Tuesday, August 30, 2016

ග‍්‍රීස් යකාට රු: 150,000/=ක් ගෙවන්න OIC ඇතු`ඵ පොලිසියේ පහකට සිදුවෙයි.



2011 අගෝස්තු 23 වන දින රාත‍්‍රීයේ මිතුරකුගේ නිවසේ සිටියදී, සජිත් සුරංගව තෙලිකඩ පොලිසියේ නිලධාරින් අත්අඩංගුවට ගෙන වධ දී, බොරු නඩුවක් දමන ලදි.

වධ දීමට, කෲර අමානුෂික සැලකිලි හා දඩුවම් වලට පාත‍්‍ර කිරීමට එරෙහිව සජිත් සුරංග - ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරනු ලැබීය.

එම නඩුවේදී, තෙලිකඩ පොලිසියේ ස්ථානාධිපති පො.ප.නාලකට රුපියල් ලක්ෂයක්ද, එම පොලිසියේ උ.පො.ප.ප‍්‍රසාද්, සැරයන් සුනිල්, සැරයන් පාලිත හා සිවිල් ආරක්ෂකයාට රු: 50,000/=ක්ද, සජිත් සුරංගට වන්දි වශයෙන් ගෙවීමට නියම කළේය.

එයට අමතරව මෙම නිලධාරින්ට එරෙහි පරීක්ෂණ පවත්වා, නීතිපති වරයාට යොමු කරන ලෙසටද ශ්‍රේෂ්ඨාධීකරණය වැඩි දුරටත් නියම කරනු ලැබීය.

මෙම නඩුවේදී සජිත් සුරංග වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ චාමර නානායක්කාරවසම් මයාගේ උපදෙස් මත නීතිඥ ශාන්ත ජයවර්ධන මහතාය.

මානව හිමිකම් කොමිෂන් සභාව, සජිත් සුරංග ව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට යොමු කරනු ලැබීය. අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා, සජිත් සුරංගව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුට යොමු කිරීමෙන් අනතුරුව, සජිත් සුරංග ශාරීරික වධහිංසාවෙන් අනතුරුව දැඩි මානසික පීඩාවට පත්ව ඇති බවට නිගමනය විය.

මේ අතර මෙම සිද්ධිය පිළිබඳව පොලිස්පතිවරයා විසින් ප‍්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරීවරයා වෙත යොමු කර, වාර්තාවක් ගෙන්වා, සජිත් සුරංගට පහරදීමක් හෝ නින්දා අපහාස කිරීමක් වාර්තා නොවේ යන - මන්ද බුද්ධික ප‍්‍රකාශය කරන්නට තරම් නීච නිවට තත්වයට පත්ව තිබින.

වත්මන් තීන්දුවට අනුව ඉහත නිලධාරින්ට එරෙහිව පොලිස්පති පරීක්ෂණ පවත්වා, එම නඩු පැවරීමට නීතිපති වෙත යොමු කළ යුතුය.

දැනට පොලිස් ස්ථානාධිපති වරුන් සිට නියෝජ්‍ය පොලිස්පති වරුන් දක්වා විනය පරීක්ෂණ පැවැත්වීමේ වගකීම පැවරී ඇත්තේ ජාතික පොලිස් කොමිෂමටය.

එම නිසා, පොලිස් පරීක්ෂක නාලක හා ව්‍යාජ වාර්තාවක් ඉදිරිපත් කල එවක ඇලිපිටිය පොලිස් අධිකාරීට, කිසිදු සොයා බැලීමක් නොකර, තීරණ ගෙන තිබූ නීති කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරීට එරෙහිව නිසි නීතිමය පියවර ගන්නා ලෙසට ජනසංසදය ඉල්ලා සිටී.

2011 වසර පවරන ලද මෙම මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව 2016 ජූලි 22 වන දින ප‍්‍රකාශයට පත්කරන ලදි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ජේ ද ආබෲ, විනිසුරු එම්.එච්.එම්.යූ.අබේරත්න හා විනිසුරු එච්.එන්.ජේ.පෙරේරා ඉදිරියේ විභාග වු නඩුවේ තීන්දුව විනිසුරු එච්.එන්.ජේ. පෙරේරා විසින් ප‍්‍රකාශයට පත් කරන ලදි. 

සිද්ධිය පිළිබඳ සජිත් සුරංග කියන කථාව නරඹන්න

Sunday, August 21, 2016

පොලිසිය පරදවා, අධ්‍යාපනය එකට එයි - එ් අල්ලස් හා දුෂණ තරගයෙනි.



කාලයක් මු`ඵල්ලේ, මේ රටේ දුෂිත ආයතන අතර අංක එක හිමි කරගෙන තිබුනේ පොලිසියයි. මේ වසරේ, අංක එක දුෂිත ආයතනය බවට අධ්‍යාපනය පත්ව ඇත. පොලිසියට හිමිව ඇත්තේ දෙවන තැනය.

ශ‍්‍රී ලංකාව දුෂිත රජ්‍යයකි. නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ඇති රටකි. නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට තිබෙන අධිකරණ, පොලිසිය, නීතිපති ඇතුලූ, යුක්තිය පසඳලීම අදාල සියලූ ආයතන හා එ්වාට සෘජුව සම්බන්ධ පුද්ගලයින් වැඩි දෙනා දුෂිතයින් බව හෝ දුෂණ ඉදිරියේ මුණිවත රකින අයවීම මෙයට හේතුවයි.

මෙම ආයතන වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයින්, පූජකයින් මෙන්ම දේශපාලකයින් ගේ තර්කය වන්නේ, සමාජයේ සෑම අංශයක්ම දුෂ්කර නිසා, පොලිසිය පමණක් දුෂිත ලෙසට නම් කිරීම වැරදි බවයි.

 ඕනෑම සමාජයක දුෂිතයින් සිටිති. හොරුන්, වංචාකාරයින්, අපරාධකාරයින් සිටිති. ධර්ම දේශණවලින් පමණක් සමාජයන් සුචරිත වන්නේ නැත. නීතිය අවශ්‍ය වේ. නීතිය බලාත්මක කරන ආයතන අවශ්‍ය වේ. එම ආයතනවල වගකීම නීතිය ක‍්‍රියාත්මක කිරීමය. නීතිය ක‍්‍රියාත්මක කිරීම තුල පමණි, සමාජයේ සමතුලිත බව ආරක්ෂා වන්නේ.

නීතිය, සෑම විටම ඉහළින් පිහිටිය යුතුයි. නීතිය, ආරක්ෂා කිරීම සඳහා වන ආයතන විසින් නීතියට අනුකූලව ක‍්‍රියාත්මක කළ යුතුයි.

පුහු තර්ක වලින් බැහැර, පොලිසිය ප‍්‍රමුඛ නීතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා වන ආයතන දුෂණයෙන් තොර කිරීමට පියවර ගත යුතුයි.

පොලිස් දුෂණ මින්පසු ඉවසන්නේ නෑ - ජාතික පොලිස් කොමිෂන් සභාව


ශ‍්‍රී ලංකා පොලිසියේ මුල් බැස ගෙන තිබෙන අල්ලෂ හා දුෂණ පිටු දැකීම සඳහා - දැඩි ක‍්‍රියාමාර්ග ගැනීමට, ජාතික පොලිස් කොමිෂන් සභාව හා අල්ලස් හා දුෂණ පිටු දැකීමේ කොමිෂන් සභාව එ්කාබද්ධව වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමට, පියවර ගෙන තිබේ.

මේ සඳහා නව තාක්ෂණය යොදා ගැනීමටද, සිවිල් සමාජ සංවිධානවල සහය ලබා ගැනීමටද අපේක්ෂා කරයි. 

මේ දක්වාම, කිසිම රජයක් පොලිස් දුෂණ පිළිගැනීමට සූදානම් වූයේ නැත. 

ජාතික පොලිස් කොමිෂම් සභාව, පොලිස් දුෂණ තුරන් කිරීමට උපරිම පියවර ගන්නා බවත්, එ් සඳහා නව තාක්ෂණය හඳුන්වා දීමටත්, අල්ලස් හා දුෂණ කොමිෂන් සභාව හා එ්කාබද්ධ වීමට තීරණය කර තිබේ.

පොලිස් නිලධාරීන් අල්ලස් ගන්නේ, දුෂණයේ යෙදෙන්නේ, ඔවුන්ගේ වැටුප් මදි බවට, ඊනියා බුද්ධිමතුන්, දේශපාලකයින්, පූජකයින් දරන මතය තරයේ ප‍්‍රතික්ෂේප කරන ජාතික පොලිස් කොමිෂන් සභාව, මේ රටේ ජනගහනයෙන් සියයට 80ක්ම දුප්පතුන් බවත්, එසේ නම් ඔවුන් සියලූ දෙනාම සොරකම් කළ යුතු බවත් පෙන්වා දෙයි. එමෙන්ම එ් සොරකම් කිරීම්, සාධාරණීය කළ යුතුව ඇත.

පොලිස් දෙපාර්ථමේන්තුවේ පවතින නීතිරීති ක‍්‍රියාවට නැංවීමට පියවර ගැනීම හා පොලිස් නිලධාරීන් ගරුත්වයක් ඇති පිරිසක් බවට පත් කිරීමද පොලිස් කොමිෂන් සභාවේ අරමුණ වී තිබේ.

