Sunday, October 7, 2018
‘පන්සල් සූදුව’ රැකදේවා ! දිනේවා !! වැජඹේවා !!!
පන්සල් සුදුව ගැන නොදන්නා බෞද්ධයෙක් සිටිය නොහැක. මෙම ‘සූදුව’ අපරාධයකි. මෙයට ගොදුරු වන්නේ ඇබිත්තයන්, සාමනේරවරුන් හා දහම් පාසල් යන පිරිමි දරුවන්ය.
හම්බන්තොට අධිකරණ බල ප‍්‍රදේශය; අම්බලන්තොට පොලිස් වසම; ගොඩවාය පන්සල:-
ධීවරයෙකු වන පියා හෘද රෝගියෙකි. ඖෂධ මාෆියාවට ගොදුරුව ණය බරින් මිදීමට මවට රට යෑමට බලකල පවුලක එකම පුතාය.
පාරම්පරික බෞද්ධ පවුලක සාමාජිකයෙකි. වයස අවු: 12 යි. දහම් පාසලට යන්නේ, සුදු සරමක් කමිසයක් ඇඳ, මල් වව්ටියක් ද රැුගෙනය.
මෙම දරුවාව, දහම් පාසලේ බාරකාර අමිත නම් චීවරධාරියා අතින් කෙලෙසෙන බව පියා දැනගන්නේ අහම්බෙනි.
එ් පසුගිය අගෝස්තු මස 16 වන දින සවස, අසල්වැසියෙකු විසින් ඔහුගෙන් අසන ප‍්‍රශ්නයකිනි.
"අයියා දන්නේ නැද්ද? අමිත හාමුදුරුවෝ පුතාව තියාගෙන ගල් ......... න බව. ළමයි දැකලා තියෙනවා. ගෙවල්වල කතා වෙනවා. මේක අයියාට කියන්නේ කොහොමද කියලා තමයි හිත හිත හිටියේ’’.
ඔහු ගෙදර ගොස් එය තම පුතාගෙන් ඇහැව්වා. මාමලා පුතා ගැන එක එක කතා කියනවා. දහම් පාසල් ගියාම පුතාට හාමුදරුවෝ මොනවද කරන්නේ? ...... කියා ඇසුවා.
අමිත චීවරධාරියා, අනෙක් බොහෝ චීවරධාරීන් මෙන් තමන් "බුද්ධ පුත‍්‍රයින්” නිසා නීතිය මායිම් කරන්නේ නැත. නීතිය බලපාන්නේ නැති අය ලෙසද සිතාගෙන සිටී.
දහම් පාසලේ ළමුන්ට, තඩි වේවැලක් තියාගෙන තැලීම මොහුගේ එක් කාර්යයකි. මේ චීවරධාරියා දහම් පාසල් ළමුන් තම අනසකට යටත් කරගෙන ඉන්නේ පහර දී වධ දීමෙන්ය.
‘‘මීට පෙරත් .... අමිත හාමුදරුවෝ” මට එහේම කරලා තියෙනවා. කරලා ඉවර වෙල කාටවත් කිව්වොත් බලාගන්නම් කියා තර්ජනය කරනවා. එ් නිසා තමයි කිව්වේ නැත්තේ....... පුතාගේ පිලිතුර විය.’’
පසුදින උදේ පියා ගියේ, ගොඩවාය පන්සලේ අධිපති, බැරගම පන්සලේ සිටින ධම්මිස්සර නමි චීවරධාරියාව හමුවන්නටය. ඔහුට කාරණය කිව් විට, මම අහලා බලන්නම් යයි යන පිළිතුරු ලැබිණ.
යුක්තිය, සාධාරණය, ඉටුවන බවක් පෙනෙන්නට නැති බවට වටහා ගත් පියා, පුතාව ද කැටුව ගියේ අම්බලන්තොට පොලීසියට.
සිද්ධිය ඇසූ පොලීසිය වහා ක‍්‍රියාත්මක විය. පිය පුතු දෙපළවද ජීප් රථයට දාගත් පොලිස් නිලධාරීන්, ගොඩවාය පන්සලට පැමිණ, ස්ථානගත පරීක්ෂණයක් කර, අමිත චීවරධාරියා අත්අඩංගුවට ගත්තේය.
පුතාව පෙලීසිය විසින්ම හම්බන්තොට මහ රෝහල වෙත ගෙන යනු ලැබීය. එ් වෛද්‍ය පරීක්ෂණ සඳහාය. එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ පරීක්ෂාවට ලක් කෙරිනි. මානසික වෛද්‍ය විශේෂඥවරයෙකු ද පරීක්ෂා කරන ලදි.
අමිත චීවරධාරියාව, අධිකරණයට ඉදරිපත් කරන ලද පොලිසිය, ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරණු ලැබීය. එදා සිකුරාදා දිනයකි. සඳුදා අම්බලන්තොට පොලිස් ස්ථානාධිපති ඔවුන්ට පොලීසියට එන ලෙසට දැණුම් දීමක් කරන ලදි.
පිය පුතු දෙන්නා, පොලිසියට ගිය විට, ජීප් රථයෙන්ම අධිකරණයට රැුගෙන යන ලදි. අමිත චීවරධාරියාද අධිකරණයට ගෙනවිත් තිබිණ.
නඩුව කතා කර, අමිත චීවරධාරියාව, රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග ලබාගන්නා ලදි.
පුතාව, රුපියල් ලක්ෂ 10 ක, ශරීර ඇපයක් මත මුදාහරිනු ලැබීය.
අමිත චීවරධාරියා, පොහොට්ටුවේ ප‍්‍රබල ආධාරකරුවෙකි. රුවන් කුමාර නැමැති ප‍්‍රාේදශීය නියෝජිතයා, බලයට ගෙන එන්නට පමණ්ක නොව, ලගින්නට උදව් කරන්නේද මේ චීවරධාරී අමිතය.
පළමු දිනයේ කඩිමුඩියේ ක‍්‍රියාත්මක වූ පොලීසිය දැන් "වර්ණ” වෙනස් කරගෙන චීවරධාරියාව රකින බව, පියාට දැනෙන්නට විය. මේ වන විට, චීවරධාරියාව රකින්න පොහොට්ටුවේ ආධාරකරුවන් ගොඩවායේ පවුරු බැඳගෙන ඇත.
දහම් පාසලේ පුතාගේ පංතිය බාර, අංජලී නම් ගුරුවරිය, චීවරධාරියාව රකින්න, සිද්ධිය වූ දින "හාමුදුරුවෝ පන්සලේ හිටියේ නෑ යැයි” කියමින් ගම පුරාම ඇවිදින්නට පටන්ගෙන ඇත.
දහම් පාසලේ 7 වන පංතියේ ඉගෙන ගන්නා පුතාට, චීවරධාරී අමිත, සංඝාවාසයට ගෙන්වා ගන්නේ අංජලී ටීචර් ට ටෙලිෆෝන් කරය.
අංජලී ටීචර්, පණිවුඩය ලැබූ විගස පුතාට නම කියා කතා කර, ආන් බුද්ධ පූජාව අස් කරන්න හාමුදුරුවෝ, එන්න කියනවා, යන්න යැයි පුතාට අවසර දෙයි.
මේ වන විට, මෙම චීවරධාරියා විසින් දහම් පාසල් යන හා ගිය දරුවන් රැසක් පන්සල් සූදුවට ගොදුරු කරගෙන ඇත.
සමහරු එම කතාව කියන්න සූදානම්ය. ඔවුන් නම් ගම් පවා දී ඇතත් පොලීසිය එ් අයගෙන් ප‍්‍රකාශ ගන්නේ නැත.
මෙම 12 හැවිරිදි දරුවා ගේ අනාගතය පිළිබඳව සහතික දිය හැක්කේ මොන දෙවියාට ද?
පොලීසියේ හැසිරීම ගැන බරපතල ප‍්‍රශ්න මතුකරන පියා, සියලූ විස්තර සහිත පැමිණිල්ලක්, බලධාරීන්ට යවා ඇත.
එහි උද්ධෘතයන් පහත දක්වමු.
01. සභාපතිනිය, මානව හිමිකම් කොමිෂන් සභාව 02. පොලිස්පත 03. ලේකම්, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය 04. ලේකම්, නීතිය හා සාමය අමාත්‍යාංශය 05. නීතිපති, නීතිපති දෙපාර්තමේන්තුව.
පිටපත්:ලේකම්, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
දහම් පාසල් යන පිරිමි ළමුන් අපයෝජනය කිරීම - භික්ෂුවට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසට කරන ඉල්ලීම.
ආරච්චිගේ, අවු: 46 යි, විවාහක, දරුවන් 01 යි, රැුකියාව: ධීවර කාර්මික, ගොඩවාය,
2018.10.06 වන දින දීය.
(මව, අවු: 40 යි, ඩුබායි, ගෘහ සේවිකා, විදේශගතව දැනට වසර 2 කි.*
පුතා, 2006.09.04, පංතිය: 7 වසර, මහ විදුහල, ගොඩවාය,
දහම් පාසල :- ඝෝටපබ්බත විහාරස්ථානය, ගොඩවාය,
2018.09.25 දින සවස 6.30 ට පමණ, ගයාන් යන අය මට, ගොඩවාය හංදිය අසලදී හමුවී,
”මල්ලි අයියේ” දන්නවාද, පුතාට දහම් පාසලේදී හාමුදුරුවෝ ”ග--- ලා” තියෙනවා කියා ඇසුවා.
----------මේ වැඬේ හාමුදුරුවෝ තවත් ළමයි ගණනාවකට කරලා තියෙනවා කියලා අම්මලා කතා වුණා.
මම ගෙදර ඇවිත් පුතාගෙන් ඇහුවා, දහම් පාසලේ උගන්වන අමිත හාමුදුරුවෝ ඔයාට මොනවද කළේ කියා. ඔහු නිහඬව ඉන්නකොට මම ඇහුවා, ගයාන් මාමා මට කිව්වා, ළමයි දැකලා තියෙනවා හාමුදුරුවෝ මොනවද කළේ කියන්න කියා.
2018.09.16 වන දින, දහම් පාසලේ ඉන්නකොට අමිත හාමුදුරුවෝ සංඝාවාසයට ගිහිල්ලා බුද්ධ පූජාව අයින් කරන්න යයි කිව්වා බවත්, එ් අනුව සංඝාවාසයට ගිය බවත් කියා සිටියා.
සංඝාවාසයට ගියාට පස්සේ අමිත හාමුදරුවෝ, ඔහුගේ ෆෝන් එකෙත් නැන්දලා මාමලා හෙලූවෙන් ඉන්න පිංතූර පෙන්නුවා යයි කිව්වා. එසේ පෙන්නනවාත් සමගම, ළඟට ගෙන මාගේ සරම හා යට ඇඳුම් ගලවලා, මාව බිම නිදි කරවා, කකුල් දෙක ලං කරලා ----------- එහාට මෙහාට කළා කියලා කිව්වා. එ් වාගේම එ් බව කාටවත් කිව්වොත් දහම් පාසල් ආවාම ගහනවා කියා තර්ජනය කළා කියලාත් කිව්වා.
මම මේ විස්තර දැනගත් පසුව, ගොඩවාය පන්සලට අයත් ප‍්‍රධාන පන්සල වන බැරගම පන්සලට ගිහින්, එහි ලොකු හාමුදුරුවෝ වන, ධම්මසිරි හාමුදුරුවන් ට කිව්වා.
ධම්මසිරි හාමුදුරුවෝ කිව්වා, මට දැන් ප‍්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයට යන්න තියෙනවා, චෙක් එකක් ගන්න, එ් ගිහිල්ලා හවස 4.30 ට විතර පන්සලට එනවා, අමිත හාමුදුරුවන්ගෙන් අහනවා කිව්වා.
ධම්මසිරි හාමුදුරුවෝ, ගොඩවාය පන්සලට ඇවිල්ලා, අමිත හාමුදුරුවෝ හමුවෙලා ඇවිත් මට කිව්වා, අමිත හාමුදුරුවෝ එහෙම දෙයක් කළේ නෑ යයි කියනවා කියලා.
මම, ධම්මසිරි හාමුදුරුවන්ට, සාක්ෂි තියෙනවා යයි කිව්වා. එහෙනම්, සාක්ෂි විස්තර අරගෙන, හෙට කෝල් එකක් දෙන්න යැයි කිව්වා.
218.09.26 මා, සාක්ෂි එකතු කරගෙන, ධම්මසිරි හාමුදුරුවන්ට දැණුම් දුන්නා. එ් අතර මම පුතා සමග, අම්බලන්තොට පොලීසියට ගොස් පැමිණිලි කළා. එසේ පැමිණිල්ල ලියා ගන්නා අතර, ධම්මසිරි හාමුදුරුවෝ පන්සලට ඇවිල්ලා ඉන්නවා, එන්න කියා මට දුරකතන පණිවිඩයක් ලැබුණා.
