පහත දැක්වෙන්නේ දෙමාපියන් දෙන්නා මැද්දේ නිදාගෙන සිටි දරුවෙකු යමෙක් ගෙට ඇතුලූවී රැුගෙන ගොස් නිවස ඉදිරිපිට පාරේ තබා ගිය බවට මිල්ලනිය පොලීසියට කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලයෙකු විසින් මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස්පති, පානදුර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී, වෙත් ඉරිපත් කරන ලද ලිඛිත පැමිණිල්ලයි.
‘‘ තිත්බොටුගේ චමින්ද සිසිර කුමාර, අවු: 38යි, විවාහක, රැුකියාව: වෙළඳාම, ලිපිනය : කහටගහහේන, මානාන, ගල්පාත. 2013.07.19 දිනදීය.
අප ප‍්‍රදේශයේ පදිංචි රාජා නමින් හඳුන්වන අයෙකු ගේ කුඩා දරුවකු පැහැරගෙන හමුවූ බවට මීට මාසයකට පෙර අපට ආරංචි විය.
මෙම සිද්ධිය අදාලව ගමේ තරුණයින් තිදෙනෙක් කිහිපවතාවක් පොලිසියට කැඳවා ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගෙන තිබුනා.
තව කසුන් නැමැති තරුණයෙකුවද අත්අඩංගුවට ගෙන වධහිංසා කර ප‍්‍රකාශ සටහන් කරගෙන තිබුනා.
ඊට පසු 2013.07.16 දින උදේ මා ගෙදර වත්ත පිරිසදු කරමින් සිටින විට, මිල්ලනිය පොලිසියේ නිලධාරීන් දෙදෙනෙක් යතුරු පැදියකින් මාගේ ගෙදරට පැමිණියා. ඉන් එක් අයෙක් සුනිල් ශාන්ත නමින් හඳුන්වන නිලධාරියාය. මොහු මට කියා සිටියා මහතුන් ඔයාට ලොකු මහත්තයා එන්න කිව්වා ගෑණු කෙනෙකුට ගහලා කියලා පැමිණිල්ලක් දාලා කියලා යනුවෙන් පැවසුවා. මම කිව්වා මහත්තයා මම එහෙම ගෑණු අයට ගහන්න කරදර කරන්න යන අයෙක් නොවෙයි කියා. ඊට පසු මාගේ මවද පැමිණ කිව්වා මේ ළමයා එහෙම කෙනෙක් නොවෙයි කියා කිව්වා.
මෙම සිද්ධිය අදාලව ගමේ තරුණයින් තිදෙනෙක් කිහිපවතාවක් පොලිසියට කැඳවා ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගෙන තිබුනා.
තව කසුන් නැමැති තරුණයෙකුවද අත්අඩංගුවට ගෙන වධහිංසා කර ප‍්‍රකාශ සටහන් කරගෙන තිබුනා.
ඊට පසු 2013.07.16 දින උදේ මා ගෙදර වත්ත පිරිසදු කරමින් සිටින විට, මිල්ලනිය පොලිසියේ නිලධාරීන් දෙදෙනෙක් යතුරු පැදියකින් මාගේ ගෙදරට පැමිණියා. ඉන් එක් අයෙක් සුනිල් ශාන්ත නමින් හඳුන්වන නිලධාරියාය. මොහු මට කියා සිටියා මහතුන් ඔයාට ලොකු මහත්තයා එන්න කිව්වා ගෑණු කෙනෙකුට ගහලා කියලා පැමිණිල්ලක් දාලා කියලා යනුවෙන් පැවසුවා. මම කිව්වා මහත්තයා මම එහෙම ගෑණු අයට ගහන්න කරදර කරන්න යන අයෙක් නොවෙයි කියා. ඊට පසු මාගේ මවද පැමිණ කිව්වා මේ ළමයා එහෙම කෙනෙක් නොවෙයි කියා කිව්වා.
නමුත් ඔහුත් එය ප‍්‍රතික්ෂේප කරමින්, මට පොලිසියට යාමට කතා කලා. ඊට පස්සේ මම ඉන්න මහත්තයා මඩ ටික සෝදගෙන එන්නම් කියා කිව්වා. පසුව මා මගේ යතුරු පැදියෙන් ගියා. එ් දෙන්නා එයාලා ආපු යතුරු පැදියෙන් පිටුපසින් ආවා.
