Monday, August 7, 2017

14 හැවිරිදි දරුවකුට වධ දුන්න පොලිස් කාරයින්ට රු: ලක්ෂ 375,000 ගෙවන්න ගෙවන්න වෙයි.


මීටියාගොඩ පොලිසියේ හිටපු උප පොලිස් පරීක්ෂක අතුකෝරල, ස්ථානධිපති නිශ්සංක හා ග‍්‍රාමරක්ෂක සොයිසා මීට වසර අටකට පෙර එනම් 2008 මාර්තු 07 වන දින, දකූණේ සිංහල බෞද්ධ දාහතර හැවරිදි බුද්ධි ඉවන්ත ගුණසේකරව අත්අඩංගුවට ගෙන, පොලිසියට ගෙන ගොස් පළමුව අතින් පයින් පහරදි, බිම වැටුනු විට පයින් පාගමින් පහරදි, දෙවනු පොල්ලකින්ද, තෙවනුව අත්පිටුපස කොට බැඳ, බාල්කයක එල්ලා, පහර දෙමින් වධ දෙන ලදි. අමානුෂික හා අවමන් සහගත සැලකිලිවලට පාත‍්‍ර කරන ලදි.

මෙම වධ දීමෙන් පසුව, ‘‘බුද්ධ පිළිමය ඉදිරියෙන් තබාගෙන - බුදු සරණයි කියමින්්’’ සිටින ශ‍්‍රී ලංකා පොලිසිය, බුද්ධි ඉවන්ත ගුණසේකරව ඉහත ආකාරයට දස වධදි  මු`ථ රැයම පොලිස් කුඩුවේ තබාගෙන සිට, පසු දින, මාර්තු 08 දහවල් බලපිටිය මහෙස්ත‍්‍රාත් වරයාගේ නිල නිවසට ගෙන ගොස් ඉදිරිපත් කරන ලදි. ඔහුට  එරෙහිව , දිවා කාලයේ නිවසක් බිඳීම, රු: 23000/= ක් වටිනා දේපල සොරකම් කිරීම, සොරබඩු ලඟ තබා ගැනීම යන අමුලික බොරු චොදනා නගාය. 

බුද්ධි ඉවන්ත ගුණසේකර ව මහෙස්ත‍්‍රාත් වරයාට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ ඔහු වෙනුවෙන් නිතිඥවරයෙකු ඉදිරිපත් කරනු ලැබුවද, එම නිතිඥවරයා පහර දිම පිළිබඳව මහේස්ත‍්‍රාත් වරයාට සඳහන් කිරිමෙන් වැළකි තිබින. බලපිටිය මහෙස්ත‍්‍රාත් නියෝගය මත බුද්ධි ඉවන්ත ගුණසේකර ව ‘‘පොලිස් ඇපයක්’’ මත මුදාහිරිමට පොලිසියට සිදුවිය. 

ඇප මත මුදාහැරිමෙන් අනුතුරුව නිවසට පැමිණි බුද්ධි ඉවන්ත ගුණසේකර රොගාතුර වීම නිසා පසු දින, මාර්තු 09, බාලිපිටිය මුලික රෝහලට ප‍්‍රතිකාර සඳහා යන ලදි. මාර්තු 13 ‘‘ටිකට්’’ කපන ලද නමුත් අධිකරණ වෛද්‍ය නිලධාරි පරික්ෂා කරන තුරු රොහලින් පිටව යැම වළක්වනු ලැබිය. එහෙත් යම් බලපෑමකට යටත්ව ඔහුව මාර්තු 14 රොහලින් පිටත් කරවන ලදි. එය වාර්තා විමෙන් පසුව දුරකථන පණිවුඩයකින් ඔහුව නැවත රොහලට ගෙන්වා ඇතුලත් කරවා අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කර වැඩිදුර ප‍්‍රතිකාර ලබා දිමට රොහල් බලධාරින් පියවර ගනු ලැබිය. දෙවන වරට ඔහු ගේ ‘‘ටිකට්’’ කපන ලද්දේ මාර්තු 24 දිනය. 

බුද්ධි ඉවන්ත ගුණසේකර ගේ පියා ජයන්ත ගුණසේකර ‘‘පෙදරේරුවකි’’. ඔහු තම දාහතර හැවරිදි පුත‍්‍රායාට  මිටියාගොඩ පොලිසියේ, අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක අතුකෝරල ස්ථානධිපති නිශ්සංක හා ග‍්‍රාමරක්ෂක සොයිසා ට එරෙහිව, නීතිමය පියවර ගැනිමට අදිටන් කර, ජනසංසදය හා එක්ව පොලිස්පති ඇතුලූ ප‍්‍රාදේශිය බලධාරින්ට, මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර,  මූලික අයිතිවාසිකම් කඩ කිරීම අදාල නඩුවක්, ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කිරිමට පියවර ගනු ලැබිය. එහි අංකය SC/FR 126/2008 වේ. මේ සඳහා මුල්‍යය ප‍්‍රතිපාදන ලබා ගන්නා ලද්දේ ජනසංසදය හා ආසියානු මානව හමිකම් කොමිසම එක්ව ක‍්‍රියාත්මක ව්‍යාපෘති මගිනි.

මීටියාගොඩ පොලිසියේ ස්ථානාධිපති ‘‘බි’’ 2694 යටතේ බලපිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණයේ බුද්ධි ඉවන්ත ගුණසේකරට එරෙහිව පවරන ලද නඩුව පවතිද්දි ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුව පවත්වාගෙන යෑම සඳහා අවසරය 2008 මැයි 27 වන දින ලබා දෙන ලදි.

2008.04. 02 වන දින දින මීටියාගොඩ පොලිසියේ ස්ථානාධිපති බලපිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණයේ ‘‘බි’’ 2694 බොරු නඩුවට බුද්ධි ඉවන්ත ගුණසේකර හා පියා ජයන්ත ගුණසේකර සහභාගි විමෙන් අනතුරුව සාධාරණයක්  අපෙක්ෂාවෙන් බාලපිටිය උසාවි සංකීර්ණයෙ පිහිටි නීති ආධාර කොමිසමේ ශාඛාවට ගොඩ වදින ලදි. එය සුවිශේෂි අවස්ථාවක් විය. නීති ආධාර කොමිසමේ බලපිටිය ශාඛාවේ එවක නිතිඥ සමන්මලී ද සොයිසා සිරිවර්ධන මෙනවිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ීක්‍රැුත්‍ඍ 126/2008 නඩුවට එම සුවිශේෂි අවස්ථාව පිළිබඳව ලබා දෙන ලද දිව්රුම් ප‍්‍රකාශයේන් එදින සිදුවීමට වඩා නිතිඥයෙකු ගේ වෘතිය භාවය යනු කුමක්ද යන්නෙහි පිළිඹිවකි. 

නිතිඥ සමන්මලී ද සොයිසා සිරිවර්ධන මෙනවිය මීටියාගොඩ පොලිසියේ ස්ථානාධිපති විසින් බුද්ධි ඉවන්ත ගුණසේකරට එරෙහිව ‘‘බි’’ 2694 යටතේ බලපිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණයේ පවරන ලද නඩුවේ දි බුද්ධි ඉවන්ත ගුණසේකර ගේ නිතිඥ වරිය වශයෙන් පෙනීසිටින ලදි.

2008.10.15 දිනැති අංක එච්/ටි/17/2008 යටතේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීම පරිදි  විශේෂ විමර්ශන එ්කකය මගින් එස් අයි යූ 290/09 යටතේ විමර්ශනයක් ආරම්භ කර, එම 2009.06.23 දින අදාල විමර්ශනයේ උධෘත ගොනු නීතිපති වෙත ඉදිරිපත් කර තිබින.

විශේෂ විමර්ෂණ එ්කකයේ අණාවර්ණය කර ගැනීම් පාදක කරගෙන නීතිපති වෙනුවෙන්  2010 දෙසැම්බර් 10 නඩු වාරයේදී, රජයේ නීතිඥවරයා, වගඋත්තරකාර ඉහත පොලිස් නිලධාරීන් තිදෙනාට එරෙහිව, පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව අධිකරණයට වාර්තා කර සිටියේය. 

මේ අතරවාරයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තමන්ට එරෙහිව පවරා තිබෙන මුලික අයිතිවාසිකම් නඩුවට තමන් වෙනුවෙන් ඉදිරිපත්වන ලෙසට මිටියාගොඩ පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක අතුකෝරල, ස්ථානධිපති නිශ්සංක හා ග‍්‍රාමරක්ෂක සොයිසා විසින් නිතිපති වරයා ගෙන් කරන ලද ඉල්ලා සිටින ලදි. එම ඉල්ලිම නිතිපති විසින් ප‍්‍රතික්ෂේප කර, එ් බව ඔහු ගේ  ීක්‍ගක්‍්ග 151රැු08:්*  හා 2008.07.07 දිනැති ලිපියෙන් ඔවුන් තිදෙනාට දන්වා, පුද්ගලිකව නිතිඥ වරුන් මගින් අධිකරණයේ පෙනි සිටින ලෙසට උපදෙස් දෙනුු ලැබිය.

එමෙන්ම බුද්ධි ඉවන්ත ගුණසේකර ගේ පියා ජයන්ත ගුණසේකර පොලිස් මුලස්ථානයේ නීති කොඨාශය අමතමින් කරන ලද විසිමට පිළිතුරු ලබාදෙමින් එහි අධ්‍යක්ෂවරයා සිය 2008.08.07 දිනැති හා පිඑල්සි.එම්අයිඑ්එස්ඊ/49/1222/08 දරන ලිපියෙන් අදාල පොලිස් නිලධාරින් ට එරෙහිව චොදනා පත‍්‍ර නිකුත් කිරිමට කටයුතු කරන බව දන්වා තිබින.

නඩු වාර ගණනාවකට පසුව, මහින්ද රාජපක්ෂ රෙජිමය විසින් අගවිනිසුරු වශයෙන් පත්කොට එහි කටයුතු කල මොහාන් පීරිස් ඉදිරියේ, 2013 ජූලි 24 පැවැති නඩු වාරයේදී, දෙපාර්ශවයේ නීතිඥවරුන් ගේ කරුණු දැක්වීම් මාධ්‍යයේ, උසාවිය දෙපාර්ශවය අතර සමථයක් දැකීමට කැමැති බව ප‍්‍රකාශ කර, බුද්ධි ගුණසේකරට එරෙහිව බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවරා තිබෙන සොරකම් නඩුව පොලිසිය ඉවත් කර ගැනීම හා බුද්ධි ගුණසේකරට වන්දියක් වශයෙන් මුදලක් ගෙවීම ටත් එයට හිලව්වට බුද්ධි ගුණසේකර විසින් මුලික අයිතිවාසිකම් නඩුව ඉවත් කර ගැනිමත් යන සමථ යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය. මෙහි සරල අරුථ වුයේ වධ දීමට හිලව්වට මුදල් ලබාදි හා බොරු නඩුව ඉවත් කර ගැනීමය. 

අධිකරණය විසින් කරන ලද මෙම යෝජනාව, තමන් පිළි නොගන්නා බවත්, තමන්ට අවශ්‍ය වන්නේ, නඩුව විභාග වීම දැකිම බවත්, බුද්ධි ගුණසේකර හා පියා ජයන්ත ගුණසේකර, සිය නීතිඥවරුන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

2013 නොවැම්බර් 06 නඩු වාරයේදී, වගඋත්තරකාර පොලිස් නිලධාරීන් එවකට මීටියාගොඩ පොලිසියේ සේවය කළ ගල්ගනගේ ශ‍්‍රී නිශ්ශංක ජයරත්න, කාරියවසම් ෙදාන් සමන් පාලිත අතුකෝරල, ඌරු ලියනගේ ෙදාන් තුසිත කුමාර ගණසිංහ හා තිරමාදුර ලලිත් ද සොයිසා යන සිව් දෙනාට විරුද්ධව 1994 අංක 22 වධහිංසාවට එරෙහි පනත යටතේ බලපිටිය මහාධිකරණයේ නඩු පැවරීමට නීතිපතිවරයා තීරණය කර තිබෙන බව රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

මීටියාගොඩ පොලිසිය විසින් බුද්ධි ගුණසේකරට බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවරන ලද අංක 2694 දරන, විභාග වෙමින් පවතින නඩුව, 2014.06.19 වන දින කැඳවු අවස්ථාවේදි නීතිපති උපදෙස් අනුව එකී නඩුව එදින ඉවත් කර ගැනීමට පොලිසිය ක‍්‍රියා කරන ලද අතර, නඩු භාණ්ඩ වශයෙන් ඉදිරිපත් කර තිබූ, මුදල් ඔහුට/බුද්ධි ගුණසේකරට/ මුදාහැරීමට අධිකරණයට නියම කරනු ලැබීය.  

එයින් අනතුරුව, නීතිපතිවරයා විසින්, වධහිංසාවට එරෙහි පනත යටතේ - එවකට මීටියාගොඩ පොලිසියේ සේවය කළ ගල්ගනගේ ශ‍්‍රී නිශ්ශංක ජයරත්න, කාරියවසම් ෙදාන් සමන් පාලිත අතුකෝරල, ඌරු ලියනගේ ෙදාන් තුසිත කුමාර ගණසිංහ හා තිරමාදුර ලලිත් ද සොයිසා යන තිදෙනාට දෙනාට එරෙහිව අංක ්‍යක්‍ඊ 1678 යටතේ බලපිටිය මහාධිකරණයේ නඩු පවරන ලදි.

මෙම මහාධිකරණ නඩු විභාගය කඩිනම්න් අසා නිම කරන කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්දේශයක් නිකුත් කරනු ලැබීය. කෙසේවුවත්, මෙම නඩුව තවමත් බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින බව සඳහන් කළ යුතුයි.

මෙම පසුබිම යටතේ වසර අටකට පසුව, ශ්‍රේෂ්ඨාධිකරණය පෙර ස්ථාවරයන් වෙනස් කොට 2016.05.03 දින නඩුව විභායට ගන්නා ලදි. 2017.07.11 දින ලබාදුන් තීන්දුව කෙරෙහි අවධානය යොමු කරමු.

ජනාධිපති නිතිඥ බි.පි.අ`ථවිහාරේ සහා කේ.ටි.චිත‍්‍රසිරි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ගේ එකඟතාවයෙන්, විනිසුරු උපාලි අබේරත්න ප‍්‍රකාශයට පත් කල තීන්දුවෙන් නඩුවේ 1වන, 2වන හා 3වන වගඋත්තරකරුවන් වූ, එවකට ස්ථානාධිපති වශයෙන් ක‍්‍රියාකළ පො.ප. ගල්ගනගේ ශ‍්‍රී නිශ්ශංක ජයරත්න, උප පොලිස් පරික්ෂක කාරියවසම් ෙදාන් සමන් පාලිත අතුකෝරල, ග‍්‍රාමාරක්ෂක තිරමාදුර ලලිත් ද සොයිසා, ‘‘නීතිය පසඳලිමස හ ක‍්‍රියාත්මක කිරිම ද නීතියේ රැුකවරණය ද සර්ව සාධරණ විය යුත්තේය’’ යන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12(1* වගන්තියෙන් සහතික කරන ලද මුලික අයිතිවාසිකම උල්ලංඝණය කර තිබෙන බව නිගමනය කර, වන්දිවශයෙන් එක් එක් වගඋත්තර කරුවා විසින් රුපියල් ලක්ෂය බැගින් ද, නඩු ගාස්තු වසයෙන් රුපියල් හැත්තෑපන්දහස බැගින් ද බුද්ධි ඉවන්තට ගෙවිමට නියම කර තිබේ. මේ අනුව බුද්ධි ඉවන්තය හිමිවන වන්දිය රුපියල් තුන්ලක්ෂ හැත්තැපනදහසකි.