මෙම කරුණු ඉදිරිපත්වූයේ පසුගියදා අල්ලස් හා දුෂණ කොමිෂන් සභාව සමග පොලිස් දුෂණ පිටු දැකීමේ වැඩසටහනේදීය. මෙම වැඩසටහනට - නීතිය හා සාමය අමාත්‍යංශය හා සිවිල් සංවිධාන කිහිපයක් එක්ව තිබිණ.

Monday, August 15, 2016

මිනිස්සු වටවෙලා කළ තර්ජනයට බයේ උ.පො.ප. රණවීර ගහන එක නැවැත්තුවා ............


ජයන්න ප්‍රනාන්දු 

පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ, පවත්වාගෙනයන දුෂණමර්ධන අංශයට අනුයුක්ත  උප පොලිස් පරීක්ෂක රණවීර මහ පාරේ, ‘‘මම පොලීසියේ කියමින්’’, තිත්ත කුණු හරප කියමින්, හෙල්මට් එකෙන් අතින් පහර දෙනු දුටු අවට සිටි ජනයා පොලීසියේ වුණත් තමුසෙට මිනිස්සුන්ට ගහන්න බෑ යයි තර්ජනය කළ විට පහර දීම නැවැත් වූ බව පහර කෑමට ලක් වූ ජයන්ත ප‍්‍රනාන්දු කියා සිටී. 

සම්පූර්ණ සිද්ධිය ඇතුළත් කර ඔහු විසින් මානව හිමිකම් කොමිෂම, පොලස්පති, ජාතික පොලිස් කොමිෂම, වෙත කරන ලද පැමිණිල්ල පහත දක්වමු.


‘  2016.08.13 වන දින දීය.

2016. 08.10 වන දින, දහවල් 11.00 ට පමණ, පානදුර, හොරණ පාරේ, සචිත‍්‍ර රෝහල ආසන්නයේ, පානදුර දෙසට මා පදවාගෙන යන ලද ත‍්‍රී රෝද රථයේ (SQ288) වම් පසින් පැමිණ ඉස්සර කරන ලද යතුරුපැදියක් ගෑවෙන ලදි. 


එම යතුරුපැදියේ යතුරුපැදිකරු බැස, උඹ දැනගනින් මම පොලීසියේ, තෝ බල්ලා, කැරියා, ආදී වචන කියමින් මට  ඕනෑම දෙයක් කරන්න පු`ඵවන් කියමින්, හෙල්මට් එකෙන් හා අතින් පහර දුන්නා. ඔහු මට පහරවල් එල්ල කළේ මුහුණට හා ඔලූවට. එම පහරවල්වලින් මට කලන්තය හැදුනා. 



එතනට පැමිණි පොලිස් නිලධාරීන් මාව, මාගේ තී‍්‍රරෝද රථයේ නංවා, එ් අවස්ථාවේ මා සමග සිටි සහෝදරිය ද සමග පානදුර මූලික රෝහලට ගෙන ආවා. එහිදී මා රෝහල්ගත කළා.



මා අංක 01 වාට්ටුවේ නේවාසිකව සිටින විට පානදුර දකුණ ොපලීසියෙන් පැමිණ, මගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගත්තා. මාව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පරීක්ෂා කළා. මාගේ වම් කණට හානි සිදුව ඇති බව ප‍්‍රකාශ කර, සායනයට පැමිණෙන ලෙසට ද දැණුම් දී තිබෙනවා.



මා රෝහල්ගතව පැය 1/2 ක් ගතවන විට, මට පහර දුන් පොලිස් නිලධාරියාද පැමිණ, මා සිටි වාට්ටුවටම ඇතු`ඵ වුණා. මා දැනගත්තා ඔහු, පානදුර දුෂණ මර්ධන අංශයේ උ.පො.ප. සුරංග රණවීර බව. දින තුනක් රෝහල්ගතව සිටියා. මාගේ ත‍්‍රී රෝද රථය මේ දක්වාම පානදුර දකුණ පොලිස් භාරයේ රඳවාගෙන තිබෙනවා.’’

ඔහු  ඉල්ලා සිටින්නේ, පහරදී, තුවාල සිදු කළ, පානදුර දුෂණ  මර්ධන අංශයේ උ.පො.ප. සුරංග රණවීර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර යුක්තිය ඉටුකරන ලෙසටත්, මොහුට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙසටත්, මෙම ක‍්‍රියාව මගින් මූලික අයිතීන් උල්ලංඝණය කිරීමක් බව ප‍්‍රකාශ කරන ලෙසත් ය.

පොලිස් ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන්, වධදීම්, බොරු නඩුදැමිම් ඇතුලූ දුෂණ අවම කිරීමට යහපාලනයට අසමත්ව තිබේ. ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට රාජ්‍යය වධහිංසාව, ප‍්‍රචන්ඩ ක‍්‍රියා දුෂණ අවම කළයුතුය. එ් සඳහා යහපාලනය ස්ථාපිත කළ සියලූ ආයතන අසමත් බවට තවත් එක් නිදසුනක් පමණි මේ.  

Sunday, August 14, 2016

පැමිණිලිකරුවන් ව බල්ලෝ බළල්ලූ ගානට සලකන්නේ අප මනුෂ්‍යයින් නොවන නිසාද?


 තමාට කුණුහරුප කියමින් නිවසට කඩා වැදී, දේපළ හානි කරන ලද බේබද්දෙකුට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක නොකිරීමට හේතුව තමන් ඉන්දීය සම්භවයකින් පැවත එන රටවැසියකු නිසාද යන ප‍්‍රශ්නය අසා සිටීන්නේ රේවදී මහත්මියයි.

මෙම ප‍්‍රශ්ණය ඇසීමට මුලික වු සිද්ධිය පිළිබඳව පොලිස්පතිට, මානව හිමිකම් කොමිෂමට, ජාතික පොලිස් කොමිෂන් සභාවට කර තිබෙන ලිඛිත පැමිණිල්ලේ මේසේ සඳහන් වේ.

‘‘ 2016.07.30 දින දහවල් 10.30 ට පමණ පැතුම් මධුසංඛ නැමති අය, හොඳටම බීලා අප නිවසට පැමිණ, ඇස් පෙනීම හා කන් ඇසීම ඉතා දුර්වල අවු: 71 ක් වන මාගේ බාල අයියාගෙන් වීදුරුවක් ඉල්ලා තිබෙනවා. ඔහුට එය තේරී නැහැ. එ් අවස්ථාවේ ඔහු, බාල අයියාට බැන වදිනවා ඇසී, මා එළියට ආ විට, මගෙන් වීදුරුවක් ඉල්ලා සිටියා. හොඳටම බීලා හිටිය මොහුට වීදුරු දෙන්න බෑ කියා මා ගේ තුළට ගියා. එවිට මොහු ‘‘දෙමළ හුත්ති, පට්ට වේසි, එළියට වරෙන්’’ කියමින් බැන වදිමින් ‘‘තොපිව අපි මෙහෙන් එළවනවා’’ කියමින් ඉස්තෝප්පුවට ඇවිත් එහි තිබූ පුටු දෙක කඩා දැමුවා.

මම 119 ට කථා කර දැණුම් දුන්නා. 119 නිලධාරීන් දෙදෙනෙකු යතුරුපැදියකින් ආවා. එම නිලධාරීන් එන විට, අප නිවසට මද දුරකින් පිහිටා තිබෙන ඇල අයිනේ මත්පැන් බොමින් පිරිසක් හිටියා. එතැන පස් දෙනෙක් විතර හිටියා. පොලිස් නිලධාරීන් එතනට ගිහිල්ලා පැතුම් මධුසංඛව පාරට අඬගහගෙන ආවා. මම ඔහුව අඳුරගත්තා. පොලිස් නිලධාරීන් ඔහුට බැන වැදී තුණ්ඩුවක් දීලා හෙට පොලීසියට එන්න කිව්වා. මටත් එන්න කිව්වා. පොලිස් නිලධාරීන් දෙන්නා ගිය පසු, පැතුම් මධුසංඛ, ගේ ඉදිරිපිටට ඇවිත් නැවත වරක් පෙර පරිදි කුණුහරප කියමින්, ‘‘මම පොලීසියට යන්නේ නෑ, යන්නේ තොට ඇසිඞ් ගහලා,’’ කියා කිව්වා. එවිට වේලාව සවස 6.00 ට පමණ ඇති. සවස 6.30 ට පමණ, මම තාත්තා පරමේස්වරම් සමග මතුගම පොලීසියට ගොස් පැමිණිලි කළා. (පැමිණිලි අංකය: CIB 01 – 62/382).

දවස් 4 කට පමණ පසුව පොලිස් කොස්තාපල් ධම්මික යන අය පැමිණ ප‍්‍රකාශයක් ගත්තා. 2016.08.12 උදේ 10.00 ට එන්න කිව්වා. මම ගියා. නමුත් පැතුම් මධුසංඛ පැමිණ සිටියේ නැහැ. ගන්නා පියවර කුමක්ද කියා කිව්වෙත් නැහැ. මේවන තුරුත්  ඔහුව අත්අඩංගුවට ගෙන නෑ.’’

ඇය මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස්පති  හා  ජාතික පොලිස් කොමිෂන් සභාවෙන්  ඉල්ලා සිටින්නේ, අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් වැලකී සිටින මතුගම පොලීසියේ පොලිස් ස්ථානාධිපති ඇතුලූ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට හා ආරක්ෂාව සලසා දෙන ලෙසටත්ය.

සැ.යු.

