තෙබුවන පොලිසියේ වධහිංසාවට පාත්‍ර වූ 16 හැවිරිදි දරුවා පිළිබඳව විමර්ශණයක් ආරම්භ කර තිබෙන, මානව හිමිකම් කොමිෂම් සභාව, එම දරුවා පිළිබඳ සොයා බැලීමට විමර්ශණ නිලධාරීන් කණ්ඩායමක් එම ළමයාගේ නිවසට පිටත් කර යවා තිබේ.
නාගොඩ මහා රෝහලේ හා පානදුර මූලික රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලැබූ මෙම දරුවා, වධහිංසාවට භාජනය වීමේ ප්රථිඵලයෙන් PTSD නමින් හඳුන්වන මානසික රෝග ලක්ෂණ වලින් පෙලෙන බවද - වෛද්‍ය වාර්තාවල සඳහන් වේ.
මෙම පාසලේ සිසුවාට වධ දුන්න තෙබුවන පොලිසිය නිලධාරීන්ට එරෙහිව මේ දක්වා, නීතිමය පියවර ගැනීමට පොලිසිය හෝ ළමා ආරක්ෂක අධිකාරිය හෝ අසමත්ව තිබේ.
වධහිංසා පැමිණවීම, කිසිදු ආකාරයකට කේවල් කල නොහැකි අපරාධයකි.
දණ්ඩ නීති සංග්‍රහය යටතේද, 1994 අංක 24 දරන පනත යටතේ පොලිස් වධ හිංසා පැමිණවීම අපරාධයකි.
මේ වන විට පොලිස් වධහිංසාව අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ගණනාවක් ලබාදී තිබේ. නීතිපති වරයාගේ නියෝගයෙන් පොලිස් විශේෂ විමර්ශන එ්කකය, පොලිස් නිලධාරීන් සියයකට අධික පිරිසකට විරුද්ධව නඩු පවරා තිබේ.
නමුත් පොලිසියට, පොලිස් අපරාධ නවත්වන්න බැරිව තිබේ. එ් අපරාධ හා ¥ෂණය පොලිසිය උරුම කරගෙන සිටින නිසාය.
Thursday, April 7, 2016
Tuesday, April 5, 2016
පනදුර උතුර පොලිසියේ වධකයින් 8කට හා ආණ්ඩුවට වන්දි ගෙවන්න සිදුවෙයි මු`ඵ වන්දිය රු: 85,000/=යි.
DIG වරයෙකු විසින් ඉදිකරගෙන යනු ලැබූවායයි කියනු ලැබූ සුවිසල් මැදුරකට සවිකරන්න ගෙනා ටයිල් සොරකම් කල බවට පානදුර, කෙසෙල්වත්තේ, ත්‍රී රෝද රියදුරෙකු වූ දිනේෂ්ව, 2011 ජනවාරි 23 අත්අඩංගුවට ගෙන වධ හිංසවාට පත් කළේය.
දිනේෂ්, 2011 ජූනි මස 27 වන දින, පානදුර උතුර (කෙසෙල්වත්ත) පොලිසියේ නිලධාරීන් 8කු හා තවත් 8කුට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන ලදි.
මෙම නඩුව 2014.07.17 වන දින, විභාගයට ගත් අතර, තීන්දුව 2016.04.01 ප්‍රකාශයට පත් කරනු ලැබීය.
විනිසුරු චන්ද්‍ර එ්කනායක, විනිසුරු ප්රියසාත් ඩෙප් හා විනිසුරු බුවනෙක අ`ඵවිහාරේ යන ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලය ඉදිරියේ විභාග වූ මෙම නඩුවේ-
පෙත්සම්කරු දිනේෂ් වෙනුවෙන් නීතිඥ සරීටා ද ෆොන්සේකා මෙනවිය පෙනී සිටි අතර, වගඋත්තරකාර පොලිස් නිලධාරීන් 8 දෙනා වෙුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ දුලින් ද වීරසූරිය මයාය.
මෙම නඩුව ආරම්භයේදී, ජනාධිපති නීතිඥ දුලින්ද වීරසූරිය මයා, මෙම නඩු පවරා ඇත්තේ, දින 30 ඉක්ම ගිය පසුව බව පෙන්වා දෙමින්, එ් මත නඩුව විසි කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම නීති තර්කය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය. එහිදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන හා මානව හිමිකම් කොමිෂම් සභා පනතේ ප්‍රතිපාදන සැලකිල්ලට ගනිමින්, මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට නියමිත දින 30 කාලය පිළිබඳව අර්ථකතනයක්ද ලබාදෙන ලදි.
