Sunday, July 18, 2021

දවස් 40 ක් ICU එකේ අනතුරට වගකියන්න ඕ‌ෙන පොලීසිය මේ වන විටත් සාක්ෂි වසන් කරලා.

 


2021.05.26 දින, පිළියන්දල රත්මල්දෙනිය පාරේ සිදුවූ යතුරුපැදි අනතුරෙන්, තම සැමියාත්, කොට්ටාව පොලීසියේ බුද්ධි අංශ නිලධාරියෙකු හා පොලිස් ඔත්තුකරුවෙකු තුවාල ලබා තිබේ.

බරපතල තුවාල ලබා සිටි, සැමියාව, අසල්වැසියන් විසින් පොලීසියේ විරෝධතාව නොතකා රෝහල් ගත කර තිබේ.

මෙම අනතුර, මෙ දක්වා, ගරු අධිකරණයට වාර්තා කර තිබේද යන්න පිළිබඳව පවතින්නේ සැකයකි. බිරිඳ මෙ පිළිබඳව බලධාරීන්ට කර තිබෙන පැමිණිල්ල පහත දැක්වේ.

පොලිස් නිලධාරියෙකු හා පොලිස් ඔත්තුකරුවෙකු සම්බන්ධ, යතුරුපැදි අනතුර සම්බන්ධයෙන් තොරතුරු ලබදෙන ලෙසට කරනු ලබන ඉල්ලීම.

කොතලාවලගේ නිලූකා ශ්‍යාමලී අල්විස්, අවු: 42 යි, විවාහක, ජා.හැ.අ. 197973303670, විවාහක, දරුවන් 02 යි, ලිපිනය: 290/්ල ඇරැුව්වල, පන්නිපිටිය, දු.අ. 075 2116132

2021.07.01 වන දින දීය

තිබ්බටුගේ ශාන්ත, අවු: 44 යි, රැුකියාව: වෙළඳාම, මාගේ සැමියා වේ.

2021.05.26 වන දින, දහවල් 11.30 ට පමණ, මාගේ සැමියා, රත්මල්දෙනිය පාරේ, සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී, රිය අනතුරකට භාජනය වී, බරපතල තුවාල සිදුව, මේ වන විටත්, කොළඹ ජාතික රෝහලේ එ්කක 03 හි ප‍්‍රතිකාර ලබමින් සිටී. දැනට දින 40 කි.

මෙම අනතුරට වගකිව යුතු පුද්ගලයින් වන්නේ, කොට්ටාව පොලීසියට අනුයුක්ත, බුද්ධි අංශයේ නිලධාරියෙක් හා පොලිස් ඔත්තුකරුවෙකු වන පිළියන්දල පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන්ය.

එම බුද්ධි අංශයේ නිලධාරියා තම අනන්‍යතාවය හෙළි නොකර, 071 1871352 අංකයෙන්, මට කථා කළා.

ඔහු මට කිව්වා, සැමියා ගමන් ගත් යතුරුපැදිය ඉදිරියෙන් ගමන් කළ, ට‍්‍රැක්ටරයක වැදුන බවත්, එ් සමග තමන් ගමන් කළ, යතුරුපැදිය, සැමියාගේ යතුරුපැදිය හා ගැටුනු බව. වෙන කිසිම තොරතුරක් ලබා දුන්නේ නෑ.

පිළියන්දල පොලීසිය, මෙම රිය අනතුර, කැස්බෑව මහේස්ත‍්‍රාත් අධිකරණයට වාර්තා කර තිබෙන බව දැනුම් දුන්නා. නඩු අංකය හා ඊළඟ නඩු දිනය ලබා දුන්නේ නැහැ.

මා ප‍්‍රකාශ කරන්නේ,

පොලිස් නිලධාරියෙකු හා පොලිස් ඔත්තුකරුවෙකු සම්බන්ධ වී මෙම ”රිය අනතුර” පිළිබඳව කරුණු වසන් කරන බවයි.