මම එ් බව පොලීසියට කිව්වා. එ් අවස්ථාවේදීම, අම්බලන්තොට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුලූ නිලධාරීන්, මාව හා පුතාව ද, රැුගෙන ගොඩවාය පන්සලට ආවා.
අප පන්සලට පැමිණෙන විට, සාක්ෂි දීම ස`දහා දෙමාපියන් දරුවන් සමග පන්සලට ඇවිත් සිටියා.
අම්බලන්තොට පොලීසියේ ස්ථානාධිපති, ස්ථාන පරීක්ෂණය පවත්වා, එ් අවස්ථාවේදීම, අමිත හාමුදුරුවන්ව අත්අඩංගුවට ගත්තා. එ් සමගම නැවත මටත්, පුතාටත්, පොලීසියට එන ලෙස දැණුම් දුන්නා.
පොලීසියේදී මාගෙන් හා පුතාගෙන් ප‍්‍රකාශ සටහන් කර ගත්තා.
එයින් පසුව, පුතාව, හම්බන්තොට මහා රෝහලට ගෙන ගොස් බාර දුන්නා. පසුදින රා්හලේ අධිකරණ වෛද්‍ය නිලධාරී මහතා පුතාගෙන් හා මාගෙන් ප‍්‍රකාශ ලබාගත්තා.
පසුදින, 2018.09.27 දින, අමිත හිමිව, හම්බන්තොට මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
අම්බලන්තොට පොලීසීය, අධිකරණයේ සිට, රෝහලේ සිටි මාගේ පුතාව අරගෙන, අදල කරණයට එන ලෙසට දුරකතනයෙන් දැණුම් දුන්නා. මම පොලීසියට දැණුම් දුන්නා, තවම පුතා ඉන්නේ වාට්ටුවේ කියා. පොලීසිය කිව්වා ඉක්මන් කරලා ටිකට් කප්පවාගෙන එන්න කියා.
පුතාගේ ටිකට් කපන විට සවස 3.30 පමණ වුණා.
එ් වන විට දැනගන්නට ලැබුණා, අමිත හිමිව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද බව.
පොලීසිය පසුව දැණුම් දුන්නා, නොවරවාම, 2018.10.01 දින උදේ 8.00 ට පුතා සමග ඇවිත්, අම්බලන්තොට පොලීසියේ ස්ථානාධිපති හමුවන්න යැයි කියා.
එ් අනුව 2018.10.01 ලෝක ළමා දිනය දින, උදේ 8.00 ට පුතා සමග අම්බලන්තොට පොලීසියට ගියා.
අම්බලන්තොට පොලීසියේ ස්ථානාධිපති කිව්වා, අද උසාවි යන්න තියෙනවා, ඉස්සරහින් වාඩිවෙලා ඉන්න කියා. එදින දහවල් 12.30 ට පමණ මාව හා පුතාව, පොලීසියෙන්ම හම්බන්තොට මහේස්ත‍්‍රාත් උසාවියට ගෙන ගියා.
දවල් 1.30 පමණ නඩුව කතා කළා. අමිත හිමිව, රුපියල් ලක්ෂ 02ක, ශරීර ඇප දෙකක් මත මුදාහැරියා.
මාගේ පුතාට රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇපයක් නියම කළා.
එ් සමගම පුතාව බන්ධනාගාර බාරයට අරගෙන, උසාවියේ හිර කූඩුව ළඟ පුටුවක වාඩි කෙරෙව්වා. මම ගොස් ඇපයට අත්සන් කර, දරුවාව ගෙදර ගෙන ගියා.
පොලීසියේදී, මෙම අමිත හිමි යන අය, මාගේ දරුවා මිට පෙර, දහ වාරයක්, සංඝාවාසයට ගෙන ගොස්, ලිංගිකව හිංසනයට පත් කර ඇති බව හෙළිදරව් වූවා.
2018.09.16 වන දින, මාගේ පුතාව, ලිංගිකව අපයෝජනයට ලක් කරනවා, එම දහම් පාසලේ සිසුන් තිදෙනෙක් බලාගෙන සිට ඇත.
තවත් මේ ආකාරයටම ලිංගික අපයෝජනයට ලක් වූ, සිසුවෙකු සිටිනවා. එමෙන්ම මෙම සිද්ධිය ට සම්බන්ධ අමිත හිමි අපයෝජනය කළ සිසුන් ගණනාවක් සිටිනවා.
බොහෝ සිසුන්ගේ දෙමාපියන් කර ඇත්තේ, දහම් පාලසට ළමයා නොයවා සිටීමය.
දැන් මෙම සිද්ධියට දින 20 ක් ගතව තිබේ.
මෙම අමිත හිමිට විරුද්ධව තිබෙන, ළමා අපයෝජන සිද්ධීන් ගැන නිසි පරීක්ෂණ කිරීම, නිසි පරිදි සිදු නොවන බව එනම්,
(1* මාගේ පුතාව ලිංගික අපයෝජනය කිරීම හා සිද්ධිය අදාලව සියලූම සාක්ෂි ලබා නොගැනීම, විශේෂයෙන්,
(අ* අප දන්නා තරමට දැනට සාක්ෂි ලබාගෙන ඇත්තේ, දහම් පාසලේ ළමුන් තිදෙනෙකුගෙන් පමණක් වන අතර,
(ආ* අප විසින් පොලීසියට ලබාදී තිබුණ අනෙක් ළමුන්ගේ සාක්ෂි ලබාගෙන නොමැතිවීම,
(ඇ* මෙයට පෙර, අපයෝජනයට ලක්වූ, ------ නම් දහම් පාසල් යන ළමයා පිළිබඳ පරීක්ෂණ සිදු නොකිරීම.
(ඈ* පුතාව, අමිත හිමි වෙත යැවූ, දහම් පාසලේ 7 වන පංතිය බාර අංජලී නැමති ගුරුවරියගේ හා අමිත හිමිගේ ජංගම දුරකතන පරීක්ෂාවට ලක් නොකිරීම. මේ දක්වාම එම ජංගම දුරකතන පරීක්ෂාවට ගෙන නොමැති බව මාගේ දැනීමයි.
මීට වසර කිහිපයකට පෙර, අප ගමේ ----- දරුවාව මෙම හිමි විසින් අපයෝජනයට ලක්කිරීමේ පැමිණිල්ල පොලිසිය විසින් යටපත් කර තිබෙන බවද ප‍්‍රකාශ කරමි.
මෙම අමිත හිමි, දහම් පාසලේ ඉගෙනුම ලබන සිසුන්ට, වේවැල භාවිතා කරමින් අමානුෂික ලෙස පහර දීම සිදු කරයි.
මාගේ පුතා ඔහුව ලිංගික අපයෝජනය ලක් කිරීම පිළිබඳව හෙළිදර් කර නැත්තේ ගුටි කන්නට බැරි නිසාය.
(2* ගරු අධිකරණයේදී, අමිත හිමිට ඉතා අඩු ඇප කොන්දේසි මත මුදාහැරීමට ඉඩ ලබාදීම,
(3* මේ වන විට, හම්බන්තොට ප‍්‍රාදේශීය සභා නියෝජිත රුවන් කුමාර නැමැත්තාගේ බලපෑම් මත පොලීසිය නිහඬ කරවා ඇති බවට ගෙන යන ප‍්‍රචාරය, මත, පොලීසියට බලපෑම් කර අපරාධය වසන් කිරීමට පියවර ගෙන ඇති බව මාගේ විශ්වාසයයි.
එම නිසා, මා ඉල්ලා සිටින්නේ,
මෙම අපරාධය චීවරධාරියෙකු විසින් සිදුකර ඇති නිසා, බුද්ධාගමේ නාමයෙන් යුක්තිය ඉටු නොකර සිටීම සිදු නොකර, සාක්ෂි වසන් නොකර, විධිමත්ව පරීක්ෂණ පවත්වා, මාගේ දරුවාට පමණක් නොව, ගොඩවාය ප‍්‍රදේශයේ ලිංගික අපයෝජනයට ලක්වූ සියලූම දරුවන් ට යුක්තිය ඉටුකරන ලෙසට හා මෙවන් සිදුවීම් වලින් දරුවන් ආරක්ෂා කර දෙන ලෙසටය.
මෙයට,
ආරච්චිගේ
සටහන :
දහම් පාසලේ වැඩට යැයි ගෙන්වාගෙන, සාමනේර චීවරධාරියා පළමුවත්, එය බලා සිටි නායක චීවරධාරියා දෙවනුවත්, ලිංගික අපයෝජනය කිරීම් සිද්ධිය අදාලව ක`ඵතර මහාධිකරණ නඩුවට මෙම චීවරධාරී චූදිතයන් අධිකරණයට වැඩම කරවන ලද්දේ බුලත්සිංහල ගමේ උපාසක අම්මලා පිරිසක් සුදුවතින් සැරසී ගෙනය. එයට අමතර තවත් තරුණ චීවරධාරී තිදෙනෙක් අගසවුවන් ලෙසට පැමිණ සිටයේය. එ් මෙම මස 2 දාය.
‘පන්සල් සූදුව’ රැකදේවා ! දිනේවා !! වැජඹේවා !!!
ඉල්ලානේ, රජයෙන්!!!
Friday, October 5, 2018
සවස 7වන විට දුම්කොළ - ගංජා දුමෙන් විට්ටුව පිරෙනවා. ඊ-සි කෑෂ් වලට කුඩු බෙදෙනවා. ඩාන්සින් පෙති ගහලා නටනවා. තව ටිකක් ? වෙන කොට සමරිසියන් වැඩ පටන් ගන්නවා.
මේ හිරගෙදර කථාව. කව්රුත් දන්න කථාව. නොදන්නවාගේ ඉන්න කථාව. තිස්තුන්කොටියකුත් පහක් ඉන්න බව කියන රටේ හිරගෙදර කථාව.
ඩොන් ව්‍යාපාරිකයෙක්. දවස් පහක් හිරගෙවල් තුනක ගත කරන්නට මොහුට ගත කරන්නට වුනේ අහම්භයෙන් යයි කිවහොත් වැරදි නැත. මේ අහම්භය නිසා ඔහුට විඳින්නට වු කටුක අත්දැකිම, යළිත් වරක් කියන්නේ රටේ නීතිය ගැන.
කරුමයට හෝ දෙවියන් වහන්සේගේ කැමැත්තට හෝ බාරදි නිහඬව නොසිටින්ට ගත් තීරණය නිසා ඔහුගේ කථාව ඔබ අතට පත් කරන්ට හැකිවිය අපට.
ඩොන්, මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස්පති සහ ජාතික පොලිස් කොමිෂන් සභාව ට කරන ලද ලිඛිත පැමිණිල්ලෙ සඳහන් කරුණු පහත දක්වමු. , ,
අධිකරණ නියෝග විකෘති කර, අධිකරණය උපයෝගී කරගෙන
ශාරීරික හා මානසික වධහිංසාවට පත්කිරීම හා නිදහස අහිමි කිරීම.
ඩොන්, අවු: 48 යි, විවාහක, දරුවන් 01 යි. රැකියාව : ව්‍යාපාර කටයුතු, අගලවත්ත.
2018.09.28 වන දින දීය.
2018.09.06 වන දින රාත‍්‍රී 7.30 ට පමණ, අගලවත්ත පොලීසිය මගින් මා අත්අඩංගුවට ගන්නා ලදි. එසේ අත්අඩංගුවට ගන්නා ලද්දේ මිණුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අදාලව නිකුත් කර තිබූ වරෙන්තුව මතය. එදින රාත‍්‍රියේ මාව අගලවත්ත පොලීසියේ රඳවා තබාගෙන සිට, පසු දින, එනම් 2018.09.07 දින, මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරණු ලැබීය.
මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණය, මාව බන්ධනාගාරය මගින්, මීගමුව ම/උ වට ඉදිරිපත් කරන ලෙසට නියම කර, මාව බන්ධනාගාරයට බාර දෙන ලදි. එදින 2018.09.07 රාත‍්‍රියේ, ක`ඵතර රක්ෂිත බන්ධනාගාරයේ රඳවාගෙන, පසුදින 2018.09.08 වන දින, කොළඹ රක්ෂිත බන්ධනාගාරයට මාරු කරණු ලැබීය. 2018.09.09 වන දින මාව කොළඹ රක්ෂිත බන්ධනාගාරයෙන් මීගමුව බන්ධනාගාරයට මාරු කරණු ලැබීය.
පසුදින, එනම් 2018.09.10 වන දින නඩු අංක 47697 යටතේ, මාව මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි. මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයේදී, නඩුව කැඳවා එම නඩුවට මා, අවශ්‍ය අයෙකු නොවන බවට ප‍්‍රකාශ කරණු ලැබීය.
