Monday, October 24, 2011

ගඩාපිට යුක්තිය ඉටුවිය යුතුයි



අතීතයේ පටන් කෘෘර පාලකයින් බලයෙන් පහ කිරීමට ජනතාව පසුබට වූයේ නැත.

ආසන්නතම උදාහරණය ගඩාපිය. ගඩාපිගේ අවසානය කෙතරම් මිලෙච්ජ ආකාරයෙන් සිදුවීද යන්න අද ලෝකයම දනී.

එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් රකින බවට පොරොන්දු දී, පීඩාවට පත්වූ ජනයාගේ ලේ දහඩියෙන් බලයට පැමිණ සිටින වත්මන් පාලකයෝ, ගඩාපිගේ මරා දැමීම වසන් කිරීමට බොරු කීමට පටන්ගෙන තිබීම, පිලිකුල් කල යුතුය.

කවුරුවුවත් අස්වාභාවික ලෙසට මිය ගියා නම් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතුය. එය ශිෂෟඨකමේ ලක්ෂණයයි.

මෘතදේහයට - නිසි ගෞරවයක් දැක්විය යුතුය. එයද ශිෂෟඨ කමේ ලක්ෂණයයි.

ජීවත්ව සිටියදී ඔහු මිනීමරුවෙකි. දූෂිතයෙකි. ඔහුගේ මරණය අපේක්ෂා කල අය බොහෝය. එහෙත් අත්අඩංගුවට ගත් පසුව වධහිංසාවට පත් කිරීමට, මරා දැමීමට කිසිවෙකුටවත් අයිතියක් නැත.

ගඩාපි ඉස්ලාමීය සංස්කෘතියට අයත් නොවුනානම්, බෞද්ධ හෝ හින්දු වූවානම් මෙලහකටත් මළ සිරුර අදුනාගන්නට නොහැකිවන පරිදි පුලුස්සා දමා හමාරය.

ගඩාපිගේ මරණය ගැන - පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවත්වීමට, සෑම ශිෂ්ඨ රාජ්‍යයක්ම ලිබියානු නව නායකයින්ට බලකල යුතුය.

දැනටමත් ජගත් සංවිධාන පෙන්වාදී ඇති අයුරු කැරළි හමුදා, ගඩාපි පරාජය කිරීම සදහා දියත් කල සන්නද්ධ අරගලයේදී මානවවාදී නීති උල්ලංඝණය කර ඇත.

ගඩාපිගේ සහ ඔවුන්ගේ සගයින්ද, ඔහුට පක්ෂවූ හමුදා සොල්ලාදදුවන්ද අත්අඩංගුවට පත්වීමෙන් පසුව මරා දැමූ බවට පළවන සියලු පුවත් පිළිබද වින්දිත භාවයෙන් යුතුව පරීක්ෂණවලට භාජනය කෙට, වැරදි කල අයට නිසි දඩුවම් පැමිණවිය යුතුය.

එසේ නොකරන්නේනම් ගඩාපි පාලනය     මර්දනකාරී හා දූෂිත පාලනයකින් ලිබියානු ජනයා පීඩාවට පත්වනු ඇත.

යුද්ධ අපරාධ කවුරු කලත්, මොන තත්වයන් යටතේ කලත් අපරාධය. මිලේච්ජය. අත්අඩංගුවට ගත් පුද්ගලයා කවරෙකු වුවත් වධහිංසා පැමිණවීම, මරා දැමීම පිළීකුල් කල යුතුය. හෙලා දැකිය යුතුය. එසේ කරන ලද අයවලුන්ට නීතිය ඉදිරියට ගෙන ආ යුතුය.

ගඩාපි ජීවතුන් අතර සිටි වකවානුවේ ඔහුගේ මිතුරන්, ඔහුගෙන් ලාබ ප්‍රෙයා්ජන ගත්තවුන් -මේ අවස්තාවේ නිහඩව සිටිනවානම්, ඔවුන් ශිෂෟඨ මිනිසුන් නොවන්නේය.

ගඩාපිගේ මරණය පිළිබදව පශ්චාත් මරණ පරික්ෂණ පවත්වන ලෙසට හා ගැටුමේදී යුද අපරාධ සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා පිළිබදව - ජාත්‍යන්තර ප්‍රජාවගේ මැදිහත්වීම ඇති නිසි පරීක්ෂන පැවැත්විය යුතු බවට, නගන ජාත්‍යන්තර හඩට ශ්‍රී ලංකාව එක්විය යුතුය.

එහෙත් යමක් කළ යුත්තේ තමා සම්මතයේ පිහිටා විය යුතු බවට වන - කියමන සිහියට තබාගෙන බව මතක තබාගත යුතුය.

Wednesday, October 19, 2011

විධායක ශාපය



ප්‍රේමදාස ජනාධිපතිවරයා අනාරක්ෂිත ‘‘දුම්රිය හරහා පාර’’ උනබම්බු ගේට්ටු සවි කරන්න නියෝග කළා.

විධායක ජනාධිපති දුන්න නියෝගයට අනුව - ඉවක් බවක් නැතිව උනබම්බු ගේට්ටු සවි කරන්න දුම්රිය දෙපාර්ථමේන්ත=වට සිද්ධවුනා.

‘‘උනබම්බු’’ හොයන්න අමාre නැහැ.නමුත් ඒවාට ගේට්ටුකරeවන් සෙවීම,පඩි ගෙවන්න සල්ලි, මේ සියල්ලට උත්තරත් විවධායක ජනාධිපති දුන්නා.