එ් අනුව ගත්කල මෙම නඩු තීන්දුව මූලික අයිතිවාසිකම් නඩු පැවරිමේ කාල සීමාව හා මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කිරීම පිලිබඳව ලබාදුන් වටිනා තීන්දුවකි.
මෙම නඩුවේ ඉදිරිපත්වූ කරුණු සලකා බලා, ජානාධිපති නීතිඥ විනිසුරු බුවනෙක අ`ඵවිහාරේ මහතා, සෙසු විනිසුරුවරුන්ගේ එකඟතාවය මත ප්‍රකාශයට පත්කල තීන්දුවෙන්, -
1. රජයට - වන්දි වශයෙන් රු: 20,000/=ක් හා නඩු ගාස්තු වශයෙන් රු: 10,000/= ක් වශයෙන් රු: 30,000/=ක් -
2. පානදුර උතුර පොලිසියේ (කෙසෙල්වත්ත), පො.කො.61118, පො.කො.සමරවීර 66940, පො.කො.77994, පො.කො.රෝහණ කුමාර තනි තනිව රු: 10,000/= බැගින්ද,
3. වැඩ බැලූ ස්ථානාධිපති රම්‍යා ද සිල්වා රු: 15,000/= ක් ද,
දිනේෂ් ට ගෙවන ලෙසට නියම කරනු ලැබීය.
මේ අනුව ඔහුට නියමිත වූ මු`ඵ වන්දිය රු: 85,000/= කි.
මෙම නඩු තීන්දුවේ දී ද, වධහිංසා ව අවතක්සේරු කළ නොහැකි අයිතිවාසිකමක් බවත්, දරුණු අපරාධකාරයෙකුට වුවද වධහිංසාවෙන් මිදී සිටීමට අයිතිය තිබෙන බවත් අවධාරණය කර තිබේ.
සටහන:- මේ පිළිබඳව රජයේ හා ජාතික පොලිස් කොමිෂමේ දැඩි අවධානයට ලක්කර පොලිස් වධදීම් බොරු නඩු දැමීම් වලක්වාලීමට දැඩි පියවර ගතයුතුයි. වධකයින් ආරක්ෂා කිරීම අපරාධයක් බව සියලූ දෙනා දැනගත යුතුයි.
විඩිෙයා්ව නරඹන්න
Monday, April 4, 2016
ගෙදර හිටිය මිනිහාව ඇදගෙන ගොස් ගංජා නඩු දැම්මාට, IP ට ලක්ෂ 2ක්!.ජොබ් එක බේරා ගන්න, බොරු නඩුව දැම්ම SI ට දහ දාහ ක්!!, රජයට විසි දාහක්!!! ගෙවන්න වෙයි.
පොලිසිය
කිසිදු හේතුවක් නැතිව පුද්ගලයින් අත්අඩංගුවට ගෙන, පසුව එම අත්අඩංගුවට ගැනීම සාධාරණය කිරිමට,
තහනම් ද්‍රව්‍ය හෝ
සමාන නීති විරෝධී ද්‍රව්‍ය දමන බව විනිසුරුවරු මතක තබාගත යුතු කරුණක්.
මෙම ප්‍රකාශය
කරන්නේ, 2012 මැයි 25 වන දින, හෝමාගම පොලිසියේ එවක
සිටි පොලිස් නිලධාරින් අට ෙදෙනකුට ඒෙරහිව, පන්නිපිටියේ පදිංචිකරුවකු වූ ජස්ටින්
රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවක තීන්දුව ප්‍රකාශයට
පත්කරමින්, ශ්‍රේෂ්ඨාධිකරණ
විනිසුරු සිසිර ආබෲ මහතාය.