සිරිකඳුර වත්ත අසලින් ගලා බසින නාගහවල ඇල මේ වන විට, දේශීය සංචාරකයන් විසින් දිය නෑමට හා විනෝදවීමට යොදා ගන්නා ජනප‍්‍රිය ස්ථානයකි. එ් අතර ප‍්‍රදේශයේ පිරිසක් මත් පානය සඳහාසඳහා ද උපයෝගී කර ගනී. මෙම පිරිස උදේ 10.00 ට පමණ පැමිණ, පිටත් වන්නේ රාත‍්‍රී 7.00 ට පමණය. අවට පරිසරය දුෂණය කරති. මේ වන විට පරිසරය අපවිත‍්‍රව, අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇති බව ප‍්‍රදේශ වාසින් පවසතී.


මානව හිමිකම් කොමිෂමේ තාමත් ඉන්නේ නම් නැති නිලධාරීන් ..................




මානව හිමිකම් කොමිෂන් සභාව තුළ කාලයක් මු`ඵල්ලේ පවත්වාගෙන ආ දුෂණ අක‍්‍රමිකතාවලට කඩතුරාවක් කර ගත්තේ එහි නිලධාරීන් සිය අනන්‍යතාවය මහජනතාවගෙන් වසන් කර ගැනීමෙන්ය. ගරුත්වයක් නොමැති කොමිෂමේ නිලධාරීන්ගෙන් මහජනතාවගේ මානම හිමිකම් ආරක්ෂා වන්නේ කෙසේද?

යහපාලනයෙන් පත්වූ සභාපතිනිය ඇතුලූ කොමසාරිස්වරුන්ට මෙම දුෂිත පිළිවෙත් නිවැරදි කරන්නට තවමත් බැරිවී ඇත. පාද යාත‍්‍රා පැවැත්වූවාට වධ දීම නවත්වන්නට පොලීසිය සූදානම් නැත.

2016.08.03 වන දින තම සැමියාව බණ්ඩාරගම පොලීසිය නීති විරෝධීව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම පිළිබඳව මානව හිමිකම් කොමිෂමේ හදිසි ඇමතුම් අංකයට අමතා දැණුම් දුන් විට, ඇමතුම ලබාගත් නිලධාරිණිය තම අනන්‍යතාවය හෙළි කළේ නැත. එ් නිසා, පැමිණිලිකාරියට ඇගේ අනන්‍යතාවය තහවුරු කර ගන්නට නම පවසන ලෙස ඉල්ලා සිටියේය. එවිට ඇගේ පිළිතුර වූයේ, ‘නම අවශ්‍ය නැහැකියා අනන්‍යතාවය හෙළි කිරීම ප‍්‍රතික්ෂේප කිරීමයි.

මීට පෙර අවස්ථාවක පස්සර සිට පැමිණිල්ලක් කිරීමට පැමිණි, පුද්ගලයකුගේ පැමිණිල්ල බාර ගැනීම ප‍්‍රතික්ෂේප කළ ඬේ ඔෆිසර්ඔහුට බදුල්ල ප‍්‍රාදේශීය කාර්යාලයට යන්න යයි කියා තිබිණ. එදිනම එම පුද්ගලයා, දැනට කොමිෂමෙන් ඉවත්ව සිටින විමර්ශන නිලධාරියකු තවමත් කොමිෂමේ සේවය කරන බව අඟවමින් මුදල් ලබා ගැනීම පිළිබඳව විස්තර අඩංගු පැමිණිල්ලක් සභාපතිනිය අතට පත් කිරීමට උත්සාහ ගත් විට එ් සඳහා ඉඩ ලබා දීම ප‍්‍රතික්ෂේප කර ඇත්තේ අදාල හිටපු නිලධාරියාගේ බිරිඳය.

ඇය එම පුද්ගලයාට කියා ඇත්තේ සභාපතිනියගේ උපදේස අනුව ඉඩ දීමට නොහැකි බවය.

මූලික අයිතිවාසිකම් උල්ලංඝණයන් වළක්වාලීමට, අවම කිරීමට සහ ලක්වූවන්ට සහන සැලසීම එකම අරමුණ ඇතිව පිහිටුවා තිබෙන මානව හිමිකම් කොමිෂන් සභාව ම එම පුද්ගලයන්ගේ අයිතීන් උල්ලංඝණය කිරීම වැටත් නියරත් ගොයම කා දමයි නම් කුමක් කරන්නද යයිකියමින් උඩ බලාගෙන සිටීම ගරුත්වයක් ඇති රටවැසියන්ගේ කාර්යය විය යුතු නැත.


Friday, August 12, 2016

රුවන්තිලකා ව ළඟ තියාගෙන උ.පො.ප. ඉරාන්, බර්නිට වධ දෙයි.


රුවන්තිලකා බෙන්තොට ප‍්‍රාදේශීය සභාවේ සහකාර කළමනාකාරීවරියකි. දුම්රියෙන් බැස කාර්යාලයට එන අතර යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් ඇයට, ගොම, ක`ඵ තෙල් මිශ‍්‍රනයකින් පහර දී පලායන ලදි.

මෙම ප‍්‍රහාරයට සැකකරුවන් වශයෙන් නම් කර තිබුණේ, බෙන්තොට ප‍්‍රාදේශීය සභාවේ කාර්මික නිලධාරී, බැකෝ යන්ත‍්‍ර කි‍්‍රයාකරු, සහයක ඇතුලූ සේවක පිරිසකි.

බැකෝ ක‍්‍රියාකරු බර්නි පවසන ආකාරයට තමා බෙන්තොට පොලීසිය සමග ඇයි හොඳයිකම් දක්වනු ලැබූවෙකි.

එම නිසා, පොලීසියට එන්න කිව්ව විට, ඔහු පොලීසියට ගියේය. 2016.05.06 වන දින දීය. පොලීසියේදී බර්නිව පිළිගත්තේ උප පොලිස් පරීක්ෂක ඉරාන්ය.

ඔහු බර්නිව ඇතුලූ කාමරයකට කැඳවාගෙන ගියේය. එම කාමරයේ, ගොම, ක`ඵ තෙල් ප‍්‍රහාරයට ලක් වූ රුවන්තිලකා ද විය. ෙපාලීසිෙය් සිද්ධ ෙවච්ච ෙද්  බර්නිගේ වදනින් .....................