උනබම්බු ගේට්ටු 1988 ජනවාරි 22 පටන් ගත්තා.

අවු 45ට අඩු, 8 වන පන්තිය සමත්, ජනසවිලාභීන් (මේ කාලයේ සමෘද්ධි ලෙසට `ÿන්වන) ඒ සදහා පත් කරන්න නියම කලා.

පත්වීම් තාවකාලික. පඩිය දිනකට රපියල් 33.00යි.

ප්‍රේමදාස ගියා. වෙන අය ආවා.

දැන් ‘‘උනබම්බු ගේට්ටු කරeවන්’’ රටටම ප්‍රශ්ණයක් - මාසෙකට රe 1000/= ක පඩියට පැය 12 ක් වැඩ කරන්න වෙලා.

උනබම්බු ගේට්ටුකරeවන් - වෘත්තීය ඉල්ලීම් ඉදිරිපත් කරනවා.දැන් ප්‍රශ්ණයක්.

ඊට පස්සෙ ආපු අය
ප්‍රශ්ණෙට විසදුම් දුන්නේ නෑ -
පැලැස්තර දැම්මා-
බලාපොරොත්;= දුන්නා-

කාලයත් සමග - විවිධ ආකාරයට
සමහරe තම ප්‍රශ්ණය විස`දා ගත්තා
මේ එහෙම විස`දුමක් නැතිව ඉන්න අයෙක්.

දැන් උනබම්බු ගේට්ටු නැහැ-
උනබම්බු ගේට්ටු කරeවොත් නැහැ 56 වයස දැන් 
අවු. 23 ක්, ගේට්ටු ඇරලා වහලා, ජීවිතයම ගේට්ටුවට ගෙවී ගිහිල්ලා.
අපේ විධායකhත් - සැලැස්මක් නැතිව,රට ගැන ජනයා ගැන හිතන්නේ නැති, ප්‍රශ්ණය දන්නේ නැති.

ප්‍රවෘත්තිවලට- කරන වැඩ
විධායකය මුඵ රටටම ශාපයක්


ජනතාවගෙ දිවි රකින්න
අවු 23   උනබම්බු ගේට්ටුවල
දිවි ගෙව්වා 

තෙලිකඩ පොලිස් පහරදීම බද්දේගම ප්‍රාදේශීය සභාව හෙළා දකී.



ප්‍රා. සභා මංත්‍රී අනුර  ජයසේකර

තෙලිකඩ පොලිසිය සජිත් සුරංගට පහරදීම හෙලා දැකීමේ යෝජනාවක් බද්දේගම ප්‍රාදේශීය සභාව ඒකමතිකව සම්මත කර තිබේ.

ප්‍රාදේශීය සභා නියෝජිත අරුණ ජයසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලද එම යෝජනාව පොලිස්පති, ආරක්ෂක ලේකම්, දකුණු පලාත් භාර නියෝජ්‍ය පොලිස්පතිට - ප්‍රාදේශීය සභා ලේකම් වරයා විසින් ඉදිරිපත් කර තිබේ.

2011.08.23 දින තෙලිකඩ  පොලිසිය විසින් සජිත් සුරංගට පහර දෙන ලදි.





විදුහල්පතියෙකුගේ තිරිසන් වැඩක්




14 හැවිරිදි  , මොහොමඩ් ජිල්ලාන් සිනර් පළමු ශ්‍රේණියේ සිට ගියේ, පානදුර උපාධ්‍යා විද්‍යාලයට.

2011.10.17 දින විදුහල්පති බර්ටි, සුපුරුදු පරිදි වේවැල අතින් රැගෙන පංතිය ඉදිරියට පැමිණ වේවැල දික්කර මෙහෙ වරෙන් කියා ළමයින්ට කතා කරලා. ළමයි පංතියෙන් එළියට ආවත් බර්ටි විදුහල්පති  පෙනෙන්න ඉදලා නැහැ. ළමයි එළියට වෙලා බලන් ඉදලා.

එක පාරටම මතුවුනු බර්ටි විදුහල්පති, ඉස්සරහින්ම හිටිය මොහොමඩ් ජිල්ලාන් සිනර් ව අතින් අල්ලලා කරකවලා දිගට හරහට පහර දීලා. මේ තිරිසන් විදුහල්පති, ඊට පස්සේ  මොහොමඩ් ජිල්ලාන් සිනර් ලවා ඩෙස්, පුටු අද්දවලා, තනකොළ ගලවලා.

මීහරක් දක්කන්න වාගේ කෙවිට්ට අතේ තියාගෙන සැරිසැරූ බර්ටි විදුහල්පති - මේ අසරණයට පහරදීලා, සෙන්පති වෙස්ගෙන ගිහිල්ලා.

පියා දරුවාව රෝහල්ගතකර, අදාල අයට පැමිණීලි කර තිබෙනවා.


විදුහල්පතිගේ අමානුෂික ප්‍රහාරයේ තුවාල කැළලි


මේ වන විට අපරාධකරුවාව බේරාගන්න බොහෝ දෙනා ඉදිරිපත් වී තිබේ. මේ අතර, ගුරුවරියන් හා අම්මලාත් ඉන්නවා.

