මිරිහාන පොලිසියේ පොලිස් වධකයින් විසින් වධ දීමෙන් අනතුරුව බොරු නඩු 11ක් දමා, වධ දුන්න පොලිස් කාරයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ නෑ.
ඒ පොලිස්
වධකයින් නීතියට ඉහළින් නිසා නොව, සමහර වධකයින්ව ආරක්ෂා කිරීමට ඉහළයින් ඉදිරිපත් වන
නිසාය.
රංජිත් - නීත්‍යානුකූලව
හමුදා සේවයෙන් ඉවත් වූ හිටපු "රණවිරු" වෙකි. එයින් පසු ඔහු සිය වෘතිය
වශයෙන් තෝරාගත්ෙත් මෝටර් රථ කාර්මික ශිල්පයයි.
2010 දෙසැම්බර්
මස, මිරිහාන පොලිසියේ හදිසි ඇමතුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන දවස් 08ක් නීති
විරෝදධීව රඳවාගෙන වධ දුන්නේය.
වාර්තා වූ
පරිදි මෙසේ වධ දෙන ලද්දේ විශ්‍රාමික හමුදා නිලධාරියෙකු තෘප්තිමක් කරන්නටය.
වධ දීමට
එරෙහිව රංජිත් ශ්‍රේෂ්ධාධිකරණය ඉදිරියට ගොස්, මිරිහාන පොලිසියේ බංඩාර, භාතිය
ජයසිංහ, එගොඩහේවා ප්‍රමුඛ නිලධාරීන්ට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීය.
මිරිහාන
පොලිසිය හොරණ, මොරගහහේන, අවිස්සාවේල්ල පොලිසි හා එක්, බොරු නඩු 11ක් හොරණ හා
අවිස්සාවේලල් මහේස්ත්‍රාත් අධිකරනවල පැවරීය.
ඒ අතර, ඔහුට
මරණීය තර්ජණ එල්ල කරන්නට මිරිහානේ භාතිය ජයසිංහ ප්‍රමුඛ නිලධාරීන් පටන්
ගත්තේය. වරක් හමුදා නිලධාරීන් ද ඒ සදහා යෙදවූයේය. රැකියාව කරන්නට ඉඩ දුන්නේ නැත.
රංජත් නොසැලී
යුක්තිය ඉටු කරගන්නට ගත් මග අත්හළේ නැත. බොරු නඩු දමා, ඒ තුළින් අධිකරණය බළල් අතක්
කරගෙන රංජිත්ව පීඩාවට පත්කරන්නට උත්සාහ ගත්තේය.
පොලිසිය
උත්සාහ ගත්තේ රංජිත්ව රිමාන්ඩ් කරන්නටය. එයින් බේරීමට ඔහුට දක්ෂ නීතිඥ සහාය ලබා
ගන්නට සිදු විය. එසේ නොකලානම් පොලිසියේ පදයට නටන විනිසුරුවන් ඔහුව රිමාන්ඩ් ගත කර
දඩුවම් කරන්නට තිබූ ඉඩකඩ බොහෝය. එයින් මිදෙන්නට දරන්නට වූ වැය ඔහුට දරා ගන්නට
නොහැකි වූ බව කිවයුතු නැත. එයින්ද ඔහු පීඩාවට පත්විය.
යුක්තිය ඉටු
කරගන්නට ගත් උසාහය අවසානයක් දක්වා ගෙන යන්නට ඔහුට හැකි අධිෂ්ඨානය ඔහු සතු විය.
ඔහු ඇමති මංත්‍රී
පස්සේ ගියේ නැත. නොපෙනෙන දෙවියන් හෝ කර්මය ගැනද ඔහු විශ්වාස කළේ නැත.
ඔහු, සෑම
අවස්ථාවකම නීතිය අනුව ගතයුතු, එහෙත් බොහෝ දෙනා විශ්වාස නොකරන, ක්‍රියාමාර්ග
නොබියව නොසැලී ගත්තේය.
පස් වසරක්
අවසානයේ, බොරු නඩු එකොලහෙන්ම ඔහුගේ නිර්දෝෂී බව ඔප්පු විය.
බොරු නඩු දැමූ
හොරණ, මොරගහහේනපොලිසිවල ස්ථානාධිපතිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු
වූවත් එය කරන්නට පොලිස්පති සූදානම් නැත.
ඒ ඔවුන්ද මේ
වංක, දූෂිත පිළිවෙතට හවුල් නිසාය.
තම
අයිතිවාසිකම් කඩවීම සම්බන්දයෙන් රටේ ඉහළම අධීකරණය හමුවට ගියේ - යුක්තිය ඉටු
කරගන්නටය. ඔහු පැවරෑ මූලික අයිතිවාසිකම් නඩුවට වසර 05ක් ගතවීමට ආසන්නය.
වසරකට නඩුව
කැදවන්නේ දෙපාරකටය. මෙතෙක් සිදුව ඇත්තේ එයයි.
සාධාරණ නඩු
විභාග, බලාපොරොත්තුවක් පමණක් නොවේ. එය ප්‍රායෝගික කාර්යයික. ඒ බව සිහිපත්කරමු.
No comments:
Post a Comment