ජස්ටින්
රාජපක්ෂ මහතා, හෝමාගම
පොලිසියේ එවක සේවය කල පොලිස් පරීක්ෂක ප්‍රසන්න රත්නායක ඇතුලූ දසදෙනෙකු
වගඋත්තරකරුවන් කරමින්, තමාගේ මූලික
අයිතිවාසිකම් උල්ලංඝණය කරන ලද බවට චෝදනා කරමින් පවරන ලද මෙම නඩුවේදී, පළමු වගඋත්තරකරු
පොලිස් පරීක්ෂක ප්‍රසන්න රණතුංග පුද්ගලිකව, රුපියල් ලක්ෂ දෙකක්ද, එම හයවන
වගඋත්තරකරු වූ උප පොලිස් පරීක්ෂක එ්.එල්.එම්.අමීන් - පුද්ගලිකව, රුපියල් දසදහසක්ද,
රජය රුපියල් විසි
දහසක්ද, වන්දි වශයෙන්
ජස්ටින් රාජපක්ෂ මහතාට ගෙවන්නට නියම කරනු ලැබීය.
මේ අනුව -
ජස්ටින් මහතාට පිරිනැමූ මු`ඵ වන්දිය
රුපියල් දෙලක්ෂ තිස්දහසකි.
2012 මැයි 25,
හෝමාගම පොලිසියේ වැඩකළ
පො.ප.ප්‍රසන්න රත්නායක ජස්ටින් රාජපක්ෂ මයාගේ නිවසට ගොස් ඔහුට පහරදී, ඇදගෙන ඇවිත්, ජීප් රථයට දමාගෙන,
මත්තේගොඩ විද්‍යාදීප
මහා විද්‍යාලයට ගෙනගොස්, එහිදී මහා
හඬින් කසිප්පු කාරයෙක් ජීප් එකේ ඉන්නවා යයි කෑගසා, කියා – එදින එම විද්‍යාලයේ පැවති ඩෙංගු මර්ධන
රැස්වීම ඇමතීමට එක්ව, ඩෙංගු මර්ධනය
ගැන දේශණයක් පවත්වා තිබේ.
ජස්ටින්
රාජපක්ෂ ගේ දරුවන්ද එම පාසැලේ ඉගෙනුම ලබන බව දැන මෙම නීච ක්‍රියාව පො.ප. ප්‍රසන්න
රත්නායක සිදුකර තිබේ.
රැස්වීමෙන්
පසුව හෝමාගම පොලිසියට ගෙන ගොස්, දින දෙකකට
පසුව, 2012.05.27 ගංජා ලඟ
තබාගත් බවට චෝදන නගා - බොරු නඩුවක් පවරනු ලැබීය.
එම නඩුවේදී,
බොරු නඩුව පැවරූ උප
පොලිස් පරීක්ෂක එ්.එල්.එම්.අසීම්, සාක්ෂි දෙමින් කියා සිටියේ, පො.ප.ප්‍රසන්න රත්නායක රැකියාවෙන් නෙරපන
බව තමාට තර්ජණය කල නිසා, පො.ප.ප්‍රසන්න
රත්නායක ලබාදුන්න ගංජා පැකට් සමග ජස්ටින් රාජපක්ෂව උසාවියට ඉදිරිපත් කරන ලද
බවයි.
මෙම සාක්ෂිය
සමග, හෝමාගම මහේස්ත්‍රාත්වරයා
- ජස්ටින් රාජපක්ෂ මයාව නඩුවෙන් නිදහස් කරනු ලැබීය.
මෙම ශ්‍රේෂ්ඨාධිකරණ
නඩු තීන්දුව, ශ්‍රී ලංකා
පොලිසියේ අමනකම්, නීති විරෝධී ක්‍රියා
හෙළි කරන්නක්.
මේ නඩු
තීන්දුව ජාතික පොලිස් කොමිෂමේ, මානව හිමිකම්
කොමිෂමේ පමණක් නොව, අධිකරණ සේවා
කොමිෂමේද අවධානයට ලක්විය යුත්තකි.
මන්ද බොරු නඩු
දැමීම, ශ්‍රී ලංකා
පොලිසියේ හේතු පාඨය වී තිබීම නිසාය.
බොරු නඩු
දැමීම වහාම වැලැක්වීමට පියවර ගත යුතුයි. එය ආණ්ඩුවේ වගකීමකි.
”සංක්‍රාන්තික
යුක්තිය” පිළිබඳ කතා
කරන ,අවධානය යොමුව
තිබෙන සියල්ලගේ අවධානය යොමුවිය යුතු කරුණකි.
පොලිස් නීති විරෝධී ක්‍රියාවන්ට, රු: 1,50,000/= ක වන්දිය ගෙවන්න රජයට සිදුවෙයි.
කටුගස්තොට
පොලිසියේ හය දෙනෙකු පුද්ගලයෙකුගේ මූලික අයිතීන් උල්ලංගණය කලාට, වන්දි වශයෙන් එම
පුද්ගලයාට රුපියල් ලක්ෂ එකහාමාරක් ගෙවන්න රජයට නියම කරන ලදි.
පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය
රජයට නියෝග කළේ, 2007 වසරේ
කටුගස්තොට විජොට්මන් මහතාව අත්අඩංගුවට ගෙන, රඳවාගෙන වධදීම සම්බන්ධයෙන් ඔහු විසින් පවරන
ලද මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්ය.
විජොට්මන්න
මහතා 2007.02.04 වන දින,
කටුගස්තොට නගරයේදී බස්
රථයකට ගොඩ වූ විට පාපුවරුවේ ඉඩ හරස් කරමින් සිටි පුද්ගලයෙකුට ඉඩදෙන්න යයි කිව්විට
- එම පුද්ගලයා මොහුට පයින් ගසා තිබේ. එ් අවස්ථාවේ වචන හුවමාරුවක් සිදුව තිබේ.
පසුදින උදේ -
කටුගස්තොට පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන, වධදී, සුපුරුදු පරිදි ගංජා සමග නුවර මහේස්ත්‍රාත්
අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
මෙම ශ්‍රේෂ්ඨාධිකරණ
නඩු තීන්දුවේදීත්, පොලිසිය බොරු
නඩු දැමීම ගැන, නීති විරෝධී
අත්අඩංගුවට ගැනීම හා වධදීම් ගැන අවධානය කැඳවන අතර අත් අඩංගුවට ගන්නා පුද්ගලයින්
මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරිමේ දි, පොලිසියේ ක්‍රියා කලාපය ගැන - විනිසුරුවරු
විනිසුරු මනසකින් යුතුව කරුණු සලකා බැලිය යුතු බව අවධාරණය කර තිබේ.
එවක කටුගස්තොට
පොලිසියේ සේවය කල, පොලිස්
පරීක්ෂක සමරකෝන්, උප පොලිස්
පරීක්ෂක බණ්ඩාර, පොලිස් සැරයන්
දිසානායක, පො.කො. 47093,
29277 හා පො.සැ.ජයවර්ධන වගඋත්තරකරුවන් ලෙසට මෙම නඩුවේ නම් කර
තිබිණ.
විජොට්මන්න
මයා වෙනුවෙන් නීතිඥ ජේ.සී.වැලිඅමුණ මයා පනී සිටි අතර, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු - චන්ද්‍ර
එ්කනායක, ජනාධිපති
නීතිඥ විනිසුරු වනසුන්දර, ජනාධිපති
නීතිඥ විනිසුරු ජයවර්ධන යන ත්‍රී පුද්ගල විනිසුරු මණ්ඩලය හමුවේ විභාග විය. මෙම
නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කළේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චන්ද්‍ර එ්කනායක මහතාය.
සටහන
මෙම තීන්දුව
පොලිස් කොමිෂම හා සංක්‍රාන්තික යුක්තිය පිලිබඳව කතා කරන විද්වතුන්ගේ අවධානයට
යොමුවිය යුතුයි.
Friday, April 1, 2016
ඇඳුම් ගලවලා, - රතු ලූණු ගෙඩියක් දීලා ”කුරුල්ලා” ගේ අතුල්ලපන් ------- පර දෙමල්ලූ....2
බලන් හිටිය අය ඇහුව්වා දැවිල්ල ද කියලා.
ඊට පස්සේ අත් දෙකට මාංචු දාලා, බිම වාඩි
කරවලා පපුවට, බෙල්ල පාත්
කරලා පිටට ගැහුව්වා. අත කැඩෙන්න කැරකුවා. පයින් ගැහුව්වා මේසේ යටට විසිවෙන්න.
පොල්ලකින් ඇස්වටයට ගැහැව්වා. මෙහෙම කළේ කූඩුවෙන් එළියට අරන් කාමරයකට ගෙනගිහිල්ලා.
මෙසේ ප්‍රකාශ කරන්නේ 2016.03.19 දින අත්
අඩංගුවට ගෙන වධ හිංසාවට පත් වු 16 හැවරිදි දරුවාය. පොලීසියේ ඉල්ලීම මත
අධිකරණයෙන් පරිවාස බාරයට පත් කලායින් පසුව, 2016.03.29 ඇප මත මුදාහැරීමෙන්
පසුව මෙම දරුවා ගොත ගහන්නට පටන් ගැනීම හා වරින් වර සෙම සමග ලේ යෑම හා දැඩි
වේදනාවෙන් පෙළෙන නිසා නැවත රෝහල් ගත කිරීමට දෙමාපියන්ට සිදුවිය.
