Tuesday, November 8, 2016

ඇල්පිිටිය ”එක-තුමා” ගේ මනමාලකම්, බයනැති කම්, යාලූකම් ......IGP ට කියයි.

.

ඇල්පිටිය ASP පුස්සැල්ල හෙවත් ”එකතුමා” හමුවන්නට, ර... මහත්මිය ගියේ, පාලිස්පතිට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අදාලව ලැබුන ආරාධනාවකටය.

සුපුරුදු පරිදි IGP ට ඉදිරිපත් කළ එම පැමිණිල්ල, ගාල්ලDIGට,ගාල්ල DIG්පිටිය පොලිස් අධිකාරීට ද එවා තිබිණ. එ් අනුව, ඇල්පිටිය ASP එම පැමිණිල්ල ගැන විමසීමට ඇය කැඳවා තිබින. එ් 2016.10.25 දිනය. නමුත්A්SP හෙවත් ”එක-තුමා” හිටියේ නැත. ඔහු වෙනුවට, කාර්යය මණ්ඩලයේ සේවකයෙක් ඇයගේ ප‍්‍රකාශයක් සටහන් කර ගත්තේය. එ් අවශ්‍යම කරුණු මගහරිමින්ය. එ් පිළිබඳව ඇය නැවත 2016.11.01 දින, IGPු ට කියන ලදි.

එහි ප‍්‍රථිඵලයකින් දෝ. ඇල්පිටිය ASP,1හෙවත්කඒකතුමා ඇයට ්අැරයුම් කෙළ්ය. ඒ් 2016.11.04 වන දිනය.

එ් අවස්ථාවේ, ඇල්පිටියෟ්ීීුASPහෙවත් ”එක-තුමා” හිටියේය. ඉදිරියෙන් ඉංග‍්‍රීසි නාම පුවරුවට අනුව, නම පුස්සැල්ල විය.

එහිදී ඇගේ ලස්සන ගැන, පූජිත සමග ඇති යාලූකම් ගැන, ලොකු ලොකු නෑදෑයින් ගැන, බයනැති කම් ගැන, අපරාධකරුවන් රකින බවට සහතික කරමින් කරන ලද  ”එක-තුමා” ගේ බණ රම්‍යලතාට අසන්නට සිදුවිය.

ඇය 2016.11.01 හා 2016.11.07 දාතමින් IGPු පූජිත ජයසුන්දර අමතන ලද ලිපි දෙක පහත දක්වමු.
1
ඔබගේ යොමු අංකය: Tell IGP 38/OCT/2016

පූජිත ජයසුන්දර මහතා
පොලිස්පති
පොලිස් මූලස්ථානය
කොළඹ 01

හිතවත් මහත්මයාණනි

ඌරගස්මංහංදිය ”ගුණවර්ධන ෆාමසිය” මගින් 
වැරදි බෙහෙතක් නිකුත් කිරීම නිසා අර්ධ අන්ධභාවයට පත්වීම

උක්ත පැමිණිල්ල ඔබ විසින් ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කරන ලද බවට කළ දැණුම් දීම ගැන ස්තුතිවන්ත වෙමු.

ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් එය ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී ෂ වෙත යොමු කර තිබිණ.

ඒ අනුව ඌරගස්මංහංදිය පොලිස් ස්ථානය බාරව කටයුතු කරන ස.පො.අ. ෂල 2016.10.25 දින, ඔහුගේ කාර්යාලයට පැමිණ හමුවන ලෙස දැණුම් දෙන ලදි.

එ් අනුව මා, නියමිත දින, නියමිත වේලාවට, ඔහුගේ කාර්යාලයට ගියෙමි. නමුත් ඔහු සිටියේ නැත.

එ් වෙනුවට එහි සිටි කාන්තා පොලිස් නිලධාරිණියක් නැවත වරක් සිද්ධිය මගෙන් අසා සටහන් කරගනු ලැබීය.

