Tuesday, August 19, 2014

පකිස්ථානයේ හින්දුන් ව බලත්කාරයෙන් මුස්ලිම් කරයි

.
පකිස්ථානයේ හින්දු භක්තිකයින් බලයෙන් මුස්ලිම් ආගමට හැරවීමේ ක්‍රියාදාමය හමුවේ එරට ආණ්ඩුව මුනිවත රකින බවට චෝදනා කරන, සු`ඵතරයක් වූ හින්දු භක්තිකයන්, විරුද්ධවන්නන් මරා දමන බවට තර්ජණය කරන බවද කියා සිටී.
මේ වසරේ 1000ක ට ආසන්න හින්දු තරුණියන් බලහත්කාරයෙන් මුස්ලිම්වරුන්ට කසාද බන්දවා දී තිබේ. මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසන්නේ මෙම සංඛ්යාව ඊට බෙහෙවින් වැඩිවිය හැකි බවයි.
පකිස්ථානයේ සින්දි ප්‍රාන්තයේ වෙසෙන මිලියන දෙකක් පමණවූ හින්දු භකිත්කයින්, අඩු කුලවලට අයත් බවත්, බහුතරය දුගීන් බවත් ප්‍රකාශ වේ.
මෙම හින්දු වැසියන්ගේ දුවරුන් පැහැරගෙන යෑම සිදුකරන අතර, බලහත්කාරයෙන් මුස්ලිම්වරුන්ට බන්දවා දීමට ක්‍රියා කරන්නේ, හින්දු භක්තිකයින් පකිස්ථානයෙන් තුරන්  කිරීමේ අරමුණින්ය.
තම දියණියව විවාහ කර දෙන ලෙසට, රිවෝල්වරයක් ඔලූවට තබා, ව්‍යාපාරිකයකුවූ ජමිල් සෝලන්ජි ගේ ක්‍රියාවට විරුද්ධව, එරට පොලිසිය නිහඬ බව - දම්මෝ සෝබි ප්‍රකාශ කරයි.

ලොව පුරාම අන්‍ය ආගමිකයින් ඝාතනය කර දැමීම, බලහත්හත්කාරයෙන් මුස්ලිම් ආගමට හැරවීම මැද පෙරදිග, ඇෆ්ගනිස්ථානය, ඉරානය හා පකිස්ථානයෙන් සිදුවන අතර, අන් රටවල අන්‍යාගමික තරුණියන් විවාහ කර ගැනීම මගින්, මුස්ලිම් කරණය සිදු කරයි.

Sunday, August 17, 2014

මුහුණේ වැඩිම හිල් ඇති මිනිසාට ඩුබායි තහනම් වෙයි.


ජර්මන් ජාතික 53න් හැවරිදි රොල්ෆ් ඩුබායි හෝටලයක සංදර්ෂණයක් සඳහා පැමිණිවිට එරට ආගමන විගමන නිලධාරින් ඔහුට ඇතුලූ වීමට ඉඩ නොදි ඉස්තාම්බුල් නුවරට පිටත්තර හැරියේය. සිදුරු 453ක් ඔහුගේ මුහුණේ ඇති අතර නළල දෙපස අං දෙකක් ද තිබේ. මුහුණේ වැඩිම හිල් ඇති පුද්ගලයා ලෙසට ගිනස් වාර්ථාටද ඔහු හිමිකම් කියයි.
මැද පෙරදිග යම් පමණකට හෝ අන්තවාදයෙන් මිදුනු එකම රට ලෙසට සැලකෙන එමිරේට්ස් රජය මේ පියවර ගත්තේ රෝල්ෆ් මයාකරයෙකු ලෙසට බිය පළකල නිසා යයි කියති. එයට හේතුව ඔහුව එරටට ඇතුලූ වීමට ඉඩනොදි පිටුවහල් කිරිමට හේතු දැක්වීම ප‍්‍රතික්ෂෙප කිරිම නිසාය.




පියුරු තුල කොකේන් කිලෝ 1.7ක්. ප්ලාස්ටික් සැත්කමකින් ඇතුලු කරලා.


ස්පාඤයේ මැඞ්ඩි‍්‍රඞ් ගුවන්තොටුපොලේදි මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද 43 හැවරිදි වෙනිසියුලානු ජාතික කාන්තාවක ගේ පියුරු තුල ප්ලාස්ටික් සැත්කමකින් ඇතුලු කරන ලද කොකේන් මත්ද්‍ර්‍ය කිලො ග‍්‍රෑම් 1.7ක් සොයා ගෙන තිබේ.
ලතින් ඇමෙරිකාවේ බොගොටා ගුවන් තොටුපොලින් පිටත්ව පැමිණි මෙම කාන්තාව පිළිබඳ සැක සිති ඇයව එරට කාන්තා නිලධාරින් විසින් ශාරිරික පරික්ෂාවට ලක් කිරිමේදි ඇගේ පියුරු වල දුටු අසාමාණ්‍යතාවය පිළිබඳ සැක පහල කොට රෝහල් ගත කොට පරික්ෂා කර ශෛල්්‍යකර්මයක් මගින් කොකේන් ඉවත් කර ඇත.
මෙයට පෙර පියුරු තුල සඟවාගෙන කොකේන් කිලෝ ග‍්‍රැම් 1.4ක් ගෙන ලද පැනමා වේ සිටි පැමිණි කාතක් අත්අඩංගුවට ගෙන තිබුනේ 2012 දිය. ඇයව පරික්ෂා කිරමේදි පියුරු වල රුධිර පැල්ලම් දුටු කාන්තා නිලධාරින් සැක පිට අත් අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි ප්ලාස්ටික් සැත්කමක් මගින් පියුරු තුල තැමිපත් කළ කොකේන් සොයා ගැනීමට හැකිවිය.
මේ වසර තුල කොකේන් කිලො ග‍්‍රැම් 500ක්, හෙරොයින් කිලෝ ග‍්‍රැම් 06 ක් අත් අඩංගුවට ගැනීමට මැඞ්ඩි‍්‍රඞ් ගුවන්තොටුපල බලධාරින්ට හැකි වී ඇති අතර අත්අඩංගුවට ගෙන තිබෙන පිරිස 189 කි.

ඇසිඞ් ගහලා, කඩුවෙන් කොටපු එවනු් නිදැල්ලේ

ගාමිණි විරකොන්ගේ පුතා
පසුගිය පෝය දින (10දා) රාත‍්‍රීයේ ඇසිඞ් ගහලා කඩුවෙන් කොටා දෙදෙනෙකුට බරපතල තුවාල සිදුකල පුද්ගලයින්ට නිදැල්ලේ සිටීමට ඉඩහැර ඇති බවට චෝදනා කරන - හොරණ ප‍්‍රදේශවාසීන්, ඇසිඞ් ප‍්‍රහාරයට ලක්වූ පුද්ගලයා තවමත් කලුබෝවිල රෝහලේ ප‍්‍රතිකාර ලබන බවද පෙන්වා දෙයි.

මෙම අපරාධයට ලක්ව ඇත්තේ, හොරණ පොලිස් වසමේ ගාමිණී වීරකෝන් හා සුනිල් වීරකෝන් යන අයියා මලෝ දෙදෙනාය.

ඇසිඞ් ගැසූ බවට වන සැකකරු සයිමන්ට පොලිසිය පසුදිනම ඇප ලබා ගැනීමට ඉඩ සලස්වා ඇත්තේ ඇසිඞ් ප‍්‍රහාරයට ලක්වූ පුද්ගලයාද, කඩු පහරින් තුවාල සිදුවුනු තැනැත්තාද රෝහලේ ප‍්‍රථීකාර ලබමින් සිටියදීය.

එමෙන්ම, කඩුපහර ගැසූ බවට සැකකෙරෙන ලක්මාල් නැමැත්තාව අත්අඩංගුවට ගැනීමට නොහැකිව තිබෙන විටය.

