙන්නේ, මානව හිමිකම් ගිය නිසාලූ !! නීතිඥයෙක් කියයි.


කහතුඩුව පොලීසිය විසින් පසුගිය මස 23 දින අත්අඩංගුවට ගෙන දින දෙකක් පුරා වධ දී, කැස්බෑව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ, මහේස්ත‍්‍රාත්වරයාට ඇප ලබාදීමට බැරිවන ලෙසට චෝදනා නිර්මාණය කරය.

මැයි 25 රිමාන්ඞ් බාරයට පත් වූ මොහු පිළිබඳ කිසිම තොරතුරක් බිරිඳට දැන ගන්නට නොලැබින. අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකු පිළබ`ද පවුලේ උදවියට දැනුම් දිමේ නීතිය රටේ නිතියට ගරු නොකරන පොලිසියකින් හා දුෂණය ආගම කරගත් ආණ්ඩුවකින් බලාපොරොත්තු නොවෙමු.

ඔහු පිළිබඳ තොරතුරක් නිවැසියන්ට දැන ගැනිමට ලැබුනේ, කොළඹ රක්ෂිත බන්ධනාගාරයේ රැඳවියෙකු විසින් කරන ලද දැනුම් දිමකිනි. මීළඟ නඩු දිනය ජුනි 07 බවත් කැස්බෑව මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුව පවතින බවත් වැඩිදුරටත් දැනුම් දී තිබින.

එ් අනුව මොහුගේ නැන්දනිය අධිකරණයට ගිය අවස්ථාවේ එහි සිටි අයෙකුගේ උපදෙස් මත නීතිඥවරයෙකු මුණගැසී ඇත. එම නීතිඥවරයාව ඇය නඩුවට ඉදිරිපත් කර තිබේ. පොලීසිය දමා තිබූ චෝදනාව ඇප ලබාදීමට නොහැකි එකක් විය.

රු: 5000/- ක් ඇගෙන් ගත් මෙම නීතිඥවරයා තම කාර්ය නොකර, අධිකරණයෙන් එළියට ඇවිත් මේ රටේ අධිකරණ ක‍්‍රියාවලිය පිළිබඳව කිසිත් නොදත්, අසරණ නැන්දණියට කියා ඇත්තේ මානව හිමිකම් ගිය නිසා පොලීසිය ඇප ගන්න බැරිවෙන්න චෝදනා කර ඇති බවය.

චෝදනාව දැම්මේ 2018.05.25 දිනය. ගෙදර අය දැනගත්තේ 2018.06.05 ය. මේ වංචාකාරී නීතිඥයා, මෙවන් ප‍්‍රකාශයක් කර නොමග යවන්නට උත්සහ ගත්තේ අති දුෂ්කර ප‍්‍රදේශයක සිට පැමිණි තිදරු මවකය.

ඇයට මෙම නීතිඥයා දී ඇති කාඞ් එකේ සඳහන් නම වන්නේ ගුණසේන ඒ. හේවගේ ලෙසටය.
මොහු ලබාගත් මුදලට රිසිට් පතක් දි නැත.

Wednesday, June 6, 2018

පොලිස් කොමිෂම හොරාගෙන්ම පේන අසන්නේ රෙදි ඇඳගෙනද ?



ආයතනගත පොලිස් නීති විරෝධී ක‍්‍රියාවන් පිළිබඳ, ජාතික පොලිස් කොමිෂමට පැමිණිලි කරන්නේ බලාපොරොත්තු සහගතවය.

එ් එම කොමිෂම ස්වාධීන එකක් බවට ආණ්ඩුව ගෙන යන ප‍්‍රචාරයේ සත්‍යයක් ඇතැයි යන විශ්වාසයෙනි.

නමුත්, මෙම කොමිෂමට අරක්ගෙන සිටින මහජන මුදල් ගිල දමන කොමසාරිස්ලා, ලේකම්, අධ්‍යක්ෂ පට්ටම් අලවාගෙන සිටින රැුල, පැමිණිලි ඉදිරිපත් කරන රට වැසියන් තකතීරුවන් ලෙසට සිතා ක‍්‍රියා කිරීම තවමත් නවත්වා නැත.

පානදුරයේ දිසානායක මහතා හැටපස් වන වියෙහි පසුවන පෙදරේරුවෙකි. ‘‘පානදුර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ එ්කකය’’ ඔහුව අත්අඩංගුවට ගෙන, වධහිංසාවට, අවමන් සහගත සැළකිලිවලට, දඬුවම්වලට පාත‍්‍ර කරයි.

මෙම පොලිස් නීති විරෝධී නීච ක‍්‍රියාව ගැන, ඔහු ජාතික පොලිස් කොමිෂමට පැමිණිලි කරයි.

එම පැමිණිල්ල පිළිබඳව විමර්ශනයක් කළ බව අධ්‍යක්ෂ මහජන පැමිණිලි විර්ශනපැමිණිල්ලක් කළ විට පැමිණිලිකරුට පෝරම එවමින්, ඉන්පසු එම පැමිණිල්ලට අදාල පොලිස්කාරයාට යොමු කර, ඔහුගේ පිළිතුර ආපස්සට යතුරුලියනය කර, එවන තත්ත්වයට පත්වූයේ රාජපක්ෂ රෙජිමය තුළය. එ් පිළිවෙත තවමත් අනුගමනය කරන්නේ අන් සියලූ ආයතන මෙන්ම ජාතික පොලිස් කොමිෂම ද දුෂිත බව සනාථ කරමින්ය.

මෙය වෙනස් කළ හැක්කේ පොලීසියට පමණක් නොව ජාතික පොලිස් කොමිෂම ද අභියෝගයට ලක්කර, ජනතාව දැණුවත් කිරීමෙන්ය. දිසානායක මහතා ගේ පිළිතුර ආදර්ශයට ගන්න. 

 ශ‍්‍රීමාලි ආතාවුද ආරච්චි මහත්මිය එ් මහතාට එවා ඇති ලිපියට පිළිතුරු වශයෙන් යවන ලද ලිපිය මෙසේය.











Saturday, June 2, 2018

ගබ්සාව - ස්ත‍්‍රියකගේ අයිතියකි. අයර්ලන්තය තීරණය කරයි.


කතොලික සභාවේ දැඩි විරෝධය නොතකා අයර්ලන්ත ජනරජයේ රට වැසියන් බහුතරය ‘‘ගබ්සාව’’ නීති විරෝධි කර තිබු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරිමට චන්දය පාවිච්චි කරන ලදි.

අයර්ලන්ත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව මවට මෙන්ම නුපන් දරුවාට ජිවත්වීමට අයිතිය හිමිය. 1983 දි සිදු කළ මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ට අනුව එරට ගබ්සාව ට ඉඩක් තිබුනේ මවගේ ජිවිතයට අනතුරක් වන වා පමණි. එ් අනුව ගබ්සාවට ඉඩ ලබාදීමට මෙම ආණුඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය විය යුතු විය. එය කළ හැක්කේ වසර 35 කට වරක් පවත්වන ජනමත විචාරණයකිනි. 

එ් සඳහා ජනමත් විචාරණයක් පැවැත්වීමට එරට අගමැති පියවර ගත්තේය. අයර්ලන්ත ජනගහනයෙන් 78‍්‍%ක් කතොලික භක්තිකයින්ය. ගබ්සාව නිති ගත කිරිමට කතෝලික සභාව විරුද්ධ විය. එහෙත් මැයි මස 25 සිකුරාදා  ජනමත විචාරණයේදි ගබ්සාව නිති ගත කිරිමට 64‍්‍%පක්ෂව චන්දය දෙන ලදි. 
මෙම ජයග‍්‍රහණය ලබා ගත්තේ එ් ස`දහා කැපවු ස්ත‍්‍රි කණ්ඩයමක් අඛණ්ඩ නොසැලි ගෙන ගිය අරගල යෙනි. කතෝලික සභාවේ හා එ් මත දරන්නන්ගේ තර්ජන, ගර්ජන, නින්දා අපහස මැද ගෙන ගිය අරගලය, ආගම, සංස්කෘතියට එරෙහිව ‘‘අයිතිය’’ සඳහා කරන ලද අසිරු සටනක් විය.  
කෙසේ වෙතත් අයර්ලන්ත ජනරජය සියලූම ආගම් වලට සමාන තැන ලබා දි ඇති අතර, රාජ්‍යය ආගමෙන් බැහැර වු, නිදහස් දේශයක් බව අවධාරනය කළ යුතුය. එරට සම ලිංගික විවාහ නිති ගත වුයේ 2015 වසරේදිය. 

  

මානව හිමිකම් කොමිසම දිනා ගත් A ශ්‍රේණිය ණිය රැක ගන්න වැඩ කරන්න


රාජපක්ෂ රෙජිමය යටතේ අන්ත දුෂිත තත්වයට පත් කරන ලද මානව හිමිකම් කොමිෂම ජාතියන්තර ප්රජාව අතර බාල්දුවු අතර රටවැසියන් අතර එය තවත් එක් දුෂිත ආයතනයක් විය.
එවක සභාපතියාවු විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත පෙරේරා   
 ප‍්‍රමුඛ "කොමාලා" හා එක්ව ක්රියා කළ කල්ලිය ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අන්ත දුෂිත ආයතනයක් බවට පත් කළා පමණක් සොරකම් වසන් කිරිමට ගිනි තබන ලදි. 