නමුත් ඇය, මා විසින් ඌරගස්මංහංදිය පොලිස් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. සුජිත් ප‍්‍රියන්ත නඩුව එ්කාන්තයෙන්ම පරදින බවට වූ සහතිකය ගැන, මෙම නඩුවට චූදිතයන් ලෙස අදාල ගුණවර්ධන ෆාමසියේ හිමිකරු ශාන්ත ගුණවර්ධන හා එම ෆාමසියේ ලියාපදිංචි ඖෂධවේදී නම් කළ යුතු බවට සහා නඩුවේ සාක්ෂිකරුවන් ලෙසට, ඌරගස්මංහංදිය ප‍්‍රාදේශීය රෝහලේ කාර්යභාර වෛද්‍ය නිලධාරී ඞී.ආර්.කේ. සිරිසේන මහතා හා  ඕමත්ත බු`ඵගහ හංදියේ ඩිස්පැන්සරියේ වෛද්‍ය පී.ඩබ්.යූ. ජයලාල් මහතා නම් කරන ලෙස ඉල්ලා, එම කරුණු සටහන් කරන ලෙසට කරන ලද ඉල්ලීම තරයේ ප‍්‍රතික්ෂේප කර, අනෙක් කරුණු ගැන පමණක් ස`දහන් කරන ලද ප‍්‍රකාශයට මාගෙන් අත්සන් ගන්නා ලදි.

එම ප‍්‍රකාශය සටහන් කරගත් කාන්තා පොලිස් නිලධාරිණිය කියා සිටියේ ප‍්‍රකාශය ලියාගෙන එ් ගැන ඌරගස්මංහංදිය පොලීසියට දැණුම් දෙනවා හැරෙන්නට වෙනත් දෙයක්, ඇල්පිටිය සා.පො.අ.1ට කළ නොහැකි බවයි.

එ් අවස්ථාවේ මෙතැනින් ද වැඩක් නොවන බව ප‍්‍රකාශ කර මා පිටව ආවෙමි.

පූජිත ජයසුන්දර මහතාණෙනි,

ඔබ කළේ මා ඔබට යොමු කරන ලද පැමිණිල්ල, 

1*. ගාල්ල නියෝජ්‍ය පොලිස්පති වෙත යොමු කිරීමය.

2*. ගාල්ල නියෝජ්‍ය පොලිස්පති කළේ එය, ඇල්පිටිය ස.පො.අ. ෂ වෙත යොමු කිරීමය.

3*. ඇල්පිටිය ස.පො.අ. ෂ කළේ, ඔහුගේ කාර්ය මණ්ඩලයේ කා.පො. නිලධාරිණියකට බාර දීමය.

එම කා.පො. නිලධාරිණිය කළේ නැවත වරක් සිද්ධිය අසාගෙන සටහන් කර, අපරාධයට අදාල ඉතා වැදගත් කරුණ සටහන් කිරීම ප‍්‍රතික්ෂේප කර, එකී ප‍්‍රකාශය ඌරගස්මංහංදිය පොලිස් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. සුජිත් ප‍්‍රියන්තට යොමු කරන බව ප‍්‍රකාශ කිරීමය.

ඉදිරියේදී, ඌරගස්මංහංදිය පොලිස් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. සුජිත් ප‍්‍රියන්ත, ඇල්පිටිය ස.පො.අ. ෂ කියන දේ, ඇල්පිටිය ස.පො.අ. ෂල විසින් ගාල්ල නියෝජ්‍ය පොලිස්පති ට යවනු ඇත. ගාල්ල නියෝජ්‍ය පොලිස්පති එය ඔබට එවනු ඇත.

ඔබ එය මට පවසනු ඇත.

මෙය, මා මෙන්ම රටේ ජනතාව ඔබගෙන් බලාපොරොත්තුවූ දෙය නොවන බව අවධාරණයෙන් ප‍්‍රකාශ කරමි.

