Tuesday, July 9, 2019

බඳින්න ඉන්න එවුනුත් අම්මලා පුතාලා වගේ හැසිරෙන බව කියන පොලිස්කාරියෝ ළමුන්ව අමතන්නේ ‘‘වේ ...... යෝ’’, ‘‘හු ...... තෝ’’ කියලා.



මෙම කරුණු එළිදරව් වන්නේ, නව යොවුන් වියේ පසුවන, පාසල් සිසුවකුට පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයේ මූලස්ථානයේ දී මුහුණ දුන්න ඛේදනීය තත්ත්වය පිළිබඳව සිදුකර තිබෙන ලිඛිත පැමිණිල්ලෙනි.

ආරක්ෂාවට සම්බන්ධ පාසලක උසස් පෙළ හදාරණ මෙම සිසුවාව, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ මූලස්ථානයට කැඳවා තිබුනේ, දුම්රිය රියදුරෙකු විසින්, කර තිබූ පැමිණිල්ලක් මුල්කරගෙනය. පැමිණිල්ල යොමු කර තිබූ දුම්රිය රියදුරා, ඉහළ පොලිස්කාරියින් සමග සම්බන්ධතා පවත්වන්නකු බව, ඔහුගේ පවුලේ ආරංචිවලින් හෙළිව තිබේ. අදාළ සිසුවා රණවිරු පවුලක සාමාජිකයෙකි.

ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානයට ගෙන්වා ගත් සිසුවාගෙන්, පළමුව ප‍්‍රශ්න කර ඇත්තේ එම කාර්යාංශයේ පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර නම් වුවෙකි.

ඉන් අනතුරුව ඔහුව, එම කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරීවරියක් වූ, බිම්නිෂානි හා පොලිස් පරීක්ෂකවරියක් වූ, කුසුම් වෙත යොමු කර තිබේ.

මෙම පොලිස් කාරයින් දෙදෙනා, මෙම පාසල් සිසුවාව මානසික වධ හිංසා පමුණුවමින්, ඔවුන්ට අවශ්‍ය විදියට ප‍්‍රකාශයක් ලියවා ගැනීමට වෙර දරා ඇත. ඒ අතරතුර මෙම පොලිස් කාරිණියන් දෙදෙනා, ‘‘වේ ..... පුතා“, ‘‘හු ..... තෝ“ යන වදන් භාවිතා කරමින්, බඳ පටිය ගලවා පහර දීමට ද තැත් කර තිබේ. අවසානයේ මෙම නිලධාරිණියන් ලියන ලද ප‍්‍රකාශයකට ඔහුගෙන් අත්සන් ගෙන තිබේ. බලය යොදා, අඩම්තේට්ටම්වලට භාජනය කරමින්, ඔවුන් ලියන ලද ප‍්‍රකාශයකට අත්සන් කළද, එය තමන් පිළිනොගන්නා බව පොලිස්පතිට දැනුම් දී තිබේ.

ඉතා දුෂ්කර වාතාවරණයක් යටතේ සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්ව, උසස් පෙළ හදාරන මෙම සිසුවාට, පාසලේ ගුරුවර ගුරුවරියන්ගේ නොමද සහය ලැබෙන බව ප‍්‍රකාශ වේ.

ඒ අතර පංති වලට CCTV කැමරා හයිකරවන මෙම පාසලේ විදුහල්පතිනිය, නිල නිවසට, අත්සන් පොත ගෙන්වාගෙන උදේ 6.10 දමා, අත්සන් කරන බවත්ති, ඇය, ඇඟිලි සලකුණු යන්ත‍්‍රයට ඇඟිල්ල නොගසන අතර, එය සෙසු ගුරු මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ට, අනිවාර්ය කර ඇති බවද දැනගන්නට ඇත.

මෙම තත්ත්වයන් තුළ භය වී, නිහඬව සිටින බහුතරය, අයුක්තිය, අසාධාරණය අභියෝග නොකරන වාතාවරණය තුලදමේ තරුණයා, අනාගතය යහපත් රටක්, නීතිය මත පාලනයක් ඇති රටක්, සඳහා බලාපොරොත්තු තබා ඇත.

No comments:

Post a Comment