‘‘ 2016.05.04 වන දින, මා සුපුරුදු පරිදි රාජකාරියට යන ලදි. උදේ රාජකාරියට වාර්තා කිරීමෙන් පසුව, අප ආයතනයේ වැඩ කරන රුවන්තිලකා නැමැති නිලධාරිණියට රාජකාරියට එනවිට, ගොම වලින් ගහලා කියලා කාර්යාලයේ අයගෙන් දැනගන්න ලැබුනා. එ් අනුව, කාර්යාලයේ සියලූ දෙනාම එම ස්ථානයට ගියා. අපගේ ලේකම් තුමියද ගොස් තිබුනා. එහිදී නැවතත් ඇය අපට රාජකාරිය සඳහා කාර්යාලයට යන ලෙස දැනුම් දුන්නා. එ් අනුව සුපුරුදු ලෙස රාජකාරියේ යෙදී ගෙදර පැමිණියා. ..........2016.05.05 දින හා 06 වන දිනද, මා සුපුරුදු පරිදි රාජකාරියට ගියා..... 
....... මාගේ මල්ලී කෝල් කර දැනුම් දුන්නා පොලිසියෙන් ගෙදරට ඇවිල්ලා බර්නි බයිසිකලයක දෙන්නෙක් හප්පලා තියෙනවා කියලා මාව සොයනවා කියා..... හිටපු සභාපති වරයාට මේ ගැන දුරකතනයෙන් දැනුම් දුන්නා. ඔහු පොලිසියට ගිහිල්ලා මට කෝල් එකක් දුන්නා අවුලක් නැහැ එන්න, රුවන්තිලකා මිස් ගේ ප‍්‍රශ්ණයටයි එන්න කියලා තියෙන්නේ කියා............ එ් අනුව මමත් මල්ලීත් නංගීත් රාත‍්‍රී 9.30 -10.00 පමණ බෙන්තර පොලිසියට ගියා. සභාපති තුමාද පොලිසියේ හිටියා. සිවිල් ඇඳගත්ත නිලධාරියෙක් මගෙන් ඇහුව්වා තමුසේ මේක කරපු බවට ඔක්කොම අපිට තොරතුරු තියෙනවා උඹයි ටී. ඕ.මහත්තයයි තමයි මේක කරලා තියෙන්නේ කියා. මා කිව්වා මා කිසි සම්බන්ධයක් නැහැ, ඇයි මාව සැකකරන්නේ කියා. එවිට එම නිලධාරියා කිව්වා අපිට ඔක්කොම තොරතුරු ලැබිලා තියෙන්නේ, උඹට නැහැ කියන්න දෙයක් නැහැ, සාක්කුවේ තියෙන දේවල් ගනින් කියලා කිව්වා. මම පර්ස් එකයි ෆොන් එකයි සාක්කුවෙන් එළියට  ගත්තා. මල්ලිට දෙන්න හදනකොට ෆෝන් එක මෙහෙට දීපන් කියා එම නිලධාරියා අරගෙන මාව කාමරයකට අරගෙන ගියා. එතන රුවන්තිලකා මිසුත් ඇවිත් හිටියා. එම නිලධාරියා මගේ මුහුණට පාරවල් 10ක් 11ක් විතර ගහගෙන ගහගෙන ගියා ඇත්ත කියපන් නැත්තම් උඹට මැරෙනකම්ම ගහනවා කියා, එවිට මම වැරැුද්දක් කරලා නැහැ මනුස්ස කමටයි කතා කලාම පොලිසියට ආවේ කියා, කිව්වා. එවිට උඹ ඇත්ත කිව්වේ නැත්තම් උඹට මම මනුස්සකම උගන්වන්නම් කියා ඔහු දිගටම මට පහර දුන්නා. පසුව ඔහු පොල්ලක් අරගෙන මගේ උරහිස්, දණිස් වලට එම පොල්ලෙන් පහර දුන්නා. පසුව එම නිලධාරියා මූ මුකුත් කියන්නෙම නැහැ, අරුන් දෙන්නාව අරගෙන එන්න කියා නිලධාරියෙකුට කිව්වා, නිලධාරියෙක් තවත් පුද්ගලයින් දෙන්නෙක්ව ගෙනාවා එම කාමරයට. ඔවුන්ව බිම වාඩි කරවලා මට පහර දුන් නිලධාරියා හා තවත් නිලධාරීන් පොල්ලකින් ඔවුන්ගේ යටිපතුල් වලට පහර දුන්නා. ඔවුන්ගේ කකුල් උඩ නැගලා දණිස් පාගගෙන හිටියා. උඹලා දැන් කියපල්ලා උඹලා දැන් කිව්වේ මූ නේද මිනිහා යනුවෙන් පවසමින් පහර දුන්නා. නමුත් එම පුද්ගලයින් අපි දන්නේ නැහැ, අපි මෙයාව අඳුරන්නෙත් නැහැ, අදයි දැක්කේ යනුවෙන් ප‍්‍රකාශ කලා. එවිට ඔවුන්ට නැවත නැවතත් පහර දෙමින් උඹලා මේ නඩුව බාර ගනිල්ලා යනුවෙන් තර්ජණය කලා. එසේ පහර දී ඔවුන්ව නැවතත් අරගෙන ගියා. ඉන්පසු නැවතත් මට කුණුහරපයෙන් බණිමින් මට කලින් පහර දුන් නිලධාරියාම නැවතත් මට පහර දුන්නා. වැඩි පුරම මගේ දණිස් වලට උරහිස් වලට පහර දුන්නා. මම දිගින් දිගටම මම වැරැුද්දක් කරලා නැහැ, අනෙක් සැකකාරයින්ව දන්නෙත් නැති බව ප‍්‍රකාශ කලා. ඉන් පසු මාව කූඩුවට ගෙනත් දැම්මා. කූඩුව ඉස්සරහා තිබුනු මේසය උඩ මට පහර දුන් නිලධාරියා වාඩි වෙලා උඹ ඇත්ත කියපන්, උඹලාගේ අනිත් එකාවත් අපි ගන්නවා, උඹ බලාගනින් ඇත්ත නොකිව්වොත් මම උඹට කරන දේ කියා මට තර්ජණ්‍ය කරමින් ටික වෙලාවක් සිට හෙට උදේ මම නැවතත් එනවා, උඹ දැනගනින් උඹට බෙන්තර පාරට බහින්න දෙන්නේ නැහැ, නැවත්ත රජයේ රැුකියාවක් කරන්න දෙන්නේ නැහැ, උඹවයි ටී. ඕ වයි, ලයිට් වැඩ හදන ඉලෙක්ටී‍්‍රෂියන්වයි මම මේ නඩුවට දානවා, කියා තර්ජණය කර, නැවතත් මම උදේ එනවා කියා ඔහු යන්න ගියා. ඊට පසු දින උදේ අනෙක් සැකකරුවන් දෙදෙනාව කූඩුවෙන් එළියට අරගෙන ප‍්‍රකාශයක් ගත්තා. ඉන්පසුව මාවත් ඔවුන් දෙදෙනාවත් ජීප් එකේ දාගෙන මහේස්ත‍්‍රාත්වරයාගේ නිවසට රැුගෙන ගොස් රිමාන්ඞ් බාරයට පත් කලා. මා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා මට පොලිසියෙන් පහර දුන් බවත්, මෙම සිද්ධියට මා කිසිම සම්බන්ධයක් නොමැති බවත් අධිකරණයට ප‍්‍රකාශ කලා. එම ව්‍යාජ නඩුවේ අංකය 89835 වන අතර, චෝදනාව - බෙන්තර ප‍්‍රාදේශීය සභාවේ සේවය කරන නිලධාරිණීයකට ගොම දියකර පහර දීම වේ.

බන්ධණාගාරයට ගිය පසු බන්ධනාගාර නිලධාරීන්ට මට පහර දීම සම්බන්ධව මා ප‍්‍රකාශයක් දුන්නා. ඉන්පසු මට බන්ධණාගාරයෙන් තැලූම් තුවාල වල ගෑමට බාම් එකක් හා පෙනඩෝල් ආදිය බෙහෙත් ලබා දුන්නා. 2016.05.17 දින දක්වා මා බන්ධණාගාර ගතව සිටියා. 17 වන දින මට ඇප ලබා දුන්නා. 

පොලිසියෙන් මාගේ ෆෝන් එක් ලබාගත් බවත්, නමුත් එය නැවත මට ලබා නොදුන් බවත්, එය අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවත්, අධිකරණයෙන් එය මට ලබා දෙන ලෙස පොලිසියට දැනුම් දුන් බවත්, මා ෆොන් එක ඉල්ලා සිටි විට ඉරාන් නැමැති නිලධාරියා පු`ඵවන් විදිහට ෆෝන් එක ගනිල්ලා, ආයිත් මේ පැත්ත පළාතකට ඉල්ලන්න එන්න එපා යයි තර්ජණය කලා.’’ 

මේ වාර්තාවෙන්නේ, පොලිස් ත‍්‍රස්තවාදී කි‍්‍රයාවලින් අල්පයකි.

වධහිංසාවට පාත‍්‍ර වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය, ජනාධිපති සිරිසේන පෙරටුකොටගෙන මානව හිමිකම් කොමිෂමේ සභාපතිනිය ආචාර්ය දීපිකා උඩගම මිය, කොළඹ පාසල් සිසුන් දක්කාගෙන මාධ්‍ය සංදර්ශනයක් පවත්වා වධහිංසාව, විශේෂයෙන් පොලිස් වධහිංසාවට විරෝධය පළ කළේය.
ජනාධිපති සිරිසේන, ආචාර්ය දීපිකා උඩගම ඇතුලූ කොමසාරිස්වරු, පොලිස් වධහිංසාව නවත්වන්නට, කරන්න  ඕන කරන දේ නොකර මාධ්‍ය සංදර්ශන පවත්වා ජාත්‍යන්තර ලකුණු දාගත්තාට, රටේ ජනතාව ගොනාට ඇන්දවීමට නොහැකි බව ප‍්‍රකාශ කරන්නේ වගකීමෙන්ය.- ජනසංසදය  -



Sunday, August 7, 2016

අවු:16යි මාසයයි, තරුණියව දුෂණය කළ කොස්තාපල් ව බේරා ගන්න OIC දෙවන වරටත්, ASP තෙවන වරටත් ඇයව දුෂණය කරයි.


පාසලින් එළියට විසි වු ඈ ගාර්මන්ට් රක්ෂාවට ගියේ වයස අවුරුදු 15දීය. බණ්ඩාරගම වට රවුමේ සේවය කරමින් සිටි, චින්තක නැමැති කොස්තාපල් ඇයව ගොදුරු කර ගත්තේය. මව් පිය ආදරය, රැුකවරණය අහිමි ව සිටි ඇයට කොස්තාපල් චින්තක දෙවියෙක් විය. කොස්තාපල් චින්තක ඇයව ගැලනිගම ‘හසිත ගෙස්ට්හවුස්’ වෙත රැුගෙන ගියේ විවාහ පොරොන්දු දෙමින්ය.

එහිදි විවාහ පොරොන්දු දෙමින් රවටා ඇයව දුෂණය කළේය. ටික දවසකින් කොස්තාපල් චින්තක ඇයව මග හරින්නට පටන් ගන්නා ලදි. ඇය අසරණ වු බව වටහා ගන්නා ලදි. සිද්ධිය පිළිබඳව ඇය පොලිස්පති, පොලිස් ළමා හා කාන්තා කාර්යංශය, නීතිපති හා මානව හිමිකම් කොමිෂන් සභාවට කරන ලද ලිඛිතව කරන ලද පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.  