එ් අවස්ථාවේ මාව මුදාහැරීමට ක‍්‍රියා නොකළ, බන්ධනාගාර නිලධාරීන් මාව නැවත මීගමුව බන්ධනාගාරය වෙත රැුගෙන එනු ලැබ, රඳවාගනු ලැබීය. 2018.09.12 වන දින, මීගමුව බන්ධනාගාරයෙන් මාව, මිණුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට රැුගෙන ගොස්, මිණුවන්ගොඩ ම/උ ට ඉදිරිපත් කරණු ලැබීය. එ් අවස්ථාවේ ගරු අධිකරණයට මා වෙනුවෙන් කරුණු දැක්වීමෙන් අනතුරුව, වරෙන්තුව අවලංගු කර, පෙර ඇප මත මුදාහරිණු ලැබීය.
මා ප‍්‍රකාශ කර සිටින්නේ, වරෙන්තුවකට අත්අඩංගුවට ගන්නා ලද මාව, අගලවත්ත පොලීසිය මගින්, ගරු මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ව්‍යාජ තොරතුරු වාර්තා කර, එනම්, මිණුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් නිකුත් කරන ලද වරෙන්තුව, මීගමුව අධිකරණයෙන් ඉදිරිපත් කරන ලද වරෙන්තුවක් ලෙසට, ගරු මහේස්ත‍්‍රාත්තුමියට ඉදිරිපත් කර, මාව මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වන නියෝගය ලබාගෙන තිබිණ.
මා මේ වරද දැනගත් පසුව බන්ධනාගාර නිලධාරින්ට කරුණු පැහැදිළි කළද, ඔවුන් කියා සිටියේ, අපට කරන්නට දෙයක් නැති බවය. මෙය හුදෙක් වරදක් නොව අපරාධයකි.
මා එසේ ප‍්‍රකාශ කරන්නේ,
සග 2018.09.06 දින, රාත‍්‍රී 7.30 ට පමණ මා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, පසුදින එනම් 2018.09.07 මාව ක`ඵතර බන්ධනාගාරයට ගෙන යනතුරු, මා හමු වීමට මාගේ නිවැසියන්ට ඉඩ නොදීම, කෑම බීම ලබා නොදී මා දැඩි පීඩාවට ලක් කරීම.
සසග 2018.09.08 වන දින මා, කොළඹ රක්ෂිත බන්ධනාගාරයට ගෙන ගිය අවස්ථාවේ මාව එහි ‘බී’ වාට්ටුවට ඇතුළත් කරන ලදි.
රැුඳවියන් 110 කට, ප‍්‍රමාණවත් එම වාඞ්ඩුවේ එදින රැුඳවියන් 210 ක් රඳවනු ලැබීය. රාත‍්‍රියේ නිදාගැනීමට සිදුවූයේ බන්ධනාගාර බසින්, ”සැම්” ක‍්‍රමයටය.
රාත‍්‍රී 7.00 ට පමණ, මු`ඵ වාට්ටුවම දුම්කොළ හා ගංජා දුමෙන් පිරී යන්නේය. කුඩු සුලබව තිබිණි. වාට්ටුව පාලනය කළේ, එහි සිටි ”චණ්ඩියෙකු” විසිනි. ඊසි කෑෂ් නොදැම්මොත් වැසිකිලි යන්නවත් ඉඩක් දෙන්නේ නැති නිසා, ඊසි කෑස් වලින් ”චණ්ඩියා” ට සල්ලි දෙන්නට සිදු වූවා.
සසසග 2018.08.09 වන දින මාව, මීගමුව බන්ධනාගාරයට ගෙන ගියා. එහිදී, මාව අංක 06 වාට්ටුවට දැම්මා. එය 60 කට ප‍්‍රමාණවත් කාමරයක්. මා සිටි දින 03 තුළදී, එහි රැුඳවියන් 200 කට වැඩි ප‍්‍රමාණයක් ගාල් කළා. එහි තත්ත්වය ද කොළඹ රක්ෂිත බන්ධනාගාරයට දෙවෙනි වූයේ නැත.
මෙම වාට්ටුවේ කුඩු, ගංජා ජාවාරම් කරන ප‍්‍රධාන චණ්ඩියා බන්ධනාගාර ඉහළ නිලධාරියෙකුගේ පුතෙකු බව සෙසු රැුඳවියන්ගෙන් දැනගන්නට ලබිණ.
රක්ෂිත බන්ධනාගාරගතව සිටි මෙම දින 06 තුළ මට ඇඳගෙන සිටමට සිදුවූයේ එකම ඇඳුමය.
මා, එක් බන්ධනාගරයකින් තවත් බන්ධනාගාරයකට මාරු කිරීම නිසා එම කාලය තුළ මට, මාගේ පවුලේ අය දැක ගැනීමට නොහැකි විය.
මෙම වකවානුව තුළ මට චර්ම රෝගයක් වැළ`දින. දැන් එයට ප‍්‍රතිකාර ලබා ගිනිමි.
මා පත්වූ තත්ත්වය තුළ මා දැඩි මානසික ආතතියකට පත්ව සිටිමි.
නිතර හීනෙන් බය වෙන අතර මට නින්ද යන්නේ ද නැත. මට දුම්බොන්නෙකු අසලින් සිටිය නොහැකි තත්ත්වයක් ඇතිව තිබේ.
මෙම කාලය තුළ මට මාගේ පාසල් යන අවරුදු 06 ක් වයසැති දරුවාට නිසි රැුකවරණයක් ලබා දීමට නොහැකි වීම නිසා ඇයද දැඩි මානසික අසීරුවට පත්විය.
මේ ආකාරයට 2018.09.07 දින රාත‍්‍රියේ සිට, 2018.09.12 දින දක්වා, රාත‍්‍රී 05 ක් මාව, දැඩි ශාරීරික හා මානසික වධහිංසාවට පත් කරමින් නිදහස අහිමි කිරීම බරපතල අපරාධයක් හා මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමකි.
එම නිසා මා ඉල්ලා සිටින්නේ, අධිකරණ නියෝගය විකෘති කරමින් ඉහත දැක්වූ ආකාරයට මාගේ මූලික අයිතීන් උල්ලංඝණය කිරීමට වගකිව යුතු,
අගලවත්ත පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රමුඛ නිලධාරීන්ට හා කරුණු දක්වා සිටියදී, නිසි පියවර ගැනීම මගහරිමින් මා පීඩාවට පත් කිරමට ක‍්‍රියා කළ බන්ධනාගාර නිලධාරීන්ටත් එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය.
මෙයට,
ඩොන්
Wednesday, October 3, 2018
සංක‍්‍රාන්තික යුක්තිය ........ !!!
"සංහිඳියාව" ”සංක‍්‍රාන්තික යුක්තිය” වර්තමානයේ රාජ්‍යය මෙන්ම රාජ්‍යය නොවන පාර්ශවවල දැඩි අවධානයට රාජ්‍යය ලක්ව තිබෙන විෂයන් දෙකකි.
මේ පිළිබඳව කතා බහ කරන්නට දඹානේ නිදහන්ගල යායට, චෙන්කලාඩිහි පෙරියපිල්ලූමලේ, සේරුනුවර මහින්දපුරය හා ඌරගස්මංහන්දිය යන ගම්වල ක‍්‍රියාකාරී පිරිස් සමග එක්විය.
(2018.09.01 උදේ)
දඹානේ, නිදහන්ගලයාය ආදිවාසී පවුල් විස්සක සාමාජිකාවන් අප හා කතා බහට එක්විය.
නිදහන්ගල යාය ගමේ ගුණබන්ඩියා ඇත්තෝ මූලිකත්වය ගෙන සාකච්ඡුාව ඔවුන්ගේ අසපුවේ පවත්වන ලදි.
(2018.09.01 හවස)
එදිනම, අප චෙන්කලාඩි හි, පෙරියපිල්ලූමලේ බංඩාරගේ නිවසේ පැවති සාකච්ඡුාවට සහභාගී විය. මේ කතා බහට පෙරිපිල්ලූමලේ දෙමළ හා සිංහල ස්ත‍්‍රීන් එක්විය.
(2018.09.02 උදේ)
පසුදින, අප. සේරුනුවර මහින්දපුර හා ගැමුණුපුර ස්ත‍්‍රී කණ්ඩායමක් හා එක්වුණේ සෝමාවතිය පාරේ මහින්දපුර පන්සලේ බණ මඩුවේය.
(2018.09.16 හවස)
ඊට දෙසතියකට පසුව, කරන්දෙනිය ආසනයේ, ඌරගස්මංහන්දිය දක්ෂිණාරාමය, බණ මඩුවේ ගමේ සමාජ ක‍්‍රියාකාරීන් සමග එක්විය.
මේ මුණ ගැසීම් හතරටම එක්වූවන් අතරින් සියයට 85 ක් ස්ත‍්‍රීන් විය.
නිදහන්ගලයාය, පෙරියපිල්ලූමලේ හා මහින්දපුර/ගැමුණුපුර එක්වූ, දරිද්‍රතාවයෙන් පෙළෙන ජනයාගේ ගැට`ඵ අතර, මූලික තැන ගත්තේ ජල ප‍්‍රශ්නයයි. ජලය අවශ්‍ය බීමට පමණක් ද ?
අඩ සිය වසරක් පුරා ජල ප‍්‍රශ්නයට මුහුණ දෙන නිදහන්ගලයාය, ආදිවාසී ජනයා, මේ වන විට, ක‍්‍රමානුකූලව, මහ ජාතියට ගොදුරු වෙමින් පවතී.
Monday, October 1, 2018
දහම් පාසැල් ගිය දැරිය දුෂණය කළ චීවරධාරියා - පොල් ගසන්නට පටන්ගෙන.
මීට වසර පහකට
පෙර, තම පන්සලේ
පවත්වාගෙන ගිය දහම් පාසලට ආ දක්ෂතම දැරියක් රවටා පන්සලට ගෙන්වා, පළමුව තරුණ
චීවරධාරියාද, ඊට පසුව නායක
චීවරධාරියාද දැරියව බරපතල ලිංගික අපයෝජනයට ලක් කළේය.
එයින්
නොනැවතුන මෙම දුෂිත
චීවරධාරීන් දෙන්නා, එවකට කන්දේ
විහාරයේ බෝධි පූජා පැවැත්වූ චීවරධාරියාට ඇය පිළිබඳව තොරතුරු ලබාදී, ඇයව එම පන්සලට ගෙන්වා
ගෙන දුෂණය කළේය.
කන්දේ විහාරය
අයත්වන අලූත්ගම පොලිසිය, එම සිද්ධිය
විෂ්ණු දෙවියන් අරක් ගෙන සිටින බවට ප‍්‍රසිද්ධියක් උසුලන එම පන්සලේ ‘‘නාමයට” හොඳ නැතැයි කියමින්ද,
එවන් සිද්ධීන් ඉතා
සුලබ යයිද පවසමින්, මුදල් අරගෙන
නිශ්ශබ්ද වන්නට යයි කියමින්, ඇයව රෝහල්ගත
කිරීමෙන් කිරීමට පවා වැළකී සිටින ලදි.
පසුව කරන ලද
බලපෑම හමුවේ, අදාළ
චීමරධාරියාව අත්අඩංගුවට ගෙන, බුද්දාගමට
නින්දාවක් වනසේ ආවාසය තුල චිවරය දාගෙන ලිංගික අතවර කළ බවට චෝදනා නගා අධිකරණයට
ඉදිරිපත් කළේය. වරද පිළිගත් චීවරධාරියා, සු`ඵ දඩයක් ගෙවා, ගෙදර ගියේ, විෂ්ණූ දෙවියන්ට පිංදෙමින්ය.
පන්සලක ගලක්
උඩ, පස්ස පෙන්වීම ‘‘මහා අපරාධ්යක්”
ලෙසට හුවා දක්වන
යහපාලන සංස්කෘතික අමැතියා, කන්දේ විහාරයට
ගෙන්වා, තරුණියක් දුෂණය කිරිම හා දහම්
පාසැලට පැමිණි දැරිය චීවරධාරීන් දෙදෙනෙකු එක්ව ලිංගික අපයෝජනය කිරීම, බරලතල අපරාධයක් ලෙස
දුටුවේ නැත. මාධ්‍යයද එ් ගැන කෙළ පිඩක් හෙලූවේ නැත.
කෙසේ වෙතත්,
එයට හාත්පසින් වෙනත්
පියවරක් ගත්, මෙම දැරිය
පළමුවරට දුෂණය කළ පන්සල
අයත් වූ බුලත්සිංහල පොලිසිය, ඊනියා
බුද්ධාගමේ පොල්මක් කාරයින්ගේ බලපෑම් වලට යටනොවී, විමර්ශණය කර, නඩු පැවරීමට පියවර ගත්තේය.
ලඝු නොවන නඩු
විභාගයකින් අනතුරුව, නීතිපතිවරයා
විසින්, එම
චීවරධාරීන්ට විරුද්ධව, මහාධීකරණයේ
අධි චෝදනා නැගීමට පියවර ගන්නා ලදි.
දැන් නඩු
විභාගයට ගැනීමට ආසන්නය. වසර පහක් තිස්සේ, අදාල ගමේ ‘‘දුෂණය’’ වීමට කැමැති උපාසක අම්මලාගෙන් හා ස්ත‍්‍රී දුෂණ
අනුමත කරන උපාසකයින් ගෙන් වැඳුම් පිදුම්, දානමාන ලබමින් චිවරධාරියා කල්ගත කරති.