මුලික අයිතිවාසිකම් නඩුව ගොනු කරමින් මුල් අදියරේ සියුලූ කටයුතු කරන ලද්දේ නිතිඥ ශාමේන් ගුණරත්න මහත්මිය යයි. ඇය විදේශ ගතවිනේ අනතුරුව නිතිඥ ශාරිටා ද ෆොන්සේකා මෙනවිය සමග නිතිඥ විරාන් කොරයා මහතා පෙනිසිටින ලදි. නඩුව විභාගයට ගන්නා අවස්ථාවේදි පොලිස් නිලධාරින් හෝ ඔවුන් වෙනුවෙන් නිතිඥවරයෙකු හෝ පෙනි නොසිටිම විශේෂත්වයකි.

සම්පුර්ණ නඩු තින්දුව 

IN COURT OF THE DEMOCRATIC  SOCIALIST THE SUPREME REPUBLIC OF SRI LANKA
In the matter of an application under and in terms of Articles 17 and 126 of the Constitution of the
Democratic Socialist Republic of Sri Lanka.

SC /FR 126 / 2008

1. Uspatabendige Buddhi Iwantha
Gunasekera,
Dommie Jayawardena Mawatha,
Eranavila, Meetiyagoda.

2. Uspatabendige Jayantha
Gunasekera,
Dommie Jayawardena Mawatha,
Eranavila, Meetiyagoda.
Petitioners
 Vs.
1. Sub Inspector Athukorala
Crime Division,
Police Station, Meetiyagoda.
2. Inspector Nissanka,
Officer in Charge,
Police Station, Meetiyagoda.
3. Home Guard Soysa,
Police Station, Meetiyagoda.
4. W. T. Siripala,
Domanvila,
Meetiyagoda.
5. The Inspector General of Police,
Police Headquarters,
Colombo 1.
6. Hon. Attorney General,
Attorney General’s Department
Colombo 12.
Respondents

BEFORE : B. P. ALUWIHARE, PC, J.
 UPALY ABEYRATHNE, J.
 K. T. CHITRASIRI, J.

COUNSEL :
Viran Corea with Sarita de Fonseka for the
Petitioner
Indunil Punchihewa SC for the 5th and 6th
Respondents
The 1st to 4th Respondents are absent and
unrepresented

ARGUED ON : 03.05.2016
DECIDED ON : 11.07.2017

UPALY ABEYRATHNE, J.
 The Petitioner has complained that his fundamental rights to equality
guaranteed by Article 12(1) of the Constitution of Sri Lanka has been infringed by
the 1st, 2nd and 3rd Respondents.
 At the time of the alleged incident, the 1st Petitioner was a 14-year-old
student in Grade 10, Nindana Maha Vidyalaya, Ambalangoda, and the 2nd
Petitioner was the father of the 1st Petitioner. On 7th March 2008, around 3.30 p. m.
when the 1st Petitioner was at home with his mother the 1st to 4th Respondents with
two other Police Officers had come to their compound with a sniffer dog and
inquired as to the whereabouts of the 2nd Petitioner. Since the 2nd Petitioner was in
his paddy field the 1st Petitioner, having obliged to assist the Police to find the way
to the paddy field which was about seven kilometres away from his house had got
in to the Respondents’ vehicle. Thereafter the 1st Petitioner was taken to
Meetiyagoda Police Station.
 At the Police Station the 2nd Respondent had grabbed the 1st Petitioner
by his hair and assaulted him asking in sinhala ‘badu deepan’. Thereafter the 2nd
Respondent who was wearing shoes, had pulled the 1st Petitioner on to the ground
and trampled the 1st Petitioner whilst kicking him. At that time, the 2nd Respondent
had received a telephone call and had ordered the 1st Respondent to move the 1st
Petitioner out of the room. Upon the said directions, the 1st Respondent had taken
the 1st Petitioner to the Crime Division and had assaulted him again.
 At this point, the 3rd Respondent, who brought a club had assaulted
the 1st Petitioner on his buttocks whilst the 1st Respondent was holding the 1st
Petitioner by the shoulders. Thereafter the 1st and 3rd Respondents had taken the 1st
Petitioner to a room and tied his hands behind his back with a rope while the other
end of the rope was thrown over a beam which was pulled by the 3rd Respondent.
The 1st Respondent had raised the 1st Petitioner by his legs and the 3rd Respondent
had tied the other end of the rope to a nearby concrete pillar. Thereafter the 1st
Petitioner had been beaten by the 3rd Respondent whilst questioning him about the
jewellery and money taken by him breaking a house.
 At about 8.00 p. m. the 2nd Respondent arrived at the Police Station
and directed the 1st Respondent to keep the 1st Petitioner in the cell. At this
moment, the Petitioners had noticed that a Police Officer was taking down
statements of the 4th Respondent’s sister-in-law, her husband and her son.
 On the following day, the 1st Petitioner had been produced before the
Magistrate, Balapitiya, and was bailed out. On the following day, the 1st Petitioner
had been admitted to the Balapitiya Base Hospital and discharged from the
Hospital on the 13th March, 2008. Thereafter, on the next day the 1st Petitioner had
been re-admitted to the same Hospital and warded till the 24th of March 2008. On
14th of March 2008, the 1st Petitioner had been examined by the Judicial Medical
Officer.
 On the 11th March 2008, the 2nd Petitioner has made a complaint to the
ASP Elpitiya, and on 27th March 2008 the ASP has recorded the statements. Also,
by letter dated 19th of March 2008, the 2nd Petitioner has complained to the Human
Rights Commission about the assault to the 1st Petitioner by the 1st, 2nd and 3rd
Respondents.
 The Petitioners have averred that the traumatic and brutal acts of the
1st, 2nd and 3rd Respondents have caused a great physical pain and grave
psychological distress and trauma to the 1st Petitioner. As a result of the torturous
acts the 1st Petitioner was unable to attend to his day to day work for more than
three weeks. The Petitioners have complained to this court that the 1st Petitioner
was subjected to torture and to cruel, inhuman and degrading treatments by the 1st,
2nd and 3rd Respondents and the Petitioners’ fundamental rights guaranteed under
Article 12(1) of the Constitution has been infringed by the 1st, 2nd and 3rd
Respondents.
 The 1st to and 3rd Respondents were absent and unrepresented at the
hearing of this case. Journal Entries of the original docket indicates that the Said
Respondents have been represented by a counsel until 21.09.2015. They have been
duly noticed by this court to attend and defend their case.
 The 1st, 2nd and 3rd Respondents have filed their statement of
objections dated 21st July 2008. In the said statement of objections the 1st to 3rd
Respondents have not specifically denied the several allegations levelled against
them in paragraphs 4, 6, 7, 8, 9 and 10 of the petition dated 07.04.2008. They have
merely stated that they are unaware of the said allegations contained in the said
paragraphs. Also, the 1st to 3rd Respondents have neither denied nor answered the
allegations levelled against them in paragraphs 13 to 18 of the said petition.
 It is very important to note that in paragraph 14 of the petition it is
averred that the conduct of the 1st to 3rd Respondents and their failure to afford
equal protection of the law, have resulted in the Petitioner’s rights guaranteed
under Article 12(1) of the Constitution being violated. Also, in paragraph 16 of the
petition it is stated that due to the aforesaid violations the Petitioners have suffered
substantial and grave physical, psychological and financial harm, damage and loss
and therefore the Petitioners entitled to substantial compensation in a sum
determined by court. Since the 1st to 3rd Respondents have not denied and/or
answered to the said allegations levelled against them by the Petitioners the said
allegations will have to be considered on the facts and circumstances pleaded by
the Petitioners.
 The 1st Petitioner had been examined by the JMO and the Medico
Legal Report dated 05.02.2009 has been filed of record. According to the Medico-
Legal Report the 1st Petitioner had been examined by the JMO on 13.03. 2008 and
14.03.2008. The JMO has found 08 non-grievous injuries on the body of the 1st
Petitioner.
 The 1st to 3rd Respondents answering the averments contained in
paragraph 5(viii) of the Petition, in paragraph 7 of their statement of objections has
stated that one M. Tennyson who was in the police cell on 07.03.2008, had seen
the 2nd Petitioner reprimanding the 1st Petitioner and also beating him. Said M.
Tennyson in his affidavit has stated that when he was in the police cell he noticed
bringing a child to the Police Station. On 07.03.2008, at about 07.00 p.m. when the
said child was seated in a plastic chair in front of the police cell, father of the said
child came to the police station and proceeded to the child after obtaining
permission of the Reserve Police Officer and reprimanded the child whilst beating
him on his back and shoulders.
 It is surprising to note that the said Reserve Police Officer has not
made minutes with regard to the said assault took place in the Police Station. With
regard to such an assault the best evidence would have been the said Reserve
Police Officer. But the 1st to 3rd Respondents have failed to adduce such evidence
in defending their case.
 In cases where the fundamental rights have been infringed, a burden
lie on the Petitioner to adduce evidence to the satisfaction of court since the court
will look for a high degree of probability in deciding which of the facts alleged
have been established. That does not mean that an undue burden is placed on a
Petitioner in his mission for access to justice, by court. When Respondents remain
silent on the matters that have to be explained by them, then such conduct of the
Respondents will ease the burden cast on the Petitioner. At such situations, the
court will act on the materials placed before court by the Petitioner.
 Needless to reiterate the duty cast upon the police towards a person
taken in to custody that the Police are not entitled to lay a finger on a person
arrested, even if he is a hardened criminal, unless the suspect resist the arrest or
attempts to escape.
 In view of the custodial relationship between the 1st to 3rd
Respondents and the 1st Petitioner their conduct was high handed and in deliberate
disregard of the 1st Petitioner’s rights. The 1st Petitioner has been severely
assaulted when he was in police custody and his right to the equal protection of law
has been denied by the 1st to 3rd Respondents. Therefore, I hold that the 1st
Petitioner’s fundamental rights guaranteed under Article 12(1) of the Constitution
have been violated by the 1st to 3rd Respondents. Hence the 1st Petitioner is entitled
to compensation for the injuries sustained, hospitalisation and pain suffering and
humiliation suffered by him.
 Accordingly, I make order that the 1st, 2nd and 3rd Respondents shall
pay a sum of Rs. 300,000/= (Rs. 100,000/- per each) as compensation and a sum of
Rs 75,000/= (25,000 per each) as costs to the 1st Petitioner.
 Judge of the Supreme Court
B. P. ALUWIHARE, PC, J.
 I agree.
 Judge of the Supreme Court
K. T. CHITRASIRI, J.
 I agree.
 Judge of the Supreme Court





පොලිස් වධකයින් වෙනුවෙන් රු:- 100,000/-ක වන්දිය ගෙවන ලෙසට වන මානව හිමිකම් කොමිසමේ නිර්දේශය පිළිගන්න පොලිස්පති ශිලාචාර වෙයිද?


බණ්ඩාරගම පොලිසියේ හිටපු ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. ආනන්ද, උ.පො.ප. ජයසුන්දර, පො.සැ.53690 මහින්ද, පො.කො.9294, පො.කො.77842, පො.කො.88722, පො.සැ.32748 රනවිර ගොවිතැන් කරමින් ජිවත්වන කරුණාරත්න හා පද්මසිරි ට වධ දෙන්නේ 2013.ජුලි 10වන දිනය. පොලිස් සංස්කෘතිය රැක ගනිමින් දෙදෙනාව පසු දින පොලිස් ඇප මත මුදා හරින්නේ බොරු නඩු දමාය. 
දෙදෙනාම රොහල් ගතව තාමට පොලිසිය වධ දුන්න බව ප‍්‍රකාශ කර සිටින ලදි. රොහලේදි වෛද්‍යවරුන්ට හා රොහල් පොලිසියට තමන්ට පහර දුන් ආකාරය විස්තර කර නිතිමය පියවර ගැනිමට අවශ්‍ය බවද කියා සිටියේය. රෝහලින් පිටවු පසු ජනසංදය හා එක්ව මානව හිමිකම් කොමිසමට, පොලිසිපතිට පැමිණිලි කරන ලදිි. 
මානව හිමිකම් කොමිසම් සභාව විමර්ශණය ආරම්භ කළ අතර එ් සඳහා ජනසංසදයේ නියෝජනය ඔවුන් දෙදෙනාට ලබා දෙමින් බල ගන්වන ලදි. බණ්ඩාරගම පොලිසිය ඔවුන්ට පවරන ලද බොරු නඩුවට ඉදිර්පත් වෙමින් තම නිර්දෝශි භවය සෘජුව ප‍්‍රකාශ කරන ලදි.
ගතවු වසර හතර පුරාම ඔවුන් දෙදෙනා ට නිවි සැනසිල්ලේ ජිවිත්වීමට වධකයින් ඉඩ දුන්නේ නැත. පොලිසියට එරෙහිව කරන ලද පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසට හා බොරු චොදනා වලට වැරදි කරු බව පිළිගෙන නඩු ඉවර කරගන්නා ලෙසට වන වධකයින්  ගේ බලපෑම විවිධාකාර විය. එ් සෑම බලපෑමකටම මුහුණ දෙමින් නොසැලි සිටිමට ඔවුන් සමත් විය.
බොරු නඩුව බණ්ඩාරගම සංචාරක උසාවියේ තවමත් පවති. නඩුව දිග්ගස්සන්න උසාවියට නොපැමිණෙන විට නිකුත් කරන වරෙන්තු වලට  පොලිස්කාරයින්ව අත්අංඩුවට ගන්න පොලිසියට බැරිය. 
එම පසුබිම යටතේ 2017 අගොස්තු 01 දාතමින් ශ‍්‍රි ලංකා මානව හමිකම් කොමිසම් සභාව සිය නිර්දේශය කොමසාරිස් වරුන් වන නිතිඥ ගසාල් හුසේන් හා ජනාධිපති නිතිඥ සාලිය පිරිස් මහත්වරුන්ගේ අත්සනින් ප‍්‍රකාශයට පත් කරනු ලැබිය. 
ඉහත පොලිස් නිලධාරින් කරුණාරත්නට හා පද්මසිරිට මොට ආයුධ වලින් පහර දි, 24 පැයකට වඩා වැඩි කාලයක් රඳවාගෙන සිටි බවට සහා අත්අඩංගුවට ගැනිමේදි මෙම නිලධාරින් සිවිල් ඇඳුමින් සිටි බවට නිගමනය කරන ශ‍්‍රි ලංකා මානව හමිකම් කොමිසම් සභාව, එම නිලධාරින් ආණුඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11, 13(1) හා 13(2) වගන්ති උල්ලංඝණය කර තිබෙන බවට තිරණය කරයි.
එ් අනුව ශ‍්‍රි ලංකා පොලිසිය කරුණාරත්නට හා පද්මසිරිට වන්දි වශයෙන් එක් අයෙකුට රු:-50,000/- බැගින් ගෙවිය යුතු බව නිර්දේශ කරයි. පොලිස් වධ හිංසා වල වගකිම පොලිස්පති දැරිය යුතුය. ශ‍්‍රි ලංකා මානව හමිකම් කොමිසම් සභාව පොලිස් වධහිංසාව අවම කිරිම සඳහා තැබු ඉදිරි පියවරක් ලෙසට මෙම නිර්දේශය අගය කරමු.
ආණඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන ලද බවට හා අපරාධ වලට වැරදි කරුවන් බවට වන අධිකරණ තින්දු නොසලකා හරිමින් අදාල පොලිස් නිලධාරින් ට එරෙහිව විනය පියවර නොගෙන සේවයේ තබාගෙන සිටිනවා පමණක් නොව සමහරුන්ට උසස්විම් දිම හා එම සේවා ස්ථානවල ම රඳවාගෙන සිටිම මගින් පොලිස්පති හා ජාතික පොලිස් කොමිසම ‘‘දණ්ඩ මුක්තිය’’ ක‍්‍රියාවට නංවා ඇත්තේ ඔවුන් නිතියට යටත් නැති බව ජනතාවට එත්තු ගන්වමින්ය. 
ශ‍්‍රි ලංකා මානව හමිකම් කොමිසම් සභාව, පොලිස් වධකයින් වෙනුවෙන් රු:- 100,000/-ක වන්දියක්  කරුණාරත්න හා පද්මසිරි ට ගෙවන ලෙසට වන නිර්දේශය පිළිගන්න පොලිස්පති ශිලාචාර වෙයිද යන පැනය නගන්නේ එම පසුබිම යටතේය. 
ශ‍්‍රි ලංකා මානව හමිකම් කොමිසම් සභාවේ නිර්දේශය ක‍්‍රියාවට නංවන ලෙසට පොලිස්පතිට, පොලිස් කොමිසමට, නිතිය හා සාමය අමාත්‍යංශයට බලපැම් කරන ලෙසට සිවිල් සමාජයෙන් ඉල්ලා සිටිමු.
අදාල විඩියෝව:- 





