Monday, June 24, 2019

උසාවිය තීන්දුවට අවුරුදු 08 ක් ගනී. මානව හිමිකම් කොමිෂම මර නින්දේ.


ගම් බට්ටියකගේ වුවමනාවට, ගාමානීට සිහිය නැතිවෙනකම් පහර දෙන, උඩුගම පොලීසියේ පොලිස් කාරයෝ, සම්ප්‍රදායානුකූලව බොරු නඩුවක් පවරනවා. 

මේ බොරු නඩු දැමීම ගැන අද වනතුරු කතා කරන්න කෙනෙක් නෑ. ඒ මේ බොරු නඩු දැමිල්ලෙන් පීඩා විඳින අති බහුතරය ථේරවාදී බෞද්ධයන් වීම හා නඩු දුන්නෙත් ථේරවාදී බෞද්ධයන් විසින්ම නිසා විය යුතුය.

කෙසේ වෙතත් ගාමිනී, නඩු කියනවා. පොලීසියට යට වෙන්නේ නෑ. නඩුවෙන් ඔහුව නිfදාස් කොට නිදහස් කරනවා.

එයට සමගාමීව පොලිසියට විරුද්ධව ඔහු අඛන්ඩව සටන් කරනවා. ඒ ලිපි මගින්. පොලීසය පරීක්ෂණ පවක්වලා පොලිස්කාරයින් තුන් දෙනෙකුට විනයානුකූලව දඬුවම් කරනවා. 

මූලික අයිතිවාසිකම කඩ කිරීම අදාළ පරීක්ෂණ, මානව හිමිකම් කොමිෂමේ මාතර ප්‍රාදේශිය කාර්යාලය ආරම්භ කරනවා. තාම පරීක්ෂණ කරනවා වෙන්න ඇති. මොකද ලියන ලියුමකටවත් පිළිතුර නැත්තේ ඒ නිසා.

මේ වන විට ජාත්‍යන්තරය විසින්, අංක 1 ට තෝරාගෙන ඇති ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමේ සභාපතිනිය මේ ගැන මොකද කියන්නේ, ගාමිනීගේ ප්‍රශ්නය.

 ගාමිණී, සභාපතිනිය, ආචාර්ය දීපිකා උඩගම මිය, අමතන ලද ලිපියට අවධානය යොමු කරන්න. 


HRC/MT/245/11/v පැමිණිල්ල සම්බන්ධවයි.

මෙම පැමිණිල්ල ඔබ කොමිෂන් සභාවේ මාතර ප්‍රාදේශීය සභාව විසින් විමර්ශණයට ලක්කරනු ලැබීය.

නමුත් වසර 8 ඉකුත්ව යෑමට ආසන්නව තිබියදීත්, පැමිණිල්ලට වූයේ කුමක්ද යන්න පිළිබඳව දැන ගැනීමට නැත.

ඔබ ප්‍රාදේශීය ශාඛාවේ සම්බන්ධීකාරක නිලධාරී ඩී.එම්.ආර්.දිසානායක විසින් – පැමිණිල්ලට අදාළ, සාක්ෂි අයගෙන් ලබා ගන්නා ලදි. 

අප ඉදිරිපත් කරන ලද කරුණුවලට පිළිතුරු වශයෙන්, අමූලික බොරු උඩුගම පොලිස් ස්ථානාධිපති වරයා විසින් ඔබ කොමිෂමට සපයනු ලැබීය.

ඉන් අනතුරුව - පැමිණිල්ලට සිදුවූයේ කුමක්ද යයි කීමට ඔහු පියවර ගත්තේ නැත. 

මා මාගේ පැමිණිල්ලට සිදුවූයේ කුමක්ද යයි දන්වන ලෙසට ඔබටද පිටපත් සහිතව, ඔහුට ලිපි ගණනාවක් ලිවුවෙමි. ඒ සියල්ල ගඟට ඉනි කැපීමක් විය.

කෙසේ වෙතත්, පැමිණිල්ලට අදාල සිද්ධිය, පාදක කරගෙන, උඩුගම පොලිසිය මා ඇතුලු 12 කට විරුද්ධව පවරන ලද අපරාධ නඩුවෙන් සියලු දෙනාව නිfදාස් කරනු ලැබීය. (තින්දු ප්‍රකාශය, අවශ්‍යනම් ඉදිරිපත් කිරීමට පුලුවන.)

එපමණක් නොව, අප විසින් පොලිස්පතිට කරන ලද පැමිණිල්ල අදාල කරගෙන සිද්ධීය අදාල පොලිස් නිලධාරීන් හය දෙනෙකුට විරුද්ධව විනය පරීක්ෂණයක් ආරම්භ කරන ලදි. 

එම පරීක්ෂණයෙන්, පොලිස් කොස්තාපල්වරු 3කු වරදකරු කර, බරපතල දඬුවම් පමුණුවනු 
ලැබීය.

මා විසින්, උඩුගම පොලිසිය සිදුකරන ලද අපරාධය පිළිබඳව මා පොලිස්පතිට කරන ලද පැමිණිල්ල පිළිබඳව පොලිසිය විනය පරීක්ෂණ පවත්වන ලදි.

එම විනය පරීක්ෂණයේදී, අඩුගම පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු ව වරදකරු කර ඔවුන්ට දඬුවම් කරන ලදි. 

මෙම පසුවිපරම තුල ප්‍රමාද වුවද, ඔබ කොමිෂමට ලියන්නේ, ඔබ කොමිෂමේ ක්‍රියා කලාපය පිළිබඳව, හැකියාවක් ඇති නම් අවධානය යොමු කරවිමටය.

ඔබ කොමිෂමේ මාතර ප්‍රාදේශීය සම්බන්ධීකාරක පොලිසිය හා එක්ව, පරීක්ෂණය යටගසනු ලැබීය.

මේ වන විට, මාගේ පැමිණිලි අදාළ ලිපි ගොනු පවා අස්ථානගතව නොතිබුණහොත් පුදුමයකි.

වධහිංසාවට පත්කොට, ව්‍යාජ නඩු පවරා අවු: 8ක් පුරා, ශාරීරික මානසික වධ වේදනාවන්ට පත් කිරිම අදළ පැමිණිල්ලක් යට ගසා දමන්නට තරම්, ඔබ කොමිෂමේ නිළධාරීන් දූෂිතයින් බවට පත්ව තිබෙන බව ප්‍රකාශ කර සිටිමි.

මා ඉල්ලා සිටින්නේ, තවදුරටත් පමා නොකර, එම පැමිණිල්ලට සාධාරණය ඉටු කරන ලෙසටයි.



No comments:

Post a Comment