මෙම ”රිය අනතුර” ට සම්බන්ධ පොලිස් නිලධාරියා හා පොලිස් ඔත්තුකරු, රිය අනතුර වාර්තා නොකර පලා ගොස් ඇත.

මා ඉල්ලා සිටින්නේ,

 මෙම රිය අනතුරට අදාළව, පහත සඳහන් තොරතුරු මා වෙත නොපමාව ලබාදෙන ලෙසටය.

(1) මෙම රිය අනතුරට සම්බන්ධ පොලිස් නිලධාරියාගේ නම, අංකය, අනුයුක්ත පොලීසිය, ඔහු පැදවූ යතුරු පැදියේ අංකය,

(2) ඔහු සමග ගමන් කළ, සිවිල් පුද්ගලයාගේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය, තරාතිරම ආදී තොතරතුරු,

(3) මෙම රිය අනතුරට සම්බන්ධ ට‍්‍රැක්ටරය අදාළ,

     අංකය, අයිතිකරුගේ නම, ලිපිනය, රියදුරුගේ නම, ලිපිනය, එහි ටේලරයේ අංකය,

(4) මෙම රිය අනතුර, ගරු අධිකරණයට වාර්තා කර ඇත්නම්,

     එහි අංකය, වාර්තා කළ දිනය, පෙර දිනය හා ඉදිරි දිනය,

පොලීසියට, අනතුරක් සිදු කර, එයින් ගැලවීමට ඉඩ නොතබන ලසට ද ඉල්ලා සිටිමි.

මෙයට,

කොතලාවලගේ නිලූකා ශ්‍යාමලී අල්විස්

 

 

 

 

 

 


Saturday, July 17, 2021

මිනිස් ජීවිතයක වටිනාකම මිලියනයයි. රජයෙන් ලක්ෂ 75 යි. පොලිස් කාරයින්ගෙන් ලක්ෂ 25 යි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව.

 


යහ පාලන සමයේ එනම්, 2017 පෙබරවාරි 25 දින, පෑලියගොඩ පොලිස් කාරයෝ පස් දෙනෙක්, චාධික් ෂ්‍යමන් වික‍්‍රමආරච්චිව අත්අඩංගුවට ගන්නේ, පාන්දර 4.00 ට.

පැය 05 කට පසුව, ඔහු මිය යනවා.

පොලිස් අත්අඩංගුවේදී, චාධික් ෂ්‍යමන් වික‍්‍රමආරච්චි, මිය යන්නේ පොලිස් වධ හිංසාවේ ප‍්‍රතිඵලයෙන්. එ බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාවෙන් තහවුරු විය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11 හා 12 (1) වගන්ති ප‍්‍රකාරව, පුරවැසියන්ට හිමි විය යුතු අයිතිවාසිකම් මෙම පොලිස්කාරයින් ස් දෙනා උල්ලංඝණය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය විය. 

චාධික් ෂ්‍යමන් වික‍්‍රමආරච්චි ගේ බිරිඳ කඩුවෙල පදිංචිකාරියක් වූ නිල්මිනි විජේසේකර විසින්, මූලික අයිතිවාසිකම් නඩුව 2017 වසරේ පවරනු ලැබීය.

නඩුව 2021.03.02 වන දින විභාගයට ගන්නා ලදි.

පී. පද්මන් සූරසේන, ජානක ද සිල්වා හා එච්.එ. සමයවර්ධන විනිසුරු ඉදිරිපිටදී මෙම නඩුවේ තීන්දුව 2021.07.14 ප‍්‍රකාශයට පත් කරන ලදි.

එ අනුව, බිරිඳට රුපියල් ලක්ෂ 50 ක් ද, දරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 25 බැගින්ද හිමිවනු ඇත.

රුපියල් ලක්ෂ 75 ක් රජය ගෙවනු ලබන අතර, රුපියල් 50,000.00 බැගින් පොලිස්කාරයින් ගෙවිය යුතුය.