Saturday, August 5, 2017

උපතින්ම ආබාධිතයෙකුට රෙදි ගලවා නයිමිරිස් දමා පහර දී පුච්චපු ශ‍්‍රී ලංකා පොලිසිය -


උපතින් ආබාධීතයෙක්. ජන්මයෙන් බෞද්ධයෙක්. දෙමාපියන් දෙන්නා රැුක බලා ගන්නා මොහුට, රෙදි ගලවා, නයි මිරිස් බ්ලෙන්ඩර් කරලා ඇස්වලට දාලා, පොලූවලින් පහරදී, හීටරයකින් පුච්චලා වධ දුන්නේ පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ පවත්වාගෙන යන නිල වධකාගරයේ දීය.

පොලිසියේ අපරාධ ගැන විවෘත අධීකරණයේ ප‍්‍රකාශ කිරීමට පලි ගැනීම සඳහා මෙම දස වධදීම කර, පැනඩෝල් කුඩුකර, එවා රත්කර ”කුඩු” කියා උසාවියට ඉදිරිපත් කිරීම පිළිබඳවත්, එයින් ද නතර නොවි පස්සෙන් පන්න පන්නා පළිගැනිමට වෙර දැරිම පිළිබඳවත් උපතින්ම ආබාධීතයකු වූ, ජන්මයෙන් බෞද්ධ, අතු පැලක වෙසෙමින්, හව් හරනක් නැති අම්මා තාත්තා රැුකබලා ගන්නා, 23 හැවිරිදි තරුණයෙකුගේ කතාව, යලි යලිත් ඔප්පු කරන්නේ නීතිය කඩා වැටීමයි. එමෙන්ම බොරදියේ මා`ඵ බාන ඊනියා සිවිල් සංවිධානවල ප්‍රෝඩාවයි.

‘‘සිවිල් සංවිධාන’’ ලෝකෙට කියන්නේ, සු`ඵ ජාතීන්ට පමණක් පීඩා සිදුවන බවයි. මහා ජාතිය මේ වන විට ජාත්‍යන්තරය හමුුවේ සු`ඵ ජාතියක් බවට පත්කර ඇත. එයට නිදසුනකි සංජීව ගේ කතාව.

‘‘  මගේ නම සංජීව පෙරේරා, වයස අවු: 23යි. සිංහල. බුද්දාගමේ. පියාට රැුකියාවක් නැ. මවටද රැුකියාවක් නැ. පවුලේ සහෝදරවරු 02ක් හා සහෝදරියන් 02ක් සිටිති. මා පවුලේ බාලයා වේ. මමත් මව හා පියා සමග ජීවත්වන්නේ. මගේ වැඩිමහල් සොහොයුරා පදිංචි නිවසේ කුස්සියේ. වැස්සට තෙමෙනවා. අව්වට වේලෙනවා. මා කිසි දිනක ඉස්කෝලේ ගියේ නැහැ. මා ඉපදිලා තියෙන්නේ අඩු මාසෙන්. මාස 07 න්. ඉපදී මාස 02කින් ශෛල්‍ය කර්මයකට භාජනය කරලා තමයි, මුත‍්‍රා මාර්ගය හදාලා තිබුනේ. තවමත් මට මුත‍්‍රා අමාරුව තියෙනවා. මුත‍්‍රා කරන්න විනාඩි පහක් හයක් යනවා. සමහර විට විනාඩි දහයක් විතර යනවා. වසරකට හය හත් පාරක් මට ‘රත්තයා’ කියන රෝගය වැළඳෙනවා. මේ අමාරුකම් නිසා ඉස්කෝලේ ගියේම නැහැ. අවුරුදු තුනකට පමණ ඉස්සෙල්ලා යාලූවෙක් එක්ක වෙසක් බලන්න ගිහිල්ලා මට කුඩු බොන්න අරන්න දුන්නා. 

දවසක් මම කුඩු බොන්න සල්ලි අම්මාගෙන් ඉල්ලූවා. මාගේ අක්කා කෙනෙක් පොලිසියට කෝල් කරලා මම කුඩු බොනවා, කඳවුරකට දාන්න කියලා ඉල්ලුවා. පානදුර පොලිසියෙන් ඇවිත් මාව අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගත්තේ උ.පො.ප.සංජීව කියන නිලධාරියා. මගේ අතේ කුඩු තිබුනේවත්, කුඩු බීලා හිටියේවත් නැහැ. 

මාව පානදුර මුලික රෝහලට ගෙනහිල්ලා ෙදාස්තර මහත්තයෙක් ලඟට දැම්මා. ෙදාස්තර මහත්තයා මගෙන් කිසි දෙයක් ඇහුවේ නැහැ. කිසිම පරීක්ෂණයක් කලේ නැහැ. පොලිසියෙන් දීපු පෝරම කොළ පුරවලා පොලිසියටම දුන්නා. මාව ගෙනහිල්ලා කූඩුවට දාලා පසුවදා පානදුර උසාවියට ඉදිරිපත් කලා. උසාවියේදී කූඩුවට නැංවුවාට පස්සේ, මම අත උස්සලා නඩුකාර තුමාට කිව්වා, මම හෙරොයින් බෙන්නේ නැහැ, පානදුර රෝහලේ ෙදාස්තර මහතා මාව බලන්නේ නැතිව තමයි කොල පිරෙව්වේ, එ් නිසා වෙනත් ෙදාස්තර මහත්තයෙකුට දාන්නා කියා. මට එහෙම කියන්න උප දෙස් දුන්නේ අම්මා.

නඩුකාර තුමා, මාව රිමානඞ් කරලා, වෙනත් ෙදාස්තර මහත්තයෙකුට දාන්න කියලා නියම කලා. මා කලූතර බන්ධනාගාරයට ගෙන ගියා. බන්ධනාගාරයෙන් නාගොඩ මහා රෝහලට ගෙන ගියා. එහිදී මාව වෛද්‍යවරයකු පරීක්ෂා කලා. මගේ ලේ ගත්තා පරීක්ෂණ කරන්න. දවස් අටකට පස්සේ බන්ධනාගාරයෙන් උසාවියට ගෙන ආවා. වෛද්‍ය වාර්තාවේ තිබුනා මගේ ශරීරයේ හොරොයින් නැහැ කියා. මාව එම නඩුවෙන් නිදහස් කලා.

මම කුඩු වලට ඇබ්බැහි වුනේ නැහැ. යාලූවා එක්ක ඉඳලා හිටලා ටිකක් බ්ව්වා. එයත් නතර කරන්න  ඕනැ කියලා තීරණය කරලා, එ් අනුව මම උපදේශක මහතෙකු මගින් උණවටුන කඳවුරට ගිහිල්ලා පුනරුත්තාපනය වුනා. දැන් මම කුඩු බොන්නේ නැහැ. 

මම ගමෙන් පිටවෙලා ගිහින් පේන්ට් වැඩ කරනවා. හැමදාම වගේ පේන්ට් වැඩ තියෙනවා. මම දවසකට රුපියල් 1700/= ක් හොයනවා. මා වැඩට ගිහිල්ලා එනකොට, 2016 සැප්තැම්බර් 15 වන දින, රාත‍්‍රී 11.30 ට විතර මාව අත්අඩංගුවට අරගෙන පානදුර වැල්ලේ පොලිස් අධිකාරී කාර්යාලයේ කාමරයක් තුලට ගෙන ගියා. එහිදී නිරුවත් කරලා, බිම බුදි කෙරෙව්වා. කකුල් දෙකෙන් දෙන්නෙක් අල්ලාගෙන, අත්දෙකෙන් දෙන්නෙක් අල්ලාගෙන, ”ලොකු මහත්තයා” කියන අසංක රාජකරුණා කියන නිලධාරියා, බඩ මැදින් පුටුවක් තියලා වාඩිවෙලා ඇස්වලට මිරිස් ඉස්ම වැක්කෙරුවා. මගේ ඉස්සරහාදිම බ්ලෙන්ඩරයක දාලා නයි මිරිස් කෙටුවේ. එ් කාමරයේ ඇඳක් තිබුනා. බ්ලෙන්ඩරයක්, හීටරයක් තිබුනා. මිරිස් වක්කරලා ඉවරවෙලා පොලූවලින් ගැහුව්වා. හීටරය රත්කරලා අත පිච්චුවා. 

ඊට පස්සේ මාව නාන කාමරයකට ගෙනහිල්ලා නාවලා, බිත්තිය වටේට කොකු අල්ලා තිබුනු කාමරයකට ගෙනහිල්ලා මාංචු දාලා තිබ්බා. පසුවදා උදේ පාන්දර පොලිසියට ගෙනවිත් කුඩු හා සොරකම් නඩු දෙකක් දාලා උසාවි දැම්මා. 

මා වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ මහතා මට පහර දුන්න බව උසාවියට කිව්වා. මාව බන්ධනාගාරය මගින් රෝහල් ගත කරන ලෙසට නියම කලා. කලූතර බන්ධනාගාරයෙන් මාව නාගොඩ රෝහලට ගෙන ආවා. මාව පරීක්ෂා කලා. කුඩු මිළිග‍්‍රෑම් 3250 ක් දාලා තිබුනා. රස පරීක්ෂක වාර්තාව අනුව තිබුනේ මිළි ග‍්‍රෑම් සියයක් පමණි. මාගේ ඉස්සරහාදිම තමයි පැනඩෝල් කුඩු කර, හැන්දකට දාලා රත්කළේ. මාස පහකට පස්සේ මට ඇප ලැබුනා. අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් මට වධ දිපු අන්දම හා මා කුඩු කාරයෙක් නොවන බව තහවුරු කරලා තියෙනවා.
මම මේ පොලිස්කාරයො දාපු බොරු නඩු වලට වැරදි කාරයා කියලා උසාවියෙදි පිළි නොගත්තු එකේ පලිය ගන්න තමයි මේ විදිමට වධ දිලා බොරු නඩු දාන්නේ. 

මට රස්සාව කරගෙන අම්මා තාත්තව බලාගෙන ඉන්න දෙන්නේ නැ. මාව මොක්කක් හෝ දේකට අත්අඩංගුවට ගෙන වධ දිලා බොරු නඩුදාන්න තමයි හදන්නේ. අපරාධකාරයෙක් කරන්න තමයි උත්සහ ගන්නේ. 

මම මේ ගැන පොලිස්පතිට පැමිණිලි කලා. මානව හමිකම් කොමිසම් සභාවට කථා කරලා කිව්වා. පැමිණිලි කලා. මට නඩු කියන්න සල්ලි නැහැ.’’



වධකයෙකු වු පො.ප, දමිත පෙරේරා ට එරෙහිව පොලිස් විමර්ශන ආරම්භ කරයි?



මොරටුව පොලිසියේ පොලිස් පරීක්ෂක දමිත පෙරේරා මීට වසර අටකට පෙර, සරත් කුමාර නයිඩොස්ව අත් අඩංගුවට ගෙන, වධ දී, බොරු නඩු දමා, මහා තෘප්තියක් ලබා ගන්නා ලදි.

කුලීවැඩ කරන්නෙකු වන සරත් කුමාර නයිඩොස්,  පොලිස් වධහිංසාවට පත්වූ බොහෝ දෙනා මෙන්, බිය නොවීය. විශේෂයෙන් ඔහුගේ බිරිඳ ශ‍්‍රියාණි තම සැමියා වෙනුවෙන් ඉදිරිපත්ව යුක්තිය ඉටු කර ගැනීමට පෙරමුණ ගත්හ.

පොලිස් පරීක්ෂක දමිත පෙරේරා, සරත් කුමාර නයිඩොස් ට විරුද්ධව දමන ලද බොරු නඩු සියල්ලන්ගෙන්ම ජය ගැනීමට ඔහුට හැකිවිය.

ඔහු පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවෙන් ද ඔහු ජය ගන්නා ලදි. එමගින් රුපියල් ලක්ෂ තුනක වන්දියක් ද ඔහුට හිමි විය. පොලිස් පරීක්ෂක දමිතට රුපියල් ලක්ෂයක මුදලක් පුද්ගලිකව නයිඩොස් වෙත ගෙවීමට සිදු විය. 

මෙම නඩු තීන්දු ප‍්‍රකාරව පො.ප.දමිත පෙරේරා ට විරුද්ධව, විනය පරීක්ෂණයක් කරන ලෙසටත්, වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් නඩු පවරන ලෙසටත් ඔහු පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින ලදි.

පොලිස් පරීක්ෂක දමිත පෙරේරා එරෙහිව විමර්ශන ආරම්භ කර ඇති බව - සරත් කුමාර නයිඩොස් ට දන්වා, ප‍්‍රකාශ ලබා දීමට පැමිණෙන ලෙසට, දැනුම් දෙමින් පණිවුඩයක් එවා තිබින.

නමුත් එම පණිවුඩයේ- දිනය වේලාව තිබුනත්, ස්ථානය හා හමුවිය යුත්තා කව්රුන් ද යන්න සටහන් කර නොතිබිනි.  මෙය අත් වැරැද්දක් විය නොහැක.

පොලිස් පණිවුඩය.

එ් බව ඔහු පොලිස්පතිට දැනුම් දී, විධිමත් කැඳවීමක් කරන ලෙසටත්, අවම වශයෙන් දින පහකට කලින් දැනම් දීම කරන ලෙසටත් ඉල්ලා තිබේ.