එවක කොමිෂමේ දුෂිත ක‍්‍රියාවන් හෙළි කළ ජනසංසදයට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේනතුව යොදවා භිය වැද්දිමට තරම් නීච අසාර්ථක උත්සහයකද සභාපතියාවු ශ්‍රේඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත පෙරේරා ප‍්‍රමුඛ කොමාලා හා ඔහුගේ ගැන්සිය ගත්තේය. 

එ් අතර සමහර විද්යුත් මාධ්‍යය යොදාගෙන සිය පේ‍්‍රක්ෂකයින්‍ව රැවටිමට නන්දෙඩවන එවක කොමසාරිස්වරයෙකු වු අ/ප‍්‍රතිභා මහනාම  විලි ලැජ්ජා නැතිව මානව හිමිකම් කොමිෂන් සභාව, ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රජාවගේ ඇගයිමට ලක්වීම අවතක්සෙරු කිරිමේ උත්සහයක යෙදි තිබින.

19වන ව්යවස්ථා සංශෝධනය යටතේ පත්වු ර්තමාන කොමිසම් සභාව විවිධ දුෂ්කරතා මාධ්‍යයේ ප‍්‍රගතියක් ලබාගෙන තිබේ. අදටත් කොමිෂමේ ඉදිරි ගමනට බාධා වි ඇත්තේ රාජපක්ෂ යුගයේ දුෂිත කල්ලිය හා එක්ව සිටි සමහර කාර්ය මණ්ඩල සාමජිකයින්ගේ දුෂඨ ක‍්‍රියාවන්ය.

ලබාගෙන තිබෙන ප‍්‍රගතිය ජාත්‍යන්තර ප‍්‍රජාවගේ ඇගයිමට ලක්වීම අගය කළ යුතුය. එමෙන්ම ආයතන ගතව පවතින වධහිංසාව හා සම්බන්ධ මුලික අයිතින් උල්ලංඝණයන්, විශේෂයෙන් පාසැල හා ආගමික ආයතන මුලික කරගෙන පවත්වාගෙන යන ළමා අපයෝජන අවම කිරිම කේන්ද‍්‍ර කරගත් සක‍්‍රිය ආයතනයක් බවට පත් කිරිමට තවත් බොහෝ දේ කළ යුතුව තිබේ.

වර්ථමාන මානව හිමිකම් කොමිසම් සභාවේ ධුර කාලය කෙටිය. මෙතෙක් කරන ලද වැඩ ආණ්ඩුවේ දුෂිතයින්ට මෙන්ම මුලික අයිතින් උල්ලංඝණයට සැදි පැහැදි සිටින රාජ්‍යය ආයතන වලට හිස රදයකි. නිර්දෙශ ක‍්‍රියාත්මක කරන්නේ නැත. එම තත්වය වැළැක්වීම සඳහා කඩිනම් ක‍්‍රියා මාර්ග ගත යුතුය.  

Monday, May 28, 2018

ශ‍්‍රී ලංකා පොලීසියේ කුපාඩි වැඩ හෙලි කළ නඩුවක තීන්දුවක්.


ප‍්‍රකාශ ගැනීමට යැයි පොලීසියට රැගෙන විත් හෝ ගෙන්නාගෙන දින ගණන් රඳවා තබාගෙන බොරු නඩු දැමීම, ශ‍්‍රී ලංකාවේ ”බෞද්ධ” පොලීසියේ උරුමයයි.

අප එසේ කියන්නේ මේ වන විට, සෑම පොලීසියකම ඉදිරිපිට බුද්ධ ප‍්‍රතිමා අටවා තිබීමත්, පිරිත් පිංකම් පැවැත්වීමත්, දාන දීම්, බණ කීම්, කඨිණ පූජා, ආදී ”බෞද්ධ” වැඩ රාජකාරිය කරගෙන තිබෙන නිසාය.

මේ සියල්ල කරන්නේ ”බලය” පාව්ච්චි කර, මුදලාලිගෙන්, රියදුරන්ගෙන් ජාවාරම්කරුවන්ගෙන් එකතු කරන මුදලින් බවද අවධාරණය කරමු.

මේ පොලීසියේ නීති විරෝධී ක‍්‍රියාවන් අතර, ප‍්‍රකටම ක‍්‍රියාවකි, බොරු නඩු දැමීම. මෙහිදී පොලීසිය අධිකරණයට බොරු වාර්තා ඉදිරිපත් කරති. බොරු දිව්රුම් ප‍්‍රකාශ දෙති.

මෙම ක‍්‍රියාවට ගොදුරු වන බහුතරය අසරණයන් වෙති. එ් නිසා ”වරද පිළිගෙන” අඩු දඬුවම් ඉල්ලාගෙන ගෙදර යති.

අනුර කුමාරව, බොරලැස්ගමුව ොපලිසිය විසින් අඬගසාගෙන එන්නේ, ඔහු පදිංචි  ඕපනායකට ගොස්ය. එ් 2013 මැයි 04 වන දිනය.

ඔහුව රැගෙන එන්නේ ඔහු රැකකියාව කළ ස්ථානයේ තරුණිකගේ මරණය අදාලව, ප‍්‍රකාශයක් ගැනීමටය.

ඔහුව, පළමුව  ඕපනායක පොලීසියටත්, ඉන්පසුව බොරලැස්ගමුව පොලීසියටත් ගෙන ගෙන එයි.

බොරලැස්ගමුව පොලීසියේදී, ඔහුගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශයක් සටහන් කරගෙන පොලිස් ඇපයක් මත මුදා හරී. එ් දින තුනකට පසුව, 2013 මැයි 07 වන දිනය.

අනුර කුමාරව පොලිස් ඇප මත මුදාහැරියත්, ඔහුව 2013 මැයි 09 වන දින දක්වාම, බොරලැස්ගමුව පොලීසියේ රඳවාගෙන සිට 2013 මැයි 10 වන දින, හෙරොයින් මිළි ග‍්‍රෑම් 10 ක් ළඟ තබාගත් බවට වන චෝදනාව මත නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරනයට ඉදිරිපත් කරණු ලබයි.

චෝදනාව නොපිළිගන්නා ඔහු, බොරලැස්ගමුව පොලීසියේ නඩුව අභියෝගයට ලක් කරණු ලබයි.

එ් අතර ඔහු බොරලැස්ගමුව පොලීසියට එරෙහි මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරයි.

එ් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර තිබෙන මූලික අයිතිවාසිකම් බොරලැස්ගමුව පොලීසිය හා රජය උල්ලංඝණය කළ බවට චෝදනා කරමින්ය.

මහේස්ත‍්‍රාත් උසාවියේ හෙරොයින් නඩුව විභාගයට ගත්ත ද, පැමිණිලිකරු වූ එවක  බොරලැස්ගමුව පොලීසියේ පොලිස් පරීක්ෂකවරයා වූ ලක්ෂ්මන් අල්විස් අධිකරණය මග හරී.

මෙයින් තහවුරු වන්නේ පොලීසියට බොරු නඩු දමා උසාවිය නොමග යැවීමටත්, උසාවිය මගහැරීමටත් ඉඩ තිබෙන බවයි.

පැමිණිලිකරු වූ, පොලිස් පරීක්ෂක උසාවිය මගහැරීමේ පදනම මත, අනුර කුමාරව හෙරොයින් ළඟ තබා ගැනීමේ නඩුවෙන් මුදාහරිණු ලබයි.

එයින් අනතුරුව 2018.02.09 වන දින, විභාගයට ගන්නා මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව 2018.05.22 දින ප‍්‍රකාශයට පත්කරණු ලබයි.

එම තීන්දුවට අනුව, බොරලැස්ගමුව පොලීසියේ එවක පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් අල්විස් ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 (1) හා 13 (2) යන වගන්ති උල්ලංඝණය කර ඇති බවට නිගමනය කරයි.

එ් අනුව එවක බොරලැස්ගමුව පොලීසියේ පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් අල්විස්, පුද්ගලිකව, අනුර කුමාරට රු: 50,000/- ක වන්දි මුදලක් ගෙවන ලෙසට නියම කරයි.

රටවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ රාජ්‍යය වගකීම පැහැර හැරීම නිසා රජයට රුපියල් ලක්ෂයක වන්දියක් හා රුපියල් පනස්දහසක නඩු ගාස්තුවක් අනුර කුමාරට ගෙවන ලෙසට නියම කරණු ලබයි.

මේ අනුව රජය වෙනුවෙන් පොලිස්පති අනර කුමාරට ගෙවිය යුතු මුදල, රු: 150,000/- කි. ඔහුට හිමිවන මු`ඵ වන්දි ප‍්‍රමාණය රු: 200,000/- කි.

මෙම නඩු තීන්දුව අප සලකන්නේ අනුර කුමාරගේ පුද්ගලික ජයග‍්‍රහනයක් ලෙසට නොවේ.

මෙ රටේ ”බෞද්ධ” පොලිසිය, මේ රටේ බහුතරයක් වන බෞද්ධයන් ව පීඩාවට පත් කිරීමට එරෙහිව ලබාදුන් නඩු තීන්දුවක් ලෙසටය.

මේ වන විට, මෙම දුෂිත පොලිස්කාරයා, පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් අල්විස් උසස්වීම් ලබාගෙන පොලිස්පති ඇතුලූ ඉහලයන්ගේ සුරතලෙකු වී ඇත්නම් එය පුදුමයට හේතවක් නොවේ.

මේ තීන්දුව කථිකාවට භාජනය කරන්න. සම්පූර්ණ නඩු තීන්දුව සඳහා යොමුව:
http://www.janasansadaya.org/page.php?id=639&lang=en-






Saturday, May 19, 2018

පොන්නයෙක් නොවන චීවරධාරයෙක් සිල් නොගන්නේ කොණ කපපු එවුන්ලූ !


