Monday, August 26, 2019

කාන්තාවකගේ හුරතලයට නටන ඌරගස්මංහන්දිය පොලීසිය.


මාස දෙකකට පෙර, ප‍්‍රකට සමාගමක අලෙවි නියෝජිතයකුව, එල්ලා පහර දී, සදාකාලික අබ්බගාතයකු කරන ලද, ඌරගහ පොලීසිය, ප‍්‍රදේශයේ කාන්තාවක් සමග හුරතල් වෙමින්, මහජනයාට පීඩා කරන්නට පටන් ගෙන තිබේ.
පසුගිය දා, මෙම පොලිස් හුරතලියට විරුද්ධව ගසා තිබුන කැලෑ පත්තරයක් මුල් කරගෙන, උඩ පනින්නට පටන් ගෙන තිබේ.
පොලිස් පීඩාවට පත්ව ඇති එක් කාන්තාවක්, ප‍්‍රජා පොලිස් කමිටුවේ සාමාජිකාවකි. ඇය සමාදාන විනිසුරුවරියකි.
මැය, හා පීඩාවට පත් අනෙක් තැනැත්තා විසින්   මානව හිමිකම් කොමිෂන් සභාව ට හා       පොලිස්පති  ට කර තිබෙන ලිඛිත පැමිණිලි දෙක පහත දක්වමු.

පුද්ගලික සම්බන්ධතා මත පොලිස් බලතල උපයෝගී කරගෙන 
සිදුකරන පීඩා කිරීම් වලක්වාලන ලෙසට කරන ඉල්ලීම.

සුනිල්, අවු: 57 යි, විවාහක, දරුවන් 05 යි, රැුකියාව: කම්කරු. 
ලිපිනය:මහ ඌරගහ. 
2019.08.23 වන දින දීය.
2019.07.22 වන දින ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයෙන් පණිවුඩයක් ලබාදුන්නා, ඵක්‍ඍ 2153 දරන පැමිණිල්ලට, 2019.07.25 වන දින උදේ 9.00 ට පැමිණෙන ලෙසට දැනුම් දුන්නා.
එම පණිඩුඩය, මාගේ නමට අමතරව. මාගේ පුතුන් දෙන්නා වන, ගේ ද නම් තිබුණා. එහි මුදිතා යන අයගේ ද නම තිබුණා.
මා, පුතුන් දෙන්නා වූ ් සමග පොලීසියට ගියා. මුදිතා යන අයද පැමිණ සිටියා.
පැමිණිල්ල දමා තිබූ එල්.ජී. දේවිකා හා එල්.ජී. සමන් යන අඹුසැමි දෙදෙනා ද පැමිණ සිටියා.
අප පොලීසියට ගිය පසු දැන ගත්තා එල්.ජී. දේවිකා හා එල්.ජී. සමන් යන දෙදෙනා ගේ පැමිණිල්ල ඔවුන්ට විරුද්ධව ගසා තිබූ කැලෑ පත්තරයක් පදනම් කරගෙන බව.
පැමිණිල්ල විමර්ශනය කළ ස්ථානාධිපතිවරයා වන හරිත නැමති අය, අවම වශයෙන්, ගැසූ බව කියන කැලෑ පත්තරයවත්, අපට පෙන්නන්නේ නැතිව, පැමිණිලිකරුවන්ට කිව්වා, කැලෑ පත්තරයේ අකුරු, ටී.ඩබ්. මුදිතාගේ බවත්, අධිකරණයට ඉදිරිපත් කර, උසාවි නියෝගයකින් අත් අකුරු පරීක්ෂකට යවන බවත්.
ඉන්පසු අපට, 2019.07.27 දින ද පොලීසියට එන්න කිව්වා. එ් අනුව අප එදින පොලීසියට ගියා.
එහිදී, අපගේ, නම, ලිපිනය, ලියාගෙන අත්සන් කරන්න කිව්වා. පැමිණිලි කාරයාගේ ගැසූ බව කියන ”කැලෑ පත්තරය” පොලීසිය බාරයට ගත්තා.
එයින් පසුව, 2019.08.16 දින නැවත පොලීසියට එන්න කිව්වා. එදින ස්ථානාධිපතිවරයා අපට කිව්වා, ”මාගේ නිගමනය” අත් අකුරු සමාන බව, එ් නිසා මම උසාවියට දානවා කියා.
මේ සෑම අවස්ථාවකම ස්ථානාධිපති හරිත, අපට, නින්දා අපහාස කරමින්, පැමිණිලිකාරිය සමග සමීප සම්බන්ධතා පවත්වන බව මනාව පෙන්නුම් කරන බවද, ප‍්‍රකාශ කරමි.
මීට පෙරද, මෙම පැමිණිලිකාරිය, පොලීසිය උපයෝගී කරගෙන, අධිකරණය යොදවාගෙන අපට හිරිහැර කරන ලද බවද, 
දැනටත් ව්‍යාජ චෝදනා මත පවරන ලද අංක: 1695 (ඇල්පිටිය ම/උ* නඩුව අවසන්ව නැත.
ඉල්ලා සිටින්නේ,
ඌරගස්මංහන්දිය පොලීසියේ ස්ථානාධිපතිවරයා වන හරිත, උ.පො.ප. ඥණරත්න හා පො.සැ. 37168 ජයසිංහ, පොලිස් බලතල නීති විරෝධී ලෙසට උපයෝගී කරගෙන සිදුකරන, පීඩා කිරීම් නැවැත්වීමට පියවර ගන්නා ලෙසට හා එ් හා අදාළ නීතිමය හා විනය පියවර ගන්නා ලෙසට ය.