සිය ඉල්ලීම ඔහු විද්‍යුත් තැපැල මගින් ද පොලිස්පති වෙත යොමු කරනු ලැබීය.

Monday, July 31, 2017

මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපති යතුරු පැදියක් මංකොල්ල කයි


තම යතුරු පැදිය නිති විරෝධිව පොලිසියට රැුගෙන ගොස් චැසි අංකය හා එන්ජින් අංකය ග‍්‍රයින්ඩරයකින් කපා දමා දින හතක් පොලිසියේ තබාගෙන සිටින බවට පොලිස්පති, මානව හිමිකම් කොමිෂණ් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව හා පානදුර. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී වෙත ලිඛිතව පැමිණිලි කරන 34 හැවරිදි, සිව් දරු පියෙක් වන උපුල් මහතා, මිල්ලනිය පොලිසිය බාර සහකාර පොලිස් අධිකාරි වරයාට කරන්නට දෙයක් නැතැයි පැවසු බවද කියා සිටි. 
ඔහු ගේ ලිඛිත පැමිණිල්ල පහත දැක්වේ.  
උපුල් ප‍්‍රියදර්ශණ, අවු: 34යි, විවාහක, දරුවන් 04යි, රැුකියාව: කුලී වැඩ,  පරගස්තොට. 2017.07.31 දිනදී මෙසේ ප‍්‍රකාශ කර සිටිමි. 2017 ජූලි 23 වන දින රාත‍්‍රී 7.30 ට පමණ මා බිරිඳ සමග යතුරු පැදියෙන්, තේප්පුව හංදියට කෑම ගෙන එ්මට ගියා. එසේ යන අතර, ලියනගොඩ පාලම අසලදී යතුරු පැදිය නවත්වන ලදි. එසේ නවත්වන ලද්දේ මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපති එන්.පී.ලිහිනියකුල ය. එතැන බංඩාර, දීප ශාන්ත, කසුන් යන නිලධාරීන් සමග තවත් කිහිප දෙනෙක් හිටියා. මගෙන් බලපත‍්‍ර, ඉන්ෂුවරන්ස් ඉල්ලා සිටියා. මා කියා සිටියා, නිවස තියෙන්නේ මීටර් 200ක් දුරින්, අරගෙන එන්නම් කියා. මට ගේන්න කිව්වා. මම නිවසට ගොස් එම ලියකියවිලි අරගෙන එනකොට, එතැන සිටි මාගේ බිරිඳව පන්නා දමා, යතුරු පැදිය පොලිසියට රැුගෙන ගොස් තිබුනා. මා හා බිරිඳ පොලිසියට ගොස් ලියකියවිලි පෙන්නා යතුරු පැදිය ඉල්ලා සිටියා. එ්වායේ අඩුපාඩු පෙන්නා හරිගස්සගෙන එන ලෙස දැනුම් දුන්නා. එම අඩුපාඩු සියල්ල හරිගස්සාගෙන 2017 ජූලි 27 දින පොලිසියට ගියවිට, විවිධ බොරු කියමින් මග අරින්න පටන් ගත්තා. අප දිගින් දිගටම කරුණු කියනකොට, පොලිසියේ රථවාහන අංශයේ දයාපාල නිලධාරියා චැසි අංක හා එන්ජින් අංක වෙනස් කිව්වා. එය විය නොහැකි බව කී විට, බලන්න ගියා. මා හා බිරිඳ සමග නිලධාරී දයාපාල, දෙවෙනි මහත්තයා කියන ප‍්‍රියන්ත, නිලධාරී දීප ශාන්ත යන අයද පරීක්ෂා කිරීමට ගියා. එවිට අප සියලූම දෙනා දුටුවා, චැසි අංකයේ හා එන්ජින් අංකය ග‍්‍රයින්ඩරයකින් කපා දමා ඇති බව. පසුව පොලිසියෙන්ම දැන ගත්තා ස්ථනාධිපතිගේ නියෝගයට කසුන් හා බංඩාර යන නිලධාරීන් දෙන්නා, කැටගොඩ පාසල අසල ටිංකරින් සුසන්ත යන අයගේ ගරාජයේදී ග‍්‍රයින්ඩරයකින් කපා වෙනස් කර ඇති බව. මා මෙය 2017.07.28 දින පානදුර සහකාර පොලිස් අධිකාරී 11 හමුවී පැමිණිලි කලා. එය යතුරු ලියන කර අත්සන් ගත්තා. මට මෙයට මැදිහත්වන්න බැරි බව ඔහු කියා පොලිස්පතිට දන්වන ලෙසට උපදෙස් දුන්නා. මාගේ යතුරු පැදිය තවමත් තියෙන්නේ මිල්ලනිය පොලිසියේ මා අතින් සිදුවූ එකම වරද වන්නේ, අදාල ලේඛණ රැුගෙන නොපැමිණීමත්, මට යතුරු පැදිය පැදවීමට බලපත‍්‍රයක් නොතිබීමත්ය. එම වරදවලට මාගේ යතුරු පැදිය පොලිසිය තබාගෙන, චැසි අංක, එන්ජින් අංක මකා දමා විනාශ කර දැමීම, අපරාධයකි. පොලිසිය සිදුකර ඇති මෙම අපරාධයට වගකිවයුතු ස්ථානාධීපති එන්.පී.ලිහිනියක ඇතුලූ නිලධාරින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට හා නොපමාව මාගේ යතුරු පැදිය මුදාහැරීමට පියවර ගන්නා ලෙසට හා විශේෂ විමර්ශණ එ්කකය මගින් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසටය. ඉහත කරුණු සත්‍යය හා නිවරැුදි බව ප‍්‍රකාශ කරමි. 
අ.ක./ උපුල් ප‍්‍රියදර්ශණ

Friday, July 28, 2017

31 ලක්ෂයේ MDK මංකොල්ලය ලක්ෂ 3 ක් අරන් නඩු භාණ්ඩවලට දාලා


තමාව පානදුර වැල්ලේ පොලීසියේ යුනිට් එකට ගෙන්වා, අත්අඩංගුවේ හිටිය පුතාව පෙන්නා, ලක්ෂ පහක් ඉල්ලා සිටියා. මා, මාගේ ඉඩම ඇපයට තියා ලක්ෂ තුනක් දුන්නා. එ් ලක්ෂ තුන නඩු භාණ්ඩ වශයෙන් උසාවියට ඉදිරිපත් කරලා. පුතා දැන් රිමාන්ඞ්. 
තම පුතා සමග හිටපු රණවිරුවෙක් ද MDK කොම්පැනියේ ගණකාධිවරයෙක්ද රිමාන්ඞ් බාරයේ  පසුවන බව පවසන මව, එ් හා අදාල සියලූ විස්තර පොලිස්පතිට හා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ගක් වශයෙන් ඉදිරිපත් කර තිබේ. එම ලිඛි’ත පැමිණිල්ලෙන් ”පොලීසිය” අපරාධ විමර්ශනය පසෙක තබා ”නඩු හදන” අයුරු පැහැදිළි වේ.
 ඔම ලිඛිත පැමිණිල්ල පහත දක්වමු.                 

’‘ නීති විරෝධී රඳවා තබා ගැනීම, කප්පම් මුදල් ලබාගෙන ව්‍යාජ චෝදනා නැගීම ----
2017.07.28 වන දින දීය. එල්. ප‍්‍රනාන්දු, අවු: 58 යි, විවාහක, දරුවන් 04 යි, 
ලිපිනය : ----, හොරණ. 
චන්ද්‍රලාල්, අවු: 36 යි, විවාහක, රැුකියාව: ව්‍යාපාරික, මාගේ පුතා වේ.
2017 ජූලි 17 වන දින, දහවල් 10.00 ට පමණ මාගේ පුතාගේ ජංගම දුරකතනයෙන් මා අමතා, කියා සිටියා, "මම දැන් ඉන්නේ පානදුර වැල්ලෙ පොලීසියේ, අත්අඩංගුවට අරන් ඉන්නේ, ඉක්මනට එන්න කිව්වා.” 

මම එවෙලේම පිටත් වුණා. මා පානදුර පොලිස් අධිකාරී කාර්යාලයට ආවා. එහි ගේට්ටුවේ සිටි නිලධාරියාට මම කාරණය කිව්වාම, මට යුනිට් එකට යන්න කියා පාර පෙන්නුවා. මම එතැනට ගියා. මට ටිකක් එළියෙන් ඉන්න කියා, පසුව ඇතුළට අරන් ගියා. මාගේ පුතා පුටුවක වාඩිවෙලා හිටියා. එතැන හිටිය සියලූ දෙනාම හිටියේ සිවිල් පිට. එ් අතර හොරණ පොලීසියේ හිටපු අසංක කියන මහතාද සිටියා. එතන සිටිය එක් අයෙක් මගෙන් ඇහුවා, පුතා මංකොල්ලයක් කාලා තියෙන්නේ පිළිගන්නවාද කියා. මම නැහැ කිව්වා. එවිට නිලධාරියෙක් පුතාට කිව්වා, මංකොල්ලා කාපු බව අම්මාට කියපන් කියලා. පුතා කිව්වා ලක්ෂ පහක් ගෙනත් දෙන්න කියා කිව්ව බව. අසංක කියල නිලධාරියා කිව්වා එ් සල්ලි නඩු භාණ්ඩවලට දාන්න  ඕන කියලා.මම අසංක කියන නිලධාරියාට කිව්වා, මහත්තයා රෝහලේ එ් නිසා, රුපියල් ලක්ෂ පහක් දැන්ම හොයන්න විදියක් නෑ කියලා. එවිට එතන හිටිය නිලධාරීන්, හෙට උදේ (2017.07.18 වන දින* උදේ 8.00 වන විට මුදල් ගේන්න යයි කිව්වා. මම එතනින් පිටවී රෝහලේ සිටින මගේ ස්වාමියාව දැණුවත් කර දැනට අප පදිංචි නිවස හා ඉඩමේ, ජන කිරුල ඉන්වෙස්ට්මන් ආයතනයේ එල්.එස්.පී. පෙරේරා මහතාට ඔප්පුව බාරදී රුපියල් ලක්ෂ පහක් ලබා ගත්තා. මා පසුදින, එනම් 2017.07.18 වන දින එයින් රුපියල් ලක්ෂ තුනක් රැුගෙන පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ පිහිටි, යුනිට් එකට ගොස් මාගෙන් මුදල් ඉල්ලූ නිලධාරියාට රුපියල් ලක්ෂ තුන ලබාදුන්නා. එම නිලධාරියාව දුටුවොත් මට අඳුරන්න පු`ඵවන්. එදින සිට මාගේ පුතාව හැමදාම රාත‍්‍රියට හොරණ පොලීසියට ගෙන ගොස් කූඩුවට දමනවා. පසුදින උදේ නැවත, පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ යුනිට් එකට ගෙන එනවා. මේ ආකාරයට 2017 ජූලි 21 දක්වාම පුතාව තියාගෙන හිටියා. 2017 ජූලි 22 හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කරණු ලැබුවා.මාගේ පුතාව, 2017 ජූලි 16 වන දින අත්අඩංගුවට ගෙන තිබෙන්නේ, ඔහුගේ ව්‍යාපාරික ස්ථානය වන, හොරණ කුඩා උඩුව, රෙස්ට්ටුරන්ට් එකේ සිටියදීය. දැනගන්නට ලැබුණ පරිදි මාගේ පුතාට, කුඩු, ගිනි අවි හා මංකොල්ල චෝදනා දමා ඇත. මේ ආකාරයට බොරු චෝදනා දැමීමට හා මුදල් ලබාගෙන, නඩු භාණ්ඩ වශයෙන් ඉදිරිපත් කර සිදුකර තිබුණේ අපරාධයකි. පොලීසිය සිදුකර තිබෙන අපරාධය පිළිබඳව නිසි පරීක්ෂණ කරන මෙන් ඉල්ලමි. මෙයට, මව, එල් ප‍්‍රනාන්දු    


2008 වසරේදී බාල වයස්කාර පාසල් සිසුවියක් ලිංගික අපයෝජනයට ලක්කරන ලද බවට චෝදනා එල්ලවූ ක`ඵතර උතුර ස්ථානාධිපතිව සිටි හැරල්ඞ් රෙක්ස් ජෑන්ස්්්ට බරපතල වැඩ සහිත 16 වසරක සිර දඬුවම් හා රුපියල් ලක්ෂ 10 ක වන්දියක් ගෙවීමට නියම කරන ලදි.

මෙම චෝදනාවලට වැඩ තහනමට ලක්ව සිටි මෙම පොලිස් කාරයා මෑතක් වනතුරුම ASB ව්‍යාපාරයේ කළමනාකරුවෙකු වශයෙන් සේවයේ යොදවාගෙන සිටින ලදි.

එම වකවානුවේ මෙම ළමා අපයෝජන සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදුකළේ ළමා අධිකාරියයි. 2008 වසරේ සිදුවූ මෙම සිදුවීමට 2017 තීන්දුව දෙන විට වසර 09 ක් ගතව අවසන්ය. එම කාලයේ මෙම ”පොලිස් නිලධාරියා” ප‍්‍රකට ව්‍යාපාරයක් වන ASB ව්‍යාපාරයේ ”ඉතා වැදගත්” තනතුරක් හොබවමින් සිය තේජස පෙන්වා සිටියේ පොලීසියේද අනුග‍්‍රහය ඇතිවය. 

අපරාධකරුවන්ට හා අපරාධ සැකකරුවන්ට ඉහළ තනතුරු ලැබෙන ඉහළ සැළකිලි ලැබෙන මහා සංස්කෘයක් ඇති බුදුන්ගේ දේශයේ කොන්ද පණ තියෙන, ශිෂ්ඨ සම්පන්න මිනිසුන් සිටින්නේ කී දෙනෙක් ද යන්න පැහැදිළි වන්නේ අධිකරණයේ වරදකරු වී ඇති,  දැරියක් දුෂණය කළ බවට චෝදනා ලැබූ පුද්ගලයන්ව නඩත්තු කරන්න තරම් "ව්‍යාපාරිකයින්” ඉදිරිපත් වීමෙන් කියවෙන්නේ මෙම ව්‍යාපාර වල නියම තත්ත්වයයි. 

 

කාපු ජරාව වමාරන්න බෑ!! හිරණ OIC



තමන්ට උදේ හවා කන්න දෙන හෝටලයට විරුද්ධව නඩු දාන්නේ කොහොමද? යයි ප‍්‍රශ්ණ කරන හිරණ පොලීසිය සුදානම් වන්නේ පැමිණිලිකරුට විරුද්ධව නඩු දාන්නටය.

එම සිද්ධිය අදාලව පොලිස්පති, පානදුර පොලිස් අධිකාරීටද පිටපතක් සහිතව හිරණ පොලීසියේ ස්ථානාධිපතිට කර තිබෙන ලිඛිත පැමිණිල්ල මගින් සියල්ල හෙළි දරව් කර තිබේ. එම ලිඛිත පැමි’ල්ල පහත දැක්වේ.

සීඝ‍්‍රගාමී

ස්ථානාධිපති
පොලිස් ස්ථානය
හිරණ

නඩු පැවරීමට අදාල තොරතුරු ලබාදෙන 
ලෙසට කරණු ලබන ඉල්ලීම.

