Thursday, June 13, 2019

පකිස්ථානුවෙකුගේ අල්ලේ නටන මීගොඩ පොලීසිය.


මොහොමඞ් සෝලින් නම් පකිස්ථානුවා මීගොඩ පොලිසය යොදාගෙන, මංජුලට වධ දී, බොරු නඩු දෙකක් දමන්නේ, හය මාසයක් යනතුරු රිමාන්ඞ් භාරයේ ඉන්නට සලස්වන බවට දිවුරා පොරොන්දු වෙමින්.

ඒ සඳහා මීගොඩ පොලීසිය යොදා ගන්නේ උසාවියයි. පකිස්ථානුවාගේ රුපියල් පනස්දාහක් හොරකම් කළ බවට එක් නඩුවකුත්, හෙරොයින් ග්‍රෑම් 1යි මිළි ග්‍රෑම් 150 ක් තබාගත් බවට තව නඩුවකුත් මංජුලට විරුද්ධව මීගොඩ පොලීසිය පවරනවා.

රුපියල් පනස් දහස සොරකම් කළ බවට වන පැමිණිල්ල ලියවා ගන්නේ පකිස්ථානුවාගෙනි. 

එම නඩුවට ඇප ගැනීම වැළැක්වීමට නොහැකි බව දන්නා පොලීසිය, පකිස්ථානුවාගේ ලබාගත් අල්ලසට හා ඔහුට දුන් පොරොන්දුව ඉටු කරන්න මංජුල සන්තකයේ හෙරොයින් තිබූ බවට වන බොරු නඩුව පවරනවා. හෙරොයින් චෝදනාවට ඇප ලබාගත යුත්තේ මහාධිකරණයෙනි.

ඒ සඳහා ඉතා දිගු කාලයක් ගතවන අතර, අති විශාල මුදලක්, නීතිඥවරුන්ට ගෙවීමට ද සිදුවේ.

මේ පිළිබඳව ඔහුගේ සහකාරිය, මානව හිමිකම් කොමිෂමට හා ජාතික පොලිස් කොමිෂමට පැමිණිලි කළ ද, ඉන් කිසිදු ඵලක් වන්නේ නැත. 

මානව හිමිකම් කොමිෂමට ලැබෙන පැමිණිලි වැඩිලු. කරගන්න බැරිලු.

ජාතික පොලිස් කොමිෂම කියන්නේ මහජන මුදල් කාබාසිනියා කරන පාදඩයින් ගේ රජ දහනකි. ඒකෙ ඉන්න නිලධාරීන් පේන අහන්නේ හොරුන්ගේ අම්මලාගෙන් නොව, හොරාවම තුරුලට අරගෙන, හොරාගෙන් ය.

හොරා දෙන උත්තරය පැමිණිලිකරුට ලියා යැවීම, ජාතික පොලිස් කොමිෂමේ අධ්‍යක්ෂකලාගේ එකම රාජකාරියයි.

ස්වාධීන බෝඞ් ගහගෙන මහජන මුදල් වනසන මේ ඊනියා කොමිෂම ගැන ජනතාව නිහඬ කරවා ඇත්තේ ඊනියා සිවිල් සංවිධානයි.

මෙම සෝචනීය තත්ත්වය තුළ මංජුල හිරේ ළගින අතර ඔහුගේ දරුවන් මහ මගට වැටී ඇත.

මෙම පුවත් හා අදාළ සියලු තොරතුරු අප සතුව ඇත.







No comments:

Post a Comment