ක/වල්ගම ශ‍්‍රී සද්ධාතිස්ස මහා විද්‍යාලයේ විදුහල්පතියා, චීවරධාරීන් දෙදෙනෙක් හා ගුරුවරු පිරිසක් වෙසක් පෝය වෙනුවෙන් සිල් නොගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් වධයට ලක්කොට එක් සිසුවෙකුට රෝහල්ගත වන්නටම පහර දී තිබේ.

වෙසක් පෝයට පෙර දින, පවත්වන ලද ”හාෆ් ඬේ” (දින 1/2 ) සිල් ගැන්වීමට එක් නොවූ, සියයකට වැඩි සිසුන් පිරිසකට දඬුවමක් වශයෙන් ”සක්මන් භාවනාව කරමින්” විදුහලේ පිට්ටනිය වටා, වට සියයක්, ඇවිද්දවා තිබේ.

මෙම මෘග ක‍්‍රියාව සිදුකර ඇත්තේ, 2018.05.17 දිනය.

සක්මන් භාවනාවේ යෙදෙන විට, අත් දෙක එකතැන හෙලවෙන්නේ නැතිව, තියාගන්න  ඕන හින්දා එක් සිසුවෙක් අත් දෙක සාක්කු දෙකට දමාගෙන තිබේ.

එ් දුටු චින්තක නැමති හීරලූ විදුහල්පතියා මේ සිසුවාව වේදිකාවට කැඳවා අතින් පයින් පහර දී තිබේ. මේ මෘග පහරදීමට  ප‍්‍රියන්ත, චින්තක, කැටපොල හාමුරුවෝ, සුගතානන්ද හාමුදුරුවෝ, තුෂර, සුමිත් යන ගුරුවරුන් එක්ව තිබේ.

දින 1/2 යේ, ”හාෆ් ඬේ” සිල් නොගත්තේ ඇයිද යන ප‍්‍රශ්නයට සිසුවා පිළිතුරු දී ඇත්තේ තමාට පියා සිල් නොගන්නා ලෙසට දුන්න උපදෙස් අනුව බවයි.

සිසුවාගේ පියා හොඳ බෞද්ධයෙකි. එ් නිසාම පන්සිල් පද පහවත් පිළි නොපදින එවුන්ගෙන්, අට සිල් ගන්න යැවීම බුදු දහමට කරන නිගාවක් බව ඔහුගේ හෘදය සාක්ෂියට අනුව ප‍්‍රශ්න කරන්නට විය.

එමෙන්ම අටසිල් සමාදන් වී, 24 පැයක් භාවනාවේ යෙදිය යුතුයි. පෝලිම් ගස්සවා තක්කඩි ¥ෂිත චීවරධාරියෙකු ඉදිරිපිට ගාථා කිහිපයක් උච්ඡුාරණය කර, වලපල් ෙදාඩවමින්, කා බී සවස 2.00 ට ගෙදර එ්මෙන් සිදුකර ගන්නේ පවකි. ආත්ම වංචාවකි.

එ් නිසා ”බයිෆෝස්” සිල් ගැන්වීමට එක්වී සහතික ගන්නවාට වඩා නිකන් සිටීම වැදගත්ය.

සිසුවාට පහර දෙන විට කැටපොල නැමති චීවරධාරියා තමා පොන්නයෙක් නොවන බවත්, සිල් නොගන්නේ කොණ කපපු එවුන් බවත් කියා ඇත.

විදුහල්පති චමින්ද, සිසුවාට කියා ඇත්තේ ඔහුගේ පියාට ඇවිත් විදුහල්පතිකම බාරගන්නා ලෙසටය.

මේ සිද්ධිය හුදකලා එකක් නොවේ.

අධිකරණය ඇතුලූ, රාජ්‍ය පාලකයින් හා ආණ්ඩුව මෙම ¥ෂණය, වධ දීම පවත්වාගෙන යයි.

නීති ඇත. එ්වා විකුණාගෙන කති. සමහර සිවිල් සංවිධාන යැයි කියා ගන්නා සංවිධාන, චීවරධාරීන් ද, පූජකයන්, පොලිස් කාරයින්, දේශපාලකයන් ද එක්ව පහන් දල්වා වධහිංසාවට, ¥ෂණයට එරෙහිව කථා කරති.







Saturday, May 5, 2018

කරවල විකුණන ගෑණියෙක්ගෙන් පානදුර ප‍්‍රාදේශීය ලේකම්ට ප‍්‍රශ්ණ පත‍්‍රයක්..



පානදුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මැදිහත්ව පිහිටුවන ලද, කාන්තා සමිතියක උප සභාපතිනිය ව අස්කරලා ඇත්තේ, හොරට කැඳවපු, විශේෂ රැුස්වීමක දී ලූ.

ඇය, ගෙයින් ගෙට ගොස් කරවල විකුණා, සැමියා ඇතුලූ දරු පවුල රකින්නියකි.

ගමේ පොදු වැඩවලට උර දෙන්නේ, එ් කරදර දුක් කම්කටො`ඵ මැදය.

පානදුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාන්තා සංවර්ධන නිලධාරිණිය ගේ මූලිකත්වයෙන් පිහිටුවන ලද කාන්තා සමිතියක පළමු රැුස්වීමේදීම , රු: 200/= බැගින් එකතු කරන ලද බවත්, එයින් රු: 30/=ක් වෙන්කර ඇත්තේ, හිටපු කාන්තා සංවර්ධන නිලධාරිනියට පිදේණියක් පිරිනමන්නටය.

නීතිය මත පාලනය – වල පල්ලට ගිය රටක, මෙවන් දුෂිත ක‍්‍රීයාවන් ප‍්‍රහ්න කිරීම, අපරාධයක් හැටියට ෂලකති.

මුනිවත රකින බහුතරය අතර අතලෝසස්ක් ප‍්‍රශ්ණදු  කරන්නන් සිටිති. ඇයද එක් අයෙකි. එ් නිසාම, ඇයට කාන්තා සමිතිවල සාමාජිකත්වය දැරීම නුසුදුසුය.

ඇයව හොර රහසේම අස්කර දමන් ලද්දේ එ් නිසාය.

ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය – ඇයව නිහඬ කරවූ බවට සතුටු වන්නට ද ඇත.

එහෙත් ඇය, අයුක්තිය ඉදිරියේ නිහඬ වන්නට සූදානම් නැති බව – ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරීට යවන ලද, තොරතුරු ඉල්ලීමේ ඉල්ලූම් පනතෙන් පැහැදිළිය.

එ් ඉල්ලූම් පත‍්‍රය පහත දන්වන්නේ අන් අයටද කළ හැකි දේ බොහෝ බව පෙන්වා දීමටය.

මේ ඉල්ලූම් පත‍්‍රයට දින 14ක් තුල - ප‍්‍රාදේශීය ලේකම් ගේ තොරතුරු නිලධාරී පිළිතුරු දිය යුතුය.

තොරතුරු ලබා දෙන ලෙසට කරනු ලබන ඉල්ලීමයි.

1. අයදුම්කරුගේ නම                            -  ........විජේසේකර

2. ලිපිනය           - ............................. කෙසෙල්වත්ත.                           
3. දුරකථන අංකය                               - -----------------    

4. ඉල්ලා සිටින තොරතුරු පිළිබඳ විස්තර
     1. අදාළ ආයතනය                           -
                                        2018.03.22 දින, හොරේතුඩුව, මඩකිස්ස පාර පිහිටි, ”සේවා පියස” ස්ථානයේදී,  පානදුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, වනිතා සංවර්ධනනිලධාරිණියගේ මූලිකත්වයෙන් පිහිටුවන ලද  කාන්තා සමිතිය. මෙම රැුස්වීමට ප‍්‍රදේශ නිලධාරීවරයාද සහභාගී විය.                         
11. ඉල්ලා සිටින තොරතුරු  - 1. එම කාන්තා සමිතියේ ව්‍යවස්ථාව  (සහතික  කරන ලද) 2. 2018.04.05 දින හා 2018.04.23 රැුස්වූ සමිති
රැස්වීමේ වාර්තා.111. තොරතුරුවලට අදාළ කාල පරිච්ෙඡ්දය - 2018.03.20, 2018.04.05, 2018.04.23 දිනවලපැවති රැස්වීම හා බැඳේ.        සැ: යු:
මෙම තොරතුරු මා ඉල්ලා සිටින්නේ, ඉහත සඳහන් සමිතියේ සාමාජිකාවක් වශයෙනි. 2018.03.22 දින පැවැති ප‍්‍රථම රැුස්වීමේදී උප සභාපතිනිය ලෙස තේරී පත්වූ, සාමාජිකාවක් වශයෙනි.

2018.03.22 දින මා ඇතුලූව, රැස්වූ 25 දෙනාගෙන් රු: 200/= බැගින්, භාන්ඩාගාරික ලෙස පත්වූ සාමාජිකාව විසින් ලබා එකතු කරගන්නා ලදි.

එකතු කර ගන්නා ලද රු: 200/= න්, රු: 170/=ක් සමිති සාමාජික ගාස්තු වශයෙන් බවද, ඉතිරි රු: 30/= පානදුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට මාරු වී යන ලද බව කියන ලද, හිටපු කාන්තා සංවර්ධන නිලධාරිණිය වන සමන්ති මහත්මියට තෑගි දීම  ට බව ප‍්‍රකාශ විය.