පසුව පොලිසියට රැුගෙන ගොස් බංකුවක වාඩි කෙරෙව්වා. ටික වේලාවකින් මාව පොලිසියට ගෙනා නිලධාරීන්ගෙන් එක් අයෙක් මාව කාමරයකට ගෙන ගියා. එම කාමරයේ රාජ් නමින් හඳුන්වන ලද පුද්ගලයාගේ බිරිඳයි දරුවයි හිටියා.
එම කාමරයේ කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙක් හිටියා. මාව කාමරයට අරගෙන ගිය නිලධාරියාද සිටියා. එහි සිටි කාන්තා නිලධාරිනියන් මාගෙන් ඇහුව්වා මේ දෙන්නව හඳුනනාවද කියා. මම කිව්වා ඔව් කියලා. කොහොමද හඳුනන්නේ කියා ඇහුව්වා. මේ ගොල්ලන්ගේ ගෙවල් තියෙන්නේ අපේ ගෙදරට ගෙවල් 3-4කට එහායින් කිව්වා. මෙයාගේ මහත්තයාවත් අඳුරනවාද ඇහුව්වා. මම කිව්වා ඔව් අඳුරනවා කියා. නැවතත් ඇහුව්වා මෙයාගේ ගෙවල් තියෙන තැන හරියට කියන්න කියා. මම කිව්වා අපේ ගෙවල් ලඟ ඉඳලා ගෙවල් 3-4කට එහා එලව`ඵ කඩයක් තියෙනවා, එ්ක ළඟයි මෙයාගේ ගෙවල් තියෙන්නේ කියා. මගෙන් ඇහුව්වා එ් එළව`ඵ කඩයට යනවාද කියා. මම කිව්වා සමහර දාට යනවා කියලා.
ඊට පසුව එම දරුවාට මාව පෙන්වලා ඇහුව්වා බාබා ඔයා මේ මාමාව අඳුරනවාද කියා. දරුවා එයාගේ අම්මාගේ ඇගේ වෙලෙමින් හිටියා, කිසිවක් කිව්වේ නැහැ. එ් විදිහට දෙතුන් පාරක් ඇහුව්වා. දරුවා මුකුත් කිව්වේ නැහැ. ඊට පස්සේ පොලිසියට එ් වෙලාවේ පැමිණ සිටි පුද්ගලයින් දෙදෙනෙකුව පොලිස් නිලධාරියෙක් එක්කගෙන ආවා. දරුවාගෙන් ඇහුව්වා මේ මාමාලා දෙන්නාව ඔයා අඳුරනවාද කියලා. දරුවා එ් වෙලාවේත් මුකුත් ප‍්‍රකාශ නොකර අම්මාගේ ඇෙඟ් වෙලෙමින් සිටියා. එ් ආකාරයට නැවතත් කිහිප සැරයක්ම ඇහුව්වා. දරුවා පිළිතුරු දුන්නේ නැත. පසුව එ් දෙන්නාව යැව්වා. ඊට පසු එ් වෙලාවේ පොලිස් කාන්තාව මාව පෙන්වලා නැවතත් දරුවාගෙන් ඇහුව්වා බබා ඔයාව ගෙනිච්චේ මේ මාමා නේද කියලා. දරුවා එ්ත් මුකත් කිව්වේ නැහැ. පසුව පොලිස් කාන්තාව මට කිව්වා දරුවාගෙන් අහන්න කියලා බබා ඔයාව ගෙනිච්චේ මමද කියලා. එ් විදිහට මම දරුවාගෙන් ඇහුව්වා. එ්ත් දරුවා මුකුත් කිව්වේ නැහැ.
