Saturday, December 3, 2011

අරුම පුදුම සිතාසියක්





ඉහත දැක්වෙන බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ත්‍රාත්වරයා විසින් නිකුත් කොට, බද්දේගම පොලිසිය, 2011.11.29 දින, තරංගා මහත්මියට ගෙනවිත් බාර දුන්න සිතාසියයි.

තරංගා මහත්මියටද, සරණි කාරියවසම් හා ඇගේ සැමියාට, පෝද්දල පොලිසියේ උප පොලිස් පරීක්ෂක සමරජීව ඇතුලු පිරිසක් පහර දෙන ලද්දේ 2011.02.28 දිනය.

එම පහරදීම අදාලව ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේය. ඒ යුක්තිය ඉටුකර ගන්නටය. මේ අතර පෝද්දල පොලිසියට, තරංගාට හා සරණිට විරුද්ධව, රාජකාරියට බාධා කිරීම හා කලහා කිරීම යන චෝදනා යටතේ පළමුව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේද, පසුව එම නඩුව බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයේද පවරන ලදි.

මේ අතර, පොලිසියෙන් තරංගාට හා සරණිට පවරන ලද නඩුව ඉල්ලා අස්කරගන්නා බවට ප්‍රකාශ කරන පෝද්දල පොලිසිය, තරංගා හා සරණිට එයට හිලව් කිරීමක් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු ඉවත් කරගන්නා බවට දිවුරුම් ප්‍රකාශ ඉල්ලා සිටී.

සරණි, රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් පොලිසියෙන් ලබාගෙන, නඩුව ඉල්ලා අස්කරගන්නට කැමැත්ත ලබාදී ඇතැයි වාර්තාවේ.

නමුත් තරංගා එයට දැඩිව විරෝධය පලකර ඇත.මේ තත්වය තුල, තමන්ට විරුද්ධව පෝද්දල පොලිසිය පවරා ඇති නඩුවට පසුදින පෙනී සිටින ලෙසට පොලිස් නිලධාරියෙක් සිවිල්පිට පැමිණ තරංගාට දැනුම් දුන්නේය. ඒ 2011.11.27 දින රාත්‍රී 7.30 ට පමණ.

නඩුව පැවැත්වෙන දිනය 2012.01.30 බව එම නිලධාරියාට තරංගා දැනුම් දුන්නේය.
2011.11.29 දින උදේ 9.30 ට යතුරු පැදියකින් පැමිණි පොලිස් නිලධාරියෙක්, 2012.12.05 දින එම නඩුවට උසාවියට පැමිණෙන ලෙසට දක්වන ලද - සිතාසියක් බාරදී යන ලද්දේ තරංගාට නොසෑහෙන ලෙසට බැන වදිමින්ය.

නඩුව මීළග දිනය 2012.01.30 යි. එසේ තිබියදී 2012.12.05 දින නඩුව පැවැත්වෙන බවට සිතාසියක් නිකුත් කර ඇත්තේ තමන් අමාරුවේ දැමීමට බව පවසන තරංගා, ඒ පිළිබදව පැහැදිලි කිරීමක් කරන ලෙසට 

බද්දේගම රෙජිස්ත්‍රාත්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළේය.

එහි පිටපත්, වගකිවයුත්තන්ට යැවීමටද තරංගා පියවර ගත්තේය.

ලිපිය කියවන්න.


..............




No comments:

Post a Comment