කසිප්පු පැකැට්ටුවක්, අරක්කු කාලක් ළඟ තබාගෙන සිටි බවට චෝදනාවට දින 14කට රිමාන්ඞ් බාරයට යවන අප රටේ පොලිසිය හා නඩුකාරයින් අපරාධ සැකකරුවන් කෙරෙහි දක්වන්නේ පුදුම සහගත මෛත‍්‍රියක් හා දයාවක් බව පවසන ගාමිණී වීරකෝන්ගේ පවුලේ උදවිය  රාජපක්ෂගේ සංවර්ධනය තරම හා ශ‍්‍රී ලංකාවේ නීතිය කුමක්ද යන්න දැන් තමයි අපට රටෙ තේරෙන්නේ යයි කියයි.

හොරණ පොලිසිය, ගාමිණී වීරකෝන්ට හා ඔහුගේ සොහොයුරාවූ සුනිල්ට ඇසිඞ් ගසා, කඩුවෙන් කැපූ පුද්ගලයින්ට විරුද්ධව ක‍්‍රියා නොකරන වා මෙන්ම මේ දක්වා ගහන්න ඇසිඞ් ගෙනවිත් දුන්, ලක්මාල්ගේ බිරිඳ ගංගා ගැන වචනයක්වත් කතා නොකරන බවත් පවසයි.

වාර්තාවන අන්දමට බරපතල අපරාධ පවා, සු`ඵ අපරාධ ලෙසට වාර්තා කර, යටපත් කිරීමේ  පොලිසියේ ක‍්‍රියා පිළිවෙත කලක සිට ක‍්‍රියාත්මක වන්නකි. මෙය ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය ද වේ. 

Friday, August 15, 2014

නගරාධිපති කමට බල්ලෙක්.


අපේ රට බල්ලාට ගිහින් යයි කියති. මෙසේ කියන්නේ රටේ වගකිව යුතු තැන්වලට පත්ව සිටින්නන් ගේ හොර මැරකම්, දූෂණ, වංචා, අක්‍රමිකතා දැකය. නමුත් එම කියමන බල්ලන්ට නිගා කිරීමක් බව ද බොහෝ දෙනා පවසති.

නගරාධිපතිකමට, නිතරයෙන් පත් වූ මේ බල්ලා ඉන්නේ ඇමෙරිකාවේය. ඩියුක් නම් වූ මේ බල්ලාට, කොමෝරන්ට් නගරයේ, ගරු නගරාධිපති කමින් පිදුම් ලැබුවේය. බල්ලා නගරවාසීන් වෙනුවෙන් කළ සේවය සලකාය.

ඡන්ද ප්‍රචාරක කටයුතු කිසිවක් නොකළ ඩියුක් ට ගරු නගරාධිපතිකම පිරිනැමීමත් සමග, වසරකට සෑහෙන බලු කෑම පාර්සලයක් නගර වැසියන් පිරිනැමුවේය.


අපේ රටේ නගරාධිපති කම් ගන්න මිලියන ගණන් වියදම් කරන්නේ බලුකම් කරන්නට ය. නම්බු නාම ලැබෙන්නේ ද බලුකම් කරන්නට යැයි කිවහොත් උරණ විය හැකිය. 

පොලීස් ඝාතකයින්ට එරෙහිව ඇමෙරිකානුවෝ පාරට බසිති.




ඇමෙරිකා එක්සත් ජනපදයේ මිසොරි ජනයා, පොලිස් මෘග ක්‍රියාවන්ට හා ඝාතන වලට එරෙහි, විරෝධය පළ කිරීම සහා නිව්යෝර්ක් ටෛයිම්ස් චතුරස්‍රයට එක්විය.

පොලිස් වෙඩි පහර වලින් මෘග ක්‍රියා වලින් මිය ගිය හා හිංසනයට පත් වූවන්ට සහයෝගීත්වය දැක්වීම සහා එක්වූ පිරිස්, පසුව විරෝධතාවයන් පළ කිරීම නිසා ඔවුන් විසුරුවා හැරීමට කුලු ගෑස් හා බල්ලන් උපයෝගී කර ගත්තේය.

ප්‍රාන්තය පුරා පැතිර යන විරෝධතා මැඩලීමට ප්‍රාන්ත පොලීසිය ඉවත් කර, මධ්‍යම පොලීසිය යොදවා ඇති අතර, සන්සුන්වන්න යයි ජනාධිපති බැරක් ඔබාමා ජනතාවගෙන් ඉල්ලා තිබේ.

මෙම සිද්ධීන් පිළිබව අදහස් දක්වන, එරට ඩිමොක්‍රටීක් නියෝජිත වරයා, මේ වන විට පොලීසිය හමුදාකරණය වී ඇතැයිද, එම නිසා ස්වයංක්‍රීය ගිණි අවි ඇතුළු අනෙකුත් ගිණි අවි භාවිතය සීමා කිරීමට පියවර ගත යුතු බව කියා තිබේ.

නගරයේ වීථි තිබිය යුත්තේ ජනයාට තම දෛනික කටයුතු කරන්නට මිස, යුද්ධ ටැංකි හා ස්වයංක්‍රීය ගිණි අවි (ඵම්16) සහා නොවේ යැයි ද, ඔහු පවසා තිබේ.

පොලීසිය, හමුදාකරණයෙන් ඉවත් කිරීමට තමා, යෝජනා කරන බවද, ඔහු පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ පොලිස් අපරාධ දිනෙන් දින වර්ධනය වන අතර, එම අපරාධ වසන් කරන්නට, එම අපරාධ කරන පොලිස්කාරයින් රකින්නට, පොලීසිය බාර ඇමති වශයෙන් ජනාධිපති රාජපක්ෂ කටයුතු කරන අතර, මේ වන විට සෑම පොලිස්කාරයෙකුගේම අතට ස්වයංක්‍රීය පිස්තෝල (රිවෝල්වර්) ලබා දීමට පියවර ගෙන තිබේ.

පසුගිය දා නිරායුධ තරුණයෙකු ඝාතනයට එම අවි භාවිතා කළ අතර, අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට වධ දීම, මරා දැමීම සිදු කරයි.

එම අපරාධ කරන පොලිස්කාරයින් ආරක්ෂා කරමින් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු වෙනුවට උසස්වීම් ලබා දී අනෙක් පොලිස්කාරයයින් ට ද ඔවුන්ව ආදර්ශයට ගන්නා ලෙසට අනියමින් ප්‍රකාශ කරයි.



Thursday, August 14, 2014

නියමුවා නිදි, සහකාරිය ipad එකේ. මගි ගුවන් යානය මිටර් 2000 ක් පහලට වැටෙයි.


ඉන්දියාවේ පුද්ගලික සමාගමක් වන JetAirways අයත් යානයක් මුම්බායි සිට බ‍්‍රසල් නුවර බලා පියාසර කරමින් සිටියදි තුර්කි ගුවන් සිමාව තුල දි යානය කඩා වැෙටන බව ඒරට ගුවන් යානා පාලක මැදිරි නිරික්ෂණය කර තිෙබ්ත  මෙම සිදුවිමට හේතුවි ඇත්තේ ගුවන් නියමුවාට නින්ද යෑමය. 
තුර්කි ගුවන් යානා පාලක මැදිරිය  ගුවන් යානය පහතට කඩා වැටෙන බව නියමුවන්ට අනතුරු ඇඟවීෙමි දි නියමුවා ට නිනිද ගොස් ඇති බවත් සහය ගුවන් නියාමවරිය සිය ipad ය භාවිතා කරමින් සිටි බවත් හෙළිවි අැත.
මගින් 280 ක් රැගත් යානය අනතුරට ලක්වීමෙන් වළක්වා ගැනිමට හැක විය. 
ඉන්දීය සිවිල් ගුවන් පාලක කොමිසම නියමුවා ගේ හා සහය නියාමවරියගේ වැඩ තනම් කර පරික්ෂණ ආරම්භ කර ඇත.

ශ්‍රි ලංකාෙව් අනුගමනය කරමින්  ෙමය අාණ්ඩුව අපහසු තාවයට පත්කරන්න ෙගන යන ප්‍රචාරයක් ෙලසට ෙපන්වා දිමට ඉන්දියාව උත්සහ ෙගන නැත. 