ඌරගස්මංහංදිය පොලීසියේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. සුජිත් ප‍්‍රියන්ත අල්ලස් ගෙන සිදුකරන ලද අපරධයක් වසන් කිරීමට, පරදින ආකාරයට පවරන ලද නඩුව, එ් ආකාරයෙන්ම පවතිනු ඇත.  එයට ඉඩ නොතබන්න.

ස්තූතියි,
මෙයට,

අ.ක/ කේ. ර 

පිටපත්: 

01. ගාල්ල නියෝජ්‍ය පොලිස්පති   
02. ඇල්පිටිය ස.පො.අ. ෂ                දැන ගැනීම පිණිස

2
ඔබගේ යොමු අංකය :- Tell IGP 38/OCT/2016
2016.11.07

පූජිත ජයසුන්දර මහතා,
පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ 01.

මහත්මයාණෙනි,

”ඌරගස්මංහංදිය ගුණවර්ධන ෆාමසිය” මගින් වැරදි බෙහෙතක් නිකුත් කිරීම නිසා 
අර්ධ අන්ධභාවයට පත්වීම.

මෙම කාරණය අදාළව මා විසින්, 2016.10.21 හා 2016.11.01 දාතමින් - එවන ලද පැමිණිලි හා බැඳේ.

01. 2016.11.04 වන දින දුරකථනයෙන් මට දැනුම් දුන්නා 2011.11.05 දින පෙ:ව:9.30 ට, පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණ ”එතුමා” හමුවන ලෙසට.

02. එ් අනුව මා නියමිත වේලාවට පොලිස් අධිකාරි කාර්යාලයට ගියා. එහිදී මාව සා.පො.අ.ෂ - පුස්සැල්ල වෙත යොමු කරනු ලැබුවා.

03. ඔහු පළමුවෙන්ම, මාගෙන් කාව හම්බුවෙන්නද කියා අසා සිටියා. ඉන්පසු මගේ පුද්ගලික තොරතුරු විමසා සිටියා. 

04. ඉන්පසු, ඇහැ සනීප නේද ? බුදුන්ගේ සරණයි කිව්වා.
  
     එසේ කිව්වේ මටද, ඌරගස්මංහංදිය ධෂක්‍ ටද, එසේ නැත්තම් ෆාමසි අයිතිකරුටද කියා මට
     වැටහුනේ නෑ.

05. මා ඔහුට පැහැදිලි කලා ඇහැ සනීප නෑ - කණ්නාඩි දාන්න වෙලා, සායනවලට යන්න වෙලා කියා.

06. ඔහු මට කිව්වා, කණ්නාඩි දැම්මාම ලස්සන නේද? කියා කියමින්, මට ලිංගික බලපෑමක් අනියම් 
     ආකාරයට සිදුකිරීමට උත්සාහ ගනු ලැබුවා. 

07. ඇස් නොපිනීමට කණ්නාඩි දැම්මාම ලස්සන වෙන්නේ කොහොමද කියා ප‍්‍රශ්ණ කල විට, කතාව වෙනස් 
     කර, මට නීතිපාඩිම් උගන්වන්න පටන් ගත්තා. ”බණ” කියන්න පටන් ගත්තා.

08. එම ”බණ” කියන අතර, පූජිත ජයසුන්දර මගේ හොඳම යාලූවෙක්, තාත්තාගේ ගෝලයෙක්, තම 
     සොහොයුරා ලොක්කෙක් කිව්වා. අපේ ෆැමිලි එකේ ගොඩක් පොලිසියේ ඉන්නවා කිව්වා. කිසි 
     කෙනෙකුට බය නෑ කිව්වා.

09. එම දේශණ අතර, ඔහු, ඌරගස්මංහංදිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති සොයිසාට 
     කතාකර, ෆාමසි කේස් එකේ තත්වය ඇසුවා. නමුත් ඌරගංමංහංදිය පොලිසියේ පිළිතුර මට ඇසුනේ 
     නැහැ.