සමන්, අවු: 45 යි, විවාහක, දරුවන් 02 යි, රැුකියාව: රියදුරු. ලිපිනය: හිරණ, පානදුර.
2017.07.28 වන දින දීය.

2017 අපේ‍්‍රල් මස 02 වන දින, උදේ 9.30 ට පමණ, උදේ ආහාරය ස`දහා මාගේ බිරිඳ වන ඩිලානි කාංචනා ප‍්‍රනාන්දු, හිරණ ගල්තුඬේ, ”තේනුවර හෝටලයෙන්” පරාටා 10 ක් හා පරිප්පු හොද්දක් රු: 175/- ක් ගෙවා ලබා ගන්නා ලදි. 

ගෙදර ගෙනවිත් බලන විට ලබාදුන්, හොද්ද ආහාරයට සුදුසු තත්ත්වයේ නොතිබිණ. මම බිරිඳ හා පොඩි දරුවාද සමග එම හොද්ද හෝටලයට ගෙන ගොස් හෝටලයේ අයිතිකරුගේ බිරිඳට එම හොද්ද පෙන්වා සිටියෙමි. ඇය වැරැුද්දක් වී ඇති බව පිළිගෙන එ් සඳහා, වෙනත් ”හොද්දක්” ලබාදෙන්න සූදානම් වන විට, එතැනට පැමිණි ඇයගේ පුතාවන ශාන් තේනුවර, අපට බැන වැදී, හොද්ද තිබූ භාජනයම අපගේ ඇඟට විසි කරන ලදි.

එ් අවස්ථාවේදීම අප හිරණ පොලීසියට ගොස් පැමිණිලි කළෙමු.

තොරතුරු පොතේ ගොනුව : ක්‍ෂඊ 346රැු09ල සටහන් කරන ලද නිලධාරීණී පො.කො. 215385  රොෂාන්, දිනය: 2017.04.02

ඉන්පසු විභාගය සඳහා 2017.04.04 වන දින සවස 4.00 ට පැමිණෙන ලෙසට දැණුම් දුන්නා. අප ගියද, අනෙක් පාර්ශවය පැමිණියේ නෑ. පැයකට පමණ පසුව ස්ථානාධිපති රණවීර අපව කැඳවා, මම තුන් වේලටම කන හෝටලය, මුන්ට විරුද්ධව මට මුකුත් කරන්න අමාරුයි කියා පැවසුවා. 

දුරකතනයෙන් ශාන් තේනුවරට කථා කර, නුඹලට එන්න පුඵවන් වෙලාව කියන්න යයි කිව්වා. එවිට පසුදින සවස 3.00 ට එන්නම් කිව්වා. එ් අනුව අප පසුදින, 2017.04.05 සවස 3.00 ට ගියා. නමුත් ඔවුන් ආවේ නැහැ. ස්ථානාධිපති රණවීර නැවත ශාන් තේනුවරට කථා කර, එන්න පු`ඵවන් කවදාද කියන්න යයි ඉල්ලා සිටියා. ස්ථානාධිපති රණවීර පසුදින එනම් 2017.04.06 දින රාත‍්‍රී 7.00 ට එන්න යයි අපට කිව්වා.

අපි කියන වෙලාවට ගියා. නමුත් අනෙක් පාර්ශවය ආවේ නැහැ. එදා සමථ මණ්ඩලයට දානවා කියා අපට යන්න කිව්වා. ඉන්පසු මම පිනදුර පොලිස් අධිකාරී කාර්යාලයට ගොස් කාරණය කිව්වා. නමුත් වැඩක් වුණේ නෑ. සමථ මණ්ඩලය තුන් වරක් අපව කැෙ`ව්වා. එක පාරක්වත් ඔවුන් ආවේ නෑ. සමථ නොවීම පිළිබඳව හිරණ පොලීසියට දැණුම් දෙන ලදි. එම දැණුම් දීම කරන ලද්දේ 2017.06.03 වන දිනය.

අප දන්නා තරමින් හිරණ පොලීසිය නඩු පවරා නැත. එපමණක් නොව තමන්ට විරුද්ධව හිරණ පොලීසිය නඩු දාන්නේ නැති බව ශාන් තේනුවර ඇතුලූ පිරිස ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරමින් අපට නින්දා අපහාස කරන බව ප‍්‍රකාශ කර සිටිමි.

එ් නිසා ඉල්ලා සිටින්නේ, සමථ නොවීමේ පදනම මත නඩු පවරා ඇත්නම් නඩු අංකය, නඩු දිනය, ඉදිරි නඩු දිනය අදාල තොරතුරු ලබාදෙන ලෙසටයි. 

සමථ නොවීමේ සමථ මණ්ඩල දැණුම් දීමේ ඡුායා පිටපත අමුණා ඇත.

මෙයට,

සමන් 

පිටපත්: 

01. ජේෂ්ඨ පොලිස් අධිකාරී
     ජේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය
     පානදුර

02. පොලිස්පති
     පොලිස් මූලස්ථානය
     කොළඹ 01
















   


Thursday, July 27, 2017

සුමාණයක් ඇතුලත ‘හයිකොට්’ එකක් දානවා



උඹට විරුද්ධව දාපු ගැහැණු දුෂණ පැමිණිල්ල අයින් කළේ මම තමයි කියමින් කැ ගැසු පානදුර පොලිස් අධිකාරි කාර්යාලයේ විශේෂ යුනිට් එකේ පද්ම කුමාර නැමැති නිලධාරියා වත්තේ තිබු පරණ බොතල් ද එකතු කරගෙන ගියේ සුමානයක් ඇතුලත හයිකොට් නඩුවක් දානබව කියමින්ය. 

පානදුර පොලිස් අධිකාර්යාලයේ පවත්වාගෙන යන විශේෂ එකකයට අයත් නිලධාරින් ගේ මෙම ක‍්‍රියාව විඩියෝ ගත කර ඇත. එ් නිසා සිවිල් ඇදුමින් පැමිණ සිදුකරන අපරාධයකට වෙනත් සාක්ෂියක් අවශ්‍යය නොවනු ඇත. 

අජිත් පිරිස් 47 හැවරිදි විවාහක. දරුවන් 06කි. රැුකියාව:- වෙළදාම, මෙම සිද්ධිය අදාලව ඔහු 
ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට හා පොලිස්පති වරයාට කරන ලද ලිඛිත පැමිණිල්ල පහත දක්වමු. 
පානදුර පොලිස් අධිකාරි කාර්යාලයේ විශේෂ යුනිට් එකේ පද්ම කුමාර නැමැති නිලධාරියා ප‍්‍රමුඛ නිලධාරන්ගේ නීති විරෝධිව කඩා පැන තර්ජනය කිරිම, අපහස කිරිම හා බිය වැද්දීම.

2017 ජුලි 26 දින උදේ 11.00 ට පමණ මා දැන ගත්තා අප වෙළඳ සැල සොරු කඩා ඇති බව. එ් බව දැන ගත් අසල්වැසියන් 10ක් පමණ එතැනට එක්වුනා. අප නිවැසියන් ඔවුන් හා කථා කරමින් සිටින විට එතැනට යතුරු පැදියකින් සිවිලි ඇඳුමින් සිටි පානදුර පොලිස් අධිකාරි කාර්යාලයේ විශේෂ යුනිට් එකේ දෙන්නෙක් ආවා. එක් අයෙක් එතැන සිටි පුද්ගලයෙකුගේ බෙල්ල මිරිකා උඹ අරක්කු බිව්වා නේද කියා ප‍්‍රශ්ණ කලා. මම ඉදිරිපත් එසේ නොකරන ලෙසට ඔහුට කිව්වා. මේ ඉන්න පිරිස කඬේ හොරු කඩපු එක ගැන ආරංචිවෙලා බලන්න ආපු අය කියා. ඔවුන් දෙන්නා මට බැන වඳිමින් පිටත්ව ගියා. 
සවස තුනට පමණ පානදුර පොලිස් අධිකාරි කාර්යාලයේ විශේෂ යුනිට් එකේ පද්මකුමාර නිලධාරියා එක්ක පස්දෙනෙක් එක්ක ජිප් රථයෙන් ආවා. සියලූම දෙනා හිටියේ සිවිල් පිට. පද්මකුමාර කියන නිලධාරියා මට උඹ බන් බොලන් කියමින් තර්ජනය කරමින් මට ‘‘හයිකොට්’’ එකක් දාන බවට තර්ජනය කලා. එ්සේ තර්ජනය කරමින් වත්ත පුරා ඇවිද සොදිසි කලා. එ් වේලාව් නිවසේ හිටියේ පවුලේ උදවිය හා දාන්නා අඳුනන දෙන්නෙක් විතර. වත්ත පුරා ඇවිද ඩෙංගු පරික්ෂකයින් විසින් දෙන ලද උපදෙස් දි තිබු පරිදි පොර උරයකට දමා විනාශ කිරිමට අයින් කර තිබු පරණ බොතල් ටික අරන් ගියා.   
මේ අතර කිහිප වතාවක් මට හා දියණියට පහර දෙන්න උත්සහ ගත්තා. ඇගේ ජංගම දුරකථනය උදුරාගෙන බැලූවා. පද්මකුමාර මට කිව්වා ‘‘ උඹට විරුද්ධව දාපු ගැහැණු දුෂණ පැමිණිල්ල අයින් කළේ මම තමයි කියමින් කැ ගැසුවා’’. එ් අවස්ථාවේ මම ඔහුට අභායා්ග කළා බොරු කියා පවුල් කඩන්න හදන්න එපා. 
එවිට ඔහු සුමාණයක් ඇතුලත ‘හයිකොට්’ එකක් දානවා කියමින් යන්න ගියා. මම වසර හතරකට පමන පෙර නීති විරෝධි මත්පැන් සම්බන්ධ වැරදි කර දඬුවම් විඳලා තියෙනවා. නමුත් මම දැන් කිසිම නිති විරෝධි ක‍්‍රියාවක් කරන්නේ නෑ.
මා ඉල්ලා සිටින්නේ පානදුර පොලිස් අධිකාරි කාර්යාලයේ විශේෂ යුනිට් එකේ පද්ම කුමාර නැමැති නිලධාරියා ප‍්‍රමුඛ නිලධාරන්ගේ නීති විරෝධි ක‍්‍රියාවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට හා මට විරුද්ධව බොරු නඩු දැමිම වළක්වන ලෙසටය.
මෙයට, 
අජිත් පිරිස්

Tuesday, July 25, 2017

රාජ්‍යය යාන්ත‍්‍රණය බිඳ වැටිලා. වහා ප‍්‍රතිසංස්කරණය කළ යුතුයි.


දේශපාලකයින්ගේ වංචා, දුෂණ හා අක‍්‍රමිකතා ගැන කථා කරන්න අප සුදානම්. නමුත් රාජ්‍යය යාන්ත‍්‍රණයේ, රාජ්‍ය ආයතන වල වංචා, දුෂණ හා අක‍්‍රමිකතා ගැන කථා කරන්න සිවිල් සමාජය සුදානම් නෑ. මෙය ඛේදවාචකයක්. අද උසාවි, පොලිසිය, නිතිපති, බන්ධනාගාර ඇතුලූ රාජ්‍ය ආයතන පමණක් නොව මහා බැංකුවද වංචා, දුෂණ හා අක‍්‍රමිකතා වලින් පිරිලා. එම වංචා, දුෂණ හා අක‍්‍රමිකතා වලට වග කිවයුතු කිසිම නිලධාරියෙකුට දඬුවම් නැහැ. දෙශපාලකයින්ගේ වංචා, දුෂණ හා අක‍්‍රමිකතා වලට කථා කරන සිවිල් සමාජය රාජ්‍ය නිලධාරින්ගේ වංචා, දුෂණ හා අක‍්‍රමිකතා ගැන කථා කරන්න හෙළි කරන්න සුදානමක් නැ. 
මෙම තත්වය වෙනස් කිරිම තුල පමණකි වංචා, දුෂණ හා අක‍්‍රමිකතා වලින් අවම රාජ්‍යය සංවිධාන/ආයතන ඇති කිරිමට, නිතිය මත පාලනය ස්ථාපිත කර සංවර්ධිත රටක් ගෙඩ නැගිමට හැකි වන්නේ. එ් ජන පාසැල් ක‍්‍රමවේදය හඳුන්වාදිමේ වැදගත්කම සාකච්ඡුාවට බඳුන්වු සිවිල් සමාජ ක‍්‍රියාකරින්ගේ එකතුවකදි, ආරම්භයක් වශයෙන් උසාවි වල පවතින වංචා, දුෂණ හා අක‍්‍රමිකතා පිටු දැකිම සඳහා ඉල්ලීම් මාලාවක් සකස් කර ජනගත කිරිමට තිරණය කරගන්නා ලදි. ආසියානු මාකව හිමිකම් කොමාසම - හොංකොං අනුග‍්‍රහකත්වයෙන් හා නිතිඥ බැසිල් ප‍්‍රනාන්දු යන්ගේ මෙහෙය විමෙන් මෙම සාකච්ඡුාව කොළඹ පැවැත්වින.








Monday, July 24, 2017

සමෘද්ධි වංචා වලට විරුද්ධ වුනොත් ණය නෑ



බුද්න්ගේ දේශය ලෙසට බොඞ් ගසාගෙන සිටින ශි‍්‍ර ලංකාවේ හොරකම දුෂණය වංචාව නැති තැනක් තිබේද? මේ පැනය අසන්නේ දිනපතාම ඇසෙන්නට දකින්නට අතිවිඳන්නට සිදුවන දේ නිසාය. අහංගම හැට දෙහැවරිදි සුනිතා රජයේ ඉඩමක ආවාසයක් හදාගෙන හිටිය චිවර ධාරියෙකු සමග තම පැල බේරාගන්නට නඩු කියන්නට සිදුවිය. බෞද්ධ පොලිස් කාරයෝ ඇගේ පුතුන්ව හිරේ විලංගුවේ දැම්මේ තක්කඩි චිවරධාරියා හා එක්වය.

ඇය වංචාවට හිස නමන්නේ නැත. එ් නිසා සමෘද්ධි නියාමකගේ වංචාවන් අභියෝගයට ලක්කළේය. එ් නිසාම ඇයට හිමි ණය අහිමි විය. පහත දැක්වෙන්නේ ඇය සමෘද්ධි නියාමකට ලියන ලද ලිපියයි. එය ආදර්ශයට ගනිමු.  

ලි.ප.තැ.

එල්. සිරිල් ගීගනගේ මයා
සමෘද්ධි නියාමක
164, නැගෙනහිර ග‍්‍රාමසේවා වසම
කත`ඵව
අහංගම

මහත්මයාණනි

සමෘද්ධි කුඩා කණ්ඩායම විසින් සිදුකරන ලද කූඨ වංචාවක් පිළිබඳව තොරතුරු ලබා ගැනීම හා මාගේ තැම්පත් මුදල් ආපසු ලබා දී, වගකීම් වලින් නිදහස් කරන ලෙස කරණු ලබන ඉල්ලීම.

නම :- ගල්බොක්ක හේවාගේ සුනීතා, අවු: 62 යි.
ලිපිනය :- නො: 42, මිරිහාන වත්ත, (කබලාන* කත`ඵව, අහංගම.
දු.අ. :- 077 6032785

2017.07.24 වන දින දීය.