මේ කාලය පුරාම,
මෙම චීවරධාරීයාගේ හා ඌ
ඇසුරු කරන උපාසක උපාසිකාවන්ගෙන් එම දැරිය හා පවුලේ උදවිය, නින්දා අපහාස වලට
ගොදුරු විය.
මහාධිකරණ නඩුව,
විභාගයට නියම කිරීමත්
සමග කැළඹුනු චීවරධාරියා (මේ වන විට එක් අයෙක් සිවුරු හැර ගොස් හීරලූවකු වී ඇත) ඔහු
වටා සිටින උපාසක අම්මලා හා උපාසක අප්පුලා එක්කරගෙන, දැරිය මකබෑවිලා යන ලෙසට හා නඩුවෙන් තමන්
නිදහස් කරවන ලෙසට දෙවියන්ගෙන් ඉල්ලමින්, ඇගේ ගේ ෙදාරකඩට පවා, හොර රහසින් පැමිණ,
පොල්ගසා යෑමට තරම්
නිවට නීචයින් බවට පත්ව ඇත.
පොල්ගසා,
දෙවියන්ට දැනුම් දී,
නඩු දිනනන් පුලූවන්
කියා හිතන්නේ මානව හිමිකම් වලට ගරහන්නට පටන්ගෙන සිටින, කාදිනල් රංජිත් මැල්කම් හා ඔහුට එක්ව සිටින
චීවරධාරීන් පමණකි.
වසර පහකට වැඩි
කාලයක් නොසැලී යුක්තිය වෙනුවෙන් පෙනී සිටින මැය, පොල් ගැසිම් වලට හෝ නොපෙනෙන දෙවියන්ට හෝ බය
නැති බව සිහිපත් කරමු.
Sunday, September 16, 2018
පෙත්ත බිලිගත්ත .......... මාගේ කතාව
මම පානදුරේ. මාගේ සැමියාත් පානදුරේ. අ.පො.ස. උ/පෙළ විභාගයට වාඩි වී, විෂයන් දෙකකින් සමත්වුණ කෙනෙක්.
ඉගෙන ගත්තෙ ශාන්තුවරයෙකුගේ නමට පුදනු ලැබූ ප‍්‍රකට බෞද්ධ කාන්තා විද්‍යාලයක. සැමියා, ඉගෙනුම ලැබූයේ බෞද්ධ එකම ජතික පාසලේ. ඔහු ඉතා දක්ෂ බොක්සිං ක‍්‍රීඩකයෙක්.
අවුරුදු 1 1/2 ක සම්බන්ධයක් පවත්වලා එක දවසක වූ දෛවෝපගත සිද්ධියකින් මට එයත් එක්ක විවාහ වන්නට වුණා.
අපි හිටියේ සැමියාගේ නිවසේ. ඔහුට වටිනා යතුරුපැදියක්, රට ඉන්න පියා විසින් අරන් දී තිබුණා. සතියක් වත් සතුටින් ඉන්න ලැබුණේ නැහැ. එ් ඔහුගේ බඳිනකොටත් පුරුදු වී තිබුන පෙති බොන එක, ගංජා බොන එක නවත්වන්න සූදානම් වුනේ නැති නිසා.
උදේ ගෙදරින් ගියාම එන්නේ පහුවදා අ`ඵයම. කරපු රැකියාව අහිමි වුණා. ඉට පස්සෙ මොකක් හරි වැරැද්දක් අරගෙන මට පහර දෙනවා. කොසු කැඩෙනකං ගහනවා. එ්ත් මම පොලීසි ගියේ නැහැ. හොඳ මිනිහෙක් වෙනකන් එන්නේ නෑ කියා මම ආයෙත් අම්මා තාත්තා ළඟට ආවා.
ඔවුන් මාව පිළිගත්තා. එ්ත් මා සමග සම්බන්ධය අතහරින්නේ නැහැ. පොරොන්දු දෙනවා. නැවත නැවත හිරහැර කරනවා. සුව`ද විලවුන් ප‍්‍රචාරක සමාගමක, ප‍්‍රචාරක සේවිකාවක් ලෙසට මට වැඩ කළා.
පසුගියදා, මා වැඩ කරන තැනට ඇවිත් මට පහර දුන්නා. මාව මරා දමන බවට තර්ජනය කළා. මාගේ ජීවිත ආරක්ෂාව සඳහා මම නීතියේ පිහිට පතන්න තීරණය කළා.
එ් මාගේ සැමියා අපරාධවලට සම්බන්ධ නිසා. මම ලිඛිත පැමිණිල්ලක් පානදුර පොලීසියට කළා.
පහත දැක්වෙන්නේ එ් ලිඛිත පැමිණිල්ල.
මූලස්ථාන පොලිස් පරීක්ෂක
පොලිස් ස්ථානය
පානදුර දකුණ
ලිඛිත පැමිණිල්ල
ඩිල්ෂා-, අවු: 20 යි, ජා.හැ.අ. ----V, විවාහක, ලපිනය : ------ පානදුර. දු.අ. 075 --
ඉසුරු, අවු: 22 යි, මාගේ සැමියා වේ.
2018.03.07 වන දින, මා ඔහු සමග විවාහ විය.
2018.03.05 වන දින දවල් කෑම ගැනීමට, පානදුර, ------ හි පදිංචි එවකට මා මිත‍්‍රව සිටි, ඉසුරු ගේ නිවසට ගියා.
එ් අවස්ථාවේ ඔහු මාව, බලයෙන් නවත්වා ගත්තා. මාගේ දෙමාපියන් එ් බව දැනගෙන, එදින රාත‍්‍රියේ පානදුර දකුණ පොලීසියේ පැමිණිල්ලක් කරණු ලැබුවා. (පැමිණිලි අංකය: --------)
එම පැමිණිල්ලට පානදුර දකුණ පොලීසිය, රාත‍්‍රී 9.00 ට පමණ එම නිවසට පැමිණියා. එ් අවස්ථාවේ ඉදිරිපිට නිවසට ගොස් මාව තබා, පොලිස් නිලධාරීන්ට යම් යම් දේ පවසා, ඔවුන්ව පිටත් කර හැරියා.
එදින රාත‍්‍රියේ සිට ඔහු හා මා අඹු සැමියන් වශයෙන් සිටියා.
2018.03.07 වන දින, මා ඔහු සමග විවාහ වුණා. දින දෙකක් යන විට මා දැන්ගත්තා ඔහු මත් පෙති හා ගංජා බොන කෙනෙකු බව.
ඔහු රැකියාවක් කරන්නේ නැහැ. එ් අතර මා හා ප‍්‍රශ්න හදාගෙන, මට අතින් පයින් හා කොසුවලින් පහර දෙන්නට පන් ගන්නවා. මාව මරන්න පිහිය අරන් එන අවස්ථා ද තියෙනවා.
මෙම පසුබිම යටතේ මාගේ ආරක්ෂාව හා වද වේදනා විඳීමට නොහැකිව, 2018.08.15 වන දින, ඔහුගෙන් ඉවත්ව, මා මාගේ අම්මා හා තාත්තා ළඟට යළිත් ආවා.
එහි සිට මා, වැඩට ගියා. එ් අතර ඔහු නිරන්තරයෙන් පැමිණ මට බලපෑම් කරන්නට පටන් ගත්තා. මම ඔහු සමග ආවාම, ”රිටන්” දෙන බව කියා යනවා.
නමුත් මා ඔහු සමග, ඔහුගේ නිවසට යෑම ප‍්‍රතික්ෂේප කළා. මා හට අවශ්‍ය වුනේ රැකියාවක් සොයාගෙන, මත්පෙති, ගංජා වලින් මිදෙනකන් සිටින්න.
2018.09.15 වන දින දවල් 12.00 ට පමණ මා එදින වැඩ කළ, පානදුර, ------- මාවතේ, ”------ ෆාමසිය” වෙත පැමිණ මට එළියට අඬගසා. මම ගෙදර ආවේ නෑ කියා මට පහර දුන්නා.
මා ඔහුගෙන් මිදී, ෆාමසිය තුළට ගියා. ඔහු මට ආයෙත් නිවසට එන්න කියා තර්ජනය කර යන්න ගියා. මා ෆාමාසිය තුළට ගොස්, අම්මාට කතා කර කිව්වා.
මේ වන විට, මොහුගෙන් මා හට බරපතල අනතුරක් ඇතිවේය යන සාධාරණ බියක් පවතී.
පෙර සඳහන් කළ පරිදි, මාගේ වැටුපෙන් ජීවත්වීම, දිනපතාම මත්පෙති හා ගංජා භාවිතා කරන අතර උදේ නිවසින් පිටත්ව නැවත පැමිණෙන්නේ අ`ඵයම වේ.
තවද, ඔහු ගංජා ළඟ තබාගෙන අසුවී, දඩ ගෙවා ඇති අයෙකි. මෙමම දඩ මුදල ගෙව්වේද මාගේ මුදලින්ය. නඩු අංකය : -- 24, දිනය : 2018.05.24, ම/උ පානදුර.
මා පසුව දැනගත් පරිදි මොහුගේ ප‍්‍රචන්ඩ ක‍්‍රියා ගැන, ඔහුගේ මව හා සොහොයුරියන් ඔබ පොලිසයේ පැමිණිලි කර ඇත.
ඉහත පසුබිම යටතේ, මා ඉල්ලා සිටින්නේ, මොහුගෙන් මාගේ ජිවිත ආරක්ෂාව සලසා දෙන ලෙසටය.
මෙය ලිඛිත පැමිණිල්ලක ලෙස බාරගන්නා ලෙසට ඉල්ලමි.
ඉහත කරුණු සත්‍ය හා නිවැරදි බවද ප‍්‍රකාශ කර සිටිමි.
-------- ඩිල්ෂා-
පිටපත:- පොලිස්පති
Tuesday, September 11, 2018
පයාගල පොලීසිය අවරුදු 16 ක දරුවෙකු තියාගෙන වධ දෙයි.
අවුරුදු 16 ක් වන නදීශව, ඊයේ, (2018.09.10) සවස 6.00 ට පමණ, පාරේ සිටියදී, අත්අඩංගුවට ගනන් පොලීසිය, සියලූ නීති උල්ලංඝණය කරමින්, දස වධ දෙමින් මේ මොහොත දක්වාම (2018.09.11) රඳවාගෙන සිටී.
ඔහුගේ පියා, ධීවරයෙකි. මව මිය ගොස්ය. දුප්පත්කම නිසාම පාසල හැර ගොස් කුලී වැඩ කර පවුලම ගොඩ ගන්න උරදෙන්නෙකි.
පයාගල පොලිසියේ අත්අඩංගුවට ගත් මේ බලා වයස්කාරයාව, පවුලේ උදවියට නොපෙන්නුවා පමණක් නොව, අත්අඩංගුවට නොගත් බව පවසමින් අවට පොලීසිවලට රෑ පුරාම යවා තිබේ.
පුසදින උදේ දරුණු ලෙස වධයට පාත‍්‍ර කර සිටි, මේ දරුවාව පවුලේ උදවියට පෙන්වා ඇත.
එ් පොලීසියේ පසුපස කාමරයක සිට, අපරාධ අංශයට ගෙනවිත්ය.
පවුලේ උදවිය අසල සිටියදීත්, ඔහුට වධ දීමට, පයාගල පොලිස් වධකයින් පසුබට වී නැත.
පයාගල පොලීසියේ, අපරාධ අංශයේ, හිටපු ස්ථානාධිපති වික‍්‍රමරත්න අත්අඩංගුවට ගත් රණවිරුවකුට, වධ දී මරා දමන ලද්දේ 2000 වසර දිය.
ඔහුට විරුද්ධව මිනීමැරම් චෝදනා යටතේ නඩුව ක`ඵතර මහාධිකරණයේ විභාග වෙමින් පවතී.
වසර 18 ක් පුරාම මෙම පොලිස් පරීක්ෂක වික‍්‍රමරත්න උසාවියට ඉදිරිපත් නොවී කට්ටි පනිමින් සිටී. ඔහුව පොලීසිය අත්අඩංගුවට ගන්නේ නැත.
වත්මන් යහපාලනය, පොලීසි බාර ඇමතිවරුන් ලෙසට පත් කළේ, පට්ට හොරුන්ය. ඔවුන් කළේ පොලිසිය හා එක්ව, මහා හොරු බේරීමය. වධ දීම දිරිගැන්වීමය.
යහපාලනය යටතේ, වධ දීම් අඩුවී ඇති බවට, පෙන්වීමට ගන්නා උත්සාහයට සිවිල් සමාජ බැලයින්ද, එක්ව සිටින බව සිහිපත් කළ යුතුය.