එමෙන්ම මෙමගින්, අපගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවද ප‍්‍රකාශ කරමි. 
මෙයට,
 සුනිල්
2
පුද්ගලික සම්බන්ධතා මත පොලිස් බලතල උපයෝගී කරගෙන 
සිදුකරන පීඩා කිරීම් වලක්වාලන ලෙසට කරන ඉල්ලීම.

මුදිතා , අවු: 53 යි, විවාහක, ලිපිනය: ඌරගහ. 
2019.08.23 වන දින දීය.
2019.07.22 වන දින ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයෙන් පණිවුඩයක් ලබාදුන්නා, ඵක්‍ඍ 2153 දරන පැමිණිල්ලට, 2019.07.25 වන දින උදේ 9.00 ට පැමිණෙන ලෙසට දැනුම් දුන්නා.
එම පණිඩුඩය, මාගේ නමට අමතරව, සුනිල්, යන නම් තිබුණා. 
මා සමග, සුනිල්, යන අයද, පොලීසියට ගියා. පැමිණිල්ල දමා තිබූ එල්.ජී. දේවිකා හා එල්.ජී. සමන් යන අඹුසැමි දෙදෙනා ද පැමිණ සිටියා.
පොලීසියේදී, දැන ගත්තා එල්.ජී. දේවිකා හා එල්.ජී. සමන් යන දෙදෙනා ගේ පැමිණිල්ල, ඔවුන්ට විරුද්ධව ගසා තිබූ කැලෑ පත්තරයක් පදනම් කරගෙන බව.
පැමිණිල්ල විමර්ශනය කළ ස්ථානාධිපතිවරයා වන හරිත නැමති අය, අවම වශයෙන්, ගැසූ බව කියන කැලෑ පත්තරයවත්, අපට පෙන්නන්නේ නැතිව, පැමිණිලිකරුවන්ට කිව්වා, කැලෑ පත්තරයේ අකුරු, මාගේ බවත්, අධිකරණයට ඉදිරිපත් කර, උසාවි නියෝගයකින් අත් අකුරු පරීක්ෂකට යවන බව.
ඉන්පසු අපට, 2019.07.27 දින ද පොලීසියට එන්න කිව්වා. එ් අනුව අප එදින පොලීසියට ගියා.
එහිදී, අපගේ, නම, ලිපිනය, ලියාගෙන අත්සන් කරන්න කිව්වා. පැමිණිලි කාරයාගේ ගැසූ බව කියන ”කැලෑ පත්තරය” පොලීසිය බාරයට ගත්තා.
එයින් පසුව, 2019.08.16 දින නැවත පොලීසියට එන්න කිව්වා. එදින ස්ථානාධිපතිවරයා අපට කිව්වා, ”මාගේ නිගමනය” අත් අකුරු සමාන බව, එ් නිසා උසාවියට දානවා කියා.
එදින, මා, පොලීසියේ සිට නිවස බලා යන අතර, හිපන්කන්ද, 7 කණුව, ත‍්‍රී රෝද රථ ගාල අසලදී, පැමිණිලිකාරිය වූ, එල්.ජී. දේවිකා හා සැමියා එල්.ජී. සමන්, මට අමානුෂික ආකාරයට බැන වැදුනා. මා ගෙදර ඇවිත් පසු දින, 2019.08.17, පොලීසියට ගොස් පැමිණිලි කළා. පැමිණිලි අංකය : ක්‍ෂඊ 2 991146ග  පැමිණිලි විභාගයට, 2019.08.20 එන ලෙසට දැනුම් දුන්නා.