‘‘එයින් පසුව, ඔහු මාව මග හරින්න පටන් ගත්තා. නමුත් මම ඔහුට දිගින් දිගටම දුරකථනයෙන් කතා කලා. මට මේ ගැන කියන්න කිසිවෙක් සිටියේ නැහැ. මම මෙම විස්තරය මාගේ යෙහෙළියක් වූ සඳමාලි අක්කාට කිව්වා. ඇය ඇගේ සැමියා මධුසංඛට එ් බව කියා තිබුනා. මධුසංඛ යන අයගේ පියා පොලිසියේ නිසා, එයාට මේ ගැන කෙලින්ම කියන්න බෑ කියා. මධුසංඛ යන අය මාගේ දුරකථන අංකය චතුරංග යන අයට දීලා තිබුනා. චතුරංග මා සමග දුරකථනයෙන් කතා කරලා, මට කිව්වා, පැමිණිල්ලක් දාන්න පානදුර යුනිට් එකට ( පානදුර පොලිස් අධිකාරිකාර්යාල ගොඩ නැගිල්ලේ පවත්වාගෙන යන ) එක්කගෙන යන්නම් කියා.’’ 
නමුත් මම එකඟ වුනේ නැහැ. මම මේ ගැන චින්තකට දුරකථනයෙන් දැනුම් දුන්නා. චින්තක මට කිව්වා - චතුරංග කුඩුකාරයෙක් කියා. ඊට පස්සේ දවසක චින්තක මට කිව්වා පොලිසිය ලඟට එන්න කියා. එ් එන්න කිව්වේ සවස 5.30 පමණ. පොලිසිය තුලදී චින්තක මට කිව්වා මම ඔයාව බඳිනවා, මට ජොබ් එක නැතිවෙයි කියලා බයයි, එ් නිසා මම කියන විදිහට චතුරංගට විරුද්ධව පැමිණිල්ලක් දාන්න කියා. මාව චින්තක බණ්ඩාරගම පොලිසියේ ඇතුලූ වන තැනම, දකුණු අත පැත්තේ කාමරයක සිටි නිල ඇඳුම් ඇඳගෙන හිටිය නිලධාරී වෙත ගෙන ගියා. චින්තක ඔහුට සර් මේ නංගිව තමයි චතුරංග ත‍්‍රී විල් එකක දාගෙන ගියේ කියා පැවසුවා. එ් නිලධාරියා මගෙන් ඇහුව්වා, චින්තක එක්ක යාලූවෙලා හිටියද කියලා. මම ඔව් කිව්වා. එවිට එම නිලධාරියා මට, දැන් ගිහිල්ලා චින්තක කිව්ව විදිහට පැමිණිල්ල දාන්න, හැබැයි චින්තක එක්ක යාලූ වෙලා හිටිය බව කියන්න එපා කියා කිව්වා.  ඊට පස්සේ, චින්තක මාව කාන්තා හා ළමා අංශයට ගෙන ගියා. නමුත් කිසිවෙක් හිටියෙ නැති නිසා, පසුවදා උදේ 10 ට එන්න කිව්වා. පසුදා, චින්තක මට කිව්වා පොලිසිය ලඟට එන්න කියා. පොලිසිය ලඟදී මාව චින්තක කාන්තා හා ළමා අංශයට ගෙන ගියා. යන අතර, චින්තක මට කිව්වා, මාව ගෙනියන්නේ මැණිකේ මිස් ලඟට කියා. මැනිකේ නිලධාරිණියට, චින්තක කිව්වා මේ විදිහට පැමිණිල්ල ලියන්න කියා. මගෙන් මැණිකේ නිලධාරිණිය නම, ලිපිනය විස්තර අසා, චින්තක කිව්ව විදිහට පැමිණිල්ල ලියා මගෙන් අත්සන් ගත්තා. ඊට පස්සේ චින්තක මගේ කෝල් වලට උත්තර දෙන එක මග ඇරියා. 

පසුව මම තීන්දුවක් ගත්තා චින්තක මට බොරු කරනා බවට. මම චතුරංගට දුරකථනයෙන් කතා කරලා කිව්වා, චින්තක ගේ  ඕනෑකමට බොරු පැමිණිල්ලක් දාපු බව. ඊට පසුව චතුරංග මාව, පානදුර පොලිස් අධිකාරී කාර්යාලයට, ඔහුගේ ත‍්‍රී රෝද රථයෙන් ගෙන ගියා. එ් 2016 ජූලි 28 දින. 
එදින චතුරංග මාව, ”යුනිට්” එකේ  පද්මලාල් නැමැති නිලධාරියා වෙත ගෙන ගියා. එම නිලධාරියා මාව රේණුකා නැමැති නිලධාරිණිය ලඟට ගෙන ගියා. ඇය මගෙන් විස්තර අසා, ප‍්‍රකාශයක් ලියා ගත්තා. ඊට පස්සේ මාව ස.පො.අධිකාරී 2 විජේගුණවර්ධන නිලධාරියා වෙත ඉදිරිපත් කලා. ඔහු මට කිව්වා චින්තකව හෙට (29 දින) උදේ 10.00 ට ගෙන්වනවා, මට එ් වෙලාවට එන්න කියා. එ් අනුව මා 29 දින ගියා. එදින චින්තක පැමිණියේ නැහැ. 

පසුව මට නැවත 2016.08.01 දින එන්න කිව්වා. එ් අනුව මා එදින (2016.08.01 දින) ස.පෙ.අධිකාරී 2 විජේගුණවර්ධන නිලධාරියා හමුවුනා. එදින චින්තක ඇවිල්ලා හිටියා. දෙන්නාවම ගෙන්වා ස.පො.අධිකාරී 2 විජේගුණවර්ධන විස්තර ඇසුවා. එතනදී ඔහු (චින්තක) මාව බඳින්න පොරොන්දු වුනා. ස.පො.අධිකාරී 2 විජේගුණවර්ධන චින්තකට කිව්වා, බඳින බවට පොරොන්දු ලිපියක් ඔහුගේම අත්අකුරින් ලියා පොලිසියට බාරදෙන්න කියා. නමුත් එ් වෙලාවේ ලියුමක් ලියලා දුන්නේ නැහැ. ඔහු පිටව ගියා. එ් අතර, මට ආරංචි වුනා චතුරංගව බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව. 

මාව , ගෙස්ට් හවුස් එකකට ගෙන ගොස්, විවාහ කර ගන්නා බව පොරොන්දු වී දුෂණය කිරීම ගැන - ස.පො.අධිකාරී 2 විජේගුණවර්ධන නිතිමය පියවර නොගෙන, මා රැුවටූ බව ප‍්‍රකාශ කරමි.
එ් අතරම, මට උපකාර කළ, චතුරංගට විරුද්ධව බොරු නඩු දැමීමටද පියවර ගෙන ඇත.
එ් අතර, මාගෙන් බලපෑම් කර, චතුරංගට විරුද්ධව, බණ්ඩාරගම පොලිසියේ මැණිකේ නිලධාරිණිය විසින් ලියා ගන්නා ලද, බොරු පැමිණිල්ලට, බණ්ඩාරගම පොලිසියට එන ලෙසට මට දැනුම් දෙමින්, හිරිහැර කරන්නට පටන්ගෙන තිබේ.’’ යනුවෙන් සඳහන් වේ.  

ඈ පළමු වසරේ සිට ඉගෙනුම ලැබුවේ හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යලයේය. පහ වසරේ සිට නේවාසිකව ඉගෙන ගනිමින් සිටියදි ‘‘විනය’’ ප‍්‍රශ්ණයක් මත කියා මාස හයකට ඇගේ පංති තහම් කොට අධ්‍යාපනය විනාශකර දැමීමට විදුහල්පති, ගුරුවරු පියවර ගෙන තිබින. ඇයට යන්න එන්න තැනක් නැති විය. පියා ඇයට අහිමිවුයේ හයහතර නොදන්නා කාලයේය. දෙවන විවාහයක් කරගත් මවගෙන් ඇයට ලැබුන සෙනහසක් නැත. ඇය ගාමන්ට් යැමට පටන් ගත්තේ, ජීවත් වීමටය. එයද පොලිස්කාරයෙක් විනාශ කර දමා තිබේ. ඇයව රවටා දුෂණය කරන විට 16යි මාසයි, එ් නිසා ව්‍යවස්ථාපිත ස්ත‍්‍රි දුෂණයට චින්තක පොලිස්කාරයා හසුවන්නේ නැත. බණ්ඩාරගම  ඕ.අයි.සී හා පානදුර 2, එ්.එස්.පී යන දෙන්නාටම අවශ්‍යය වුයේ චින්තක පොලිස්කාරයා බේරා ගැනීමටය. ඇයව වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කොට, ඇගේ කථාව සම්බන්ධයෙන් විමර්ශණයක් ආර්ම්භ කිරීමට ඔවුන්ට අවශ්‍ය වූයේ නැත. එ පමණක් නොව වයස අවුරුදු 18ට අඩු ඇයව ගැලනිගම ‘හසිත ගෙස්ට්හවුස්’ වෙත රැුගෙන යෑම මොවුන් දෙදෙනාටම නිත්‍යානුකුල ක‍්‍රියා විය. 

‘‘බුදුන්ගේ දේශයේ, උදේ හවස ලව්ඞ් ස්පීකරයෙන් පිරිත් බණ අස්සවන’’ පොලිස්පතිගෙන්  ඉල්ලා සිටින්නේ, ඇයව දුෂණය කල බණ්ඩාරගම පොලිස් ස්ථානයේ, පොලිස් කොස්තාපල් චින්තකට එරෙහිව නීතිමය පියවර ගෙන, චතුරංග නැමැති අයට විරුද්ධව, ඇයව පොළඹවා, ලියා ගන්නා ලද බොරු පැමිණිල්ල ඉවත් කර, සිදුකල අපරාධය යට ගැසීමට ඉඩ නොතබන ලෙසට හා ඇයව අනාථ වීමට ඉඩ නොතබන ලෙසටය. 


Saturday, August 6, 2016

”ආමි පක..ලා, තොපි තමයි මේක කෑවේ,තොපි කැ...යෝ, තොපි ප.....යෝ, අපෙන් මැරුම් කන්න හදන් එපා’’ කියමින් වාද්දුව පොලීිසිය තරුණයන් දෙන්නෙකුට වධදී බොරු නඩු දමයි.

kAVINDA & THEEHSHNE 

කාවින්ද හා තීක්ෂණ අයියෝ මලෝ දෙන්නා, 2016.08.01 දින වාද්දුව පොලීසයට ගියේ අත්අඩංගුවේ සිටින තම පියාව බැලීම සඳහාය. කාවින්ද හමුදා සෙබලෙකි. ඔහු සිද්ධිය අදාලව පොලිස්පතිට හා මානව හිමිකම් කොමිෂන් සභාව ට, කර තිබෙන ලීඛිත පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.

