Wednesday, September 21, 2011

හිටපු රෙජිස්ට්රාපර්ලා, මහාධිකරණ විනිසුරුලා නීතිය දන්නෙ නෑ


වධහිංසාවට පාත්‍රවු සමරසිංහ මහතා


හිටපු රෙජිස්ට්‍ත්‍රාත්ලා, මහාධිකරණ විනිසුරුලා නීතිය දන්නෙ නෑ

මේ පඩත්තර කියමන, කළුතර මහාධිකරණයේ වත්මන් රෙජිස්ත්‍රාත්වරයාගෙනි.

මහාධිකරණයේ පවතින අපරාධ නඩුවක සාක්ෂි සටහන්වල සහතික පිටපත් ලබා ගැනීම සහා මුල් පැමිණිලිකරු විසින් ඉදිරිපත් කරන ලද “ඉල්ලීම” නොහොත් උසාවි බසෙන් “මෝෂම” බාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් ඉහත ප්‍රකාශය කර ඇත.

ඒ 2011. 09. 19 වන දින - 352/04 දරන මහාධිකරණයේ පවතින නඩුවට අදාළවය.

මෙම නඩුවේ මුල් පැමිණිලිකරු කේ. ඒ. සමරසිංහ මහතාය.

බදුරලිය පොලිසියේ පොලිස් නිලධාරින් තිදෙනෙකුට එරෙහිව, සමරසිංහ මහතාට වධහිංසා පැමිණවීම අදාළව මෙම නඩුව පවරා ඇත්තේ නීතිපතිවරයා විසින්ය.

මුල් පැමිණිලිකරු වන සමරසිංහ මහතා, එනම් අගතියට පත් තැනැත්තාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නේ නීතිඥ ජානක අමරසිංහ මහතාය.

2009. 12. 16 වන දින සිට මෙම නඩුව විභාගයට ගෙන තිබේ. එතැන් පටන් නඩුවට අදාළ සටහන් වල සහතික පිටපත් ලබා ගැනීමට “ඉල්ලීම” නොහොත් “මෝෂම” ඉදිරිපත් කළේ - සමරසිංහ මහතාය.

මේ අවස්ථාවේ ඒ සමරසිංහ මහතාගේ “ඉල්ලීම” නොහොත් “මෝෂම” ඉදිරිපත් කළ අමිතා ප්‍රියන්ති මෙනෙවිය රෙජිස්ට්‍රාර්වරයාට පවසා ඇත්තේ, “සාක්ෂි සටහන් මීට කලින් ලබා ගත්තේ 1 වන සාක්ෂිකරුගේ ලිපියකින්” කියායි. එසේ පවසා ඇත්තේ, නීතිඥයෙක් මාර්ගයෙන් ඉල්ලීමක් කරන ලෙසට පවසමින් රෙජිස්ට්‍රාර්වරයා, සමරසිංහ මහතාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසාය.

එයට පිළිතුරු වශයෙන් මේ රෙජිස්ට්‍රාර්වරයා “තමුන්ට පඩත්තරකම් වලින් වැඩක් නෑ, නීතිඥවරයාගේ ලිපිය ගෙනාවොත් දෙන්නම්, නැත්තං දෙන්නේ නෑ” යනුවෙන් ප්‍රකාශකර ඇත.

කළුතර මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා ප්‍රකාශ කරන්නේ, “කලින් අය එ‍හෙම දුන්නා නම්, එය ඒ අයගේ වැරැද්දක්, නීතිය නොදන්නා කමක්”  යනුවෙනි. රෙජිස්ට්‍රාර්වරයා “අපේ අය” යනුවෙන් සදහන් කරන්නේ, මීට පෙර කළුතර මහාධිකරණයේ සිටි රෙජිස්ට්‍රාර්වරුන් හා මහාධිකරණ විනිසුරුවරුන්ය.

මේ “පඩත්තරයා” ට නොතේරෙන දෙයක් සඳහන් කිරීමට කැමැත්තෙමි.

“නීතිඥවරයා” ට අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට බලය ලැබෙන්නේ තම සේවාදායකයාගෙන් බව.

සේවාදායකයාට නැති බලයක් නීතිඥවරයාට ලැබෙන්නේ කෙසේද? යන බව.

අප ඉල්ලා සිටින්නේ, මහජනතාව අපහාසයට ලක්වන අයුරින් හැසිරෙමින් කටයුතු කරන මෙම කළුතර මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසයි.

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. Please follow it up. make the law suitable for people and suitable for the time. sue the lawyers, judges, registrars who are incompetent or abuse law.

    ReplyDelete