එකතු කරන ලද සාමාජික මුදල වන රු: 170/= හා සමන්ති මහත්මියට ආධාර වශයෙන් එකතු කල රු: 30/= සඳහා ලදුපතක් නොලැබු ද, මේ තොරතුරු වලින්, මා සාමාජිකාවක් බව ඔප්පු වනවා ඇත.

මම ශ‍්‍රී ලාංකික පුරවැසියෙක් වෙමි.

මෙම ඉල්ලීම කරනුයේ තොරතුරු දැනගැනීමේ පණතේ 5 වන වගන්තියේ විධවිධාන වලට යටත්ව බව ප‍්‍රකාශ කරමි.

මෙයට,

විජේසේකර.       







Friday, May 4, 2018

නඩත්තු අරන් දෙන්න සියල්ල කළ හැකි දෙවියන්ටත් කොරන්න බෑලූ!!


ඇය ශ‍්‍රී ලාංකිකයෙකි. එහෙත් මුස්ලිම් ආගමට අයත් බැවින්, ඇය යටත් වන්නේ, මුස්ලිම් නීතියටය. ඒ නිසාම ඇයට විවාහ වන්නට සිදුවුනේ බිරියන් තිදෙනෙක් සිටි පුරුෂයකු සමගය.

ඇයගේ විවාහ ගිවිස ගැනීමේදි, ඇය වෙනුවෙන් කැමැත් දි අත්සන් කලේ, ඇගේ මල්ලී ය. එ් ඇයගේ විවාහය සිද්ධ කළ පල්ලියට - ඇයට ඇතුලූවීමට නොහැකි වූ නිසා. චාරිත්ත‍්‍රය. 

විවාහයෙන් පසුව, සැමියා ඇගේ නිවසට පදිංචියට පැමිණියේය. පළමු දිනයේ සිටම ඔහුගේ ඉල්ලීම වූයේ තම පවුලට අයත් එකම නිවස ඔහුගේ නමට ලියා දෙන ලෙසටය.

එයට ඇගේ මව අකමැති විය. ගැබට මාස තුනක් සම්පූර්ණ වන විට, ඇයව අතහැර යෑමට සැමියා පියවර ගති. ඇය - මුස්ලිම් ජාතිකයන්ගේ ‘‘විවාහ’’ නඩු අසන ක්වාසි උසාවියට ගොස් නඩු දැම්මේය. 

ඇයට දික්කසාදය ලැබිණ. නමුත් දරුවාට උසාවිය ගෙවන්න නියම කල නඩත්තුව ගෙවන්න  දරුවාගේ පියා (සැමියා* නම් සුදානම් වුයේ නැත. ඇය එ් ගැන නැවත ක්වාසි උසාවියේ නඩුකාරයාට කිව්වේය. ගෙවන්නේ නැතිනම් ක්වාසිට කොරන්න දෙයක් නැතිලූ. 
එ්ක දෙවියන්ගේ වැඩක් නිසා වෙන්න ඇත. 

ඇය මේ ගැන අධිකරණ අමාත්‍යංශ ලේකම්ට ලියන ලද ලිපිය පහත දක්වමු.

නඩු අංක : උඵරැු1660  හා ක්‍ඵරැු1893

ඉහත නඩු දෙකට අදාල පැමිණිලිකරු මම වෙමි. 

02. 2014 මැයි 18 වන දින මා, මුස්ලිම් විවාහ නීතිය යටතේ මුහම්මුදු මිහිලාර් මුහම්මදු හිල්මි සමග විවාහ ගිවිස ගත්තෙමි.

මාගේ විවාහයට මා වෙනුවෙන් මාගේ මල්ලී වන මුහම්මදු රිස්වාන් අත්සන් කරන ලදි.

03. විවාහ වූ දිනයේ රාත‍්‍රියේ, මාගේ මවගේ නිවසේ මංගල උත්සවය ගත්තා.

04. එදින සිට දවස් තුනක් මා සමග ගත කළා. ඉන්පසු ඔහු පිටව ගියා. ඉන්පසු ඔහු වරින් වර ආවා ගියා.

05. මේ අතර මා ගැබ් ගත්තා. එ් අතර මා දැනගත්තා ඔහුට භාර්යාවන් හතර දෙනෙක් සිටින බව.

06. ඔහු නිතරම මාගේ මවට අයත් අප පදිංචි නිවස ලියා දෙන්න යැයි බල කරමින් මට පහර දෙන්න පටන් ගත්තා.

07. බැරිම තැන,  ක්වාසි උසාවියට පැමිණිල්ලක් කර, ඔහුගෙන් දික්කසාද වුණා. පැමිණිලි කළ දිනය, 2014.11.30, නඩු වාර තුනකින් පසුව 2015.02.14 දින දික්කසාද වුණා.

08. 2015.02.14 දින, 2014.11.30 දින සිට රුපියල් 7000/- බැගිින් නඩත්තු මුදලක් මසකට ගෙවන ලෙසට නියම කළා.

09. නමුත් එ් මුදල ඔහු ගෙව්වේ නැහැ.

10. නඩත්තු නොගෙවන නිසා, 2017.01.20 දින, ක්‍ඵරැු1893 යටතේ යළිත් නඩු දැම්මා.

එම නඩුවේ තීන්දුව 2017.02.25 ලබාදුන්නා.

එ් තීන්දුවට අනුව, දියිණිය ෆාතිමා රීමාට, 2017.01.24 දින සිට, මාසිකව රුපියල් 6000/- ක් ගෙවීමට නියම කරණු ලැබුවා.

11. මේ අනුව, මට රුපියල් 7000/- ක් හා දරුවාට මසකට රුපියල් 6000/- ක් ගෙවිය යුතුව තිබෙනවා.

12. මේ සම්බන්ධයෙන් මා හතර පාරක් ඔහු  හමුවුණා. ඔබගේ පිළිතුර වූයේ කරන්න දෙයක් නැති බවයි.’’ 

මා ඉල්ලා සිටින්නේ, ඉස්ලාම් භක්තිකයෙකු වශයෙන්, මාගේ දියිණියට අධිකරණය නියම කළ නඩත්තු මුදල, හිඟ මුදලද, සහිතව මට ගෙවීමට නියම කරන ලෙසටයි.

එ් පිළිබඳව ඔබට ගතහැකි නීතිමය පියවරක් නොමැති නම්, එසේ පියවර ගත නොහැකි බව මට ලිඛිතව දැණුම් දෙන ලෙසට ද ඉල්ලමි.

මෙයට,

     ---------------------

Friday, April 27, 2018

වන්දිය රු: 175,000/- අවුරුදු 40 ක් පුරා පොලීසියට එරෙහිව දුන්න තීන්දු වතුරේ!! සුප‍්‍රිම් උසාවිය කියයි!!!



මහජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝණය කිරීම් පිළිබඳ හතලිස් වසරක් පුරා ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද තීන්දුවලින් වැඩක් වෙලා නෑ. 

වේල්ලවීදිය පොලීසියේ පොලිස් පරීක්ෂක වරයෙකු වූ ප‍්‍රසන්න රත්නායක නැමැත්තාට එරෙහිව පවරන ලද, මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත්කරමින්, ඉහත ප‍්‍රකාශය කර ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණ ප‍්‍රියන්ත ජයවර්ධන හා කේ.ටි. චිත‍්‍රසිරි යන විනිසුරුවරුන්ගේ  එකඟතාවය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසරු බුවනෙක අලූවිහාරේ ය.

ජා ඇල, ජානක සම්පත් වටවලගේ යන අය විසින් මෙම මූලික අයිතිවාසිකම් නඩුව පවරන ලද්දේ, 2008 වසරේදී ය. පිටකොටුවේදී පහර දී, අත් අඩංගුවට ගෙන, රඳවා තබාගෙන, ගංජා කූරු පහක් ළඟ තබාගත් බවට බොරු නඩු දැමීම මගින්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට ප‍්‍රකාශ කරන ලෙසට ඉල්ලමින්ය.

නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් සිදුකරන හා වධ දෙන සෑම අවස්ථාවකදීම පොලීසිය සිදුකරන්නේ ගංජා, කුඩු,බොම්බ හෝ කසිප්පු මුල් කරගෙන බොරු නඩු දැමීමය. මේ බොරු නඩු දැමීම ගැන කිසිදු දේශපාලන පක්ෂයක්, ඊනියා මානව හිමිකම් කාරයින් ඇතුලූ සිවිල් සමාජය හෝ කථා කරන්නේ නැත. එමෙන්ම ව්‍යාජ චෝදනාවලට සු`ඵ ජාතිකයෙකු ලක් කළ විට, එය සු`ඵ ජාතීන්ට එරෙහිව කරන ලද්දක් බව දැක්වීමට නම්, මෙම සංවිධාන පසුබට වන්නේ නැත.

ජානක සම්පත් බටවලගේ, තමාට විරුද්ධව නගන ලද ගංජා චෝදනාව ප‍්‍රතික්ෂේප කරමින් නඩු කීය. මාළිගාකන්ද මහේස්ත‍්‍රාත් උසාවියේ පැවරූ ගංජා නඩුවෙන් ඔහු නිෙදාස් කොට නිදහස් කරන ලදි. 

මූලික අයිතිවාසිකම් නඩුවේදී ප‍්‍ර‍්‍රකාශ වු කරුණු අනුව, රාත‍්‍රී 9.00 න් පසුව, පොලිස් අත්අඩංගුවේ සිටින අයව බලන්න බැරි බවට වන කුපාඩි නීතියක්ද ඔහුගේ බිරිඳට දමා තිබීම හා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ඉදිරිපත් කරන අවස්ථාවේ පොලීසියෙන් ගහපු බව කිව්වොත් බෝම්ම දමන බවට තර්ජනය කිරීම, යන කරුණු හෙළිදරව් විය. 