මෙම අපරාධය සිදුකරන ලද පොලිස්කාරයින් වන්නේ, සුමේධ කුෂාන්ත, ඉන්දික ප‍්‍රියදර්ශන, චානක රුක්මන්, අජිත් ප‍්‍රියදර්ශන, චානක රුක්මන්, අජිත් ජයලාල් යන පොලිස් කාරයින් පස් දෙනාය.

ඔවුන, පැලියගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ අයෙකි.

මෙම නඩු තීන්දුවේ සඳහන් එක් කරුණක් ගැන අවධානය යොමු කළ යුතුය.

එනම්, මොහුගේ මරණය, ෆිට් එක නිසා සිදුවු බවට ප්‍රකාශ කළ පොලිස් අධිකාරීවරයා කව්රුන්ද? ඔහු අපරාධය වසන් කිරීමට වගකිව යුතු නැද්ද? 

කථා කරමු.








උසාවියට අපහාස කළ බන්දුමාලි ජයසිංහට, ලක්ෂ 03 ක දඩයක් හා අත්හිටවූ සිර දඬුවමක්.

 


ශ්‍රේෂ්ඨාධිකරණයට ව්‍යාජ ප‍්‍රකාශයක් කිරීමේ වරදට, වරදකරුවෙකු කරන ලද, බන්දුමාලි ජයසිංහ නැමැත්තියට, රුපියල් ලක්ෂ 03 ක දඩයක් හා වසර 05 ක් දක්වා වූ අත්හිට වූ සිර දඬුවමක් නියම කරනු ලැබීය.

නීතිඥවරියක් වූ, අමරතුංග ආරච්චිගේ නිදුක වාසනා පෙරේරා ට, එරෙහිව, කොළඹ 07, ලොන්ඩන් පෙදෙස, අංක : 40/19 පදිංචි, දෝන බන්දුමාලි ජයසිංහ, (වැලිකල* ට එරෙහිව, ශ්‍රේශ්ඨාධිකරණයට අපහාස් කිරීමේ චෝදනාව යටතේ පවරන ලද නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින්, ඉහත ස`දහන් දඬුවම නියම කරනු ලැබීය.

2021.07.15 මේ තීන්දව ලබාදුන්නේ, ජ.නි. බුවනෙක අලූවිහාරේ, ජ.නි. මුර්දු එන්.බී. ප‍්‍රනාන්දු හා පී. පද්මන් සූරසේන යන විනිසුරුවන් විසින්ය.

විනිසුරු ජ.නි. බුවනෙක අලූවිහාරේ ලියන ලද තීන්දුව, විනිසුරු ජ.නි. මුර්දු එන්.බී. ප‍්‍රනාන්දු ගේ එකඟත්වයෙන් තීන්දුව ලබාදෙන ලදි.

මෙම නඩුව අදාළව විනිසුරු ජ.නි. පද්මන් සූරසේනගේ තීන්දුව වී තිබුනේ, වසර 03 ක සිර දඬුවමක් හා රු: 300,000.00 ක දඩයක් නියම කළ යුතු බවයි.

 

 

පානදුර දකුණ ෂරීයා නීතිය ක‍්‍රියාත්මක කරන්න හදයි දෙමළුන්ට Love තහනම්ලූ!!

 
27 අවුදරුද්දකට පෙර පානදුරය රට පුරා ප‍්‍රකට කළ හෝටලයක කෝකියෙකු ලෙසට ආපු ''චාල්ස''මේ හෝටලයේ චෛනීස් රෝල්ස් හදපු ''මේරි" සමග පැවැත්වූ හාදකමට, මෑතක් වන  තුරු බාධාවක්නම් තිබුනේ නැත.

ඇගේ දියණියක, පොලීසියටත්, එෆ්.එම්. නාලිකාවකටත් නෑකම් කියන්නට හැකියාව ලැබීමත් සමග, මවගේ ”පේ‍්‍රමය” අකුල් හෙලන්නට, පානදුරය පොලීසිය යොදා ගන්නට ගත්, නින්දිත උත්සාහය, කියවන්න ''චාල්ස'' ගේ පැමිණල්ල.

