Saturday, July 13, 2019

පැන ගිය ආධුනික සෙබලාගේ  අවමගුල හමුදා ආචාර මැද රුපියල් ලක්ෂයක වන්දියක්  මළ ගෙදරට දවස් 5 ක් මුර. පුතාව මරලා කලපුවට දැම්මාද? මරණය අභිරහසක්!






පැන ගිය ආධුනික සෙබලාගේ  අවමගුල හමුදා ආචාර මැද, රුපියල් ලක්ෂයක වන්දියක්, මළ ගෙදරට දවස් 5 ක් මුර

පුතාව මරලා කලපුවට දැම්මාද? මරණය අභිරහසක්!!!!

රට රකින්න හමුදාවට බැඳුනු 19 හැවිරිදි උරේෂ් ගේ කුණු වූ මළ සිරුර හම්බ වුනේ විජයබාහු පාබල රෙජිමේන්තු පුහුණු කඳවුර ඉදිරිපිට, පුත්තලම පෙරිය වැවේදී.

පුතා පැනගොස් ඇති බවට මහ ?, ගෙදරට දැනුම් දීලා තිබුනේ, කඳවුරෙන්. අමතක වෙලා ආව බකට් එකයි, බෙඞ් ෂීට් එක ගන්න කලපුවට ගිය උරේෂ් ආයේ ආවේ නෑ`ඵ.

මේ පිළිබඳව උරේස් ගේ පියා, වගකිව යුත්තන්ට කරන ලද ලිඛිත පැමිණිල්ල බොහෝ කරුණු අනාවරණය කරයි.








පොලිස්පති ,   යුද්ධ හමුදාපති ,  මානව හිමිකම් කොමිෂන් සභාව  හා  නීතිපති අමකන ලද ලිපිය                      
    දොන් උරේෂ් කවිෂාන් ජයසිංහ, ආධුනික සෙබල, සෙ/2092744 ගේ අභිරහස් මරණය පිළිබඳව  විධිමත් පරීක්ෂණයක් කරන ලෙසට ඉල්ලා සිටීම.

දොන් බන්දුල ජයසිංහ, අවු: 49 යි, ජා.හැ.අ. 701461878 V, විවාහක, දරුවන් 02 යි, රැකියාව: පෙදරේරු, ලිපිනය : ගල්හේන, බේරුවල. 
2019.07.12 වන දින දීය.

දොන් උරේෂ් කවිෂාන් ජයසිංහ මාගේ පුතා වේ. 
ආධුනික සෙබල : අංක: සෙ/2092744
සේවා නම : ආසේ ජයසිංහ ඩියුකේ
පුහුණුව ලැබූ ස්ථානය : ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථානය, (පුත්තලම) යුද්ධ හමුදා  කඳවුර, සිංගවිල්ලූ වත්ත, පුත්තලම.

(1) හමුදාවට බැඳීමට සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වූ දිනය : 2018.12.26

(2) ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ, විජයබාහු රෙජිමේන්තුවට (කුරුණෑගල, බෝයගනේ* ඇතුළත් කරන ලද දිනය : 2019 ජනවාරි 16

(3) පුත්තලම සිංහවිල්ලූ වත්ත පුහුණු කඳවුරට ඇතුළත් වූ දිනය : 2019 මාර්තු 12

(4) එම කඳවුරේ පුහුණුව පටන් ගත් දිනය : 2019 මාර්තු 13

(5) අවසන් වරට නිවාඩුවට පැමිණි දිනය : 2019 ජුනි 12

(6) එසේ නිවාඩු පිට ඉන්න විට, තමාට ”ජංගල් කෝස්” එකට යන්න තියෙන බව පවසා, ලැයිස්තුවකට අනුව, බඩු මිළයට ගත්තා.

(7* 2019 ජුනි 17 දින, කඳවු බලා පිටත්ව ගියා.

(8) 2019 ජුනි 17 දින, සවස 5.30 ට දුරකථනයෙන් අමතා කිව්වා, ඉරිදා (23 වන දින) දක්වාම කථා කරන්න ලැබෙන්නේ නෑ, ෆෝන් එක ”ගන්නවා” කියා.

(9) නමුත්, 2019.06.23 දින ඉරිදා, පුතා කථා කළේ නෑ. 

(10) 2019.06.23 මධ්‍යම රාත‍්‍රියේ, 078 2882438 දුරකථන අංකයෙන් මාගේ දුරකථනයට ඇමතුමක් ලැබී තිබුණා.

(11) මා එය දුටුවේ, පසු දින, එනම් 2019.06.24 දින උදේ 7.50 ට පමණ. මා එම අංකයට ඇමතුමක් ගත්තා.