ඊට පස්සේ සැරින් සැරේට කිහිප විටක්ම දරුවාගෙන් අර කාන්තා පොලිස් නිලධාරිනිය බබාව ගෙනිච්චේ මේ මාමා නේද කියා ප‍්‍රශ්ණ කලා. හතර පස් සැරයක්ම ඇහුව්වා. එහෙම අහන විට එක සැරයක් දරුවා ඔලූව වැනුවා. එතකොට මාව කාමරයට ගෙනිච්ච රාලහාමි කිව්වා අපිට උවමනා කළේ උඹව තමයි, අපි උඹට නඩුවක් දානවා කිව්වා. මම ඇහුව්වා මොකටද මට නඩු දාන්නේ මම වරදක් කරලා නැහැනේ කියා. නැත්තේ මොකෝ උඹ වරදක් කරලා තියෙනවා, මීට අවුරුදු තුන හතරකට කලින් කිව්වා. මම ඇහුව්වා මොකක්ද කියා. එතකොට රාජාගේ බිරිඳ කිව්වා මහත්තයා මෙයා අපේ මහත්තයා නැති දවසක ? අපේ ගෙදරට ඇවිල්ලා ෙදාරට තට්ටු කරලා මට කතා කලා. මහත්තයා ඔයාට ගහනවානම්, එයත් එක්ක ඉන්න බැරිනම් එන්න මාත් එකක් යන්න, ඔයාට සල්ලි දෙන්නම්, ගෙවල් ෙදාරවල් හදලා දෙන්නම් යන්න එන්න කියලා කතා කලා, මම බැහැ කිව්වා, එ් තරහා තමයි මේ ළමයාගෙන් අරගෙන තියෙන්නේ කිව්වා.
එවිට අර පොලිස් නිලධාරියා කිව්වා අපිට එ්කත් ඇති උඹට නඩු දාන්න කියා. ප‍්‍රශ්ණ කරපු කාන්තා පොලිස් නිලධාරිනිය හා පොලිස් නිලධාරියා කිව්වා උඹ දන්න දෙයක් තියෙනවානම් ඇත්ත කියලා දැන්ම කතාකරලා, බේරගනින් කිව්වා. මම කිව්වා මට කියන්න දෙයක් නැහැ, මම මේවාට සම්බන්ධයක් නැහැ, මේ ගෑණු කෙනා කියන්නේ බොරු කියා. නමුත් පොලිසිය එ්ක පිළිගත්තේ නැහැ, මට නඩු දාන බව කිව්වා. මම කිව්වා මහත්තයලා ගිහිල්ලා ගමේ අයගෙන් හා මගේ ගෙදර අයගෙන් අහන්න මම එ් වගේ වැරදි වැඩ කරන කෙනෙක්ද කියලා. එවිට පොලිසියෙන් කිව්වා අපිට එ්වයින් වැඩක් නැහැ, උඹට අපි නඩු දානවා කියලා. මාව කලින් වාඩි කරවලා තිබුනු බංකුව ලඟ තිබුනු පුටුවක් පෙන්වා වාඩි වෙලා හිටපන් කිව්වා. රාජාගේ බිරිඳටත් දරුවාටත් කිව්වා ඕගොල්ලෝ යන්න කියලා.
ඊට ටික වේලාවකට පස්සේ මගේ අම්මයි ඥතිවරුනුයි මාව බලන්න ආවා. මම අම්මලාට මේ සිද්ධිය කිව්වා. අම්මලා මාව ගෙනාපු නිලධාරියාව හම්බවෙලා ඇයි මෙහෙම කරන්නේ, මෙයා එහෙම වැරදිවැඩ කරන ළමයෙක් නෙවෙයි, ගමේ අයගෙන් අහලා බලන්න කියා කිව්වාලූ. නමුත් පොලිස් නිලධාරියා අම්මලාට කියා ඇත්තේ ළමයා කියනවා එයාව ගෙනිච්චේ මෙයා බවත්, එ්ක නිසා නඩු දාන්න සිද්ධ වෙනවා, හෙට උදේ උසාවියට ඉදිරිපත් කරනවා, එ්ක නිසා දැන් ගිහින් හෙට උසාවියට එන්න කියලා තිබුනා.