 පොලිස්පති, පොලිස් මූලස්ථානය , කොළඹ

 ලිඛිත පැමිණිල්ල

 2021 ජූනි 17  දින  විද්‍යුත් තැපෑල මගින් සිදුකරන ලද පැමිණිල්ල හා බැඳේ.

ඔබගේ යොමු අංකය: 055d6d21154d9d3a86d89-

 

පානදුර දකුණ පොලිසියේ සුළු පැමිණිලි අංශයේ සැරයන් දයානන්ද නිලධාරි විසින් සිදු කරනු ලැබූ භියවැද්දීම්, නීති විරෝධී අත්අඩංගුවට ගැනිම් හා රඳවා තබා ගැනීම්, ජාතික හැඳුනුම්පත වෙනත් අයෙකුට භාවිතා කිරීම සඳහා බලාත්කාරයෙන් ලබාදීම.

 ''චාල්ස'' ( ජාතික හැඳුනුම්පත් අංකය-----), අවුරුදු 48යි. දරුවන් 02යි. රැකියාව අරක්කැමි.

 රැකියාව කරන ස්ථානයේ හා පදිංචි ස්ථානයේ ලිපිනය:-

 නො. 474, එඩ්මන් හවුස්, ආතර් වී දියෙස් මාවත, පානදුර

 2021 ජූනි මස 17 වන දින පානදුර දකුණ පොලිසියේ කැඳවීම  මත මා පානදුර දකුණ පොලිසියට ස්ථානයට ගියා.

 එහිදී සුළු පැමිණිලි අංශයේ සැරයන් දයානන්ද වෙත මාව යොමු කළා.

 මා යන විට ඔහු සමග '' මේරි ''  (අවුරුදු 48යි - විවාහක ) යන අයගේ දියණියක්ද සිටියා.  

 සැරයන් දයානන්ද මට චෝදනා කරමින්, මා '' මේරි ''   සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වන බවත්, ඇයට හා ඇගේ දියණියට දුරකථන පණිවුඩ, අසැභි පින්තූර යවන බවටත් චෝදනා කළා. මා එම චොදනා ප්‍රතික්ෂේප කළා. මා  '' මේරි ''  සමග සම්බන්ධකම් පැවැත්වුයේ ඇගේ පුර්ණ එකඟතාවය හා කැමැත්ත මත බවත් ප්‍රකාශ කියා සිටියා. මා ඇගේ දියණියට‌ හෝ ඇයට  කෙටි පණිවුඩ හෝ පින්තුර යවා ඇත්නම් පෙන්වා දෙන ලෙස ඉල්ලා සිටියා.

 සැරයන් දයානන්ද නිලධාරි මගේ දුරකථන දෙක රැගෙන පරීක්ෂාකර කිසිවක් නැති බව පිළිගත්තා. එසේ තිබියදිත්'' මේරි ''  දියණියගේ ඉල්ලීම මත මට දැඩි ලෙස තර්ජනය කරමින්, දෙමළෙකුට මෙහෙ ඉන්න බෑ යි කියමින්,  දෙමළා යෑයි අපහාස කරමින්, මට වහාම පානදුර පිටව යන ලෙසට නියෝග කර, එසේ නොකරන්නේ නම්  අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන බවට තර්ජනය කළා.

 මගේ ස්ථිර පදිංචිය පස්සර ගමේ වල වතත්ත. මා පානදුරය, සල්ගාදු හෝටලේ අරක්කැමි යෙකු වශයෙන් වසර  27 ක පමණ සිට රැකියාව කරනවා. කලකට පෙර මෙම හෝටලය වසා දැමීමෙන් පසුව, මාව එහි කළමනාකාර මහත්මිය යටතේ ඇගේ නිවසේ පදිංචිව, කම්කරුවකු වශයෙන්, සියලු වැඩ කටයුතු සිදුකරමින් සිටිනවා.

