Monday, December 12, 2011

මානව හිමිකම් කොමිෂම කාසදහාද?





ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂම සේවය කරන්නේ කාටද යන්න ඉතා පැහැදිලි උදාහරණ සහිතව ඉදිරිපත් කිරීමක් මගින්,එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් දිනය සමරනු ලැබීය. 

2011.12.09 වන දින, කොළඹ 07, ජතික පුස්ථකාල හා ලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මෙම සමරු වැඩසටහනේදී මානව හිමිකම් කොමිෂමේ කාර්යභාරයන් ඇසුරෙන් සකස් කළ වාර්ථාවක් සහ ජනතාවට අරගල කිරීම සඳහාවූ ඉල්ලීම් මාලාවක් ඉදිරිපත් කරනු ලැබීය. 

සමරු වැඩසටහන ආරම්භ කරන ලද්දේ ආසියානු මානව හිමිකම් කොමිෂමේ අධ්‍යක්ෂ බැසිල් ප්‍රනාන්දු මහතා සමග, නීතිය හා සාමය සහ නීතිය මත පාලනය පිළිබ`ද සම්මුඛ සාකච්ඡාවක් ඉදිරිපත් කිරීමෙන්ය.
ඉන් අනතුරුව ග්‍රේ හෝගන් කොලොම්බියා සරසවියේ කරන ලද  දේශනයේ පරිවර්ථනය එළි දැක්වීම සහ එ පිළිබ`ද සංසන්දනාත්මක හැදින්වීමක්ද කරනු ලැබීය. 

වින්දිතයින්, ක්‍රියාකාරීන් හා මානව හිමිකම් සංවිධාන ගණනාවක නියෝජිතයින් හා මාධ්‍යවේදීන් එකසිය විසිපස් දෙනකුට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩ සටහනේදී -  සහභාගීවූවන් ගණනාවක් තම අදහස් ඉදිරිපත් කරනු ලැබීය.


පිංතූර සදහා සිතුවම් හල වෙත යන්න.   
ජනසංසදය

No comments:

Post a Comment