‘ වාද්දුව පොලිස් ස්ථානයට පියා බැලීම සඳහා ගියා. එවිට වේලාව සවස 5.30ට පමණ ඇති. මා දුටුවා පියා සිරි මැදිරියේ සිටිනවා. මා එතනට යන්න හදද්දිම, 49556 දරණ සොයිසා නැමැති පොලිස් නිලධාරියා, එක පාරටම තමුසේ කොහේද යන්නේ අසමින්, මාගේ ෂර්ට් එකෙන් හා බෙල්ලෙන් අල්ලා එලියට වැරෙන් තල්ලූ කලා. මා එළියට විත්, ඉස්තොප්පුවේ පුටුවක වාඩි වී, දුරකථනයෙන් සොහොයුරාට කතාකරන්න හදනකොට, එම නිලධාරියා නැවත පැමිණ උඹට මෙතන ඉන්න බෑ, කියමින්, නැවත මගේ බෙල්ලෙන් අල්ලා මිදුලටම තල්ලූ කරලා දැම්මා. මම මිදුලේ සිට, සොහොයුරාට දුරකථනයෙන් කිව්වා ඉක්මනට එන්න කියා. ඔහු කිව්වා මම දැන් ලඟ ඉන්නේ කියා. 

ස්වල්ප වේලාවකින් ඔහු (තීක්ෂණ * පැමිණියා. ඔහු 49556 සොයිසා නැමැති නිලධාරියාට කියා, පියා සිටින සිරිමැදිරිය ලඟට ගියා. මම ද ඔහු පසුපස එතැනට යන විට උඹ කොහේද යන්නේ, උඹට බලන්න දෙන්නේ නැහැ  කියා, මගේ බෙල්ලෙන් අල්ලාගෙන එළියට තල්ලූ කරගෙන යන්න හදන විට, මම කිව්වා ”මම ආවේ තාත්තා බලන්න, බෙල්ල අතඅරින්න” යයි කියා ඔහුට කිව්වා. එ් සමගම මගේ සොහොයුරාද, බෙල්ල අතඅරින්න යයි ඔහුගෙන් ඉල්ලා සිටියා. එම පොලිස් නිලධාරියා තොපිට ඇතුලේ ඉන්න එවුන්ව බලන්න දෙන්නෙත් නෑ, එළියට පලයව් කියමින්, අපි දෙන්නාව පන්නා ගත්තා. එ් අතර සිරි මැදිරියේ හිටිය මගේ පියා, ගහන්න එපා ගහන්න එපා , එයා ආමි එකේ ඉන්නේ යයි කියනවා අපි දෙන්නාට ඇසුනා. අපි දෙන්නා ගේට්ටුව කිට්ටුවට ඇවිත් නවතා තිබූ යතුරු පැදියට නගින විට, උඩ තට්ටුවේ සිටි නිලධාරියෙක්, මහා හඬින් ”ආමි පක...ලා, තොපි තමයි මේක කෑවේ,  ඕකුන්ට යන්න දෙන්න එපා කියා කෑ ගැසුවා. ඇතුලේ සිට කිහිප දෙනෙක්ද එ් ආකාරයටම කෑ ගැසුවා. 

එ් කෑ ගැසීමත් සමග කිහිප දෙනෙක් අප ලඟට වේගයෙන් පැමිණියා. එතැන හතර පස් දෙනෙක් අප දෙන්නාව වට කර ගත්තා. එ් අතර තුන් හතර දෙනෙක් නිල ඇඳුමින් හිටියා. එක් අයෙක් හිටියේ අංක 3 ගහපු රතුපාට ටී ෂර්ට් එකක් හා කලිසමක් ඇඳගෙන හිටියා. 

එ් අතර සිටි 49556 සොයිසා, මගේ ෂර්ට් එකෙන් අල්ලා පහර දෙන්න හැදුවා. මිනිස්සු ඉස්සරහා ගහන්නේ නෑ කියමින්, මාව ෂර්ට් එකෙන් අල්ලා පොලිසිය තුලට ඇදගෙන ගියා. උඩ තට්ටුවේ හිටිය අය කෑගහලා කිව්වා,  ඕකුන්ව උඩට අරන් වරෙන්, දෙන්න කියලා. එයින් පසුව තොපි කැ...යෝ, තොපි ප....යෝ, අපෙන් මැරුම් කන්න හදන් එපා ආදිය කියමින්, උඩට ගෙන ගියා. එහි සිට ගාලූ පාර පෙනෙනවා. එතැනදී හයදෙනෙක් අපි දෙන්නාව වටකර ගත්තා. එහි සිටි දෙන්නෙක් හිටියේ සාමාන්‍ය ඇඳුමින්. ඔවුන් අතර 49556 සොයිසා, 1803 (නම දන්නේ නැහැ*, මුණසිංහ 39144, උ.පො.ප.පෙරේරා, අනෙක් දෙන්නා හඳුනන්නේ නැහැ. නමුත් දැක්කොත් අඳුරන්න පු`ඵවන්. ඔවුන් අපට, අතින්ද, රීප්ප පටියකින්, උදලූ මිටක් වැනි පොල්ලකින්ද, ටී- 56 තුවක්කුවේ මිටින්ද අප දෙන්නාටම පහර දුන්නා. එ් පාරවල් ශරීරයේ හැම තැනටම වැදුනා. විනාඩි 5ක් 10ක් විතර පහරදී, නැවත පහළට ගෙනිච්චා. බෙල්ලෙන් අල්ලා කූඩුවට දැම්මා. 

49556 සොයිසා මගේ සොයුරා තීක්ෂණට කිව්වා , ගිහිල්ලා මුගේ ”ලීව්’’ එක අරන් එන්න කියා. අයියා තීක්ෂණ, ගෙදර ගිහිල්ලා මගේ නිවාඩු අවසර පත‍්‍රය රැුගෙන ආවා. සොයුරා තීක්ෂණ මගේ නිවාඩු අවසර පත‍්‍රය රැුගෙන ආ විට, 49556 හිටියේ නැහැ. වෙනත් නිලධාරියෙක් හිටියේ. ඔහු කිව්වා, දැන්  ඕකෙන් වැඩක් නෑ, උසාවි දාලා කිව්වා. එතැන සිටිය සිවිල් ඇඳගත් නිලධාරියෙක්, සොයුරා තීක්ෂණ ලඟ තිබූ එක් හෙල්මට් එකක් මේ නඩු භාණ්ඩ හැටියට දාන්න පු`ඵවන් කියා අරගත්තා. මට හොඳටම අමාරු වුනා. රාත‍්‍රියේ මට දෙපාරක් වමනය ගියා. කූඩුව තුල සිටි අය, රිසව් එක්කෙනාට කිව්වා මට අමාරු බව. නමුත් මාව රෝහල් ගත කලේ නැහැ. 

පසුවදා (2016.08.02* මා සිර මැදිරියෙන් එළියට අරගත්තා. මගේ ප‍්‍රකාශයක් ගත්තා. මගේ විස්තර ගත්තා. එයට මගේ අත්සන ගත්තා. කියවන්න ඉඩක් දුන්නේ නැහැ. ඊට පස්සේ මාව මාංචු දමා පානදුර මූලික රෝහලට ගෙන ආවා. රෝහලේදී මාව අධිකරණ වෛද්‍ය නිලධාරී වරයෙකුට ඉදිරිපත් කලා. මම පොලිසියෙන් ගහපු බව හා තුවාල පෙන්වා හිටියා. ප‍්‍රතිකාර ගැනීමට නියම කළේ නෑ. පොලිසියෙන් දීපු පෝරමය පුරවා එහි කොටසක් පොලිස් නිලධාරියාට දුන්නා. 

එතැනින් මාව පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා. සවස 3 වනතෙක් මාව රඳවාගෙන සිට,මහේස්ත‍්‍රාත්වරයාට ඉදිරිපත් කලා. මා වෙනුවෙන් නීතිඥ මහතකු ඉදිරිපත් වුනා. පොලිසිය මට රාජකාරියට බාධා කලා, සිර මැදිරියේ හිටිය අයට සිගරට්, බුලත් දෙන්න හැදුවා යි කියා සිටියා. දින 14කට රිමාන්ඞ් කරන ලෙසට ඉල්ලා සිටියා. මාව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරියා. මීලඟ නඩු දිනය 2016.11.08 වේ. 

ඉන් පසු මම, සොහොයුරා තීක්ෂණ පානදුර මූලික රෝහලට පැමිණියා. අපව නේවාසිකව නවත්වා ගත්තා.  සොහොයුරා තීක්ෂණ පසුවදාම 2016.08.03 දින රෝහලෙන් මුදා හරියා. මාව හමුදා රෝහලට මාරු කිරීමට පියවර ගෙන, අද දින 2016.08.05 අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කරනු ලැබුවා. 