 මා සල්ගාදු හෝටලයේ වැඩ කරන කාලයේ, එම හෝටලයේම මා සමඟ ඒකට කුස්සියේ වැඩ කළ ''මේරි'' සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගියා. ඒය කිසිවකුටත් ප්‍රශ්නයක් නොවුන අතර, අප දෙදෙනාගේ කැමැත්ත මත එම සම්බන්ධය පවත්වාගෙන යන ලැබුවා.

  මෙම පසුබිම යටතේ 2021 ජනවාරි 13දා, මට ඇය, ඇගේ ගෙදරට එන ලෙසට දැනුම් දුන්නා. ඒ මගෙන් අත මාරුවකට ලබාගත්  රුපියල් 5000/- ලබා දෙන්න.

 මා එහි යන විට ඇගේ දියණිය සිටියා. ඇය මා සොරකු ලෙස ට හඳුන්වා අසල්වැසියන් කිහිප දෙනෙකු හා එක් වුව මට පහරදී පොලිසියට බාර දුන්නා. පොලීසිය මාව එදින රාත්‍රියේ රඳවාගෙන සිට පසුදින පොලිස් ඇපයක් මට මුදාහැරියා.

 මා ප්‍රේම සම්බන්ධකම් පැවැත්වු ''මේරි'' ගේ  දියණියක්, මා දන්නා තරමින් ප්‍රකට FM නාලිකාවක,   රැකියාව කරනවා. ඇගේ සැමියා අම්පාර ප්‍රදේශීයේ  පොලිසියක සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙක්.

 මෙම දියණිය, මෙකි සම්බන්ධතාවයන් උපයෝගී කරගෙන පානදුර දකුණ පොලිසිය පාවච්චි කර, මාව, මාගේ රැකියාවෙන් පලවා හැරීමටත්, පානදුරය පදිංචියෙන් පලවාහැරීමට උත්සාහ ගන්නවා.

 මෙය වඩාත් පැහැදිලිවුයේ සැරයන් දයානන්ද මාව පොලිසියට කැඳවුයේ, රඳවා ගත්තේ මට විරුද්ධව පැමිණිල්ලක් නොමැති බව හෙළිවිමේන් ය.

 '' මේරි''  ගේ දියණිය හා බෑණා,  සැරයන් දයානන්ද හා ඒක්ව, පොලීසියේ බලය  නීති විරෝධීව උපයෝගී කර ගැනීමෙන් හා යොදාගෙන මට බලපෑම් කරමින් තර්ජනය කරමින් ක්‍රියා කරන බව ප්‍රකාශ කරමි.

 මා  ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්.  එම නිසා මට ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක පදිංචිව නිත්‍යානුකූලව රැකියාවක නිරත වීමේ හැකියාවක් තිබෙනවා.

  එය මූලික අයිතිවාසිකමක්

 මේ වන විටත් දුරකථනයෙන් මා පදිංචිව රැකියාව කරන ස්ථානයේ හිමිකාර මහත්මියට මෙම සැරයන් දයානන්ද නිලධාරි දුරකථනයෙන් තර්ජනය කරමින් මාව රැකියාවෙන් සහ පදිංචියෙන් නෙරපා හරින ලෙසට, දිගින් දිගටම තර්ජනය කරනවා. මේ වන විට ඇය පසුවන්නේ දැඩි  බියකින්.

 මා  දෙමළෙකු වීම නිසා මට පානදුරය රැකියාව කිරීමට හා තාවකාලිකව පදිංචි හැකියාවක් නොමැති බව පානදුර දකුණ පොලිසියේ දැඩි මතයයි.

 පානදුර දකුණ පොලිසියේ විශේෂයෙන් සුළු පැමිණිලි අංශයේ සැරයන් දයානන්ද නැමැති නිලධාරියා යොදාගෙන මට සිදුකරන නීති විරෝධී බලපෑම් තර්ජනය කිරීම් නවත්වා දෙන ලෙසටත්, ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් පවත්වා නීතිමය පියවර ගන්නා ලෙසටත්, මාගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන ලෙසට ඉල්ලා සිටිනවා.