Tuesday, October 18, 2011

නඩුවක හා නාඩගමක ඇති වෙනස






නඩුවක් යනු නීති කෘත්‍යයකි. ගැටඵවකට මුහුණදී ඇති කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ශවකරුවනට යුක්තිය ඉටුවිය යුත්තේ කෙසේද යන ප්‍රශ්නය නිරාකරනය කරගැනීමේ සම්මත ක්‍රමය ලෙස පිළsගැනීමට ලක්වී තිබෙන්නේ නඩු ඇසීම පිළsබද සංකල්පයයි. එය සමහර විට අපරාධ  ක්ෂේත්‍රෙය්  සිදුවුනා යැයි කියන සිද්ධීයක් ගැන විය හැකිය. උදාහරනයක් වශයෙන් මිනීමැරීමක් සොකරම් කිරීමක් නීති විරෝධී ආයුධ ලග තබාගැනීමක් හෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබද සිදුවීමක් විය හැකිය. මෙහිදී ඇත්තටම සිදුවුනු සිදුවීම කුමක්ද ? එම සිදුවීම සම්බන්ධයෙන් වගකීම දරන්නේ කවුද ? යන ප්‍රශ්න රටේ ඇති නීතිය අනුවත්, නීතිය විසදාලීමට ඇති නෛතික කාර්ය පටිපාටිය අනුවත්, විසදීම නඩුවකදී සිදුවිය යුතු ක්‍රියා කලාපයයි. 


නාඩගමක් යනු ප්‍රබන්ධයකි. නිර්මාණකරුවෙකු හෝ කරුවන් විසින් යම් මනංකල්කල්පිතයක් නිර්මාණය කරයි. එහි අඩංගුවන සිද්ධීන් ප්‍රබන්ධයන් බව සියඵ දෙනාම දනී. නිර්මාණකරුවාට තමා කැමති ආකාරයකින් එම සිද්ධීය ඉදිරිපත් කිරීමේ නිදහස ඇත. සිද්ධියේ ඇත්ත නැත්ත පිලීබද ප්‍රශ්නය ප්‍රබන්ධකතාවක් තුළ මතු නොවේ. ප්‍රබන්ධකරු කලාවට ආරූඩ රීතීනට හැර අන් කිසිවකට යටත් නොවේ. නාඩගමේ අවසාන අරමුණ ප්‍රේක්ෂකයාගේ වින්දනය පමණකි.

යම් අවස්ථාවකදී අධිකරණයක් ඉදිරියේ ඇති හෝ අධිකරණයක් ඉදිරියට යෑමට සූදානම්ව පවතින නීකි කෘතියක් සම්බන්ධයෙන් ජනමතය තුළ මේක නිකම්ම නාඩගමක් යැයි යන මතයක් ඇතිවුවහොත් එයින් කියවෙන්නේ, යුක්තිය පසිදලීමේ බැරෑරුම් කර්තව්‍යයක්  බැහැරව කිසියම් ප්‍රබන්ධ කතාවක් නිර්මාණය කෙරි පවතින බවත්, එය යුක්තිය පසිදලීමට නොව යුක්තිය වසන් කිරිම සදහා සිදවෙමින් පවතින ක්‍රියාදාමයක් බවය. ඇත්තෙන්ම සිදුවූ දෙය නොව සිදු නොවූ දෙයක් සත්‍ය ලෙස හුවා දක්වන ප්‍රබන්ධ කථාවක් බවට නීති කෘත්‍යය හැරෙන්නට පටන්ගෙන තිබෙන බව පිළිබදව මහජන අවබෝධය එවැනි කියවීමක් තුළින් ප්‍රකාශයට පත්වේ.

නඩු ඇසීම
නඩු ඇසීම සමාජයේ බැරෑරුම් කර්තව්‍යයක් බවට පත්වීමට පටන්ගත් දිනයේ සිටම පැවත ඇති ප්‍රශ්ණයක්නම්, මෙවැනි නීති කෘතියක් හුදෙක්ම සත්‍ය කරුණ ගවේශනය කිරීම සදහාම පමණක් පවත්වාගෙන යන්නේ කෙසේද යන ප්‍රශ්ණයයයි. අද බොහෝ නීතීන් තුළත් නීතිමය ක්‍රියාපටිපාටීන් තුළටත් ඇතුළත් කොට ඇත්තේ සත්‍ය හා අසත්‍ය වෙන්කොට ගැනීමේ මූලධර්මයන් පිළිබදව යුක්තිය පිළීබද ක්ෂේත්‍රෙය් නියැලුනු වියතුන් අතර සිදුවූ විවාද තුළින් පැමිණි එකගතාවයන් තුළීන් ලියවී ඇති රීතීන්ය.