මා, හබරා¥ව දිවිනැගුම ප‍්‍රජාමූල බැංකුවේ සාමාජිකාවකි. කොටස් ගිණුම් අංකය : 09/1973
මම 2006 සිට, සාමාජිකත්වය දරමි.මා සමෘද්ධි ලාභියෙකු නොවේ. එහෙත් මා, 9  - ෘ කුඩා කණ්ඩායමේ සමාජිකාවක් වශයෙන් 2006 සිටම ක‍්‍රියා කරමි. 
එහි අනෙකුත් සාමාජිකාවන් වන්නේ, 1. ජී.එච්. ධම්මිකා (නායිකාව) 2. එල්.එච්. සෝමවතී 3. එම්.බී. නයනා කාන්තා 4. එම්.බී. ගර්ටි  යන අය වේ.
2012.05.31 දින, මෙම කණ්ඩායමේ ගාස්තු වශයෙන් (සාමාජික මුදල්) රු: 4400/- ක් බැංකුව ලබාගන්නා ලදි. එ් හිඟ මුදල් වශයෙන් සඳහන් කරය. එයින් අනතුරුව මා, 2012.06.14 දින, රුපියල් ලක්ෂයක ණය මුදලක් ලබාගත්තා. එම ණය මුදල මා, 2015.03.17 දින ගෙවා අවසන් කර තිබෙනවා.
එසේ තිබියදී, 2016 නොවැම්බර් මස මා, කණ්ඩායම් සාමාජිකයෙකු වශයෙන්, එම්.බී. ගර්ටි සාමාජිකාවට රුපියල් ලක්ෂයක ණය ලබාගැනීම සඳහා ඇපකාරිය වශයෙන් අත්සන් කළෙමි. එම අත්සන් කිරීම පිළිගෙන බැංකුව එම්.බී. ගර්ටි මියට, රුපියල් ලක්ෂයක් ලබාදෙන ලදි.
පසුව මා දැනගත්තා, එම්.බී. ගර්ටි විසින්, මෙම රුපියල් ලක්ෂයක ණය මුදල ලබාගෙන තිබෙන්නේ, සිය බෑනා, (දියණිය උදානි ගේ සැමියාට), ඇප මුදල් වශයෙන් තැන්පත් කිරීමටය. මොහු අපරාධ චෝදනාවකට සම්බන්ධ අයෙකි.
එයින් අනතුරුව, 2017 මැයි මස සු`ඵ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්ෂයක ණය මුදලක් ඉල්ලා සිටියෙමි. එවිට, ඔබ මා හට ප‍්‍රකාශ කර සිටියේ, මාව කණ්ඩායමේ අක‍්‍රිය සාමාජිකයෙකු කර ඇති හෙයින් ණය මුදල ලබාදිය නොහැකි බවයි.
මෙය ද්වේශසහගතව කරන ලද්දකි. මන්ද ඔබට මා, සාමාජික මුදල් ලබා නොදී, සෘජුව බැංකුවට දැමීම නිසාය. මා සෘජුව බැංකුවට මුදල් තැන්පත් කළේ ඔබ කරන වංචාවන් නිසාය. එය මා ඔබට ප‍්‍රකාශ කර ඇත.
මේ අසාධාරණය මා, දිවිනැගුම ප‍්‍රජා මූල බැංකුවේ කළමනාකාරිණියට හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශ ප‍්‍රධාන මොහාන් මහතාට ද ප‍්‍රකාශ කර සිටියෙමි. 
ඔහු මාගෙන් 2017.06.30 දින, ලිඛිතව මාගේ ඉල්ලීම ලබාගත්තා. එය ලබාගෙන 2017.07.05, 2017.07.12 හා 2017.07.14 ගෙන්වා ගත්තා. 2017.07.14 වන දින, මා අයත් කුඩා කණ්ඩායමේ (9  - D)සෙසු සාමාජිකාවන් අත්සන් නොකරන නිසා ඔහුට කරන්නට දෙයක් නැති බව පිළිතුර විය.
මෙම සාමාජිකාවන්ට බලපෑම් කරන්නේ, ඔබ හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ කරන ඔබගේ බිරිඳ බව මා ප‍්‍රකාශ කරමි.
මා ඉල්ලා සිටින්නේ, 
(1) 9  - D කුඩා කණ්ඩායමේ එම්.බී. ගර්ටි ට, රුපියල් ලක්ෂයේ ණය මුදල ලබාගැනීමට අක‍්‍රීය සාමාජිකයෙකු වූ මාගේ අත්සන පිළිගන්නේ කෙෙසේද යන්න පිළිබඳව පැහැදිළි කරන ලෙසට,
(2) ඔබ විසින් කූඨ ලෙස, අක‍්‍රීය සාමාජිකයෙකු බව දැන දැන මා, ඇපකාරියක් ලෙසට පිළිගෙන, එම්.බී. ගර්ටි මියට, දිවි නැගුම ප‍්‍රතිපත්ති උල්ලංඝණය කරමින්, ණය මුදල අනුමත කිරීම නීති විරෝධී ක‍්‍රියාවකි. එම ඇපකාරීත්වයෙන්, අත්සන් කළ ගිවිසුමෙන් නොපමාව මා ඉවත් කරන ලෙසට,
(3) මාගේ තැන්පත් මුදල වන රු: 10,000/- හා ගෙවා ඇති සාමාජික මුදල් ආපසු ලබාදීමට පියවර ගන්නා ලෙසටය.
මෙයට,
ගල්බොක්ක හේවාගේ සුනීතා
පිටපත්:
(1)කළමනාකාරිණිය, දිවි නැගුම ප‍්‍රජාමූල බැංකුව, හබරාදු
(2) මොහාන් මයා, සමෘද්ධි අංශය, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, හබරාව
(3) ප‍්‍රාදේශීය ලේකම්, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, හබරාදු

Saturday, July 15, 2017

අනතුරට අවුරුද්දයි මාස තුනයි, පරික්ෂණ නැ. සමන්දෙවි පිහිටත් නෑ



ලීලාවතී හැට අට වියේ පසුවේ. දරුවන් සිව් දෙනෙකුගේ මවකි. ඇය වැඩිමහල් පුතාගේ පුතා මුණුපුරා වත්, මුණුපුරාගේ දුවත් හදාවඩා ගනී.

එ් වැඩිමහල් පුතාගේ බිරිඳ කුලූ`ුල් දරුවා අතහැර ගිය දා සිට මුණුබුරාට ද. මුණුබුරාගේ බිරිඳ මුණුපුරාව  අතහැර ගිය දා සිට ඔහු ගේ දියණිය ටද මව වුයේ ඇයයි. දැන් ඇගේ වයස අවුරුදු 10 කි. 

ඇය 2016 මාර්තු 01 දින රත්නපුර - ඇහැළියගොඩ බස් රථයට ගොඩ වීමට සූදානම් වූයේ මාර ගහ ළඟ නැවතුම්පොලෙනි. මෙය පුද්ගලික බස් රථයකි. සුපුරුදු පරිදි බස් රථය පිටත් වූයේ ඇය බසයට ගොඩවනවාත් සමගය. විසි වී බිම වැටුණු ඇයව අතහැර බසය යන ලදි. අසල තී‍්‍ර රෝද රථයකින් ඇහැළියගොඩ පොලිසියට ගිය ඇයව රෝහලට යැවිමට පොලීසිය කාරුණික විය.

මේ දක්වාම රිය අනතුරට අදාල රියදුරුට හෝ කොන්ෙදාස්තරට හෝ එරෙහිව නඩු නැත. එයට හේතුව ඇය බසයේ නොම්මරය දන්නේ නැති නිසාලූ!

2017 මාර්තු 01 සිට මේ දක්වා ඇය ඇහැළියගොඩ ොපලීසියට, වටින් විට ෙගොස් දන්නා විදියට තම දුක කියයි. එ්ත් නඩු නැත. හැමදාමත් ඇහැළියගොඩ ොපලීසිය කියන්නේ තමන්ට බස් රථයේ නොම්මරය සොයා දුන්නොත් නඩු දාන්න පු`ඵවන් බවයි. 

බස් රථය රත්නපුරයෙන් පිටත් වූ වේලාව, අනතුර සිදු වූ වේලාව, ගමනාන්තය, බස් රථයට ගොඩ වෙන්න හැදු තැන නම් ඇය දනී. බැරිවු එකම දෙය බිම ඇද වැටුනු ඇයට බස් නොම්මරය ලියා ගැනීමය.

පොලීසිය පරීක්ෂණ කරන්නේ නැත. මන්ද ලීලාවතීගෙන් වැඩක් පොලීසියට නැත. ඇය සමන් දෙවියන්ට අයත් නැත. දෙවියන් ඉන්නේ බස් රථ අයිතිකරුවන් බේරා ගැනීමටයි. ලීලාවතීගේ ශරීරයේ කොහෙවත් සමන් දෙවි පිහිටයි කියා කොටා නැත. නමුත් බස් රථයේ ඉදිරිපසද පසුපසද සමන් දෙවි පිහිට ඉල්ලා බෝඞ් ගසාගෙන ඇත. පොලීසියට ද, බස් මුදලාලිලාට ද සමන් දෙවියන්ගේ පිහිටයි. බුදු සරණයි. ලීලාවතීට නැත.

රථවාහන අනතුරු ගැන හැමදාම කථා කරයි. එත් අනතුරට පත්වන දුප්පතුන්ට නීතියක් නැත. දෙවියෝත් නැත.

කෙසේවෙත්ත ඇය සිද්ධිය පිළිබඳව පොලිස්පති පුජිත ජයසුන්දර ට, මාර්ග ආරක්ෂාව පිලිබඳ ජාතික සභාව ට පැමිණිලි කර තිබේ. එමෙන්ම පොලිසිය නිසි පරික්ෂණ නොකිරම මගින් තම අයිතින් උල්ලංණය කර තිබෙන බවට මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි කර තිබේ.

Wednesday, July 12, 2017

කලූතර උතුර ‘‘පැනෝරාමා’’ අනවසර ඉදිකිරීම් රකින්නේ කවුද ?



රටේ පවතින සියලූම නීති රීති රෙගුලාසි උල්ලංඝණය කරමින් ඉදිකර තිබෙන හා ඉදිකරගෙන යමින් පවතින, දැවැන්ත පරිසර විනාශයකට හේතු වූ ක`ථතර උතුර, පැනෝරාමා හෝටලයේ අයිතිකරුවන්, රකින්නේ කව්ද ?

මේ ප‍්‍රශ්ණය අසන්නේ, කාලයක් තිස්සේ මහා පරිමාණයෙන් අනවසර නීති විරෝධී ඉදිකිරීම් සිදු කරන මෙම පැනෝරාමා හෝටලය - සියලූම දේශපාලන පක්ෂවල ප‍්‍රාදේශීය නායකයින් හා උසස් පොලිස් නිලධාරීන් විසින් තම සුඛ විහරණ සඳහා විලිලැජ්ජා නැතිව - භාවිතා කරන නිසාය.

ක`ඵතර නගර සභාව, ප‍්‍රාදේශිය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය විසින් - මෙම පැනෝරාමා හෝටලයේ අනවසර ඉදිකිරීම්, නීති විරෝධී ක‍්‍රියාවන් රැුසක් ලිඛිතව පෙන්වාදී, එ්වා වහාම ඉවත් කරන ලෙසට දැනුම් දී , අදාල පියවර ගැනීම සඳහා නාගරික සංවර්ධන අධීකාරියට යොමු කර ඇත. එහෙත් - මේ දක්වාම ගන්නා ලද නීතිමය පියවරක් නැත. අනවසර ඉදිකිරිම් අඛන්ඩව සිදුකර ගෙන යන අසල් විසියන් බලධාරින්ට පෙන්වා දි තිබේ.

දුප්පතුන්ගේ ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට නොපසුබට වන නාගරික සංවර්ධන අධිකාරිය, මේ ඉදිකිරීම් වලට අත තියන්නේ නැත්තේ ඇයි ? එ් පිලිබඳව එහි අයිතිකරුවන් වූ ආර්.ඉන්දික ප්‍රේමලාල් හා ඔහුගේ බිරිඳ ඉහළ ගමගේ අමාලි ඉනෝකා ගයාත‍්‍රි දෙදෙනාට එරෙහිව නීතිමය පියවර නොගන්නේ ඇයි?


Wednesday, July 5, 2017

ගුද මාර්ගයේ එස් ලොන් බට යවා වධ දීමට වරදකරුවන් වූ පොලිස් කාරයින් පහකට ලක්ෂය බැගින් වන්දි ගෙවන්නත් වෙයි.

ගොකරැල්ල පොලිසියේ සේවය කල අපරාධ අංශයේ OIC – පො.ප. තිරියාදෙණිය, උ.පො.ප නයනානන්ද, උ.පො.ප. ඇල්ලේපොල, සැරයන් හේමචන්ද්‍ර හා කොස්තාපල් අජිත් යන පස්දෙනා තනි තනිව රුපියල් ල්කෂය බැගින් වන්දි මුදලක් ඉබ්බාගමුවේ ව්‍යාපාරකයකු වූ මනෝජ් තෑලිස් ට ගෙවන ලෙසට පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයට නියම කළේය.

ඉබ්බාගමුවේ ලෙස්ලි අයන්වර්ක්ස් හි මනෝජ් තෑලිස් මහතාට - 2005.09.24 දින අත්අඩංගුවට ගත් ඉහත පොලිස් කාරයින් ඔහුට වධ දෙන ලදි. ඒ ගුද මාර්ගයේ එස් ලොන් බට යවමින්ය.

ඔහු මෙම වධ දීමට එරෙහිව, පොලිස්පති හා නීතිපති වෙත පැමිණිලි කළ අතර, මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරන ලදි.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩුව, 2017.06.02 වන දින විභාගයට ගෙන, එදිනම තීන්දුව ප‍්‍රකාශයට පත් කළේය.

නඩුව විභාගයට ගන්නා අවස්ථාව වන විට, විශේෂ පොලිස් විමර්ශණ එ්කය (SIU) විසින් මෙම පස්දෙනාට විරුද්ධව, වධහිංසා පනත යටතේ කුරුණෑගල මහාධිකරණයේ නඩු පවරන ලද අතර, ඔවුන් වැරදිකරුවන් කර තිබින.

එ් අනුව රු: 1500/= බැගින් රජයේ ගාස්තුවක් ගෙවීමට සිදුවිය. වසර 5කට අත්හිටුවන ලද, වසර 2 බන්දනාගාරගත කිරීමකටද යටත් විය. එයට අමතරව රු: 15,000/= කට වන්දියක් ගෙවීමටද සිදු විය.

මෙම පසුබිම යටතේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවේ, මෙම පොලිස් කාරයින් වෙනුවෙන් කරුණු නොදක්වන බවට ඔවුන්ගේ නීතිඥවරයා අධීකරණයට දැනුම් දීමද විශේෂයකි. 


IN THE SUPREME COURT OF THE DEMOCRATIC SOCIALIST 
REPUBLIC OF SRI LANKA 
In the matter of an Application under and in terms of Article 17 and 126 of the Constitution of the emocratic Socialist Republic of Sri Lanka. 


 
SC(FR) No. 430/2005 


H.A. Manoj Talis,  
Lesley Iron Works,  
Udawela,  
Ibbagamuwa. 
 