පරිවාස භාරයේ සිටින අවස්ථාවේ දෙවරක් අමාරුවී
රෝහල් ගතකර ප්‍රථිකාර ලබාදෙන ලදි.
පොලිසිය පැමිණ බලපෑම් කරන බව දෙමාපියන්
පවසයි.
තොපි පර දෙමල්ලූ, එනවා මෙතන
පුතාව සුද්ද කරන්න ......යන හිසින් මීට පෙර පළවූ පුවතේ පසුබිම විස්තර වේ.
|
තොපි පර දෙමල්ලූ, එනවා මෙතන පුතාව සුද්ද කරන්න! අම්මාට.......පිය, තොප හු..... ඕන තැනකට පලයල්ලා!!
|
|
|
පොලිසිස්
නිලධාරීන් මෙසේ කුණුහරප කියමින් නින්දා අපහසයට පත්කර පළවා දමා ඇත්තේ
අත්අඩංගුවට ගෙන සිටි අවු: 16 හැවරිදි
පාසල් සිසුවකු වු තම පුතාව බැලීමට මව, තෙබුවන පොලිස් ස්ථානයට ගිය අවස්ථා වේදීය.
මව
ජයචිත්රා මහත්මිය, මානව
හිමිකම් කොමිෂන් සභාවට, ජාතික
පොලිස් කොමිෂන් සභාවට, ජාතික
ළමා ආරක්ෂක අධිකාරියට සහ පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට, කර
තිබෙන ලිඛිත පැමිණිල්ලේ් මෙසේ සඳහන් වේ.
සෙනසුරාදා(19දා) උදේ
8.00
ට
තෙබුවන පොලිසියට එන්න කිව්වා. ඒහි දි 16 හැවරිදි පුතාව අත්අඩංගුවට ගෙන කූඩුවට
දැම්මා. ඒ අවස්ථාවේ, මටත්
සැමියාටත් තොපි පර දෙමල්ලූ, එනවා
මෙතන පුතාව සුද්ද කරන්න, කියමින්
අම්මාට.......පිය, තොප
හු..... ඕන තැනකට පලයල්ලා කියමින් බැණ තර්ජණය කරමින් නින්දා කලා.
අපි
ඉන්දීය සම්භවයක් ඇති දෙමළ.
සැමියාත්
මාත් රෑ වෙනකං පොලිසියේ ඉස්සරහට වෙලා හිටියා. රෑ ගෙදර යන්නේ නැතිව, කිට්ටුව
තියෙන පල්ලියට ගොස් නැවතුනා.
පසුදින
උදේ (20 ඉරිදා) 8.00
ට නැවත
තෙබුවන පොලිසියට ගියා.
අපි
පොලිසියට ගියාට පස්සේ, පුතාව
කාමරයක ඉඳලා ගෙනවිත් කූඩුවට දැම්මා. පුතා ආවේ නොන්ඩි ගසමින්. පුතා කිව්වා හොඳටම
ගැහුව්වා කියලා.
මගේ
මල්ලී සිද්ධිය අරාංචි වෙලා පොලිසියට ආවා. ඔහු තෙබුවන පොලිසියේ ස්ථානාධිපති
හමුවුනා. ස්ථානාධිපති ඔහුට කියා තිබුනා,පාරවල් දෙක තුනක් ගහලා තියෙනවා, අද
උසාවි දානවා කියා.
සවස 2.00ට පමණ
පුතාව උසාවි ගෙන ගියා. මමත් සැමියාත්, මල්ලිලා සමග උසාවියට ගියා. එහිදී අපි නීතිඥ
මහත්මියට මුදලින් රු: 5000/= ක් දීලා
ඉදිරිපත් කළා. ඇයට උපදෙස් දුන්නා පුතාට තෙබුවන පොලිසියෙන් පහරදීලා තියෙන බව කියන්න
කියා. නමුත් ඇය උසාවියේදී වචනයක්වත් කතා කලේ නැහැ.
පුතාව
රිමාන්ඞ් බාරයට පත් කලා. බන්ධනාගාර නිලධාරීන් පුතාව රැුගෙන ගියා.
