Sunday, May 10, 2015

”වින්දිතයෙකුට ” ගම්වාසීන්ගෙන් උපහාර.




පසුගිය දා පහළ දොම්පේ ගම්වාසීන්, ගමේ පන්සල මූලික කරගෙන උපහාර උත්සවයක් පවත්වනු ලැබීය. 

එ් සම්ප‍්‍රධායෙන් බැහැර වූවකි. උපහාරයට ලක් වූයේ, සුදු වෑන් රයකින් පැහැරගෙන ගොස් මහින්ද රාජපක්ෂගේ නියෝග මත දින 93 ක් කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවාගෙන වධයට භාජනය වූ තරුණයෙකුය.

මිනීමරුවෙකු බේරීම සඳහා, මෙසේ පැහැරගෙන ගිය තරුණයාව නඩුවට ආදේශ කර නොනැවතුණු පොලීසිය, ඔහුට විරුද්ධව ත‍්‍රස්තවාදී පනත යටතේ නඩු පැවරීය. එ් එල්.ටී.ටී. ය සතු බෝම්බ ළඟ තබාගත් බවට චොදනා කරමින්ය. එ් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරක්ෂක ඇමති වශයෙන් අත්සන් කර  නිකුත් කළ රැඳවුම් නියෝගය උපයෝගි කරගෙනය. 

මෙම තරුණයා දින 93 ක් පුරා වධයට ලක් කරමින් අනතුරුව, රිමාන්ඞ් බන්ධනාගාර ගත කරණු ලැබීය. එහි මාස 08 ක් ගත කිරීමට සිදු විය. අවසානයේ ඔහුට විරුද්ධව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට පොලීසියට නොහැකි වීම මත, මුදා හැරීමට අධිකරණය පියවර ගත්තේය.

රාජපක්ෂ පාලන සමයේ සිදු කළ මෙම දුර්දාන්ත කි‍්‍රයාව නිසා, ශාරීරිකව, මානසිකව, ආර්ථිකව කඩා වැටුණු මොහු නිදහස් වීමේන පසුව ජීවිතය දිනාගෙන ඉදිරියට ගෙන යෑමට පියවර ගෙන තිබේ.

ගම්වාසීන්ගෙන් උපහාරයට ලක්වු මොහු සුසන්තය. ගොවියෙකි. 2015.05.07 දින පැවති උපහාර උළලේ  ඡුායාරූප පහත දැක්වේ
























No comments:

Post a Comment