(12) එයට උත්තර දුන්න පුද්ගලයා ප‍්‍රකාශ කළා, තමන් පුත්තලම කඳවුරෙන් බව. ඔහු කියා සිටියා, ජයසිංහ (පුතා* තවත් කෙනෙක් එක්ක කඳවුරෙන් පැනලා ඇවිත් කියා.

(13* ඊට පසු මා, කඳවුරේ අංකය වන, 032 2267201 ට කථා කළා. එ් අවස්ථාවේදී ද කථා කළ පුද්ගලයා, පුතා කඳවුරෙන් පැනලා ගිහිල්ලා යැයි කිව්වා.

(14) නමුත්, පිළිතුරු දුන්න අයගේ අනන්‍යතාවය හෙළි කළේ නෑ.

(15) මමත්, සැමියාත්, දවල් 11.30 පමණ, අලූත්ගම පොලීසියට ගොස්, පුතා කඳවුරෙන් පැනලා ගිහිල්ලා තියෙනවා කියා, දැනුම් දුන් බව කියා සිටියා.

(16) ඒ අවස්ථාවේ පොලීසිය, කඳවුරට දුරකථන ඇමතුමක් දී, කාරණය විමසා සිටියා.

(17) කඳවුරෙන් පොලීසියට දැනුම් දුන්නා, මගේ පුතා එක්ක පස් දෙනෙක් පැනලා ගිහිල්ලා තියෙනවා කියා.

(18) පොලීසිය අපට කිව්වා, පැනලා ගිහිල්ලා නම් පුතා හවස් වෙනකොට ගෙදර එයි. හවස් වනතුරු බලන්න කියා. එ් අනුව අපි ගෙදර ආවා.

(19) එදිනම රාත‍්‍රී 8.00 ට පමණ, අප නිවසට පැමිණ සිටි හිතවතෙක්, පුත්තලම හමුදා කඳවුරට දුරකථනයෙන් කථා කර, අපේ මල්ලී කෙනෙක් කඳවුරෙන් පැනලා ගිහිල්ලා තියෙනවා එ් විස්තර මොනවද කියලා ඇසුවා.

(20) හමුදා කඳවුරෙන් පිළිතුරු දී තිබුනේ, කීප දෙනෙක් පැනලා ගිහිල්ලා තියෙනවා, එ් අතරම, කලපුවේ නා`දුනන කෙනෙක්ගේ  මළ සිරුරක් තියෙනවා, ඇවිල්ලා බලන්න යයි කියායි.

(21) අප, 15 කු පමණ වහාම, පුත්තලම බලා පිටත් වුණා. අප අලූයම 2.00 ට පමණ, පුත්තලම කඳවුරට ගියා.

(22) අප කඳවුර ඇතුළට ගියාම, අම්මා, තාත්තා වෙනම එන්න යයි කියා, කිව්වා. අප හිටියේ ගාඞ් රූම් එකේ.

(23) එහිදී  මාගෙන් හා බිරි`දගෙන් වෙන වෙනම ප‍්‍රකාශ ගත්තා. එහිදී, අපගෙන්, පුතා පැනලා ගියා, පිළිගන්නේ නැද්ද යැයි ඇසුවා. අපි නැහැ කිව්වා.

(24) අපගෙන් ප‍්‍රකාශ ලියාගත්තේ, හමුදා පොලීසියේ දෙන්නෙක්. ඔවුන්ගේ අනන්‍යතාවය හෙළි කළේ නෑ. නමුත් දුටුවොත් අඳුනන්න පු`ඵවන්. එවිට වේලාව, පාන්දර 4.00 ට පමණ ඇති. (2019 ජුනි 25 දින)

(25) අපගෙන් ප‍්‍රකාශ ලියා ගත්ත දෙන්නම අපට කිව්වා, කට්ටියම නාන්න ගිහිල්ලා එනකොට, ජයසිංහ (පුතා) ගේ බෙඞ් ෂීට් එකයි බකට් එකයි අමතක වෙලා, එ්ක ගේන්න ආපහු ගියා, ඊට පස්සෙ වුන දේ දන්නේ නෑ කියා.

(26) ඉන්පසු, අපි පුත්තලම පොලීසියට පැමිණියා. අපගේ විස්තර විමසුවා. නමුත් කිසිවක් ලියාගත්තේ නෑ. අපි, අපට මළ සිරුර හඳුනා ගැනීමට අවශ්‍ය බව කියා සිටියා. 

(27) ඒ ඉල්ලීමට, පොලීසිය, අපව පුත්තලම පොලීසියට යොමු කළා. පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තිබූ මළ සිරුර, අපට දැක ගන්නට ලැබුණා.

(28) සිරුර සම්පූර්ණයෙන්ම නරක් වී තිබුණා. අඳුනා ගන්න බැරි තත්ත්වයේ තිබ්බේ.