අමීර් ඛාන් ගේ නිරුවත පෙන්වන PK චිත‍්‍රපටය බලන්න අකමැති අය නොබලා ඉන්න-


නිරුවත් හා ආගමික විශ්වාසයන්ට හානි කරන දර්ශණ ඇතුලත් අමීර් ඛාන් ගේ චිත‍්‍රපටය තහනම් කරන්න යයි ඉල්ලමින් ඉන්දීය ශ්‍රේඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ඉවත දමමින් ප‍්‍රකාශයක් කළ එරට අගවිනුසුරු වරයා අකමැති නම් නොබලා ඉන්න යයි ප‍්‍රකාශකලේ ආගමික මුහුණවර ෙමවන් කරුණු වලට දෙන්නට හදන්න යයි එපා යයි පවසමින්ය. පිරිසක ගේ අයිතින් ආරක්ෂා කරන්නට තවත් පිරිසකගේ අයිතීන් උල්ලංඝණය කළ නොහැකි බවද වැඩි දුරටත් සඳහන් කර තිබේ.

මුහුකුරා ගිය ඉන්දීය ප්‍රෙක්ෂකයින් අනෙකුත් දෙවලින් විනෝදය වෙන්කර ගන්නේය. මෙම කාරණය විනොදය හා සම්බන්ධනය. එය සිමා කරන්න ගියෝත් අන් අයගේ අයිතින්ට හානිදායකය. සෑම දෙයක්ම අන්තර්ජාලයේ ඇත. හංගන්න තියෙන්නෙ මොනවාද යන ප‍්‍රශණය, පීකේ තහනම් කරන්න යයි ඉල්ලා සිටි පෙත්සම් කරුවන් ගෙන් අගවිනිසුරුවරයා ප‍්‍රශ්ණ කළේය.

ට‍්‍රාන්සිස්ටර් රේඩියෝවකින් නිරුවත වසා සිටින පොස්ටරය ගැන අදහස් දැක්වු අමීර් ඛන් ඊළඟට එන PK පොස්ටරයේ ට‍්‍රාන්සිස්ටරය නැතැයි කීය.  


Wednesday, August 13, 2014

මැක්ඩොනල්ඞ් ට තිත තියන්න රුසියාව සැරසේ?


ලෝප‍්‍රකට මැක්ඩොනල්ඞ් ක්ෂණික ආහර වල ශරිරයට අහිතකර බැක්ටිරියා පවතින බවට චොදනා කරන රුසියානු පාරිභොගික ආරක්ෂක සංවිධානය එ් සම්බන්ධයෙන් නඩු පැවරිමට පියවර ගෙන තිබේ.
ඇමෙරිකාව හා කැනඩාව හැරුනු විට මැක්ඩොනල්ඞ් ක්ෂණික ආහාර අලෙවි වන්නේ රුසියාවේ බව පවසන මැක්ඩොනල්ඞ් සමාගම රුසියානු ප‍්‍රමිතින් ට අනුව තම ආහාර පිළියෙල කරන බව පවසා තිබේ. රුසියවේ මැක්ඩොනල්ඞ් තහනම් වනු ඇති ද පැනයට පිළිතුරු දෙන රුසියානු පාරිභොගික ආරක්ෂක සංවිධානය එය තීරණය කරන්නේ අධිකරණය බව පවසා තිබේ.
මැතකදි සෞඛ්‍යයට අහිත කර පලිබෝධ නාශක අඩංගු පළතරු වර්ග රැුසක් පෝලන්තයෙන් ආනය කිරිම තනම් කළ රුසියාව යුරෝපා රටවලින්, ඇමෙරිකාවෙන් හා  ඕස්ටේ‍්‍රලියාවෙන් මස් මාලූ ගෙන්වීම තහනම් කළෙය. 

පිරිමි ඇඟට, ගුදමාර්ගයට කොච්චි ඉස්ම දාලා..........


උ.පො.ප චින්තක හා සැරයන් රංජි ඇස් වලට, නාසයට, පුරුෂ ලිංගයට හා ගුද මාර්ගයට දමා අත් පා බැඳ එල්ලා පහරදි, බිම දමා පපුව උඩ නැග පහර දෙමින් වධ දී ඇත්තේ හොරණ, මුණගම දිලූම් සුරංග ටය. 27 හැවරිදි තිදරු පියෙක් වන මොහු ලේ වමය දමමින් පොලිස් කුඩුවේ නැගිට ගන්න බැරිව සිටන බව බිරිඳ පවසයි.

මේ බව ෆැක්ස් මගින් පොලිස්පතිට හා මානව හිමිකම් කොමිසමට දැනුම් දෙන ඇය සැමියාව හොරණ පොලීසියෙන් පැමිණ නීති අත්අඩංගුවට ගත්තේ 2014.08.12 දින දහවල් 12ට පමණ බවත් නීති විරෝධිව රඳවා තබාගෙන වධ දෙන බවත් පවසයි.

ඇය ඉල්ලා සිටින්නේ නොපමාව මැදිහත්ව වධදීම නවත්වා අධිකරණයට ඉදිරිපත් කර රොහල් ගත කරන ලෙසයි.

ජනාධිපති රාජපක්ෂ ගේ සෘජු පාලනය යටතේ පවතින පොලීසිය යොදවන්නේ නීතියට පටහැනිව අපරාධ සිදු කරවීමටය. නීති විරෝධි අත් අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම, වධ දීම, බොරු නඩු දැමීම මගින් සාමාන්‍ය ජනයා මර්දනය කිරිමටය. මේ තවත් උදාහරණයක් පමණි. 

Tuesday, August 12, 2014

දුප්පත්කමට ගැබ කුලියට දෙන කතුන්


අන්තර් ජාතික කැපකරු මව් ජාවරම මගින් පොහොසත් රටවල ගැණුන්ට දරුවන් හදා දීමට දුප්පත් රටවල දරිද්‍රතාවයෙන් ගැහැණුන් යොදා ගැනිම බරපතල සමාජ ප‍්‍රශණයක් බවට පෙරළි තබේ. 
ඔස්ටේ‍්‍රලියාව, ජපානය ප‍්‍රමුඛ රවල් වල අඹු-සැමියන් කෘතිම ලෙස සංශේචන කරගත්  ඩිම්භ කුලියට ගත් ගැහැණියකගේ ගර්භාෂයේ කෘතිම ලෙස තැම්පත් කරයි. එම ගැහැණිය දස මසක් පුරා එම ඩිම්බයට වැඩෙන ඉඩ හැර දරුවා උපත ලද පසු අදාල අඹු-සැමි යුවලට බාරදෙයි. 
එසේ නැතිම් පුරුෂකෙුගෙන් ලබා ගත් ශුක‍්‍රානු කෘතිම ලෙස සංශේචනය කිරිමට ඉඩ හැර දරුවා වැඩෙන්නට ඉඩ හැර උපතින් පසුව අදාල පුරුෂයාට දරුවා බාරදෙයි. මේ සඳහා එ්ජන්සි ආරම්භකර ඇති අතර දරුවන් වෙනත් ගැබක හදා ගැනීමට අපේක්ෂා කරන ජෝඩු වලින් විශාල මුදල් අයකර සු`ථ මුදලක් දරිද්‍රතාවයෙන් පෙළෙන ස්ත‍්‍රින්ට ගෙවා දරුවන් බිහි කරවනු ලබයි. 
ඉන්දියාවේ හා තායිලන්තයේ කැපකරු මව්වරුන් සොයාදි දරුවා බිහි කරවීම දක්වා වු කාර්ය සම්බන්ධිකරණය කරන එ්ජන්සි ඩොලර් 65,000 සිට ඩොලර් 72,000 දක්වා මුදලක් අය කරනු ලැබේ.   ශ‍්‍රි ලංකාවේ ද මෙම ජාවාරම පවතින බවට වාර්තවේ.
ඉන්දියවේ මේ වන විට කැපකර මව් එ්ජන්සි 3000 කට වැඩි සංඛ්‍යාවක් පවතින අතර අනුන්ගේ දරුවන් කුසේ දරාගෙන බිහිකරන තෙක් උපයන මුදල කම්කරු සැමියා වසරකට උපයන මුදල මෙන් දස ගූණයකටත් වඩා වැඩි බව කියති.