Petitioner 

Vs

1) Inspector Hiriyadeniya,  
Officer in Charge,  
Crimes Branch,  
Police Station,  
Gokarella. 
 
2) Sub-Inspector Nayanananda,  
Police Station,  
Gokarella. 
 
3) Sub  Inspector Ellepola,  
Police Station, Gokarella. 
 
4) Sergeant Hemachandra  
Police Station,  
Gokarella. 
 
5) Police Constable Ratnasiri,  
Police Station,  
Gokarella. 

6) Reserve Police Constable Ajith, 
Police Station, 
Gokarella. 

7) Officer-in Charge,  
Police Station,  
Gokarella. 
 
8) Inspector General of Police, 
Police Headquarters, 
Colombo 01. 

9) Hon. Attorney General, 
Attorney General's Department,  
Colombo 12.  
Respondents 


Before: 
Sisira J. de Abrew, J  
Upaly Abeyrathne, J &  
Nalin Perera, J 

Counsel: 
Shyamal A. Collure with 
A.P.Jayaweera for the Petitioner. 
 
Uditha Egalahewa PC with Vishwa Vimukthi for the 
1 st ,2nd,3rd,5th and 6th 
Respondents. 

Ms. Nayomi Wickramasekera SSC for the 7th to 9th 
Respondents. 


  Argued &  
Decided on: 
02.06.2017 

Sisira J.de Abrew, J 
 
Heard counsel for both parties in support of their respective cases. The Petitioner complains that the 1
st to 6th Respondents came to his house on 24.09.2005 around 9.15. p.m. and arrested the Petitioner. Thereafter the Petitioner was taken to Gokarella Police Station. The Petitioner complains that the 3rd 
Respondent slapped him, the 2nd Respondent gave a blow to his ear and 
the 1st Respondent hit him on his face inside the Police Station. This assault according to the Petitioner has taken place in a room of the Police Station. After the said assault, the Petitioner was removed from the said room to another room. In the 2nd room the 1st to 6th Respondents have asked him to kneel down. His hands were tied by some of the Respondents. When the Petitioner was squatting, the 1st, 2nd and 3rd Respondents brought an iron bar and passed the said iron bar 
between his hands and legs. This has been done according to the Petitioner by the 1st to 3rd 
Respondents. While the said act was being performed by the 1st to 3rd Respondents, the 5th 
and 6th Respondents too were inside this room. Thereafter a S Lon pipe was sent through the Petitioner’s rectum and the Respondents assaulted the Petitioner. The Petitioner complains that when he was arrested, the Police Officers did not give him any reason for his arrest. The Respondents have 
filed objections to this application . When we peruse the objections, and the petition of the Petitioner, we are unable to conclude that the Respondents have given sufficient reasons for the arrest of the Petitioner. The Petitioner was later examined by the Judicial Medical Officer and the report of the Judicial Medical Officer dated 30.11.2009 supports the allegations levelled by the Petitioner 
against the Respondents. According to the Consultant Judicial Medical Officer, the history of torture was present in the body of the Petitioner. 
When we examine the medical reports marked as P1, P2 and P10, there is evidence to suggest that the Petitioner has suffered a rupture in his ear drum. On a complaint made by the Petitioner to the OIC Gokarella ( the 7th Respondent), against the Police Officers, Police conducted investigation against the 1st to 6th Respondents. After investigation, the Hon. A.G filed an indictment against the 1st, 
2nd,3rd, 5th and 6th Respondents for offences alleged to have been committed under Act No. 22 of 1994. The learned High Court Judge after trial convicted the 1st, 2nd, 3rd, 5th and 6th Respondents and sentenced them to pay a crown costs amounting to Rs.1500/- and 02 years Rigorous Imprisonment suspended for 05 years. In addition to the said punishment each Respondent was ordered to pay Rs.1000/- as compensation to the Petitioner.  
Learned President's Counsel appearing for the 1st to 6th Respondents submits that he does not resist the application of the Petitioner as the Respondents have been convicted by the High Court. However we note that there is no sufficient evidence against the 4th Respondent to find him guilty for the alle
ged violation of Articles 11,12(1),13(1) and 13(2) of the Constitution. Learned counsel appearing 
for the Petitioner too does not press the case against the 4th Respondent. As I pointed out earlier, the Police Officers who arrested the Petitioner have failed to give reasons for his arrest. Considering the aforementioned matters, we hold that the 1st,2nd,3rd,5th and 6th Respondents have violated the fundamental rights of the Petitioner guaranteed by Article 13(1) of the Constitution and further hold that the arrest of the Petitioner was illegal. If the arrest of the Petitioner was illegal, the detention of the Petitioner by the Police Officers inside the Police Station too becomes illegal. Considering all the above matters, we hold that the 1st, 2nd ,3rd,5th and 6th Respondents have violated the fundamental rights of the Petitioner guaranteed by Articles 11, 12(1),13(1) and 13(2) of the Constitution.  
We therefore order each of the above Respondent ( 1st, 2nd,3rd,5th and 6th Respondents) to pay a sum of Rs. 100,000/- to the Petitioner as compensation. For the purpose of clarity, we state here that each Respondent abovenamed ( 1st, 2nd ,3rd,5th and 6th) should pay Rs. 100,000/- to the Petitioner as compensation. 
When we consider the facts of this case we are unable to find the 4th Respondent guilty of violation of the fundamental rights of the Petitioner guaranteed by the Constitution. The 1st,2nd,3th,5th and 6
th Respondents are directed to pay the said compensation to the Petitioner within 03 months from today. 
 
The Registrar of this Court is directed to send a copy of this order to the 8th and 9th Respondents. We do not make any order against the State to pay compensation. 
 
JUDGE OF THE SUPREME COURT  
Upaly Abeyrathne, J 
 
I agree.  
JUDGE OF THE SUPREME COURT 
Nalin Perera, J  
I agree.  
JUDGE OF THE SUPREME COURT 





Saturday, July 1, 2017

සර්ව බලධාරි දෙවියන්ගේ නාමයේන් නීති විරෝධී ඉදිකිරිම් කරන්න ගොස් වැඩ වරද්දා ගනි!



සියලූ ආගම් වලට, ඇදහිලිවලට අයත් බොහොමයක් පැවිද්දෝ නීති විරෝධී වැඩ කරන්නේ දෙවියන්ගේ පිහිට ලැබෙන බවට සිතා ගෙන සිටින, මුග්ධ අනුගාමිකයින්ගේ පිහිට තමන්ට ලැබෙන බවට තිබෙන දැඩි විශ්වාසය මත පිහිටා ය.

නීතිය උත්තරීතරය. රටක යහපාලනය රඳා පවතින්නේ නීතිය මතය. දෙවියන් මත නොවේ.
”සාමය” ගැන දෙසමින් ”ආගම්” එදා කළෙත්, අද කරමි සිටින්නේත් විනාශයන්ය.

2016/92, අංක දරන මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව, 2016 ජූනි 28 ප‍්‍රකාශයට පත්කරන ලදි.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුනේ, එනම් පෙත්සම්කරුවන්, පානදුර, එ`ඵවිල, වෑකඩ ජුම්මා මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලයේ සභාපති එම්.ජේ.එම්.ෆාරිල් හා අනාස් ඉන්නු මලික්හිෆුල් කුරාන් මඞ්රාසා (දහම් පාසල) - විදුහල්පති එම්.එ්.එම්.හරිස් මව්ලවි තැන විසිනි.
එ් දහම් පාසැලක් ඉදිකරන මුවාවෙන් පල්ලියක් ඉදිරිකරිමට ගත් උත්සහය වැළැක්වීමට එරෙහිවය. නීතිපති, බණ්ඩාරගම ප‍්‍රාදේශීය සභාව, ප‍්‍රාදේශීය ලේකම්, නාගරික සංවර්ධන අධිකාරිය, මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ හා පානදුර, පින්නවල, පාඨලීරුක්ඛාරාමයේ බොල්ගොඩ සීලරතන හිමි, නඩුවේ වගඋත්තරකරුවන් විය.

පාසලක් ඉදිකිරීමේ මුවාවෙන්, දේවස්ථානයක් ඉදිකිරීමට පෙත්සම්කරුවන්ගේ අරමුණ වු බව, එයට ජනතා විරෝධය එල්ල වු බව, නීති විරෝධී ඉදිකිරීමට ප‍්‍රාදේශීය සභාව හා ප‍්‍රාදේශීය ලේකම් විරුද්ධ වු බවද, සාමය කඩවීමේ තර්ජණ ප‍්‍රදර්ශණය විම නිසා, පොලිසිය ද මැදිහත් වු බවද නඩුවේදී, හෙළිදරව් වින. 

පෙත්සම්කරුවන් දෙදෙනා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප‍්‍රකාශ කළේ, පාසලක් ඉදිකිරීමේ මුවාවෙන්, දේවස්ථානයක් ඉදිකිරීමට තමන් ගත් උත්සහය වැළැක්වීම මගින්, ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථාවේ, දහවන ව්‍යවස්ථාව හා දාහතර (11)(ඉ) ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කර තිබෙන මූලික අයිතිවාසිකම් දෙක, එනම් ආගමික නිදහස හා ආගම් පිළිපැදීම ප‍්‍රගුණ කිරීම හා ඉගැන්වීම යන මූලික අයිතීන්, පෙත්සමේ නම්කර තිබූ වගඋත්තරකරුවන් විසින් උල්ලංඝණය කර තිබෙන බවයි.

මෙම නඩුව සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුන් තට්ටුව විසින් පෙත්සම්කරුවන්ගේ සියලූ කරුණු දැක්වීම්, ගාස්තුවට යටත් කර, නිෂ්ප‍්‍රභා කරනු ලැබීය.

සමහර භික්ෂූන් ඇතුලූ පූජකයින්ද, සමහර ගිහියන්ද තම පටු ලාභ ප‍්‍රයෝජන සඳහා, ආගමේ නාමයෙන්, ”නීතිය” ට පටහැනිව සිදුකරන්නාවු ක‍්‍රියාවන් - අනන්තය අප‍්‍රමාණය. නමුත්, එවන් ක‍්‍රියාවන් අභියෝගයට ලක්කිරීමට, නීතිගරුක රටවැසියන් ඉදිරිපත් වන අවස්ථා දුබලය.

රාජ්‍ය ආයතනවල පවතින දුෂිත තත්වය එයට ප‍්‍රධාන හේතුවයි.

භික්ෂූන් ප‍්‍රමුඛ සියලූම ආගම් වලට අයත් පූජකයින් නීතියට යටත්ය. නීතිය උත්තරීතර ය. දුෂණයෙන් අක‍්‍රමිකතාවයන්ගෙන් තොර සමාජයක් පවතින්නේ – නීතිය මත මිස ආගම මත නොවේ. 

පවතින සියලුම ඉදිකිරිම් අදාල නීති, රෙගුලාසි හා චක‍්‍රලේඛ මායිම් නොකර ‘දහම් පාසැලක්’ ඉදිකිරිම ටත්, එයින් අනතුරුව එය පල්ලියක් බවට පත් කිරිමේ සැලසුම එලිදර්ව් වු පසු, එල්ලවු ජනතා විරෝධය හමුවේ ඉදිකිරිම් වැළැක්වීමට බණ්ඩාරගම ප‍්‍රාදේශිය සභාව හා ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය යුහුසු`ථ විය. එම තහම මුලික අයිතිවාසිකම් කඩ කිරිමක් ලෙසට පෙන්වා දෙමින්, තහනම ඉවත් කරවා ගැනිමට පානදුර, එ`ඵවිල, වෑකඩ ජුම්මා මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලයේ සභාපති එම්.ජේ.එම්.ෆාරිල් හා අනාස් ඉන්නු මලික්හිෆුල් කුරාන් මඞ්රාසා (දහම් පාසල)- විදුහල්පති එම්.එ්.එම්.හරිස් මව්ලවි උක්ත මුලික අයිතිවාසිකම් නඩුව පවරනු ලැබිය. 

Rev. Pinewala Ganatathane Vharadipathi
නඩුව පවතින අතරවාරයේ වගඋත්තර කරවකු ලෙසට නම් කර තිබු, මෙම නීති විරෝධි ඉදිකිරිමට එරෙහිව නායකත්වය ලබාදුන් බොල්ගොඩ ශිලරතන හිමි අපවත්විමෙන් අනතුරුව වාර්තමාන විහාරාධ්පති පින්වල ඥනරතන හිමි නඩුවේ පාර්ශවකරුවකු බවට පත්විය. උන්වහන්සේ ප‍්‍රකාශ කළේ දහම්පාසලක් ඉදිකිරිමට හෝ ඇති කිරිමට අවසර දිමට ප‍්‍රාදේශිය සභාවට බලයක් නැති බවයි. 

2017.06.28 දින ප‍්‍රකාශයට පත්කල - SC/FR 92/2016 නඩු තීන්දුව පහත දක්වමු.