මා ඉල්ලා සිටින්නේ,
පියාව බලන්න ගිය මටත්, ඊට පසුව පැමිණි මගේ සොහොයුරා වූ තීක්ෂණට, අමානුෂික ලෙස පහර දී, බොරු චෝදනා මත නඩු පවරා, මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන ලද (අපරාධය සිදුකල*, වාද්දුව පොලිසියේ, 
1. 49556 සොයිසා
2. 1803 (නම දන්නේ නැහැ)
3. 39144 - මුණසිංහ
4. උ.පො.ප. පෙරේරා
ඇතු`ඵ, නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට යි.’’ 


Wednesday, August 3, 2016

අත්අඩංගුවට ගන්න අවස්ථාවේ ඇසිඞ් ප‍්‍රහාරයට ලක්වු පුද්ගලයෙකුව දින 3ක් පොලිසියේ තියාගත්තාට ලක්ෂ දෙකක් ගෙවන ලෙසට පොලිස්පතිට නියම කරයි.


පිටබැද්දර පොලිසියේ දැනට ජිවතුන් අතර නැති ස්ථානාධිපති කරුණාසෙන ඇතුලූ එම පොලිස්ථානයේ, පොලිස් සැරයන්වරු හා කොස්තාපල්වරු 10කු වගඋත්තරකරුවන් කරමින්, ගාල්ල, මැදවලමුල්ල ගමේ, අසන්ත අරවින්ද පවරන ලද මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ ශ්‍රෙෂ්ඨාධිකරණය, ස්ථානාධිපතිව සිටි කරුණාසේන, ආණඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11වන වගන්තියෙන් හා 12.1 වගන්තියෙන් සහතික කර තිබෙන් මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට තීන්දු කරනු ලැබීය. 
අසන්ත අරවින්ද සිය පෙත්සමෙන් කියා සටියේ,2008 වසරේ පෙබරවාරි 28වන දින, තමා මිතුරෙකු සමග යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදි, චන්ද්‍රසිරි නැමැත්තා වසින් ධාවනය කරන ලද ලෝරිය, හිතාමතාම තම යතුරු පැදියේ හප්පා තුවාල සිදුකර, ඉන් අනතුරුව පොලිසිය ගෙන්වා, ඔවුන් ඉදරිපිටදිම තම මුණට ඇසිඞ් වලින් පහර දුන්න බවයි.
ඇසිඞ් ප‍්‍රහාරයට ලක්වු අසන්ත අරවින්දව අත්අඩංගුවට පොලීසිය, ඔහුව රෝහල් ගතනොකට, දින තුනක් රඳවාගෙන, ඉන් අනතුරුව, රොහල් ගතකොට, රිමාන්ඞ් බාරයට පත්කරන ලද බවයි. 
දින තුනක් ප‍්‍රතිකාර ලබා නොදි පොලිසිය අත්අඩංගුවේ තබා ගැනීම මගින් ඔහුගේ අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව ට ශ්‍රේඨාධිකරණයේ නිගමය විය. 
මුලික අයිතිවාසිකම් ආරක්ෂා කිරිම රජයේ වගකීම වේ. රජය අසන්ත අරවින්දට රුපියල් ලක්ෂ දෙකක් වන්දි ගෙවිය යුතුයි. එම මුදල ගෙවීමේ වගකීම පොලිස්පති විසින් සුදු කළ යුතු බවට නියම කර ඇත.  සම්පුර්ණ තීන්දුව - යොමුව.

Tuesday, August 2, 2016

නීතිඥ මාෆියාව, උසාවියේ තිබු ‘ලයිසම’ අරන්දෙන්න රු: 7000/යි.


ජයවීරයන්ගේ රියදුරු බලපත‍්‍රය භාරයට ගත් මුන්දලම පොලීසිය, 2016 මාර්තු 16 පුත්තලම මහේස්ත‍්‍රාත් උසාවියේ පෙනීසිටින ලෙසට දන්වන ලදි. රියදුරු බලපත‍්‍රය වෙනුවට ඔහුට තාවකාලික අවසර පත‍්‍රය ද නිකුත් කළේය. එයට අනුව ඔහු මෝටර් රථ ආඥපනත යටතේ වැරදි හතරක් කර තිබින. 
රෝගී තත්වය නිසා නියමිත දිනට උසාවි යෑමට ඔහුට නොහැකිවිය. නියම කළ දිනට උසාවි යෑමට නොහැකි වු විට සිතාසියක් එවීම සාමාන්‍යය පිළිවෙතයි. මාස තුනක් ගතවිය සිතාසියක් ආවේ නැත. 
නඩුවට මොකද වුනේ කියා දැන ගන්න ඔහු මුන්දලම පොලීසයේ රථ වාහන අංශයට ගියේය. පළමු දිනයේ අදාල නිලධාරියා රාජකාරි සඳහා පාරට ගොස් ඇති බව දන්වන ලදි. පසු දින ගියද අදාල නිලධාරියා නැත. ඔහු කාරණය එදින  ඕ.අයි.සී ට කීවේය. ලැබුන පිළිතුර වුයේ ‘පළයන් යන්න මෙතනින්,  ඕවා හොයන්න අපිට වේලාවක් නැහැ’ යන්නයි. කරබාගෙන එලියට බැස, පොලිස් හදිසි ඇමතුම් අංක 118 අමතා කාරණය කියා, පාරට ආවේ ගෙදර යන්නටය. එ් සමගම, රථවාහන අංශයේ නිලධාරියෙක් අත් පුඩි ගසා අඬ ගැසුවේය. ඔහු කොළයක් ගෙන නඩු අංකය හා පෙර දිනය සඳහන් කර, ඉදිරි දිනය දන්නේ නැති බව කියා සිටියා. 
පසු දින ඔහු පුත්තලම මහේස්ත‍්‍රාත් උසාවියට ගියේ ‘මෝසමක්’ මගින් නඩුව කැඳවා, චෝදනා වලට වරද පිළිගෙන දඩය ගෙවා, රියදුරු බලපත‍්‍ර නිදහස් කර ගන්නටය. එ් සඳහා නිතිඥ මහතෙකු ගේ සහය අවශ්‍යය විය. ගේට්ටුවේ සිටි අයෙක් මෙයා තමයි හෙඳම එක්කෙනා කියා නීතිඥ වරයෙකු පෙන්වන ලදි. එම නීතිඥවරයා ලඟට ගිය ඔහු කාරණය කීවේය. ‘මෝසම’ දැමීමට රු. 2000/- අවශ්‍යය බව නීතිඥ තැන කීවිට, වහාම මුදල ගෙවීය. ‘මෝසම්’ ගන්නේ 11ට, ඊට ඉස්සෙල්ලා උසාවියට ඇවිත් ඉන්න යයි හේ, ඔහුට කීය.
නියමිත වේලාවට උසාවිය ඇතුලට ගොස් නඩුව අඬගහනකං බලා සිටියේය. පස්වරු 4ට විනිසුරු අසුනෙන් නැගිට උසාවියට ඔලූව නවා පිටවිය. නීතිඥ තැනද උසාවියේ විය. වහා නීතිඥ වෙත ගිය ජයයවීරයන්, ‘මෝසම‘ට මොකද වුනේ කියා ඇසු විට. කලබල වෙන්න එපා එලියට යන් කියා අඬගසාගෙන උසාවියෙන් එලියට විත්, නඩුව එන්නේ නෑ, ලයිසන් එක නේද ඕනී යයි අැසීය. ඔව් යයි ඔහු පිළිතුරු දුන්න විට, රු. 5000/ක් දෙන්න යයි නීතිඥ තැන කීය. ජයවීරයන් වරද පිළිගත්ත නම් දඩය රු. 20,000/ක් බව දැන සිටියේය. රු.15,000/ක්ම ඉතිරි වෙන නිසා ඉමහත් සතුටින් රු.5000/ක් නීතිඥ තැනට දුන්නේය. සල්ලි ගත්තු නීතිඥ තැන උසාවිය තුලට ගොස් විනිසුරු අසුන පසෙකින් නඩු පොත් මිටිය තියාගෙන ඉන්න සුදු ඇඳ ගත් මහත්තයා ලඟටවී විනාඩි 20ක් පමණ ගතකොට පැමිණියේ ‘ලයිසම’ අත ඇතිවය. ලයිසම ඔහු අත තැබු නීතිඥ තැන ‘නඩුව එන්නේ නෑ’ කියා යන්න ගියේය. 
දැන් රියදුරු බලපත‍්‍රයද, පොලීසිය නිකුත් කළ තාවකාලික බලපත‍්‍රයද ඔහු ලඟය. එහෙත් 2016.07.20 දින නඩුවාරයේදී මොකද වුනේ කියා දැන ගන්න චුදිතට අයිතියක් ඇත. ජයවීර සම්පුර්ණ නඩු වාර්තාවේ සහතික කරන ලද පිටපතක් ඉල්ලා උසාවියට මෝසමක් ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. එ් සමගම ඔහු පුත්තලම උසාවිය භාරයේ තිබු තම රියදුරු බලපත‍්‍රය රු.7000/ක් අරගෙන තමාට අරන් දුන්නේ කෙසේද යන්න විසඳා ගත යුතුයි. එ් සඳහා ඔහු අධිකරණ සේවා කොමිෂමේ ලේකම් ඇමතීය. එම ලිපිය පහත දක්වමු.

‘‘ ලේකම්, අධිකරණ සේවා කොමිෂන් සභාව, උපරිමාධිකරණ සංකීර්ණය, අ`ඵත් කඬේ, කොළඹ 12.