Monday, August 11, 2014

තන කිරි බැංකු කිරි අම්මලා වෙනුවට



තම දරුවන්ට මව් කිරි දීමට නොහැකි අම්මලා වැඩි වැඩියෙන් තන කිරි බැංකු වෙත යොමුව මව් කිරි ලබා ගැනීමට පෙළෙඹි ඇතැයි වාර්තා වේ. මේ ඇමෙරිකාවේ මෙවන් බැංකු 14ක්ද, බ‍්‍රසිලයේ 246 ක්ද පිහිටුවා ඇති රටවල් 33 ක් එවන් බැංකු ආරම්භ කිරිමට පියවර ගෙන තිබේ. මෙම කිරි බැංකු වලට කිරි ඇති අම්මලා තම කරි පරිථ්‍යාග කරනු ලබන්නේ මව් කරි අහිමි දරුවන් උදේසාය.
වර්ථමානයේ මව් කිරි වලට ආදේශකය වන්නේ පිටි කළ එළ කිරිය. මව් කිරි වලට එළ කිරි ආදේශයක් නොවන හෙයින් තමන්ට කිරි දිමනට නොහැකි මව් වරු මෙම තන කිරි බැංකු වලින් කිරි ලබා ගැනීමට යොමුව තිබේ.

අතවර කරපු එකා අල්ලා පහර දෙයි - වීඩියෝව


කත කට අතවර කරපු පුද්ගලයා අල්ලා පහර දෙනු කැමරාවට හසුවිය. මේ ඉන්දියාවේ බැංගලෝරයේ සිදුවීමක්.

Sunday, August 10, 2014

රන් කිලේ 04ක් බර දේශපාලකයා ගේ කමිසය.


නිමි අැදුම් ව්‍යාපරිකෙයකු වන ඉන්දියාෙව් පන්කාජ් පාරාක් තම 45වන ජන්ම දිනය සමරන්ට කිලෝ 04 රන් වලින් නිපැයු කමිසයකින් සැරසි සිටියේය. 08 පංතියේ දි පාසැල් දිවියෙන් සමුරැගත් පන්කාජ් නිමි ඇඳුම් කාර්මානතයට පිවිසියේ ය. මුම්බායි නුවර සිට කි.මි. 260 ක දුරින් පිහිටි යෙලෝ නගරයේ ජිවත්වන ඔහු එම ප‍්‍රදේශයේ නගර සභාව් සභියෙකුද වේ. 
කුඩා කල සිට රන් වලට ඇල්මක් දැක්කවු ඔහු විවාහ මංගල්‍යයේදී මනාලියට වඩා වැඩියෙන් රන් ආභරන පැළඳ සිටි බව කියති. සන්නාලියන් 20කු ගේ එකතුවක් විසින් ඔහු ගේ රන් කමිසිය මැසිමට මාස දෙකක් ගතව තිබේ.
මේතරම් රන් ප‍්‍රමාණයකින් කමිස මැසීමට තරම් ධනවතෙකු වන මොහුගේ ඉපයීම් පළිබඳ ව ප‍්‍රශනයක් ඇති නම් එ් පිළිබඳව ආදායම් බදු නිලධාරින්ට පරික්ෂා කළ හැකි බවද පවසන්නේ තමා ගේ ව්‍යාපාරික කටයුතු පිරිසිඳු බව අඟවමින් ය.  


වසර 07ක් දීග කෑවේ සහෝදරයා එක්ක.


දුවගේ වයස අවුරුදු 06යි. හැබැයි මේ අප කවුරුත් දන්නා අයියා නගා අතර විභවීචාරය නම් නොවේ. බ‍්‍රසිලයේ අද්රිනා හා ලියන්ද්‍රෝ දෙන්නාම අනාථයෝ. 
ඔවුන් දෙන්නාටම තම මව කව්රුන්දැයි දැන ගැනීමේ ඔනෑ කම තිබින. දේනාගෙම මව්වරුන් ගේ නම මරියා විය. නමුත් එය අහම්භයක් නොවේ. එරට බහුතරයක් කතුන්ට මරියා නම පොදු විය.
අද්රිනා එරට ග්ලෝබෝ ගුවන් විදුලියේ දිනපතාම විකාශණය කරන එ්න්ජල් වැඩසටහන එක් විය. එන්ජල් වැඩසටහන ඥතීන් හා මිතුරන් මුණ ගස්සවන වැඩ සටහනකි. මෙම වැඩසටහන ඔස්සේ ඇයට තම මව සොයා ගැනීමට හැකි විය. එය ඉතා ප‍්‍රිති දායක අවස්ථාවක් විය. නමුත් එම ප‍්‍රිතය රැඳුනේ සු``ථ මොහතකි.
මන්ද තම සැමියා ලියන්දෝ තමාගේ එක කුස උපන් සොහොයුරා බව දැන ගැනීමෙනි. දෙදෙනාම හිත හදා ගත්තේය. තම දියණිය රැක ගනිිමින් අඹු සැමියන් ලෙසට එකට ජිවත්වීමට තීරණයට එළඹියේය. 

Saturday, August 9, 2014

ෙලාව ජයගත් රැුවුල සහිත තරුණිය


ඇය ෂික් ජාතික තරුණියකි. එංගලන්තයේ වෙසන ඇය ට ඩිම්බ කෝෂවල ඇතිවු විෂමතාවයක් නිසා මුහුණේ රෝම වැඩෙන්නට පටන් ගන්නා ලදි.   polycystic ovary syndrome නම්වු මෙම රෝගය නිසා ඇය පිඩාවට පත්විය. සිඝ‍්‍රයෙන් වැඩෙන රැුවුල ඉවත් කිරිමට ඇය දැඩි වෙහෙසක් ගන්නා ලදි. අවුරුදු 16 දි  ඇය තීරණයක් ගන්නා ලදි. එ් ඉදිරියට වැඩෙන රැවුල සැඟවීමට උත්සහ නොගෙන වැවෙන්නට ඉඩ හැරිම.
23 වියේ පසුවන ඇය එංගලන්තයේ පැවැත්වෙන හොඳම රැුවුල තොරන ඡුායා රූප තරඟයට ඉදිරිපත් වී සිටිති. සම්ප‍්‍රදායෙන් පිට ධනාත්මකව සිතිම හා අභියෝග වලට මුහුණ දීම මගින් ජිවිතය ජය ගන්නට ඇයට හැතිවිය.

Thursday, August 7, 2014

ඇමෙරිකානු රාජ්‍ය රහස් එළිකල ස්නොඩන්ට රුසියාවේ පදිංචියට අවසර


ඇමෙරිකානු ජාතික ආරක්ෂක එ්ජන්සියේ සේවය කළ එඞ්වඞ් ස්නොඩන් ඇමරිකානු රහස් තොරතුරු මිලියන 1.5ක් සමග පළමුවෙන් හෙංකොං වලට පැමිණ එතැනින් රුසියාවට පැමිණ ආරක්ෂාව පැතීය. වසරක් කාලයක් සඳහා රුසියාවේ සටීමට අවසර දුන්නේය. එම කාලය මෙම මස අවසන් වීමට නිය මිතව තිබින. ඔහු ගේ ඉල්ලිමක් සලකා බැලූ රුසියාව වසර තුනක් සඳහා පදිංචිව සිටීමට අවසරය දි තිබේ. මෙම අවසරය මත ස්නොඩන්ට රුසියාව තුළ සංචාරය කිරිමට හා විදේශ සංචාර සඳහා ද අවසර හිමි වේ.
එඞ්වඞ් ස්නොඩන් නිදහස් ලෝකය වීරයෙකු වශයෙන් සලකනු ලබන අතර ඔහු හෙළි දරව් කරන ලද තොරතුර නිසා ඇමෙරිකාවේ මිත‍්‍ර ජාතීන් අතර හා ඇමෙරිකානුව අතර ද බර පතල මතභේද ඇති විය. නාසා නමින් හඳුන්වන ඇමෙරිකානු ජාතික ආරක්ෂක එ්ජන්සිය වසර ගණනාවක සිට දුරකථන වලට සවන් දීම පරිඝණක තොරතුරු සොරාගෙන තිබෙන බව ඔහු හෙළි කළයේ. මෙම තත්වය තුල ඉදිරියට ජර්මනියේ සියලූ රාජ්‍ය රහස් කටයුතු සඳහා පරිඝනක බැහැර කර යතුරු ලියන භාවිතා කිරිමට පියවර ගෙන තිබේ.