සත්‍ය අසත්‍ය භාවය පිළීබදව විවාදය යුරෝපයේ ඉතා දැඩි ලෙසම මතුවූයේ 17 හා 18 ශතවර්ෂවලදී ඇතිවූ දාර්ශනික මතවාදයන් තුළිනි. යුරෝපයේ මධ්‍යතන යුගය ක්‍රිස්තියානි ආගමේ විශෟවාසයන් හා ඇදහිළි තුළ හිරවී පැවතින. එහෙත් සියඵ දෙය තාරකිකව ඔප්පුකරන තුරු ඒ කරුණු පිළිබදව දැඩි සැකයෙන් බැලීම පිළිබදව රෙනි ඩෙකාට්ස් (Rene Descartes) විසින් මුළින් පටන් ගෙන පසුව බොහෝ දෙනෙකු අතරට ව්‍යාප්තවූ මතවාදය නිසා පෙර පැවති ආගමික ආදානග්‍රාහිත්වය වෙනුවට කරුණු ඔප්පු කිරීම් මත පමණක් සත්‍යය තුළ නව යුගයක මිනිසුන් හා ගැහැණුන් බිහිවිය. ඔවුන් අතර පොදුවේ පැවති ගුණය නම් සෑම කරුණක්ම සැකයෙන් යුතුව විග්‍රහ කරමින් තාර්කිකව යම් සිදුවීම් පිලීබදව හෝ යම් දේවල් පිළීබදව සත්‍යාසත්‍යතාවය සෙවීමට උත්සාහ කිරීමය. නූතන ලෝකයේ ඇති සියඵම වර්ධනයන් පසුපස ඇත්තේ ප්‍රබන්ධයන්ගෙන් මිදී තමන් දකින හෝ තමන්ගේ ඉන්ද්‍රියට ගෝචරවන දේ සැකයට භාජනය කරමින් ආදල සියඵම කරුණු ගවේෂණය කරමින් සිද්ධීන් පිලිබදව සත්‍ය අවබෝධ කරගැනීමේ උත්සාහයයි. අද පවතින වර්ගයේ ගුවන් ගමන් හා අජඨාකාශ ගවේෂණය පිළිබද දියුණුවද, වෛද්‍ය විද්‍යාවේ ඇතිවී ඇති මහා පරිමාණ දියුණවීම්ද, වෙනත් විද්‍යාවන්හිදී මෙන්ම සමාජ ක්ෂේත්‍රෙය් හා බුද්ධිමය ක්ෂේත්‍රෙය් ඇතිවී ඇති වෙනස්කම් වලද, පදනම මනංකල්පිත ප්‍රබන්ධයන් මත නොරැදි සිද්ධීන් හා දේවල් සැබෑ තත්වය සෙවීමට නැබුරුවුණු විද්‍යාත්මක ක්‍රමයයි.

නීතිමය ගවේශනය ශෛලිය

අපරාධ ක්ෂේත්‍රය තුළ මෙය සිදුවන ආකාරය දෙස බලමු. අපරාධයක් විය හැකිසේ පෙනෙන කිසියම් සිද්ධියක් පිළීබදව වාර්තාවක් පොලිස් ස්ථානයකට ලැබේ. ඒ මොහොතේම පටන්ගන්නා විද්‍යාත්මක ක්‍රියාදාමයක් ඇත. තමන් වෙත ලැබුණු සිද්ධිය පිළීබද තොරතුරු නිසිලෙස වාර්තා කර ගැනීම පොලිස් ස්ථානයේ වගකීම බවට පත්වේ. එසේ වාර්තා කරන්නා හුදෙක් විද්‍යාත්මක කටයුත්තකදී යම් කරුණක් වාර්තා කරගන්නා කෙනෙකුට සමාන කටයුත්තක් කරයි. සියඵම මනංකල්පිතයන් හා ප්‍රබන්ධයන්ගෙන් තොරව තමන් වෙත වාර්තා කරන දේ පමණක් සටහන් කරගැනීමට ඔහු බැදේ. එතැන් සිට පටන් ගන්නේ අපරාධ පරීක්ෂණය යනුවෙන් හැදින්වෙන සාක්කි සටහන් කරගැනීමේ ක්‍රියාවලියයි. සාක්කි සටහන් කර ගැනීම පිලිබද ක්‍රියාවලියේදී ඊට සම්බන්ධවන සෑම නිළධාරියෙක්ම තමා අසන දකින හෝ තමාගේ පර්යේෂණ තුළින් හෙළිදරව්වන කරුණු පමණක් සටහන් කර වාර්තා කරගැනීමට බැදේ. අපරාධ පරීක්ෂකයාට නාඩගමක නිර්මාණකරුවෙකු සතුවන ප්‍රබන්ධයන් සාදාගැනීමේ අයිතිය ඇත්තේ නැත. ඔහු ප්‍රබන්ධයන් නිර්මාණය කිරීමේ යෙදුන හොත් අපරාධ පරීක්ෂණය පිළිබදව ඇති සියඵම මූලධර්ම උල්ලංඝනය කරන අතර, ඒ මගින් ඔහු අපරාධ පරීක්ෂකයෙකු නොව ප්‍රබන්ධකරුවෙකු බවට පත්වේ. ඔහුට එසේ ප්‍රබන්ධකරුවෙකු බවට පත්වීමට ඉඩදුනහොත් මුඵ නීති කෘතියද නාඩගමක් බවට පත්වේ. ඇත්තෙන්ම එය කලාවට හිමි සම්භාවනීයත්වය නැති පහත් වර්ගයේ නාඩගමක් බවට පත්වේ.

අපරාධ පරීක්ෂණය නිසිලෙස නිමවීමත් සමගම කොමන් ලෝ (Common Law) යනුවෙන් හැදින්වෙන ලංකාවේ දැනට පවතින නීති ක්‍රමයට අනුව ඊලග වගකීම පැවරෙන්නේ නීතපිතවරයාටය.

නීතිපතිවරයාගේ දෙපාර්තමේන්තුවේ නිසි අද්‍යාපනික සුදුසුකම් ඇති නියෝජිතයෙකු විසින් මෙම වාර්තාව පිළීබදව විශ්ලේෂණයක් කරණු ලබයි. හුදෙක්ම තාර්කික ක්‍රියාවක් වන මෙම විශ්ලේෂණයේ එකම අරමුණ වන්නේ අදාල නීතියට අනුව යම් අපරාධයක් සිදුවුණා යැයි ඔප්පු කිරිමට හැකි සාක්ෂි අපරාධ පරීක්ෂණය තුළදී හෙළිදරව් වී ඇත්ද නැද්ද යන කරුණ පිළිබදව නිගමනයකට එළඹීමය. මෙයද හුදෙක්ම කරුණු මත පදනම්වූ බුද්ධිමය ක්‍රියාවක් වන අතර අදාල නියෝජිතයාගේ හිතුවක්කාර සිතුවිලි කිසිවකට එම ක්‍රියාදාමය තුළ ඉඩක් නැත. නඩුවක් ඔප්පු කිරීමට තරම් සාක්ෂි ඇතැයි නිගමනය වුවහොත් ඊට අදාලව චෝදනා පත්‍රයට නිසිලෙස නිර්මාණය කිරීම නීතිපතිවරයාගේ ඊලග යුතුකම වේ. මෙයද වගකීමෙන් යුතු බුද්ධිමය කටයුත්තකි. එය නිසිලෙස නොකලහොත් ඉන් පසු සිදුවන නඩු ක්‍රියාදාමය නොමග යා හැකිය.