Friday, August 24, 2018
පුරුෂ ලිඟුව හා වෘෂණ කෝෂ දෙක ලාච්චුවට දමා වසා, මඩු වලිගයෙන් ගැහුව්වා. නීතිඥයා වචනයක් කතා කළේ නෑ, අවු: 10 කට හිරේ දැම්මා.
මේ මඩකලපුවේ පස්දරු පියෙකුගේ කථාව. ඔහු රියදුරෙක්. කළේ වැලි අදින එක. සල්ලි ඉතුරු කරලා, සීට්ටු දමා ලොරියක් ගත්තා. දියුණු වෙන්න.
බ්‍රොක්ර් ගාස්තුව රු: 20,000/= න් ගෙවන්න පුලූවන් වුනේ රු: 10,000/= යි. ඉතිරි මුදල ගෙවීම ප‍්‍රමාද වුන නිසා, බ්‍රොකර් ”බෝතල් රාජා”අමනාප වුනා.
බ්‍රොකර් ”බෝතල් රාජා”, තවත් කිහිප දෙනෙක් එක්ක නුවර ආවාම, ඔහුව පොලිසියෙන් කොටුකර ගන්නවා.
එ් 1992 දී. ගහනකොට ”බෝතල් රාජා”, LTTE සම්බන්ධ අය කියලා නම් 10 ක් 11 ක් පොලිසියට දෙනවා. එ් අතර, මොහුගේ නමත් දීලා තිබුනා.
අත්අඩංගුවට ගත්තේ නුවර, සී.අයි.ඞී. එකෙන් කියලා තමයි කියලා තියෙන්නේ. මඩකලපුවේදී අත්අඩංගුවට ගත් මොහුව ඇස් බැඳ ගෙන එන්නේ නුවරට. කොච්චි පාරේ අයිනේ තැනක්.
එහිදී, නිරුවත් කර, අත්පිටුපසට තබා, මාංචු දානවා. පුරුෂ ලිඟුව හා වෘෂභ කෝෂ ලාච්චුවකට දාලා වහලා මඩු වලිගයකින් ගහනවා. ඇත්ත කියපන් කියලා තමයි ගහලා තියෙන්නේ.
දවස් දෙකක් වධදීලා, නුවර දොස්තර කෙනෙක් ළඟට දාලා, තෙල්දෙණියේ පොලිසියට බාර දෙනවා.
මාස තුනක් ඔහු තෙල්දෙණිය පොලිසියේ තියාගෙන ඉන්නවා. ඔහුව එහෙම තියාගෙන හිටියේ ත‍්‍රස්තවාදී පනත යටතේ කියලාවත් දැනගෙන හිටියේ නැහැ.
උදේට නුවර CID එකට ගේන්න ඔහුව, හවසට තෙල්දෙණිය පොලිසියට ගෙනහින් දානවා.
දවසක්, හිස් කොල පහකට ද අත්සන් අරන්, උසාවියට ගෙනහිල්ලා, බෝගම්බර රිමාන්ඞ් එකට ගෙනගොස් බාර දෙනවා. එ් 1997.12.02 වන දින.
1998 මැයි 24, ඔහු ඇතුලූ ද්‍රවිඩ ජාතික සිරකරුවන්ව, ක`ඵතර බන්ධණාගාරයට මාරු කරනවා.
1998 ජූනි මස 30 දින, කලූතර බන්ධනාගාරයේ LTTE සැකකරුවන් බැහැ දකින්නට යන, ඩග්ලස් දේවානන්දට, එම සැකකරුවන් විසින් මාරාන්තික ප‍්‍රහාරයක් එල්ල කරනවා.
එම ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා LTTE සැකකරුවන් 16 අතරට, මොහුව ද ඇතුලත් කරනවා.
නුවර CID එකෙන් මොහුට එක් නඩුවක් පවරා තිබුන අතර, ඩග්ලස් දේවානන්ද මරා දැමීමට තැත් කිරීම් චෝදනා යටතේ දැන් තවත් නඩුවක් ඔහුට වැටෙනවා.
නුවර නඩුවෙන් 2002 සැප්තැම්බර් 01 වන දින, මොහුව මුදා හරිනවා.
වසර 10 ක් පුරා, කොළඹ මහාධිකරණයේ ඇදෙමින් තිබුන, ඩග්ලස් දේවානන්ද ඝාතන තැත නඩුවේ තීන්දුව, 2017 ඔක්: 30 වන දින ප‍්‍රකාශයට පත් කරනවා.
එම තීන්දුවෙන්, සැකකරුවන් 10 කු නිෙදාස් කොට නිදහස් කරන අතර, ඉතිරි 6 දෙනා වසර 10 1/2 බැගින් බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කරනු ලබනවා.
මොහු මොනම අයුරකින්වත් LTTE යට සම්බන්ධ නැති බව තරයේ කියා සිටිනවා. එ් නිසා දෝ මොහු වෙනුවෙන් නීතිඥයකු පෙනී සිටියේ නැත.
ඔහු ප‍්‍රකාශ කරන පරිදි, රජයෙන් පත් කළ නීතිඥයා, වචනයක්වත් ඔහු වෙනුවෙන් කතාකර නැත.
ඔහු වසර 10 1/2 සිරදඬුවම් නියම වූ 06 දෙනා අතරින් එක් අයෙකි මොහු. අද බොහෝ කතා බහට ලක්ව සිටින එමිල් කාන්තන් නිදහස් වු අය අතර කෙනෙක්.
මේ වන විට දැඩි මානසික ව්‍යාකූලත්වයකට පත්ව සිටින රෝගියෙකි. මොහුගේ පුරුෂ ලිගුව ස්ථිර ආබාධිත තත්වයට පත්ව ඇත.
පොලිසිය, බන්ධනාගාරය, නිර්දේෂී පුද්ගලයින්ට වධ දීම, බොරු නඩු දැමීම, උරුම කරගත් දෙයකි. මෙය, ආයතනගත වූවකි. පවතින ක‍්‍රමයේ කොටසකි.
දැනට 60 වන වියේ පසුවන මොහු ගැන කතා කරන්නට - ‘‘ඊනියා’’ සිවිල් සමාජය ඉදිරිපත් නොවන්නේ, මොහු LTTE යට කිසිසේත් සම්බන්ධ නැති ‘‘දෙමළෙක්’’ නිසා විය යුතුය.
මොහුගේ දරු පවුල, ගේ ගේ දොර උගස්කර, මහාධිකරණ තීන්දුව වෙනස් කරගන්නට අභියාචනයක් ඉදිරිපත් කර ඇත. නීතිඥ ගාස්තුව පමණක් ලක්ෂ තුනකි.
පෙර සඳහන් කල පරිදි, ප‍්‍රමාද නොකර, මෙම පුද්ගලයා පිළිබඳ, ගැඹුරු විමර්ශණයක් කර, ජනාධිපති සමාව හෝ ලබා දීමට බල කිරීම හා මෙය ජාත්‍යන්තර ප‍්‍රජාවගේ අවධානයට කැඳවීම -මානව හිමිකම් කොමිෂමේ වගකීමකි.
Sunday, August 19, 2018
උඹලා කිව්වාට වධ දෙන එක අපි නවත්වන්නේ නෑ
නීතිය මත පාලනයක් ඇති නොකර, අපරාධ කරන්නවුන්ට තරා තිරම නොබලා, කඩිනම් විමර්ශණය සිදුකර, දඬුවම් පැමිණවීම සිදු කරන තාක් කල්, බණ කිය කියා සිටීමට පුලූවන්.
රාජ්‍ය නිලධාරීන් විසින්, රට වැසියන් වධහිංසාවට පාත‍්‍ර කිරීම අපරාධයකි. එය දේශීය නීතිය මෙන්ම ජාත්‍යන්තර නීතියට අනුවද, වධහිංසා පමුණුවන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතුය. නමුත් එය ක‍්‍රියාත්මක වන්නේ නැති තරම්ය.
| වනිදිතයා හා පොලිසිය සොරකම් කළ ඔරලොසුව |
මෙම මස 10 වන දින ග‍්‍රෑන්ඞ්පාස් පොලිසිය අත්අඩංගුවට ගත් 33 හැවිරිදි තුවාන්, මසකට පෙර විවාහ වූ, යකඩ සමග හැපෙන කම්කරුවෙකි. ඔහුට දස වධ දී බොරැුල්ල පොලිසියට බාරදෙයි. එ් සොරකමකට අදාලවය.
13 වන දින මාලිගාවත්ත මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්නේ ”කුඩු” චෝදනා යටතේය. එදා තවත් දින 7 කට රැුඳවුම් නියෝග ලබාගන්නා පොලිසිය, දින 10ක් පුරා වධහිංසාවෙන් වේදනා විඳ, මොහුට ප‍්‍රථිකාර ලබා ගැනීමට තිබෙන අවස්ථා අසුරා දමයි.
බණ කිව්වාට, වධ දෙන එක නවත්වන්න පොලිසිය සූදානම් නැත. වධ දෙන්නේ මානසික තෘප්තිය සඳහා පමණක් නොවෙයි. එමගින් සාක්කුවද පිරෙන නිසාය.
පහත දැක්වෙන්නේ, දින 10 කට පසුව, මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස්පති, නීතිපති හා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය ට, ‘‘නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, දින තුනක් නීති විරෝධීව රඳවා ගෙන, වධහිංසා පමුණුවා, ව්‍යාජ චෝදනා මත දින 07 ක් රැුඳවුම් නියෝග ගෙන, රඳවා තබා ගැනීම’’ යන හිසින් යුතුව බිරිඳ කරන පැමිණිල්ලයි.
‘‘ 2018.08.19 දිනදීය. තුවාන් මාගේ සැමියා වේ.
| බිර්‍රිද |
මාගේ සැමියා කම්කරුවෙක්. ඔහු වැඩ කළේ, කොළඹ 12, පරන යොන් වීදිය,
”හාඞ්වෙයාර්” කඬේය. 02. 2018.08.10 වන දින, ඔහු වැඩකරමින් සිට, දවල් කෑම ගැනීමට, ග‍්‍රෑන්ඞ් පාස් වටරවුම අසල, කඩයට ගිය අවස්ථාවේ, ග‍්‍රෑන්ඞ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එසේ අත්අඩංගුවට ගැනීම දැක්ක, ඔහුව දන්නා හඳුනන අයෙක්, සැමියාගේ පියා ට දැනුම් දී තිබේ.
එ් අනුව, සැමියාගේ පියා, එදින ප:ව:4.00 පමණ, ග‍්‍රෑන්ඞ් පාස් පොලිසියට ගොස් විමසූ විට, එවන් කෙනෙක් ගැන දන්නේ නැති බව පවසා තිබේ. නැවත පියා, රාත‍්‍රී 7.00 ට පමණ ග‍්‍රෑන්ඞ් පාස් පොලිසියට ගිය විට, සැමියා කූඩුවේ සිටිනවා දැක ඇත. පියා ගොස් තිබුනේ, ඥතියෙකු සමගය.
නමුත් ඔවුන්ට, සැමියා සමග කතා කරන්නට ඉඩදී නැහැ. සැමියා කූඩුව ඇතුලේ වාඩි වී, ඉතා අමාරුවෙන් සිට ඇත. ඔහුට පහර දී ඇති බව පෙනී ගොස් තිබේ.
පොලිසිය ඔවුන්ට කියා ඇත්තේ සොරකමක් ගැන සැක පිට අත්අඩංගුවට ගත් බවය.
2018.08.11 (සෙනසුරාදා* උදේ 9.00 ට පමණ, සැමියාගේ පියා ග‍්‍රෑන්ඞ්පාස් පොලිසියට ගිය විට, සැමියාව, දෙමටගොඩ පොලිසියට ඇගිලි සලකුණු ගන්න ගෙනහින් තිබෙන බව ප‍්‍රකාශ කර, ඔහු සමග කතා කරන්නට ඉඩදී නැත. එදින, 2018.08.11, දහවල් 1.30 පමණ, සැමියා ගේ ලොකු තාත්තා බලන්න ගිය විට, පොලිසියේ සිට නැත. ඔහු සැමියා ගැන විමසීමේදී, සැමියාව බොරැුල්ල පොලිසියට ගෙන ගිය බවට දැනුම් දී තිබේ.
සැමියාගේ ලොකු තාත්තා, බොරැුල්ල පොලිසියට ගිය විට, සැමියා එහි සිටිනවා දැක ඇත. සැමියාව බලා ගැනීමට ඉඩ දුන්නත් කතා කරන්නට ඉඩ දී නැත. එ් අවස්ථාවේදීත්, සැමියාට පහර දී ඇති බව හා ඔහු අසීරුවෙන් සිටින බව පෙනී ගොස් තිබේ.
එදින, 2018.08.11 දින, පස්වරු 3.30 ට පමණ සැමියාගේ ඥති සහෝදරියක් බොරැුල්ල පොලිසියට, සැමියාව බලන්න ගියද, ඇයට සැමියාව බලන්නට ඉඩදී නොමැත. පොලිසිය ඇයට දැනුම්දී ඇත්තේ පසුදින, සවස එන ලෙසටය.