මෙවැනි පහත් නීච පොලිස් ක‍්‍රියා ඉතා සුලභය. භාවනා කරන, බණ පිරිත් කියන පොලිස්පතියාගේ සිට පහළම පොලිස් කාරයා දක්වාවු සියල්ලටම මෙම නීච ක‍්‍රියා ආවේනිකය.එසේ නොකරන අය බොහෝය. ඔවුන් නිහඬය. මේ නිහඬතාවය සිදුකරන්නේ එම කි‍්‍රයා අනුමත කිරීමය.

මෙම නඩුවේදී පොලීසිය,ලබා දුන දිව්රුම් ප‍්‍රකාශ මගින් ඉදිරපත් කළ කරුනු බොරු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ පිළිගැනීම විය. පොලිසිය උසාවියට බොරු කීම සුලබ සුපුරුදු දෙයකි. උසාවියට බොරු කීම වරදකි. අපහාස කිරීමකි. එතෙහත් එම නීතිය පොලීසියට වලංගු නැත.

දීර්ඝ කරුණු දැක්වීමකින් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය නඩුවේ, පෙත්සම්කරු වූ ජානක සම්පත් බටවලගේ ට , පළමු වගඋත්තරකරුවු වේල්ලවීදිය පොලීසියේ පොලිස් පරීක්ෂකවරයෙකු වූ, ප‍්‍රසන්න රත්නායකට, රු: 175,000/- ක වන්දියක්, ගෙවන ලෙසට නියම කරන ලදි. එයට අමතරව පොලිස්පතිට ගෙවන්නට නියම කරන ලද වන්දිය රු: 25,000/- කි. එය ගෙවන්නේ බදු මුදලින්ය.

ජානක සම්පත් බටවලගේට හිමි මු`ඵ වන්දිය රුපියල් ලක්ෂ දෙකකි. 

ශ්‍රේෂ්ඨාධිකරණයේ වරදකරු වුවද, මෙම පොලිස් කාරයාට, එනම් පො.ප. ප‍්‍රසන්න රත්නායක ට එරෙහිව පොලිස්පති, ගන්නා පියවර මගින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලට හා රටේ උත්තරීතර නීතියට පොලීසිය සලකන අයුරු පිළිිබඳව තීරණයකට එළඹිමට ජනතාවට හැකිවනු ඇත. 

සංහිඳියාව ඇති කළ හැක්කේ නීතිය කි‍්‍රයාත්මක කිරීමෙන් පමණි. 

මෙම මූලික අයිතිවාසිකම් නඩුවේ පෙත්සම්කරු ජානක සම්පත් බටවලගේ වෙනුවෙන්, සුභාෂිණී සමරආරච්චි මහත්මිය හා සරිටා ද ෆොන්සේකා මහත්මියන් ගේ උපදෙස් මත ජේ්‍යෂ්ඨ නීතිඥ විරාන් කොරයා මහතා පෙනී සිටින ලදි.

මෙම නඩු තීන්දුව අනුව, පොලිස් පරීක්ෂක ප‍්‍රසන්න රත්නායකට එරෙහිව විනය පියවර ගන්නා ලෙසටත්, වධහිංසා පනත යටතේ නඩු පැවරීමට පියවර ගන්නා ලෙසත් පොලිස්පතිගෙන් හා පොලිස් කොමිෂමෙන් ජනසංසදය ඉල්ලා තිබේ.

 Judgement>
http://www.janasansadaya.org/page.php?id=638&lang=en


    

Thursday, April 19, 2018

කූජිත ගේ භාවනාවෙන් පසුව ළමයි හම්බුවෙන හැටි පෙන්වන්න WPC. ට සිදුවෙයි.


අසාධාරණ ලෙස දමන ලද ඩියුටියක් වෙනස් කරවා ගන්න ගිය කාන්තා පොලිස් නිලධාරිණියකට මූලස්ථාන පොලිස් පරික්ෂකගේ ඇණුම් බැනුම් තර්ජන වලට මුහණ දිමට සිදුවීම සම්බන්ධයෙන්, ඇය 2018.04.17 දින මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.
 ර්‍ණ අවු: 34 යි, විවාහක, දරුවන් 02 යි, පානදුර දකුණ පොලිස් ස්ථානය. 

සේවා කාලය අවු: 15 යි. 2010 සිට පානදුර දකුණ පොලිස් ස්ථානයේ රාජකාරි කරමි. මා අධිකරණ (සාමාන්‍ය* රාජකාරියේ නිරතව සිටිමි.

අද දින, (2018.04.17 දින*, දහවල් 11.00 ට පමණ, පාලන අංශ ස්ථානාධිපති පො.ප. කස්තුරිආරච්චි මයා, මාව මූලස්ථාන පොලිස් පරීක්ෂක, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා මයා ළඟට කැඳවාගෙන යන ලදි.

එ් අවස්ථාවේදී, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා, ”තමුසෙට මම දාන නියෝග ක‍්‍රියාත්මක කරන්න  ඕනි”, වශයෙන් තර්ජනාත්මකව ප‍්‍රකාශ කර සිටින ලදි. 

එ් අවස්ථාවේදීම, පාලන අංශ ස්ථානාධීපති පො.ප.කස්තුරිආරච්චි මයා, මූලස්ථාන පොලිස් පරීක්ෂක ගේ ප‍්‍රකාශය අනුමත කරමින්, ”මිස් අපි දෙන නියෝග ක‍්‍රියාත්මක කරන්න  ඕනි, නැත්නම් යන්න” යයි කියමින් මා දැඩි අපහසුතාවයට පත් කරණු ලැබීය.

මේ අවස්ථාවේ, මා, මූලස්ථාන පොලිස් පරීක්ෂක තුමාට ප‍්‍රකාශ කර සිටියා, මට පිළිගත් ක‍්‍රමවේදයට යොදන ලද රාජකාරිය, වෙනත් නිලධාරිණියකගේ අවශ්‍යතාවයට වෙනස් කිරීම මගින්, මට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව. එ් අවස්ථාවේ පාලන අංශයේ ස්ථානාධීපතිට කියන්න යයි කිව්ව බවත් මා සිහිපත් කර සිටියා.

නමුත්, එ් සියලූ කරුණූ නිශ්ප‍්‍රභා කරමින්, මහා හඬින් කෑගසමින්, මා දැඩි අපහසුතාවයට පත් කරන ලදි.

මෙයට හේතු වූයේ, 2018.04.17 දින, උදේ 6.00 සිට සවස පැය 18 දක්වා, පැය 12 ක් මා දුරකථන සේවයේ යෙදවීම මගින් මට සිදුකර ඇති, අසාධාරණය පිළිබඳව මා කරුණු දක්වා සිටීමය.

මෙය මට අයත් නොමැති රාජකාරියකි. මෙම රාජකාරියට නියමිත වෙනත් කාන්තා පොලිස් නිලධාරිනියකි. මැයට නියමිත රාජකාරිය, වෙනස් කර, මාගෙන් පළිගැනීම සඳහා යොදනු ලැබූවකි. 

මා එසේ ප‍්‍රකාශ කරන්නේ, මීට පෙරද, මේ ආකාරයටම, මූලස්ථාන පොලිස් පරීක්ෂක හා පාලන අංශයේ ස්ථානාධීපති ක‍්‍රියාකර ඇති නිසාය. 

2017.04.21 වන දින, උදේ 7.00 ට පැවැති උපදෙස් පංතියේදී, සිදුවූ අතපසුවීමක් සම්බන්ධව මාව නැගීසිටුවා, ”තමුසෙට ළමයි හම්බවුනෙත් මෙහෙමද” කියා අසමින් බැණ වදින ලදි. ඔහු එම අවස්ථාවේත් මා ආමන්ත‍්‍රණය කළේ ”මේ ගෑනි” ”මේ ගෑනි” කියමින්ය. 

මා බැඳලා ද, ළමයි කීයක් ඉන්නවාද, ළමයි හම්බවුනේ කොහොමද, අසමින්, විවිධ අංග චලන පෙන්වමින් මා, ලිංගිකව අපයෝජනය කරන ලදි. 

මේ සිද්ධිය අදාළව මා අදාල සියලූම අංශ වලට පැමිණිලි කර ඇති අතර, එ් හා අදාළ පරීක්ෂණ ද පැවැත්වේ. නමුත් වසරක් ගතව ඇතත් කිසිම සාධාරණයක් සිදුව නැත.

එ් පසුබිම තුල, මූලස්ථාන පොලිස් පරීක්ෂක, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා, මාගෙන් පළි ගැනීමට, පිළිගත් පටිපාටියෙන් බැහැරව, අනවශ්‍ය ”රාජකාරි වල” මා යොදවමින්, මා පීඩාවට පත් කරයි.


මේ ක‍්‍රියා පිළිවෙත නිසා, මා පමණක් නොව, මාගේ පාසල් යන දරුවන් දෙදෙනා ද, පොලිස් නිලධාරියෙකු වූ මාගේ සැමියා ද, දැඩි පීඩාවන්ට පත්ව තිබේ.