Tuesday, August 5, 2014

ආබාධිත,පසුගාමී හා බුද්ධි ඌණතාවයෙන් යුතු දරුවන්ට වධදෙනවා.

ගනේමුල්ල, ගහලහිටියාව, හේමමාලි මහා විදුහලේ - විශේෂ අධ්‍යාපන එ්කකයේ ඉගෙනුම ළමුන්ට එම එ්කකය බාර ගුරුවරියන් දෙන්නා ශාරීරික හා මානසික වධහිංසා පමුණු වන බවට චොදනා කරන එම පාසැලේ ඉගෙනුම ලබන ඔටිසම් (්මඑසිප* පැමිණවීම නමින් හඳුන්වන රෝගයෙන් පෙළෙන දරුවකු ගේ දෙමාපියන් ගනේමුල්ල පොලීසියට පැමිණිලි කරයි.

විශේෂ අධ්‍යාපන එ්කකය පිහිටුවා තිබෙන්නේ ආබාධිත,පසුගාමී හා බුද්ධි ඌණතාවයෙන් යුතු දරුවන් සඳහාය. මෙම එකකයට අනුයුක්ත කර තිබෙන ගුරුවරියන් දෙන්නා මෙම ආබාධිත දරුවන්ට පහර දෙන බවද, කාළකාන්නි ලෙසට හඳුන්වනු ලබන බවද, එම දරුවන්ගේ දෙමාපියන්ට පවා නින්දා කරන බවද වාර්තාවේ.

පසුගිය අපේ‍්‍රල් මස 30 වන වන දින තම දරුවාට මීටර් කොදුවකින් පහර දී පංතියෙන් එලියට දැමු බවත් එතැන් පටන් ඔහු පාසැල් යෑම ප‍්‍රතික්ෂේප කරන බවත් ඔවුන් කියා සිටි. මෙම තගුරුවරියන් දෙදෙනා ආබාධිති දරුවන්ගේ දෙමාපියන් ගෙන් තැගි බෝග ලබා ගන්නා බවද ඔවුන් වැඩි දුරටත් කියා සිටි.

මලකාන්ති හා මංජුලා නම් වු මෙම ගුරුවරියන් දෙදෙනාට විරුද්ධව විනය පියවර ගන්නා ලෙසට මේ දෙමාපියන් දෙන්නා ළමා ආරක්ෂක අධිකාරියෙන්, මානව හිමිකම් කොමිෂන් සභාවෙන්, පොලිස් ළමා හා කාන්තා කාර්යංශයෙන් සහ බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරින් ගෙන් ඉල්ලා තිබේ.




Monday, August 4, 2014

සුරතල් බල්ලා ගේ කෙළ මාරු කැඳවයි


පනස් තුන් හැවරිදි ශිණා කැවෙන්ග ඇගේ සුරතල් බල්ලා ගේ කෙළ ශරිර ගතව විසවි මිය යන ලදි. ඉතා කුඩා කැපුන් තුවාලයක් තිබු අත බල්ලා ලෙව කැමෙන්, බල්ලන්ගේ කෙළවල තිබෙන බැක්ටිරියාවක් ශරිරගත ව ඉතා සු`ථ වේලාවක් තුල රුධිර පද්ධතිය තුල පැතිරිම නිසා විසවීම සිදුව තිබේ.
මෙය අහම්භයක් ලෙසට මරණ පරික්ෂණය කළ විශෙෂඥ වෛද්‍යවරයා පවසා තිබේ. මන්ද මෙම බැක්ටිරියව සමාන්‍යයෙන් මනුෂ්‍ය ශරිරියට අහිතිකර නොවන නිසාය. ඇග් මරණයට හේතුව වශයෙන් දක්වා ඇත්තෙ ඇගේ ප්ලීහාව ඉවත් කර තිබීම විස පැතිරිමය. 
එංගලන්තයේ ස්ටැෆෝඞ්ෂයර් හි පදිංචිකාරියක් වන ඇයගේ ප්ලිහාව 1998 දි ශෛල්‍යකරිමයක් මගින් ඉවත් කරන්නට සිදුව ඇත්තේ එවක සැමියගේ පහරදිමක් නිසාය.

For Jayalalithaa Caricature, Sri Lankan Envoy to be Summoned Today 2014.08.04


Foreign Minister Sushma Swaraj said a top envoy from Colombo will be summoned today as Delhi formally lodges a protest over an article and uncomplimentary illustration of Tamil Nadu Chief Minister J Jayalalithaa and Prime Minister Narendra Modi published on a Sri Lankan government website.
"India strongly condemns this. We will definitely call their high commissioner and discuss this issue," Ms Swaraj told Parliament today, where the controversy impelled heated debate.
In another consequence of the row, a team of under-15 cricketers who had arrived in Chennai last night to play in a tournament that starts today were made to return this morning, with local police citing security concerns.
On Friday, Sri Lanka extended an "unqualified apology" to the PM over the article that was entitled: "How meaningful are Jayalalithaa's love letters to Narendra Modi?".
The article and illustration implied that the PM was being heavily controlled by Ms Jayalalithaa, who has been demanding his intervention to stop Sri Lanka from arresting fishermen from her state on charges that they were caught poaching in Sri Lanka's waters.
Like other politicians from Tamil Nadu, Ms Jayalaltihaa also wants Delhi to demand an international probe into allegations that Sri Lankan troops, largely Sinhalese, killed at least 40,000 ethnic Tamil civilians in the final stages of the civil war in 2009.




දවස් 4ක් තිස්සේ නහයෙන් කටින් ලේ දානකන් ගහලා.


ධනුෂ්ක ෙග් මව හිමාලි 

ක`ඵතර උතුර පොලීසිය රාත‍්‍රී 4 ක් වධ දී, සිහි නැතිව කටින් ලේ දාන විට නාගාඩ රෝහලට ඇතුලත් කරන ලද විසි හැවරිදි තරණයාට එරෙහි ව අධිකරණයට බොරු වාර්තා ඉදිරිපත් කර රිමාන්ඞ් ගතකර පොලීසිය කරපු අපරාධය වසන් කිරීමට ගන්නා උත්සහයට ඉඩ නොතබන ලෙසට මව පොලිස්පති  ගෙන් හා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටී.

වාද්දුවේ 20 හැවරි දි මධුසංඛ ප‍්‍රනාන්දු ගේ මව නිමාලි ධම්මිකා මහත්මිය, 2014 පූලි 31 වන දින උදේ 9.00 ට පමණ, නිවසේ සිටිය දී, වාද්දුව පොලීසියේ ග‍්‍රාම ආරක්ෂක සුසන්ත හා පොලිස් කොස්තාපල් කුමාර යන දෙන්නා යතුරු පැදියකින් පැමිණ කටඋත්තරයක් අරගෙන එවන්නම් කියා රැුගෙන ගිය පුතාව රැුගෙන ගිය බවත්, 

එසේ ගෙනගියේ,  ග‍්‍රාම ආරක්ෂක සුසන්ත පැදවූ යතුරුපැදියේ පිටුපස වාඩි කරවා පුතාගේ අත්දෙක ඔහුගේ බඩ මැද්දෙන් තබා අත් දෙක එකතු කර මාංචු දමා බවත්, පො.කො. කුමාර, ගෙදර තිබූ අසල්වැසියෙකු ගේ යතුරු පැදිය අරගෙන ගිය බවත් පවසයි. 

ඇය වාද්¥ව පොලීසියෙන් විමසූ විට, පුතාව උතුරු ක`ඵතර පොලීසියට බාර දුන්න බව පැවසු නිසා  ක`ඵතර උතුර පොලීසියට ගිය ද ඇයට පුතාව ප‍්‍රශ්න කරන්න ගෙන ගොස් ඇති බව පවසා, හවසට කන්න අරන් වරෙන් කියා පිටත් කර හැරින ලද බව කියා සිටි.

රාත‍්‍රී 7.00 ට පමණ කෑම අරන් පොලීසියට ගියද පුතා කූඩුවේ හිටියේ නැති බව පවසන ඈ, රාත‍්‍රී 8.30 ට පමණ පොලිස් නිලධාරීන් දෙන්නෙක් පුතාව වත්තන් කරගෙන ඇවිත් කූඩුවට දැමු බවද,. එ් අවස්ථා වේ තමාට පහර දුන්න බව පුතා ඇයට පවන ලද බව පවසා සටී.