10. ඉන්පසු ඔහු මට, එ්ත්තු ගැන්වීමට උත්සාහ ගත්තා, ඌරගස්මංහංදිය පොලිසියේ ස්ථානාධිපති සුජිත් 
    ප‍්‍රියන්ත, අනිවාර්යයෙන් නඩුව පරදින බවත්, රුපියල් ලක්ෂ දෙක තුනක් අරගෙන සමථ වෙන්නට 
    කරන ලද බලපෑම, සු`ඵ දෙයක් බවත්, එම ප‍්‍රකාශ හිතාමතා කිව්ව දේ නොවන බව, එ්ත්තු ගැන්වීමට 
    දැඩි ප‍්‍රයත්නයක් ගනු ලැබුවා.

11. ඔහු එකම ප‍්‍රශ්ණය, විවිධ ආකාරයට අසමින්, මා පිළිතුරු දෙනවිට එයට බාධා කරමින්, මා පීඩාවකට 
    පත්කරනු ලැබුවා.

12. ඔහු, ඌරගස්මංහංදිය ස්ථානාධිපති සුජිත් ප‍්‍රියන්ත - හොඳ කෙනෙක් බව, අවංක අයෙක් බව ප‍්‍රකාශ 
    කරමින්, මාගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කලා.

13. ඔහු ඌරගස්මංහංදිය පොලිසියේ ස්ථානාධිපති සුජිත් ප‍්‍රියන්ත කරන ලද ප‍්‍රකාශය, ”සමථ කරමු නේද” 
    යන යෝජනවා ඉදිරිපත් කලා. දැඩි උත්සාහයක් ගත්තේ ඌරගස්මංහංදිය පොලිස් ස්ථානාධිපති සුජිත් 
    ප‍්‍රියන්ත ගේ ¥ෂණ, අල්ලස් වසා දැමීමටය.

14. මේ පිළිබඳව මා, ඔහුට ප‍්‍රකාශ කලා - නඩුව අනිවාර්යෙන්ම පරදින බව, රුපියල් ලක්ෂ දෙක තුනක් 
    ගෙන සමථ වන ලෙසට වන යෝජනවා කළේ කුමන පදනමක් මතද යන්න දැනගැනීමට අවශ්‍ය බව හා 
    එ් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම අත්‍යාවශ්‍ය බව.

15. ඉන්පසු ඔහු මගෙන් ඇහුව්වා මොකද වෙන්න  ඕනි කියා. 

    මම ප‍්‍රකාශ කලා, නඩුවේ චූදිතයා වශයෙන්, ගුණවර්ධන ෆාමසිය අයිතිකරු, එම ෆාමසියේ ලියාපදිංචි 
    ඖෂධවේදී හා වෛද්‍ය සිරිසේන චූදිතයින් කළ යුතු බව.

    නිසි පරිදි සාක්ෂි සටහන් කල යුතු බව.

16. මේ සියල්ලම, ප‍්‍රතික්ෂේප කල සහකාර පොලිස් අධිකාරී 1 පුස්සැල්ල, විවිධ ආකාරයට ප‍්‍රශ්ණ අසමින්, 
    බොරු කියමින්, මා පීඩාවට පත් කරන ලදි.

17. මෙම අවස්ථාවේදී, ඔබ විසින්, ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිට, ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී 1,
    පුස්සැල්ල වෙත, මාගේ පැමිණිල්ල යොමු කලද, කිසිදු පරීක්ෂණයක්, විමර්ශනයක් , ප‍්‍රකාශයක් ගෙන,
    නොමැති බව පැහැදිලි විය.

18. අවසානයේදී, සා.පො.අ. 1, පුස්සැල්ල මට යෝජනා කළේ, නැවත වරක් ඌරගස්මංහංදිය පොලිස් 
    ස්ථානාධිපති සුජිත් ප‍්‍රියන්ත සමග, සමථයකට කැඳවන බව.