මා ඉල්ලා සිටින්නේ, කාන්තා පොලිස් නිලධාරිණියක් වූ මා, ලිංගිකව අපයෝජනයට පත් කරන ලද මෙම සිදුවීම හා මා සඳහන් කළ 2017.04.01 සිදුවීම මගින් මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන ලද, පානදුර දකුණ පොලිස් ස්ථානයේ,

1. මූලස්ථාන පොලිස් පරීක්ෂක ප‍්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා ට හා,

2. පාලන අංශයේ ස්ථානාධිපති පො.ප. කස්තුරිආරච්චි ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටත්, මාගේ ආරක්ෂාව සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසටත්ය.’’

මෙම  පොලිස් නිලධාරියා මාර්තු 8 වන දින 17 හැවරිදි පාසල් සිසුවකුට අමානුෂික ලෙස පහර දෙන ලදි. එම අපරාධය පිලිබඳව මේ දක්වාම කිසිදු නීතිමය පියවරක් ගෙන නැත. 

වීඩියෝව පහත දැක්වේ.

තම යටත් සේවකයන්ට බෙල්ලෙන් අල්ලා පහර දීමට තරම් හා භාවනා කරන්නැයි නියෝග කරන නීච තත්ත්වයකට පත්ව  සිටින පොලිස්පතියකු හා බෙලහීන පොලිස් කොමිසමක් පත්කරගෙන සිටින රටක මීට වඩා යමක් බලාපොරත්තු විය නොහැක. 

නමුත් මෙම තත්ත්වය වෙනස් කළ හැකිය. එ් පහළ පොලිස් නිලධාරීන්ට හා නිලධාරිණිියන්ට ඉහළ නිලධාරින්ගෙන් සිදුවන අතවර, හිංසාවන්ට එරෙහිව නැගි දීමට ධෛර්ය දිමට දිරි ගැන්වීමට බල ගැන්වීමට සිවිල් සමාජයේ දායකත්වය ලබා දිමෙන්ය. 

Sunday, April 1, 2018

පොලිසියෙන් කණ පලලා අවුරුදු හයයි. බුදු සරණයි!! දෙවි පිහිටයි!!!

                                
    ‘‘2012.05.11 දින මා, හතරමංහන්දියේ ත‍්‍රී රෝද රථ ගාලේ නවත්වාගෙන හිටියා. වෙසක් තොරණ යටගල පන්සලේ තිබුණා. සෙනග පිරිලා. රාත‍්‍රී 9.15 ට පමණ එතනට, රතුපාට පල්සර් යතුරුපැදියෙන් සිවිල් පිට උප පොලිස් පරික්ෂක ප‍්‍රසාද් සිරිවර්ධන මා ළඟට ආවා. එයා තනියෙන් ආවේ. එ් වෙලාවේ එතන තිබුණේ මාගේ ත‍්‍රී රෝද රථය පමණයි. ඔහු වාඩිවී සිටි මට බැහැපන් කිව්වා. මම බැස්සා. මගේ ෂර්ට් එකෙන් ඇදලා අරගෙන උඹ බීලා නේද ඉන්නේ කියා කියමින් මගේ කණට දෙතුන් පාරක් ගැහුවා. මම ගහන්නේ ඇයි කියා ඇහුවාම උඹ බීලා ඉන්නේ කිව්වා. මම කිව්වා මම බීලා නෑ, කවදාවත්ම බොන කෙනෙක් නෙමෙයි කියලා.
මගේ කට ඉඹලා, මම දැන් පන්සලට යනවා, එනකොට ඔතන ඉන්න එපායි කියා යන්න ගියා. ඔහු යනකොට මම කිව්වා, මම පැමිණිලි කරනවා කියා. එවිට නැවත හැරී ඇවිත් ඉනේ තිබූ රිවෝල්වරය ඇද මාව ත‍්‍රී රෝද රථයට හේත්තු කර රිවෝල්වරය පපුවට තබා පොලීසි ගිහින් තිබුණොත් බල්ලෙක් වගේ මරලා දානවා කිව්වා. 

ඉන්පසු බෙල්ලෙන් අල්ලා නවා වැලමිටෙන් තුනටියට ඇන්නා. ඊට පස්සෙ මට කිව්වා ආයෙත් මෙතන ඉන්න එපා, මම එනකොට හිටියොත් කුඩු හරි ආයුධයක් හරි දාල මාස 06 කට අච්චුව දෙනවා කියමින්, පන්සලට ගියා.

මම ත‍්‍රීවීල් එකේ පාපුවරුවේ වාඩි වුණා. නැගිට ගන්න බැරි වුණා. මට නොපෙනී ගියා. තුනටිය රිදෙන්න ගත්තා. වමනේ යන්න පටන් ගත්තා. එය දුටු රවීන්ද්‍ර කියන තී‍්‍ර රෝද රියදුරා මාව, ඌරගස්මංහන්දිය පොලීසියට ගෙන ගියා. එහි සිටි ස්ථානාධිපති මට බැනලා පන්නා ගත්තා. 

ඊට පස්සෙ මම ගෙදර ගියා. මට හොඳටම අමාරු වුණා. ගෙදර අය මාව ඇල්පිටිය රෝහලට ගෙන ගියා. රෝහලේ මාව නවත්වා ගත්තා. මගේ පොඩි අයියා ඇල්පිටය පොලීසියට ගොස් පැමිණිල්ලක් දාලා තිබුණා.

පහුවදා, 2012.05.12 දින උදේ 8.30 ට පමණ ඌරගස්මංහන්දිය පොලීසියේ ස්ථානාධිපති ඇතුලූ පොලිස්කාරයෝ පස් දෙනෙක් මාව බලන්න ආවා. ඔවුන් ක‍්‍රීම් ක‍්‍රැකර් ගෑම් 500ක පැකට් එකක් හා ග‍්‍රෑම් 400 නෙස්ටමෝල් පැකට් එකකුයි අරන් ආවා. 

ස්ථානාධිපති මට කිව්වා තව ටිකකින් ීඡු කාර්යාලයෙන් එයි කියා. ඔවුන් ආවාම ඔවුන්ට කියන්න කිව්වා, පැමිණිලි දාන්න ආවා, කණේ අමාරුව නිසා පැමිණිල්ල ලියනකම් ඉන්නේ නැතිව රෝහල්ගත වුණා කියලා.

මට  ඕන උදව්වක් දෙන්නම් කිව්වා. මට ලයිසන් තිබුණේ නෑ එ් වෙන කොට. මට කිව්වා මාස 06 කට ටෙම්පරියක් දෙන්නම් කියා. මට ඔහු ජංගම දුරකථනයේ නොම්මරය දුන්නා. 

දහවල් 11.00 ට පමණ ඇල්පිටිය පොලීසියේ උප පොලිස් පරීක්ෂක වරයෙක් පැමිණ ප‍්‍රකාශක්් ගත්තා. සම්පූර්ණ විස්තරය කිව්වා. මම අත්සන් කළා.

දවල් 1.00 ට පමණ මාව, රෝහලෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර හරිණු ලැබුවා. මම 18 වෙනිදා දක්වා දින 06 ක් කරාපිටිය රෝහලේ සිටියා. මම රෝහලේ ඉන්නකොට වාට්ටුවේ දොස්තර මහත්වරු, හෙදියන් මට කිව්වා, එළියට යන්න එපා, අපිට කෝල් එනවා, ටිකට් කපන්නේ නැතිව තියා ගන්නේ ඇයි කියා අහමින්, මම බොරු කරනවා කියා.

කරාපිටිය රෝහලේ එතකොට සේවය කරමින් හිටියා, ඌරගස්මංහන්දිය රෝහලේ හිටපු දිසා වෛද්‍ය නිලධාරීයා. මාගේ ටකට් කපන්නට වාට්ටුවේ ෙදාස්තරවරුන්ට බලපෑම් කළ බව දැනගන්නට ලැබුණා. එ් අතර දිනයක කරාපිටිය රෝහලේ, රෝහල් පොලීසියෙන් ද ප‍්‍රකාශයක් ලබා ගත්තා. එම නිලධාරීන් ද මට උපදෙස් දුන්නා එළියට යන්න එපා කියා.

මට දැනගන්න ලැබුණා, බලපෑම් කරන්න මූලික වෙලා තිබුණේ මට ගහපු උ.පො.ප. ප‍්‍රසාද් සිරිවර්ධන හා ඌරගස්මංහන්දිය බෝධිමලූව විහාරස්ථානයේ නායක, හිපන්කන්ද සරණංකර කියන චීවරධාරී පුද්ගලයා. ඔහු උ.පො.ප. ප‍්‍රසාද් සිරිවර්ධන හා එකතු වී බොරු දිව්රුම් ප‍්‍රකාශයක් ද මානව හිමිකම් කොමිෂමට දීලා තිබුණා.

උ.පො.ප. ප‍්‍රසාද් සිරිවර්ධන කෑවේ, බීවේ, නැවතිලා හිටියේ බෝධිමලූව පන්සලේ. මෙම පන්සලේ එම දිනවල ප‍්‍රදේශයේ ගෑනු දෙන්නෙක් ගහගත්තා. එ් පිළිබඳ පැමිණිල්ල විභාග කළේ උ.පො.ප. ප‍්‍රසාද් සිරිවර්ධන. ඔහු මැදිහත් වෙලා ප‍්‍රශ්නය යට ගැහුවා. 

2013 වසරේ, මට මතක හැටියට, මෙම හිපන්කන්ද සරණංකර කියන චීවරධාරී පුද්ගලයාව පාත්තරයක තිබූ බෝම්බයක් සමග අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයේද සිටියා."