ඉන් පසු එම අධිචෝදනා පත්‍රය අධීකරණයේ ලිපිගොනු කරන අතර, එතැන් සිට අධිකරණමය ක්‍රියාමාර්ග පටන් ගනී. එය කරණු ලබන්නේ නීතිය පිළීබද මනා අවබෝධයක් ද ශිෂ්ඨ සම්පන්න ගතිතුණ පිළීබදව සමාජ පිළීගැනීමක්ද නීති කෘතිය මෙහෙයවීම සදහා බුද්ධිමය ශක්තියක්ද ඇති අයෙකු ඉදිරියේය. ඔහු නඩුකාරයා හෝ විනිශ්චයකරු වශයෙන් හැදින්වේ. මෙම විනිශ්චයකාරයා නඩුවක් සිදුකලයුතු ආකාරය අදාල නීතිවල හා නීතිය ක්‍රියාත්මක කිරීමේ සම්ප්‍රදායන් ගුළ ගැබ්ව ඇත. අධිකරණය පිළිබද සංකල්පය ඇගවෙන සංකේතය නම් ඇස් වසා අතින් තරාදියක් දරා සිටින පුද්ගලයෙකුගේ සංකේතයයි. ඒ තුළද ඇත්තේ පෙරකී පරිදි හුදෙක්ම කරුණු මත පදනම්වීම තාර්කිකභාවය තුළ නිගමනය ගැනීම හා පුද්ගලික මතිමතාන්තර පසෙක තබා කටයුතු කිරීමේ හැකියාවයි. කිසියම්ම හෝ බලපෑමකට යටත් නොවීම අධිකරණ නිදහස යනුවෙන් හැදින්වේ. මේ සියල්ල මගින්ම කියවෙන්නේ පාරිශුද්ධවූ බුද්ධිමය ක්‍රියාදාමයක් පිළිබදවය.

විනිශ්චයකාරවරයා තමන් ඉදිරියේ සිදුවන නීතිකෘත්‍යය සම්බන්ධයෙන් අංග සම්පූර්ණ වාර්තාවක් තබාගනී. එසේ වාර්තාව තබා ගැනීමේ සම්ප්‍රදායද විද්‍යාත්මක සම්ප්‍රධාය තුළින් ඇතිවූවකි. සෑම විද්‍යාත්මක ක්‍රියාදාමයකදීම විද්‍යාඥයා ඔහු යෙදී ඉන්නා ක්‍රියාවලිය පිලිබදව අංග සම්පූර්ණ සටහනක් තියා ගනී. එහි තේරුම නම් එම සටහන බැලීම මගින්ද ඇත්තෙන් සිදුවී ඇති ගවේශණය පිළිබදව අවබෝධයක් ඔහුට මෙන්ම වෙනත් පුහුණුවක් ඇති අයෙකුට ද ලබාගැනීමට හැකිවීමයි. නඩුවකින් පසු අභියාචනා අධිකරණ කරා යන්නේ මේ වාර්තාවයි.

නඩුවක් විකාරයක් වීමට ඉඩ නොතැබීම

මෙසේ දළ වශයෙන් ඉදිරිපත්කර ඇත්තේ නඩුවක විශේෂයෙන්ම අපරාධ නඩුවක සිදුවන්නාවූ ගවේශණ ශෛලිය හා ඊට පදනම්වූ සත්‍ය අසත්‍යතාවය සෙවීම මූලධර්ම පිලිබදවය. යම් විටෙක රටවැසියන් යම් නීති කෘත්‍යයක් නාඩගමක් වශයෙන් දකින්නට පටන් ගතහොත් එයින් පෙනෙන්නේ ඉහත සදහන්වූ නඩුවකට අදාල මූලධර්ම උල්ලංගනය වී ඇති බවත්, කාගේ හෝ හිතුවක්කාර ක්‍රියාවන් මෙම ක්‍රියාදාමයට ඇතුල් කර ඇති බවත්, එම නිසා ඉන් පෙනෙන අවසාන නිගමනය හුදෙක්ම ප්‍රබන්ධයක් හා මනංකල්පිතයක් බවට පමණක් බවට පත්වන බවත්ය.


නීතිඥ බැසිල් ප්‍රනාන්දු.

අඹරපු වේවැල් දෙකකින් පහරදීලා.






පානදුර උපාධ්‍යා විද්‍යාලයේ බර්ටි නැමැති විදුහල්පති මගේ පුතාට අඹරපු වේවැල් දෙකකින් පහරදීලා.

දැන් පුතා ඉන්නේ පානදුර මූලික රෝහලේ. ඊයේ - 17 වෙනිදා දහවල් තමයි පුතාට ගහලා තියෙන්නේ. මේ විදුහල්පති මීට පෙරත් ළමයින්ට ගහලා. ඒ සිද්ධි යට ගහලා. මේ සිද්ධියත් යටගහයිද දන්නේ නෑ.