එදිනම, 2018.08.11 දින, රාත‍්‍රී 9.30 පමණ, සැමියාගේ ඥති සොහොයුරු නීතිඥ මහතෙකු සමග බොරැුල්ල පොලිස් ස්ථානයට ගොස් තිබේ. ඔවුන් දෙදෙනාට, සැමියාව දැක බලාගන්නට ඉඩදී ඇත. එ් අවස්ථාවේ සැමියා, තමාට පොලිසිය වධදුන්න බවත්, දැඩි වේදනාවෙන් පසුවන බවත් ප‍්‍රකාශ කර තිබේ. මාගේ සැමියාට පහරදී ඇති බව හා ඉතා අපහසුවෙන් සිටින බව ඔවුන්ට පෙනී ගොස් තිබේ.
සැමියාගේ ඥති සොහොයුරු ට හා ඔහු සමග ගිය නීතිඥ මහතාට, බොරැුල්ල පොලිස් ස්ථානයේ, අපරාධ අංශයේ ප‍්‍රධාන පොලිස් නිලධාරී ප‍්‍රකාශ කර ඇත්තේ, සැමියා රුපියල් එක්ලක්ෂ අනූපන්දාහක් සොරකම් කර ඇති බවයි. එ් පිළිබඳව ක්‍ක්‍ඔඪ කැමරා දර්ශන වල හඳුනාගත් බවද, සැමියා ආධාර එකතු කරන්න ගිය මුවාවෙන් ගොස් සොරකම කර තිබෙන බවද ප‍්‍රකාශ කර ඇත.
2018.08.11 (සෙනසුරාදා* මධ්‍යම රාත‍්‍රී පසුවී විනාඩි 20ට (12.20 ට* මාගේ නැගණිය ගේ, ජංගම දුරකථනයට, මාගේ සැමියාගේ දුරකථනයෙන් ඇමතුමක් ලැබුනා. එයින් කතාකලේ පොලිසියේ ධෂක් කෙනෙක්. ඔහු කියා සිටියා, ”ඔයාගේ මහත්තයා සල්ලි සොරකම් කරලා තියෙනවා, එ්කෙන් රු: 15,000/= ඔයාට දීලා තියෙනවා” යයි කිව්වා. දැනට මහත්තයා අපි ලඟ ඉන්නවා කිව්වා.
මට එවන් මුදලක්, සැමියා දී නැති බව මම ප‍්‍රකාශ කලා. 2018.08.12 දින, උදේ 9.00 ට නැවත මට, මාගේ සැමියාගේ දුරකථනයෙන්, නංගි ගේ දුරකථනයට කතා කරලා, දැනුම් දුන්නා, සවස 4.00 ට බොරැුල්ල පොලිසියට එන්න කියා. 2018.08.12 දින, සවස 6.30 ට මම බොරැුල්ල පොලිසියට ගියා. මම ගියේ සැමියා ගේ පියා හා නීතිඥ මහතා සමගය. සැමියාගේ ඥති සොහොයුරු හා ඥති සොයුරිය ද අප හා එක්වුනා.
එදින මාගෙන් හා සැමියාගේ පියා ගෙන් ප‍්‍රකාශ ගත්තා. මාගෙන් ප‍්‍රශ්ණ කරමින්, රුපියල් එක්ලක්ෂ අනූපන්දහසක් සොරකම් කරලා, එයින් රුපියල් පහලොස් දහසක් දීලා තියෙනවා, එය ගත්තු බව සඳහන් කරන්න යයි කිව්වද මම එය පිළිගත්තේ නැහැ. ඔවුන් ලියන ලද ප‍්‍රකාශයට මගෙන් අත්සන් ගත්තා. මට කියවා තේරුම් කරලා දුන්නේ නැ.
සැමියාගේ පියාගෙන් ප‍්‍රශ්ණ කරමින්, අසා ලියාගෙන ඇත්තේ සොරකම් කරපු සල්ලි වලින් රුපියල් පනස්දහසක් ඔහුට දී තිබෙන බවය.
2018.08.12 දින, සව8ස 3.30 පමණ, මගේ සැමියාගේ ඥති සොයුරිය, සැමියා අත්අඩංගුවේ තබා ගැනීම ගැන, පොලිස් සහන මැදිරියට පැමිණිලි කර තිබුනා. 2018.08.13 දින, සවස මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරනු ලැබුවා. සටහන් කරගනු ලැබුවද, ලිඛිතව පැමිණිල්ල බාරදීමට හැකිවූයේ 2018.08.16 දිනය. 29. 2018.08.13 දින, සැමියාව, කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කර, මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගත්තා.
රුපියල් එක්ලක්ෂ අනූපන්දහසක සොරකමකට සැකපිට අත්අඩංගුවට ගත් මාගේ සැමියාව, මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුනේ, කුඩු ලඟ තබා ගත් බවට, ජාවාරම් කල බවට චෝදනා නගමින්ය. එම චෝදනා යටතේ, වැඩිදුර පරීක්ෂණ සඳහා කියමින්, අධිකරණය මගින් දින 7 ක් රැුඳවුම් නියෝග ලබාගෙන තිබුනා. එ මගින් නැවත 2018.08.13 දින - 2018.08.20 දක්වාම, බොරැුල්ල පොලිසියේ තබාගෙන සිටීමට හැකියාව ලබා ගත්තා.
මාගේ සැමියා, ග‍්‍රෑන්ඞ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන, කෲර අමානුෂික වධහිංසා හා අවමන් සහගත සැලිකිලි වලට භාජනය කර, ඉන් අනතුරුව බොරැුල්ල පොලිසියට බාරදී, දින 3 ක් රඳවාගෙන, වධ දී, මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන දින දක්වා කාලය තුල,
1. බොරැුල්ල පොලිසිය සැමියාගේ නිවසට ගොස්, එහි සිටි සැමියාගේ මානසික ආබාධිත මවට තර්ජණය කර, පරීක්ෂා කර, අබිලි දේ රැගෙන එ්ම,
11. මාගේ සැමියා ගේ පියා වන තුවාන් ෂාම් ජොහාර් ට තර්ජණය කිරීම, බොරු නඩු පවරන බවට තර්ජණය කිරීම,
| පියා |
111. මාගේ සැමියාව පළමුව අත්අඩංගුවට ගත් ග‍්‍රෑණ්ඞ්පාස් පොලිසිය, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී, සැමියා පැළඳ සිටි රු: 7000/= පමණ වටිනා අත්ඔරලෝසුව හා සතියක වැටුප වන රු: 6300/= ද, ග‍්‍රෑන්ඞ්පාස් පොලිසිය විසින් සොරකම් කිරීම,
මගින්, නීති විරෝධී ක‍්‍රීයාවන් හී නියැලී ඇත.
මා ප‍්‍රකාශ කරන්නේ,
මාගේ සැමියා, රුපියල් එක්ලක්ෂ අනූපන්දහසක් සොරකම් කල බව කියන, කොම්පැණියේ නම හෙළි කිරීම තරයේ ප‍්‍රත්ක්ෂේප කරමින්, ලබාගත් බව කියන ක්‍ක්‍ඔඪ කැමරා දර්ශන පෙන්වමින්, එ් මාගේ සැමියාම බව ප‍්‍රකාශ කරමින්, බොරැුල්ල පොලිසියේ අපරාධ අංශය කරන ලද ර`ගපෑම පිටුපස සිටින්නේ කවුරුන්දැයි යන්න සොයා බැලිය යුතු බවයි.
එසේම, මා හා මාගේ සැමියා විවාහ වූයේ 2018.07.15 දින වේ. අප විවාහ වී එක් මසක් ගතවීමටත් පෙර මාගේ සැමියාට මෙම අපරාධය සිදුකර, අපගේ ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ කරන දමන ලද බව ප‍්‍රකාශ කරමි.
තවද මා ඉල්ලා සිටින්නේ,
කිසිඳු සොරකමක් නොකරන ලද මාගේ සැමියාව, සොරකමකට සැකකරු වශයෙන් අත්අඩංගුවට ගෙන, නීනි විරෝධීව රඳවාගෙන වධ දී, එම චෝදනාවන්ගෙන් ගැලවීමට ”කුඩු” ආදේශ කර නඩු පවරා මු`ඵ ජීවිතයම විනාශ කිරීම ගැන,
ග‍්‍රෑන්ඞ්පාස් හා බොරැුල්ල පොලිසිවල අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට හා මෙම චෝදනාවන්ගෙන් මාගේ සැමියාව මුදාහැරීමට පියවර ගන්නා ලෙසටය.’’
Friday, August 17, 2018
කි.මී. 8 ක් පුරා වධ දෙමින් ඇදගෙන ගොස් දෙවියන්ට බාර කළ පොලිස් කාරයින්ට ලැබුන දඬුවම.
2018 ජූලි මස 26 දින, සිවකුමාර ගොනු කළ මූලික අයිතිවාසික්ම් පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, නඩු ගාස්තු ඇතුලූව රුපියල් අනුපන් දහසක වන්දියක් ඔහු වෙත පිරිනැමීමට තීන්දු කළේය.
එ් මෙයට වසර හතකට පෙර, එන්ම 2011 මැයි 15 වන දින, තෙල්දෙනිය පොලීසිය, සුප්පයියා සිවකුමාරව අත්අඩංගුවට ගන්නේ, සුප්පයියා සිවකුමාර සිය පවුල සමග, නෙතුල්මඩ කෝවිලේ ‘‘තෙරු’’ උත්සවය බලන්නට, බඹරගල හන්දියේ සිටින විටය.
කිසිදු සෝදිස්සියකින් තොරව, සිවකුමාරට නින්දා අපහාස කරමින්, අමානුෂික ලෙස පහර දී, කි.මී. 08 ක් පමණ දුරින් වූ කෝවිල දක්වාම ඇදගෙන යන්නේ ද, පහර දෙමින්ය.
මෙම නිච ක‍්‍රියාව සිදුකරන්නේ, තෙල්දෙනිය පොලීසියේ සැරයන් 6934 ජයරත්න, සිවිල් ආරක්ෂක 24324 පතිරණ හා 12243 අබේරත්න ය.
මොවුන් තිදෙනා, ශිව කුමාරව, පසුදින උදේ 6.30 වන තෙක් කෝවිලේ රඳවාගෙන සිට, තෙල්දෙනිය පොලීසියට ගෙන යනු ලබයි.
පොලීසියේදී ඔහුගෙන්, සිංහලෙන් ලියන ලද ප‍්‍රකාශනවලට බලයෙන් අත්සන් ගැනීමට පොලීසිය උත්සාහ ගනී.
නමුත් ඔහු මරා දමන බවට කරන ලද තර්ජන මධ්‍යයේ ද අත්සන් නොකර සිටී.
එදින පස්වරු 5.00 ට පමණ ඔහුව මුදාහැරීමට පොලීසිය පියවර ගන්නේ, සිවකුමාරගේ බිරිඳ බලධාරීන්ට අඛණ්ඩව කරන ලද බලපෑම් හමුවේය.
එයින් අනතුරුව ප‍්‍රතිකාර ලබාගන්නා සිවකුමාර, මානව හිමිකම් කොමිෂන් සභාවට, පොලිස්පතිට පැමිණිලි කර, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමට පියවර ගනු ලැබීය.
එම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරනය, එවක තෙල්දෙනිය පොලීසියේ සේවය කළ සැරයන් ජයරත්න හා සිවිල් ආරක්ෂකයින් වන, පතිරණ හා අබේරත්න, සිවකුමාර ට, වධ දීම හා අත්අඩංගුවට ගැනීම මගින් ඔහුගේ මූලික අයිතීන් උල්ලංඝණය කළ බන තීන්දු කරණු ලැබීය.
මෙම මූලික අයිතිවාසිකම් නඩුව සිවකුමාර වෙනුවෙන් ගොනු කර, ඉදිරිපත් වන ලද්දේ, එ්. පියදාස හා ෂලෝමි ඩැනියල් යන නීතිඥවරුන්ලේ උපදෙස් මත නීතිඥ අර්මිසා ටීගල් මෙනවියයි.
ශ්‍රේෂ්ඨාධිකරණය, පොලිස් සැරයන් හා සිවිල් ආරක්ෂකයින් දෙදෙනා විසින්, රුපියල් 25,000/- බැගින් (මු`ඵ ගණන රු: 75,000/-) ද, රජය (පොලිස්පති) රු. 20,000/- ක් ද, වන්දි වශයෙන් සිවකුමාරට ගෙවීමට නියම කළේය.
ඉතා දැඩි ශාරීරික හා මානසික වධහිංසා හා අවමන් සහගත සැලකිලිවලට භාජනය වූ සිවකුමාරට මේ අනුව, අනූ පන්දහසක් (රු: 95,000/-) ක වන්දියකට හිමිකම් ලැබීය.