පසුවදා අගෝස්තු පළවෙනිදා උදේ 9.00 ට පමණ, උදේ කෑම අරන් ගිය විට ? කූඩුවෙන් අරන්, පිටිපස්සේ කාමරයකට ගෙනිහිල්ලා අත්දෙක කරකවා පිටුපසට අරන් මාංචු දමා එල්ලා පහර දුන්නා බව පවසා තිබේ.

ඊට පසුවදා, එනම් 02 දා, ඇය පුතාව බලන්න ගිය විට පසු දින රාත‍්‍රියේ පෙර පරිදිම, කූඩුවෙන් අරන් පිටිපස්සේ කාමරයට ගෙනගොස් ගැහැව්වා කියා පවසා තිබේ.

ඊට පසු දින 03 දා ඇය උදේ පොලීසියට ගිය විට එහි නිලධාරියෙක් අද, උසාවියේ ඇක්ටින් ළඟට දානවා කියා පවසා තිබේ. නමුත් උසාවි දැම්මේ නැති නිසා සවස 4.00 ට පමණ පොලීසියට ගිය විට  කූඩුවේ සිට පුතාව එළියට අරගෙන, අත් පිටුපසට තබා මාංචු දමා, පිටුපසට ගෙනිච්ච බවද ටික වෙලාවකින්  මට ගහන්න එපා බුදු අම්මෝ කිය මින් පුතා කෑ ගහනවා ඇසුන බවද එවිට ඇයට සිහිය නැති වු බවද කියා සිටී. සිහිය එන විටත් කුඩුවේ පුතා නොසිටි බව පවසන ඈ, සවස 5.30 ට පමණ පොලීසිය පිටිපස්සේ සිට ෂර්ට් කොලරයෙන් අල්ලා ගෙන කූඩුව ළඟට ගෙන ආ බව කියයි. එ් අවසථා වේ තමාට බිම දමාගෙන සපත්තු වලින් පපුවට ඔලූවට පහර දුන්න බව පුතා ඇයට කියා ඇත.

ඊට පසුදා (04 දින* උදේ 8.30 ට ක`ඵතර පොලීසියට ගිය විට කුඩුවේ සිටිය පුතා ඊයේ ? ත් අරන් ගිහිල්ලා ගැහැව බව ද පපුව රිදෙන්න බව පවසා තිබේ. ඇය එළියට වෙලා අදවත් පුතාව උසාවි ගෙනි යයි යන බලාපොරොත්තු වෙන් සිටින විට සර්, සර්, මෙන්න මල්ලි වැටුනා කියා කෑගසන සබ්දයට ඇය කූඩුව ළඟට ගිය විට තම පුතා බිම වැටි කටින් ලේ වැක්කෙරෙනවා දැක ඇත.  

රිසව් එකේ නිලධාරින් පුතාව කූඩුවෙන් එළියට අරගෙන බිම දිගා කර, ඇයට සිද්ධාලේපය බෝතලයක් දීලා පුතාගේ පපුවේ ගාන්න කියා ඇත. එසේ ගානකොට පුතාව ජීප් එකට අරගෙන ගොස් ඇයවද ජීප් එකට නන්වා ගෙන නාගොඩ රෝහලට ගෙන ගොස් තිබේ. පුතාව පරීක්ෂා කරලා තුනේ වාට්ටුවට ඇතුළත් කොට කළ පසුව පුතාගේ කකුල් දෙකට මාංචු දැමු බවද පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඔහු ළඟ මුරට තිබ් බවද ඇය කියා සිටි. 

පහර දීලා තියෙන්නේ, ක`ඵතර උතුර පොලීසියේ බංඩාර කියන නිලධාරියා පමුඛ තවත් කීප දෙනෙක් බව ඇය වැඩි දුරටත් කියා සිටී. ගෙදර හිටිය පුතාව, වාද්¥ව පොලීසියෙන් අරන් ගිහිල්ලා ක`ඵතර උතුර පොලීසියට භාර දී රාත‍්‍රී 4 ක් වධ දී, සිහි නැතිව කටින් ලේ දාන විට රෝහල් ගතකර ඉන්පසු අධිකරණයට බොරු වාර්තා ඉදිරිපත් කර රිමාන්ඞ් ගතකර පොලීසිය කරපු අපරාධය වසන් කිරීමට ඉඩ නොතබන ලෙසට ඇය සිය ලිඛිත පැමිණිල්ලෙන් ඉල්ලා සිටි. තවද තම පුතා ජීවත් වූවත් ඔහු ව සදාකාලික රෝගියෙකු බවට පොලිසිය පත්කර ඇති බව ද, ඇය ප‍්‍රකාශ කරයි.


සුදු පාට වෑන් එකකින් ඇවිත් ඇස් බැඳලා අරන් ගිහිල්ලා වධ දුන්නා.

මිරිහාන් පොලීසියෙන් කියලා අත් අඩංගුවට ගත්තේ. ගෙනිච්චේ රත්නපුර පොලීසියට. වධ දිලා ලක්ෂ 27 ක රබර් හොරකම් කලා කියලා බොරු නඩුවක් දැම්මා. පොලීසිය වුනත් මිනිසුන්ව පැහර ගෙන යෑම ත‍්‍රස්ත ක‍්‍රියාවක්.

34හැවරිදි තරංග වල්පිට, හොරණ ප‍්‍රදේශයේ ව්‍යාපාරික යෙක්. රත්නපුර ප‍්‍රදේශයේ රබර් තොගයක් සොරකම් කල බවට චොදනා කරමින් 2014.02.26 දින, ඉංගිරිය පොලිසියේ, අපරාධ අංශයේ විජේරත්න ප‍්‍රමුඛ නිලධාරින් පිරිසක් අත්අඩංගුව ගෙන පොසීසියට ගෙන ගොස් සොරකම බාර ගන්නා ලෙසට ඉල්ලා තිබේ.

නොකල දෙයක් බාර ගන්නට බැරි බව පැවසිමෙන් අනතුරුව හොරණ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන සු`ථ සොරකම් දෙකකට සැක කරන බව පවසමින්ය. එම චොදනා වලට ඔහුව ඇප මත් මුදා හැරිමට අධිකරණය නියම කළේය.

ඇප මත නිදහස්ව අධිකරණයෙන් එලියට එව විට ඔහුව පැහැර ගැනීමට සුදු පාට වෑන් එක්ක අධිකරණයෙන් පිට නවතා තිබෙන බවට දැන ගැනීමට ලැබි තිබේ. නිතිඥ උපදෙස් මත ඔහු ඇප කොන්දේසි සපුරන්නේ නැතිව රිමාන්ඞ් බාරයට පත්විය.

දවස් හයක් ඔහු සිය කැමැත්තෙන් රක්ෂිත බන්ධනාගාර ගතවී සිට ඇප තබා නිවසට පැමිණ, තම ව්‍යාපාරික කටයුතු වල නිරතව සිටින අතර, මාස පහකට පසුව, එනම්, 2014 ජූලි 12 වන දින, දහවල් 12.00ට පමණ, නිල ඇඳුමින් සැරසුණු එක් පොලිස් නිලධාරියෙක් හා සිවිල් ඇඳුමින් තුන්දෙනෙක් පැමිණ, තමන් මිරිහාන පොලිසියෙන් කියා, ඔහුව අත්අඩංගුවට ගෙන, අත්පිටුපසට කොට මාංචු දමා, සුදුපාට වෑන් රථයකට නංවා ගෙන රැුගෙන යන ලදි.

ඔහු පවසන පරිදි වෑන් රථය, ඉඩංගොඩ දෙසට ගොස්, නැදුම් විහාර පාරට හරවා, එම පාරේ පවත්වාගෙන යන ගල් මෝල අසලදී, වාහනය නතරකර, නිල්පාට රෙද්දකින් මාගේ ඇස් බැඳ වාහනයේ සීට් අතර බිම වාඩි කරවා ඇත.

 පැය බාගයකට පමණ පසුව වාහනය නතර කර, ගොඩ නැගිල්ලක් තුලට ගෙන ගොස් දණ ගස්සා  අතින් පයින් පහර දෙමින් වධ දී දෙන ලදි. එසේ වධ දෙමින්, රබර් ලොරියක් සොරකම් කිරීම පිළිගන්න ලෙසට බල කර තිබේ.