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ ශාරීරික අභ්‍යාස ගුරුවරයා ලෙසට කලක් වැඩකර ඇති මේ බර්ටි නැමැති ගුරුවරයා - උපාධ්‍යා විද්‍යාලයේ විදුහල්පති කමට ඇවිල්ලා වැඩ කලක් නැතිලු.

මේ පහරදීමට ලක්ව ඇත්තේ - 14 වියැති , පානදුර උපාධ්‍යා විද්‍යාලයේ, 09 වසර ඉගෙනුම ලබන - මොහොමඩ් ජිල්ලාන් සිනර් නැමැති ශිෂ්‍යය.

Monday, October 17, 2011

කු/ ශ්‍රී නිශ්ශංක මහා විදුහලේ විදුහල්පතිගෙන්13 හැවිරිදි පිරිමි ළමයෙකු දෙවෙනි වරටත් අපයෝජනය කරයි.




ක/ශ්‍රී නිශ්ශංක මහා විදුහලේ හත්වෙනි වසරේ ඉගෙනුම ලැබූ 12 හැවිරිදි පිරිමි දරුවාව බරපතල ලිංගික අපයෝජනයට ලක්කලේ - කුරුණෑගල කොලපැලලි කන්දේ 56 හැවිරිදි හා 17 හැවිරිදි පිරිමියෙක් හා ළමයෙකු විසින්ය.

අපරාධ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අපයෝජනයට ලක්වූ දරුවාව, ආරක්ෂාව සදහා පරිවාස බාරයට පත් කිරීමට අධිකරණය නියම කළේය.

එම තත්වය තුල දරුවාට, පළමු වසර සිට ඉගෙනුම ලැබූ කු/ශ්‍රී නිශ්ශංක පාසලෙන් තාවකාලිකව ඉවත්වීමට සිදුවිය.

දරුවාව යලිත් මවට බාර කෙරුනේ 2011.07.20 දිනය. ඒ අනුව, නැවත දරුවා කු/නිශ්ශංක මහා විදුහලට ඇතුලත් කිරීමට - මව කල ඉල්ලීම විදුහල්පති ප්‍රතික්ෂේප කළේය.

දරුවාව ඇතුලත් කරගන්නා ලෙසට කුරුණෑගල කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දෙන ලද නියෝගය බාර ගැනීම පවා - විදුහල්පති ප්‍රතික්ෂේප කලේ - නැවත කලාප අධ්‍යාපන කාර්යාලයට යන ලෙසට මවට නියෝග කරමින්ය.

මෙම තත්වය තුල, 2011.07.20 සිට මේ දක්වා මාස තුනකට ආසන්න කාලයක් පාසල් අධ්‍යාපනය ලබා ගැනීමට දරුවාට නොහැකිව තිබේ.
ළමා අයිතීන් ගැන කතා කරන ආණ්ඩුවක හැටි මනාව පෙන්නුම් කරන තවත් එක සිදුවීමක් පමණි මෙය.

කුරුණෑගල, කොලපැලලිකන්ද ගමේ කුමුදුනී පුෂ්පලතා , අපයෝජනයට ලක්වූ මේ වන විට 13 හැවිරිදි තම දරුවාගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරගැනීමට මේ වන විට නොගිය තැනක් නැත.

ඇය දුප්පත්ය. ඇය තනි මවකි. ඇය අසරණය. ගිලන්වූ මව හා පියාද ජීවත්කරන ඇය - පුතාට අමතරව 7 හැවිරිදි දියණියද රැකබලා ගනියි.

Thursday, October 13, 2011

පොලිසිය ශාන්තව මරාගනියි.



පොලිසිය දාන බොරු නඩුවලට ඔරොත්තු දීගන්න බැරිව, පොලිස් වධහිංසාවට පත්වූ ශාන්ත 2011.10.10 දින, වස බී දිවි නසා ගත්තේය.

49 හැවිරිදි එල්.එන්.ශාන්ත ති දරු පියෙකි.  ඔහු රැකියාව වශයෙන් පොල් කැඩීම සිදුකරනු ලැබීය.

2009.03.02 දින මීගහතැන්න පොලිසියේ උ.පො.ප.සෙනෙවිරත්න විසින් අත්අඩංගුවට ගෙන වධහිංසා පමුණුවා බොරු නඩුවකට පැටලුවේය.
ඔහු සමග ඔහුගේ මස්සිනා වන සුනිල් ශාන්තවද අත්අඩංගුවට ගෙන වධ දී, බොරු නඩු දැම්මේය.

මොවුන්  දෙදෙනාම, තමන්ට වධහිංසා පැමිණවීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළේය. එහි අංකය SC/FR/ 479/09.

එම නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙසට දැඩි බලපෑම් එල්ල කලද - එම බලපෑම්වලට අවනත නොවී සිටීමට ඔවුන්ට හැකියාව තිබින.

එහෙත් බොරු නඩු වලට මුහුණදීමට නොහැකිව දැඩි සිත්තැවුලට පත්ව, ගමෙන්ද විටෙක බැහැරව සිටි ශාන්ත ගමට පැමිණියේ බොරු නඩුවකට ඉදිරිපත් වීමටය.
එහෙත් ඔහු උසාවි යනවා වෙනුවට කළේ, වස පානය කොට දිවිතොර කර ගැනීමය.මෙම පුවත, මීගහතැන්න පොලිස් කාරයින්ට නිවන් සුව ලැබුනා හා සාමනවන්නට ඇත.