නඩු තීන්දුව සඳහා සබැඳියාව :-
http://www.janasansadaya.org/page.php?id=642&lang=en
Tuesday, August 14, 2018
කොල්ලෝ කෙල්ලන්ට ගහන්න ”ප‍්‍රමිති” පොලූ ඉස්කෝලවලට දෙන්නට බුද්ධික පතිරණ රජයෙන් ඉල්ලයි.
පාසල් ළමුන්ගේ විනය පිරිහිලා තියෙන නිසා, ගහන්න ප‍්‍රමිතිනයකට අනුව හදපු, ”පොලූ” ඉස්කෝල ගුරුන්ට දෙන්න යයි, පහේ ශිෂ්‍යත්වයට පෙනී සිටින මාතර පළාතේ ළමයින්ට ගණ දෙවියා ආරූඪ වූ බව කියන, පැන් බෙදන, ළඟදී නියෝජ්‍ය ඇමති පට්ටමකින් පුදනු ලැබූ බුද්ධික පතිරණ, ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත්, රටේ නීතිය පිළිබඳව හා මනස පිළිබඳව මේ ගණ දෙවි වන්දනා කාරයාට පැහැදිළි පිළිතුරක් ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ලබාදීම ගැන ස්තුතිවන්ත වෙමු. සතුටු වෙමු.
ගණ දෙවියා කරපින්නාගෙන සිටින බුද්ධික පතිරණ, නියෝජ්‍ය ඇමති රවටන්නේ පහේ ශිෂ්‍යත්වයට දහසක් බලාපොරොත් තබාගෙන සිටින, හය හතර නොතේරෙනා දරුවන්ටය, දෙමාපියන්ට ය.
මේකා ලබාදෙන ඝණ දෙවියාගේ පෑනෙන් උත්තර ලියූ තිදෙනෙක් ශිෂ්‍යත්වය සමත් දැයි විමසීමක් කර නැත.
එසේ කර ඇති නම්, මේකා එ් ළමයින්ගේ පිංතූර එක්ක, ටියුෂන් මාස්ටර්ලා වාගේ බැන් පෝස්ටර් ගසන්නේ නැතිව නම් ඉන්නේ නැත.
ගණ දෙවි පෑන අරගෙන, විභාගය ලියා අසමත් වන ළමුන් ගෙදරිනුත් ගුටි කා, සිය දිවි නසාගන්නෙ, නැතිව ඉස්කෝලේ ගිහින් ගුරුවර ගුරුවරියන් හා විදුහල්පතිවරුන්ගේ “විනය” බලාගෙන දිනපතා පන්සිල් ගෙන, පෝයට පෙර දින හා පෝයට පසු දින සිල් ගෙන, රහත් නොවුන විට, බුද්ධික පතිරණගේ යුතු පොලූ ගෙන නිවන් දකින තුරු පහර දිය යුතුය.
ගණ දෙවි පිහිටයි.
Saturday, August 11, 2018
පිරිමි ළමයෙකු, ලිංගික අපයෝජනයට ලක් කළ අයෙකු වෙනුවට අසරණයෙකු උසාවියට දමයි.
අපරාධකරුවකු අල්ලා ගන්න බැරි වූ විට හෝ අපරාධකරු පොලිස් සගයෙකු වූ විට, එ් වෙනුවට අසරණයෙකු අල්ලා උසාවියට ඉදිරිපත් කිරීම ශ‍්‍රී ලංකා පොලීසියට ආයතනගත වූවකි.
වධහිංසා පැමිණවීම හා අතින් අත ගත් බොරු නඩු නඩු දැමීම මගින් තෘප්තිමත් වන පාර්ශව බොහෝ ය. ඒ නිසාම ඒ ගැන මුනිවත රකිති.
කුමාර, පෝට් සිටියට, ක`ඵ ගල් ප‍්‍රවාහනය කරන සමාගමක ටිපර් රියදුරෙකි.
ඔහු ක`ඵ ගල් අදින්නේ තෙබුවන පිහිටි ගල්වලකිනි. මෙම සමාගමේ සියලූම ටිපර්, ඨීඡු තාක්ෂණයට අනුව ජාලගත කර ඇත. වාහනය පණ ගැන්වූ වේලාවේ සිට නවත්වන තෙක් සියලූ තොරතුරු පරිඝණක ගත වේ.
ජූලි මස 04 වන දින, තම රාජකාරිය ආරම්භ කරන්න සූදානම් වනවාත් සමග තෙබුවන පොලීසියේ පො.ප. මල්ලවආරච්චි, ඔහුව අත්අඩංගුවට ගන්නේ මසකට පමණ පෙර ටිපර් රථය තුළ පිරිමි ළමයෙකු ලිංගික අපයෝජනයට ලක් කරන ලද බවට චෝදනා කරමින්ය.
ළමයාගේ පැමිණිල්ලට හා පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළ ‘බී’ වාර්තාව ට, අනුව සිද්ධිය වූ ස්ථානාය හා වෙලාවේ, කුමාරගේ ටිපර් රථය ගමන් විස්තර වලට සම්පුර්ණයෙන්ම පටහැනිය.
එ් බව, ටිපර් රථය අයත් සමාගම, සිය පරිඝණක දත්ත උපයෝගී කරගෙන අධිකරණයට දැණුම් දෙනු ලැබීය. කුමාරගේ නීතිඥවරයාද එම කරුණ අධිකරණයට ඉදිරිපත් කර ඇත.
නමුත් පොලිසිය ඉල්ලා ඇත්තේ පෙරෙට්ටුවක් පැවැත්වීමට කුමාරව රිමාන්ඞ් කරන ලෙසටය.
පොලිසියේ ස්ථානාධිපති කාමරයේදී, පැමිණිල්ල කළ පිරිමි ළමයාට, කුමාර දැක බලා ගන්නට ස්ථානාධිපති පියවර ගෙන තිබිණ.
මෙය ද පොලීසිය නිරන්තරයෙන් සිදු කරන්නකි.
සිද්ධිය වූ ස්ථානයට ආසන්න, අදාල වෙලාවේ අවට ක්‍ක්‍ඔඪ කැමරා පරීක්ෂා කර ඇති පොලීසිය, එ්වායේ අයිතිකරුවන්ට, එම දර්ශන කිසිවෙකුට නොපෙන්වන ලෙසට තර්ජනය කර ඇත.
කුමාර මෙම සිද්ධියට සම්බන්ධ නැති බවට සියලූ සාධක තිබියදීත් උසාවියට සත්‍ය වසන් කර, ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර දින 12 ක්, කුමාර ව රිමාන්ඞ් බාරයේ තබා, ඔහුටත්, ඔහුගේ බිරිඳටත් දරුවන් දෙදෙනාටත් වධ දී ඇත.
දින 12 කට පසුව, කුමාරව ඇප මත මුදා හැර ඇත්තේ රුපියල් 10,000/- මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මතය. එයට අමතරව, සැම මසකම අන්තිම ඉරිදා තෙබුවන පොලිසියට ගොස් අත්සන් කිරීමට නියම කර ඇත.
එ් අනුව පසුගිය 29 ඉදිරිදා, ඔහු පොලසීයට ගිය විට, වෙලාව ඉවරයි කියා අත්සන් කිරීමට ඉඩ දී නැත. උසාවිය තමාට වෙලාවක් නියම කර නැති බව ප‍්‍රකාශ කළ විට පොලීසිය ඔහුට කියා ඇත්තේ නඩුකාරයාගෙන් වෙලාව දැනගන්නා ලෙසට ය.
බොරු නඩු දැමීමෙන් පසුව, චෝදනා අභියෝග කරන සැකකරුවන් පෙළීමට පොලීසිය යොදාගන්නේ, උසාවියේ නියෝගය අනුව අත්සන් කිරීමට පොලීසියට ගිය විටය.
මෙයද ඉතා සුලබය. නමුත් ප‍්‍රතිකර්ම නැත.
කුමාරගේ නිදහස අහිමි කිරීම, වධහිංසා පැමිණවීම මගින් බිරිඳ හා දරුවන් විඳින ලද පීඩාව විස්තර කළ නොහැක.
”දවස් 12 ක මම හැමදාම බාල දරුවාත් එල්ලාගෙන, ෙදාඩංගොඩ සිට ක`ඵතර බන්ධනාගාරයට ගියා” යන ප‍්‍රකාශය එයට හොඳම නිදසුනය.
කාන්තා අයිතීන් ගැන කතා කරන නෝනාවරුනි, මෙය ගැහැණුන්ගේ දක හා වේදනාවයි. හඬයි.
කුමාර පොලිසිය සිදුකරන ලද අපරාධය ගැන අදාල බලධාරින්ට පැමිණලි කර ඇත. නඩුවක් තියෙන නිසා කරන්නට දෙවක් නැති බව එම බලධාරින් කියනු ඇත. පොලිස් අපරාධ වගට රුකුලක් වන මෙම තත්වය වෙනස් කිරිම සිවිල් සමාජයේ වගකීමයි.
Friday, August 3, 2018
චිවරධාරියන් ගේ ‘ඔඩර්’ වලට යටත්වුනාට, පොලීස්පතිට රු. ලක්ෂයක් ගෙවන්න වෙයි.
ධර්ම ප‍්‍රචාරයට ගෙයින් ගෙට යෑමට හිමිකම් නැත.
බයිබල් පාඩමක් කියා දෙමින් සිටි අම්මෙක් හා දුවක් ව, පොලීසියට රැුගෙන ගොස් රඳවාගෙන වධ දෙන්නේ චිවරධාරින් දෙන්නෙක් ගේ මෙහෙයවිමෙන් ය. මෙය 2014 වසරේ මාර්තු 01 දින කැකිරාව පොලිස් වසමට අදාල සිදුවිමකි.
මංජුලා (මව) හා රොසාලියා (දුව) ‘‘ජෙහොවාස් විට්නස්’’ නම් ක‍්‍රිස්තියානි නිකායට අයත් ‘‘ධර්ම ප‍්‍රචාරකයින්’’ දෙදෙනෙකි.
ඔවුන් දෙන්නා, ඉහත සඳහන් දිනයේ ගමේ ‘නිලූකා’ ට බයිබල් යේ ‘‘පාඩමක්’’ කියාදෙමින් සිටින ලදි.
එ් තැනට චිවරධාරින් දෙන්නෙක් කඩා වැදුනේ පොලිස් කරයින් දෙන්නෙකු ද දක්කාගෙනය. ඔවුන් පිටුපස තව පිරිසක්ද විය.
මංජුලා (මව) හා රොසාලියා (දුව) ව අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිසකාරයින්ට නියම කළ චිවරධාරින් දෙන්නා තමන් සමග පැමිණි පිරිස හා එක්ව ඔවුන්ට නින්දා අපහස කරන්නට ද විය.
පොලිස්කාරයින්, මංජුලා (මව) හා රොසාලියා (දුව) ව අත්අඩංගුවට ගෙන ත‍්‍රිරෝධ රථයක නංවාගෙන කැකිරාව පොලිසයට ගෙන යන ලදි. පොලිසියේ ඔවුන්ව අවමානයට හා මානසික වධහිංසාවට පාත‍්‍ර කරමින් අත්අඩංගුවේ තබාගෙන පසු දින පොලිස් ඇප මත මුදාහරින ලදි. කිසිදු චොදනාවක් ඔවුන්ට එරෙහිව නැගිමට පොලිසිය අසමත් විය.
මංජුලා (මව) හා රොසාලියා (දුව) ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර තිබෙන මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරිම පිළබඳව පොලිසියට එරෙහිව ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය.
ශ්‍රෙෂ්ඨාධිකරණය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12(1) එනම්, නීතිය ක‍්‍රියාත්මක කිරිම හා නීතියේ රැුකවරණය සර්වසාධරණ විය යුතු බව සහ 13(1) එනම් අත්අඩංගුවට ගැනිම නීතියට අනුව විය යුතු බව යන්න, පොලිසිය උල්ලංඝණය කර ඇති බව නිගමනය කර, මංජුලා (මව) හා රොසාලියා (දුව) ට රජය(පොලිස්පති), රු.50,000/- බැගින් ගෙවිය යුතු බවට නියෝග කරනු ලැබිය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14(1)(ඉ), එනම් ආගම, ලබ්ධිය හෝ විශ්වාශය ඉගැන්විමෙන් ප‍්‍රකාශ කිරිමේ නිදහස, අහිමි කර ඇති බවට, තින්දු කරන ලෙසට, මංජුලා (මව) හා රොසාලියා (දුව) ශ්‍රේෂඨාධිකරණයේ කළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරන ලදි.
මෙම නඩු තින්දුව පොලිස් නිලධාරින්ගේ නිති විරෝධි ක‍්‍රියාවන් සම්බන්ධයෙන් දෙන ලද නඩු තින්දුවකට පමණක් සිමා නොකළ යුත්තකි. මන්දයත් එම තින්දුවේ අන්තර්ගත කරුණු අන්‍යය ආගමිකයින්ට පහර දෙන බවට සමහර දේශිය හා ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන ගෙන යන ප‍්‍රචාරයට අදාලවන බැවිනි.