එසේ වධ දීමෙන් පසුව ඔහුව තවත් තැනකට ගෙන ගොස් ඇස් බැඳ තිබු රෙදි කඩ ලිහි ඇත. එම ස්ථානය රත්නපුර පොලිසියේ රිසව් එකය. එතැනින් අපරාධ අංශයට ගෙන ගොස් තිබේ. එතනදී, රත්නපුර පොලිසියේ අපරාධ අංශයේ, ස්ථානාධිපති අමරසිංහ ඔහුට පහර දී තිබේ.

පසුදින (13 ඉරිදා*, ඔහුව පැහැර ගෙන ගිය, සුදුපාට වෑන් එකෙන් හොරණට ප‍්‍රදේශයට ගෙනවිත් එම ප‍්‍රදේශයේ රබර් මිළ දී ගන්නා කඩ වලට ගෙන ගොස් ප‍්‍රකාශ ලබා ගෙන ඇත. එම සුදු පාට වෑන් එක රබර් නැතිවූ බව කියන කඩයේ මුදලාලි ගේ බවත්, වෑන් එක එලෙව්වේ, එම මුදලාලි පුතා බවත් පසුව දැනගන්ට ලැබී තිබේ.

පසුදින රත්නපුර මහේස්ත‍්‍රාත් අධිකරණයට රබර් සොරකම් කිරීම යන චෝදනාව යටතේ ඉදිරිපත් කර තිබේ. අධිකරණය රුපියල් ලක්ෂ විසි හතක සහතික ඇපයක් මත මුදහැරියද, ඇප තැබීමට නොහැකිව දවස් 18ක් කුරුවිට බන්ධණාගාරයේ ඉන්නට  සිදුවී තිබේ.

නිදහස්ව පැමිණී ඔහුට, රබර් නැතිවූ බව කියන රත්නපුර පලාවෙල රබර් ස්ටෝර්ස් අයිතිකරුගේ අවශ්‍යතාවය මත, එම අයිතිකරුව පිනවන්න එම අයිතිකරුගෙන් ලබාගන්නා අල්ලස්වලට සොරකමට තමාව ආදේශකයකු කරන්න උත්සාහයක් දරන බව ඔහුට දැනගන්නට ලැබුන බව ප‍්‍රකාශ කරයි.

ඔහු නොකල අපරාධයකට සම්බන්ධ කිරීමට රත්නපුර පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ ස්තානාධිපති අමරසිංහ, එම පොලිස් ස්ථානයේ උ.පො.ප.තුෂාර හා ඉංගිරිය පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධීපති විජේරත්න යන අය, නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, වධ දී, බොරු චෝදනා නැගීම ගැන, එකී නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට පොලිස්පති ගෙන් සහ මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඔහු ඉල්ලා සිටි.

Sunday, August 3, 2014

සිගරට් තරම්ටම ක්ෂණික ආහාර (Fast Food) සිරුරට අහිත කරයි.

ක්ෂණික ආහාර (Fast Food) සිගරට් තරම්ම සිරුරට අහිතකර බව පෙන්වා දෙන, රුසියානු පෝෂණවේදින්, ඒ පිළිබද අනතුරු ඇගවිම්, ක්ෂණික ආහාරවල පළකළ යුතු බවට යෝජනා කර සිටි.

මේ ව විට, බොහෝ රටවල සිගරට් වල සදහන් කරන දුම්පානය සිරුරට හානිකර බවට වන දැන්විම,පළකිරිම අනිවාර්ය කර තිබේ. ඒ හා සමාන දැන්වීම්, ක්ෂණික ආහාර, සම්බන්ධවද පළ කල යුතු බවට වන නීති ගෙන ආ යුතු බව රුසියානු මතයයි.

ක්ෂණික ආහාර (Fast Food) ස්තූල භාවයට, දියවැඩියාව ප්‍රධාන හේතුවක්ව තිබේ.



ඊ බෝලා වසංගතයට බෙහෙත් නෑ.


මේ වන විට බටහිර අප්‍රිකානු රටවල් කිහිපයක, වසංගත තත්වයට පත්ව තිබෙන, ඊ බෝලා නමින් හදුන්වන වයිරස් රෝගය මැඩ පැවැත්වීමට හෝ රෝගය වැළදුනු අයට ප්‍රතිකාර වශයෙන්, කිසිදු ඖෂධයක් සොයා ගැනීමට නොහැකිව තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.
මෙම රෝගය වැළදුන අයගෙන් සියයට අනූවක්ම මිය යන බවද එම සංවිධානය කියා සිටී.
මෙම වෛරසය ශරීරගතවූ විට, ප්‍රථම රෝග ලක්ෂණය වන්නේ අධික උණය. ඉන්පසු පාචනය, පෙනහලු හා වකුගඩු ආසාදනය ඇති වේ.
මෙම රෝගය වුරන්ගෙන් හා වවුලන්ගෙන් බෝවන බව සොයා ගෙන තිබේ. මෙම වෛරසය හැදුනු රෝගියෙක්ගෙන්, ඉතා පහසුවෙන් තවත් අයෙකු   ට වැළදේ.
එබැවින්, මෙම රෝගීන්ට ප්‍රථිකාර කිරීමේදී වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය සේවකයින් ආරක්ෂිත ඇදුම් පැල සිටිය යුතුවේ.

මෙම රෝගය වසංගත තත්වයට පත්ව ඇති රටවල් අතර ප්‍රමුඛ ස්ථානය හිමිව ඇත්තේ ගිනියාව, ලයිබේරියාව, සියරාලියොන් යන බටහිර අප්‍රිකානු රටවල්ය. මෙම රටවල් හදිසි තත්වය ප්‍රකාශයට පත්කර ඇත.

Saturday, August 2, 2014

පිටෝරියස් නඩු කියන්න ගේ ෙදාර විකුණා දමයි.


ඔස්කාර් පිස්ටොරියස්ට තම පෙම්වතිය වෙඩි තබා මරා දැමේ චොදනාවෙන් ගැලවීම සඳහා ඔහු වෙනු වෙන් පෙනී සිටින නිතිඥයින් ගේ ගාස්තු ගෙවීමට ගේ ෙදාර විකුණා දැමීමට සිදුව තිබේ.
ලොව ප‍්‍රකට දෙපා අහිමි ඔස්කා පිටෝරියස් තම පෙම්වතිය වු ඊවා ස්ටින්කෑම්ප් ට වෙඩි තබන ලද්දේ 2014 පෙබරවාරි 14 දිනය. ඔහු කියා සිටින්නේ හොරුකු බවට සැක කොට වෙඩි තැබු බවයි. නමුත් පොලීසිය එම කථාව ප‍්‍රතික්ෂේප කර, සැලසුම් සහගතව සිදු කරන ලද මිනි මැරුමක් ලෙසට චොදනා කර නඩු පවර තිබේ.
දකුණු අප‍්‍රිකාවේ  පිටෝරියා නුවර නඩු විභාගය පැවැත්වේ. මෙම නඩුව සජිවීව දැක බලා ගැනීමට රුබවාහිනී පේ‍්‍රක්ෂකයින්ට හැකියාව ලබාදි තිබේ. නඩුව අවසානයට පැමිණි තිබෙන අතර සිය නිතිඥයින් ගේ ගස්තු ගෙවීමට ඔහුට සිය නිවස විකූණා දැමීමට සිදුවිය.
නිවස විකිණිමේන් අපි‍්‍රකානු ඩොලර් මිලියන පහක් ඔහු අපේක්ෂා කළද විකීමට හැකිව ඇත්තේ මිලියන 4.5කටය. මෙම නිවස විකීණි ඇත්තේ එම ප‍්‍රදේශයේ නිවාස අලෙවි වන වඩා බෙහෙවින් අඩු මුදලකට බව වාර්තාවේ.
දෙපා අහිමි මොහු කෘතිම පාද ”බ්ලේඞ්” උපයොගි කරගෙන දුවනු ලබන අතර 2012 ඔලිම්පික් තරඟා වලියේ මීටර් 400 හා මීටර් 400 කඩින් කඩ දිවිමේ තරඟවල රන් පදක්කම් දිනා ගනු ලැබීය.