පොලිස්කාරයෝ මෘගයින්ට සමාන කිරීමද වැරදිය. ප්‍රශ්ණය ඔවුන් ගැන නොවේ. මිනීමරු දූෂිත පොලිස් කාරයින්ට සෙත් පතනවුන් ගැනය. මොවුන් මිනීමරුවන්ටද වඩා භයානකය.

JS

Wednesday, October 5, 2011

දඹ රන් පිලිමය කෝටි 6 කට විකුණන්න හැදු පොලිස් කොස්තාපල් අල්ලයි.

විශාල කර බැලීමට මෙය මත ක්ලික් කරන්න


 පෞරාණික වටිනාකමකින් යුක්තවූ රන් පිළිමය කෝටි හයකට විකිණීමට උත්සහ කල බව කියන හිටපු පොලිස් කොස්තාපල් සහ තවත් පුද්ගලයකු අත්තඩංගුවට

දොම්පේ පොලිසියෙන් බෝම්බ සොරාගත් සැරයන් මාරක අනතුරකුත් සිදුකර පැන ගිහින්

විශාල කර බැලීමට මෙය මත ක්ලික් කරන්න


දොම්පේ පොලීසියේ නඩු භාණ්ඩ ගබඩාවෙන් බෝම්බ සහ උන්ඩ සොරකම් කීරීම මෙන්ම රිය අනතුරක් සිදුකොට පලායෑමෙදී මෙම පොලිස් සැරයන් අතඩඔගුවට පත්වී ඇත

Wednesday, September 21, 2011

හිටපු රෙජිස්ට්රාපර්ලා, මහාධිකරණ විනිසුරුලා නීතිය දන්නෙ නෑ


වධහිංසාවට පාත්‍රවු සමරසිංහ මහතා


හිටපු රෙජිස්ට්‍ත්‍රාත්ලා, මහාධිකරණ විනිසුරුලා නීතිය දන්නෙ නෑ

මේ පඩත්තර කියමන, කළුතර මහාධිකරණයේ වත්මන් රෙජිස්ත්‍රාත්වරයාගෙනි.

මහාධිකරණයේ පවතින අපරාධ නඩුවක සාක්ෂි සටහන්වල සහතික පිටපත් ලබා ගැනීම සහා මුල් පැමිණිලිකරු විසින් ඉදිරිපත් කරන ලද “ඉල්ලීම” නොහොත් උසාවි බසෙන් “මෝෂම” බාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් ඉහත ප්‍රකාශය කර ඇත.

ඒ 2011. 09. 19 වන දින - 352/04 දරන මහාධිකරණයේ පවතින නඩුවට අදාළවය.

මෙම නඩුවේ මුල් පැමිණිලිකරු කේ. ඒ. සමරසිංහ මහතාය.

බදුරලිය පොලිසියේ පොලිස් නිලධාරින් තිදෙනෙකුට එරෙහිව, සමරසිංහ මහතාට වධහිංසා පැමිණවීම අදාළව මෙම නඩුව පවරා ඇත්තේ නීතිපතිවරයා විසින්ය.

මුල් පැමිණිලිකරු වන සමරසිංහ මහතා, එනම් අගතියට පත් තැනැත්තාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නේ නීතිඥ ජානක අමරසිංහ මහතාය.

2009. 12. 16 වන දින සිට මෙම නඩුව විභාගයට ගෙන තිබේ. එතැන් පටන් නඩුවට අදාළ සටහන් වල සහතික පිටපත් ලබා ගැනීමට “ඉල්ලීම” නොහොත් “මෝෂම” ඉදිරිපත් කළේ - සමරසිංහ මහතාය.

මේ අවස්ථාවේ ඒ සමරසිංහ මහතාගේ “ඉල්ලීම” නොහොත් “මෝෂම” ඉදිරිපත් කළ අමිතා ප්‍රියන්ති මෙනෙවිය රෙජිස්ට්‍රාර්වරයාට පවසා ඇත්තේ, “සාක්ෂි සටහන් මීට කලින් ලබා ගත්තේ 1 වන සාක්ෂිකරුගේ ලිපියකින්” කියායි. එසේ පවසා ඇත්තේ, නීතිඥයෙක් මාර්ගයෙන් ඉල්ලීමක් කරන ලෙසට පවසමින් රෙජිස්ට්‍රාර්වරයා, සමරසිංහ මහතාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසාය.

එයට පිළිතුරු වශයෙන් මේ රෙජිස්ට්‍රාර්වරයා “තමුන්ට පඩත්තරකම් වලින් වැඩක් නෑ, නීතිඥවරයාගේ ලිපිය ගෙනාවොත් දෙන්නම්, නැත්තං දෙන්නේ නෑ” යනුවෙන් ප්‍රකාශකර ඇත.

කළුතර මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා ප්‍රකාශ කරන්නේ, “කලින් අය එ‍හෙම දුන්නා නම්, එය ඒ අයගේ වැරැද්දක්, නීතිය නොදන්නා කමක්”  යනුවෙනි. රෙජිස්ට්‍රාර්වරයා “අපේ අය” යනුවෙන් සදහන් කරන්නේ, මීට පෙර කළුතර මහාධිකරණයේ සිටි රෙජිස්ට්‍රාර්වරුන් හා මහාධිකරණ විනිසුරුවරුන්ය.

මේ “පඩත්තරයා” ට නොතේරෙන දෙයක් සඳහන් කිරීමට කැමැත්තෙමි.

“නීතිඥවරයා” ට අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට බලය ලැබෙන්නේ තම සේවාදායකයාගෙන් බව.

සේවාදායකයාට නැති බලයක් නීතිඥවරයාට ලැබෙන්නේ කෙසේද? යන බව.