    මා එයට තරයේ විරුද්ධව, ප‍්‍රතික්ෂේප කලා.

19. එ් අවස්ථාවේ, එම කැඳවීමට මා නොපැමිණියෙන්, මා පරීක්ෂණයට ඉදිරිපත් නොවූ බවට - 
    පොලිස්පතිට දන්වා, පරීක්ෂණය අවසන් කරන බවත්, මොන ලොක්කා ලඟට ගියත්, ඌරගස්මංහංදිය 
    පොලිසියේ ස්ථානාධිපති සුජිත් ප‍්‍රියන්ත ව බේරන බවටත්, ඔහු සහතික වුනා.

මා ප‍්‍රකාශ කරන්නේ, මාගේ 2016.11.01 දින දරන, පැමිණිල්ලෙන් ප‍්‍රකාශ කරන ලද පරිදි,

ඌරගස්මංහංදිය පොලිස් ස්ථානාධිපති සුජිත් ප‍්‍රියන්ත ගෙන් යැපෙන, ඇල්පිටිය සා.පො.අ. 1, පුස්සැල්ල ගෙන් යුක්තිය ඉටු නොවන බව ද, ඔහුද, ෆාමසි මාපියාවට හවුල් බව ය.

අපරාධ කරුවන් ආරක්ෂා කරන්නේ පොලිස් නිලධාරීන් බවට මෙය ඉතා හොඳ නිදසුනකි.
එම නිසා මා ඉල්ලා සිටින්නේ, 

අපරාධ වින්දිතයකු, එනම් අපරාධයකට ගොදුරු වූ මට, ඌරගස්මංහංදිය පොලිසියේ ස්ථානාධිපති සුජිත් ප‍්‍රියන්ත හා ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී 1 පුස්සැල්ල විසින්, සිදුකර තිබෙන අපරාධය නිවැරදි කර, 
අපරාධකරු වූ ගුණවර්ධන ෆාමසියේ අයිතිකරු ශාන්ත ගුණවර්ධන, එම ෆාමසියේ ලියා පදිංචි ඖෂධවේදී, ඌරගස්මංහංදිය රජයේ රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය සිරිසේන, යන අය චූදිතයින් කරන ලෙසටය.

එම කරුණ, සා.පො.අ.1 පුස්සැල්ල, අසල සිටි පොලිස් නිලධාරියෙකු ගේ ඉල්ලීමට, මට කොළයක් දී මාගේ ඉල්ලීම ලියා ගන්නා ලදි.

විධමත්ව මාගේ පැමිණිල්ල ගැන විමර්ශණයක් සිදුකර, නීතිපති උපදෙස් ලබාගෙන, ඇල්පිටිය ම/උ පවරා ඇති 93512 නඩුවේ චෝදනා සංශෝධනය කරන ලෙසට ඉල්ලමි.

මෙයට,
අ.ක/ කේ. ර.

පිටපත්:
1. ජා.පො.කොමිෂම
2. නි.පො. - ගාල්ල
3. ලේකම් - අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යංශය    අපරාධ වින්දිතයින් සුරැුකීම සඳහා 
4. ලේකම් - නීතිය හා සාමය අමාත්‍යංශය               පියවර ගැනීමට
5. ඇල්පිටය ස.පො.අ. 1 පුස්සැල්ල - දැ.ගැ.පි.
                                                           

සිවිල් සමාජ වගකීම දුිතයින් ආරක්ෂා කිරිම නොවේ. ¥ෂිතයින් නිසා පීඩා විඳින අසරණයින් වෙනුවෙන් පෙනී සිටීමය. විජයදාස රාජපක්ෂ හා සාගල රත්නායකගේ කාර්යය දුිත පොලිසිය රැුකීමය.





No comments:

Post a Comment