Thursday, November 3, 2016

වැල්ලවාය ඹභඡු නියෝජිත රෝයි, පොලිස් වධකයින්ගේ රැකියා බේරා ගන්න වලිකයි.



නීතියේ ආධිපත්‍යය ගැන අගමැති රනිල් කොළඹ ඉඳගෙන කථා කරන කොට, පොලිස් ඇමති සාගල අනුගමනය කරමින්, බුත්තල පොලිසියේ වධකයින්ව බේරා ගැනිමට ඉදිරිපත්ව ඇත්තේ වැල්ලවාය ප‍්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයෙක් වන රෝයි සිල්වා නැමැත්තාය. 

මේ සම්බන්ධයෙන් ජනසංසදය, මානව හිමිකම් ක‍්‍රියාකාරින් අමතමින් නිකුත් කරන ලද නිවේදනය පහත දක්වමු.

2016.11.03

හිතවත් සහෝදරියනි/සහෝදරවරුනි

බුත්තල පොලීසිය විසින් සිදුකරන ලද අපරාධය

ඔබ ප‍්‍රදේශයේ නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, ඇස් බැඳ, කැලෑවකට රැුගෙන ගොස්, වධ දී, ඉන් අනතුරුව නීති විරෝධීව රඳවාගෙන, ඇප මත මුදාහැරීම හා එයින් අනතුරුව ප‍්‍රතිකාර ලබා ගැනීමට ඉඩ නොදී, බලහත්කාරයෙන් ටිකට් කප්පවාගෙන, රෝහලෙන් ඉවත් කර, පසුව රුපියල් 7500/- බැගින් අල්ලස් ලබාදීම පිළිබඳව, පොලිස්පති විසින් පරීක්ෂණයක් පැවැත්වීමට, මොනරාගල පොලිස් කොට්ඨාශය බාර ස්ථානාධිපතිට නියම කර ඇති බව දැණුම් දී තිබේ. එ් හා අදාල විද්‍යුත් පනිවුඩයේ පිටපත අමුණා ඇත.

ඒ සමගම, ඔබ ප‍්‍රදේශයේ පළාත් සභා නියෝජිතයකු වන රෝයි සාලින්ද පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට බලපෑම් කරන බවද වාර්තා විය. ඔබ, අප විසින් ඡුන්දය දී පත්කරණු ලබන, මහජන නියෝජිතයන් ඉන්නේ පොලීසිය රකින්න බව වටහා ගත යුතු කරුණකි.

එ් අන් කිසිවක් නිසා නොව මහජන නියෝජිතයන් අති බහුතරය ¥ෂිතයන්ය. ඔවුන්ව නඩත්තු කරන්නේ, දුෂිතයන් හා අපරාධ කරනවුන් ය. තමන් හා තම දුෂිතයන් ආරක්ෂා කර ගැනීමට පොලීසිය ”හොඳින්” තබා ගත යුතුයි. 

එම නිසා ඡුන්ද දායකයන්ට වඩා ඊනියා මහජන නියෝජිතයන්ට වටින්නේ පොලීසියයි. එ් බව වටහාගත යුතුයි. අනෙක් කරුණ අපරාධයක් පිළිබඳ කර තිබෙන පැමිණිල්ලක් ඉල්ලා අස්කර ගත නොහැක. එය අනිසි ඵල විපාක දෙන්නක්. සමාජ විරෝධී ක‍්‍රියාවක්. මෙය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ද තහවුරු කර ඇත. 

වධහිංසාවට පත්වූ දෙදෙනාට අදටත් රැුකියාව අහිමිව ඇත. පොලිස්කාරයන්ගේ රැුකියාව අහිමිවීම ගැන කථා කරන අයට, වධහිංසාවට පත්වූ දෙදෙනා හා ඔවුන්ගේ පවුල්වලට යන කලදසාව ගැන අනුකම්පාවක් නැද්ද? මෙම දෙදෙනාට දුන් වධහිංසාවල ප‍්‍රතිඵලයෙන් ඔවුන් කිසි දිනෙක ශාරීරික හා මානසික වශයෙන් යථා තත්ත්වයට පත් නොවනු ඇත. එ් ගැන, අප සියලූ දෙනා අවධානය යොමු කළ යුතුයි. 

යහ පාලනය යනු නීතියට අනුව පාලනයක් ඇති කිරීමය. රටේ නීතිය උල්ලංඝණය කරමින් අපරාධකරුවන් ආරක්ෂා කිරීමට, යහ පාලනය නියෝජනය කරන ඊනියා මහජන නියෝජිතයන් ඉදිරිපත් වන්නේ නම් ඔවුන් ගැන වගබලා ගැනීම, ඡුන්ද දායකයන් වශයෙන් ඔබ අප සැමගේ වගකීම වේ. 

මේ සමග පෙර සඳහන් කළ පරිදි පොලිස්පතිගේ දැණුම්දීම, අප විසින් අන්තර්ජාලයට එක් කරන ලද පුවත හා වධහිංසාවට පත් වූ දෙදෙනාගේ ලිඛිත පැමිණිලි දෙක, මානව හිමිකම් කොමිෂම, පොලිස්පති වෙත ඉදිරිපත් කරන ලද ජනසංසදයේ ලිපිය එවමු.

සංවාදයට ලක්කරන්න. 

ස්තූතියි,

චිත‍්‍රාල් පෙරේරා (ලේකම්* 

No comments:

Post a Comment