Monday, September 12, 2011

තීන්දුවට අනුව එල්ලා මරයිද ?


තීන්දුවට අනුව එල්ලා මරයිද ?




තීන්දුවට අනුව එල්ලා මරයිද ?
තීන්දුව මරයිද ?

අගුලාන ද්විත්ව ඝාතනයේ සැකකරුවන් වූ පොලිස් කාරයින් සිව් දෙනාට මරණීය දණ්ඩනය නියම කරනු ලැබීමේ පුවත - බොහෝ දෙනාගේ සතුටට සොම්නසට හේතුවූ බවක් දෘශ්‍යමාන විය.
එහෙත් මේ දුවම පිළිබදව මතුකරන්නට කරුණු කිහිපයක් අපට තිබේ. මෙම දුවම අවසාන තීරණයද ? මෙම විතතිකරුවන් සිව්දෙනාට තීන්දුවට එරෙහිව අභියාචනා කල නොහැකිද ?
එසේ කල හැකිනම් මේ තීන්දුව වෙනස්වීමට ඉඩක් නැද්ද ?
අභියාචනා කලහොත් - අඹේපිටිය විනිසුරු ඝාතනය මෙන්ම කඩිනමින් අභීයාචනය අසා තීන්දු ලබාදෙයිද ?
බිදුනු වැව මිනිස් ඝාතනය, බොහෝ දෙනාට අමතක බවක් පෙනේ.
මෙම නඩුවේ විත්තිකරුවන්ට මරණිය දණ්ඩනය නියම විය.බොහෝ දෙනා සතුටු විය. ඒ ගැන කතා කළේය.
ඔවුන් සියලු දෙනාම ඉහළ අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කළේය.
දැන් පවතින රාජපක්ෂ පාලනය තුල ඉතා කුරිරු මිනිස් ඝාතන සිදුකල බවට ඔප්පුවී, සියලු අධිකරණ වලින් මරණීය දණ්ඩනය සනාථව සිටි අය - ජනාධිපති නිදහස යටතේ සතුටින් සොම්නසින් නිවෙස් බලා යන්නට හැකිවුනා නේද ?
මරණීය දණ්ඩනය නියමව, එම නියමය සියලු අධිකරණ වලින් සනාථ වී, ජනාධිපති නිදහස අහිමිවී - එල්ලා මරා දමන තුරු බලා සිටින අයගේ සංඛ්‍යාව 266 කට ආසන්න බව කීදෙනෙක් දන්නවාද ? මෙයින් පැහැදිලිවන්නේ මරණීය දණ්ඩනය - එනම් එල්ලා මරා දැමීම නීති පොතේ තිබුනත් - පෝරකය ක්‍රියාත්මක වන්නේ නැති බව නොවේද ?
ශිෂ්ඨ සම්පන්න - යුක්තිධර්මය අගයන සමාජයන් - මරණීය දණ්ඩනය පිළීගන්නේ නැත. එය මිලේච්ජ ක්‍රියාවකි. නඩු අසන්නේ, නඩු පවරන්නේ මිනිසුන් නිසාය.
අප වැනි රටක පවතින යුක්තිය පසදලීමේ ක්‍රියාදාමය තුල කුමන හේතුවක් නිසාවත් මිනිස් ජීවිතයක් නැති කරන්නට, කුමන තත්වයක තරාතිරමක වුව තවත් මිනිසුන් පිරිසකට බලය දිය හැකිද ?
අගුලාන ද්විත්ව ඝාතනය කලේ පොලිස් කාරයින්ය. අත්අඩංගුවට ගෙන, පොලිසියට ගෙනගොස් වධදී, සැලසුම් සහගතව මරාදැමීම සිදුකරන ලදි. මෙය රාජ්‍ය බලය යොදා සිදුකරන ලද්දකි.මෙය පොලිසිය සිදුකල පළමු මිනීමැරීම නොවේ. මෙය මේ පොලිස්කාරයින්ට එල්ලුම් ගස් යැව්වායි කියා නතර වන්නේද නැත.තමන් බේරෙන්නට, අහුනොවන්නට මිනීමරන්නට වග බලා ගන්නවා ඇත.
මේ ද්විත්ව ඝාතනය ගැන පොලිස්පති පාඩමක් උගත්තේද ? ඒ ගැන තමා යටතේ සිටින පොලිස් නිලධාරීන්ට මෙවන් දේ නොකරන ලෙසට - අවම වශයෙන් පොලිසියේ නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ප්‍රකාශයක් කලේද නැත.
පොලිසිය බාර ඇමතිවරයා මේ පොලිස් නිලධාරීන්ගේ නීත විරෝධී ක්‍රියාවන් නැවැත්වීමට පියවර ගන්නා ලෙසට - නීතිය පිලිපදින ලෙසට නියමයන් කලේද නැත.
පොලිස් දෙපාර්තමේන්තුව බාර ලේකම්වරයා කළේ කුමක්ද ?
සටහන
ඉහත දැක්වූ කරුණු - සමහරවිට එකිනෙක නොගැලපෙන සේ දිස්වන්නට පුලුවන.
මතුපිටින් පෙනෙන්නට දකන්නට තිබෙන දේ - ඇහෙනදේට වඩා ගැඹුරු දෙයක් පවතිනවා නේද ?
කතාකරන්න - සිරවී සිටින කොටුවෙන් ඔබ්බට ගොස්

1 comment:

  1. අද බොහෝ දෙනා කැමති අසා සිටින්නටය... ඔවුනගේ කටවල් අගුළුලා ඇත... කට අරින්නේ කෑමට පමනි... අපි තනිතනිව යමක් කරන්න උත්සහ කරන්නට සිදුවන්නේ ‍එකතුව යමක් කල නොහැකි බැවිනි..අපි කරන කාර්යය අත්නොහරිමු....

    ReplyDelete