  මා කිසිදු නීති විරෝධී ක්‍රියාවක නිරතවි නොමැත. නිරත  වන්නේ ද නැත.

ඉහත සියලු කරුණු සත්‍යය හා නිවරැදි ප්‍රකාශ කැ සිටිමි.

පිටපත්

  1. ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යංශය
  2. ජෙෂ්ඨ පොලිස් අධිකාරි, පානදුරය
  3. සභාපති, මානව හිමිකම් කොමිෂම් සභාව
  4. ප්‍රධාන විධායක, හිරු  FM - දැ.ගැ.පි

 


Wednesday, June 16, 2021

දවස් 06 ක් තිස්සේ පොලීසියේ තියාගෙන ඉන්නවා - වධ දීලා 93 හැවිරිදි ආච්චි කියයි.

 


93 හැවිරිදි බියටි‍්‍රස් දරුවන් 06 ක් හදලා, දැන් මුණුබුරන්ව නඩත්තු කරනවා.

 දක්ෂ කාර්මිකයෙකු වූ නන්දික අවිවාහකයෙක්. අවු: 20 ක ඉඳලාම කුඩු බොනවා.

 පසුගිය 10 වෙනිදා පොලීසිය අත්අඩංගුවට ගත්තේ සොරකමකට. මේ දක්වාම උසාවියට ඉදිරිපත් කරලා නෑ.

 ඇය මානව හිමිකම් කොමිෂමට, පොලිස්පතිට, මහජන ආරක්ෂක අමාත්‍යාංශයට කරන ලද පැමිණිල්ලෙන් සියල්ල හෙළි කරයි.

 " දින 06 ක් පුරා නීති විරෝධී ලෙෂ රඳවාගෙන වධ හිංසා පැමිණ වීම.

තෙබුවන ආරච්චිගේ බියටි‍්‍රස්, අවු: 93 යි, (විශ‍්‍රාම වැටුප් අංකය: 1002/21/75262)-වැන්දඹු, දරුවන් : 06 යි. ලිපිනය: 05, වීරමන් පාර, පානදුර. දු.අ. 077 2931545

 2021.06.16 වන දින දීය.

හපු ආචාරිගේ නන්දික ප‍්‍රියදර්ශන, අවු: 45 යි, අවිවාහක, කම්කරු, මාගේ මුණුබුරා වේ.

2021.06.10 දින, මුණුබුරාව, අත්අඩංගුවට ගෙන, සවස 6.30 ට පමණ, ගෙදරට ගෙන ආවා.

එසේ ගෙන ආවේ, පානදුර දකුණ පොලීසියේ පාදුක් හා අමිල යන නිලධාරීන්ය.

ඔවුන් නිවස පරීක්ෂා කළා. නිවසේ කුස්සියේ තිබූ පිහි දෙකක්, රේඩියෝවක්, පැරණි කාසි තිබූ පොතක් අත්අඩංගුවට ගත්තා. එවා සොරකම් කරපු එවා බව පොලීසිය කිව්වා.

ඉන්පසු ඔහුව, රැගෙන ගියා.

එදින, එනම් 2021.06.10 වන දින, රාත‍්‍රී 10.00 ට පමණ, මාගේ මුණුබුරෙක් ඔහුව බලන්න ගියා. ඔහුට පහරදී තිබුණ බවත්, තුවාල පෙනෙන්නට තිබූ බවත් ප‍්‍රකාශ කළා.

මොහු මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වූ අයෙක්.

අද දිනට, දින 06 කි. මේ ආකාරයට දින 06 ක් පුරා, රඳවාගෙන වධ දීම පිළිබඳව වහාම නීතිමය පියවර ගන්නා ලෙසටද,

ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද, නොපමාව රෝහල්ගත කරන ලෙසට ද ඉල්ලා සිටිමි.

මෙයට,

තෙබුවන ආරච්චිගේ බියටි‍්‍රස්