ස්ත‍්‍රි දුෂණ චෙදනා විලාසිතාවක් වෙලාලූ!

Sunil Paraskar, Deputy Inspector General, Mumbai Police
මුම්බායි නුවර ඉහළ පෙළේ පොලිස් නිලධාරියෙකුට එරෙහිව ඉදිරිපත්ව තිබෙන ස්ත‍්‍රි දුෂණ චොදනවක් මුල් කරගෙන මෙම ප‍්‍රකාශය කර ඇත්තේ ඉන්දීය පාළක භාරතීය ජනතා පක්ෂයේ හවුල් කරුවකු වන ශිව සේනා පක්ෂයේ නිල පුවත් පතයි.
මුම්බායි නුවර නියෝජ්‍ය පොලිස්පති ධුරයක් දරන සුනිල් ප‍්‍රකාර් ට එරෙහිව චෙදනා කර ඇත්තේ 25 හැවරි දි නිරුපිකා වකි. මෙම පොලිස් නිලධාරියා තමාව දුෂණය කිරිම පිළිබඳ පැමැණිලි කිරිම ප‍්‍රමාද වුයේ ඔහු දරන තනතුර මත ඇති කරන ලද බලපෑම නිසි බවද ඇය කියා තිබේ. මෙම චොදනාව ඉදිරි පත්විමෙන් පසුව ශිවසේනා පක්ෂයේ නිල පුවත් පතේ කතු වරයා සිය කතු වැකිය මගින් ප‍්‍රසිද්ධිය ලබා ගැනීමට හා ආන්ෙදාලයක් ඇති කිරිමේ අරමුණින් ”ස්ත‍්‍රි දුෂණ චොදනා නගන” බව ප‍්‍රකාශ කරන්නේ විලාසිතාවක් වශයෙන් බව සඳහන් කරමින්ය.
පාලක භාරතීය ජනතා පක්ෂය බලය ලබා ගැනීමෙන් පසුව ”ස්ත‍්‍රින් ට එෙරහි ප‍්‍රචණ්ඩත්වය” නොඉවසන බවට ප‍්‍රකාශයට පත් කළද මේ වන විට ප‍්‍රාන්ත ආණුඩු ඇමති වරු ෙදාදෙනෙක් ප‍්‍රකාශ කර ඇත්තේ ශිවසේනා පක්ෂය දරන මතය.

රසදිය විසිවීමෙන් මිය යන කැනඩාවේ ආදිවාසින්.


රසදිය විසිවීමෙන් මිය යන කැනඩාවේ ආදිවාසින්.
රසදිය මිශ‍්‍ර ජලය භාවිතා කිරිම නිසා ආබාධිතව ආදිවාසි නායකයා තම වැසියන්ගේ අයිතින් ඉල්ලා උපවාසයක් ආරම්භ කරයි.
මම මියනවා. කොටස් වශයෙන්. රසදිය විසවීම නිසා ආබාධිතව සිටින ආදිවාසි නායක පැට‍්‍රික් වාඩාෂා කියා සිටි. කැනඩාවේ ප‍්‍රථම ජාතීන් ලෙසට පිළිගෙන සිටින එරට ප‍්‍රථම ජනකොට්ඨාශය වෙසන ප‍්‍රදේශයේ ගංගා වකට කැනේඩියානු කඩදාසි කම්හලක අපද්‍රව්‍ය මුදා හැරීම නිසා ගංගා ජලය දුෂණය වි ඇත්තේ රසදිය වල
 රසදිය මනුෂ්‍ය ශරීරයට බලවත් හානි ගෙන දෙන බව පවසන ලෝක සෙෘඛ්‍යය සංවිධානය මෙම විෂ ස්වසන, ස්නායු හා අහාර මාර්ග පද්ධතියට සහ ඇස් වලට විශෙෂයෙන් බලපාබන බවත්, මෙම රසදිය එක්වු ජලය දශක ගනනාවක් ගියත් පිරිසිඳු නොවන බවත් පවසයි.
කැනඩා ආණඩුව තම ගෝත‍්‍රික ජනයා ගේ ගැට`ථ වලට විසඳුම් නොදෙන බව පවසමින් ඔහු උපවාසය  ආරම් කර තිබේ. රසදිය විස ශරිරගත වීම නිසා ආදිවාසින් මිය යති. දැනට ආබාධිතව සිටින මොහු කැනඩා රජයෙන් තම වැසියන්ට ප‍්‍රමාණවත් වන්දි හා තම පාරම්පරික භුමියේ අයිතිය ඉල්ලා මාරාන්තික උපවාසයක් ආරම් කර සිටි.
පසු ගියදා කැනඩා ශ්‍රේෂිඨාධිකරණය ආදිවාසින් ගේ ජන්ම භුමිය පිළිබඳ අයිතිය තහවුරු කළ අතර කැනඩා රජය ආදිවාසින් ගෙන් සමාව ඇයද සිටියේය.

Friday, August 1, 2014

Sri Lanka Apologises For Jayalalithaa-Modi Article.

This was the image on the Sri Lankan Defence Ministry website. It has since been removed
Article published without appropriate authorisation, says Sri Lankan Defence Ministry Following controversy over an article critical of Tamil Nadu Chief Minister Jayalalithaa and an accompanying graphic published on its website, Sri Lanka’s Defence Ministry issued an “unqualified apology” on Friday.
“The article which had been published without appropriate authorisation and not reflecting any official position of the Government of Sri Lanka or Ministry of Defence and Urban Development has since been removed. We extend an unqualified apology to the Hon. Prime Minister of India and Hon Chief Minister of Tamil Nadu,” said the statement on the home page of the Defence Ministry’s official website.
The article was published on the Defence Ministry website, accompanied by a graphic representation of Mr. Modi and Ms. Jayalalithaa. “It was a lapse of editorial judgment on the part of the officer who was in-charge. We take full responsibility for it and deeply regret it,” Army spokesperson Ruwan Wanigasooriya told The Hindu.
Terming the visual "inappropriate", he said: "We are not a newspaper, we are a government website. This is totally unacceptable."
The views of the writer Shenali D. Waduge, a regular columnist with the state-run Daily News in Colombo, did not reflect the views of Defence Secretary Gotabhaya Rajapaksa, or of the government, he said. “We have enormous respect for heads of state,” Mr. Wanigasooriya said.
The piece, critical of Tamil Nadu fishermen and of claims made by Tamil Nadu to Kachchatheevu, comes at a time when fishermen of both countries are expressing serious concern over the absence of a sustainable solution to the Palk Bay crisis.





Updated: August 01, 2014 18:11 IST
This was the image on the Sri Lankan Defence Ministry website. It has since been removed
New Delhi Sri Lanka has apologised to Prime Minister Narendra Modi and Tamil Nadu Chief Minister Jayalalithaa for a controversial article and depiction of the two leaders on the official website of its defence ministry.

In an "unqualified apology", the Lankan government said the article was published "without proper authorization. The article doesn't reflect our government's official position."

The statement came after Ms Jayalalithaa wrote to PM Modi urging him to summon the Lankan envoy and seek an apology for the article on the Lankan Defence Ministry website titled "How Meaningful Are Jayalalithaa's Love Letters to Narendra Modi". It had a morphed image of the Chief Minister and Mr Modi in a heart-shaped thought bubble.

"The visual is objectionable as it depicts the PM and CM in a derogatory manner. It also attempts to cause fissures within India's federal politics," said the Chief Minister.

The article, which threatened to snowball into a diplomatic row, has now been removed.

Though it came with a disclaimer, the article has touched a raw nerve among parties who bristled at Mr Modi's invitation to Lankan President Mahinda Rajapaksa to his swearing in ceremony in May.

Regional parties in Tamil Nadu accuse Mr Rajapaksa of presiding over the killing of civilians in the final stages of the war against the Tamil separatist outfit LTTE. It is a political minefield in the state where assembly elections are due in 2016.

Mr Modi's ally PMK said the article was in poor taste. "They degrade Prime Minister Modi and Chief Minister Jayalalithaa. The Centre should demand an apology from the Lankan president and Defence Secretary. India should call the Lankan High Commissioner," PMK Chief Ramadoss raged.

The opposition Congress also called for an apology.