2019.08.19 වන දින, සිවිල් ආරක්ෂක කමිටු රැුස්වීමේදි, මම පොලීසිය සිදුකරන අකටයුතුකම් ගැන පැහැදිළි කළා.
පසුදින, 2019.08.20, මා පොලිසියට ගිය විට, සිවිල් ආරක්ෂක කමිටුවට සම්බන්ධ පොලිස් නිලධාරීන් හිටියේ නෑ.
විභාගය කරන ලද, උ.පො.ප. ඥණරත්න ඉදිරිපිටදී, මට, එල්.ජී. දේවිකා යන අය මරණීය තර්ජනය කළා.
නමුත්, උ.පො.ප. ඥණරත්න, කිසිදු වචනයක් කිව්වේ නෑ.
එල්.ජී. දේවිකා යන අය තරයේ කියා සිටියා, පැමිණිල්ල විභාගය, ස්ථානාධිපති හරිත ළඟට දාන්න කියා. එ් අනුව, 2019.08.26 දිනට පැමිණෙන ලෙසට දැනුම් දුන්නා. 
මේ සෑම අවස්ථාවකම ස්ථානාධිපති හරිත, අපට, නින්දා අපහාස කරමින්, පැමිණිලිකාරිය සමග සමීප සම්බන්ධතා පවත්වන බව මනාව පෙන්නුම් කරන බවද, ප‍්‍රකාශ කරමි. එම නිසා ස්ථානාධිපති හරිත නැමති අයගෙන් සාධාරණයක් ඉටු වේ යයි අපේක්ෂා නොකරමි.
විශේෂයෙන් සමාදාන විනිසුරුවරියක් හා ඌරගස්මංහන්දිය පොලිස්ථානයේ ප‍්‍රජා පොලිස් කමිටුවේද සාමාජිකාවක් වශයෙන් ක‍්‍රියාකරන මා හට, ස්ථානාධිපති හරිත නින්දා අපහාස කරමින්, තර්ජනය කරමින් කි‍්‍රියා කරන්නේ, මෙම දේවිකා නැමති අය හා පොලීසියේ සමහර නිලධාරීන්ගේ අයුතු සම්බන්ධය නිසා බව මා තරයේ විශ්වාස කරමි.

ඉල්ලා සිටින්නේ,
ඌරගස්මංහන්දිය පොලීසියේ ස්ථානාධිපතිවරයා වන හරිත, ”කැලෑ පත්තරයක්” මූලික කරගෙන, උ.පො.ප. ඥණරත්න හා පො.සැ. 37168 ජයසිංහ, පොලිස් බලතල නීති විරෝධී ලෙසට උපයෝගී කරගෙන සිදුකරන, පීඩා කිරීම් නැවැත්වීමට පියවර ගන්නා ලෙසට හා එ් හා අදාළ නීතිමය හා විනය පියවර ගන්නා ලෙසට ය.
විශේෂයෙන්, ප‍්‍රජා පොලිස් කමිටු සාමාජිකාවක් වශයෙන් මා ප‍්‍රකාශ කරන්නේ, දැනටමත් පොලිස් ස්ථානාධිපති හරිතට එරෙහිව අපරාධ චෝදනා එල්ලවීතිබෙන බවයි.
එමෙන්ම මෙමගින්, අපගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවද ප‍්‍රකාශ කරමි. 
මෙයට,
මුදිතා 


No comments:

Post a Comment