මෙම කථාවේ විශේෂත්වයක් නෑ. මන්ද හැමදාම අපේ පොලිසියේ සිදුවන තවත් එක් සිදුවිමක්. විශේෂයක් නැහැ. තමන්ට හෝ තමන්ගේ එකෙකුට හෝ මේ සමාන දෙයක් සිදුවන තෙක් බලාගෙන ඉන්නවා. දේශප‍්‍රිය, එතකොට අවු: 35 ක අවිවාහකයෙක්. ඔහුට ජිවත්වීම හැර වෙනත් දෙයක් ගැන හිතන්න ඉඩක් තිබුන අයෙක් නොවෙයි.


ඔහු තම පවුල ගැන කියන්නේ කුමක්ද?

‘‘ නම ............දේශප‍්‍රිය, අවු: 39 යි, දරුවන් 01 යි, ත‍්‍රී රෝද රථ රියදුරු, 

2012 වසරේ අවු : 35 ක් වූ අවිවාහක මා, ඌරගස්මංහන්දිය පිහිටි, පැරඩයිස් ඇඟ`ඵම් කර්මාන්ත ශාලාවේ මැෂින් ක‍්‍රියාකරුවෙකු වශයෙන් රැුකියාව කළෙමි. එ් වන විට මා, වසර 5 1/2 පළපුරුද්දක් තිබූ, පුහුණු කම්කරුවෙක්.

දිවා වැඩමුරය තිබෙන දවස් වල සවස 5.15 ට වැඩ මුරය නිම වූ පසුව, නිවස බලා විත්, පැය 1/4 ක් පමණ විවේක ගන්නවා. ඉන්පසු මාගේ නංගීගේ නමට තිබෙන පවුලට අයත්, ත‍්‍රී රෝද රථය රැුගෙන ඌරගස්මංහන්දිය හතරමංහන්දිය අසල ත‍්‍රී රෝද රථ ගාලට පැමිණෙනවා.

එතැන් සිට රාත‍්‍රී 11.00 පමණ වන තෙක් හයර් කරනවා. එවැනි දිනක රුපියල් හයසීයක් පමණ උපයනවා. එය ගෙදර වියදමට ලබා දෙනවා.

මා ඉගෙන ගත්තේ පතිරාජ විද්‍යාලය හා යටගල විද්‍යාලයෙනි. 1994 සාමාන්‍ය පෙළ විභාගය ගත්තා. වැඩ දෙකයි සමත් වුණේ. අමතර පන්ති යන්න සල්ලි තිබුනේ නැහැ.

කුඩා කාලයේදී ම පියා බරපතල ලෙස රෝගී වුනා. රජයේ රැකියාව නැති වුණා. දැන් ඉඳහිට කුලී වැඩක් කරනවා. අසූ ගණන්වල කුවෙයිට් රටට අම්මා ගියා. ඇය යුද්දෙට මැදිව ආපසු ආවා. ලැබුණ වන්දියෙන් තමයි ත‍්‍රීරෝද රථය ගත්තේ, නංගිගේ නමට. 

අපි හිටියේ කටු මැටි ගෙයක. අම්මා වැඩ කරලා හම්බ කරපු මුදලින් කොටස් වශයෙන් කාමර දෙකක පොඩි ගෙයක් හදා ගත්තා. මේ වන විට මම ඉන්නෙ පියා හා මව සමග. 

වැඩිමහල් සහෝදරයා බස් රියදුරෙක්. විවාහ වෙලා. නංගී විවාහ වෙලා. කුලී වැඩ කරන්නේ. එ් අය පවුල එක්ක සම්බන්ධයි. හැකි පමණ උදව් කරනවා. තව සහෝදරයෙක් ඉන්නවා. රහස් පොලිසියේ.  බැඳලා ඉන්නේ ගුරුවරියක්. සම්බන්ධයක් නෑ. නිවාඩු නැහැලූ!! පොලිසියට විරුද්ධව ගිහිල්ලා වැඩක් නැතිලූ!!

සිද්ධියෙන් පසුව රැුකියාව නැතිවුනා. මට පහරදී බරපතල තුවාල සිදුකර, මා ආබාධිතයෙකු කළ  උ.පො.ප. ප‍්‍රසාද් සිරිවර්ධනට විරුද්ධව කිසිම පියවරක් ගෙන නැහැ.  

මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශයක් නිකුත් කරණු ලැබුවා. මට රු.25,000ක් වන්දියක් ගෙවන ලෙසට පොලිස්පතිට නියම කරලා දැන් මාස තුනක් වෙනවා, උත්තරයක් වත් නෑ. ’’

රටේ පිරිහීම කෙතරම්ද, නීතිය කඩා වැටීම කෙතරම් බරපතලද යන්න වටහා ගන්න පොඩි මිනහාට වෙන දේ ගැන කථා කළ යුතුයි. අපරාධයට ගොදුරුවන්නාගේ තරාතිරම අනුව ‘‘යුක්තිය’’ වෙනස් වෙන රටක රැකෙන්නේ කව්රුන්ද? 




හිජාබය, සල්වාරිය තහනම - මූලික විරෝධතා අහකට



නාවල, ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිනිය ඇතුලූ අට දනෙකු වගඋත්තරකරුවන් කරමින්, ෆාතිමා හෂීනා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ තම දියණියට මුස්ලිම් බාලිකාවන්ට හිමි අයිතියක් රැක ගැනීමටය.

එනම් පාසල් නිල ඇඳුම වෙනුවට සල්වාරය හා හිජබය පැලඳ පාසල් යෑමට තිබෙන අයිතිය තහවුරු කර ගැනීමටය.

එ් 2014 වසරේදී ය.

2014 දින පවරන ලද මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම්කාර, මව හා දියණිය වෙනුවෙන් ඉදිරිපත් කළේ ජනාධිපති නීතිඥ ෆසිසර් මුස්ථාපා ප‍්‍රමුඛ නීතිඥයින් පිරිසකි.

රාජගිරිය ජනාධිපති බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ප‍්‍රමුඛ වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා ප‍්‍රමුඛ නීතඥවරු මඩුල්ලක් පෙනී සිටින ලදි. 

මෙම නඩුව විභාගයට ගැනීමට විරුද්ධව මූලික විරෝධතාවන් දෙකක් වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කරණු ලැබීය.

පළමු විරෝධතාවය වූයේ පේතසම්කරු විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කිරීමය.

දෙවන විරෝධතාවය වූයේ කාලය ඉකුත් වී ඇති බව - කාලාරෝධය - ය.

මෙම මූලික විරෝධතාවයන් පිළිබඳව 2016 නොවැම්බර් මස දෙපාර්ශවයේ නීතිඥවරුන් විසින් අධිකරණයට කරුණු දක්වා සිටින ලදි. 

එම මූලික විරෝධතාවයන් දෙක පළිිබඳව ”තීන්දුව” 2018 මාර්තු මස ප‍්‍රකාශයට පත්කරන ලදි.

එම තීන්දුවට අනුව, පෙත්සම්කාරිය, ව්‍යාජ කරුණු ඉදිරිපත් කර නොමැති බව තීන්දු කර නැත. 

මුස්ලිම් බාලිකාවන්ට පාසල් නිල ඇඳුම වෙනුවට ඔවුන්ට ආවේනික සල්වාරය, හිජාබය පැලඳිය හැකි බවට අධ්‍යාපන අමාත්‍යාංශ චක‍්‍රලේඛ තහවුරු කර තිබෙන  බව, ශ්‍රේෂ්ඨාධිකරණයේ පිළිගැනීම විය.

ඉදිරිපත් කරන ලද කරුණුවල වැදගත් භාවය මත කාලය ඉකුත් වුවද, නඩුව ඉවත නොදැමිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙන ලදි.

එ් අනුව, 2014 දී, මුස්ලිම් බාලිකාවන්ට ඉගෙන ගැනිම සඳහා පාසැලට යෑමට ‘‘පාසල් නිල ඇඳුමු’’ ඇඳිය යුතුමද? යන්න පිලිබඳ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරියේදී තීරණය කරණු ඇත.

සටහන:-
‘‘නිදහස් අධ්‍යාපනය’’ යන යෙදුම සටන් පාඨ කරගෙන සිටින විවිධ කල්ලි කණ්ඩායම් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ‘‘ප‍්‍රාණ ඇපයට’’ අරගෙන සිදුකරන සුරා කෑම්, අපයෝජනය කිරිම්, ගැන අනුගමනය කරන නිහඬ පිළිවෙත ලැජ්ජා සහගතය.  


  

Saturday, March 31, 2018

යථාරූප වැඩසටහන කොඩිවිනයක් වූයේ කාටද?


රාජ්‍ය විද්්‍යුත් මාධ්‍ය දෙක හරවත් ප‍්‍රගතිශීලි වැඩසටහන් ඉදිරිපත් කරමින් හඳුන්වාදෙමින් ආ ගමන ආපසු හැරවීමකි යථාරූප වඩසටහන නැවැත්වීම.

කූඹියෝ හා සහෝදරයා ටෙලි නාට්‍ය දෙක තැබූ ඉදිරි පිම්ම, කූඹියෝ ලැබූ ජන ප‍්‍රසාදය නිසාම මොට කිරීමට, වාරණය කිරීමට, ජාවාරම්කාර, තුට්ටු දෙකේ මාධ්‍ය බැලයන්ට මෙන්ම ආණ්ඩුවේ වන්දනා නඩයට නොහැකි විය.