පසුදින,
21 සඳුදා, කලුතර
බන්ධනාගාරයට ගියා. බන්ධනාගාරයෙන් දැනුම් දුන්නා පුතාව පරිවාසයට බාරදීලා තියෙන්නේ
කියා. ළමා නිවාසයට බාර දුන්නා කියලාත් කිව්වා.
අපි
පුතාව බලන්න ළමා නිවාසයට ගියා. ළමා නිවාසයෙන් කිව්වා, රෑ
පුතාට හුඟක් අමාරු වුණා. නාගොඩ රෝහලට ගෙන ගියා කියලා. එහි සිටිය මහත්මයෙක් අපිව
නාගොඩ මහා රෝහලට රැගෙන ආවා. පුතා 3 වාට්ටුවේ 7 ඇඳේ හිටියා. පුතා සමග කතා කලා. තෙබුවන
පොලිසියේ කාන්තා අංශයේ නිලධාරිනී පුතාගේ කම්මුලට ගසා තර්ජනය කර, එහි
සිටි පොලිස් නිලධාරියෙකුට ගහපන් ගහපන් කියා කියමින් තමාට ගැස්සවු බව කිව්ව බව කියා
සිටියා.
21
දින
(සඳුදා) පුතාව බලන්න රෝහලට ගියා. පුතා කිව්වා උදේ තමාට ගහපු පොලිස් නිලධාරිනිය හා
නිලධාරියෙක් පැමිණ තමාට තර්ජනය කර ගිය බව.
22
දින
(පෝය), දහවල්
මමත්, සැමියාත්
රෝහලේ පුතා ළඟ ඉන්නකොට, තෙබුවන
පොලිසියේ කාන්තා අංශයේ නිලධාරණිය හා තවත් පොලිස් නිලධාරියෙක් පුතාව බලන්න ආවා.
පිරිමි නිලධාරියා උපපොලිස් පරීක්ෂක වරයෙක්. අපි දරුවා ලඟින් ඉවත් වුනා.
ඔවුන්
ගිය පසුව, පුතා
කිව්වා කාන්තා නිලධාරිණිය ගහපු බව කියන්න එපා, උදව් කරන්නම් යයි කියපු බව. උප පොලිස්
පරීක්ෂකවරයා කණ මිරිකා ගහපු බව එහෙම කියන්න එපා යයි තර්ජණය කල බව.
දවස්
දෙකකට පස්සේ, 22 දින සවස
4.30
ට පමණ
පුතාගේ ටිකට් කැපුවා. නැවත පුතාව, ළමා නිවසට ගෙන ගියා. තවමත් පුතා ඉන්නේ
ළමා නිවාසයේ.’
ඇය සිය
පැමිණිල්ලෙන් ඉල්ලා සිටින්නේ –
තම
පුතාට පහරදී වධ දුන්න තෙබුවන පොලිසියේ ස්ථානාධිපති, කාන්තා
හා ළමා කාර්යංශයේ නිලධාරීනියට, පහරදුන් කොස්තාපල්වරයාට, රෝහලට
පැමිණ තර්ජණය කල උප පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව - නීතිමය පියවර ගන්නා ලෙසට,
ළමා
නිවාසයේ, රඳවා
තිබෙන මගේ දරුවාට ආරක්ෂාව සලසන ලෙසට, පොලිසියෙන් හෝ වෙනත් බලපෑම් කිරීම්වලට භාජනය
වීම වලක්වන ලෙසට,
ළමා
නිවාසයේ රඳවා සිටින මාගේ පුතාව, ප්‍රමාද නොකොට හමුවී, සියලූම
තොරතුරු ලබා ගන්නා ලෙසට,
එමෙන්ම, මටත්
සැමියාටත් කුණුහරපා කිමයින් බැණ තර්ජය කරමින්ද, පරදෙමල්ලූ කියා හඳුන්වමින්ද අපට නින්දා කල, පහර
දුන්න නිලධාරීවරයාට එරෙහිවද - නීතිමය පියවර ගන්නා ලෙසට ය.
පැමිණිල්ලේ
පිටපත පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට ද යවා තිබේ.
Subscribe to:
Posts (Atom)
-
ගැහැව්ව බව ෙදාසතරට කිව්වොත් මරණවා!! රෝහලෙදි පිස්තෝලය පෙන්වලා තර්ජනය කළා. 18 හැවරිදි තරුණයෙකු තමාව පාණදුර දකුණ පොලිසියේ දුෂණ මර්ධ අංශය මග...
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...