අප රට අනාගාමික රටක් නොවන බවද, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14(1)(ඉ) මගින් කෙනෙකුව වෙනත් ආගමකට හැරවිමේ නිදහස ‘‘හිමිකමක්’’ ලෙස ප‍්‍රකාශ නොවන බව ප‍්‍රකාශ කරයි. එ බැවින් පොලීසිය සුදුකළ ‘‘අන්‍යය ආගමකට හැරවීම’’ වැළැක්වීම මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14(1)(ඉ) ප‍්‍රකාශිත හිමිකම උල්ලංඝණය වි නැති බව තිරණය කරන ලද ශ්‍රේෂඨාධිකරණය, , මංජුලා (මව) හා රොසාලියා (දුව) යන දෙපලගේ ඉල්ලිම ඉවත දමා තිබේ.
සටහන:-
ජනසංසදය නඩු තින්දු ඉදිරිපත් කරන්නේ සංවාදයට යොමු කිරිම සඳහාය.
Judgement- Link:-
http://www.janasansadaya.org/page.php?id=641&lang=en
Wednesday, August 1, 2018
ෆීල්ඞ් මාෂල් - IGP බලතල අරගෙන පොලිසි වලට ඕඩර් දෙයි.
යාබද ඉඩමට බලයෙන් ඇතුලූවීමට උත්සාහ දරණ පිරිසකට, පොලිස් සහය ලබා දෙන්න යයි, ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා කිරිබත්ගොඩ පොලිසියට අණකර ඇත.
මේ බව, අසරණ තත්වයට පත්ව ඇති ඉඩම් හිමිකරුට දන්වා ඇත්තේ කැළණිය ප‍්‍රාදේශීය සභාවේ නියෝජිත ශෙනිත් බන්ඩාර ය.
වසර 10ක් පුරා, පොලිසිය ප‍්‍රමුඛ, රාජ්‍ය ආයතන බළල් අතක් කරගෙන, තම ඉඩම ආක‍්‍රමණය කරන්නට උත්සාහ ගන්න අසල්වැසියාගේ සියලූ අපේක්ෂාවන් අධිකරණ නියෝගයකින් ශුන්‍ය වී යන ලදි.
එසේ තිබියදී, එම පිරිසේ වත්මන් උත්සාහය වී ඇත්තේ, යහපාලනයේ ඇමති ෆීල්ඞ්මාෂල් සරත් ෆොන්සේකා ගේ බලයෙන් පොලිසිය යොදවා, තම නීති විරෝධී අරමුණු ඉටු කර ගැනීමය.
පීඩාවට පත්ව ඇත්තේ කැළණියේ නන්දනී නම් වූ, වැන්දඹුවකි. ඉතා දුකසේ ජීවත් වන මැයගේ ඉඩම් මංකොල්ලා කෑමට, පොලිසිය උපයෝගී කරගෙන උත්සාහ ගන්නේ වසර 10 ක් තිස්සේය.
මැය, කිරිබත්ගොඩ පොලිසියේ ස්ථානාධිපති වෙත, පොලිස්පතිට, මානව හිමිකම් කොමිෂම හා ජාතික පොලිස් කොමිෂමට, පිටපත් සහිතව, යවා ඇති ලිපිය පහත දක්වමු. එමගින්, අප රටේ නීතියේ කඩා වැටී ඇති ප‍්‍රමාණය පිළිබඳ අවබෝධයක් ලැබෙනු ඇත.
අද නොව හෙට මෙම ඉරණමට ඔබ පත්නොවීමට වගබලා ගන්න.
‘‘ 2018.07.31
ප‍්‍රධාන පොලිස් පරීක්ෂක,
චමින්ද ප‍්‍රනාන්දු මහතා,
මූලස්ථාන පොලිස් පරීක්ෂක,
පොලිස් ස්ථානය,
කිරිබත්ගොඩ.
අධිකරණ නියෝග උල්ලංඝණය කරමින් හා නීති විරෝධීව ගෙවත්තට ඇතු`ඵව බලහත්කාරකම් කිරීමට දරන උත්සාහය වලක්වාලන ලෙසට කරනු ලබන ඉල්ලීම.
මාගේ ස්ථිර පදිංචිය හා උරුමය, ඔබ පොලිස් වසමේ, කැළණිය, පාර, .... දරණ ස්ථානයට යාබද එනම්, කැළණිය, දරන ඉඩමේ පදිංචි, කැටිපේ කංකානම්ලාගේ ධර්මදාස හා කැටිපේ කංකානම්ලාගේ ස්වර්ණලතා (චන්ද්‍රලතා)යන පියා හා දුව විසින්, අප මායිමේ බලහත්කාරයෙන් ඉදිරිකර තිබෙන දෙමහල් ගොඩනැගිල්ලේ, සංවර්ධන කටයුතු බලහත්කාරයෙන් කිරීමට ගන්නා උත්සාහය පිළිබඳව, මා විසින් 2018 ජූලි 29 වන දින, CIB 383286 යටතේ ”මතු ආරක්ෂාව” සඳහා පැමිණිල්ලක් කර තිබේ.
මෙම පැමිණිල්ල කිරීමට හේතු වූයේ,
1. කැළණිය ප‍්‍රාදේශීය සභාවේ නියෝජිත (එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන) ෂෙනිත් බංඩාර මයා, 2018.07.26 දින, රාත‍්‍රී 9.00 ට පමණ නිවසට පැමිණ, මාගේ පුතා ඉන්වාද කියා විමසුවා.
ඔහු නැති බව කී විට, කිසිවක් නොකියා යන්න ගියා.
2. ඊට පසුදින, එනම් 28 වන දින, ඔහු, ඔහුගේ 0778400466 දරණ ජංගම දුරකථනයෙන්, රාත‍්‍රී 7.10 ට පුතාට කතාකර, ”අල්ලපු ගෙදර කට්ටියව මම හොඳට අ`දුරනවා, කපරාරු කරන්න ඉඩ දෙන්න ” යයි කිව්වා.
3. ඉන්පසුව, එ් අවස්ථාවේදීම, මම පුතා සමග ඉහත ප‍්‍රාදේශීය සභා නියෝජිත ශෙනිත් බංඩාරගේ ගෙදරට ගියා.
4. එසේ අප ගියේ, 2010 වසරේ සිට, අල්ලපු ගෙදර අය විසින් අපට එරෙහිව පවරා තිබෙන නඩු හා ඔවුන් අපට කරන හිරිහැර ගැන පැහැදිළි කිරීමටය.
5. එ් අවස්ථාවේ - ප‍්‍රාදේශීය සභා නියෝජිත ශෙනිත් බංඩාර, අපට කියා සිටියා, අල්ලපු ගෙදර, ධර්මදාසගේ ලොකු දුව කේ.කේ.තමරා හා කේ. කේ. ස්වර්ණලතා, අමාත්‍ය - ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා හමුවන්න ගිහිල්ලා, පොලිසියට කියවලා කපරාරු කරන්න ඉඩ අරන්දෙන්න කියා. එ් අවස්ථාවේ තමා ද එතැන සිටි බවත් ඔහු කිව්වා. ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මට අණ කලා, පොලිසියට ගිහිල්ලා මේ ගොල්ලන්ට කපරාරු කරන්න ඉඩ අරන් දෙන්න කියා.
6. තවද ඔහු කියා සිටියා, එ් අවස්ථාවේ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මයා, දුරකථනයෙන් කිරිබත්ගොඩ පොලිස් ස්ථානයේ මූ.පො.ප.- ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ප‍්‍රනාන්දු මයාට, දුරකථණයෙන් දැනුම් දුන් බව.
7. තවදුරටත් විස්තර කියා සිටි, ප‍්‍රාදේශීය සභා මංත‍්‍රී ෂෙනිත් බංඩාර මයා, මූ.පො.ප. - ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ප‍්‍රනාන්දු මයා, දුරකථනය - සු`ඵ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිට මාරු කල බව.
8. එම විස්තර ප‍්‍රකාශ කල ප‍්‍රාදේශීය සභා නියෝජිත ෂෙනිත් බංඩාර, මම මේ ගැන කිසිම දෙයක් කරන්න යන්නේ නෑ, නමුත් දවස් පහෙන් මෙය කර දෙන බවට ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පොරොන්දු වූ බව ඔහු කිව්වා.
02. මෙම පසුබිම යටතේ,
මා - ඔබ පොලිස් ස්ථානයේ ඉහත සඳහන් පැමිණිල්ල කල බව ප‍්‍රකාශ කරමි.
2.2. මෙයට ප‍්‍රථම, 2018.07.25 දින ඔබ පොලිස් ස්ථානයේ ක්‍ෂඊ 177රැු293 යටතේ පැමිණිල්ලක් කර ඇත.
එ් මාගේ වත්තට අල්ලපු ගෙදර කේ.කේ.කපිල නැමැත්තා බලහත්කාරයෙන් ඇතුලූව, අප වත්තේ ගස් කොල විනාශකර දැඩි අලාභ හානි කිරීම පිළිබඳව, එ් අවස්තාවේ 119 ට කල පැමිණිල්ලට නිලධාරීන් පැමිණ, ස්ථානගත පරීක්ෂණ කලද, මේ දක්වාම අධිකරණ ක‍්‍රිය මාර්ගයක් ගෙන නැත.
2.3 තවද, පෙර සඳහ් කල පරිදි, 2010 සිට මෙම කේ.කේ. ධර්මදාස ප‍්‍රමුඛ ඔහුගේ දරුවන්, රාජ්‍ය පරිපාලනයේ බලතල, ග‍්‍රාම නිලධාරී බලතල, මේ වන විට දේශපාලන බලතල උපයෝගී කරගෙන, අපව දැඩි පීඩාවට පත් කරයි.
2.4 2012 දී, මෙම කේ.කේ.ධර්මදාස, ඔහුගේ දියණිය කේ.කේ.ස්වර්ලතා (චන්ද්‍රලතා* යන දෙදෙනාව, පාර්ශවකරුවන් කර, අංක 63378/03 යටතේ, 66 වගන්තිය යටතේ, පක්ෂග‍්‍රාහී නඩුවක් පොලිසිය පවරා, කපරාරුව කිරීමට අධිකරණය උපයෝගී කරගන්නට, කූඨ උත්සාහයක් ගන්නා ලදි.
එ් අවස්ථාවේ මට, විශාල මුදලක් වැය කර අධිකරණයට කරුණු දක්වා සිටීමට සිදුවිය.
පොලිසියේ ඉල්ලීම, නිශ්ප‍්‍රභා කර, කේ.කේ.ධර්මදාස හා කේ.කේ. ස්වර්ණලතා (චන්ද්‍රලතා* ට කිසිම නීතිමය අයිතියක්, අප වත්තට ඇතු`ඵවීමට නැති බවට තීන්දු කර ඇත.
මෙම තීන්දුව පිටු 53 කින් නියමිතය.
අධිකරණ නියෝග තිබියදී, තවදුරටත් පොලිසිය උපයෝගී කර ගන්නට බැරි බව දන්නා,
කේ.කේ.ධර්මදාස (විශ‍්‍රාමික*, කේ.කේ. ස්වර්ණලතා ( ක්‍ෑ්ඔ සමාගමේ චෙකර් කෙනෙකි*, කේ.කේ.තමාරා (ජපානයේ මෙහෙනින් වහන්සේ කෙනෙකි.*, කේ.කේ. සුරංගි මේකලා රාජපක්ෂ (සහකාර ලේකම් වරියකි*,කේ.කේ. සමන් වික‍්‍රමතිලක (ග‍්‍රාම නිලධාරී*, කේ.කේ.කපිල (නීලකාදී තෛලය විකුණයි* මේ පිරිස, අධිකරණ නියෝග අභියෝගයට ලක් කිරීම සඳහා, පොලිසිය යෙදවීමට උත්සාහ ගන්නේ, අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මයා බව, ප‍්‍රාදේශීය සභා නියෝජිත ෂෙනිත් බංඩාර මයාගේ ප‍්‍රකාශයෙන් පැහැදිළි වේ.
එම නීති විරෝධී ක‍්‍රියාවන්ට ඉඩ නොදෙන ලෙසට ඉල්ලා සිටින අතර, අපගේ හා අප දේපල ආරක්ෂාව තහවුරු කර දෙන ලෙසට ඉල්ලා සිටිමි.
මෙය මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමට දරණ උත්සාහයක් බවද වැඩි දුරටත් ප‍්‍රකාශ කරමි.
මෙයට,
නන්දනී
පිටපත්:
1. පොලිස්පති
2. ජාතික පොලිස් කොමිෂම
3. මානව හිමිකම් කොමිෂම
Subscribe to:
Posts (Atom)
-
ගැහැව්ව බව ෙදාසතරට කිව්වොත් මරණවා!! රෝහලෙදි පිස්තෝලය පෙන්වලා තර්ජනය කළා. 18 හැවරිදි තරුණයෙකු තමාව පාණදුර දකුණ පොලිසියේ දුෂණ මර්ධ අංශය මග...
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...

