සාස්තර කියන්නෝ, පේන කාරයෝ, හදි හූනියම් කාරයෝ පසුගිය වකවානුවේ ආරම්භ කර අදටත් පවත්වාගෙන යන ඊනියා ජාතික යැයි හංවඩු ගසා ගන්නා විද්්‍යුත් මාධ්‍ය හා පුවත්පත් උපයෝගී කරගෙන ගෙන යන ප‍්‍රචාරය අභියෝග කිරීමක් වූ මෙම වැඩසටහන නිසා, එම මාධ්‍යවලට ආර්ථික වශයෙන් කෙසේ වෙතත්, සාමාජීය වශයෙන් පහරක් විය.

අප රටේ මුල් බැසගත් සියලූම ආගම්වල විශ්වාසයන්ට, ඇදහිලිවලට, එරෙහිව යථාර්තය පිළිබඳව කථා කරන්න සූදානම් විද්‍යාඥයන්, ආචාර්ය මහාචාර්යවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, විවිධ ක්ෂේත‍්‍රවල විද්‍යාඥයන්, නිර්මාණකරුවන්, ජනමාධ්‍යවේදීන් සිටින බව හඳුන්වාදුන් මෙම වැඩසටහන මොට කිරීමට, විවිධාකාරවූ පීඩනයන්ට හසුව, පීඩා විඳින්නන් විකුණාගෙන කන එවුන්ට මෙන් අන්ධ භක්තිකයන්ටද වු  ඕනෑකම තහවුරු වීමකි මෙම වැඩසටහන අත්හිටු වීම.

රටේ නීතිය මත පාලනය පවත්වාගෙන යෑමට ප‍්‍රධාන බධාවකි මිත්‍යාව. මිත්‍යාව පදනම් කරගෙන සියලූ දේ විසඳීමට අර අ`දින බහුතරය ඇත්ත නැත්ත කුමක්ද යන්න තමන් විසින්ම විග‍්‍රහ කරගන්නට ඇති හැකියාව තමන් විසින් නැති කරගෙන ඇත. එම නොහැකියාව මත, ඇත්ත කුමක්ද යන්න තීරණය කරන්නේ තමන් හරි යයි විශ්වාස කරන්නාගේ ප‍්‍රකාශය අනුවය.

අපේ රටේ අතලොස්සක් හැරෙන්නට අන් සියලූ දෙනා තිස්තුන් කෝටියකුත් පහක් දෙවිවරු ගැන විශ්වාසය තබා තිබේ. එ් එ් ලබ්ධිකයන් මේ තිස්තුන් කෝටියකුත් පහක් දෙවිවරු අතර තමන් විශ්වාස කරන අය විවිධ නම් වලින් හඳුන්වති.

විවිධ උපමා, සර්ව නාම, ඔවුන්ට එකතු කර ඇත. විවිධ රූප ඔවුන්ට ආදේශ කර ඇත. චිත‍්‍ර ශිල්පීන්, මූර්ති ශිල්පීන්, එ් රූප මවා වන්දනා කරන්නට, කරගසාගෙන යන්නට සලසා ඇත. ගලෙන්, ලීයෙන්, මැට්ටෙන්, ප්ලාස්ටික්  හා ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් මේ පිළිම නිර්මාණය කර ඇත. කැඩුණු පසු එ්වා තැන්පත් කරනවා යැයි කියමින් පන්සල්, පල්ලි, කෝවිල්, දේවාලවලට හෝ එ්වා අසලට විසි කරති.

එමෙන්ම නොයෙකුත් මාදිලියේ කථාන්දර ගොතා ප‍්‍රසිද්ධ කර තිබේ. එ් කතාන්දර වල කියැවෙන සමහරුන් දෙවිවරුය, සමහරුන් යකුන්ය, සමහරුන් අවතාරය. එ් එ් විශ්වාසයට අනුව පල්ලි, කෝවිල්, දේවාල ඉදිකර ඇත. පන්සල්වලට ආදේශ කරගෙන ඇත. 

යථාරූප මේ ගැන කියන විට රිදුනේ, මේ මිත්‍යාවන් ඇත්ත කරමින් බඩ ගෝස්තරය රැක ගන්නා පිරිසටය. එ්වා විශ්වාස කරන අයටය. එ්වා මත තම දේශපාලනය කරන අයටය. පාරම්පරිකව, උපන්දා සිටි වැළඳ ගත් විශ්වාසයන් අත හැරිමට බිය අයටය.   

යථාරූප වැඩසටහන නැවැත්වූවාට, ‘යථාරූපය’ කුමක්ද යැයි සෙවීමට බහුතරය නොව සු`ඵතරය ගන්නා උත්සාහය නතර වන්නේ නැත. 

ගැලීලියෝ, බෲනෝ, දිවි දුන්නේ යස ඉසුරු සඳහා නොවේ. මිත්‍යාවට එරෙහිව යථාර්තය ඉදිරිපත් කරන්නට ගත් උත්සාහයට ය. 

ඔවුන් මෙන්ම, නම නොකියවුණු බොහෝ දෙනා මිත්‍යාවට එරෙහිව යථාර්තය ඉදිරිපත් කරන්නට ගත් උත්සාහයයේදි සිය දිවිය කැප කර ඇත.

එ් අය කිසි සේත් තම වධයට පාත‍්‍ර වූනේ, අන් අය වෙනුවෙන් කියා, තමාවත් අන් අයවත් රවටා ගත්තේ නැත. දිවි දුන්න අය පිළිබඳව, ජිවත්වන අප, ඔවුන් දිවි දුන්නේ අප වෙනුවෙන් කියා සිත හදා ගන්නෙමු. සමරන්නෙමු. පින් දෙන්නෙමු!!! 
     

Thursday, March 29, 2018

උත්සන්න වන පොලිස් ත‍්‍රස්ත ක‍්‍රියාවන් ට, යහපාලනයේ පොලිසිය බාර යු ඇන් පිය වගකිව යුතුයි. පොලිස් කොමිසම නිදි වැදි ඇත.


කුඩු සුදා කිව්ව වාඩිය චින්තකගේ කියලා. ඒ හින්දා  යන්. උඹව ගේන් කිවිවේ OIC. 

රට පුරා උත්සන්න වන පොලිස් ත‍්‍රස්ත ක‍්‍රියාවන් ට, යහපාලනයේ පොලිසිය බාර රනිල් ප‍්‍රමුඛ යු ඇන් පිය වගකිව යුතුයි. පොලිස් කොමිසම නිදි වැදි ඇත. 

රනිල් පාලනයට සුදු හුණු ගාන එන් ජි ඔ් පිරිස පොලිස් ත‍්‍රස්ත ක‍්‍රියාවන් වසන් කිරිමට සංවිධාන වි සිටි. 

මේ පරිසරය තුල දිනෙන් දින පොලිස් අපරාධ වර්ධනය වේ.

මේ උදාහරණයකි. 

 චින්තක - අවු: 28 යි, විවාහක, කුලි වැඩ/රියදුරු. 

පොලිස්පතිට කියන්න වැඩ සඑහන යටතේ මොහු විද්යුත් තැපැල මගින් පොලිස්පති අමතන ලද පැමිණිල්ලෙ ්මෙසේ ස`දහන් වේ.

2018.03.29 වන දින දීය.

නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන වධ දි බොරු නඩු දැමීමට එරෙහිව  පැමිණිලි කිරිම නිසා පළිගැනීමට නැවත නැවත අත්අඩංුවට ගෙන    බොරු නඩු දැමීමට ගන්නා උත්සාහය වළක්වන ලෙසට කරණු ලබන ඉල්ලීම.

2018 මාර්තු 28 වන දින රාත‍්‍රී 12.00 ට පමණ, අගලවත්ත පොලීසියේ තිදෙනෙක් මා සිටි, මාගේ බිරිඳගේ නිවසට පැමිණියා. 

ඔවුන් මට කියා සිටියා, ”කුඩු සුද්දාවයි, සමන්තවයි අපි අල්ලා ගත්තා. කුඩු සුද්දා වඩි වගයක් පෙන්නුවා, එ්වා චින්තකගේ කියා කිව්වා” කියා. මට පොලිසියට යන්න එන්න යයි කිව්වා

මම ප‍්‍රතික්ෂේප කළා. පැය භාගයක් විතර මට තර්ජනය කරමින් මාව පොලීසියට ගෙනියන්න හැදුවා. ගෙදර හිටිය අයද, මාව ගෙන යනවාට විරුද්ධ වුණා. අවසානයේ මාගේ බිරිඳගේ මවට කිව්වා, අද (29)උදේ 9.00 ට මාව පොලීසියට අරන් එන්න කියා.

මීට පෙර, 2018.03.05 දින මාව අත්අඩංගුවට අරගෙන වධහිංසා පමුණුවා බොරු නඩු දමන ලදි.  මා හා මාගේ ආච්චී වන සෝමවතී මිය, එ් පිළිබඳව පැමිණිලි කර තිබේ.

එම පැමිණිලි කිරීම්වලට පලි ගැනීම සඳහා, නැවත මා අත්අඩංගුවට ගෙන බොරු නඩු දැමීමට දරන උත්සාහය වළක්වන ලෙසට ඉල්ලා සිටිමි.

මා කියන මේම කරුණ මේ සමග එවා තිබෙන රේකෙිඩින් එකෙන් ඔප්පු වෙනවා.  සාක්ෂි දරනු ඇත. සවන් දෙන්න. 

මීට පෙරද, මේ ආකාරයට තර්ජනය කර, මා අත්අඩංගුවට ගැනීමට උත්සාහ දරා ඇත.

මාගේ ආරක්ෂාව සලසන ලෙසට ඉල්ලමි.

මෙයට,
චින්තක