ඇයට විකල්පයක් නොවීය. එ් නිසා පියාගේ මව්පිය බාරයට වැඩිමහල් පුතුන් දෙන්නාව බාර දුන්නා ලොකු මහත් කරන්න.
දුව හා බාල පුතාව ඇය දුක් මහන්සියෙන් ලොකු මහත් කලා. වැඩි මහල් පුතුන් දෙන්නා ඉගෙන ගෙන, හොඳ තැන්වල. මව දැන් ඔවුන්ට කරදරයක්. මතකයක්ද නැති තරම්. දියණිය විවාහයක් කරගෙන, ගමේ ජීවත්වනවා. බාල පුතා ආර්ථික අමාරුකම් වලින් පෙළෙනවා.
ඇය නිවසක මෙහෙකාර කමට ගියේ එ් නිසා. එ් 2013 දී. නිවස හිමියන් මාස තුනක් වැඩ අරගෙනත් පඩි දුන්නේ නැහැ. ඉල්ලූවාට පලක් වුනේ නැහැ. එ් නිසා කවුරුත් නැති වේලාවක් බලා පඩියට හිලව්වට අල්මාරියෙන් රු: 20,000/= ක් අරගෙන, ගෙදර ගියා.
පොලිසිය ඇවිත් ගහලා අරගෙන ගියේ රු: 20,000/= එක්ක. අත්අඩංගුවට ගන්න එකම ගැහැණු පොලිස් කාරයෙක්වත් ආවේ නැහැ. මාතර උසාවියට ඉදිරිපත් කලා, සොරකම් කිරීමේ චෝදනාවට. ඇයට පඩි නොදුන්න කතාව උසාවියට පොලිසියට වැඩක් නැතිලූ. නඩුවාර දෙකකට යන්න බැරි වුනා කියලා රිමාන්ඞ් භාරයට දැම්මා.
නීතිඥයින් ඉදිරිපත් කරන්න සල්ලි නැහැ, මාධ්‍යට මැගේ කථාව වාර්තා කරන්න තරම් විටානකමක් ඇයට නැහැ.
ඇය නඩු විභාගයේදී, තමාගේ කතාව කියන්න උත්සාහ ගත්තා. තමා වරද පිළිගන්නා බවද කිව්වා. එ් විතරක් නොවෙයි, තමා විෂාදයට 2013 සිට බෙහෙත් ගන්නා බවත් කිව්වා. ඇය කිව්වා දඩයක් ගසා නිදහස් කරන්න කියා.
නඩු කාරයා ඇය හය මාසෙකට හිරිගෙදරට යැව්වා. දැන් ඈ හිර ගෙදර.
වැඩිමහල් පුතුන් දෙන්නාට ඇය කරදරයක් ? නින්දාවක්. බාල පුතාට කරන්න දෙයක් නැහැ. ඇයව බලාගන්නේ දුව. නිදහස් වුනාම යන්නේ දුව ලඟට. නංගී - අඩු කුලේ මිනිහෙක් බැන්දා කියා පුත්තු චෝදනා කරනවා. එ් ගෙදරින් වතුරවත් බොන්න එන්නේ නැතිලූ.
මේ දකුණු ලක බෞද්ධ වංශවත් පුවලක සත්‍යය කථාවක්.
No comments:
Post a Comment