Sunday, August 18, 2019

කොස්ගොඩ ස්ථානාධිපතිව බේරා මිටි තැනින් වතුර බැස්සවීම මානව හිමිකම් කොමිෂමේ සුපිරි නිර්දේශය ..... !!!


හැට නව හැවිරිදි විල්සන් ව හා සහෝදරියන් දෙදෙනාව, ඔවුන්ගේ නිවසින් පන්නා දැමීමට,  ඔහුගේම සහෝදරයකු උපයෝගී කර ගන්නේ පොලීසියයි. 

විල්සන් ගේ පියසිරි නම් වූ සොහොයුරා, කොස්ගොඩ පොලීසියට ගොස් තමාට (පියසිරිට*, විල්සන් පහර දුන් බවට පැමිණිල්ලක් දමයි. කිසිදු විමර්ශණයකින් තොරව, වහාම ක‍්‍රියාත්මක වූ කොස්ගොඩ පොලීසිය, විල්සන් සොයා ගොස් අත්අඩංගුවට ගෙන, පොලීසියට ගෙන එයි. පහර දිම අදාල පරික්ෂණ කරනු වෙනුවට පොලිස්කාරයින් කරන්නේ - තම නිවස අතහැර යන ලෙසට  බල කිරිමය .

බලහත්කාරයෙන් ප‍්‍රකාශයකට අත්සන් ගනී. එ් කම්මුල් පහරවල් දෙකක් ගසාය. ඉන්පසු කූඩුවට දමන්නේ, සාක්කුවේ රුපියල් හැත්තෑව අරගෙනය. 

පසුදින ඔහුව, පොලිස් ඇපයක් මත මුදා හරියි.

මෙම නීති විරෝධී ක‍්‍රියාව ගැන මානව හිමිකම් කොමිෂම ප‍්‍රමුඛ බලධාරීන්ට දැනුම් දෙයි.

මානව හිමිකම් කොමිෂම, විමර්ශනය කර, වගඋත්තරකරුවන් ලෙසට නම් කරන ලද පොලිස් නිලධාරීන් දෙදෙනෙකුව, වරදකරු කරනු ලබයි. ඔවුන්, වන්දි වන්දි ලෙස රු: 25,000/- ක් විල්සන්ට ගෙවිය යුතු බවට නිර්දේශ කරයි.

නමුත් මානව හිමිකම් කොමිෂමට පැමිණි ස්ථානාධිපතිවරයා, තම වගකීම පැහැර හැරීමට හේතු වශයෙන් දැක්වූයේ එදින පොලිස් ස්ථානයේ නොසිටි බවට අසත්‍ය කරුණු හුවා දක්වමින්ය. 
ස්ථානාධිපතිවරයා, එදින රාජකාරි කළ බවට, ලේඛන මගින් ඔප්පු කර තිබියදීත්, ඔහුට වගකීමෙන් ගැලවෙන්නට මානව හිමිකම් කොමිෂම ඉඩ දී තිබේ.

පොලිස් ස්ථානවල අපරාධ වලට ස්ථානිධිපති වගකිව යුතුයි. නමුත් එම කරුණ යටපත් කර දමා වධ හිංසාව ප‍්‍රමුඛ පොලිස් අපරාධ වැළැක්විය නොහැකි බව විල්සන් මානව හිමිකම් කොමිෂමට කියා සිටී.

මානව හිමිකම් කොමිෂමට විල්සන් ලියන ලද ලිපිය පහත දැක්වේ. 

්‍යඍක්‍රැු3162රැු17 පැමිණිල්ලට අදාලව 2019.07.19 වන දින, 
ඔබ කොමිෂම මගින් නිකුත් කරන ලද නිර්දේෂය හා බැඳේ.

මෙම නිර්දේශයට අනුව මාගේ අයිතිවාසිකම් උල්ලංඝණය වී  ඇති බව ප‍්‍රකාශ කර ඇත.

එම නිර්දේශයට අනුව වගඋත්තරකරුවන් වශයෙන්,

01. උ.පො.ප. අයි.ජී. කීර්තිපාල 
02. පො.ප. ජී.පී.ඞී. සිල්වා, පොලිස් ස්ථානය කොස්ගොඩ

නම් කර ඇත.

මෙම පැමිණිල්ල විමර්ශනය වන අවස්ථාවේදී එනම්, 2018.06.08 වන දින, ස්ථානාධිපති කොස්ගොඩ කැඳවා සිටි අතර, ඔහු විසින් ප‍්‍රකාශ කර සිටියේ මාගේ පැමිණිල්ලට අනුව, සිද්ධිය වූ 2017.07.29 වන දින 2017.07.30 වන දින තමා පොලිස් ස්ථානයේ නොසිටි බවත් වව්නියාව අධිකරණයේ පවතින නඩුවකට ඉදිරිපත් වූ බවත්, වැඩ බලන ස්ථානාධිපති වශයෙන් දෙවන වගඋත්තරකරු වන, පො.ප. ජී.පී.ඞී. සිල්වා කටයුතු කළ බවත්ය.

නමුත් පසු විමර්ශන අවස්ථාවේදී පළමු වන හා දෙවන වගඋත්තරකරුවන් පොත් පත් සමග කොමිෂන් සභාවට පැමිණ ප‍්‍රකාශ කර සිටියේ, 2017.07.29 හා 2017.07.30 වන දින, ස්ථානාධිපතිවරයා, පොලිස් ස්ථානයේ සිටි බවත්, දෙවන වගඋත්තරකරු වැඩ බලන ස්ථානාධිපති වශයෙන් කටයුතු නොකළ බවත් ඇප ලබාදීමේ බලය ඇත්තේ ස්ථානාධිපතිවරයාට බවත්, එදින ස්ථානාධිපතිවරයා පොලිස් ස්ථානය තුළ වෙනත් රාජකාරි කරන ලද සටහන් කළ පොත් ද ඉදිරිපත් කරන ලදි.

එසේ නම් පොලිස් ස්ථානාධිපතිවරයා විසින්,

01. ඔබ කොමිෂම නොමග යවන ආකාරයට ප‍්‍රකාශ ලබා දී ඇත.

02. මා හට ඇප ලබා නොදී සවස 3.00 පමණ වනතෙක් නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීම 
     සම්බන්ධයෙන් ද ,

03. පළවන වගඋත්තරකරුගේ ක‍්‍රියා කලාපය තුළ කර ඇති නීති විරෝධී ලෙස යොදන ලද
     සටහන් නිරීක්ෂණය නොකිරීම ද,

04. මා අත්අඩංගුවට ගෙන මුදා හැරීම සම්බන්ධයෙන් ් වාර්තාවකින් අධිකරණයට කරුණු
     වාර්තා නොකිරීම යන නීතිමය වගකීම් වලින් ස්ථානාධිපතිවරයා බැහැර වී කටයුතු කිරීම යන
     කරුණු,

ඔබගේ අවධානයට යොමු කරමි.

මෙම නිර්දේශයට අනුව, ස්ථානාධිපතිවරයා වගඋත්තරකරුවකු නොකිරීම තුළ නිර්දේශය ක‍්‍රියාත්මක කිරීමට ඔහු බැඳී නොමැති බව මෙයින් අවධාරණය කරමි.

එබැවින් මෙම කරුණු සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කොට, අවශ්‍ය පියවර ගන්නා ලෙසද ඉල්ලා සිටිමි.

මෙයට,

ඩබ්. විජේසුන්දර


No comments:

Post a Comment