ඊට පසු අම්මලා ලොකු මහත්තයා හම්බවෙන්න කියා සිටියා. එ් වන විට දහවල් 2.00 පමණ වී තිබුනා. ඊට ටික වේලාවකට පසුව ලොකු මහත්තයා ආවා. අම්මලා ගිහින් ලොකු මහත්තයා හම්බවෙලා මේ කතාව කියලා තිබුනා. එවිට ලොකු මහත්තයා අම්මලාට බැණ තර්ජණය කරමින් ගොරකා පැණි රස කරන්නත්, පැණි රස ගොරකා කරන්නත් මට පුලූවන්, වැඩිය දඟලන්න ආවොත් උඹලටත් නඩුවක් දානවා කියා අසභ්‍ය වචනයෙන් බැණ අම්මලාව එලාවගෙන තිබුනා.
ඊට පසුව මාව කූඩුවට ගෙනගොස් දැම්මා. අම්මලා නැවතත් හැන්දෑවේ මට කෑමත් රැුගෙන පොලිසියට ආවා. එ් අවස්ථාවෙත් අම්මලා පොලිස් නිලධාරීන් සමග කතාකොට බොරුවට මට නඩුචදාන්න එපා කියා ඉල්ලා සිටියා. නමුත් ඔවුන් එය ප‍්‍රතික්ෂේප කලා. එදින එළිවෙනතුරු මා කූඩුවේ සිටියා. පසුදින උදේ නිලධාරියෙක් මාව එළියට ගෙන, මගේ පෞද්ගලික තොරතුරු අහලා පොතක මොනවද ලියා ගත්තා. මට එය කියවීමට නොදී, අත්සන් ගත්තා. තවත් මොනවද ලියා තිබූ කොළයකට මගෙන් අත්සන් ගත්තා. නැවතත් මාව කූඩුවට ගත්තා. දහවල් 12ට පමණ මාව කූඩුවෙන් එළියට ගෙන අල්විස් නැමැති නිළධාරියායි, පොලිස් කාන්තාවකුයි, රාජාගේ බිරිඳයි දරුවයි, තවත් කූඩුවේ සිටි සැකකරුවකුවයි අධිකරණයට රැුගෙන ගියා. මාව අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදී පොලිසියෙන් කිව්වා මෙයා ළමයාව ගෙනිච්ච බවට ළමයා කියන බව. එවිට මගේ නීතිඥ මහතා අධිකරණයට කරුණු දක්වා සිටියා. එහිදී මහේස්ත‍්‍රාත්වරයා පොලිසියට අවවාද කරමින්, මේ විදිහට ළමයා ඔලූව වනන පළියට මිනිස්සු රැුගෙන ඇවිත් නඩු දාන්න එපා, හරියට කරුණූ වාර්තාකරගෙන ඉදරිපත් කරන්න, මීට පෙරත් පුද්ගලයන් මේ ආකාරයට ඉදිරිපත් කර තිබෙනවා නේද කියා ප‍්‍රකාශ කලා.
පසුව මාව ඇප මත නිදහස් කලා. නැවත එම නඩුව 2013.10.08 වන දින කැඳවීමට නියමිතව ඇත.
මා ඉල්ලා සිටින්නේ, නීති විරෝධී ලෙස ව්‍යාජ චෝදනා මත මා අත්අඩංගුවට ගෙන, නඩු පවරා පීඩාවට පත් කල, මිල්ලනිය පොලිසියේ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය.’’
මෙය වධහිංසාවට පත් කිරිමකි.
ශ‍්‍රි ලංකාවේ පොලීසිය ක‍්‍රියාත්මක වෙන්නේ පැතිකඩ කිහිපයකින්. නොහැකියාව වසා ගන්න. අල්ලස් ගන්න. ගත්තු අල්ලස්වලට වන්දි ගෙවන්නට. ඉහළයින් සතුටු කරන්න. තවත් අයෙකුව පිඩාවට පත්කොට තෘප්තිමත් වන්නට.
චමින්ද සිසිර කුමාර නඩුවට පෙනී සිටියේ නිතිඥවරයෙකු මාර්ගයෙන්. ගාස්තුව රු:- 25,000/-යි. ගෙව්වේ කොටසයි. ඉතිරි කොටස ගෙවන්නට තියෙනවා. මේ පවතින තත්වය. මෙතෙක් පොලීසිය කළේ ගොරකා දඩමස් කරන එක. දඩමස් ගොරකා කරන එක.
No comments:
Post a Comment