IN THE SUPREME COURT OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA
S.C (FR) Application No.92/2016
In the matter of an Application under and in terms of Article 126 of the Constitution of the Republic
1. M. J. M. Faril
President of the Board of Trustees
Wekada Jumma Mosque,
Horana Road, Eluwila,
Panadura.
2. Moulavi M.B.M. Haris
Principal
Anas Ibnu Malik Hiflul Quran
Madrasa (Dhamma School)
147, Wella Road, Pinwala,
Eluwila, Panadura.
PETITIONERS
Vs.
1. Bandaragama Pradeshiya Sabha
Panadura Raod,
Bandaragama.
2. N.D.I. Swarna K. Perera
Secretary,
Bandaragama Pradeshiya Sabha
Panadura Road,
Bandaragama.
3. Menaka Priyantha Abeyratne
Divisional Secretary,
Bandaragama.
Divisional Secretariat,
Bandaragamna.
2
4. Urban Development Authority
6th & 7th Floor,
Sethsiripaya, Battaramulla.
5. The Director,
Department of Muslim Religious and Cultural Affairs,
No. 180, T. B. Jaya Mawatha,
Colombo 10.
6. Ven. Bolgoda Seelarathana Thero
Patalirukkaramaya,
Pinwala, Panadura.
7. The Hon. Attorney General
Attorney General’s Department
Colombo 12.
RESPONDENTS
AND NOW BETWEEN
Ven. Pinwala Chandarathana Thero
Patalirukkaramaya Pinwala,
Panadura.
PARTY SEEKING SUBSTITUTION IN THE ROOM OF THE DECEASED 6TH RESPONDENT
Vs.
3. M. J. M. Faril
President of the Board of Trustees
Wekada Jumma Mosque,
Horana Road, Eluwila,
Panadura.
3
4. Moulavi M.B.M. Haris
Principal
Anas Ibnu Malik Hiflul Quran
Madrasa (Dhamma School)
147, Wella Road, Pinwala,
Eluwila, Panadura.
1ST & 2ND PETITIONERS-RESPONDENTS
AND
Vs.
1. Bandaragama Pradeshiya Sabha
Panadura Raod,
Bandaragama.
2. N.D.I. Swarna K. Perera
Secretary,
Bandaragama Pradeshiya Sabha
Panadura Raod,
Bandaragama.
3. Menaka Priyantha Aebyratne
Divisional Secretary,
Bandaragama.
Divisional Secretariat,
Bandaragamna .
4. Urban Development Authority
6th & 7th Floor,
Sethsiripaya, Battaramulla.
5. The Director,
Department of Muslim Religious and Cultural Affairs,
No. 180, T. B. Jaya Mawatha,
Colombo 10.
6. Ven. Bolgoda Seelarathana Thero
Patalirukkaramaya,
Pinwala, Panadura.
4
7. The Hon. Attorney General
Attorney General’s Department
Colombo 12.
1ST TO 7TH RESPONDENT-RESPONDENTS
BEFORE: Sisira J. de. Abrew J.
Anil Gooneratne J. &
Vijith K. Malalgoda P.C. J
COUNSEL: Faiz Musthapha P.C. for Petitioners
Upul Kumarapperuma for 1st & 2nd Respondents
Manohara de Silva P.C. with Rajitha Hettiarachchi for 6A Respondent
Rajitha Perera S.S.C for 3rd to 5th & 7th Respondents
ARGUED ON: 31.05.2017
DECIDED ON: 28.06.2017
WRITTEN SUBMISSIONS OF THE 3A, 4th, 5th & 7th RESPONDENTS FILED ON:
15.06.2017
WRITTEN SUBMISSIONS OF THE PETITIONERS FILED ON:
23.06.2017
WRITTEN SUBMISSIONS OF THE 1st & 2nd RESPONDENTS FILED ON:
27.06.2017
GOONERATNE J.
The two Petitioners to this Fundamental Rights Application are the President of the Board of Trustees of the Wekada, Jumma Mosque and the Principal of a Dhamma School respectively, as described in paragraph 2 of the Petition. The Petitioners state that by a deed of gift, (P1) became the owner of the land depicted as Lot B2 in plan 3084 of 01.11.2002. Thereafter an application
5
was made to the 1st Respondent, Pradheshiya Sabhawa for a development plan to put up a two storeyed school building on the said land on 21.01.2008. The 1st Respondent approved the said application to construct a two storeyed building for a school and issued a development permit dated 21.04.2008 (P2 & P3). Only the ground floor was completed and the construction work of the 1st floor was delayed due to financial constraints. On completion of the ground floor, the Petitioner commenced the school and 30 students were enrolled who are boarded. Name of the school is “Anas Bin Malih Quaran Madrasa” (P4).
The Petitioners aver in their petition that on or about 2015 Petitioners commenced the construction of the 1st floor. Thereafter the 2nd Respondent by her letter of 01.06.2015 (P5) informed the 1st Petitioner that development permit given earlier had lapsed and as such a fresh permit should be obtained. Letter marked P5 also refer to the fact that the Petitioners are constructing a slab instead of a roof, which is objectionable, and contrary to the building plan. The Petitioners plead by letter P6 of 18.09.2015 sent by the 2nd Respondent, that complaints were received from residents in the area. As such 2nd Respondent requested the Petitioners to attend a meeting at 2.30 p.m on 25.09.2015. On the said day of the meeting residents in the area were not present and as such the meeting was postponed for 14.10.2015. On that date Petitioners and a few other participants of the Jumma Mosque participated at
6
the discussion and two Priests were also present as stated in paragraphs 15 and 16 of the petition.
The main concern of the residents and the Priest was that the Petitioners were constructing a Mosque, instead of a school to be used as a Dhamma School. Petitioner’s position was that the building would be used only for the school and not for a Mosque. The 2nd Respondent based on the discussion requested the Petitioner to address a letter to 2nd Respondent signed, stating that the purpose of construction was for the school only and to obtain approval for same. Petitioner’s position was that the Petitioners had no alternative but to sign the said letter (P7). Petitioners as pleaded complain that the purported undertaking written letter also included certain clauses and thus take away the Petitioner’s fundamental rights guaranteed under Articles 10 and 14(1)(e) of the constitution. The minutes of the meeting on 14.10.2015 was recorded by letters of 14.10.2015 (P8) & (P9). On 25.01.2016 amended plan (P16) was submitted to the 1st Respondent and on 25.01.2016 same was approved by 1st & 2nd Respondents (development plan).
On or about 12.02.2016 the concrete slab was to be laid, and the 2nd Respondent through Senior Police Officer served letter of 12.02.2016 on the 1st Petitioner directing the Petitioner to suspend the construction as the residents and Buddhists monks protested (P13). Thereafter on the request of
7
Petitioners a discussion was held at the office of the Headquarter Inspector of Police, Panadura, where the Petitioner and few others represented the Moseque and Buddhist Monks also participated at the discussion. The Senior Superintendent of Police of the area informed the participants that facts would have to be reported to the Magistrate to prevent a breach of peace.
In these circumstances proceedings in the Magistrate’s Court, however, was not instituted as the residents were not present. The police on 12.02.2016 handed over to the 1st Petitioner letter P14 of 12.02.2016 to the effect that the construction was for the purpose of a place of worship and not for a school and it cannot be done without proper approval, and requested the Petitioner to stop construction works. (vide P14). Attempts were made by the Petitioners to go ahead with the construction works by having discussions with the authorities concerned but without success. The effect of P14 is considered in this Judgment at a subsequent point.
The learned President’s Counsel argued inter alia that
(1) In the above circumstances the direction to stop construction work is a violation of articles 10, 12(1) & 12(2), 14(1) (e) of the Constitution, and the decision to stop work is arbitrary, unreasonable or contrary to law.
(2) Irreparable loss and damage caused to the Petitioners in view of stoppage of construction work.
8
(3) Notwithstanding P14, as aforesaid the Petitioners had a permit, to continue the construction works for a Dhamma School for Muslims in the Panadura area.
(4) There was no proper reasons adduced by those concerned Respondents to stop work.
(5) Learned President’s Counsel also submitted that necessary approvals were obtained from 1st - 2nd Respondents and that it was a matter for the 1st – 3rd Respondents to obtain necessary approval from the 4th Respondent UDA. As such clear violation of Article 12 had been established, and he would rely on pursuing the case to obtain relief.
(6) That the Respondents failed to act or acted contrary to any law recognised by the Constitution and the direction to stop construction is contrary to law. No hearing given to Petitioner.
(7) Further there is no law to prevent the construction works by the police party, since the Petitioners have obtained necessary approvals from the 1st and 2nd Respondents.
On 16.05.2016 the Supreme Court granted Leave under Article
12(1) of the Constitution for an alleged violation of Article 12(1) of the Constitution.
The learned counsel for the 1st and 2nd Respondents submitted to court.
(a) Although approval was granted to construct a school, there were protests from the residents in the area and from Buddhist Monks. As such several
9
meetings had to be held with both parties. Vide 2R6 (a) to 2R6 (e), 2R 7(a) to 2R7 (f) and letter P13 had to be served on the Petitioners due to massive protests.
(b) That the 1st and 2nd Respondents had to take steps directing the Petitioners to stop the construction works due to massive protest as aforesaid and to avoid a breach of peace. Even the villagers had participated in the protest.
(c) All attempts made to avoid a breach of peace and bring about peace and harmony between the parties, If not in a way it could spread to other areas.
(d) As such encouraged discussions between parties to ultimately resolve the dispute.
(e) 1st and 2nd Respondents acted in terms of the relevant regulations prevalent at that point of time.
The learned President’s Counsel for the intervenient party inter alia
Submitted that:
1. There is ample provisions in the law to take the steps taken by the Respondents.
2. Even during the colonial era laws were enacted with a view of maintaining peace in the community as even during that period the British Government enacted laws to maintain peace, being aware of tension between communities in the country, this being a pluralistic society.
3. Laws enacted then still prevails and steps were not taken by successive Governments to repeal same.
10
4. Our Constitution more particularly caters to the dispute in hand and the definition to the term ‘law’ as contemplated under Article 170 of the Constitution is wide enough and does not contemplate to repeal laws enacted in the yester years more particularly the colonial era as the then Government had to consider recurrent tension, dissensions etc. between communities.
5. He submitted to court the interpretation Article 170, which reads thus :
“law” means any Act of Parliament, and any law enacted by any legislature at any time prior to the commencement of the Constitution and includes an Order in Council;
The definition to ‘law’ does not cause any confusion and it could be easily understood. It is very simple and clear. The main question is whether the Respondents are responsible and liable as pleaded to deprive the Petitioners equal protection of the law. Facts presented by either party does not cause any confusion. Petitioners attempt to demonstrate their right to continue with the construction had been violated. Initially the Petitioners were given a permit to construct for a purpose. The material placed before court indicate that the real purpose of the Petitioners, seems to be to have a Mosque, instead of a school.
This seems to be the starting point for the dispute. The villagers, residents and Buddhist Monks vehemently protested for any further construction for a
11
different purpose. Our country had suffered over the years as a result of communal violence. History repeats and if one were to analyse as to what happened in the 1915 riots, though it was meaningless for the two communities to clash, lessons have not been learnt by a certain section of the community. Riots at that point of time resulted in loss of valuable life and property. Time and again incidents of such nature took place in our country. As such the official respondents had to take steps to avoid and avert any breach of peace.
In the context of the case in hand I cannot conclude that the Petitioners were denied equal protection of the law. Certainly I cannot fathom as to whether there was a violation of the Petitioner’s fundamental rights. What is necessary should be done to avoid a crisis situation which could spread to other arears of our country. No further reasons need to be adduced in the circumstances of the case in hand by the Respondents.
The guarantee of equal protection of the law must mean protection of equal laws. Judicial decisions must of necessity depend on the facts and circumstances of each particular case, and what may superficially appear to be an unequal application of the law may not necessarily amount to a denial of equal protection of law unless there is shown to be present in it an element of intentional and purposeful discrimination.
12
Budhan Chowdhary V. State of Bihar 1955 AIR (SC) 191 per Das, CJ referring to American decisions.
I wish also to emphasise the fact that the Respondents acts do not suggest any form of discrimination based on race. On an examination of the material before court, I observe that Respondents have not violated Article 12(1) of the Constitution.
I have considered the documents 1R5 to 1R9 and the Agreement 1R10 between both parties whereby they agreed to have only a Dhamma School for Muslim children and not to have a place of worship. 1R13 confirms the contents of 1R10. The other important document 1R19(b) relates to setting up of place of worship. Material as aforesaid indicates a continuous protest, which the authorities considered and gave due consideration in arriving at a decision to suspend the construction works. Petitioners’ party seems to have deliberately violated the agreement to put up a school. The prayer to the petition does not call upon the Buddha Sasana Ministry to quash the relevant circulars issued by the Ministry. Therefore I cannot conclude that the Respondents acted contrary to circulars.
One of the prayers of the Petition is to declare document marked P14 null and void.
13
The 3rd Respondent, by letter marked P14, directed the 1st Petitioner to stop constructions of the new building as he has not obtained approval of the Religious Affairs Ministry. The 3rd Respondent had, in the letter marked P14, referred to the Circular No. MBRA/2-SAD/10/Con.Gen/2013. The 3rd Respondent has produced this Circular as 3A R4 (e). According to this Circular (3A R4 (e) any person who constructs a Dharmma School has to obtain the approval of the Ministry of Religious Affairs. The Petitioners had not obtained the approval of the Ministry of Religious Affairs. Learned President’s Counsel for the Petitioner tried to contend that this Circular does not come within the interpretation of law. I now advert to this contention. In Wickrematunga Vs. Anuruddha Ratwatte (1998) 1 SLR 201
“Law” in Article 12 of the Constitution includes regulations, rules, directions, principles, guidelines and schemes that are designed to regulate public authorities in their conduct. In the context, whilst Article 12 erects no shield against merely private conduct, public authorities must conform to constitutional requirements, in particular to those set out in Article 12 even in the sphere of contract; and where there is a breach of contract and a violation of the provisions of Article 12 brought about by the same set of facts and circumstances, the aggrieved party cannot be confined to his remedy under the law of contract.
When I consider the above judicial decision I cannot agree with the above contention. I therefore reject it.
As the Petitioners have not obtained the approval of the Ministry of Religious Affairs to construct the proposed Dhamma School, the stand taken
14
by the 3rd Respondent in P14 is correct. Therefore the application to declare P14 null and void should be rejected.
In all the above circumstances I hold that there is no merit in the application of the petitioners. This application stands dismissed with costs.
Application dismissed.
JUDGE OF THE SUPREME COURT
Sisira J. de Abrew J.
I agree.
JUDGE OF THE SUPREME COURT
Vijith K. Malalgoda P.C., J.
I agree.

JUDGE OF THE SUPREME COURT


නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් වීම සහ මිනී මැරීම යන චෝදනා යටතේ පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු පොලිසියේ පහකට මරණ දඬුවම


මෙසේ මරණ දඬුවම හිමිවුයේ  මැලව්ව තන්තිරිගේ සමන් පත්මකුමාර(49) මොරටුමුල්ල උප පොලිස් පරීක්ෂක, නාගහවත්ත මුදියන්සේලාගේ පේ‍්‍රමරත්න(53),  ලූනුගල පොලිසිය, බෝල කනහැන්නලාගේ ප්‍රේමකීර්ති උදයකුමාර(52), මිරිහාන පොලිස් සංදේශ කොට්ඨාසය, කොඩිතුවක්කුගේ සරත් කොඩිතුවක්කු(49), දෙහිඅත්තකණ්ඩිය පොලිසිය සහ හික්කඩුව කාරියවසම් නාමල් ප‍්‍රියංග ලියනගේ(49) නිවිතිගල පොලිසිය යන අය වලූන්ටය. 
මෙයට අවුරුදු 23කට පෙර,  1990 ජුනි 1 දින කොල්ලකෑමේ චෝදනාව මත බණ්ඩාරගම අටළුගම පදිංචි මොහොමඞ් මුනාජ් නමැත්තා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා ගනිමින් විමර්ශනය සිදු කරන අතර මෙම ඝාතණය කර තිබින.  
පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් පරික්ෂණ සිදුකරන අතරතුරදී පොලිස් නිලධාරියකුගේ ගින අවියක් පත්තුවීමෙන් සැකකරු මරණයට පත්වු බව පොලිසියේ නිදහසට කරුණ විය. 
නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් වීම සහ මිනී මැරීම යන චෝදනා යටතේ සැකකරුවන්ට එරෙහි චෝදනා ඔප්පුවී ඇතැයි ප්රකාශ කළ පානදුර මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මිය පළමු චෝදනාව සඳහා ඔවුන්ට මාස 6ක බරපතල වැඩ සහිත සිර දඬුවම් හා රුපියල් 5000 බැගින් වූ දඩ නියම කළ අතර දෙවැනි චෝදනාව සඳහා මරණ දණ්ඩනය නියම කළාය.
මෙම නඩුවේ තින්දුව ප‍්‍රකාශවුයේ සිද්ධියෙන් වසර 23 කට පසුවය. 

මරණ දඬුවම ක‍්‍රියාත්මක නොවේ. එ් නිසා මෙම දඬුවම නාමිකය. සමාජයට බලපැමක් නැත. අප මරණ දඬුවමට විරුද්ධය. කථිකාවට ලක් කළ යුත්තේ දඬුවම නොව ප‍්‍රමාදය ගැනය. මේ වසර 23පුරා මෙම අපරාධකාර පොලිස්කාරයින් අතින් තව කොපමණ අපරාධ සිදුවන්නට ඇද්ද යන්න හා ඔවුන් ට මහජන මුදලින් පඩි ගෙව්වේ කෙසේද යන්න ගැනය.