(29) දකුණු අතේ තිබූ කැලලින් මෘත දේහය පුතාගේ බව හඳුනා ගත්තා. එම සලකුණෙන් පමණයි හඳුනා ගත්තේ.

(30) අපිට කිව්වා, මහේස්ත‍්‍රාත් පැමිණෙනකන්, මෘත දේහය කපන්නේ නෑ කියා.

(31) සවස (2019.06.25* 4.45 වන තුරු බලන් හිටියා. කව්රුත් ආවේ නෑ.

(32) ඊට පෙර වෛද්‍යවරයා, අපගෙන් හඳුනා ගැනීම ගැන විස්තර ඇහැව්වා. පොලීසිය මළ සිරුර හමුවූ ආකරය විස්තර කළා. 

(33) ඉන්පසු මරණ පරීක්ෂණ කටයුතු අවසන් කර, හේතුව කියන්නට බැරි බවත්, සිරුරේ කොටස් රස පරීක්ෂක වෙත යවන බවත් කිව්වා.

(34) මරණයට හේතු දැක්වූයේ නෑ. අප මරණය සැක බව කියා සිටියා. අවසන් කටයුතු සඳහා මෘත දේහය නිදහස් කළා.

(35) 2019 ජුනි 27, පූර්ණ හමුදා ගෞරව සහිතව, අවමංගල්‍ය කටයුතු සිදු කළා.

(36) ඉන්පසුවද, හමුදා නිලධාරීන් දින 5 ක්, දිවා, ?, අප නිවස මුර කළා.

(37) මෙම මරණය දියේ ගිලීමක් ලෙස හමුදාව සඳහන් කර තිබෙනවා. එසේ කර ඇත්තේ, මරණයට හේතු ප‍්‍රකාශ නොකර.

(38) මෙම මරණය ස්වභාවික එකක් නොවන බවත්, මෙය මිනිස් ඝාතනයක ප‍්‍රතිඵලයක් බවත් ප‍්‍රකාශ කර සිටිමි.

එයට හේතු පහත දක්වමු.

(1) නොහඳුනන මළ සිරුරක්, පුත්තලම කලපුවේ (පෙරිය වැව* පාවෙන බවට පාරේ ගිය අයෙක් පොලීසියට දැනුම් දී තිබුණා. එ් උදේ 10.15 ට පමණ.

(2) උදේ 10.45 ට පමණ, පොලීසිය එම ස්ථානයට පැමිණ ඇති බව.

(3) එම ස්ථානයට ගරු මහේස්ත‍්‍රාත්වරයා පැමිණ ඇති බවත්, ස්ථාන පරීක්ෂණයක් සිදු වූ බවත්, ප‍්‍රකාශ වුණා.

(4) මළ සිරුර පිළිබඳව, මූලික පරීක්ෂණ කරන ලද, පොලිස් සැරයන් වන්නිආරච්චි නැමති නිලධාරීවරයා, මළ සිරුර හමුදා නිලධාරියකුගේ බවට නිරීක්ෂණය කර ඇත.

(5) මළ සිරුර ගොඩ ගන්නා අවස්ථාවේ, එම ස්ථානයට පැමිණ සිටි, හමුදා නිලධාරීන්, පොලීසියේ ප‍්‍රකාශය පිළිනොගෙන, එම සිරුර හමුදා සෙබලෙකුගේ නොවන බව ප‍්‍රකාශ කර ඇති බව.

(6) මාගේ පුතාගේ සිරුර, මෙම කලපුව (පෙරියවැව) පාවෙමින් තිබී ඇත්තේ කඳවුර ඉදිරිපිට බව.

(7) තවද, ස්ථාන පරීක්ෂණය කරන ලද අවස්ථාවේ, මළ සිරුරේ තිබූ එකම ඇඳුම වූ, යට ඇඳුමේ තිබූ හමුදා අංකය, වෙනත් අයෙකුගේ බව නිරීක්ෂණය වී ඇති බව.

පුතාගේ මරණය බෙඞ් ෂීට් එක හා බකට් එක ගේන්න ගොස් දියට වැටී, අනතුරකට පාත‍්‍ර වූවත්, හමුදා කඳවුර ඉදිරිපිට තිබෙන කලපුව පරීක්ෂා නොකර, කිසිදු විනය ගැට`ඵවක් නොතිබූ බවට පිළිගෙන තිබෙන තත්ත්වයක් තුළ, පුතා පැනගිය බවට තීරණය කළේ කෙසේද යන්න බරපතල කරුණකි.

මෙය හමුදාව විසින් කරන ලද ඝාතනයක් බව ප‍්‍රකාශ කරමි.

ඉල්ලා සිටින්නේ, මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසටත්, අපරාධකරුවන් නීතිය ඉදරියට ගෙන එන ලෙසත්ය.

මෙයට,

දොන් බන්දුල ජයසිංහ






No comments:

Post a Comment