නඩු අංක : 21609/16, පුත්තලම මහේස්ත‍්‍රාත් අධිකරණය

2016 මාර්තු16 වන දින, මා යතුරු පැදියෙන්, මාගේ ශෛල්‍ය කර්මයක් කර තිබෙන දකුණු කකුලට බෙහෙත් දමා ගැනීම සඳහා යනවිට, මුන්දලම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් මා නවතා, රථවාහන වැරදි කිහිපයක් සම්බන්ධයෙන්, චෝදනා කොට, මාගේ අංක ෘඛ භධග් 009954874 දරන රියදුරු බලපත‍්‍රය තබාගෙන, එ් වෙනුවට නිකුත් කරනු ලබන අංක ් 011527 දරන අවසර පත‍්‍රය නිකුත් කරනු ලැබීය. එම නිලධාරියා පො.කො.74879 වේ. එම වරදවලට 2016.03.16 දින පුත්තලම මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වන ලදි. නමුත් එදින අසනීප වීම නිසා ගරු අධිකරණය හමුවේ ඉදිරිපත් වීමට නොහැකි විය.  

මා සුවවීමෙන් පසුව, 2016 ජූලි 25 දින, මුන්දලම පොලිසියට ගොස් මීලඟ නඩු දිනය හා නඩු අංකය ලබා ගැනීමට උත්සාහ ගත්තා. එදින රථවාහන අංශයේ කිසිම නිලධාරියෙක් නොසිටි නිසා, 2016 ජුලි 26 දින, පෙ:ව:11 ට නැවත පොලිසියට ගියා. එ් අවස්ථාවේ සිටි රථවාහන අංශයේ ස්ථානාධිපති ගෙන් මා පැමිණියේ නඩු දිනය හා අංකය දැනගැනීමට බවට ප‍්‍රකාශ කල විට, මේ වෙලාවේ වැඩ තියෙනවා,  ඕවා කරන්න බෑ යයි තර්ජණාත්මකව කියා, මට පොලිසියෙන් පිටවන්න යයි නියම කලා. 

දැඩි සිත්තැවුලට පත් මා, පොලිසියේ ඉදිරියට පැමිණ, පොලිස් හදිසි ඇමතුම් අංක 118 ට දුරකථනයෙන් කතාකර, කාරණය ප‍්‍රකාශ කලා. ටික වේලාවකින් රථවාහන අංශයේ පොලිස් නිලධාරීවරයෙක් පොලිසිය ඉදිරිපිට සිටි මට අත්පුඩි ගසා කතා කලා. මා ගිය විට, මට නඩු අංකය හා දිනය ලියා දුන්නා. 

නඩුව 2016.07.20 දින පැවැති බවත්, මීළඟ නඩු දිනය කුමක්ද යයි සටහන් වී නැති බවත් ප‍්‍රකාශ කලා.

මා පසුදින, එනම් 2016.07.27 දින, නීතිඥ චාමර පතිරගේ මහතා හමුවී, කාරණය ප‍්‍රකාශ කල විට, ඔහු මාගෙන් රු: 2000/= මුදලක් ලබාගෙන, එදිනම මෝසමක් මගින් (2016 ජුලි 27* නඩුව කැඳවීමට පියවර ගන්නා බව ප‍්‍රකාශ කර, මට අධිකරණයට පැමිණ සිටින ලෙසටද උපදෙස් දුන්නා. 

එ් අනුව මා, පුත්තලම මහේස්ත‍්‍රාත් අධිකරණයට ගොස්, වාඩිවී සිටියා. එදින පස්වරු 4.00 ට අධිකරණයේ වැඩ නිම කොට ගරු මහේස්ත‍්‍රාත්තුමා, අධිකරණයෙන් බැහැර වූ විට,මා නීතිඥ චාමර පතිරගේ මයා ළඟට ගොස්, නඩුව කැඳවූයේ නැත්තේ මන්ද කියා -විමසා සිටියා. 

එවිට නීතිඥ මහතා මට කියා සිටියා, කලබල වෙන්න දෙයක් නෑ, එ් නඩුව කතා කරන්නේ නෑ, ලයිසන් එක් අරන් දෙන්න පු`ඵවන්, රු: 5000/=ක් දෙන්න පුලූවන්ද කියා මගෙන් විමසා සිටියා.

මා රු: 5000/=ක් ගෙවීමට හැකි බව ප‍්‍රකාශ කලා. එවිට, ඔහු අධිකරණයෙන් එළියට යමු කියා, මා අධිකරණයෙන් එළියට ගෙනවිත්, මාගෙන් රු: 5000/= මුදලක් ලබා ගත්තා. මට එළියට වී ඉන්න කියා නීතිඥ මහතා අධිකරණය තුලට ගියා. 

විනාඩි 20කට පමණ පසුව පැමිණි නීතිඥ චාමර පතිරගේ මහතා, මට රියදුරු බලපත‍්‍රය ලබා දුන්නා. මට නඩුවක් ආයෙත් වැටෙන්නේ නැති බව පවසා බය නැතුව යන්න කිව්වා.

මා ප‍්‍රකාශ කරන්නේ, ඇති වූ මෙම තත්වය, මාගේ වැටහීමේ හැටියට, නීතියට එකඟ නොවේ. මට රියදුරු බලපත‍්‍රය ලැබුනද මට විරුද්ධව මුන්දලම පොලිසිය පවරා ඇති නඩුව අවසන් නැත. මුන්දලම පොලිසිය සඳහන් කල පරිදි, 2016 ජුලි 20 වන දින, සිදුවූයේ කුමක්ද කියා මා දන්නේ නැත.

එම නිසා මා ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ, 
1. මට විරුද්ධව, මුන්දලම පොලිසිය 2016.03.16 දින, අංක 21609/16 දරන නඩුවට අදාල සහතික කරන ලද, කාර්ය සටහන ඇතුලූව සම්පූර්ණ නඩු වාර්තාවේ පිටපතක් මුදල් අයකර ලබාදෙන ලෙසටය.

2. මාගේ වැටහීමේ හැටියට, මෝසමක් මගින් නඩුව කැඳවීමට රු: 2000/=ක්ද, ඉන් පසු එය සිදුනොකර රු: 5000/=ක්ද ලබාගෙන, අධිකරණ බාරයේ තිබූ රියදුරු බලපත‍්‍රයට, නීත්‍යානුකූල පිළිවෙතින් බැහැරව ලබාගෙන, මට බාරදීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කර, සිදුව ඇති අක‍්‍රමිකතාව, ¥ෂණය පිළිබඳව නිසි පියව ගන්නා ලෙසටයි.

අ.ක/අසුරප්පුලිගේ ජයවීර සන්දනායක
             (චූදිත)

ජයවීරයන් යුක්තිය උදෙසා සටන් කළ පළමු අවස්ථාව මෙය නොවේ. 
2003  දින මුන්දලම පොලීසියේ වධහිංසාවට මොහු ලක්විය. ඔහු එ් පිළිබඳව අගවිනුසරු වෙත ලිඛිතව පැමිණිලි කළේය. එය පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය, ීක්‍රැු:ීඡුඛ* 33රැු2004 යටතේ මුලික අයිතිවාසිකම් නඩුවක් ආරම්භ කරනු ලැබිය. එ් සමගම එම පැමිණිල්ල නිතිඥ සංගමයට යොමු කර, මොහුට නිතිඥ සහය ලබාදෙන ලෙසට නියම කරන ලදි. නිතිඥ සංගමය සමග ගණුදෙනුව ඉතා අප‍්‍රසන්න එකක් විය. කෙසේවෙතත් මොහු අරගලය අතහැරියේ නැත. නඩුව ආරම්භයේ දීම. වගඋත්තරකාර පොලිස් කාරයින් සමතවීමට එකඟත්වය පළ කර සිටියේය. නිතිඥවරයාද සමථයට පක්ෂවිය. අධිකරණයෙන් බැහරවු සමතයකට එකඟ විය. එ් රුපියල් එක් ලක්ෂ විසිපන්දාහක මුදලකටය. වගඋත්කරුවන් අධිකරණය තුල එම මුදල මොහුට ලබා දෙන ලදි. නඩුව නිිෂ්ප‍්‍රභා කෙරින. මොහු වෙනුවෙන් නිතිඥ සංගමය ඉදිරිපත් කල නිතිඥයා වන්දියෙන් සියයට පහක් ඉල්ලා සිටියේය. එම පහත් ඉල්ලීමට මොහු එකඟ නොවීය. කිසියම් හෝ මුදලක් ඉල්ලීමට නිතිඥ වරයාට අයිතියක් නැති බව ජයවීරයන් දැන සිටියේය. මානව හිමිකම් කොමිසම ද මොහු කරන ලද පැමිණිල්ල විමර්ශණය කර රු. 28,000/ක් වන්දියක් ගෙවීමට පොලිස්කාරයින්ට නිර්දේශ කළෙය්. එ් මුදල ද මොහුට ලැබින.
එයින් අනතුරුව ප‍්‍රදේශයේ අසාධාරණයන්ට මුහුපාණ ලද්දවුවන් සමග එක්ව, යුක්තිය උදෙසා ක‍්‍රියා කළේය. අපි මොහුට මානව හිමිකම් ආරක්ෂක ලෙබල්ය ගසන්නට සුදානම් නොවෙමු. මන්ද මොහු ඉංග‍්‍රිසියෙන් බතල කොළ හිටවන්නෙකු නොවන නිසාය.
බස් රියදුරෙකුවු මොහු නීතයට අවනත විය. අවනීතියට එරෙහිව සටන් කළේය.