අප ඉල්ලා සිටින්නේ, මහජනතාව අපහාසයට ලක්වන අයුරින් හැසිරෙමින් කටයුතු කරන මෙම කළුතර මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසයි.

Monday, September 12, 2011

තීන්දුවට අනුව එල්ලා මරයිද ?


තීන්දුවට අනුව එල්ලා මරයිද ?




තීන්දුවට අනුව එල්ලා මරයිද ?
තීන්දුව මරයිද ?

අගුලාන ද්විත්ව ඝාතනයේ සැකකරුවන් වූ පොලිස් කාරයින් සිව් දෙනාට මරණීය දණ්ඩනය නියම කරනු ලැබීමේ පුවත - බොහෝ දෙනාගේ සතුටට සොම්නසට හේතුවූ බවක් දෘශ්‍යමාන විය.
එහෙත් මේ දුවම පිළිබදව මතුකරන්නට කරුණු කිහිපයක් අපට තිබේ. මෙම දුවම අවසාන තීරණයද ? මෙම විතතිකරුවන් සිව්දෙනාට තීන්දුවට එරෙහිව අභියාචනා කල නොහැකිද ?
එසේ කල හැකිනම් මේ තීන්දුව වෙනස්වීමට ඉඩක් නැද්ද ?
අභියාචනා කලහොත් - අඹේපිටිය විනිසුරු ඝාතනය මෙන්ම කඩිනමින් අභීයාචනය අසා තීන්දු ලබාදෙයිද ?
බිදුනු වැව මිනිස් ඝාතනය, බොහෝ දෙනාට අමතක බවක් පෙනේ.
මෙම නඩුවේ විත්තිකරුවන්ට මරණිය දණ්ඩනය නියම විය.බොහෝ දෙනා සතුටු විය. ඒ ගැන කතා කළේය.
ඔවුන් සියලු දෙනාම ඉහළ අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කළේය.
දැන් පවතින රාජපක්ෂ පාලනය තුල ඉතා කුරිරු මිනිස් ඝාතන සිදුකල බවට ඔප්පුවී, සියලු අධිකරණ වලින් මරණීය දණ්ඩනය සනාථව සිටි අය - ජනාධිපති නිදහස යටතේ සතුටින් සොම්නසින් නිවෙස් බලා යන්නට හැකිවුනා නේද ?
මරණීය දණ්ඩනය නියමව, එම නියමය සියලු අධිකරණ වලින් සනාථ වී, ජනාධිපති නිදහස අහිමිවී - එල්ලා මරා දමන තුරු බලා සිටින අයගේ සංඛ්‍යාව 266 කට ආසන්න බව කීදෙනෙක් දන්නවාද ? මෙයින් පැහැදිලිවන්නේ මරණීය දණ්ඩනය - එනම් එල්ලා මරා දැමීම නීති පොතේ තිබුනත් - පෝරකය ක්‍රියාත්මක වන්නේ නැති බව නොවේද ?
ශිෂ්ඨ සම්පන්න - යුක්තිධර්මය අගයන සමාජයන් - මරණීය දණ්ඩනය පිළීගන්නේ නැත. එය මිලේච්ජ ක්‍රියාවකි. නඩු අසන්නේ, නඩු පවරන්නේ මිනිසුන් නිසාය.
අප වැනි රටක පවතින යුක්තිය පසදලීමේ ක්‍රියාදාමය තුල කුමන හේතුවක් නිසාවත් මිනිස් ජීවිතයක් නැති කරන්නට, කුමන තත්වයක තරාතිරමක වුව තවත් මිනිසුන් පිරිසකට බලය දිය හැකිද ?
අගුලාන ද්විත්ව ඝාතනය කලේ පොලිස් කාරයින්ය. අත්අඩංගුවට ගෙන, පොලිසියට ගෙනගොස් වධදී, සැලසුම් සහගතව මරාදැමීම සිදුකරන ලදි. මෙය රාජ්‍ය බලය යොදා සිදුකරන ලද්දකි.මෙය පොලිසිය සිදුකල පළමු මිනීමැරීම නොවේ. මෙය මේ පොලිස්කාරයින්ට එල්ලුම් ගස් යැව්වායි කියා නතර වන්නේද නැත.තමන් බේරෙන්නට, අහුනොවන්නට මිනීමරන්නට වග බලා ගන්නවා ඇත.
මේ ද්විත්ව ඝාතනය ගැන පොලිස්පති පාඩමක් උගත්තේද ? ඒ ගැන තමා යටතේ සිටින පොලිස් නිලධාරීන්ට මෙවන් දේ නොකරන ලෙසට - අවම වශයෙන් පොලිසියේ නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ප්‍රකාශයක් කලේද නැත.
පොලිසිය බාර ඇමතිවරයා මේ පොලිස් නිලධාරීන්ගේ නීත විරෝධී ක්‍රියාවන් නැවැත්වීමට පියවර ගන්නා ලෙසට - නීතිය පිලිපදින ලෙසට නියමයන් කලේද නැත.
පොලිස් දෙපාර්තමේන්තුව බාර ලේකම්වරයා කළේ කුමක්ද ?
සටහන
ඉහත දැක්වූ කරුණු - සමහරවිට එකිනෙක නොගැලපෙන සේ දිස්වන්නට පුලුවන.
මතුපිටින් පෙනෙන්නට දකන්නට තිබෙන දේ - ඇහෙනදේට වඩා ගැඹුරු දෙයක් පවතිනවා නේද ?
කතාකරන්න - සිරවී සිටින කොටුවෙන් ඔබ්බට ගොස්